SLT‑MOBITEL නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා මහරගම සහ බත්තරමුල්ල ශාඛා වැඩිදියුණු කරයි

    July, 24, 2026

    SLT‑MOBITEL විසින් සිය පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකි වන ආකාරයට නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද මහරගම සහ බත්තරමුල්ල ශාඛා පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

    මෙම ශාඛා සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාත් විවෘතව පවතී. මෙම ශාඛා මඟින් පාරිභෝගිකයන්ට SLT‑MOBITEL පිරිනමන ස්ථාවර හා ජංගම දුරකථන සේවා, අන්තර්ජාල සේවා, ආයතනික විසඳුම් සහ ඩිජිටල් සේවා වඩාත් පහසුවෙන් ලබාගත හැකි වේ.

    ඩිජිටල් නවෝත්පාදන සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්මට අනුකූලව, පාරිභෝගිකයන්ට රැඳී සිටීමට සිදු වන කාලය අවම කරමින් ඔවුන්ට වඩාත් විධිමත් සේවාවක් ලබාදීමට උපකාරී වන පෝලිම් කළමනාකරණ පද්ධතියක් (queue management system)  ද මෙම ශාඛා තුළ ක්‍රියාත්මක වේ. එමෙන්ම පාරිභෝගික සේවා හමුවීම් වෙන්කරවා ගැනීමේ පහසුකම නිසා පාරිභෝගිකයන්ට තම සේවා කාලය කල්තබා වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී. මෙම කාර්යාල පූර්ණ වශයෙන් රැහැන් රහිත (Wireless) නිසා කාර්ය මණ්ඩලයට කාර්යාලයේ ඕනෑම ස්ථානයක සිට බාධාවකින් තොරව පාරිභෝගිකයන්ට සේවාව ලබාදීමට හැකි වන අතර, ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා වන නිසා මුදල් භාවිතයෙන් තොරව, සුරක්ෂිත සහ වේගවත් ලෙස ගෙවීම් කළ හැකි වේ.

    පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා උසස් ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. මෙම ශාඛා දෙක නවීකරණය කිරීම එම උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි. මින් ඉදිරියට පාරිභෝගිකයන්ට එම ශාඛා තුළදී නවීනතම පහසුකම් අත්විඳිමින් වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වනු ඇත.

    දැන් මහජනතාව සඳහා විවෘත කර ඇති මෙම නවීකරණය කරන ලද ශාඛා, ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම ඩිජිටල් සහකරු ලෙස SLT-MOBITEL ඉටුකරන භූමිකාව තවදුරටත් ඉස්මතු කරමින්, ඉහළම තලයේ සේවා අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි. ඉදිරියටත් මෙවැනි පියවර ඔස්සේ සෑම ගනුදෙනුවක්ම වඩාත් වේගවත්, සුහුරු සහ කාර්යක්ෂම ලෙස සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කරමින්, පාරිභෝගික සේවාව සම්බන්ධ ප්‍රමිතීන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට SLT‑MOBITEL කටයුතු කරනු ඇත.

    නවීකරණය කරන ලද SLT-MOBITEL මහරගම ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කළ අවස්ථාව

     

    ඡායාරූප:  නවීකරණය කරන SLT-MOBITEL බත්තරමුල්ල ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ අවස්ථා කිහිපයක්

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates