June, 16, 2022
පුද්ගලික ලොබි හරහා ප්රජාවන්ගේ ක්රීඩා අතර උද්යෝගය සොයමින් ලොව ප්රමුඛ පෙළේ පණිවිඩ යැවීමේ යෙදුම තුළ Hypercasual ක්රීඩාවන්ට පිවිසෙන්න
Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්රීඩා කිරීමට ප්රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්රීඩා වේදිකාවක් වන අතර ක්රීඩා කිරීමට පහසු මෙන්ම ක්රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත.
“විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි."අපි Viber තුළින් හුදෙක් ක්රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්ය වන්නේ මේ හරහා Hypercasual ක්රීඩකයින්ගේ ප්රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.''
ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (Word Masters) සහ ත්රාසය සොයන ඇඩ්රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම මෙහි ක්රීඩාවක් නිර්මාණය වී ඇත.
මෙම Hypercasual ක්රීඩා මගින් Viber පරිශීලකයින්ට තරඟකාරීව ත්යාග දිනා ගැනීමට සහ එම ක්රීඩා වල ප්රමුඛත්වයන් හිමි කර ගැනීම සඳහා ඔවුන්ගේ Viber ජාලය ඉඩ සලසා දෙයි. පරිශීලකයින්ට ඔවුන්ගේම පුද්ගලික ලොබි නිර්මාණය කිරීමට සහ Viber මත ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය සමඟ ප්රීතිමත් කාලයක් ගත කළ හැකිය.
''ක්රීඩාවේ සමාජ පැතිකඩ බොහෝ විට නොසලකා හරිනවා. නමුත් එය පාරිභෝගික හැසිරීම් දිරිමත් කරන බව අපි විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස, Viber හි mgames වල පුද්ගලික ලොබි තිබෙනවා. එම නිසා පරිශීලකයින්ට ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මිත්රශීලී තරඟ පැවැත්වීමේ හැකියාව පවතිනවා. මෙය සහ අනෙකුත් විශේෂාංග තුළින් ඔබගේ පණිවිඩ යැවීමේ යෙදුම වඩාත් උනන්දුවක් ඇතිකරවන අත්දැකීමක් බවට පත් කරන නව්යතාවයක් එක් කරනවා. '' යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mineski Global සමාගමේ ප්රධාන විධායක නිලධාරී රොනාල්ඩ් රොබින්ස් පවසයි.
''ජංගම දුරකථන වීඩියෝ ක්රීඩා වල රසිකයෙක් ලෙස මට Viber හි මෙම නව එකතු ඉතාමත් විනෝදජනකයි. එය මට මගේ මිතුරන් සමඟ අත්විඳිය හැකි තවත් උද්යෝගිමත් ක්රියාවක්.'' බව මෙම අවස්ථාවට සහභාගී වූ පිලිපීන අන්තර්ගත නිර්මාතෘ කයිල් වර්ගාරා පැවසීය. Viber හි ඇති mgames අපට ලඟ නොසිට දුරස්ථව හෝ සම්බන්ධ වීමට ඉඩ සලසා දෙනවා. මම ඉදිරියේදී මිතුරන් සමඟ විනෝදාත්මක තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා'' යැයි වර්ගාරා වැඩිදුරටත් අදහස් දැක්වීය.
"ක්රීඩා කිරීමෙන් තමන්ට සතුටක් ගෙන දෙන බව උද්යෝගිමත් ක්රීඩා අන්තර්ගත නිර්මාපකයෙකු වන ෂායි ඔර්ටිලී පවසයි. Viber හි මෙම ක්රීඩා මට මගේ මිතුරන් සහ සහෝදර සහෝදරියන් සමඟ සහ මගේ දෙමාපියන් සමඟ පවා බෙදා ගැනීමට ඉඩ සලසනවා. මෙම Hypercasual ක්රීඩා තුළින් අනෙක් අයට ක්රීඩා කිරීමෙහි සතුට සොයා ගෙන යාමටත්, ඔවුන් කැමති නම් ඒ සඳහා ලැදි වූ ක්රීඩකයින් වීමටත් මග පාදනු ඇතැයි මම අපේක්ෂා කරනවා "යැයි ඔහු සඳහන් කරයි.
පසුගිය ජූනි 8 වන දින Mandaluyong නගරයේ පැවති Viber හි mgames chatbot මාධ්ය වෙත එළිදැක්වූ අවස්තාව අතරතුර පිලිපීන ජනමාධ්ය සාමාජිකයින් සහ ඇතැම් අන්තර්ගත නිර්මාපකයින් ආකර්ෂණීය ත්යාග දිනා ගැනීම සඳහා තරඟ කරමින් විනෝදයක් අත්විඳිනු ලැබුහ. නේපාලයේ සහ බංගලාදේශයේ ජනමාධ්ය සාමාජිකයන්ද ඊට මාර්ගගතව සම්බන්ධ විය. මෙම උත්සවයේදී පුද්ගලික ලොබිවල ක්රීඩා කරන ලද සමහර ක්රීඩා වූයේ Tako Block ක්රීඩාවයි. මෙය ප්රීතිමත් හා නිමක් නැතිව ක්රීඩා කළ හැකි ක්රීඩාවක් වන අතර එහිදී ක්රීඩකයින්ට බාධක බිඳ ගෙන හෝ ඒවා හරහා යාමට Tako Block තැනීමට අවශ්ය වේ. Whack A Mole ක්රීඩාව කාලානුරූපී විනෝදාත්මක සහ වේගවත් අයුරින් ක්රීඩකයින්ට ඔවුන්ගේ විනෝදය හා අත්දැකීම තව තවත් ලබා දීමට ඉඩ සලසා දෙයි. Furious Speed ක්රීඩාව ක්රීඩකයින්ගේ ඇඩ්රිනලින් හෝමෝනය වැඩි කරවන විස්මිත වූ මෝටර් රථ හඹා යාමේ ක්රීඩාවකි.
''Viber සමඟ අප ඇතිකර ගත් හවුල්කාරිත්වය මේ තුළින් ප්රතිලාභදායක අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹූ කරන්නක්. මෙම ඒකාබද්ධ වූ Hypercasual ක්රීඩා ඔස්සේ ප්රජාවන් අතර ආදරයක් ගොඩනැගීම Mineski සමාගමේ මුල් අවදිය සිහිපත් කරවන අතර Viber හට පමණක් එක් කළ හැකි විශාල සහ විවිධ Hypercasual ක්රීඩා ප්රේක්ෂකයින් වෙත මෙම පොරොන්දුව ලබා දීම ගැන අපි ආඩම්බර වන බව ”Mineski හි ප්රධාන විධායක නිලධාරී රොනාල්ඩ් රොබින්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
දැන්ම Viber හි ක්රීඩා කිරීම ආරම්භ කර ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ විනෝදය බෙදා ගැනීමට පුද්ගලික ලොබි සදා ගන්න. Viber හි mgames ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.viber.com සහ www.mineskiglobal.com/mgames වෙත පිවිසීමෙන් හෝ සමාජ මාධ්ය හරහා Rakuten Viber සහ Mineski Global සෙවීමෙන් ලබා ගත හැකිය.

June, 16, 2022
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්ය ආයතන ^NBFI& ක්ෂේත්රයේ විශ්වාසනීය ප්රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්ය සාධනයක් 2021/22 මූල්ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය නැවත අළුත් කිරීමට සමත් විය.
බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 15.5%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර බදු පෙර ලාභය ලෙස රු. බිලියන 6.65 ක ලාභයක් ළඟා කර ගනිමින් 13.2% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
සර්වකාලීන ඉහළ මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ ප්රධාන විධායක නිලධාරී ෂමින්ද්ර මර්සිලින් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “අපගේ විශිෂ්ට මූල්ය කාර්ය සාධනය පිළිබිඹුකිරීම සඳහා 2021/2022 මූල්ය වර්ෂය තුළ සේවක කැපවීම, පාර්ශවකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා වන උපාය මාර්ග පෙළගැස්වීම, හිතකර මෙහෙයුම් පරිසරයක් සහතික කිරීම සඳහා ප්රතිපත්ති සහ ක්රියා පටිපාටි නැවත යාවත්කාලීන කිරීම ආදිය සිදු කළ බවය. පෙර වසර හා සමානව Covid-19 හි තෙවන රැල්ල හමුවේ රටේ සර්ව ආර්ථික දර්ශකවල ක්රියාකාරිත්වය අඩාල කරමින් ව්යාපාරවලට ක්රියාත්මක වීමට අපහසු පරිසරයකට තුඩු දුන් භයානක අභියෝග රැසකට ව්යාපාරවලට මුහුණ පෑමට සිදුවිය. කෙසේ වෙතත්, සමාගමක් ලෙස පීපල්ස් ලීසිං මෙම අභියෝග ජය ගනිමින් ඓතිහාසික මූල්ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්විණි.
මෙම දුෂ්කර අවස්ථාවේ එම සමාගමේ 2,000කට අධික අභ්යන්තර කාර්ය මණ්ඩලයේ සහ ශ්රී ලාංකීක ප්රජාවගේ යහපැවැත්ම සහතික කරමින් ආකර්ෂණීය බදු පසු ලාභයක් සාක්ෂාත් කර ගත් බව ෂමින්ද්ර මර්සිලින් මහතා තවදුරටත් සඳහන් කළේය.
සමාගමේ අක්රීය වත්කම් අනුපාතිකය පහත යාම තුළින් පෙන්නුම් කළේ ණය අවදානම් කළමනාකරණය කිරීම සහ අයකර ගැනීම් වැඩිදියුණුකිරීම සඳහා යොමුකරන ලද සම්පත් සහ උත්සහයන්හි ප්රතිඵලයන් වේග ණය සහ ලැබිය යුතු මුදල් සඳහා අපහායන ගාස්තු රුපියල් මිලියන 1,044 සිට රුපියල් මිලියන 656 දක්වා 37.2% කින් අඩු විය.
මෙම කාල පරිච්ඡේදය තුළ ප්රාග්ධනය සහ ගණුදෙනුකරුවන්ට ලබාදුන් ණය පමා සහන කාලය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නියාමන හා කොන්දේසි අභිබවා එම නියාමන අවශ්යතාවයන් පවත්වාගැනීමට සමාගම සමත් වූ අතර අක්රීය ණය ^NPL& අනුපාතයද ක්ෂේත්රයේ සාමාන්යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වා ගෙන ගියේය.
තවද අවදානම් කළමනාකරණය කරමින් වර්ධන වේගය ඉහළ නැංවීමට පියවරගැනීම සහ ප්රතිපත්ති රාමුව ශක්තිමත්කිරීම ප්රධාන වශයෙන් ඉලක්කකරන පාර්ශවකරුවන් කේන්ද්ර කරගත් නායකත්වයක් අනුගමනය කරමින් සමාගම විසින් වසර පුරා සිය පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කෙරුණි.
මර්සිලින් මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ ‘ඉදිරි දැක්ම සමාගමට අතිශය අභියෝගාත්මක බවත් එබැවින් පවතින උද්ධමන පීඩනය සහ ප්රතිපත්ති අනුපාත ඉහළ නැංවීම සමාගමේ ණය කළඹට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතරම මෙම බලපෑම පියවා ගැනීමට නම් අපි ආදායම් උත්පාදනය සඳහා විකල්ප මාර්ග සෙවිය යුතුය’ යන්නය.
සමාගම වසර පුරා සිය ඩිජිටල්කරණ ක්රියාවලිය අඛණ්ඩව සිදුකළ අතර එම ක්රියාවලියේ කොටසක් ලෙස, අභ්යන්තර සහ බාහිර පාරිභෝගික කේන්ද්රීය යෙදුම් දියත් කරනු ලැබීය. පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට එය වර්තමානයේ ප්රධාන ප්රමුඛත්වයක් බවට පත්ව ඇත.
අප සමාගම දිවයින පුරා විසිරි සිටින 38,000කට අධික ගණුදෙනුකරුවන් සඳහා 2021/22 මූල්ය වර්ෂය තුළ රු. බිලියන 8.39කට අධික ණය පමා සහන ලබාදුනි. තවද, ශ්රී ලංකා මහ බැංකුවේ නියෝගවලට අනුකූලව යමින් ලිසිං වාරික ගෙවා නොමැති පුද්ගලයන්ගේ වාහන නැවත සමාගමට අත්පත් කර ගැනීම් අත්හිටවු අතර ණය පහසුකම් නැවත ප්රතිව්යුහගත කළේය.
අනෙකුත් වසර වලදී මෙන්ම පීපල්ස් ලීසිං සමාගම දිවයිනේ උතුරු, නැගෙනහිර, බස්නාහිර සහ දකුණු යන ප්රදේශ ආවරණය කරමින් සමාජ සත්කාර ව්යාපෘති රැසක් දියත් කරන ලදී.
වසර පුරා මුහුණ දුන් අභියෝග හමුවේ වුවද 2021/22 මූල්ය වර්ෂය තුළ අප ලබා ගත් විවිධ පිළිගැනීම් සහ ඇගයීම් තුළින් පීපල්ස් ලීසිං සමාගමේ නොසැලෙන ශක්තිය දෘශ්යමාන විය. ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් සංවිධානය කරන ලද 2021 වසර සඳහා වන විනිවිදභාවය පිළිබඳ ආයතනික වාර්තාකරණය (TRAC) තුළ අප සමාගම ශ්රී ලංකාවේ පොදු සීමිත සමාගම් 75ක් අතරින් හොඳම සමාගම් 20 අතරට ඇතුළත් විය. තවද බිස්නස් ටුඩේ සඟරාව මඟින් 2020/21 හොඳම මූල්ය කාර්ය සාධනය මත තෝරා ගත් ශ්රී ලංකාවේ ජයග්රාහී ලැයිස්තුගත සමාගම් ’TOP 40’ අතර පීපල්ස් ලීසිං සමාගමට 27 වැනි ස්ථානයට පත්වීමට හැකියාව ලැබිණි.
සමාගම සාර්ථකත්වය කරා ගෙන යාමේ සැබෑ නායකත්වය වෙනුවෙන් ලෝක මානව සම්පත් කොංග්රසය විසින් සංවිධානය කළ ‘වසරේ විශිෂ්ඨතම ප්රධාන විධායක නිලධාරී- 2022’ (Sri Lanka Best Employer Brands Award- 2022) යන නාමය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි හි ප්රධාන විධායක නිලධාරී/ සාමාන්යාධිකාරී ෂමින්ද්ර මර්සිලින් මහතා හිමිකර ගනු ලැබීය.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වර්ෂ 1995 දී මහජන බැංකුවට පූර්ණ හිමිකාරීත්වය දරන පුද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාපිත කරන ලද අතර වර්ථමානය වනවිට පීපල්ස් ලීසිං සන්නාමය ශ්රී ලාංකිකයන්ගේ හදවතේ නොමැකෙන නාමයක් බවට පත් වී තිබේ. රටේ පොදු ප්රවාහන ක්ෂේත්රයට මුල්ය සම්පාදනය කිරීමේ ප්රධාන නියමුවා වන පීපල්ස් ලීසිං සමාගම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වු පුද්ගලික මගී ප්රවාහන සේවාව යළි පණ ගැන්වීමට ප්රමුඛතාවය දීමේ අරමුණින් පුද්ගලික මගී ප්රවාහන අංශය නැවත ගොඩ නැගීමේ දුෂ්කරතාව ජය ගැනීම සඳහා “හිත මිතුරු” නමින් නව සහන යෝජනා ක්රමයක් දියත් කළේය.
ශක්තිමත් ප්රාග්ධන තත්ත්වයක් සහ ශේෂ පත්රයක් සමඟින්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනැන්ස් සමාගම ශ්රි ලංකාවේ ඉහළම ශ්රේණිගත කළ බැංකු නොවන මුල්ය සමාගමක් ලෙස ෆිච් රේටින් ආයතනය විසින් “A+(Ika)” ලෙස ශ්රේණිගත කර ඇත. එසේම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායක අංශයේ ජනතාවට අන්යෝන්ය අරමුණු සහ අභිලාෂයන් ග්රහණය කර ගැනීමට සහාය වෙමින් පීපල්ස් ලීසිං අඛණ්ඩව සේවය කරනු ඇත.
ජායාරූප විස්තරය
June, 16, 2022
එක්සත් ජනපදය තවදුරටත් ශ්රී ලංකාවේ තිරසාර බලශක්තිය සහ ආර්ථික වර්ධනය ප්රවර්ධනය සඳහා කටයුතු කරයි. ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, ශ්රී ලංකාවේ විදුලියෙන් ධාවනය වන වාහන අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපකාර කිරීමට VEGA Innovations ආයතනය වෙත තාක්ෂණික සහය ලබාදෙන්නා වූ ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවයකට ජූනි 15 වැනි දින සහභාගි වූවාය. ජාත්යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) මෙම ගිවිසුම සඳහා අරමුදල් සපයන අතර, ඒ හරහා, විදුලි “ත්රීරෝද රථ” ඇතුළුව විදුලියෙන් ධාවනය වන වාහන භාවිතය ප්රවර්ධනය කිරීම සඳහා VEGA Innovations විසින් දරන වෑයම්වලට සහය ලබාදෙනු ඇත. විදුලි වාහන සඳහා ආරෝපණ ස්ථාන ජාලයක් (charging network) ඇති කිරීමේ නියමු වැඩසටහනකට මෙන්ම, බැටරි සහ ඉන්වර්ටර් දේශීයව සැලසුම්කර නිෂ්පාදනයට ද ඉන් සහය ලබාදෙනු ඇත. මෙරට බලශක්ති අංශය වෙළඳපල-පදනම් කරගත්, සුරක්ෂිත, විශ්වසනීය සහ තිරසාර අංශයක් බවට පත්වීමට සහය ලබාදීම සඳහා 2021 දී USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන දියත් කරනු ලැබුවේ ය.
“නව අදහස් අත්හදා බැලීමට, උපායමාර්ගික අවදානම් ගැනීමට, සාර්ථක වන්නේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි ගොඩනැංවීමට, සහ ලොව පවතින විසඳීමට වඩාත් දුෂ්කර සංවර්ධන අභියෝග අතරින් ඇතැම් ඒවා සඳහා හොඳම විසඳුම් සොයාගැනීමට එක්සත් ජනපදය ලොව වටා නවෝත්පාදකයින්ට සහ පර්යේෂකයින්ට සහය දෙනවා. ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ නවෝත්පාදනයට සහ වර්ධනයට අතදීම සඳහා VEGA සහ තවත් ප්රමුඛ පෙළේ පෞද්ගලික අංශ සමාගම් සමගින් හවුල්වන්නට ලැබීම පිළිබඳව අප සතුටු වනවා,” යනුවෙන් ශ්රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය.



VEGA හි ආචාර්ය හර්ෂ සුබසිංහ මෙසේ සඳහන් කෙළේය: “විශේෂයෙන්ම, විකල්ප බලශක්ති මූලාශ්ර පිළිබඳව මෙරට දැඩි උනන්දුවක් ඇති අවස්ථාවක, USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන සමඟ සහයෝගීතාවයෙන් වැඩ කිරීමට ලැබුණු මෙම අවස්ථාව ගැන අපි බොහෝ සතුටු වනවා. වසර ගණනාවක් මුළුල්ලේ බොහෝ කර්මාන්ත පරිවර්තනයට ලක් කිරීමටත්, අපේ දේශීය සන්නාම ලෝකය හමුවට ගෙනයන්නටත් VEGA හි අපේ බහු-විෂයික කණ්ඩායම්වලට හැකිවී තිබෙනවා. දැන්, මෙම පොදු දැක්ම හරහා, ඉදිරි පරම්පරාවලට තිරසාර අනාගතයක් උදාකර දීමට මග පාදමින් සංවර්ධනය කරා අපේ මවුරට යන ගමනට සහය ලබාදීමට අප උදේයෝගයෙන් සිටිනවා.”
VEGA Innovations යනු ශ්රී ලංකාව පදනම් කරගත් විදුලි යතුරුපැදි, ත්රීරෝද රථ, සුපිරි මෝටර් රථ (supercars) සහ විදුලි වාහන ආරෝපක (charger) නිෂ්පාදනය කරන විදුලි වාහන නිෂ්පාදකයෙකි. එය, ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට විදුලි වාහන (EV) පර්යේෂණ සහ සංවර්ධන සේවා සැපයීම මෙන්ම, ඉහළ කාර්යසාධනයක් සහිත ඉන්වර්ටර්, ඩ්රයිව්ට්රේන් සහ බැටරි ඇසුරුම් වැනි EV අංගෝපාංග සැලසුම් කිරීම සහ නිෂ්පාදනය සිදුකරයි.
USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන වෙනුවෙන් සහ VEGA Innovations වෙනුවෙන් පිළිවෙලින් රික් විටෙකර් මහතා සහ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ගිවිසුමට අත්සන් කර සාක්ෂි දැරූහ.
USAID Sri Lanka හි බලශක්ති වැඩසටහන යනු ශ්රී ලාංකීය ජනතාවගේ සෞභාග්ය වෙනුවෙන් එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීමෙහි එක් අංගයක් පමණි. 1961 පටන් USAID ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ව්යවසායකත්වය, කාන්තාවන් සවිබලගැන්වීම, සහ පාරිසරික සංරක්ෂණය මෙන්ම තවත් බොහෝ අංශවලට සහය ලබාදීම සඳහා ක්රියාත්මක කළ වැඩසටහන්වලට රුපියල් බිලියන 350කට (ඩොලර් බිලියන 2) වඩා ලබා දී තිබේ.
USAID විසින් සිදුකරන කාර්යයන් පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර usaid.gov/sri-lanka වෙත පිවිසෙන්න.
June, 16, 2022
සමපේක්ෂණය නිසා ඇතිවූ විනිමය අනුපාතිකයේ ඉහළ විචලනයන් සීමා කිරීම අරමුණින් 2022 වසරේ මැයි 13 වැනි දින සිට හඳුන්වා දුන් නව විනිමය අනුපාතික සැකැස්ම හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවර වීමක් නිරීක්ෂණය කළ හැකි බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2022 අප්රේල් මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටී.
ඒ අනුව, 2022 වසරේ මැයි 13 සිට මේ දක්වා, ශ්රී ලංකා රුපියල, එ. ජ. ඩොලරයට සාපේක්ෂව සුළු අතිප්රමාණය වීමක් වාර්තා කර ඇති අතර, 2022 වසර තුළ මේ දක්වා එය එ. ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 44.3ක අවප්රමාණයක් වාර්තා කර ඇත.
මේ අතර, අනෙකුත් විදේශ ව්යවහාර මුදල් වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ ජූනි 10 වන දින දක්වා කාලය තුළ දී ශ්රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඕස්ට්රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්රමාණය වී තිබේ.

June, 16, 2022
ශ්රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට සහ ආර්ථිකයට සහය වීමට නව ණය වශයෙන් ඇ. ඩො. මිලියන 120ක් සඳහා එ.ජ. ජාත්යන්තර සංවර්ධන මුල්ය සංස්ථාවේ (DFC) අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඊයේ (16) දින නිවේදනය කරන ලදී.
“එක්සත් ජනපදය හැත්තෑ වසරක් තිස්සේ ශ්රී ලාංකික ආර්ථිකය වර්ධනය කිරීමටත් ශ්රී ලාංකික ජනතාවට සහය වීමටත් විදේශ ආධාර, ණය සහ වෙළඳ අවස්ථා ලබා දී තිබෙනවා,” යනුවෙන් ශ්රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය. “නව ආයෝජන වශයෙන් DFC ලබාදෙන ඇ.ඩොලර් මිලියන 120 කුඩා සහ මධ්යම පරිමාණ ව්යාපාර වෙත ළඟා වී ව්යාපාර සඳහා මුදල් යෙදවුම, රැකියා සහ සාධනීය අනාගත නිර්මාණය කරදීමට සහය වන බැවින්, අද දිනයේ කරන මෙම නිවේදනය පෞද්ගලික අංශයට සුභ ආරංචියක් වේවි.”
ක්ෂුද්ර, කුඩා හා මධ්යම ප්රමාණයේ ව්යවසායන් (MSMEs) වෙත ණය දීම පුළුල් කිරීමට සහ ශ්රී ලංකාවේ MSME අතරින් 25% ක් නියෝජනය කරන කාන්තා හිමිකාරත්වය සහිත ව්යාපාර සඳහා ණය සම්බන්ධයෙන් පවතින අඩුව පියවා ගැනීමට ශ්රී ලංකාවේ ප්රමුඛතම වාණිජ පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙත ලබාදෙන ඩොලර් මිලියන 100 ක සෘජු ණයක් ඊයේ ප්රකාශයට පත් කරන ලද ව්යාපෘති අතරට ඇතුළත් වේ.
මීට අමතරව, ප්රතිචක්රීකරණය කරන ලද ප්ලාස්ටික් ද්රව්ය ඇතුළත් පොලියෙස්ටර් නූල් නිෂ්පාදකයෙකු වන BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත ලබාදෙන ඩොලර් මිලියන 15 ක ණයක් DFC විසින් නිවේදනය කරන ලදී. නිෂ්පාදනය වැඩි කිරීමට සහ ශ්රී ලංකාවේ ප්ලාස්ටික් අපද්රව්ය අවම කිරීමේ ප්රයත්නයන් සඳහා ශ්රී ලංකාවේ ප්රතිචක්රීකරණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට මෙම ණය මුදල සහය වනු ඇත.
තිරසාර ආහාර සමාගමක් වන MA's Tropical Food Processing (Private) Limited වෙත එහි ව්යාප්තිය සහ එහි සැපයුම් ජාලය වර්ධනය කිරීම සඳහා ලබාදෙන ඩොලර් මිලියන 5 ක ණය මුදලක් ද ඊයේ දිනයේ නිවේදනය කරන ලදී. මෙම ප්රයත්නය ශ්රී ලංකාවේ සාධාරණ වෙළඳ පරිචයන් (Fair Trade practices) ශක්තිමත් කිරීම සහ කාන්තා සේවා නියුක්තිය වැඩි කිරීම කෙරහි අවධාරණය කරමින් නව රැකියා උත්පාදනය කරනු ඇත.
පසුගිය වසර දෙක තුළ MSME අංශය සඳහා DFC හි ශ්රී ලංකාවේ පවතින ඩොලර් මිලියන 300 කට ආසන්න අරමුදලේ කළඹ මත මෙම නව ණය ගොඩනැගී ඇත.
“අද දිනයේ නිවේදනය කළ විවිධාකාර කටයුතු මාලාව විවිධ අංශ සහ සංවර්ධන අභියෝග පරාසයක් මුළුල්ලේ සැබෑ බලපෑමක් සිදු කරනු ඇති,” DFC හි ප්රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පැවසීය. “මේ හරහා පිළිබිඹු කරන්නේ පුද්ගලික ප්රාග්ධනය වඩාත් වැදගත් තැන්වල DFC උපක්රමශීලීව එය උත්ප්රේරණය කරන ආකාරයයි”
ලොව පුරා බලශක්තිය, සෞඛ්ය සේවා, ඉතා වැදගත් යටිතල පහසුකම් සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්ර හරහා ආයෝජන කරමින්, තීරණාත්මක අභියෝග සඳහා වන විසඳුම් මුල්යකරණය සඳහා DFC පුද්ගලික අංශය සමඟ හවුල් වේ. නැගී එන වෙළඳපලවල රැකියා උත්පාදනය කිරීම සඳහා කුඩා ව්යාපාර සහ කාන්තා ව්යවසායකයින් වෙනුවෙන් ද DFC මූල්ය පහසුකම් සපයයි. DFC ආයෝජන, උසස් ප්රමිතීන්ට අනුකූල වන අතර පරිසරය, මානව හිමිකම් සහ සේවක අයිතීන්ට ගරු කරයි.
මෙම නිවේදන වොෂින්ටනයේ කොංග්රස නිවේදන සහ අනෙකුත් පරිපාලන අනුමැතීන්ට විෂය වීමට ඉඩ තිබේ. වැය සඳහා මුදල් සූදානම් වූ විට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාගත හැකිවනු ඇත.
June, 16, 2022
මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම පිළිබඳව පසුගියදා (08) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.
විවිධ සමාගම් සඳහා මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්ර නිකුත් කරන ක්රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, එම සමාගම් ආනයනය කරනු ලබන එතනෝල් ප්රමාණය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් දෙසතියක් තුළ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත දන්වා සිටින ලදී. එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්රමාණය සහ නිසි පරිදි එම එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිත කරන්නේද යන්න පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස අවධාරණය කරන ලදී.
June, 16, 2022
ශ්රී ලාංකීය බහුජාතික සමූහ ව්යාපාරයක් මෙන්ම දැව ආලේපන වෙළෙඳපොළ ප්රමුඛයා වන JAT Holdings සමාගම, 2021/22 මූල්ය වර්ෂය තුළ බදු පසු ලාභය දෙගුණයක් දක්වා වර්ධනය කර ගනිමින් සිය සාර්ථකම මූල්ය වර්ෂය බවට මෙම වර්ෂය වාර්තා කිරීමට සමත්ව ඇත. විශේෂයෙන් ශ්රී ලංකාව තුළ වඩාත් අභියෝගාත්මක සහ අර්බුධකාරී ආර්ථික පරිසර තත්වයක් තුළ වුවද, එයට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය නිර්මාණය කර ගනිමින් ඒ සඳහා වන කාර්යසාධනයක නිරත වූ මෙම සමාගම, පෙර වසරේ වාර්තාකළ රුපියල් බිලියන 5.36ක ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙයට අමතරව පසුගිය 2020/21 මූල්ය වර්ෂය හා සැසඳීමේ දී පසුගිය වසරේ වාර්තාකළ රුපියල් බිලියන 1.664 ක දළ ලාභ ආන්තිකය රුපියල් බිලියන 2.603 දක්වා 58% ක වර්ධනයක් හිමිකරගෙන ඇත. තවද පෙර වසරේ වාර්තාගත රුපියල් මිලියන 600ක් වූ බදු පසු ලාභය මෙම වසරේදී රුපියල් බිලියන 1.211දක්වා වූ 102%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනෙන තත්වයකි. විශේෂයෙන් අපනයන අංශය වෙත වැඩි අවධානයක් යොමු වීමේ ප්රතිඵලයක් විදිහට පෙර වසරේ වාර්තා කරගත් සමූහ අදායමෙන් 12%ක් වූ අපනයන ආදායම මෙම වසරේදී 23% දක්වා වර්ධනය කර ගැනීමට සමත් ව ඇත.
මෙම සමාලෝචිත කාල සීමාව තුළ යෙදවුම් පිරිවැය, උද්ධමනය සහ විදේශ විනිමය අස්ථාවරත්වය වැනි තත්වයන් හේතුවෙන් මෙහෙයුම් ලාභය 13% කට සීමා වූ අතර, වසර තුළදී සමාගමට සිය දළ ලාභ ආන්තිකය 29%ක පවත්වා ගැනීමට හැකි විය. කෙසේ වුවද සමාගමට මෙම වර්ෂය සඳහා සිය ආයෝජකයින් හට එක් කොටසකට රුපියල් 0.32 ක් සහ රුපියල් 0.25 ක් වටිනා වෙනම අන්තර්කාලීන ලාභාංශ ගෙවීම් දෙකක් සිදු කිරීමට හැකි විය. තවද මෙම කාලසීමාව තුළ ආදායම් අංශ වල වර්ධනය පිළිබඳ විශ්ලේෂණයෙන් දැව ආලේපන අංශය 61% කින් ද, තීන්ත අංශය (WHITE by JAT ඇතුලත්ව) 77% කින් ද බුරුසු අංශය 43% කින් ද වර්ධනය වී ඇති අතර, එහි විකුණුම් ඒකක සහ ආදායම යන දෙඅංශයෙහිම වර්ධනයක් හිමිකරගෙන ඇත.
ව්යාපාරයේ මූල්ය කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කරමින් නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ, ඊලියන් ගුණවර්ධන මහතා පැවසුවේ, “අපගේ මූලික කොටස් නිකුතුවේදී අප විසින් ලබාදුන් අපගේ ප්රතිඥාවට අනුව අප සහ අපගේ පාර්ශ්වකරුවන් අතර ඇති බැඳීම අනුව අප කටයුතු කරන බව සතුටින් මේ මොහොතේ ප්රකාශ කර සිටිනවා. අපි පොරොන්දු වූ පරිදි බදු පසු ලාභය රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දීමට හැකි වී තිබෙනවා. ශ්රී ලංකාව අත්විඳින ලද බරපතලම ආර්ථික අර්බුදය මධ්යයේ අප මෙම සන්ධිස්ථානය ළඟා වීමට හැකිවීම සුවිශේෂ කරුණක් වෙනවා. ඒ වගේම JAT Holdings අසීරුතාවයන් හමුවේ වුවද අපේක්ෂිත වටිනාකමක් ලබා දෙමින් වර්තමාන පරිසරයට ගැලපෙන ව්යාපාරික උපාය මාර්ගයන්ගෙන් ශක්තිය ලබා දෙන අතර, එය අඛණ්ඩව අනාගතයට සහ ඉන් ඔබ්බට අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවද පවතිනවා. එමනිසා මෙය අපගේ ආයෝජකයින්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට අප සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු වීමට මනා සාක්ෂියක් සහ සහතිකයක් වී තිබෙනවා.”
ස්ථාවරත්වය සහ ඉදිරි දැක්ම
JAT Holdings සමාගම වර්තමානයේදී ක්රමයෙන් වර්ධනය වන අභියෝග ඔස්සේ, හැකි සෑම මොහොතකම එම අභියෝගයන් අවස්ථා බවට පරිවර්තනය කරගනිමින් සිය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට සහ එම තත්වයට මුහුණදීම සඳහා අනාගතය ඉලක්ක පෙරදැරි කරගත් ව්යාපාරික උපාය මාර්ගයන් ක්රියාත්මක කරනු ඇත.
ව්යාපාරික උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් ප්රධාන විධායක නිලධාරී නිශාල් ප්රදිනාන්දු මහතා පැවසුවේ, “අපගේ ව්යාපාරික උපාය මාර්ගයේ ප්රධාන අංගයක් වනුයේ කෙටි සහ මධ්ය කාලීන අපනයන ආදායම හැකිතාක් දුරට පුළුල් කිරීමේ දැක්මක් සහිතව අපනයනය ඉලක්ක කරගත් ව්යාපාර සහ ජාත්යන්තර ව්යාපාර වෙත යොමුවීමයි. ඒකෙන් සමාගමට ස්ථාවරත්වයක් වගේම ඉලක්ක අභිබවා යාමේ හැකියාවකුත් නිර්මාණය වෙනවා. විශේෂයෙන් පෙර වසරේ 12% පමණ වුනු සමූහ අපනයන ආදායම 2021/22 මූල්ය වර්ෂය තුළ 23% ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම සැලකිය යුතු තත්වයක් වෙනවා.”
මෙම උපාය මාර්ගික කාර්යයට ශක්තියක් වීම සඳහා JAT Holdings PLC විසින් බංග්ලාදේශ වෙළෙඳපොළ තුළ නව නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම, නවීන පර්යේෂණ සහ සංවර්ධන පහසුකම් සැලසීම සහ සිල්ලර වෙළඳපොළ තුළ ව්යාපාරික කටයුතු ව්යාප්ත කිරීම වැනි විවිධ කාර්යයන් සඳහා මුල පිරීම් දැනටමත් ක්රියාත්මක කර ඇත. තවද, සමාගම අප්රිකාවේ සිය මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීම සඳහා ද කටයුතු කරමින් සිටින අතර, එරට තුළ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටී. මෙම නව පහසුකම් සමග එක්ව ආදායම් සහ ආන්තික වර්ධනයට දායක වන අතරම කලාපීය වෙළෙඳපොළ තුළ සමාගමේ තත්ත්වය තවදුරටත් තහවුරු කරනු ඇත.
සමාගමේ නිෂ්පාදනාවලියට අනුව නිෂ්පාදන සම්පූර්ණ කිරීම සහතික කිරීම සඳහා ප්රමාණවත් තොග සමාගම සතුව ඇති බැවින් ආනයන සීමා කිරීම් මගින් මෙම අංශයට කිසිදු බලපෑමක් නොවන බව JAT සමාගම විසින් ප්රකාශ කර ඇත. තවද BOI සමාගම් සම්බන්ධ ව්යාපෘති ඩොලරය හා සම්බන්ධ බැවින් ආනයන පාලනයන්ට යටත් නොවන අතර, එමනිසා මෙම මෙහෙයුම් කටයුතු සාමාන්ය පරිදි සිදුවනු ඇත.
අර්බුද අවම කිරීම
JAT Holdings PLC විසින් ශ්රී ලංකාවේ විවිධ අර්බුද හේතුවෙන් ව්යාපාරයන්ට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා තීරණාත්මක සහ මනාව සැලසුම් කළ පියවරයන් ගෙන ඇත. වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ෆර්ඩිනැන්ඩෝ මහතා පැවසුවේ, “වඩාත්ම වැදගත් දෙය නම් අවම වශයෙන් මාස 6 සිට 9 දක්වා ප්රමාණවත් අමුද්රව්ය තොග සුරක්ෂිත කර ගැනීමට අපට හැකි වී ඇති අතර, හැකිතාක් දුරට සහ අමුද්රව්ය හිඟය හේතුවෙන් සිදුවන අවහිරතාවයන් නැති කිරීම සහතික කිරීම සඳහා අපගේ අමුද්රව්ය තොග වර්ධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.
එසේම, සමාගමේ මූල්ය ස්ථාවරත්වය ඉහළ නැංවීමට අමතරව, අපගේ මූලික කොටස් නිකුතුවේදී අප විසින් රැස් කරන ලද රුපියල් බිලියන 1.5 ක ප්රාග්ධනය, අපගේ ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වී ඇති අතර, එමඟින් ශුද්ධ මූල්ය පිරිවැය අඩු කිරීමට හැකිවීම මේ අවස්ථාවේ දී අපට සැලකිය යුතු සහනයක් ලබා දේ. ඉදිරියට ගමන් කරන විට වඩා හොඳ, වඩා ලාභදායී නිෂ්පාදනයන් සහ ගෙවන මුදලට වටිනා නිෂ්පාදනයන් සංවර්ධනය කිරීමට අපගේ පර්යේෂණ සහ සංවර්ධන පහසුකම් භාවිතා කරන අතරම ආදායම් වර්ධනය සඳහා හැකිතාක් අපගේවෙළඳපල කොටස වර්ධනය කරගැනීම කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නෙමු. අර්බුද අවම කිරීම යන්නෙන් අපගේ සේවකයන් ගැන සොයා බැලීමද අදහස් වන අතර ඒ අනුව මෙම දුෂ්කරම අවස්ථාවේදී අපගේ සේවකයන්ට සුරක්ෂිත බවක් ලබා දීමට උපකාරී වන පුළුල් සහන පැකේජයක් අපි අපගේ සේවකයින් හට ලබාදී ඇත.”
සපුරාගත් අරමුණු
2021/22 මූල්ය වර්ෂය සඳහා රුපියල් බිලියන 1.2 ක බදු පසු ලාභයක් ලබා දී තම මූලික කොටස් නිකුතුවේදී දුන් පොරොන්දුව ඉටු කර ඇති බව සඳහන් කිරීමට ලැබීම අපට සතුටකි. තවද සමාගම සිය මූලික කොටස් නිකුතු අපේක්ෂාවන් මත සැලකිය යුතු ප්රගතියක් ලබා ඇති අතර මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බංග්ලාදේශයේ අති නවීන නිෂ්පාදන මධ්යස්ථානය නියමිත කාලයට පෙර ඉදිකිරීම් අවසන් කිරීම හා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමද ඇතුළත් වේ. යෝජිත පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැපයුම් මධ්යස්ථානයද මනා ප්රගතියක් ලබමින් පවතින අතර 2022 සැප්තැම්බර් මස අවසන් වන විට එහි කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරේ.
2022/23 මූල්ය වර්ෂය තුළදී JAT Holdings PLC අපනයන වෙලඳපොල කෙරෙහි අවධානය යොමු කරමින් සහ වසර තුළ සිය මූලික කොටස් නිකුතුවේ අරමුණු සම්පූර්ණ කර ගනිමින් ව්යාපාරයක් ලෙස සිය ස්ථාවරත්වය සහතික කිරීමට සමත්ව ඇත. එහි දක්ෂ කළමනාකරණ කණ්ඩායම සහ අනාගත කේන්ද්රගත ව්යාපාරික උපාය මාර්ගයන් මගින් මඟ පෙන්වනු ලබන සමාගම 2022/23 මූල්ය වර්ෂය තුළ ද ශක්තිමත් කාර්ය සාධනයක් ලබ ගැනීම වෙනුවෙන් සුවිශේෂ වූ සැළසුමක් ඔස්සේ ක්රියාත්මක වීමද සුවිශේෂ කරුණකි.
ඡායාරූප - 01: JAT Holdings හි නිර්මාතෘ සහ කළමණාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා
02: JAT Holdings PLC හි ප්රධාන විධායක නිලධාරී නිශාල් ප්රදිනාන්දු මහතා
June, 16, 2022
කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දී තිබේ.
මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප්රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන සේවාව ලෙස හඳුන්වා දෙන බවත් බැංකුව සඳහන් කරයි.
මෙම ක්රෙඩිට් කාඩ්පත සඳහා එක්වීමේ ගාස්තුව සහ මුල් වසර සඳහා වාර්ෂික ගාස්තුව අය නොකිරීමට බැංකුව තීරණය කර තිබේ. අනගි ක්රෙඩිට් කාඩ්පත් හිමිකාරිනියන්ට තමන්ගේ ස්වාමිපුරුෂයාට හෝ පවුලේ සමීපතම අයට වාර්ෂික ගාස්තුවෙන් 50% ක් පමණක් ගෙවා අමතර ක්රෙඩිට් කාඩ්පත් ලබාගැනීමට අවස්ථාව ඇති බවද බැංකුව පවසයි. එසේම, සෑම ක්රෙඩිට් කාඩ්පතකින්ම සිදුකරන මුල්ම ගනුදෙනුවේදී රුපියල් 1000 ක උපරිමයක් දක්වා වියදම් කළ මුදලින් 50% ක් ආපසු ලබාදෙන බවද බැංකුව සඳහන් කරයි.
අනගි ක්රෙඩිට් කාඩ්පත් හිමිකාරිනියන් ගෝල්ඞ් කාඩ්පතකින් රුපියල් 500 කට වඩා වැඩි ගනුදෙනුවක් සහ ප්ලැටිනම් කාඞ් පතකින් රුපියල් 600 කට වඩා වැඩි ගනුදෙනුවන් සිදුකරන විට මැක්ස් ලෝයල්ටි ලකුණු ලබාගැනීමට අවස්ථාව සැළසේ. මීට අමතරව වෙළෙඳසැල් වෙතින් වසර පුරාම තිබෙන වට්ටම් සහ විශේෂ දීමනා ලබාගැනීමට ඔවුන් සුදුසුකම් ලබන බවත්, ජාත්යන්තර කාන්තා දිනය, මව්වරුන්ගේ දිනය වැනි විශේෂ දිනයන්හි පැවැත්වෙන ප්රවර්ධන වැඩසටහන් වලින් ප්රතිලාභ ලබාගැනීමේ අවස්ථාව මෙම කාඩ්පත් හිමිකාරිනියන්ට ලැබෙන බවද බැංකුව පවසයි.
සහනදායී ලෙස රන් ණය ලබාගැනීමටද අනගි ක්රෙඩිට් කාඩ්පත් හිමිකාරිනියන් සුදුසුකම් ලබන බවද බැංකුව සඳහන් කරයි.
අනගි කාන්තා බැංකුකරණ සන්නාමය යටතේ ආරම්භ කළ නවතම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අනගි ක්රෙඩිට් කාඩ්පත මගින් ප්රතිලාභ මාලාවකට එහා ගිය අගය එකතු කිරීමක් ලබාදෙනවා. අපගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ ආර්ථික වශයෙන් කැපවෙන ඉතාමත් වැදගත් පාරිභෝගික කණ්ඩායමක් වෙත සහාය දැක්වීමට බැංකුවේ තිබෙන අඛණ්ඩ මෙන්ම වර්ධනය වෙමින් තිබෙන කැපවීම මේ තුළින් පෙන්නුම් කරනවා. මෙවැනි තවත් බොහෝ වැඩසටහන් මගින් මෙම වැදගත් පාරිභෝගික කණ්ඩායම තවදුරටත් සවිබල ගැන්වීමට සහ සහයෝගය ලබාදීමට බැංකුව ඇප කැපවී සිටිනවා. මෙයට සේවා සහ මූල්ය නොවන ප්රතිලාභ මාලාවක්ද හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා (මැද) කාන්තාවන් වෙනුවෙන් අනගි ක්රෙඩිට් කාඞ්පත එළි දැක්වූ අයුරු. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - පුද්ගලික බැංකු අංශයේ දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා, සහකාර සාමාන්යාධිකාරිනී - පුද්ගලික බැංකුකරණ I මිතිලා ෂාමිනී මහත්මිය, සහකාර සාමාන්යාධිකාරිනී - පුද්ගලික බැංකුකරණ II දර්ශනී පෙරේරා මහත්මිය සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහභාගී විය.
June, 16, 2022
හේමාස් අවුට්රීච් පදනම ක්රියාවට නංවන ‘පියවර’ වැඩසටහන යටතේ ඉදිකරන ලද 60 වන පෙර පාසල් පසුගියදා අම්පාර වඩිනාගල ප්රදේශයේදී විවෘත කරන ලදි. මෙය ශ්රී ලංකාවේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධ ශ්රී ලංකාවේ ජාතික න්යායපත්රයට සහය දැක්වීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙන යන වැඩපිළිවෙල යටතේ විවෘත කල නවතම පෙරපාසලයි.
2002 වසරේදී හේමාස්,කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්රාථමික අධ්යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්යාපන සේවා රාජ්ය අමාත්යාංශය සමග අත්වැල් බැඳගනිමින් ‘පියවර’ වැඩසටහන ආරම්භ කරන ලදි. මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධ රාමුවට ඇතුළත් ප්රධාන අංග වලට අනුකූලව, ශ්රී ලංකාවේ අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීම මෙහි මූලික අරමුණ වී තිබේ. පසුගිය දශක දෙකක කාලය තුළ මෙම වැඩසටහන මෙරට රාජ්ය අංශය හා පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්රියාවට නැංවූ වැඩසටහන් අතර සාර්ථකම වැඩසටහනක් බවට පත්වී ඇත. ‘පියවර’ වැඩසටහන මගින් මේ වනවිට දිවයින පුරා පෙර පාසල් 60 ක් විවෘත කර ඇති අතර ගුරුවරු 200 කට වැඩි පිරිසක් එම පෙරපාසල් වල සේවය කරති. මෙමගින් සෙත සැලසී ඇති දරුවන් සංඛ්යාව 4,000 කට අධික ය.
“මුල් ළමා විය සංවර්ධනය සඳහා දායක වීමේ වැදගත්කම හේමාස් සමූහය හොඳින් හඳුනනවා. ‘පියවර’ වැඩසටහන ඔස්සේ අප උත්සාහ කරන්නේ, මෙරට කිසිදු දරුවෙකුට වෙනස්කමක් සිදු නොවීම සඳහා, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ අනාගතය හැඩගැස්වීමටයි. පසුගිය දශක දෙකක කාලය තුළ, ළමා ලේකම් කාර්යාලය සමග අප පවත්වාගෙන යන සම්බන්ධතාව අද වන විට බෙහෙවින් ශක්තිමත් වී ඇති අතර, එය ජාතික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී රාජ්ය-පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. ඉදිරි වසරවලදී ශක්තිමත් හා සමාන අවස්ථා සහිත ප්රජාවන් ගොඩනැංවීමේ උත්සාහය තවදුරටත් පුළුල් කරමින්, අපගේ මෙහෙවර අනෙකුත් අඩු පහසුකම්ලාභී ප්රජාවන් වෙතද ව්යාප්ත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” හේමාස් සමූහ ව්යාපාරයේ සමූහ සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.
හේමාස් අවුට්රීච් පදනමේ තිරසාර සහ අඛණ්ඩ ව්යාපෘතියක් වන ‘පියවර’, ජාතික ගැටලු විසඳීමට සහ ශක්තිමත් ප්රජාවන් ගොඩනැගීමේදී රාජ්ය-පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ සඵලතාවය පෙන්නුම් කරන සාර්ථක මුලපිරීමකි. මීට පෙර වඩිනාගල පෙරපාසල පවත්වාගෙන යන ලද්දේ එම ප්රදේශයේ පොදු ප්රජා මධ්යස්ථානය තුළ ය. එයද වරින් වර දැඩි වර්ෂාපතනයේ බලපෑමට ලක්වෙමින් පැවතිණි. ‘පියවර’ වැඩසටහන යටතේ විධිමත් පෙරපාසලක් ලැබීම, එම ප්රදේශයේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට මහඟු අත්වැලක් වනු නො-අනුමාන ය.
“මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම ශ්රී ලංකාවේ මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ඇති ඉතා හොඳ මාවතක්. මේ වැදගත් සංවර්ධන අවධියේදී මුල් ළමා විය අධ්යාපනය අතිශයින් වැදගත් වනවා. දරුවෙකු උපන් පසු දෙමාපියන්ගෙන් ඉගෙනගන්නා දේ හැරුණු විට එම දරුවාගේ ජීවිතයේ මුල්ම පදනම වන්නේ පෙරපාසලෙන් ලැබෙන අධ්යාපනයයි. ‘පියවර’ වැඩසටහන මගින් වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන්ට මුල් ළමා වියට අදාළ අධ්යාපන අවස්ථා ලබාදෙනවා. දරුවන්ට තම ජීවිත කාලය පුරාම වැදගත් වන ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. සුරක්ෂිත අභ්යන්තර හා බාහිර ඉගෙනුම් පරිසරයන් තුළ තම දරුවන්ට ගුණාත්මක අත්දැකීම් ලබාදීමට කැමැත්තෙන් සිටින දෙමාපියන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට ‘පියවර’ පෙර පාසල් සමත් වනු ඇති බවට අප විශ්වාස කරනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සහ ශ්රී ලංකා ආයති භාරයේ විධායක අධ්යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.
හේමාස් අවුට්රීච් පදනම, හේමාස් සමූහයේ ආයතනික සමාජ සත්කාර කටයුතු වලදී පෙරමුණ ගනිමින් සෞඛ්ය සම්පන්න ජීවිතයක වැදගත්කම ප්රචලිත කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හේමාස් අවුට්රීච් පදනමේ මෙහෙවර වන්නේ, මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය තුළින් ශ්රී ලංකාවේ අඩු වරප්රසාදිත දරුවන්ගේ ජීවිත පොහොසත් කිරීම ය. භාරකාර පදනමක් ලෙස ක්රියාත්මක වන හේමාස් අවුට්රීච් පදනම, සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත පිරිසකගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.




June, 16, 2022
කාර්මික මෘදුකාංග ක්ෂේත්රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE:VMW) සමාගම විසින් නැගී එන නව වෙළඳ පොළවල් සඳහා සහ වියට්නාම වෙළඳ පොළ සඳහා නව නායකත්වයක් ලබා දෙමින්, එහි සාමාන්යධිකාරී සහ නායකත්ව තනතුරට වෙන්කටෙෂ් මුරලි මහතා පත්කර ඇත. දශක දෙකකට අධික කාලයක තොරතුරු සන්නිවේදන හා අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්ද සහ ප්රවීණත්වය වෙන්කටෙෂ් මහතා හට හිමි අතර, එම දැනුම සහ පළපුරුද්ද තුලින්, VMware හි කලාපීය සංවර්ධනය ඇති කිරීමට හෙතෙම බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම, ප්රජාව, සේවා සහ ව්යාපාර පරිවර්තනය කරමින් සංවර්ධනය කරන ඩිජිටල් ආර්ථිකයන් සඳහා රුකුලක් වීමට, අදාල හවුල්කරුවන් සහ ව්යවසායන් සමඟ සමීපව කටයුතු කිරීමට වෙන්කටෙෂ් මහතා වැඩි අවධානයක් යොමු කරනු ඇත.
මෙම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් VMware හි අග්නිදිග ආසියාව සහ කොරියාව සඳහා උප සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ පෝල් සිමොස් මහතා මෙලෙස පවසා සිටියි. "ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 2023 දී 5.3% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වියට්නාමය 2025 වන විට අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම අන්තර්ජාල ආර්ථිකය බවට පත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. වේගයෙන් වර්ධනය වන කලාපයේ ව්යාපාර සහ ඩිජිටල් පරිවර්තනය සඳහා අපගේ සහාය ශක්තිමත් කිරීමට VMware ඉහළ කැපවීමකින් ක්රියා කරන බව කිව යුතුයි. 2020 වර්ෂයේ සිට, වියට්නාමය ඇතුලු කලාපයේ නැගී එන වෙළඳ පොළ සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ලබා දුන් වෙන්කටේෂ්, අපගේ හවුල්කාර පද්ධතිය පරිවර්තනය කිරීමට සහ තවත් ව්යාපාරවලට තාක්ෂණිකමය වශයෙන් සංවර්ධනය වීම සඳහා විශාල දායකත්වයක් දැක්වූ අයෙක් ලෙස මා හැඳින්වීමට කැමතියි. වෙන්කටෙෂ් විසින් ඔහුගේ නව භූමිකාව හරහා, කලාපයේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මට විශ්වාසයි."
VMware හා සම්බන්ධ වීමට පෙර, වෙන්කටේෂ් විසින් Lenovo Enterprise Solutions හි Head of Software Defined Infrastructure ලෙස ක්රියා කල අතර, එහිදී රජයන්, සමාගම් සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා තාක්ෂණික විසඳුම් සහ දත්ත මධ්යස්ථාන විකුණුම් උපාය මාර්ගයයන් සඳහා නායකත්වය ලබා දී ඇත. ඔහු Dell Global BV හි Global Computing සහ Networking Solutions හි ප්රධානියා ලෙසද විශාල මෙහෙවරක් සිදුකර ඇත.
"ආසියාවේ නැඟී එන වෙලඳපොලවල් ඇතුළුව ලොව පුරා සිටින පාරිභෝගිකයින් සඳහා ඩිජිටල් පරිවර්තනය ඉහළම ප්රමුඛතාවයකි. Hybrid සහ multi-cloud, නවීන යෙදුම් සහ සයිබර් ආරක්ෂණය තුළ නවතම සහ හොඳම විසඳුම් සංවර්ධනය කරමින්, නැගී එන ආර්ථිකයන්ට උපකාර කිරීමට VMware විශාල කැපවීමක් සිදු කරනවා. ව්යාපාරික අවස්ථා වඩා හොඳින් ග්රහණය කර ගනිමින්, හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තන ගමනට ප්රතිචාර දැක්වීමට, අනුවර්තනය වීමට සහ වේගවත් කිරීමට අපි ආයතනවලට සහය වනවා." වෙන්කටේෂ් මහතා පවසා සිටියි.
Video Story