SLT- MOBITEL හදුන්වාදෙන වසර පුරා වාසි ලබා දෙන  ‘Laptop Fiesta’

    May, 6, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හදුන්ව දෙන ලද 'Laptop Fiesta' ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විදින සියලුම පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස හැදින්විය හැක.

    මෙහිදී, සියලුම SLT-MOBITEL පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීම හරහා වසර පුරාම මෙම ත්‍යාග දීමනාවට ඇතුලත්වීමේ සුදුසුකම හිමි වන අතර, එමගින් වාසනාවන්ත ජයග්‍රාහකයින් 15 දෙනෙකුට සෑම සතියකම ලැප්ටොප් දිනා ගැනීමේ අවස්ථාව උදාවේ.

    රට තුල ඩිජිටල්කරණය වේගවත්ව සිදුවෙමින් පවතින අවස්ථාවක, ලැප්ටොප් පරිගණකයක් දිනා ගැනීමේ අවස්ථාව තමන්ගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට ලබා දීමේ වැදගත්කම SLT- MOBITEL විසින් මනාව හඳුනාගෙන තිබේ. මෙමගින් විවිධ අන්තර්ජාල තොරතුරු මුලාශ්‍ර හරහා අසීමිත තොරතුරු ප්‍රමාණයක් වෙත ප්‍රවේශය වීමේ අවස්ථාව තම පාරිභෝගිකයන්ට ලබාදෙමින්, ඔවුන්ගේ අන්තර්ජාල ප්‍රවේශයේ සීමාවන් පුළුල් කිරීමට SLT- MOBITEL බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ප්‍රභාත් දහනයක මහතා මෙසේ පැවසීය. “වසංගත තත්ත්වය හේතුවෙන් අපගේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ ගනුදෙනු හා භාණ්ඩ මිලදී ගැනීම් අන්තර්ජාලය හරහා සිදු කරනු ලබනවා. මේ වනවිට ඔවුන්ගේ අවශ්‍යතා ඉ‍ටු කරගැනීම් සියල්ලක්ම පාහේ ඩිජිටල්කරණය වී ඇති තත්ත්වයක, මෙම 'Laptop Fiesta' දීමනාව හරහා ඔවුන්ගේ අවශ්‍යතා මනාවට ආමන්ත්‍රණය කිරීමෙන් එය අපගේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වී තිබෙනවා.  SLT- MOBITEL, ඩිජිටල් තාක්‍ෂණය හේතුවෙන් අප අවට ලෝකය වෙනස් වෙමින් පවතින බව මනාව වටහාගෙන ඇති අතර, අපගේ පාරිභෝගිකයන් එම වෙනස් වීමට අනුකුලව හැඩගැස්වීමේ අවශ්‍යතාවය මතු වී තිබෙනවා. එනිසාම, මෙම ව්‍යාසන සහගත තත්ත්වය තුලදී පවා නව අවස්ථා බිහි කරමින් එහි උපරිම වාසිය අත්පත් කරගැනීමට ඔවුන්ට අත්වැලක් වීම අපගේ අරමුණයි,"

    SLT- MOBITEL පාරිභෝගිකයෙකු තම ශේෂය රු. 50කින් රිලෝඩ් කරන හෝ බිල් පත් ගෙවන සෑම අවස්ථාවකම, මෙම දිනුම් ඇදීමට සුදුසකම් ලැබීමේ වාර ගණන වැඩි වන අතර ඔවුන් SLT-MOBITEL සමඟ සම්බන්ධ වී සිටින වසර ගණන අනුව හිමි වන අවස්ථාවන් සංඛ්‍යාව වර්ධනය වේ.

     

    තවද, # 151 # අංකය ඇමතීමෙන් තමන්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සුදුසුකම් ලැබෙන වාර ගණන දැනගැනීමටත් පාරිභෝගිකයන්ට ඉඩ ප්‍රස්ථාව සලස්වා දී තිබේ.

    මොබිටෙල් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි ශෂික සෙනරත්, ‘Laptop Fiesta’ දීමනාව පිළිබඳව අදහස් දැක්වමින් මෙසේ පැවසීය. "වර්තමාන වසංගත තත්ත්වය යටතේ වන නව ප්‍රවණතාවයන්ට අනුගතවෙමින් නිවසේ හිදිමින් කාර්යාල වැඩ කිරීම මෙන්ම අධ්‍යාපනික කටයුතු වල යෙදීමද සුලබ වී තිබෙන මොහොතක නිවස තුල භාවිත වන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සහ පහසුකම් අත්‍යවශ්‍ය අංගයක් බවට වී තිබෙනවා. මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා එම ප්‍රවනතාවයන් තවදුරටත් සවිමත් කරමින් අපගේ පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපගේ විශ්වාසයි."

    ‘Laptop Fiesta’  වැඩසටහන වයස් බේදයකින් තොරව, දිවයින පුරා විසිර සිටින සියලුම SLT-MOBITEL පරිභෝගිකභවතුන් වෙත පිරිනැමෙන සුවිශේෂී වැඩසටහනක් වන අතර එමගින් වසරක් පුරාවට ලැප්ටොප් පරිගණක  780ක් දක්වා පිරිනැමීමට නියමිතය.