SQL 2016 සමග මයික්‍රොසොෆ්ට් දත්ත විප්ලවයේ පෙරමුණට

    May, 21, 2016

    දේශීය ආයතනයන්්ට ඔවුන්ගේ දත්ත උපරිම වේගයකින් ළඟා කර ගැනීමටත්, විශ්ලේෂණය කිරීමටත් නව ක‍්‍රම බලගැන්වෙයි

    මයික්‍රොසොෆ්ට් ආයතනය ආසියා පැසිෆික් කලාපය හරහා වැඩි දියුණු වන දත්ත විප්ලවය හා එක් වීමේ පළමු පියවර වශයෙන් නවතම SQL Server 2016 මෘදුකාංගය ශ‍්‍රී ලංකාවේදී දියත් කරන ලදී. SQL Server 2016 මෘදුකාංගය වඩා වේගවත් ගනුදෙනු සහ විමසුම්, වැඩි දියුණු කරන ලද විශ්ලේෂණ සහ නව දෙමුහුම් වළාකුළු (hybrid clouds) අංශ සමගින් විශාල පියවරක් ඉදිරියට තබයි. SQL Server 2016 දැනට පවතින දත්ත සහ එයින් උකහා ගත හැකි බුද්ධිමය විශ්ලේෂක සඳහා ඇති ප‍්‍රවේශය සැමට විවෘත වීම සිදුවේ.

    සමාරම්භක උළෙලේදී අදහස් දැක්වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ‍්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු බ‍්‍රයන් කීලි මහතා ”අප පිවිසී සිටින්නේ ව්‍යාපාර ගනුදෙනු සඳහා දත්ත, නව ඉන්ධනයක් වී තිබෙන යුගයකටයි. සිතු පරිදි මහා පරිමාණයේ දත්ත විශ්ලේෂණය කිරීමේ සහ අනාගත ඵලයන් පිළිබඳ අනාවැකි පල කිරීමේ හැකියාව සඳහා මේවනවිට සෑම ව්‍යාපාරයක්ම උත්සහ දරණවා. මයික්‍රොසොෆ්ට් හී අපගේ අභිප‍්‍රාය වන්නේ මෙම භේදනය සහ ඩිජිටල් ආර්ථිකයේ අනෙකුත් දෑ මෙහෙයවීම සඳහා සංවිධානයන්ට හැකියාව ලබා දීමයි. SQL Server 2016 වෙතින් මෙරට ව්‍යාපාර සංවිධානයන්ට සාර්ථක ප‍්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි වූත්, ආරක්ෂිත වූත් පද්ධතියක් ලෙස ක‍්‍රියා කරයි.” යනුවෙන් පවසා සිටියේය.

    SQL Server 2016 වළාකුළු තාක්ෂණය පදනම්ව බිහි වූ පළමු පරිගණක දත්ත ගබඩා මෘදුකාංගයයි. ව්‍යාපාර දත්තයන්ගේ අධිවේගීබව මෙන්ම තීරණාත්මක හැකියාවන් මෙමගින් වැඩි කරනු ලබයි. මයික්‍රොසොෆ්ට් හි නවතම දත්ත ගබඩා කළමනාකරණ පද්ධතිය මඟින් සංකීර්ණ දත්ත සරල බවට පත් කිරීම සඳහා අයතනයන්ට අවැසි සහය අවබෝධාත්මක ව්‍යාපාරික බුද්ධි හැකියාව ලබා දෙයි.

    වැඩිදුරටත් අදහස් දක්වන බ‍්‍රයන් කීලි මහතා ”දේශීය ආයතන ක‍්‍රමක‍්‍රමයෙන් නව තාක්ෂණයන් යොදා ගනිමින් ඉදිරියටම ගමන් කරයි. මෙම යොදා ගැනීම් ශ‍්‍රී ලංකාවේ නව දත්ත සංස්කෘතියක් වෙනුවෙන් මඟ කියන අතර SQL Server 2016 දේශීය ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර සවිබල ගන්වා පෙරට යාමට අසමසම මාර්ගයක්” යනුවෙන් පවසා සිටියේය.

    සංවිධාන සහ ලොව පුරා විවිධ කර්මාන්තයන්ට තම ව්‍යාපාරයන් සහ සේවාවන් පෙරළියකට ලක් කිරීම සඳහා වැඩි වශයෙන් විදසුන් අවශ්‍ය වේ. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙම නව ප‍්‍රවනතාවය හඳුනා ගෙන ඇති අතර SQL Server 2016 වත්මන් තත්ත්වයට එහා යාම සඳහා අවශ්‍ය ආම්පන්න සහ සම්පත් සමග සංකලනය කර තිබේ.

    මයික්‍රොසොෆ්ට් අග්නිදිග ආසියානු කලාපයේ වෙළෙඳ අධ්‍යක්ෂක, සංජය පටෙල් මහතා අදහස් දක්වමින් ”පාරිභෝගිකයින්ට ආරක්ෂාව, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණ, ජංගමත්වය යන කරුණු මත පදනම්ව සේවා සැලසීමේදී මෙම මෘදුකාංගය ඉතා ආකර්ෂණීය වනවා. මෙය හුදු පරිගණක දත්ත ගබඩාවක් පමණක්ම නොවේ. මෙය හෙට දිනයේ භාවිත වන පරිගණක වැඩසටහන් බල ගැන්වීමට නිර්මාණය වූ අවබෝධාත්මක දත්ත වේදිකාවක්. එය ඔබ සහ ඔබගේ පරිගණක වැඩසටහන් ඔබගේම ව්‍යාපාර තුළ සවිබල ගැන්වීම සිදුකරනු ලබයි. SQL Server 2016 ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරයන් නවමු මුහුණුවරකට පත් කිරීම සඳහා දත්තයන්හි බලය යොදා ගැනීමට සහය වනවා” යනුවෙන් පවසා සිටියේය.

    SQL Server 2016 දත්ත විශ්ලේෂණයන් තුළ ඇති අභියෝගාත්මක ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ඍ නැමැති භාෂාව සංකලනය කර ඇත. ETL ක‍්‍රියාවලිය ඉවත් කරමින්, මයික්‍රොසොෆ්ට් ආයතනය දත්තවලට ගබඩාවීමට ඉඩ ලබා දෙන හැකියාවක් නිර්මාණය කර තිබේ. එය එක් මූලාශ‍්‍රයකින් දත්ත සම්පේ‍්‍රෂණය කිරීමට අවශ්‍යතාවයක් නොමැතිව එක වේදිකාවක විශ්ලේෂණය වීම සිදුවෙයි.

    SQL සර්වරය තුළ එහි භාවිතය පහසු කරමින් අවසාන භාවිතා කරන්නාගේ පිරිවැය අවම වන ලෙස ව්‍යාපාර බුද්ධියේ සිට වැඩි දියුණු කළ විශ්ලේෂණ දක්වා විහිදෙන සියල්ල ගොඩ නැගී තිබේ.

    මෙම SQL නවීකරණයේ කොටසක් වශයෙන්, මයික්‍රොසොෆ්ට් ආයතනය සෑම ීූඛ ීැරඩැර මෘදුකාංග ආගමනයකටම නොමිලයේ බලපත‍්‍ර ලබාදීමක් සිදු කරයි. ආරක්ෂාවේ, ක‍්‍රියාකාරිත්වයේ සහ වටිනාකමේ ප‍්‍රමුඛයා වශයෙන්, SQL අවශ්‍ය සියල්ලෙන් ගොඩ නැගී තිබෙන දත්ත විසඳුමකි. https://www.microsoft.com/en-us/server-cloud/sql-license-migration.aspx පිවිසීම මගින් SQL Server 2016 මෘදුකාංගය සඳහා විශේෂ වට්ටමක් ලබා ගත හැකිය.