SLIM, ශ්‍රී ලාංකේය කීර්ති නාමය ඉහල නංවාලීමේ අරමුණින් ‘Brand Sri Lanka Creation Symposium’ දියත් කරයි

    March, 23, 2023

    ලෝකයේ අනෙකුත් රටවල් අතර ශ්රී ලාංකීය සන්නාමය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කොටගෙනල ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය වන, SLIM විසින්, Brand Sri Lanka Creation Symposium, වැඩසටහන පසුගිය මාර්තු 13 වනදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදීග මෙම සමාරම්භක උත්සවය සඳහා වෙළඳ සන්නාම විශේෂඥයන් ව්යාපාර නායකයින්, සහ ප්රතිපත්ති සකස් කිරීමේ නියැලෙන පුද්ගලයින් සහභාගී වූ අතර ශ්රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ කැපී පෙනීමට දියත් කළ හැකි නව්ය අදහස් සහ උපාය මාර්ග පිළිබඳ සාකච්ජාවට බඳුන් විය.

    පැමිණි සිටින පිරිස පිළිගනිමින් SLIM සභාපති නුවන් ගමගේ මහතා සඳහන් කළේ, පසුගිය දශක තුළ ජාතියක් වශයෙන් අපගේ කීර්ති නාමයට බලපෑම් ඇති වුවදල බලවත් ජාතියක් ලෙස ලෝකය හමුවේ අපගේ අනන්‍යතාව තහවුරු කරගනිමින් එය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා අවශ්‍ය සම්පත් අප සතුයි අතර එය අලෙවිකරණ වැඩසටහනකින් ඔබ්බට ගිය ශක්තිමත් උපාය මාර්ගයක් විය යුතු බවයිි”

    වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් ගමගේ මහතා සඳහන් කර සිටියේ “ගෙවුණු මාස ගණනාවක් තිස්සේ එවැනි ජාතික සන්නාම උපාය මාර්ගයක අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කිරීමට SLIM අප විසින් උත්සාහ කළා. ලෝකය ඉදිරියේ අප සැබැවින්ම ස්ථානගත වී ඇත්තේ කොතැනකද යන වග අවබෝධ කර ගැනීමට අපට ගෝලීය සමීක්ෂණයක් දියත් කිරීමට සිදු වුණා.

    ඉදිරි දශක කිහිපය තුලදී ශ්රී ලාංකීය සම්පත් වලට ඉතා හොඳ වටිනාකමක් ලබා දෙමින් ලංකාවට මෙන්ම ලෝකයටම අදාල තිරසාර සංවර්ධනය හා ආශ්රිත විවිධ ගැටළුවලට විසඳුම් ලබා දීම හරහා මුළු ලෝකයම ඉදිරියේ ශ්රී ලාංකේය අනන්යතාවය වෙනම මුහුණුවරකින් ස්ථාපිත කිරීමට බලයේ සිටින ඕනෑම කණ්ඩායමකට සහය වීමට අප උත්සහ කරනවා.

    ඡායාරූපය - Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනයේ හිටපු සභාපති තිලංකා අබේවර්ධන, රිච් ලයිෆ් ඩෙයරීස් පුද්. සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් නල්ලයියා, ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනයේ හිටපු සභාපති සහ Brand Finance හි සභාපති රුචි ගුණවර්ධන මෙන්ම Brand Finance හි ස්ථාන සන්නාම අධ්‍යක්ෂ Konrad Jagodzinski යන මහත්ම මහත්මීන් විසින් විද්වත් සාකච්චාව පවත්වන අයුරු