SLT-MOBITEL 2022 Effie සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි

    March, 22, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Effie Awards 2022’ සම්මාන උළෙලේදී ක්ෂේත්‍රය තුළ මෙන්ම පාරිභෝගිකයන් තුළ සැබෑ වෙනසක් ඇතිකරන ආකාරයේ පුරෝගාමී අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලෝකඩ සම්මාන ද්විත්වයකින් සහ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තවද අන්තර්ජාල/ටෙලිකොම් කාණ්ඩය යටතේ මෙම සම්මාන උළෙලේදී සම්මාන දිනූ එකම දුරකථන සන්නිවේදන සමාගම SLT-MOBITEL වීම විශේෂත්වයකි.

    Effie Awards යනු ජාත්‍යන්තර සම්මාන වැඩසටහනක් වන අතර, එහිදී සන්නාමයන්හි ජනප්‍රියත්වය වැඩිදියුණු කිරීමට හේතු වූ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක් වේ. මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකා අදියර සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගිනි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රිය සම්මාන උළෙලක් වන Effie Awards හිදී සම්මාන හිමි වීම, අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ හිමිවන ඉහළම ගෞරවයක් ලෙස සැලකේ. අභියෝගකාරී කාලපරිච්ඡේදයක් වූ 2022 වර්ෂය තුළ එළිදක්වන ලද නිර්මාණාත්මක ප්රවර්ධන වැඩසටහන් රැසක්  ඇගයීමට ලක් වූ , Effie Awards Sri Lanka වැඩසටහන මෙවර පැවැත්වුයේ 13 වන වරට වේ.

    SLT-MOBITEL වෙත ලෝකඩ සම්මාන හිමි වූයේ ‘Triple Buddy’ සහ ‘Non-Stop Lokka’ යන ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙනි. SLT-MOBITEL Mobile ‘Triple Buddy’ යනු, විශේෂයෙන්ම Facebook, WhatsApp සහ YouTube වැනි සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන තරුණ පරපුර ඉලක්ක කරගනිමින් හඳුන්වා දුන්, තරගකාරී ගාස්තු සහිත ඩේටා පැකේජයකි. SLT-MOBITEL සන්නාම තානාපතිනිය වන ජනප්‍රිය ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියාද මෙම වැඩසටහනේ සාර්ථකත්වයට කැපීපෙනෙන දායකත්වයක් දැක්වූවා ය. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් ෆැලන් ඇන්ඩ්‍රියාගේ රසික රසිකාවියන්ටද ආමන්ත්‍රණය කිරීමට හැකි වීම නිසා, රටේ විශාල පිරිසක් වෙත මෙම පණිවිඩය රැගෙන යාමට හැකියාව ලැබිණි.

    ‘Nostop Lokka’ යනු, ක්ෂේත්‍රයේ තරගකාරීත්වය හමුවේ SLT-MOBITEL Mobile විසින් ක්‍රියාවට නංවන ලද තවත් සුවිශේෂී වැඩසටහනකි. ‘Nostop Lokka’ සැලසුම මගින් ජංගම යෙදුම් (Apps) 9 ක් භාවිතා කිරීමට අවස්ථාව ලබා දී ඇති නිසා, එය සියලුම කාණ්ඩවල පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබේ. මෙම වැඩසටහනද අතිශයින් සාර්ථක වූ අතර, මෙරට නවෝත්පාදනයේ නියමුවෙකු වශයෙන් SLT-MOBITEL සතු කීර්තිය තවදුරටත් තහවුරු කිරීමටද එය හේතු විය.

    සම්මාන උළෙලේ කුසලතා සම්මානය හිමි වූයේ ‘Revolutionizing the Internet with SLT-MOBITEL Fibre’ යන තේමාව යටතේ SLT-MOBITEL Fibre ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම, වේගවත්ම සහ පුළුල්ම අන්තර්ජාල සම්බන්ධතාව වන SLT-MOBITEL Fibre සම්බන්ධතාවේ වේගය මෑතකදී 200Mbps (Downloads) සහ 100Mbps (Uploads) දක්වා වැඩිකරන ලදි. මේ නිසා එකවර උපාංග කිහිපයක් භාවිතා කරන අවස්ථාවකදී වුවද, බාධාවකින් තොරව අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අත්විඳීමට පාරිභෝගිකයන් හැකියාව ලැබී තිබේ. එමෙන්ම Ultra HD වීඩියෝ නැරඹීම, අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවන්හි යෙදීම සහ සුපහැදිලි UHD දර්ශන සහිතව PeoTV නැරඹීම වැනි බොහෝ දේ සඳහාද SLT-MOBITEL පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සංකල්පීය හා නිර්මාණාත්මක දායකත්වය ලබාදෙන ලද්දේ Phoenix Ogilvy සමාගම විසිනි.

    ඡායාරූපය (වමේ සිට): SLT නියෝජිතයන් කුසලතා සම්මානය ලබාගත් අවස්ථාව සහ Mobitel (පුද්.) සමාගමේ නියෝජිතයන් තමන් වෙත හිමි වූ ලෝකඩ සම්මාන අතැතිව