SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් යළිත් දිදුලයි

    November, 12, 2015

    ප්‍රධාන සම්මාන අංශ දෙකෙහි රිදී සම්මාන හිමිකරගනී

    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2015 සන්නාම විශිෂ්ටත්ව සම්මාන ප්‍රදානෝත්සවයේදී සලකා බැලු ප්‍රමුඛතම අංශ තුන අතුරින් අංශ දෙකක රිදී සම්මාන දිනා ගැනීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්වූ අතර එයින් නැවත වතාවක් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සතු ප්‍රබලත්වය තහවුරු විය.

    මෙම සම්මාන ප්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් වෙත zවසරේ සේවා සන්නාමය යන අංශයේ රිදී සම්මානය හිමිවූ අතර වසරේ දේශීය සන්නාමය යන අංශයෙන්ද රිදී සම්මානය දිනාගැනීමට සමාගම සමත්වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බව යළිත් පෙන්නුම් කරමිනි.

    “මේ වසරේ සන්නාම විශිෂ්ටත්ව සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ඉහළින්ම කැපී පෙනීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම බොහෝ අභියෝගයන් ඉදිරියේ වූවද තමන්ගේ පර්මාර්ථයන් සහ දැක්ම වෙනුවෙන් කැපවී සිටින සන්නාමයක් ලෙස සෙලින්කෝ ලයිෆ් සඳහන් කළ හැකියි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා සඳහන් කළේය. “2004 වසරේ සිට සෑම වසරකම වෙළඳපොළ නායකත්වය රැක ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත්වූවාට අමතරව සමාගමේ ශක්තිය පෙන්නුම් කරමින් වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර සහ දේශීය සම්මාන සහ ගරුබුහුමන් රැසක් දිනාගැනීමට සමාගම සමත්වුණා.“

    ඉතාමත් තරගකාරී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටත්ව සම්මාන ප්‍රදානය කිරීම සඳහා මූල්‍ය කාර්ය සාධනය සහ සන්නාමයේ ශක්තිමත් බව පාරිභෝගික සමීක්ෂණ ඇසුරින් සහ සමාගමේ සන්නාම ගොඩනැගීමේ ක්‍රියාවලිය ගැඹුරින් තක්සේරු කර සැලකිල්ලට ගනී.

    මේ අනුව, විනිසුරු මඩුල්ලක් විසින් සමාගමේ දිගුකාලීන දැක්ම සහ පරමාර්ථය, සන්නාම අන්තර්ගතය, සන්නාම වටිනාකම් සහ පාරිභෝගිකයින් වෙත සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වන සන්නාමයේ ස්වරූපය, සන්නාම ක්‍රියාවලිය, සන්නාම වටිනාකම් සැලසුම, තරගකරුවන්ට සාපේක්ෂව තිඛෙන ප්‍රධාන වෙනස්කම්, උපාය මාර්ගික ස්ථානගත කිරීම, ස්ථානගත කිරීමේ උපාය මාර්ගය මෙහෙයවීම සහ සන්නාම සන්නිවේදන උපාය මාර්ගය මෙම සම්මාන ප්‍රදානය කිරීම සඳහා තක්සේරුවකට ලක්කරන ලදී.

    සන්නාමයේ කාර්ය සාධනය මූල්‍ය සාධක මත ඇගයීමට ලක්කර තිඛෙන අතර සමාගමේ ජීවිත අරමුදල, නුුබුන් වත්කම් අනුපාතය, ඔප්පු හිමියන්ට ගෙවූ හිමිකම් සහ ප්‍රතිලාභ, වෙළඳපොළ කොටස, ව්‍යාපාරයේ ප්‍රමාණය සහ වටිනාකම් වර්ධනය සහ ලාභදායීතාවය යන අංශ වලදී සෙලින්කෝ ලයිෆ් ස්ථායීතාවයක් පෙන්නුම් කර ඇත. සන්නාමය පිළිබඳ දැනුවත් කිරීම, සන්නාමය මතක තිබීම, සන්නාමයේ පිළිබඳව සමාජය තුළ තිඛෙන අදහස සහ සන්නාමයේ වටිනාකම යන අංශ ආවරණය කරමින් සිදුකළ පාරිභෝගික සමීක්ෂණයක් මගින් සන්නාමයේ ශක්තිමත් බව මෙහිදී තහවුරු කර තිබේ.

    2014 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ මූල්‍ය වසරේදී සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් බිලියන 18.54 ක සමස්ත ආදායමක් ලබා තිඛෙන්නේ රුපියල් බිලියන 12 ක රක්ෂණ වාරික ආදායමක් සහ රුපියල් බිලියන 6.83 ක ආයෝජන ආදායමක් සමගිනි. සමාගමේ ආයෝජන කළඹේ වටිනාකම රුපියල් බිලියන 57.2 ක් දක්වා වර්ධනය වූ අතර වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 71.07 ක් දක්වාද, ජීවිත අරමුදල රුපියල් බිලියන 60.02 ක් දක්වාද වර්ධනය විය. සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන්ට වසර තුළදී කල්පිරීම් සහ අනිකුත් ප්‍රතිලාභ, හිමිකම් සහ වාර්ෂික බෝනස් ඇතුළුව රුපියල් බිලියන 4.8 කට වැඩි ප්‍රතිලාභ හිමිවිය.

    මෙම ඉහළ කාර්ය සාධනය එංගලන්තයේ කීර්තිමත් සඟරාවක් වන ‘වර්ල්ඩ් ෆයිනෑන්ස්‘ විසින් ඇගයීමට ලක්කළ අතර 2015 වසරේ ‘මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම‘ ලෙස සමාගම අභිෂේක කරනු ලැබුවේ පිට පිටම දෙවන වසර සඳහායි.

    මෙරට ජීවිත රක්ෂණ ක්ශේත්‍රයේ වැඩිම ශාඛා ජාලය පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගරවල ශාඛා 142 ක් පවත්වාගෙන යයි. සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිඛෙන ආකාරය මෙන්ම දේශීය රක්ෂණ ක්ශේත්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    ඡායාරූපය - සෙලින්කෝ ලයිෆ් කණ්ඩායම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කළ 2015 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී හිමි කර ඇති ‘වසරේ සේවා සන්නාමය‘ සඳහා රිදී සම්මානය සමඟ