Softlogic ගමනාගමනයේ ලොව ප්‍රමුඛ සුඛෝපභෝගි King Long බස් රථ සඳහා සේවා වැඩි දියුණු කරයි

    December, 3, 2015

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් සමාගම ගමනාගමනයේ ලොව ප්‍රමුඛයා වන සුඛෝපභෝගි King Long බස් රථ සඳහා වන රාජගිරියේ පිහිටි සේවා ස්ථානය වැඩි දියුණු කරයි. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවත්නා සංචාරක කර්මාන්තය සහ ඉදිවන නව අධිවේගී මාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ සොෆ්ට්ලොජික් ඔටෝබයිල්ස් සමාගම King Long හා එකාබද්ධ වීම සුඛෝපභොගී ප්‍රවාහන ක්ෂේත්‍රයට මහත් රුකුලක් වී තිබේ.

    මේ වනවිට King Long සුඛෝපභොගී බස් රථ 50ක් ගතවු වසර තුළ ශ්‍රී ලංකාවේ අලෙවි කර තිබේ. මෙලෙස සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වන සුඛෝපභෝගි King Long බස් රථ පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවක් ලබාදීම මෙම සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ එක් කොටසකි. මෙම බස් රථ වල ඕනෑම සේවා අවශ්‍යතාවක් සඳහා දුරකථන ඇමතුමක් දුන් සැනින් පැමිණ එම අළුත්වැඩියාව කරදීමට සමත් දක්ෂ කාර්ය මණ්ඩලයක් මේ සඳහා යොදවා තිබේ. තවද මෙම වාහන සඳහා අමතර කොටස් විශාල වශයෙන් මෙරටට ගෙන්වා ඇති අතර ඒවා ද මෙහිදී ලබා ගත හැකිය.

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ ඔටෝමෝටිව් අංශයේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ සිය සමාගමේ තේමා පාඨය වන “Best in the Business” යන්න සනාථ කරවමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුඛෝපභෝගී ගමනාගමන ක්ෂේත්‍රෙය් දැවැන්තයින් වන King long සමඟ අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි පියවරක් බවයි.ලොව ප්‍රමුඛ වෙළඳ නාමයක් හා එක්ව පාරිභෝගික අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින් කර්මාන්තය තුළ නව්‍යතා රැසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද හෙතම පැවසීය. සෑමKing Long වාහනයක හිමිකරුවෙකු වෙත අලෙවියෙන් පසු සේවා සැපයීම පිළිබඳව සහතික වන බවත්, ඒ සඳහා නිපුණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවද හෙතම පැවසීය.එමෙන්ම සුපිරි ප්‍රවාහන පහසුකම් ක්ෂේත්‍රෙය් ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථානයකට පැමිණිමට හැකිවුයේද පාරිභෝගිකයින් තම සමාගම සහ නිෂ්පාදන පිළිබදව තැබූ විශ්වාසය නිසා බව ද චමත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය. King Long බස් රථ පමණක් නොව එම වෙළඳ නාමය සහිත සෑම වාහනයක් සදහාම සුපිරි සේවා පහසුකම් සැලසීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් සුඛෝපභෝගි King Long ජනප්‍රිය බස් රථ පෙළක් මෙරටට හඳුන්වා දී තිබේ. මේ අතරින් ආසන 37 ක් සහිත XMQ6900Y බස් රථය සහ ආසන 45 ක් සහිත XMQ6117Y බස් රථය සුවිශේෂි තැනක් ගනියි. සුපිරි ජර්මානු තාක්ෂනය යටතේ නිපදවා ඇති මෙම සුපිරි බස් රථ ආසන 29,37, 45 සහ 49 යන ප්‍රමාණයන්ගෙන් ලබාගත හැක.

    එමෙන්ම 2014 නොවැම්බර් මාසයේ සිට මෙරටට ගෙන්වු King Long වාහන අතර මගී ප්‍රවාහන වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ වෑන් රථ ද වෙයි.

    සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ මෙහෙයුම් ප්‍රධානි ෂෙහාන් ඩි තිසේරා මහතා සඳහන් කලේ නව King Long බස් රථ සිත්ගන්නා සුළු පෙනුමකින් නිමවා ඇති බවයි.ජාත්‍යන්තර නිමාවක් සහිත මෙම බස්රථ සාම්ප්‍රදායික පෙනුමකින් යුක්ත වන බවද ඒ මහතා කියයි.ඇතුළත නිමාව සහ භාණ්ඩ ගෙනයෑම සඳහා වන ඉඩ පහසුකම් ආදී සියල්ල පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන පරිදි නිමවා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.එමෙනේම පාරිභෝගික අවශ්‍යතාව පරිදි මෙම බස්රථ වල ඇතුළත නිමාව වෙනස් කරදීමට සිය සමාගම සුදානම් බව ද ඒ මහතා කියයි. ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා පුහුණුව ලත් කාර්මිකයින් පිරිසක් තම සමාගම සතුවන බව ද ෂෙහාන් ඩි තිසේරා මහතා පැවසීය. සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් මෙරට පරිපුර්ණ ප්‍රවාහන පවහසුකම් සපයන්නා බවට පත්ව ඇත.


    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ ඔටෝමෝටිව් අංශයේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන්