SelectUSA ආයෝජන සමුළුවට ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින් 14ක් ඇමරිකාවට

    May, 7, 2026

    ඇමරිකා එක්සත් ජනපදයේ පැවති Select USA ආයෝජන සමුළුව සඳහා මෙතෙක් සහභාගී වූ විශාලතම නියෝජිත පිරිස මෙවර සහභාගී වී තිබේ.

    මෙම වසරේ Select USA ආයෝජන සමුළුවට සහභාගී වන විශාලතම ශ්රී ලාංකික නියෝජිත පිරිස ලෙස, ව්යවසායකයින් හා ව්යාපාරික නායකයින් 14 දෙනෙකු මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිටිමින් සබඳතා ජාල ගොඩනඟමින්, ආයෝජන අවස්ථා ගවේෂණය කරමින් සහ ශක්තිමත් එක්සත් ජනපද-ශ්රී ලංකා ආර්ථික හවුල්කාරිත්වයක් සඳහා සාමූහික සමෘද්ධිය ප්රවර්ධනය කරමින් සිටි බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටී.