SAMSUNG #BingeMonster Galaxy M32 නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ශ‍්‍රි ලංකාවේ එළිදක්වයි

    August, 12, 2021

    ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් #BingeMonster ලෙස නම් කරන ලද සිය Galaxy M32 නවතම ස්මාර්ට් ජංගම දුරකතනය දැන් වෙළෙඳපොලේ අලෙවිය සඳහා ඇති බව නිවේදනය කර ඇත. Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනය එක දිගට චිත‍්‍රපට නැරඹීම, ගේම්ස් සහ සමාජ ජාල මාධ්‍ය සැරිසැරීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත. මෙම අතිනවීන ස්මාර්ට් ජංගම දුරකතනයේ අඟල් 6.4” FHD+ Super AMOLED තිරය නිසා සුමට 90Hz refresh rate විශේෂාංගය සහිතව ඔබට අසමසම නැරඹුම් අත්දැකීමක් ලබා ගත හැකිය. දීප්තිමත් ආලෝකය සහිත පරිසරයක දී Galaxy M32 හි තිරයේ දීප්තිය 800 බසඑි දක්වා වැඩි කිරීමට එහි High Brightness Mode ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වේ. මෙනිසා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතනයක පවතින දීප්තිමත්ම හා බලවත්ම තිරය Galaxy M32 සතුවන අතර මෙය විනෝදාස්වාදය සහ නොනවත්වා වීඩියෝ නැරඹීම (binge-watching) සඳහා කදිම උපකරණයකි.

    ‘‘2019 දී සැම්සුන්ග් Galaxy M කාණ්ඩය දියත් කළ දා සිටම, සෑම නව හඳුන්වා දීමකින්ම සෑම වයස් කාණ්ඩයකම සිටින අපගේ පාරිභෝගිකභවතුන් සඳහා ස්මාර්ට් ජංගම දුරකතනයක බලය සහ ක‍්‍රියාකාරීත්වය නැවත අර්ථ දක්වා එම කාණ්ඩයේ හොඳම විශේෂාංග ගෙන එමින් වෙළෙඳපොළ නිරන්තරයෙන් කළඹවා තිබෙනවා. අද අප මෙම Monster නාමය අපගේ නවතම #BingeMonster" Galaxy M32 දුරකතනය දක්වා ව්‍යාප්ත කරනවා. එය M කාණ්ඩයේ මෙතෙක් දීප්තිමත්ම හා බලවත්ම FHD+ Super AMOLED 90Hz තිරයකින්, monster 5000mAh  බැටරියකින් සහ තොරතුරුවල රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකින Knox යන හොඳම විශේෂාංග තුනකින් සමන්විත වනවා. Galaxy M32 දුරකතනයේ සිත් ඇදගන්නා සුළු ඡුායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි 64 MP quad පිටුපස කැමරා හතරක එකතුවක් ද තිබෙනවා. මේ සියලූ විශේෂාංග නිසා විනෝදාස්වාදය සමාජ මාධ්‍ය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අපේ තරුණ ප‍්‍රජාවට Galaxy M32 ඉස්තරම් උපාංගය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

    සුපිරි නැරඹීමක් සඳහා Galaxy M32

    වීඩියෝ නැරඹීම, වීඩියෝ ඇමතුම් සහ මාර්ගගත පාඨමාලාවලට සහභාගී වීම සඳහා Galaxy M32 ඔබ වෙත පැමිණෙන්නේ 90Hz refresh rate සහිත ඉස්තරම් අඟල් 6.4” ක FHD+ Super AMOLED Infinity-U තිරයක් සමඟිනි. මෙහි 800 nit ක High Brightness Mode මගින් අධික හිරු එළියේදී පවා වඩාත් පැහැදිලි නැරඹීමේ අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දෙයි. 90Hz refresh rate මඟින් display transition අවම කිරීම සහ කෙටි MPRT (Motion Picture Response Time-චලන පින්තූර ප‍්‍රතිචාර කාලය) මගින් චලන බොඳවීම (motion blur) ඉතා කෙටි, වේගවත් හා සුමට ලෙස වීඩියෝ දර්ශනය කිරීමට ඉඩ සලසයි. ඊට අමතරව සීරීම් හා කැඞීම් වළක්වන Corning Gorilla Glass 5 මඟින් ජංගම දුරකතන තිරය ආරක්ෂා කර ඇත. එමෙන්ම earphones භාවිතා කිරීමේ දී Galaxy M32 දුරකතනයේ ඇති Dolby Atmos ශබ්ද විශේෂාංගය මගින් surround sound අත්දැකීමක් ලබා දේ.

    නොනවත්වා නැරඹීම සඳහා Galaxy M32 හි බැටරි බලය 

    Galaxy M32 හි ඉහළම ධාරිතාවයෙන් යුත් 5000mAh බැටරියට ඔබ නොනවත්වා නරඹන වැඩසටහන් දිවා රෑ නොබලා නැරඹීමට ප‍්‍රමාණවත් තරම් බැටරි බලයක් තිබෙන අතර දුරකතනය 25W ආරෝපණ ධාරිතාවක් සහිත වේ. මෙය සමඟ 15W චාජරයක් ලැබෙන අතර මෙමඟින් නිතර නිතර ආරෝපණය කිරීම ගැන කරදර නොවී එදිනෙදා කටයුතු කරගෙන යාමට ඉඩ සලසයි. තවද මෙම ස්මාර්ට් ජංගම දුරකතනය පැය 109 ක් සංගීතය රස විඳීමට, පැය 33 ක කතා කාලය සහ පැය 21 ක් වීඩියෝ නැරඹීමට හැකි බැටරි කාලයකින් ද යුක්ත වේ.

    Octa-Core Mediatek Helio G80 ප්‍රොසෙසරයෙන් බල ගැන්වෙන Galaxy M32 විවිධ යෙදවුම් එකවර browse කිරීමේදී හෝ විවිධ ඇප්ස් එකවර භාවිතා කිරීමේදී ඉතා වේගවත් සුමට ක‍්‍රියාකාරීත්වයක් අත්දැකිය හැකිය.

     

    නොනවත්වා තමාට කැමති දේවල් කිරීමේ හැකියාව

    ඉතා සුපැහැදිලි හා අලංකාර සෙල්ෆි ඡුායාරූප ගැනීම සඳහා 64 MP Quad කැමරාවක් සමඟ එන Galaxy M32 sports ස්මාර්ට් ජංගම දුරකතනය 20 MP ඉදිරිපස කැමරාවකින් ද සමන්විත වේ. Galaxy M32 හි පසුපස ප‍්‍රධාන කැමරාව 64 MP කින් හා 8 MP ultra-wide කැමරාවක් සමඟින් ඔබ වෙත පැමිණෙන්නේ මිනිස් ඇසට සමානව මනරම් දර්ශන ග‍්‍රහණය කරගැනීමට එමඟින් පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙමින්ය. 2 MP micro කැමරාව මගින් ඉතා සමීප සවිස්තර ඡුායාරූප ඔබ වෙත ගෙන එනු ලබයි. එමෙන්ම ඔබ depth ස්වරූපයට මාරු වුවහොත් 2 MP කැමරාව මගින් ඉතා අලංකාර ඇදහිය නොහැකි ආකාරයේ සජීවි ඡුායාරූප ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. තවද Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනය Hyperlapse, Slow motion, Food Mode, Pro mode හා AR zone වැනි කැමරා මාදිලිවලින් සමන්විත වන නිසා එමඟින් පාරිභෝගිකයින්ට ඡුායාරූප ගැනීමේදී මින් පෙර අත් නොවිඳි සුවිශේෂී අත්දැකීමක් ලබා දෙයි.

    ප‍්‍රබල මෙන්ම පහසුවෙන් භාවිතා කළ හැකි හා සරල මෘදුකාංග

    Samsung Knox 3.7 තාක්ෂණය සමඟ එන ගැලැක්සි Galaxy M32 පරිශීලකයාගේ පුද්ගලිකත්වය හා තොරතුරුවල රහස්‍යභාවය සහතික කරයි. එමෙන්ම වසර 4ක් සඳහා security updates ලබා දීම ද සුවිශේෂ වේ. මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ඇන්ඩ්‍රොයිඞ් 11 හා One UI 3.1 යන මෙහෙයුම් පද්ධති ද්විත්වයම ක‍්‍රියාත්මක කළ හැකි අතර වැඩිදියුණු කළ සැලසුමක් සහිතව පරිශීලකයාට උසස් මට්ටමේ ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙයි. තවද පාරිභෝගිකයාට ගැලපෙන පරිදි වැඩි දියුණු කළ හා වඩා වැඩි යමක් කිරීමට ඔබ වැඩියෙන් භාවිතා කරන විශේෂාංග මනාව පාලනය කිරීමට ද මෙය උපකාර වේ.

    මතක ධාරිතාවය, මිල, මිලදී ගත හැකි ස්ථාන

    8GB+128GB මතක ධාරිතාවයක් සහිත Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් 59,999 ක් වන අතර කළු හා ලා නිල් යන ආකර්ෂණීය වර්ණ දෙකකින් ලබා ගත හැකිය. දිවයින පුරා විසිර සිටින John Keells Office Automation හා Softlogic Mobile Distribution යන බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔබට මිලදී ගැනීමට හැකියාව ඇත. තවද Softlogic Retail, Singer, Singhagiri, Damro සහ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ඇතුළුව සැම්සුන්ග් e-Store, MySoftlogic.lk හා Daraz.lk ආදි සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් ද Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතන ඔබට මිලදී ගත හැකිය.

    Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනය

    Galaxy M32 SPECIFICATIONS
    Display 6.4" FHD+ Super AMOLED Display

    90Hz refresh rate

    Performance Mediatek Helio G80
    Battery 5000mAh battery, 25W Fast charging support

    (with 15W inbox charger)

    Camera 64+8 MP (ultra-wide) 2MP (macro) +2MP (depth);
    20MP (Front)
    Design Black and Light Blue
    Memory  8GB+128GB