SLT-MOBITEL අනුග්‍රාහකත්වයෙන් බලගැන්වුණු 38 වැනි ජාතික ඔරුපදීමේ ශූරතාවලිය සාර්ථක ලෙස නිමාව දකී

    April, 10, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මගින් බලගැන්වුණු 38 වැනි ජාතික ඔරුපදීමේ ශූරතාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙහිදී වයස් කාණ්ඩ හා තරග කාණ්ඩ රැසක් යටතේ පාසල් සහ විවෘත ඔරුපදීමේ ක්‍රීඩා සමාජ රැසක් තරග වැදිණි.

    ශ්‍රී ලංකා ආධුනික ඔරුපදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය, 2023 මාර්තු 29 දින සිට 2023 අප්‍රේල් 01 දින දක්වා රුවන්පුර දියවන්නා ඔය ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. කනිෂ්ඨ, අන්තර්-මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ යටතේ දින 4 ක් පුරා පැවති මෙම තරගාවලියට ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ 21 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

    ශ්‍රී ලංකා ආධුනික ඔරුපදීමේ සංගමයේ හිටපු සභාපති සහ SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර, එම සංගමයේ සභාපති දිමුත් ගුණවර්ධන මහතා ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.