Sunshine Foundation for Good, ‘‘Better Water” Better Lives’’ ව්‍යාපෘතිය හරහා පූනරීන් ජනතාව සවිබල ගන්වයි

    July, 18, 2023

    පූනරීන් ප‍්‍රදේශයේ 2000 කට වැඩි පිරිසකට RO ඒකක 03 ක් හරහා පිරිසිදු ජලය ලබා ගත හැකිය

    යාපනයේ පූනරීන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවිතවලට සුබදායී බලාපොරොත්තුවක් ඇති කිරීමේ ඒකාබද්ධ ප‍්‍රයත්නයක් ලෙස, සන්ෂයින් හෝල්ඩිංස් (Sunshine Holdings) හි ආයතනික සමාජ සත්කාර්ය අංශය වන Sunshine Foundation for Good (SFG), විසින් පල්ලිකුඩා, පල්ලවරායන්කඞ්ඩු සහ ගෞදරිමුනේ යන ප‍්‍රදේශවල ජල පිරිපහදු ඒකක (RO) තුනක් ස්ථාපිත කරන ලදී. මෙම නව RO ඒකක හඳුන්වාදීම මගින් මෙම ගම්මානවල පදිංචිකරුවන් 2000 කට අධික පිරිසකට සුරක්ෂිත සහ සනීපාරක්ෂිත පානීය ජලය සපයන අතර, SFG හි ‘‘Better Water, Better Lives’’ ව්‍යාපෘතිය යටතේ ප‍්‍රජාව සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් ඵලදායී ජීවන අත්දැකීමක් තිළිණ කරයි.

    සෞඛ්‍ය සමානාත්මතාවය වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය අවදානම් අවම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප‍්‍රවර්ධනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙවර අනුව යමින් සනීපාරක්ෂිත ජලය සඳහා ප‍්‍රවේශය ලබා දීම සන්ෂයින් පදනමේ ප‍්‍රමුඛතාවයක් බවට පත්ව ඇත. අද වන විට අනුරාධපුරයේ සිට මන්නාරම, කතරගම සිට මුලතිව්, පොළොන්නරුව සිට නාගදීප දක්වා කෘෂිකාර්මික ප‍්‍රජාවන්ගේ බොහෝ ළිං වල බැර ලෝහ සහ වෙනත් හානිකර ද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් ජලය අපිරිසිදු හා අනාරක්ෂිත බවට තහවුරු වී ඇත.

    මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාව තුළ නිදන්ගත වකුගඩු රෝග (CKDu) ව්‍යාප්තිය ඉහළ යාමට බලපා ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දියවැඩියා වැනි රෝග නොමැති අවස්ථාවලදී පවා වකුගඩු ක‍්‍රියාකාරිත්වය අඩපණ වන බැවින් අඛණ්ඩ රුධිර කාන්දුකරණ ප‍්‍රතිකාර හෝ වකුගඩු බද්ධ කිරීමක් කර ගැනීමට රෝගීන්ට සිදුවෙයි. ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයට අනුව, ආසන්න වශයෙන් ශී‍්‍ර ලංකාවේ පුද්ගලයින් 400,000 ක් පමණ දැනට ක්‍ණෘම රෝගයෙන් පීඩා විඳිති. එයින් වයස අවුරුදු 15-70 අතර පිරිමින් වඩාත් අවදානමට ලක් වේ. මෙම ප‍්‍රජාවන් නිරන්තරයෙන් නිරාවරණය වන ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන ආතතිය, විජලනය සහ පළිබෝධනාශක භාවිතය CKDu ඇතිවීම තවදුරටත් ඉහළ නංවයි.

    Sunshine Holdings හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා පැවසුවේ, ”උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ සහ උතුරු පළාත්වල CKDu රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත්ව ඇති අතර මෙම පළාත් වල රෝගීන් ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ සනීපාරක්ෂිත, පිරිසිදු පානීය ජලය පරිභෝජනයට ඇති ප‍්‍රවේශය අවම වීම නිසා CKDu ව්‍යාප්තිය ඉහළ ගියා. එමෙන්ම දශක ගණනාවක් තිස්සේ මෙම ප‍්‍රදේශ වල ජනතාව ජල හිඟය සහ අවම යටිතල පහසුකම් නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.” යනුවෙනි.

    එවැනි වාතාවරණයක් තුළ, ජල පිරිපහදු ඒකක (RO) ස්ථාපිත කිරීම හරහා අපිරිසිදු ජලය නිසා ඇති වන CKDu මුලිනුපුටා දැමීම ඉතා ඵලදායීය. එබැවින් RO ඒකක යනු CKDu ඇතිවීම අවම කිරීමේ මූලික ක‍්‍රමවලින් එකකි. තනි ඍධ ඒකකයකට කුඩා ගමකට (දිනකට ලීටර් 5,000 සිට 10,000 දක්වා) පානීය ජලය සැකසීමේ සහ ප‍්‍රමාණවත් ලෙස සැපයීමේ හැකියාව ඇත.

    අද වන විට, SFG විසින් උතුර, වයඹ, උතුරු මැද, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල RO ඒකක 19 ක් ආරම්භ කර ඇති අතර එමඟින් 20,000 කට අධික පදිංචිකරුවන්ට සනීපාරක්ෂිත පානීය ජලය සඳහා ප‍්‍රවේශය ලබා දී ඇත.

    ”අපගේ දැක්ම මෙම RO ඒකක ස්ථාපනය කිරීමෙන් ඔබ්බට ගමන් කරනවා. ග‍්‍රාමීය ජනතාවගේ ජීවිත තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම අපගේ අභිප‍්‍රායයි. පිරිසිදු ජලය වැනි මූලික අවශ්‍යතාවයක් සපුරාලීමෙන්, අපි ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් සහ දීප්තිමත් අනාගතයක් උදාකරදීමට උත්සහ කරනවා.” යනුවෙන් ගෝවින්දසාමි මහතා තවදුරටත් අදහස් දැක්වීය.

    පිරිසිදු ජලය හුදෙක් අවශ්‍යතාවයක් පමණක්ම නොව මූලික අයිතිවාසිකමක් වන අතර, සනීපාරක්ෂිත ජලය සඳහා ප‍්‍රවේශය පුළුල් කිරීම ජීවිත ආරක්ෂිත කිරීම කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කරයි. Sunshine Foundation for Good සනීපාරක්ෂිත ජලය ලබාදීම සඳහා ප‍්‍රමුඛත්වය දීමෙන් ජලයෙන් බෝවන රෝග, දුෂ්කරතා සහ ජල හිඟය විසින් පනවා ඇති සීමාවන්ගෙන් මිදීමට ප‍්‍රජාවන් සවිබල ගන්වා ඇත. තවද, ‘Better Water, Better Lives’ තේමාව යටතේ ඉදිවන RO ඒකක හුදෙක් සනීපාරක්ෂිත ජලය සැපයීමෙන් ඔබ්බට ගමන් කරයි. අධ්‍යාපනික වේදිකාවක් ද වන ඒ හරහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන අතර ග‍්‍රාමීය ජනතාවගේ ජීවන චර්යාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරයි.

    සිය ප‍්‍රදේශයේ 2000කට අධික පිරිසක් පිරිසිදු ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව සේමන්කුන්ද්‍රු තෙලිගරායි පාසලේ සිසුවෙකු වන යූ. සංජීවන් පැවසීය. ”දුෂිත ජලය පරිභෝජනය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ප‍්‍රදේශයේ CKDu රෝගීන්ගේ සීග‍්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර, රෝගී පුද්ගලයින්ගේ ජීවිත අතිශයින් දුෂ්කර වී තිබෙනවා. අප පාසලේ ඇති නවතම RO ඒකකය අප සැමට විශාල සහනයක්. දැන් ජලය පිළිබඳව අනවශ්‍ය ලෙස මානසික පීඩනයකට ලක් වෙන්න අවශ්‍ය නෑ. ඇති තරම් පිරිසිදු ජලය අපිට ලැබෙනවා. පල්ලිකුඩා ප‍්‍රදේශයේ ප‍්‍රජාව වෙනුවෙන් මම සන්ෂයින් හෝල්ඩිංස් සමාගමට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.”

    Toyotsu Lanka හි ප‍්‍රදේශ කළමනාකරු කීතිවාන් මහතා පැවසුවේ එය තම ප‍්‍රජාවට ලැබුණු මහඟු තිළිණයක් බවයි. ”අපගේ අවශ්‍යතාවය අසා, අපගේ සහායට පැමිණීම ගැන අපි SFG වෙත ස්තූතිවන්ත වන අතර අතිශයින්ම කෘතඥ වෙනවා. RO ඒකකය හරහා සිසුන් 800 කට වැඩි පිරිසකට සහ අවට ගම්මානවල වැසියන් 3,000 කට ආසන්න පිරිසකට සනීපාරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය සැපයීමේ හැකියාව තිබෙනවා. දැන් ඔවුන් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කර ඇති බැවින්, මෙම ඒකකය හොඳින් නඩත්තු කර අනාගත පරම්පරාව සඳහා කළමනාකරණය කිරීම අපගේ විශාලතම වගකීමයි.”

    සන්ෂයින් සමූහයේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා ආරම්භ කරන ලද Sunshine Foundation for Good තිරසාර කමිටුවක් සහ ව්‍යාපෘති සභාපතිවරයෙකු හරහා සන්ෂයින් හෝල්ඩිංස් විසින් සිදු කරන ලද සියලූම සමාජ සත්කාරක වැඩසටහන් යථාර්තවත් කිරීමට සහය වෙයි. මෙම පදනමේ ප‍්‍රධාන අංශ දෙක ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපනය පවතින අතර තිරසාරභාවය වෙනුවෙන් වෙනසක් ඇති කිරීම ප‍්‍රධාන අරමුණයි.

    පිරිසිදු වතුර උගුරක් රස විඳීම

    (වමේ සිට දකුණ දක්වා) සන්ෂයින් හෝල්ඩිංස් හි ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී චූලසිරි හෙට්ටිහේවා, හෙල්ත්ගාඞ් ෆාමසි හි ප‍්‍රධාන විධායක නිලධාරී/සන්ෂයින් හෝල්ඩිංස්, ප‍්‍රධාන ඩිජිටල් නිලධාරී ඉන්ෆියාස් අලි, සන්ෂයින් හෝල්ඩිංස් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි සහ ආයතනික සන්නිවේදන අංශයේ සහකාර කළමනාකරු ප‍්‍රවීන් එඞීමා යන මහත්වරුන්

     

    ඡායාරූප විස්තරය : සන්ෂයින් හෝල්ඩිංස් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි මහතා සහ Appé Lanka පදනමේ නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිලධාරී ශාන් කොරයා මහත්මිය