SEC/CSE Varsity Battles 2023, අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරඟය ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේදී සහ යාපනය විශ්ව විද්‍යාලයේදී ආරම්භ වේ

    June, 8, 2023

    • ජයග්‍රාහී පීඨ කණ්ඩායම් සඳහා රු. 75,000 බැගින්.
    • ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාල අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරගය

    ජයග්‍රාහකයා: ව්‍යවහාරික විද්‍යා පීඨ 1-කණ්ඩායම

    1.  වන අනුශූරතාව: ව්‍යවහාරික විද්‍යා පීඨ 2-කණ්ඩායම
    2.  වන අනුශූරතාව: කළමනාකරණ අධ්‍යයන පීඨ 1-කණ්ඩායම
    • යාපනය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරගය

    ජයග්‍රාහකයා: කළමනාකරණ අධ්‍යයන පීඨය සහ වාණිජ 2-කණ්ඩායම

    1. වන අනුශූරතාව: ඉංජිනේරු පීඨ 2-කණ්ඩායම
    2. වන අනුශූරතාව: කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය 1-කණ්ඩායම

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරන ලද අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ “Varsity Battles 2023”,  පළමු වැඩසටහන් දෙක ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය සහ  යාපනය විශ්ව විද්‍යාලයේදී පිළිවෙලින් 2023 මැයි 24 සහ 25 දින සාර්ථකව නිමා විය.

    ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ අන්තර් පීඨ ප්‍රශ්නාවලියෙහි ජයග්‍රාහී කණ්ඩායම ලෙස ව්‍යවහාරික විද්‍යා පීඨ 1 -කණ්ඩායම පත් වූ අතර, රු. 75,000 ක මුදල් ත්‍යාගයක් හිමිකරගත්හ. පිළිවෙලින් පළවන සහ දෙවන අනුශූරයන් බවට පත්වු ව්‍යවහාරික විද්‍යා පීඨයේ 2 -කණ්ඩායම සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ 1- කණ්ඩායම සඳහා සහතික පත් ප්‍රදානය කෙරිනි.

    යාපනය විශ්ව විද්‍යාලයේ පැවති අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරගයේදී කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨ 2 -කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායම ලෙසින් රු. 75,000 ක මුදල් ත්‍යාගයක් දිනාගන්නා ලදී. ඉංජිනේරු පීඨ 2 -කණ්ඩායම  සහ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨ 1- කණ්ඩායම පිළිවෙලින් 1 වන සහ 2 වන අනුශූරතාව සඳහා සහතික ලබා ගත්හ.

    මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය මගින් විශ්ව විද්‍යාල සිසුන් ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරයි.

    ප්‍රශ්න විචාරාත්මක තරගය අදියර දෙකකින් පැවැත්වේ. පළමු අදියර විශ්ව විද්‍යාලය තුළ පීඨයන් අතර අන්තර් පීඨ තරඟ ලෙසත් දෙවන අදියරේ දී  අන්තර් විශ්ව විද්‍යාල තරඟයක් ලෙසත් පැවැත්වේ.

    අන්තර් පීඨ තරඟාවලියේ දී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් තුන අන්තර් විශ්ව විද්‍යාල තරඟාවලියට සහභාගී වීමට නියමිතය. අන්තර් විශ්ව විද්‍යාල තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර පළමු සහ දෙවැනි අනුශූරතා කණ්ඩායම් වලට පිළිවෙළින් රුපියල් ලක්ෂ දෙකක සහ ලක්ෂයක මුදල් ත්‍යාගයන් පිරිනැමේ.

    මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් CSE ජ්‍යෙෂ්ඨ උප සභාපති අලෙවිකරණ, නිරෝෂන් විජේසුන්දර මහතා පැවසුවේ, “ප‍්‍රශ්න විචාරාත්මක තරගය කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ එක්ව මූල්‍ය, ආයෝජක සහ ප‍්‍රාග්ධනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගනු ලබන තවත් මුලපිරීමක් බවත් මේ අනුව, මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ සෑම උපාධි අපේක්ෂකයෙකුටම මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම ඉස්මතු කරන බවත්ය.

    මෙම අන්තර් විශ්ව විද්‍යාල තරගය යථාර්ථයක් බවට පත්කිරීමට අනුග්‍රාහකයන් ලෙස සංවිධාන සමූහයක්ද එකතු වී ඇත. Varsity Battles 2023 සඳහා පහත සඳහන් සංවිධාන අනුග්‍රහය දක්වයි.

    Platinum අනුග්‍රාහකයන්: ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පී.එල්.සී සහ බාර්ට්ලීට් රෙලිගේයාර් සිකියුරිටීස් (පුද්) සමාගම.

    Gold අනුග්‍රාහකයන්: CIMA ශ්‍රි ලංකා, කැපිටල් ට්‍රස්ට් හෝල්ඩිංග්ස් ලිමිටඩ්, ලන්ඩන් කොටස් හුවමාරු සමූහ ශ්‍රි ලංකා, සීටී සී එල්එස්ඒ සෙකියුරිටීස් (පුද්) සමාගම සහ සෙන්ෆින් සිකියුරිටිස් ලිමිටඩ් සමාගම.

    Silver අනුග්‍රහකයන්: ලංකා සිකියුරිටීස් (පුද්) සමාගම, LOLC හෝල්ඩිංග්ස් පී.එල්.සී, ආශා සිකියුරිටිස් ලිමිටඩ්, සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් පුද්) සමාගම, අල්මාස් ඉක්විටිස් (පුද්) සමාගම සහ සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් (පුද්) සමාගම .

    සම අනුග්‍රහකයින්: විදුල්ලංකා පී.එල්.සී, මිලේනියම් IT ESP (පුද්) සමාගම, CryptoGen (පුද්) සමාගම, Data Management Systems (පුද්) සමාගම, සීමාසහිත සන්ෂයින් හෝල්ඩිංග්ස් පී පී.එල්.සී, බැරිස්ටා කෝපි ලංකා (පුද්) සමාගම, කාගිල්ස් (සිලෝන්) පී.එල්.සී, ලංකා IOC පී.එල්.සී, N-able (පුද්) සමාගම සහ E Futures (පුද්) සමාගම.

    නිල ගුවන් සහකරු: ශ්‍රි ලංකන් ගුවන් සේවය

    නිල ප්‍රවාහන සහකරු: ඊසි ලංකා එක්ස්ප්‍රස්

    ප්‍රාදේශීය ආහාර පාන හවුල්කරුවන් වූයේ උලන්කුලම කිරිපිටි (පුද්) සමාගම සහ වී.එස් ඉන්ජිනියර්ස් ඇන්ඩ් කන්කට්‍රැක්ට්‍ර්ස් (පුද්) සමාගමයි.

    මෙම උත්සවයේ ප්‍රාදේශීය සත්කාරක සහකරු වූයේ Jetwing Jaffna.  

     

    ඡායාරූප විස්තරය : ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ජයග්‍රාහී කණ්ඩායම