Sun Siyam Pasikudah පාසිකුඩා වෙරළ තීරයට අලුත් අවුරුදු අසිරිය ගෙනෙයි

    April, 22, 2026

    පාසිකුඩා මුහුදු වෙරළට අලුත් අවුරුදු අසිරිය ගෙනඑමින් මෙවර ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් ද සහභාගී කරවාගනිමින් විශේෂ අවුරුදු වැඩසටහනක් සංවිධානය කිරීමට Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර තිබුණි. Siyam හෝටල් ජාලයේ Prive හෝටල් එකතුවට අයත් Sun Siyam Pasikudah සංවිධානය කළ මෙම අලුත් අවුරුදු වැඩසටහන මගින් සංචාරකයින්ට අවුරුදු සතුට, විනෝදය මෙන්ම සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අත්දැකීම්ද සමීප කිරීමට අවස්ථාව උදාවිය.

    අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඒ අයුරින්ම ඉෂ්ට කරමින් නව අවුරුදු උදාවේ සිට, ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම ආදිය හෝටලයේදී ද සිදුකෙරිණි. අනතුරුව ආහාර අනුභව නැකත වෙනුවෙන් කිරිබත්, කොකිස්, කැවුම්, ආස්මි ඇතුළු සාම්ප්‍රදායික කැවිලි පෙවිලිවලින් පිරුණු ආහාර මේසයක් ද සූදානම් කර තිබුණි. ඇතැම් විදෙස් සංචාරකයින් මෙවැනි ආහාර අනුභව චාරිත්‍රයක් අත්විඳි පළමු අවස්ථාව ද මෙය වීම කැපීපෙනුණි.

    සවස තුනෙන් අනතුරුව අවුරුදු ක්‍රීඩා වෙනුවෙන් වෙන්කර තිබුණි. කණාමුටිට්ය බිඳීම, කඹ ඇදීම, බනිස් කෑම, බැලුම් පිපිරවීම, කොට්ටා පොර, ගෝනි රේස්, හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම, අන්ධයාට කිරිකැවීම, අලියාට ඇහැ තැබීම, පිටි බඳුනේ නැතිවූ කාසිය සෙවීම ආදී විනෝද ක්‍රීඩා රැසක් ඒ අතර විය. තරුණ මහලු භේදයකින් තොරව දෙස් විදෙස් සංචාරකයෝ මහත් ආශාවෙන් මෙම ක්‍රීඩාවලට එක්ව සිටියහ.

    ″අලුත් අවුරුදු කාලේ දැනෙන නැවුම් බව විශේෂත්වය මුළු මහත් පරිසරයේම ලියැවිලා තියෙන දෙයක්. නැකැත් චාරිත්‍ර, ලිප ගිනි මෙලවීම, අවුරුදු ආහාර මේසය, අවුරුදු ක්‍රීඩා ආදී මේ සියලු ක්‍රියාකාරකම් ඉතාම අරුත්බර දේවල්. අවුරුද්දේ වෙනත් කිසිම කාලයක දකින්න ලැබෙන්නේ නැති තරම් සතුටක්, විනෝදයක් අලුත් අවුරුදු කාලයේ සියලු දෙනා එකට එකතු වී ලබනවා. එමනිසා මෙම අලුත් අවුරුදු ප්‍රීතිය අපේ සංචාරකයින් වෙතත් සමීපකරවීමට අපට වුවමනා වුණා. ඔවුන් හුදෙක් අවුරුදු ක්‍රියාකාරකම්වල නරඹන්නන් වෙනවා වෙනුවට ඔවුන් ඒවාට සහභාගී කරවාගැනීමට අපි ක්‍රියාකළා, ඔවුන්ට තමන්ගේ නිවසේ සිටිනවා වැනි සුවපහසු හැඟීමක් ගෙනඒමට මෙම වැඩසටහන හරහා අපිට හැකිවූ බව විශ්වාසයි″, යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා ප්‍රකාශ කළේය.

    පාසිකුඩා වෙරළ තීරය බොහෝ කාලයක් පුරා ප්‍රසිද්ධව පැවතුණේ වැඩි කලබලයකින් තොර නිදහස් මුහුදු තීරයක් වශයෙනි. නමුත් මෑතකාලීනව සංචාරක පැමිණිම් ඉහළයාමත් සමඟ (2025 වසරේ මුල් කාර්තුවේ සංචාරක පැමිණීම් ප්‍රමාණය ලක්ෂ 6කට වැඩිවූ අතර ඒ හරහා ශ්‍රී ලංකාව උපයාගත් මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.025කි) නැගෙනහිර වෙරළට ඇති ආකර්ෂණය ද ඉහළ ගොස් තිබේ. එහිදී පාසිකුඩා වෙරළට විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ කේන්ද්‍රයක් බවට පත්වීමට ද Sun Siyam Pasikudah හෝටලයට හැකිවිය.

    පැවිලියන් මාදිලියේ හෝටල් කාමර ඒකක 34කින් යුත් හෝටලය ඊටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පීය සහ අභ්‍යන්තර අලංකරණ විශිෂ්ටත්වයකින් යුතුය. The Kitchen, The Cellar, The Slice and Grill, The Tea House, සහ The Bar ආදී අවන්හල් කිහිපයකින් ද සැදුම්ලත් හෝටලය විවිධ ත්‍රාසජනක ජල ක්‍රීඩා අත්දැකීම් මෙන්ම, ස්පා පහසුකම්, දේශීය කලාශිල්ප අත්දැකීම්, තරු පිරුණු රාත්‍රී අහස යට ආහාර ගැනීමේ පහසුකම් ආදී පුළුල් පරාසයක අත්දැකීම් සමූහයක් සංචාරකයින් වෙත සමීප කරවයි.

    ඒ අනුව www.sunsiyam.com/sun-siyam-pasikudah වෙබ් අඩවිය හෝ +94 65 205 5555 සහ +94 70 242 4263 දුරකථන අංක  ඔස්සේ වැඩිදුර තොරතුරු සහ වෙන්කරවාගැනීම් කළ හැක.