• Ada Derana BIZ Sinhala
  • Child
  • Indira Cancer Trust
  • SpareTime Foundation
  • Sponsor
  • sri lanka

SpareTime Foundation මගින් පවත්වනු ලබන Sponsor A Child in Sri Lanka වැඩසටහන හරහා Indira Cancer Trust හි පිළිකා සහිත දරුවන්ට උපකාර කිරීම

January, 16, 2023

පිළිකාවෙන් පෙළෙන දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අනුග්‍රහය දැක්වීම සඳහා Indira Cancer Trust සංවිධානය වෙත  සහාය වීමට SpareTime Foundation වැඩසටහන එකඟ වී ඇත. පසුගිය සතියේ ඒ සදහා ඉන්දිරා පිළිකා භාරයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

SpareTime Global Limited ආයතනයේ, දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මුලපිරීමක් ලෙස ‘Sponsor A Child in Sri Lanka’ වැඩසටහන හරහා, අඩු ආදායම්ලාභී පවුල්වල මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති හෝ  පිළිකා සහිත  දරුවන්ගේ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වීම , ඔවුන්ගේ පවුල්වලට අත්‍යවශ්‍ය සහ වෛද්‍ය අවශ්‍යතා සඳහා උපකාර කිරීමේ වගකීම භාරගෙන ඇත.

එය වියදම් ඉහළ යන පවුල්වලට සහනයක් වන බැවින් මෙම කටයුත්තේ නිරත වීමට මෙම SpareTime Global Limited ආයතනය තීරණය කළේය. ඕනෑම රටක, අධ්‍යාපනය සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලැබිය යුතු වන අතර, දරුවාගේ යහපැවැත්ම ඉතා වැදගත් වේ. මෙම විශේෂ අවශ්‍යතා සහිත මෙන්ම පිළිකා රෝගී දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බැවින් පිළිකා රෝගී දරුවන් 20 දෙනෙකුට අනුග්‍රහය දැක්වීමට SpareTime Global Limited ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දැනටමත් කැපවී සිටියි. ඒ අතර ඉදිරි මාස කිහිපය තුළ මෙම සංඛ්‍යාව ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇත. SpareTime Global හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට අවශ්‍ය වූයේ පිළිකා ළමුන් සඳහා පළමු අනුග්‍රාහකත්වය ආරම්භ කිරීමට වන අතර, එමඟින් මෙම වටිනා කාර්යයට සහාය වීම සහ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට උපකාර කිරීමට පරිත්‍යාගශීලීන් දිරිමත් කරනු ඇත.

"SpareTime Foundation වැඩසටහන විසින් අරමුදල් සඳහා පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගන්නා අතර Indira Cancer Trust මගින් හඳුනාගෙන ඇති පිළිකා සහිත දරුවන් 50 ත් 60 ත් අතර ප්‍රමාණයකට ඉදිරි මාස දෙක ඇතුළත අනුග්‍රහය ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යැයි SpareTime Global Limited ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ආසිරි හේවාපතිරණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් Indira Cancer Trust හි සභාපති/ භාරකාරිනී වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පැවසුවේ, “මෙය සහය අත්‍යාවශ්‍ය ම මොහොතේ විශාල සහයෝගයක් වන අතර, වෛද්‍ය අවශ්‍යතා සහිත සහ පිළිකාවලින් පෙළෙන  දරුවන්ට උපකාර කිරීම ඉන්දිරා හි Stand By a Child වැඩසටහනේ (SBC) කොටසකි. මෙම මුලපිරීම සඳහා අපි ඇත්ත වශයෙන්ම SpareTime Foundation වැඩසටහනට ස්තූතිවන්ත වෙමු.”

 

ශීර්ෂ පාඨය: ප්‍රධාන මූල්‍ය නිළධාරි රංජන ද සිල්වා සහ Indira Cancer Trust හි සභාපති/භාරකරු වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය SpareTime Global සහ Indira Cancer Trust සංවිධානයේහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.