Synapseus Technologies වෙතින් TapID: ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරණය නව මානයකට ගෙන යන ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක්

    August, 17, 2026

    ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමඟම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මඟහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID, Synapseus Technologies විසින් හඳුන්වා දී තිබේ.

    වෘත්තීය සහ ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී ඇතිවන අභියෝගවලට සරල විසඳුමක් ලබාදීම TapID හි අරමුණයි. TapID NFC කාඩ්පත සරලව ටැප් කිරීමෙන් පරිශීලකයාගේ ඩිජිටල් පැතිකඩ (Digital Profile) බෙදාගැනීමටත්, සම්බන්ධතා තොරතුරු ක්ෂණිකව සුරැකීමටත් හැකිය. එමඟින් පළමු හමුවීමෙන් පසුවද සම්බන්ධතාව පවත්වාගෙන යාම පහසු වේ. හමුවූ පුද්ගලයන් පිළිබඳ සටහන් තබා ගැනීමට, සිහිකැඳවීම් (Reminders) සකස් කිරීමට සහ අවශ්‍ය පසු විපරම් (Follow-ups) සිදු කිරීමටද TapID මඟින් අවස්ථාව සලසා දෙයි. එමෙන්ම, පරිශීලකයන්ට තම සම්බන්ධතා ඉතිහාසය පරීක්ෂා කිරීමට සහ අවශ්‍ය විටක එම තොරතුරු වෙනත් උපාංග වෙත Export කිරීමට හැකියාව ඇත. ආයතන සඳහා ලබාදෙන Team Analytics පහසුකම මඟින් තම කණ්ඩායම් ගොඩනගන ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටද හැකි වේ.

    TapID නිර්මාණය කිරීමේදී විවිධ පරිශීලකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඇති අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කර ඇත. දැනට ඉංග්‍රීසි, සිංහල, දෙමළ සහ අරාබි භාෂාවලින් භාවිත කළ හැකි TapID, ඉදිරියේදී තවත් භාෂා සඳහාද සහාය ලබාදීමට සැලසුම් කර ඇත.

    මේ සම්බන්ධයෙන් Synapseus Technologies හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ මිලින්ද ලොකුගේ මහතා මෙසේ අදහස් දැක්වීය:

    “බොහෝ ව්‍යාපාරික අවස්ථා ආරම්භ වන්නේ සරල සංවාදයකින්. නමුත් අද වැනි සම්බන්ධතා සහ තොරතුරු බහුල ලෝකයක, අප හමුවන වටිනා පුද්ගලයන් සමඟ පසුව නැවත සම්බන්ධ වීමට නොහැකි වීම හෝ එම සම්බන්ධතා අමතක වී යාම පහසුවෙන් සිදුවිය හැකිය. TapID නිර්මාණය කිරීමට අප පෙළඹුණේ මෙම ගැටලුවට සරල සහ ප්‍රායෝගික විසඳුමක් ලබාදීමටයි. “සම්බන්ධතා හුවමාරු කරගැනීම පමණක් නොව, ඒවා පවත්වාගෙන යාම සහ නිසි වේලාවට පසු විපරම් කිරීමද වඩාත් පහසු කිරීම අපගේ අරමුණ වුණා. පුද්ගලයන්ට ශක්තිමත් වෘත්තීය සහ ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහාය වන අතරම, ව්‍යාපාරවලට තම වටිනා පාරිභෝගික සම්බන්ධතා වඩාත් හොඳින් පවත්වාගෙන යාමට TapID උපකාරී වෙනවා. “මෙම අරමුණ වෙනුවෙන් අවශ්‍ය මෙවලම් රැසක් එකම විසඳුමක් තුළට එක් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට අප සතු හැකියාව TapID හරහා පෙන්වා දීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.”

    NFC කාඩ්පතකට පමණක් සීමා නොවන TapID, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට තම සම්බන්ධතා වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට උපකාරී වන පුළුල් වේදිකාවකි. වෘත්තිකයන්ට තම සම්බන්ධතා ජාලය පුළුල් කර ගැනීමටත්, ආයතනවලට තම කාර්යමණ්ඩලයේ ආයතනික අනන්‍යතාව වඩාත් ප්‍රමිතිගත කරගැනීමටත් එමඟින් හැකියාව ලැබේ. එමෙන්ම, අලෙවිකරණ සහ පාරිභෝගික පසු විපරම් කටයුතු වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටද TapID උපකාරී වේ. TapID වෙතින් NFC Business Cards වලට අමතරව QR Codes, NFC Coin Stickers සහ මිලිමීටර් 6ක් තරම් සිහින් NFC Stickers ඇතුළු NFC නිෂ්පාදන රැසක්ද ලබාගත හැකිය. පරිශීලකයන්ගේ අවශ්‍යතා සහ රුචි අරුචිකම් අනුව Natural Wood සහ Brushed Metal වැනි අලංකාර නිමාවන්ගෙන්ද මෙම නිෂ්පාදන තෝරාගත හැකිය.

    ජංගම යෙදුමක් ලෙසද භාවිත කළ හැකි TapID මඟින් පරිශීලකයන්ට ඕනෑම වේලාවක සහ ඕනෑම ස්ථානයක සිට තම ඩිජිටල් තොරතුරු පහසුවෙන් යාවත්කාලීන කළ හැකිය. ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් කළ හැකි නම්‍යශීලී Subscription Plans අතරින් තම අවශ්‍යතාවට ගැළපෙන සැලසුමක් තෝරාගැනීමටද අවස්ථාව ලබා දී තිබේ. පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල අවශ්‍යතා අනුව TapID වෙනස් කරගැනීමේ පහසුකම්ද ඇති අතර, TapID අන් අයට හඳුන්වාදීම වෙනුවෙන් Referral Rewards ලබාගැනීමේ අවස්ථාවක්ද පරිශීලකයන්ට හිමි වේ.

    වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:  https://thetapid.com

    Synapseus Technologies හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ මිලින්ද ලොකුගේ මහතා