Sophos, 2026 වසරේ Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix හි විශිෂ්ට සන්නාමයක් ලෙස නම් කරයි

    July, 6, 2026

    Sophos සමාගම, 2026 වසරේ ගෝලීය MSP ජාලය සඳහා වන Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix හි විශිෂ්ටතම සන්නාමයක් ලෙස නිල වශයෙන් තේරී පත්වී ඇත. මෙම ඇගයීම හරහා, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්ලේෂණ ආයතනයක් වන Omdia, Sophos සමාගමේ හවුල්කාර ව්‍යාපාරික ආකෘතිය පිළිගෙන ඇති බව පෙන්වා දිය හැකිය.

    MSP ආයතන සඳහා ආරක්ෂක සැපයුම්කරුවෙකු තෝරා ගැනීම යනු ඔවුන්ගේ ව්‍යාපාරයේ අනාගතය තීරණය කරන දිගුකාලීන තීරණයකි. Sophos MDR සේවාව ලොව පුරා පාරිභෝගිකයන් 40,000කට වැඩි පිරිසක් ආරක්ෂා කරන අතර, MSP ආයතන හරහා තවත් පාරිභෝගිකයන් 235,000කට ආරක්ෂාව සපයයි. මෙමඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳ ඕනෑම ආයතනයක් වෙත පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශ්වාසවන්ත ආරක්ෂක සේවාවක් ලබා දීමට ඔවුන් කටයුතු කර  ඇත.

    Sophos MDR සේවාව MSP ආයතනවල වර්ධනය ඉලක්ක කර ගනිමින්, විශේෂිත හවුල්කාර වැඩසටහනක්, Titanium Tier ප්‍රසාද දීමනා, නොමිලේ සහතික පත්‍ර සහ MSP Elevate වැඩසටහන හරහා නම්‍යශීලී මූල්‍යමය පහසුකම් සපයයි. මෙමගින් මෙහෙයුම් සංකීර්ණතාවයකින් තොරව අඛණ්ඩ ආරක්ෂණ ආදායම වර්ධනය කර ගැනීමට හවුල්කරුවන්ට අවස්ථාව හිමිවේ.

    Omdia ආයතනය විසින් Sophos හි නව Workspace Protection සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත Sophos CISO Advantage ආරක්ෂක විසඳුම් විශේෂ ඇගයීමකට ලක්කර තිබේ. එමඟින් හවුල්කරුවන්ට ව්‍යාපෘති සයිබර් ආරක්ෂණ නායකත්වයක් ලබාදීමේ හැකියාව ලැබේ. මෙම විසඳුම්, Agentic AI සහ සක්‍රීය තර්ජනයන් පිළිබඳ බුද්ධි තොරතුරු භාවිතයෙන් විවිධ ස්ථානවල සිට සේවය කරන  සේවක මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීමද සිදු කරයි.

    Omdia විශ්ලේෂණයට අනුව Secureworks ආයතනය මිලදී ගැනීමෙන් පසු Sophos සමාගම ව්‍යවසාය මට්ටමේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සුවිසල් ස්ථානයක් හිමිකරගෙන සිටියි. මෙම Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix වාර්තාව මඟින් සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතන 24 ක් ඇගයීමට ලක්කර ඇත. ඒ සඳහා ඔවුන්ගේ හවුල්කාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සේවා සැපයීමේ හැකියාව, නිෂ්පාදනවල තරඟකාරිත්වය සහ වෙළඳපොළ වර්ධනය යන කරුණු පරීක්ෂා කර ඇති අතර එහිදී ලොව පුරා සිටින සැපයුම්කරුවන් 3 දෙනෙකු පමණක් මෙම වාර්තාව සහ මීට සමගාමීව නිකුත් වූ Omdia Cybersecurity Platform Ecosystems Leadership Matrix 2026 යන වාර්තා යුගලයටම ඇතුළත් වීමට සුදුසුකම් ලැබීය.  Sophos සමාගම ඉන් එකකි.