SLT-MOBITEL ‘SLT-MOBITEL SpeedUp Katukurunda 2021’ බලගන්වයි

    December, 1, 2021

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි ‘SLT-MOBITEL SpeedUp Katukurunda’ වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම වැඩසටහන 2021 දෙසැම්බර් 04 සහ 05 දිනයන්හි කටුකුරුන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකා රථවාහන සංගමය, තම සාමාජික සංගම් 10 සමග එක්වී මෙම වැඩසටහන සංවිධානය කරයි. එම සංගමය කටුකුරුන්ද ධාවන පථයේදී මෝටර් රථ ධාවන තරඟ වැඩසටහනක් සංවිධානය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. රටේ පවතින COVID-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම තරගාවලිය SLT-MOBITEL හි නිල YouTube සහ Facebook නාලිකා ඔස්සේ සහ PEO TV ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

    SLT-MOBITEL ‘SLT-MOBITEL SpeedUp Katukurunda 2021’ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීම නව පරපුරේ දක්ෂයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබාදීම සඳහා දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකි වේ.

    ඡායාරූපය: (වමේ සිට) ශ්‍රී ලංකා රථවාහන සංගමයේ ලේකම් ෂෙහාන් ද තිසේරා, වැඩසටහනේ ලේකම් ජාලිය ජයසේකර, ශ්‍රී ලංකා රථවාහන සංගමයේ සභාපති අශාර් හමීම්, SLT නියෝජ්‍ය අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල, තරගකරු සම්බන්ධතා නිලධාරී කලීම් ඉක්බාල් සහ ප්‍රධාන ජනමාධ්‍ය සහ රූපවාහිනී සම්බන්ධීකාරක එරන්ද වාකිෂ්ට යන මහත්වරුන්