SLIIT අරමුදල් දායකත්වයෙන් බද්දේගම ක‍්‍රිස්තුදේව පාසලට පරිගණක විද්‍යාගාරයක්

    February, 23, 2016

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී සංගමයේ දායකත්වයෙන් බද්දේගම ක‍්‍රිස්තුදේව පාසලට පරි.ණක විද්‍යාගාරය ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට පසුගියදා පා ගමනක් දියත් කෙරුණි. ''ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පා නගමු'' යන තේමාව යටතේ පැවති මෙම පා ගමන SLIIT සිසුන්ගේ හා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් යුතුව කිලෝමීටර පහක දුරක් දක්වා දියත් කෙරුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ විවිධ පීඨයන් හි ඉගෙනුම ලබන සිසුන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 1000 කට අධික සංඛ්‍යාවක් මෙම පා ගමනට සහභාගී විය.

    ''බද්දේගම ක‍්‍රිස්තුදේව පාසලට නවීන පහසුකම් වලින් සමන්විත පරිඝණක විද්‍යාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව මතුවී තිබුණා. එහි ඉදිකිරීම් වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙවර SLIIT පා ගමන දියත් කිරීමට තීරණය වුණා. මෙම පරිඝණක විද්‍යාගාරයට නවතම පරිඝණක 22 ක් ලබාදෙමින් එහි තීන්ත ආලේපනය කිරීමට ද SLIIT දායක වුණා.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතාගෙන් හිමිවුණු සුවිශේෂී මගපෙන්වීම හා සහයෝගය ඔස්සේ SLIIT පා ගමන සාර්ථකව අවසන් කිරීමට හැකිවුණා. මෙවර දියත් කළ SLIIT පා ගමනෙහි අරමුදල් දායකත්වයෙන් ප්‍රොජෙක්ටරයකින් හා පරිඝණකයින් සමන්විත වූ බහුමාධ්‍ය කුටියක් ඉදිකිරීමට ද හැකිවුණා. SLIIT පා ගමනට සහභාගී වූ සියලූදෙනා වෙනුවෙන් අප කෘතවේදීත්වය පිරිනැමීමට කැමතියි.'' SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී සංගමයේ සභාපති ලෙස කටයුතු කරන අචල ඉලංගකෝන් SLIIT පා ගමන පිළිබඳ පැහැදිලි කරමින් පැවසුවේය.

    ''පළමු වසර සිට අ පො ස උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුන් 150 දෙනෙකු තොරතුරු තාක්ෂණ (ICT) විෂය හැදෑරුව ද අප පාසල සතුව තිබෙන්නේ පරිඝණක කිහිපයක් පමණයි. තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අප සිසුන් තුළ සුවිශේෂී උනන්දුවක් පවතිනවා. කෙසේවුවත්, පාසල සතුව පවතින සම්පත් වල හිඟය හේතුවෙන් තොරතුරු තාක්ෂණ (ICT) විෂය හදාරන සිසුන්ට ප‍්‍රමාණවත් තරම් ප‍්‍රායෝගික දැනුම ලබාගැනීමේ අවකාශය හිමිවුණේ නැහැ. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් අරමුදල් එක්කරමින් අප පරිඝණක විද්‍යාගාරය ඉදිකිරීමට දරන ලද අරමුදල් දායකත්වය මා විශේෂයෙන් අගය කරනවා. මෙම පරිඝණක විද්‍යාගාරය මගින් අප සිසුන්ට අවශ්‍ය බොහෝ සම්පත්, ප‍්‍රායෝගික කුසලතා ආදිය නිසැකවම ලබාදීමට හැකිවේවි.'' බද්දේගම ක‍්‍රිස්තුදේව පාසලේ විදුහල්පති එච්. ඩබ්ලිව්. දයාවංශ මහතා පැවසුවේය.

    ''SLIIT උසස් අධ්‍යාපන ආයතනය තුළින් න්‍යායික දැනුම ලබාදීමේ අධ්‍යාපන පාඨමාලා සිදුකිරීම පමණක් නොව සිසුන්ගේ ස්වෙච්ඡd දායකත්වය තුළින් අරමුදල් සම්පාදනය කිරීම වැනි කටයුතු ද සිදුකරයි. මෙවැනි වැඩසටහන් මගින් සිසුන්ගේ මෘදු කුසලතා හා වෙනත් කුසලතා වර්ධනය කිරීම සිදුවෙයි. වෘත්තීය සාර්ථකත්වය පමණක් නොව සමාජයට යහපතක් සිදුකිරීමේ වැදගත්කම අවබෝධ කරගත් පරිපූර්ණ මිනිසෙකු බිහිකිරීම මෙවැනි වැඩසටහන් දියත්කිරීමේ අරමුණයි. SLIIT ශිෂ්‍ය ක‍්‍රියාකාරී සංගමයට මෙම පා ගමන තුළින් දුෂ්කර පාසල් වල ඉගෙනුම ලබන සිසුන්ට ආධාර කිරීමට ප‍්‍රමාණවත් තරම් අරමුදල් ප‍්‍රමාණයක් රැස්කරගැනීමට හැකිවූ බව අප විශ්වාසයි.'' SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය.

    SLIIT පා ගමන 2014 වසරේදී ද සංවිධානය කළ අතර එමගින් බලංගොඩ ශ‍්‍රාස්ත‍්‍ර ලංකාර විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් සංවර්ධනය කිරීමට යොදාගැනුණි.