“SLT-MOBITEL Laptop Fiesta දිනුම්ඇදීමෙන් ලැබුණු ලැප්ටොප් පරිගණකය නිසා මගේ රැකියා ජීවිතය වෙනස් වුණා”- ශෂික මනෝජ්

    March, 2, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් තම විශ්වාසවන්ත පාරිභෝගිකයන් දිරිගැන්වීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන Laptop Fiesta තරගාවලිය මේ වන විට ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් රැසක් බිහි කරන ලද වැඩසටහනක්. දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින් සමාගම සමග රැඳී සිටි, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන්ට මෙම තරගයට ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි. ඒ අතුරින් කුසපත් ඇදීමක් හරහා ජයග්‍රහණය ලැබූ වාසනාවන්තයන් හා වාසනාවන්තියන් පිරිසකට ලැප්ටොප් පරිගණකය බැගින් ප්‍රදානය කිරීම මෙමඟින් සිදු වේ.

    ශෂික මනෝජ් කුමාර යනු එලෙස ලැප්ටොප් පරිගණකයක් ජයග්‍රහණය කරන ලද පාරිභෝගිකයින් අතුරින් සුවිශේෂි වූ එක් ජයග්‍රහයෙක්. ඔහු ඒ පිළිබඳ අදහස් දැක්වුවේ මෙලෙසයි.

    “මම වෘත්තිය මට්ටමේ මෘදුකාංග සංවර්ධකයෙකු වශයෙන් වසර ගණනාවක සිට සේවය කරනවා. ඒ අනුව, මම මගේම ව්‍යාපාරයක් වශයෙන් මටම අවේනික වූ සේවාදායකයන් රැසකගේ මෘදුකාංග ව්‍යාපෘති 60කට අසන්න සංඛ්‍යාවක් හසුරවා තිබෙනවා. එම නිසා මගේ වෘත්තියට අත්‍යශ්‍යම දෙයක් තමයි අන්තර්ජාලය සහ ලැප්ටොප් පරිගණකය කියන්නේ. මට අවශ්‍ය සන්නිවේදන සහ අන්තර්ජාල පහසුකම් සපුරා ගැනීමට මම මුල සිටම SLT-MOBITEL සබඳතාවයන් භාවිත කළා. එම නිසාම මම SLT-MOBITEL හි දිර්ඝකාලීන පාරිභෝගිකයෙක් වී සිටියා.

    පසුගිය වසර කිහිපයම මම වෘත්තිය කටයුතු සඳහා භාවිත කළ ලැප්ටොප් පරිගණකය එක වරම අක්‍රිය වී ගිය නිසාම මම දැඩි අපහසුතාවයට පත්ව සිටියා.

    එය නැවත අලුත්වැඩියා කරන්න ලොකු මුදලක් වැය වන බව දැනගත්තා. ඒ අවස්ථාවේදී මගේ අතේ මුදල් තිබුණේ නැහැ. ලැප්ටොප් එක අක්‍රිය වන අවස්ථාවේදීත් මම මෘදුකාංග ව්‍යාපෘති කිහිපයක්ම බාර ගෙන සිටියේ. මම ව්‍යාපෘති භාර දීම ප්‍රමාද වන නිසා මගේ සේවාදායකයින් ඒ පිළිබඳ නොකඩවා මගෙන් විමසමින් සිටියේ.  ලැප්ටොප් එක කෙසේ හෝ අලුත්වැඩියා කිරීමට හෝ අලුත් එකක් මිලදී ගැනීම අත්‍යවශ්‍ය නිසාම මම මගේ නිවසේ තිබුණ ත්‍රිරෝද රථය අලෙවි කිරීම සඳහා දැන්වීමක් පළ කළා. දවසක් මගේ ත්‍රිරෝද රථය මිලදී ගැනීමට පිරිසක් පැමිණි අතර පවුලේ අයත් මම එය අලෙවි කිරීම සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. ඒ දිනයේදීම හරිම අහඹුවක් විදියට මට SLT-MOBITEL එකෙන් දුරකථන ඇමතුමක් ආව මම Laptop Fiesta තරගයෙන් ලැප්ටොප් පරිගණකයක් දිනා ගෙන තිබෙන බව. එය හරිම විස්මයජනක සිදුවීමක්.

    මොකද ලැප්ටොප් එකක අවශ්‍යතාවය තදින්ම තිබුණ අවස්ථාවක එවැනි ජයග්‍රහණයක් ලැබුණු බව දැන ගැනීම පුදුම සහගත දෙයක්. කෙසේ හෝ මම නැවත SLT-MOBITEL ආයතනයට කතා කළා. එතකොට තමා තහවුරු කරගත්තේ මම ඇත්තටම ලැප්ටොප් එකක් ජයග්‍රහණය කරලා කියලා.

    ඉතින් මේ ජයග්‍රහණය ගැන කතා කළොත්, SLT-MOBITEL සමාගම මට ලබා දුන් මේ ත්‍යාගය මට ඉතාමත් වටිනවා.  එය ඉතාමත් හොඳ ප්‍රමිතියකින් යුක්ත වීම නිසා අද මගේ කටයුතු තවත් පහසු වෙලා තියෙනවා. දැනට මම ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනවා. එහි නම LS Software solution. ඇත්තටම මට මේ ත්‍යාගය හිමි වුණේ මම එම ආයතනයේ විශ්වාසවන්ත පාරිභෝගිකයෙක්ව සිටිය නිසායි. මම දිර්ඝ කලයක සිට පාවිච්චි කරන්නේ SLT-MOBITEL Mobile,  ගෙදර wifi වලට යොදාගෙන තියෙන්නේ SLT-MOBITEL රවුටරයක්.  මගේ සියලුම වෘත්තිය කටයුතු සඳහා සහ නිවසේ අයගේ අනෙකුත් සියලු වැඩ වලට අපි යොදා ගන්නේ SLT-MOBITEL අන්තර්ජාල පහසුකම්.

    ඉතින් අවසාන වශයෙන් SLT-MOBITEL ආයතනය ඔවුන්ගේ මෙවැනි විශ්වාසවන්ත, දිගුකාලීන පාරිභෝගිකයන් සම්බන්ධයෙන් මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ස්තුතිවන්ත වෙනවා,” යනුවෙනි.