SAMSUNG ශිෂ්‍ය නියෝජිත සමාරම්භක වැඩසටහන Online තාක්ෂණය ඔස්සේ පවත්වයි

    September, 20, 2021

    ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් සිය සමාරම්භක ශිෂ්‍ය නියෝජිත වැඩසටහන (Student Ambassador Programme) online තාක්ෂණය ඔස්සේ මෑතකදී පවත්වනු ලැබීය. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි.

    සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ, සැම්සුන් ශ‍්‍රී ලංකා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික අංශ ප‍්‍රධානී සබ්රි අන්සාර් සහ සැම්සුන් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන නිෂ්පාදන කළමනාකාර - IM අංශය (Smartphone, Tab and accessory), තුෂාර රත්නවීර යන සමාගමේ ප‍්‍රධානීන් සමඟින් සැම්සුන් ශිෂ්‍ය නියෝජිත කණ්ඩායම මෙම වැඩසටහන ඔස්සේ නව සොයා ගැනීම් සඳහා වන ගමනකට අවබෝධයක් ලබා ගත්හ.

    ”මෙම ශිෂ්‍ය නියෝජිත වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව සැම්සුන් අප ආඩම්බර වන අතර ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ දක්ෂතාවය, උනන්දුව සහ කැපවීම ගැන අපට ඇත්තේ මහත් සතුටක්. මෙම වැඩසටහන හරහා අපගේ ශිෂ්‍ය නියෝජිතයින් සම්පූර්ණ හා සවිස්තරාත්මක හරවත් අත්දැකීම් සම්භාරයක් ලබා ගන්නට ඇතැයි අප විශ්වාස කරනවා. තවද ඔවුන්ට අධ්‍යාපනයෙන් ඉහළ ජයග‍්‍රහණයන් ලබා ගැනීමට අවශ්‍ය සියලූම පහසුකම් සහ සම්පත් ලබා දීමට අප කැමතියි. එසේම, ශිෂ්‍ය නියෝජිතයින්ට ඔවුන්ටම සුවිශේෂී වූ අංශවලින් සිය දක්ෂතාවන් පෙන්වමින් තව තවත් ඉහළට යාමට මෙම වැසසටහන උපකාර වනු ඇති අතර තවත් ශිෂ්‍ය නියෝජිතයින් හා මෙවැනි වැඩසටහන් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

    මෙම ශිෂ්‍ය නියෝජිත වැඩසටහන ආරම්භ කිරීමේ අරමුණ, එයින් අපේක්ෂිත ඉලක්ක හා එහි අභිප‍්‍රාය පිළිබඳව මෙම සමාරම්භක ශිෂ්‍ය නියෝජිත වැඩසටහනෙන් ඔවුන්ට පැහැදිලි අවබෝධයක් ලබා දෙන අතරම සැම්සුන් හි නවතම තාක්ෂණයන් සහ නවීන නිෂ්පාදන මෙහිදී සිසුන්ට හඳුන්වා දෙන ලදී. ඔවුන් සෑම කෙනෙකුටම නියෝජිතයින් ලෙස එක් එක් භූමිකාවන් හා වගකීම් පවරන ලද අතර ඔවුන්ට ලබා දීමට බලාපොරොත්තු වන ක‍්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක් කරන ලදී.

    තවද, online තාක්ෂණය ඔස්සේ පවත්වන ලද මෙම වැඩසටහනේදී සිසුන් විසින් ඔවුන් සඳහා පවරනු ලැබූ සියලූම ක‍්‍රියාකාරකම් කෙරෙහි දැඩි උනන්දුවකින් කටයුතු කිරීම විශේෂයෙන් කැපී පෙනුනි. නව තාක්ෂණයන් කෙරෙහි ඔවුන් තුළ වූ දැඩි උනන්දුව මෙහිදී පැහැදිලිවම දක්නට ලැබුණු අතර ඔවුන්ගේ ඉදිරි අනාගත ගමන සාර්ථක කර ගැනීම සඳහා සැම්සුන් සමඟ එක්වීමට ඔවුන් සූදානමින් සිටින බවද ශිෂ්‍ය නියෝජිතයින් මෙහිදී පැවසීය. එමෙන්ම මෙම වැඩසටහන සම්බන්ධයෙන් ශිෂ්‍ය නියෝජිතයින් ඔවුන්ගේ වටිනා අදහස් ප‍්‍රකාශ කළ අතර ඉදිරියේදී සැලසුම් කර ඇති ක‍්‍රියාකාරකම් පිළිබඳව ද ඔවුන් අදහස් දැක්වීය. මේ අතර, මෙම ක‍්‍රියාකාරකම් අතරතුර ඉදිරි සති කිහිපය තුළදී සිදු වනු ඇතැයි දැකීමට කැමති ශ්‍රී ලංකාවට අතිනවීන නිර්මාණ හඳුන්වා දීම සඳහා ඉදිරි කටයුතු සැලසුම් කිරීමට සිසු සිසුවියන්ගෙන් ලැබුණු අදහස් ද මෙහිදී සාකච්ඡුා කෙරිණි.

    Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.