Samsung උසස් තත්වයේ 108MP No Shake කැමරාවක් සහිත නවතම Galaxy F54 5G ස්මාර්ට් ජංගම දුරකතනය එළිදක්වයි

    June, 22, 2023

    සැම්සුන් ශ්‍රී ලංකා විසින් Galaxy F කාණ්ඩයේ වඩාත් සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy F54 5G පසුගියදා එළි දක්වන ලදී. Galaxy F54 5G හි සුසිනිඳු, ඉතා ආකර්ෂණීය සහ සුවිශේෂී Galaxy නිමාව එය නෙත් ඇදගන්නා device එකක් බවට පත් කරයි. 108MP No Shake Camera, Astrolapse සහ Nightography වැනි ප‍්‍රමුඛතම කැමරා විශේෂාංග, 6,000mAh ප‍්‍රබල බැටරිය සහ උසස් තත්වයේ Super AMOLED+ 120Hz තිරය වැනි ප‍්‍රමුඛ පෙළේ අංගයන්ගෙන් සමන්විත Galaxy F54 5G පාරිභෝගිකයින්ගේ ඉහළම තේරීම බවට පත් වනු නොඅනුමානය.

    සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ සන්ග්වා සොන්ග් මහතා සඳහන් කළේ ‘‘සැම්සුන් හි, අපගේ මෙහෙවර වන්නේ අපගේ පාරිභෝගිකයින්ගේ ජීවිත සාර්ථක කරන වඩාත් ඵලදායී හා සැබෑ devices සමඟින් ඔවුන්ව සවිබල ගැන්වීමයි. Galaxy F54 5G හඳුන්වා දීම වැදගත් නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට සැම්සුන් හි ඇති දැඩි කැපවීම පෙන්නුම් කරන අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමට හැකියාව Astrolapse සහ Nightography වැනි විශේෂාංග සහ උසස් තත්වයේ 120Hz Super AMOLED+  තිරය 6,000mAh ප‍්‍රබල බැටරිය මෙන්ම පරම්පරා 4 ක OS upgrades කිරීම් සමඟින් අපි මෙම F54 5G සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය හා උසස් තත්වයේ පරිශීලක අත්දැකීමක් ලබා දීමට සහතික වනවා.’’ යනුවෙනි.

    පළමුවරට හඳුන්වා දෙන අති නවීනතම කැමරාව

    Nightography තාක්ෂණය: Galaxy F54 5G හි ඇති රාත‍්‍රී කාලයේ ඡුායාරූප ගැනීමට ඇති විශේෂාංගය අඩු ආලෝක තත්වයන් යටතේ පවා ඉතා උසස් තත්වයේ ඡායාරූප ග‍්‍රහණය කර ගැනීමට හැකි වන සේ තවත් වැඩිදියුණු කර ඇත. Nona-Binning තාක්ෂණය නිසා පික්සල් ප‍්‍රමාණය වැඩි අතර එමගින් වැඩි ආලෝකයක් ග‍්‍රහණය කරගනී. තවද special night mode හා automatic night mode නම් විශේෂාංගවලින් ද Galaxy F54 5G සමන්විත වන අතර එහි ඇති AI-based multi-frame මගින් ඉතා දීප්තිමත් හා අලංකාර ඡායාරූප ලබා ගැනීමේදී රූපරාමු 12 ක් ග‍්‍රහණය කර ගැනීමට ඔබට හැකියාව ලබා දෙයි.

    No Shake Cam විශේෂාංගය: Galaxy F54 5G, OIS සහ VDIS සහිත නවීන dual-track image stabilization පද්ධතියක් භාවිතයෙන් රාත‍්‍රී කාලයේදී ඔබට පැහැදිලි හා ස්ථාවර වීඩියෝ ලබා දෙයි. දෘශ්‍ය රූප ස්ථායීකරණය (OIS) මගින් කාචය භෞතිකව චලනය කිරීමෙන් කැමරාව සෙලවීම නැති කරන අතර Virtual Digital Image Stabilization (VDIS)  තාක්ෂණය හරහා ඉක්මන් හා ඉතා පැහැදිලි ඡායාරූප ගැනීමට වඩාත් නිවැරදි තොරතුරු ලබා දෙනු ලබයි.

    වෙනත් කැමරා විශේෂාංග: සැම්සුන් හි ප‍්‍රධාන Astrolapse විශේෂාංගය සහිත Galaxy F54 5G හි කැමරාව මගින් ඡුායාරූප ශිල්පීන් සහ වීඩියෝ ශිල්පීන් සඳහා නිර්මාණශීලිත්වය නව මානයකට ඔසවා තබමින් රාත‍්‍රී අහසේ ආකර්ෂණීය time-lapse වීඩියෝ නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි. Galaxy F54 5G සතු ප‍්‍රධාන සහ සෙල්ෆි කැමරා යන දෙකෙහිම තත්පරයට රූප රාමු 30 බැගින් ultra-HD 4K 4 වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ඇත. තවද Single Take සහ Fun Mode වැනි නව්‍ය කැමරා විශේෂාංගද Galaxy F54 5G ට ඇතුලත් වේ.

    පළමු වරට හඳුන්වා දෙනු ලබන අතිනවීන තිරය

    Galaxy F54 5G එන අඟල් 6.7 විශාල sAMOLED+ 120Hz තිරය ඔබට මනඃකල්පිත නැරඹුම් අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානය. 120Hz refresh rate සහිත විශාල තිරය මගින් තාක්ෂණය පිළිබඳ දැනුමැති නව යොවුන් හා තාරුණ්‍ය නියෝජනය කරන පාරිභෝගිකයින්ට සමාජ මාධ්‍ය වේදිකා හරහා පහසුවෙන් scroll කළ හැකිය. තවද Galaxy F54 5G මගින් පරිශීලකයින්ට ගමන් බිමන් යන අතරතුර ඔවුන්ගේ ප‍්‍රියතම වැඩසටහන් නොනවත්වා පහසුවෙන් රසවිඳීමට ඉඩ සලසයි. මීට අමතරව Galaxy F54 5G හි ඇති තවත් විශේෂාංගයක් වන Vision Booster මගින් අවට ආලෝක තත්වයන් සහ ආලෝකය තිරය මතට වැටීමේදී එයින් වන බලපෑම සැලකිල්ලට ගනිමින් තිරයේ දීප්තිය වැඩි කරයි.

    ප‍්‍රබල බැටරිය

    දිගුකල් පවතින 6000mAh බැටරියකින් Galaxy F54 5G සමන්විත වන නිසා ඔබට නිතර නිතර එය charge කිරීමට සිදු වීම පිළිබඳව කරදර වීමට අවශ්‍ය නොවේ. එමෙන්ම ඉතා වේගවත් 25W charge කිරීමේ විශේෂාංගය මගින් ඔබගේ devices ඉතා ඉක්මනින් charge කර ගතහැකි නිසා ඔබට දවසේ වැඩකටයුතු කිසිඳු කරදරයකින් තොරව සිදු කර ගත හැකිය.

    අසමසම ක‍්‍රියාකාරීත්වය

    Exynos 1380 5nm ප්‍රොසෙසරයකින් බලගැන්වෙන Galax y F54 5G ඔබට ඉතා වේගවත් බහු කාර්ය හැකියාව, ක‍්‍රියාකාරීත්වය සහ lag-free අත්දැකීමක් ලබා දෙයි. 5G සහ Wi-Fi 6 හි සුපිරි වේගය හා අඛණ්ඩ සම්බන්ධතාවය සමඟින්, පරිශීලකයින්ට ඔවුන් කොතැනක සිටියත් සම්බන්ධ වී සිටිය හැකි අතර ඉක්මනින් download කරගැනීමට, ඉතා පහසුවෙන් වීඩියෝ stream කර ගැනීමට සහ බාධාවකින් තොරව browse කිරීමට හැකියාව ඇත.

    ආකර්ෂණීය නිමාව

    Galaxy F54 5G සතු අද්විතීය Galaxy පෙනුම සමඟින් එහි ඇති දර්ශනීය බව හා නවීනත්වය මැනවින් පිළිබිඹු වේ. තවද එය සතු උසස් තත්වයේ නිමාව සහ පහසුවෙන් අතේ රඳවා ගැනීමට හැකියාව ඇති රවුම් හැඩයෙන් යුත් කොන් හතර පරීශීලකයින්ට මනා අත්දැකීමක් ලබා දෙයි. Galaxy F54 5G දැන් ඔබට Dark Blue වර්ණයෙන් ලබා ගත හැකිය.

    Revolutionary Experience & Future Ready

    Galaxy F54 5G විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එහි Voice Focus විශේෂාංගය මගින් ඔබ voice හා video ඇමතුම් ලබා ගැනීමේදී පසුබිමෙන් ඇසෙන ශබ්ද වෙනත් ශබ්ද අවම කර ඉතා පැහැදිලිව ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙයි. එය නවතම One UI 5.1 මගින් බලගැන්වී ඇත.

    පරිසරය සුරැකීම පිළිබඳව ඇති දැනුවත්භාවය සහ නවෝත්පාදනය සඳහා සැම්සුන් හි ඇති කැපවීම අප ඔබට ලබා දෙන සෑම නිෂ්පාදනයකින්ම කදිමට පැහැදිලි වේ. පරිසරය සඳහා අපගේ ඇති කැපවීම සඳහා හොඳම උදාහරණයක් වන්නේ Galaxy F54 5G ය. නවීන තාක්ෂණය එක් කරගනිමින් සහ පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරමින් නිමවන අපගේ නිෂ්පාදනවල වැදගත්ම සාධකය වන්නේ තිරසාරත්වය බව සැම්සුන් සහතික වෙයි. මීට අමතරව, සමාගම පරිසර හිතකාමී ඇසුරුම් භාවිතා කිරීමෙන් සහ එයින් පරිසරයට සිදු වන බලපෑම සක‍්‍රීයව අඩු කිරීමෙන් පුළුල් උපාය මාර්ගයක් අනුගමනය කරයි.

    පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට Galaxy F54 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය.

    සැම්සුන් device එකක් මිල දී ගැනීමේදී TRCSL-status පරීක්ෂා කිරීමට අපගේ පාරිභෝගිකයින්ව  දැනුවත් කිරීමට අපි වගබලා ගන්නෙමු. සැම්සුන් අපි අපගේ බලයලත් නියෝජිතයින් හරහා මිලදී ගනු ලබන TRCSL අනුමැතිය ලත් සැම්සුන් ජංගම දුරකතනවලට වසරක සමාගම් වගකීම් සහතිකයක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දෙන්නෙමු.

    ඔබ කොහේ, කොතැන සිටියත්  ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

    Samsung අඛණ්ඩව වසර හතරක් ශ‍්‍රී ලංකාවේ ‘People's Youth Choice Brand of the Year’ ලෙස SLIM Sri Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung  සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.