• Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

December, 20, 2022

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප‍්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 දෙසැම්බර් 08 වනදා පිදුම් ලැබීමට සමත්විය.

මීට අමතරව, 2022 ශ‍්‍රී ලංකා අලෙවිකරණ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් වසරේ සේවා සන්නාමය ලෙසින් රන් සම්මානය දිනාගත් අතර 2021 වසරේදීද මෙම සම්මානය දිනාගත්තේ සෙලින්කෝ ලයිෆ් සමාගම විසිනි. එසේම, සමාගම විසින් හඳුන්වාදුන් නවතම සැලසුමක් වන ‘සෙලින්කෝ ලයිෆ් පෙන්ෂන් සේවර්’ සඳහා ‘වසරේ වඩාත්ම නව්‍ය වූ සන්නාමය’ වෙනුවෙන් වන රිදී සම්මානය සමාගමට මෙහිදී හිමිවිය.

‘මේ ආකාරයෙන් 2022 වසර අවසන් කිරීම ඉතාමත් උසස් දෙයක් ලෙස සඳහන් කළ හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අභියෝග වලට මුහුණදී ජයග‍්‍රහණය කිරීම තුළින් සමාගමක සැබෑ ශක්තිය පෙනෙනවා. අපි ‘වසරේ සන්නාමය’ යන සම්මානය දිනාගන්නේ ඉතාමත් අභියෝගාත්මක වසරකදීයි. මේ තුළින් පෙන්නුම් කරන්නේ අපගේ සන්නාමයේ තිබෙන ශක්තිය සහ ධෛර්යයි. මේ වෙනුවෙන් කැපවීම් කළ අපගේ සියළුම සාමාජිකයින්ට සහ අපගේ රැකවරණය ලබන ශ‍්‍රී ලාංකිකයින් මිලියනයක් වෙත මේ සම්මානය මා පුද කරනවා.’

මෙරට වෘත්තීය අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශාලතම වැඩසටහන වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවය තුළින් සෑම වසරකදීම ප‍්‍රධාන සම්මාන 05 ක් සහ විශේෂ සම්මාන 10 ක් ලබාදීම තුළින් ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් සම්මාන තුනක් දිනාගත් පිට පිටම දෙවන වසර ලෙසින් මෙය කැපී පෙනේ. 2021 පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය, සෙලින්කෝ ලයිෆ් ‘පෙන්ෂන් සේවර්’ රක්ෂණ සැලසුම සඳහා වසරේ හොඳම නව ඇතුල්වීමේ සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය යන සම්මාන දිනාගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සමාගමේ සම්මානනීය ‘පෙන්ෂන් සේවර්’ සැලසුම විශ‍්‍රාම සහ ජීවිත රක්ෂණ සැලසුමක් වන අතර එමගින් රක්ෂණ වාරික ගෙවීම මගින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව, ලෝයල්ටි රිවෝඞ්ස් සහ කල්පිරීමෙන් පසුව මාසික විශ‍්‍රාම වැටුපක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. මෙම සැලසුම අලෙවිකරණය කිරීම මගින් ශ‍්‍රී ලාංකිකයින්ට විශ‍්‍රාම දිවිය සැලසුම් කරගැනීම සඳහා අවශ්‍ය වන ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ලබාදෙන අතර එය ඉතාමත් නිරවුල්ව මෙම සැලසුමේ ස්වභාවය සන්නිවේදනය කිරීමේදී සහ සන්නාමය ප‍්‍රවර්ධනය කිරීමේදි ලබාදෙයි.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 

සේයාරූ සටහන - සෙලින්කෝ ලයිෆ් කණ්ඩායම 2022 ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී දිනාගත් සම්මාන සමග.

  • Ada Derana BIZ Sinhala
  • BOSCH
  • DIMO
  • sri lanka

DIMO සහ BOSCH හි දශක හයක සහයෝගිතාව නැවතත් අලුත් වෙයි

December, 20, 2022

ශ්‍රී ලංකාවේ 'සහතික කළ BOSCH ඩීසල් සේවා මද්‍යස්ථානයක් ' ලෙස DIMO Diesel Lab, BOSCH සමඟ සිය දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය.

මෙම සහයෝගිතාව නිල වශයෙන් අත්සන් කිරීම DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් DIMO ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. දශක 6කට අධික BOSCH හා DIMO අතර සහයෝගිතාව ශක්තිමත් කරන මෙම හවුල්කාරිත්වය මගින් ඩීසල් ඉන්ධන ක්ෂේත්‍රය  ආශ්‍රිත උපකරණ හා සේවාවන් නංවාලීම සහ එමගින් විවිධ කර්මාන්ත රැසකට වර්ධනය වීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කරයි.

BOSCH සන්නාමය යටතේ එන සියලු ම ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු සහ සේවා DIMO Diesel Lab හි සිදු කරන අතර, එය ඉහළ නිපුණතා සහ පළපුරුද්ද සහිත පුහුණු ඩීසල් විශේෂඥයින්ගෙන් හා අධි තාක්‍ෂණික පරීක්ෂණ උපකරණවලින් සමන්විත ය. සිය පාරිභෝගික ජනතාව වෙත ජාත්‍යන්තර මට්ටමේ ඩීසල් පොම්ප අලුත්වැඩියා තාක්ෂණය හා ඒ ආශ්‍රිත සේවා ලබා දීමට කැප වන  DIMO Diesel Lab කොළඹට අමතරව අනුරාධපුරය සහ සියඹලාපේ යන ප්‍රදේශවල ද ශාඛා ස්ථාපිත කර ඇති අතර, එමගින් වාහන, සමුද්‍ර යාත්‍රා, ධීවර යාත්‍රා, විදුලි ජනක යන්ත්‍ර සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සඳහා භාවිත වන ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු සහ සේවා සිදු කරයි.

DIMO සේවා අංශය අධීක්‍ෂණය කරන, DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය. “ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කර්මාන්තකරුවන් තම යන්ත්‍ර සූත්‍රවල සහ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පිරිවැය අඩු කර ගැනීම සහ කල් පැවැත්ම වැඩි කරන ක්‍රමවේදවලට යොමු වන බව පෙනෙන්නට තිබෙනවා. DIMO Diesel Lab විසින් පිරිනමනු ලබන සේවාවන් රාශියක් තුළින් කර්මාන්තකරුවන්ට නියමිත වේලාවට තම ඩීසල් පොම්පවල අලුත්වැඩියා කටයුතු සහ සේවා කටයුතු කර ගැනීමේ පහසුකම් සලසමින්, එමඟින් ඔවුන්ගේ ව්‍යාපාරික සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සහයෝගය ලබා දෙන අතරතුර, ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමටත් සහයෝගය ලබා දෙනවා.”

දශක හයක විශ්වාසයේ පදනම මත ගොඩනැගුණු DIMO සහ BOSCH හවුල්කාරිත්වය හරහා, ශ්‍රී ලංකාවේ BOSCH සේවා ජාලයේ ප්‍රමුඛ හවුල්කරුවෙකු ලෙස DIMO සිය පාරිභෝගික ජනතාව සඳහා වඩාත් සුවිශේෂී  සේවාවන් රැසක් අඛණ්ඩව සැපයීමට හැකි වී ඇත.

BOSCH යනු ලොව පුරා මෝටර් රථ තාක්‍ෂණය සහ විසඳුම් සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන අතර Robert Bosch Lanka (Pvt) Ltd සමාගම Robert Bosch GmbH හි පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස 2015 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලදී.

නව සහයෝගීතාව නිල වශයෙන් සනිටුහන් කිරීමේ උත්සවයට සහභාගි වූ DIMO සහ BOSCH නියෝජිතයින්

 

ඡායාරූපය : නව සහයෝගීතාව නිල වශයෙන් සනිටුහන් කිරීමේ උත්සවයේ දී DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා

  • Ada Derana BIZ Sinhala
  • Alerics
  • SLIM Brand Excellence
  • sri lanka

ඇලරික්ස් අයිස් ක්‍රීම් SLIM Brand Excellence සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

December, 20, 2022

ඇලරික්ස් අයිස් ක්‍රීම් පසුගියදා පැවති SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Best Turnaround Brand of the year’ සහ ‘SME Local Brand of the Year’ කාණ්ඩ වල රන් සම්මාන දිනාගැනීමට සමත් විය. මෑතකදී ඇලරික්ස් සන්නාමය මෙන්ම නිෂ්පාදන එකතුවද නැවුම් වෙනසකට ලක්කරන ලද අතර, ඊට සමගාමීව උසස් ප්‍රමිතියෙන් යුත් අයිස් ක්‍රීම් නිෂ්පාදන පෙළක් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

පසුගිය කාලය තුළ, විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය සමග ශීත කළ පැණිරස ආහාරපාන වර්ග පරිභෝජනය අතිශයින් සීමා වීම මෙන්ම ආර්ථික හා සැපයුම් දුෂ්කරතා ඇතුළු නොයෙක් අභියෝග හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට විශාල බලපෑමක් එල්ල විය. එම බලපෑම් වලින් මිදීම සඳහා නැවුම් ප්‍රවේශයක් සහ සාර්ථක අලෙවිකරණ ක්‍රමෝපායක් අනුගමනය කරමින් යළිත් වෙළඳපොළට තම නිෂ්පාදන හඳුන්වා දී, අතීතයේ ශ්‍රී ලාංකිකයන් තුළ තම නිෂ්පාදන සඳහා පැවති ආදරය හා ආශාව නැවත කුළුගැන්වීමට ඇලරික්ස් සමත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇලරික්ස් ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ද සිල්වා මහතා, ඇලරික්ස් සමාගමටම ආවේණික වූ වට්ටෝරු සමග ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින්, එහෙත් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට නිෂ්පාදන හඳුන්වා දෙමින්, ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩලයත් ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනාමත් ලබාදුන් දායකත්වය බෙහෙවින් අගය කළේ ය.

දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන අයිස් ක්‍රීම් නිපදවමින් ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට ජනාදරය දිනාගත් ආකාරය ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීය වේ. Ceylon Vanilla, Coconut and Jaggery, Cinnamon සහ Passion Fruit Pavlova ඇතුළු රස රැසක් මේ ආකාරයට වෙළඳපොළට හඳුන්වා දී ඇත. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ගේ දිවට හුරු Pineapple & Chilli, Strawberry & Lime සහ Mango & Passion Fruit වැනි රස සහිත නැවුම් පලතුරු පොප්සිකල් නිෂ්පාදන පෙළක්ද මේ වනවිට ඇලරික්ස් සන්නාමයෙන් වෙළඳපොළට පැමිණ තිබේ. මේ ආකාරයට ස්වාභාවික පලතුරු පල්ප් සහිත පලතුරු පොප්සිකල් පෙළක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ පලතුරු පොප්සිකල් වෙළඳපොළේ සැබෑ පෙරළියක් සිදුකිරීමට ඇලරික්ස් සමත් විය.

අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ රසය, නැවුම් බව සහ උසස් තත්ත්වය සුරැකෙන ආකාරයට නිෂ්පාදන සිදුකිරීම ඇලරික්ස් හි මූලික අරමුණ වේ. එමෙන්ම දේශීය කිරි ගොවීන්ට අත්වැලක් වීමටද ඇලරික්ස් සෑම විටම උත්සාහ කරයි. මෙම උත්සාහය ඔස්සේ කිරි ගොවීන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගනිමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටීමට දායක වෙමින්, සමස්තයක් ලෙස සමාජයට කැපීපෙනෙන යහපතක් සිදුකිරීමට ඇලරික්ස් සමත් වී ඇත.

UberEats සහ Pickme Food වැනි මාර්ගගත සේවාවන් හරහා ඇලරික්ස් නිෂ්පාදන තම නිවෙසටම ගෙන්වා ගැනීමට මේ වනවිට බොහෝ පාරිභෝගිකයෝ පෙළඹී සිටිති. ඊට අමතරව බස්නාහිර පළාතේ සහ ඉන් පිටත නගර කිහිපයක සියලුම සුපිරි වෙළඳසැල් වෙතින් මේ වනවිට ඇලරික්ස් නිෂ්පාදන මිලදී ගත හැකි වේ. නව වසරක උදාව ආසන්නයේ හිමි වූ මෙම සම්මාන දෙක, බාධක ජයගනිමින් තවතවත් ඉදිරියට යාමට ඇලරික්ස් සන්නාමය දිරිගන්වනු ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ගේ අතීත මතක අවදි කරමින්, වර්තමානයට හා අනාගතයට ගැළපෙන රස රැසක් ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට ඇලරික්ස් කටයුතු කරනු ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • EDB
  • Europe
  • Exporters
  • sri lanka

අපනයන සංවර්ධන මණ්ඩලය ලාංකික අපනයනකරුවන්ට යුරෝපීය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කරදෙයි

December, 19, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) හා එක්ව යුරෝපා වෙළඳපොළට අපනයනකරුවන් හඳුන්වාදෙන සාර්ථක වැඩසටහනක් පසුගියදා නිමා කරන ලදි. මේ යටතේ යුරෝපා සංගමයේ (EU) වෙළඳපල වෙත සෘජු අපනයනකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩසටහනට සහභාගීවූ අපනයනකරුවන්ට අවස්ථාව හිමිවිය.

2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය විසින්, ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුවේ(IPD)  සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ස්වභාවික අමුද්‍රව්‍ය අංශයට සම්බන්ධ ව්‍යවසායන් සඳහා යුරෝපා සංගමයේ (EU) වෙළඳපල ප්‍රවේශය විවෘත කිරීම උදෙසා පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදු කරන ලදී. සිව් වසරක වැඩසටහන තුළ තෝරාගත් ව්‍යවසායන් සඳහා ධාරිතා සංවර්ධනය, වෙළඳපල තොරතුරු, ආනයන රෙගුලාසි, නිෂ්පාදන ප්‍රමිතිය හා ආයතනික සමාජ වගකීම් ඇතුළු අනෙකුත් අනුකූලතාවය පිළිබද අවබෝධය, ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට එලදායී ලෙස සහභාගීත්වය වැනි ක්ෂේත්‍ර සඳහා ඉඩකඩ විවර කරන ලදි. මෙම ආධාර යෝජනා ක්‍රමය යටතේ BIOFACH, SIAL, Food Ingredients Europe, සහ ANUGA වැනි ප්‍රමුඛතම ආහාරපාන ප්‍රදර්ශන සඳහා සහභාගී වීමේ අවස්ථාව ද ප්‍රතිලාභීන්ට හිමි විය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ව්‍යවසායන් වූයේ: Woga Naturals Pvt Ltd, Waguruwela Oil Mills Pvt Ltd, Lihini Nature Products Pvt Ltd, Pasanka Pvt Ltd, Asian Agro Products Pvt Ltd, Manchiee De Coco Pvt Ltd යන ආයතනයන්ය. තෝරාගත් ආයතන පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, විජලනය කළ පලතුරු, ටින් කළ කොස්, ඖෂධ පැළෑටි, ඹෂධීය තේ සඳහා අමුද්‍රව්‍ය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන පෙළක් අපනයනය කරයි. ප්‍රතිලාභී අපනයනකරුවන් දකුණ, මධ්‍යම සහ වයඹ ඇතුළු රටේ සියලුම ප්‍රදේශ නියෝජනය කරයි.යුරෝපා සංගමයේ වෙළඳපල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට ISO, ORGANIC, HACCP වැනි සහතික කිරීමේ පූර්ව අවශ්‍යතා සහභාගිවන්නන් සතු විය යුතු අතර මෙම අපනයන කරුවන් අදාල සහතික සම්පූර්ණ කරන ලදි.

වැඩසටහන සාර්ථකව නිමකළ සමාගම් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී යුරෝපා සංගම් වෙළඳපොළ ප්‍රවේශ අවශ්‍යතා පිළිබඳ පුහුණුව ලැබූ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හත් දෙනෙකු (7) සඳහා ද සහතික ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය සඳහන් කලේ 2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) හා එක්ව විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවත් එහි ප්‍ර‍තිඑල මෙම අපනයනකරුවන්ගේ සාර්තකත්වය තුලින් පෙනී යන බවත්ය.එසේම නව අපනයනකරුවකු බිහිකිරීම සඳහා යම් කාලයක් ගතවන බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට තෝරාගත් අපනයනකරුවන්ගේ කැපවීම ඉතා වැදගත් වන බව ද සඳහන් කරන ලදි.

“යුරෝපා සංගමයේ වෙළෙඳපොළට ඇතුළුවීමේ අවශ්‍යතා පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමෙන් දැනුම හුවමාරු වේදිකාවක් නිර්මාණය කිරීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වන අතර පුහුණුව ලැබූ නිලධාරීන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ප්‍රජාව සමඟ දැනුම බෙදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි, – IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze පවසා සිටියාය.

ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව, ජර්මනියේ සහ යුරෝපයේ ආනයනකරුවන්, සංචාරක ක්‍රියාකරුවන් හා තෝරාගත් හවුල්කාර රටවල සමාගම් අතර දිගුකාලීන වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කරන අතර යුරෝපීය වෙළඳපලවල ඉල්ලුම පිළිබඳ සෘජු දැනුවත් කිරීම් සහ වෙළඳ ප්‍රවර්ධනය සඳහා තිරසාර ව්‍යුහයන් ශක්තිමත් කිරීමට සහය ලබා දෙයි.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය, IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze, ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුවේ (IPD)  Expert Sourcing and Purchasing නිලධාරී - Angie Martinez, Asian Agro Products (Pvt) Ltd ආයතනයේ සැලසුම් සහ සහතික කළමනාකරු Jacob Fernando, සහභාගී වූ අපනයන සමාගම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

  • Ada Derana BIZ Sinhala
  • Neo QLED 8K
  • Samsung
  • sri lanka

Samsung Neo QLED 8K රූපවාහිනිය සමඟින් ඔබේ ආලින්දයට නවමු ආකර්ෂණයක් එක් කර ගන්න

December, 19, 2022

අප නිරන්තරයෙන් වෙහෙසෙන්නේ අපගේ නිවස ආකර්ෂණීය හා සුන්දර ස්ථානයක් බවට පත් කර ගැනීමටයි. ඒ නිවසේ පෙනුම තුළින් එහි ජීවත් වන පුද්ගලයින්ගේ තත්වය සියලූ දෙනාට ප‍්‍රදර්ශනය වන බැවිනි. නිවසේ ඇති ගෘහ භාණ්ඩ, තිර රෙදි පමණක් නොව ගෘහ විදුලි උපකරණ වැනි සියලූ දේ තුළින් ඔබගේ ස්වභාවය මනාව පිළිබිඹු වන බව රහසක් නොවේ. නිවසක සොඳුරු බව හා ආකර්ෂණය තුළින් එම නිවසේ සිටින පුද්ගලයින්ගේ ස්වභාවය, ඔවුන්ගේ සිතුම් පැතුම් නිරායාසයෙන්ම ප‍්‍රකාශ වන්නේ නිවසේ සියලූ දේ එහි සිටින පුද්ගලයින්ගේ තෝරා ගැනීම් වන නිසාමය.

Samsung වෙතින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනී පෙළ ඔබේ නිවසට අලංකාරයක් මෙන්ම මනා පෙනුමක් එක් කරනුයේ ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක් ගෙන එමිනි. ආකර්ෂණීය නිමාවකින් යුත් Neo QLED 8K රූපවාහිනී ඔබේ නිවසට අභිමානවත් බවක් එක් කරන අතරම අති නවීන තාක්ෂණයේ මහිමයෙන් ඔබේ නිවසට සතුට, සැනසුම එක් කරනු නොඅනුමානය.

Samsung Neo QLED 8K රූපවාහිනී ඔබේ නිවසට සැබැවින්ම සුන්දරත්වයක් ගෙන දෙන්නේ කෙසේදැයි ඔබට සිතෙනු ඇත. රූපවාහිනියක් නිවස අලංකරණය කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැකිය.

ඒ සියලූ දේ Samsung Neo QLED 8K රූපවාහිනී දුටු පමණින් ඔබට නිරාකරණය වනු නිසැකය. Signature Infinity One නිමාවෙන් යුත් සිහින් Neo QLED 8K රූපවාහිනී හි නිර්මාණාත්මක බව නිසාම එය ඔබට ඉමහත් ආශ්වාදයක් එක් කරනු ඇත. එය සැබැවින්ම ඔබටත්, නිවසට පැමිණෙන අමුත්තන්ටත් සොඳුරු දසුනක් එක් කරනු ඇත.

Quantum Mini LED මගින් බල ගන්වනු ලබන Quantum Matrix Technology Pro තාක්ෂණයෙන් සුසැදි Neo QLED 8K රූපවාහිනී සුපැහැදිලි හා මනස්කාන්ත දසුන් ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍ය LED රූපවාහිනියකට වඩා 1/40 ක Quantum Mini LED සමගිනි. ගැඹුරු කළු වර්ණය තුළින් දීප්තිමත් බවක් තිරයට ගෙන එන එහි පින්තූර බොඳ වීම ඉතා අවම වන අතර එහි Shape Adaptive Light Control මගින් පින්තූරයේ ඇති විවිධ දේ එකිනෙකට වෙනස් අයුරින් නිවැරදිව විශ්ලේෂණය කර ඊට ගැලපෙන ආකාරයෙන් ආලෝකය පාලනය කරන හෙයින් බාධාවකින් තොරව රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව උදා වේ.

තෙවන පාර්ශවීය උපාංග සඳහාද නැවතුම් පාලන මධ්‍යස්ථානයක් බවට රූපවාහිනිය පත් කරන IoT Hub එකකින් සමන්විත Neo QLED 8K රූපවාහිනිය සතු SlimFit TV වෙබ් කැමරාව සුවිසල් රූපවාහිනී තිරය තුළින් වීඩියෝ ඇමතුම් හෝ web conference හරහා ඔබේ මිතුරන් හා ආදරණීයයන් සමඟ සිතූ සේ සම්බන්ධ වීමේ අවස්ථාවද උදා කර දීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. හොඳම රූපවාහිනී අත්දැකීමක් ඔබේ ආලින්දයට ගෙන එන Neo QLED 8K රූපවාහිනී පෙළ සතු Smart Hub විශේෂාංගය තුළින් ඔබට වඩාත් පහසු මුල් තිරයක් සමඟින් මනා රසවින්දනයක් ඔබට ගෙන එනු නොඅනුමානය.

පරිශීලකයින් වෙත සිනමාමය අත්දැකීමක් ළඟා කිරීම වෙනුවෙන් මනා ශ‍්‍රව්‍ය අත්දැකීමක් ඔබ වෙත ගෙන එන භැද Neo QLED 8K හි ශබ්ද පද්ධතිය තුළින් අසමසම ත‍්‍රිමාණ surround ශබ්දයක් සමඟින් අපූරු විනෝදාස්වාද අත්දැකීමක් ඔබට තිළිණ කරනු ලබයි.

පාරිභෝගිකයාට සරිලන නවෝත්පාදනයන් නව පරිපූර්ණ මට්ටමකට ගෙන යමින් Samsung හඳුන්වාදෙන Neo QLED 8K රූපවාහිනී පෙළ පාලනය කරනු ලබන SolarCell  දුරස්ථ පාලකය මඟිනි. සම්පූර්ණයෙන් බැටරි රහිත දුරස්ථ පාලකයක් වන එය ඔබේ නිවස තුළ සූර්යාලෝකය තුළින් ආරෝපණය කිරීමේ පරිසර හිතකාමී උපාංගයක්ද වේ.

ප‍්‍රමාද දෝෂයන්ගෙන් තොරව පහසුවෙන් ක‍්‍රීඩා කිරීමේ හැකියාව සහිත Neo QLED 8K රූපවාහිනී පෙළ සතු Game Bar තුළින් gaming status නිරීක්ෂණය කිරීමටත් පහසුවෙන් ක‍්‍රීඩා සැකසීම් (game settings) සිදු කිරීමටත් අවස්ථාව සළසා දී ඇත්තේ gaming සඳහාද මනා අවකාශයක් සලසා දෙමිනි. එමෙන්ම Zoom-in mode සහ සමඟින් අඳුරු ස්ථානයන්ගෙන් තොරව තිරය දැක ගැනීම පහසුවද තවත් සුවිසල් වාසියක් වනු ඇත. මේ සියලූ දේ සඳහා ක‍්‍රීඩකයින්ට අත්‍යාවශ්‍ය Motion Xcelerator Turbo Pro තාක්ෂණයද Neo QLED 8K හි අන්තර්ගත වේ.

මෙම නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් දැන් ලබා ගත හැකිය.

  • 2022 Pro food
  • Ada Derana BIZ Sinhala
  • Agbiz
  • Propack
  • SMR
  • sri lanka

SMR, 2022 Pro food, Propack and Agbiz හිදී මහජනතාව සහ කොටස්කරුවන් සමඟ එක් වෙයි

December, 19, 2022

ශ‍්‍රී ලංකාවේ ආහාරමය තෙල් සහ මේද නිෂ්පාදන සම්බන්ධයෙන් පුරෝගාමියෙකු වන SMR Consolidated Consolidated (සේන මිල්ස් රෙෆිනරීස් (පුද්) සමාගම) පසුගිය නොවැම්බර් මස 20 දා කොළඹ BMICH හිදී නිමාව දුටු 2022 Pro food, Propack and Agbiz හිදී සිය වෙළෙඳ කුටිය ආකර්ෂණීය අයුරින් ජනතාව වෙත ගෙන ඒමට සමත් විය. ශ‍්‍රී ලංකා ආහාර සැකසුම් සංගමය විසින් සංවිධානය කරන ලද ශ‍්‍රී ලාංකේය කෘෂිකර්මය පදනම් කරගත් සැකසූ ආහාර ප‍්‍රදර්ශනය කරනු ලබන Pro food, Propack and Agbiz වාර්ෂිකව සංවිධානය කරන්නක් වන අතර කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් 2020 සහ 2021 වසරයන්හිදී නොපැවැත්විණ. ආහාරමය තෙල් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස නමක් දිනා සිටින SMR Consolidated තෙල් පිරිපහදු කරන්නකු සහ අපනයනකරුවෙකු වශයෙන් ද එහිදී සිය විශිෂ්ටතාවන් මනාව පෙන්නුම් කරන ලදී.

"ගොවිපළේ සිට කෑම මේසය දක්වා” යන තේමාව යටතේ 19 වැනි වරටත් පැවති මෙම ප්‍රදර්ශනයේ දී සැකසූ ආහාර, ඇසුරුම්කරණය හා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයන් හා සංවිධාන එකම වහලක් යටතේ හමුවීමට මෙහිදී කර්මාන්ත පාර්ශ්වකරුවන්ට, ගනුදෙනුකරුවන්ට මෙන්ම මහජනතාවට ද අවස්ථාව හිමිවූහග ප‍්‍රදර්ශන භූමියේ පිහිටා තිබූ SMR Consolidated හි ප‍්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා බොහෝ පිරිසක් පැමිණි අතර එහිදී ඔවුන් වෙනුවෙන් Good Oil, Coco Fry,
Centuries, Fry It, Good Bake සහ Coco Organic ඇතුළු දේශීය හා අපනයන සන්නාම රැසක් ප‍්‍රදර්ශනය කිරීමට සමාගම කටයුතු කරන ලදී.

මෙම ප‍්‍රදර්ශන කුටිය හරහා විවිධ වර්ගයේ පොල්තෙල් ප‍්‍රභේද හා ඒවායේ ගති ලක්ෂණ, සෞඛ්‍ය ප‍්‍රතිලාභ හා මුල්‍යමය වාසි මෙන්ම, ආහාර සැකසීමේදී ගත හැකි තෙල් භාවිතයේ විවිධ ශිල්පීය ක‍්‍රම පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදීග තවද තෙල් සහ මේද පරිභෝජකයින් මෙන්ම ව්‍යාපාර නිෂ්පාදන සඳහා යොදාගනු ලබන පොල්තෙල් සහ විවිධ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමට සහ සිය සමාගමේ නිෂ්පාදන සන්නාම පිළිබඳ මහජනතාවට අව‌බෝධයක් ලබා දීමට SMR Consolidated එහිදී කටයුතු කළේය.

1960 වසරේදී පමණ සේන මිල්ස් නමින් කුඩා පරිමාණ පොල් තෙල් මෝලක් ලෙස ආරම්භ කළ SMR Consolidated එතැන් සිට ආහාරයට ගත හැකි තෙල් නිෂ්පාදනය සහ පිරිපහදු කිරීම සඳහා සිය ව්‍යාපාරය ඉදිරියට ගෙන යමින් වර්ධනයේ සහ ව්‍යාප්තියේ තිරසාර හා ස්ථාවර ගමනක් සනිටුහන් කිරීමට සමත්ව සිටී. 1997 වසරේදී SMR විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අඛණ්ඩ හා භෞතික ආහාරයට ගත හැකි තමන්ගේම තෙල් පිරිපහදුවක් පිහිටුවන ලදී. ආරම්භයේ සිටම ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී කටයුතු කළ SMR හි නිෂ්පාදන අපනයන වෙළෙ`දපොල තුළ ඉහළ ඉල්ලූමක් පවතී. BRCGS, FSSC 22000, ISO 22000, HACCP, GMP ආහාර සුරක්ෂිතතා කළමනාකරණ සහතික ද, Organic, Kosher නිෂ්පාදන සහතික මෙන්ම Sedex, Fair-trade වැනි සාධාරණ වෙළඳාම පිළිබඳ සහතිකයන්ද හිමි කරගෙන සිටින SMR Consolidated සමාගම සිය නිෂ්පාදන මහාද්වීප 6ක් පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක් වෙත අපනයනය කරමින් විදේශ විනිමය මෙරටට හිමි කරදීමට මහත් වෙහෙසක් ගනිමින් සිටියි.

2022 Pro food, Propack and Agbiz සඳහා SMR Consolidated ඉදිරිපත් වීම පිළිබඳව අදහස් දැක්වූ එහි උපාය මාර්ගික ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී දීමන්ත නානායක්කාර මහතා ‘‘ගෝලීය වශයෙන් බොහෝ වෙළෙඳ ප‍්‍රදර්ශන හා සම්මේලන සඳහා එක්ව ඇති අප ආයතනයට ශ‍්‍රී ලංකාවේ විශාලතම කෘෂිකර්මාන්තය පදනම් කරගත් සකස් කළ ආහාර ඇසුරුම්කරණ ප‍්‍රදර්ශනයට එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වන අතරල මෙහිදී අප විසින් දිනාගත් ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් හා මහජනතාව සමඟ සම්බන්ධ වීමෙන් අපට ලැබුණු ධනාත්මක ප‍්‍රතිචාර ඉතාමත් වැදගත් වෙනවාග අප මේ මොහොතේ අපේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපොළ වෙත අපනයනය කරමින් ආහාරයට ගත හැකි පොල්තෙල් හා ඒ හා රැඳී අනෙකුත් නිෂ්පාදන සන්නාම සහිතව අන්තර්ජාතික වෙළඳපොළ තුළ ශක්තිමත්ව ඉදිරියට යමින් සිටිනවාග මේ වනවිටත් ඇතැම් රටවල ප්‍රියතම සන්නාම බවට පත්ව ඇති අප නිෂ්පාදන ලෝකයේ අනෙකුත් රටවල ද ප්‍රියතම සන්නාම බවට ස්ථානගත කිරීම සඳහා අප වෙහෙසෙමින් සිටිනවාග ඒ සියලූ දේ තුළින් ශ‍්‍රී ලංකාවට හා ලෝකයට හොඳම පොල්තෙල් සහ අනෙකුත් ආහාරමය තෙල් ලබා ගත හැකි බවට සහතික කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසීය.

මෙහිදී SMR Consolidated වෙළෙඳ කුටියේදී වෘත්තීයමය සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සූපවේදී සැසියක්ද පවත්වනු ලැබූ අතර විවිධ වර්ගයේ පොල් තෙල් සහ අනෙකුත් ආහාරයට ගත හැකි තෙල් වර්ග භාවිත කිරීම සඳහා වට්ටෝරු සහ ශිල්පීය ක‍්‍රම පිළිබඳ දැනුම බෙදා හදා ගන්නා ලදීග එහිදී සෞඛ්‍ය උපදෙස් සමඟින් පැමිණි සිටි භාවිතා කරන්නන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක්ද උදා කර දී තිබිණ.

පොල්තෙල්වල වටිනාකම සහ එහි සෞඛ්‍ය ප‍්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වෙනත් විවිධ දැනුම බෙදා හදා ගැනීම හා අධ්‍යාපනික සැසියක්ද මෙහිදී පැවැත්විණ.

  • Ada Derana BIZ Sinhala
  • Ministry of Health
  • Rotary
  • sri lanka
  • UNICEF

රොටරි සමාජය සහ යුනිසෙෆ් රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙයි

December, 19, 2022

ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF- යුනිසෙෆ්) ශී‍්‍ර ලංකා නියෝජිත කි‍්‍රස්ටියන් ස්කූග් මහතා විසින් ආර්ථික අර්බුදය නිසා ඖෂධ හිඟයකට මුහුණ පා තිබෙන මොහොතක සෞඛ්‍ය සේවා සැපයීමට කෙරෙන උපකාරයක් වශයෙන්, ලයිෆ්ලයින් ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 47ක ඖෂධ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබාදෙන ලදී.

රොටරි සමාජයේ ගෝලීය ජාලය සහ ආදි සාමාජිකයින් විසින් https://lifelinesrilanka.rotary.unicef.org.au යන මාර්ගගත පරිත්‍යාග ක‍්‍රමය හරහා එකතුකරන ලද අරමුදල් වලින් ඇමෙරිකානු ඩොලර් 130,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 47) ක් වටිනා ඖෂධ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා දී ඇත.

"ශ්‍රී ලාංකික ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා අපගේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා” යැයි ජෙනීෆර් ජෝන්ස් මහත්මිය පැවසූවාය. ජෙනීෆර් ජෝන්ස් මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් අපට ඉතා විශේෂවූ මෙරටට සහාය වීමේ ක‍්‍රම සොයා ගැනීම රොටරි සමාජය විසින් අඛණ්ඩව සිදු කරනවා. ඔබගේ රටේ සැමවිටම සිනාමුසු මුහුණින් සිටින අසිරිමත් ජනතාවක් සිටිනවා. එම සිනහව අනාගතයේදී ද සුරැකීමට අප වගබලා ගත යුතුයි” යනුවෙන් ද පැවසූවාය.

මෙම ඖෂධ තොගය කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතිය සඳහා, වේදනා සමනය කිරීම සඳහා සහ අධික රුධිර පීඩනය ඇතුළු විවිධ ප‍්‍රතිකාර සඳහා ප‍්‍රයෝජනවත් වනු ඇත.

"අර්බුදයේ දිග්ගැස්සුනු ස්වභාවය සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් කෙරෙහි බාධාවන් ඇති කරයි. යුනිසෙෆ් ආයතනය සිය ප‍්‍රසම්පාදන සහ සැපයුම් විශේෂඥතාවය භාවිතා කරමින් පවුල්වල ජීවිතය සුරකින සැපයුම් ලබාදීමට සිය හවුල්කාරිත්වය යොදා ගනිමින් සිටී” යනුවෙන් පැවසූ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත කි‍්‍රස්ටියන් ස්කූග් මහතා, "ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයේ කිසියම් දියුණුවක් ඇති වූවද, වඩාත් අවදානමට ලක්වී ඇතිි දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා තීරණාත්මක මට්මමක පවතින අතර, අපගේ ආධාර තිරසරව පවත්වාගෙන යාමට සහ වැඩි කිරීමට අපට උපකාර කිරීම සඳහා අපි අපගේ බහුවිධ පාර්ශවකරුවන්ගේ සහාය අපේක්‍ෂා කරන්නෙමු, යනුවෙන්ද පැවසීය.

මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ.ආර්. රවීන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකා රොටරි සමාජයේ සභාපති පුබුදු ද සොයිසා යන මහත්වරුන් ද සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ.ආර්.රවීන්ද්‍රන් මහතා, ර්‍ණඅපගේ වෛද්‍ය සැපයුම් වලින් 80% ක්ම ආනයනය කරන අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සංචිත අඩුවීමත් සමඟ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති වීමෙන් අපගේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමට ආසන්න වෙමින් පවතී. ජීවිත අනතුරට පත්ව ඇත, ශල්‍යකර්ම කල් දැමේ, ළමුන් සහ ගැබිණි කාන්තාවන් දැඩි අවදානමකට ලක්ව ඇත. යථාර්තය මෙය වන අතර, අප ඒ බව පිළිගෙන ශ්‍රී ලංකාවට උපකාර කළහැකි ආකාරයන් පිළිබඳව සොයා බැලිය යුතුය. මෙම ඖෂධ තොග ශ්‍රී ලංකා රජයට භාරදීමේ අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිතුමියගේ සහභාගීත්වය ගැන මම සතුටු වෙමි” යනුවෙන්ද පැවසීය.

මෙම වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර රොටරි සමාජය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එක්ව, ආර්ථික අර්බුදයෙන් රට පුරා පීීඩාවට පත් ළමුන් සහ පවුල්වල අය සඳහා ජීවිතාරක්‍ෂක ඖෂධ, පිරිසිදු පානීය ජලය සහ අධ්‍යාපන පහසුකම් සහ අනෙකුත් තීරණාත්මක සැපයුම් ලබා ගැනීමට ආධාර කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Sampath card
  • sri lanka

සම්පත්කාඩ්ස් හදපිරි උත්සව සමයක් වෙනුවෙන් නිවැරදි තේරීම ගෙන එයි

December, 19, 2022

දිවයින පුරා ප්‍රමුඛ පෙළේ හවුල්කාර අලෙවිසැල් තුළින් සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා 60%ක් දක්වා වට්ටම් හිමි කර දෙයි

උත්සව සමයේදී සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් හිමියන් වෙත නිවැරදි තේරීම ගෙන එමින් පුළුල් පරාසයක විහිදුණු වට්ටම් හා ප්‍රතිලාභ රැසක් ලබා දීමට සම්පත්කාඩ්ස් කටයුතු කරනු ලැබීය.

එහිදී දිවයින පුරා විසිරී සිටි හවුල්කාර අලෙවිසැල් සමඟ එක් වෙමින් සියලු සම්පත් කාඩ්පත් හිමියන් වෙත 60%ක් දක්වා වට්ටම් හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කළ අතර ඒ යටතේ තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගත්හ. ඇඳුම් පැළඳුම් සඳහා 40%ක් දක්වා වට්ටම්ද, පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා 25%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද, නිවසට අවශ්‍ය ගෘහ උපකරණ සඳහා 25%ක් දක්වාද හිමිකර දෙන ලදී. ඊට අමතරව තෝරාගත් අලෙවිසැල් තුළින් ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී 60%ක් දක්වා වට්ටම් හිමිකර දුන් අතර මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ පහසුකම්ද සළසා ගැනීමට ද අවකාශ උදා කර දී ඇත. එසේම පොත් පත් සඳහා 30%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සම්පත්කාඩ්ස් තුළින් ලබා දී තිබිණ. සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් හිමි කර දුන් සම්පත්කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනී්මේදී 40%ක් දක්වා වට්ටම්ද හිමි කර දුනි. ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් වෙත උදා කර දීමට සමත් විය.

සම්පත්කාඩ්ස් මේ උත්සව සමය සතුටින් මෙන්ම සැහැල්ලුවෙන් ගත කිරීමේ අවස්ථාව කාඩ්පත් හිමියන් වෙත උදාකර දුන්නේ වගකීමෙන් යුතු ගනුදෙනුවක් සඳහා අවස්ථාව විවර කරමිනි. විශේෂයෙන් සම්පත්කාඩ්ස් ගනුදෙනුකරුවන් වෙත ස්තුතිය පලකරමින් ඔවුන්ට වසර පුරා සුවිසල් ප්‍රතිලාභ ලබා දීමේ සම්පත් බැංකුවේ මාහැඟි ප්‍රයත්නයේ කොටසක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී දර්ශින් පතිනායක මහතා සඳහන් කර සිටියේ “අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතා නිරන්තරයෙන් වෙනස් වන බව අපි මනාව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ සමඟම උත්සව සමයේදී සම්පත්කාඩ්ස් වෙතින් සැලසුම් කළ සුවිශේෂී දීමනා සමඟින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලමින් වඩා වැඩි ප්‍රතිලාභ ඔවුන් වෙත ලබා දීමට අපි කටයුතු කළා. සෑම විටම වගකීමක් ඇති තේරීමක් වන සම්පත්කාඩ්ස් මේ වසරේදීත් අපගේ කාඩ්පත් හිමියන්ට හදපිරි උත්සව සමයක් උදාකර දීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන් බව සඳහන් කළ හැකියි. මේ සුවිශේෂී වට්ටම් හා දීමනා හිමිකර ගනිමින් උත්සව සමයේ ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමට එක් වූ අපගේ සියලුම සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අප මේ මොහොතේ ස්තුති වන්ත වනවා.” යනුවෙනි.

උදා වන නව වසර වෙනුවෙන් adidas, Arienti, ASICS, Beverly Street, Clarks, Crocodile, Cool Planet, Dilliganz, Jezsa, Dilly & Carlo, Double XL, Envoy mansion, Fashion Bug, Glitz, Hameedia, House of Fashions, Kelly Felder, Mimosa, Nolimit,  Redtape, RV Fashions, Shirt works, Spring & Summer, Under Armour, Uptownඇතුළු තවත් අලෙවිසැල් රැසක් තුළින් අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී සම්පත් කාඩ්පත් හිමියන්ට 40%ක් දක්වා වට්ටම් හිමි කර දුන්නේ නව වසර ආරම්භයට නැවුම් ආශ්වාදයක් එක් කරමිනි.

උත්සව සමයේ ගමන් බිමන් වෙනුවෙන් නවීන විලාසිතාවන්ගේ හොඳම පාවහන් මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන් හට Bata, DSI, DSI Premier, Genelle සහ Helanka අලෙවිසැල් තුළින් 25%ක් දක්වා වට්ටමක් ලබා දුන් අතරම අත් ඔරලෝසු හා විශේෂ තෑගි භාණ්ඩ වෙනුවෙන් British Cosmetics, Cosmetics.lk, DLas International, Luv Essence, Miniso, Parfumerie, Spa Ceylon සහ Wimaladarma Watches වෙතින් 25%ක් දක්වා වට්ටම්ද හිමිකර දෙනු ලැබීය. 

තමන්ගේ දරුවන් වෙනුවෙන් තෑගි හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගත් මව්පියන් හට Arista, Baby Bear, Baby Mart, Velona යනාදී අලෙවිසැල් තුළින් 20%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව උදා කර දුන් සම්පත්කාඩ්ස් Celcius, Comfort World, Dankotuwa, Hunters, සහ Wayamba Trading යන අලෙවිසැල් තුළින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් හිමි කරදීමටද කටයුතු කිරීම විශේෂත්වයකි.

උත්සව සමයේ තමන්ට හෝ තම ආදරණීයයන් වෙනුවෙන් ස්වර්ණාභරණ මිලදී ගත් කාඩ්පත්හිමියන් හට Abdeen Jewellers, Alankara Jewellers, Aminra Jewellers, Bullion Exchange, Chamathka Jewellers, Diamond Dreams, Mallika Hemachandra Jewellers, Premadasa & Co., Radella Jewellers, Raja Jewellers, Tiesh සහ Vogue Jewellers වෙතින් ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී 60%ක් දක්වා වට්ටම් ලබා ගැනීමේ අවස්ථාව සළසා දුන්නේ මාස 24ක් දක්වා පොලී රහිත ආපසු ගෙවීමේ පහසුකම්ද ඔවුන් වෙත ලබා දෙමිනි.

තවද පොත් පත් මිලදී ගැනීමේදී  Atlas.lk, Grantha.lk, Promateoworld.com සහ Samayawardhana Books වෙතින් 30%ක් දක්වා වට්ටම් හිමිකර ගත් සම්පත් කාඩ්පත් හිමියන් Abans, Arpico Furniture, Browns, Ceylon Furniture, Dinapala, Don Carolis and Sons, Dialog, Damro, Eser Marketing International, Metropolitan Computers, urban.lk, Yamaha Music Centre & Mike Audio ඇතුළු තවත් අලෙවිසැල් රැසක් තුළින් නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, විද්්‍යුත් භාණ්ඩ වැනි දේ මිලදී ගැනීමේදී මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව ද සම්පත් කාඩ්ස් වෙතින් හිමි කර දෙනු ලැබීය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදීද සිය කාඩ්පත් හිමියන් අමතක නොකළ සම්පත්කාඩ්ස් Arpico, Cargills, Glomark, Keells සහ Laugfs අලෙවිසැල් තුළින් මිලදී ගත් භාණ්ඩ සඳහා 25%ක් දක්වා වට්ටමක් හිමි කර දීමට කටයුතු කරනු ලැබුවේ ඔවුන්ට ඉමහත් අස්වැසිල්ලක් වෙමිනි. එහිදී Cargills Food City හි දිවයින පුරා පිහිටි සියලුම අලෙවිසැල් තුලින් කොන්දේසි මත යටත්ව දෙසැම්බර් 24 වන දින දක්වා මිලදී ගන්නා භාණ්ඩයන්හි පූර්ණ බිල්පත් වටිනාකම මත 10%ක වට්ටමක් හිමිකර දීමට සම්පත්කාඩ්ස් කටයුතු යොදා තිබීම කාඩ්පත් හිමියන්ට සුවිශේෂී පහසුවක් වනු ඇත.එපමණක්ද DS Jayasinghe, Eagle Vision, Eric Rajapaksha George Goonarathne, Techno Vision සහ Wickramarachchi Opticians යන ආයතනයන් තුළින් අක්ෂි හා ශ්‍රවණාබාධ සඳහා වන සේවාවන් සපයා ගැනීමේදී කාඩ්පත් හිමියන් වෙත 40%ක් දක්වා වට්ටම් හිමිකර දීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය.

තමන්ගේ අධ්‍යාපනික වියදම්, රෝහල් සඳහා වන ගෙවීම් හා රථවාහන සේවා සඳහා පහසු ගෙවීමේ වාරික සැලසුම් යටතේ ගෙවීමේ පහසුවද සම්පත් කාඩ්ස් වෙතින් සලසා දුන් අතර එහිදී Access Motors, Associated Motorways, AUTOLAB, DIMO, KIA Automobile, Micro Cars, Pit & Drive, Stafford Motor Company, Toyota Lanka සහ United Motors වෙතින් සලසා ගත් රථවාහන සේවාවන් සඳහා මෙම පහසුකම ලබා දීමට කටයුතු කරන ලදී. තවද ශ්‍රී ලංකාවේ ඕනෑම රක්ෂණ ආයතනයක් සමඟ සිදු කරන ගනුදෙනුහිදී  වාරික සැලසුම් යටතේ ගෙවීමේ පහසුවද සම්පත් කාඩ්පත් හිමියන්ට ලැබුණ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

නිවාඩු සමයේදී තම ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීම වෙනුවෙන් Galle Face Hotel හි Traveller’s Bar සහ The Verandah මෙන්ම Waters Edge හි Pranzo, Kobe සහ Thuna Paha හිදී 20%ක් දක්වා වට්ටම් භුක්ති විඳීමේ අවස්ථාව සම්පත් කාඩ්පත් හිමියන් හට උදාකර දුන් අතර ඊට අමතරව Allstar Sports Lounge, Botanik Rooftop Bistro, Chinese Lotus Restaurant & Pub, Granbell Hotel, Great Wall Restaurant, Harpos Pizza, The Tuna & The Crab, Tunnel Pub සහ Uga Residence ඇතුළු තවත් ස්ථාන රැසකදී සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාවද ඔවුන් වෙත හිමි කර දීම විශේෂත්වයකි. එපමණක්ද නොව නිවසේ සිට PickMe  සහ UberEats හරහා ආහාර ඇනවුම් කිරීමේදී ද වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාව උදා කර දීමට සම්පත්කාඩ්ස් අමතක නොකළේය.

නොවැම්බර් 19 සිට දෙසැම්බර් 31 දක්වා පිරිනමනු ලැබූ මේ සියලු වට්ටම් සහ ප්‍රතිලාභ පිළිබඳ වැඩිදුර විස්තර http://www.sampath.lk වෙබ් අඩවියෙන් හෝ 011 2300 604  අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

 

ඡායාරූපය - සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී දර්ශින් පතිනායක මහතා

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • GRAPHENSTONE SMART COATING
  • sri lanka

DIMO ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING හඳුන්වා දෙයි

December, 19, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING  දේශීය වෙළදපලට හදුන්වා දෙයි.

GRAPHENSTONE තීන්ත යනු GRAPHENSTONE නවෝත්පාදන තාක්‍ෂණය (අද්විතීය සූත්‍රයක් තුළ දෙහි හා ග්‍රැෆීන් තාක්‍ෂණය ඒකාබද්ධ කරන ලද) යොදා ගනිමින් ස්පාඤ්ඤයේ නිපදවන ලද පරිසර හිතකාමී නිපැයුමකි.  ස්වාභාවික දෙහි, එහි ශක්තිය හා නම්‍යශීලීත්වය වැඩි දියුණු කරන ග්‍රැෆීන් සම්මිශ්‍රණයෙන් ඉහළ ම ගුණාත්මක භාවයෙන් යුත්, දිගු ආයු කාලයක් සහ අඩු නඩත්තුවක් සහිත, පරිසර හිතකාමී ලෙස මෙම හරිත තීන්ත නිෂ්පාදනය කෙරෙන අතර, එය සැලකිය යුතු ඉතිරියක්ද ගෙන දෙයි.

DIMO හි Retail අංශය අධීක්‍ෂණය කරන විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මේ අයුරින් අදහස් දැක්වුවේ ය. “ දිනෙන් දින පුළුල් වන DIMO නිෂ්පාදන කළඹට තිරසාර, නව්‍ය නිෂ්පාදන සහ සේවාවන් එක් කිරීම පිළිබඳව අපි අඛණ්ඩව අවධානය යොමු කරනවා.  ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE නිෂ්පාදනය හඳුන්වා දීම, අපගේ ව්‍යාපාරික ප්‍රවේශය තුළින් තිරසාරත්වය උදෙසා DIMO කැපවීම පෙන්නුම් කරනවා.  පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීම මගින් ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බල ගැන්වීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහය ද මෙමගින් පිළිබිඹු කරනවා.  හරිත සහතිකය ලත් ලොව කීර්තිමත් සන්නාමයක් වන GRAPHENSTONE සමඟ එක් ව අපි මෙම නව්‍ය තීන්ත නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කළා."

DIMO ගෙන එන GRAPHENSTONE තීන්ත බාහිර සහ අභ්‍යන්තර ආලේපන ද්විත්වයකින් සමන්විත වේ.  අභ්‍යන්තර ආලේපන පරාසය යටතේ, DIMO විසින් Ecosphere සහ GrafClean Ag+ යන නිෂ්පාදන දේශීය වෙළඳපොළට හඳුන්වා දෙන අතර,  බාහිර ආලේපන පරාසය තුළ Biosphere නිෂ්පාදනය  හඳුන්වා දී ඇත. Undercoating නිෂ්පාදන පරාසය යටතේ හඳුන්වා දෙන Primer Plus නිෂ්පාදනය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන අතර, ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් තොර, නිපැයුමකි.

GRAPHENSTONE GrafClean Ag+ යනු රිදී අයන (Ag+) සමඟ සකස් කරන ලද දීප්තිමත් නිමාවක් සහිත ප්‍රිමියම් අභ්‍යන්තර තීන්ත නිෂ්පාදනයකි.  ප්‍රති-ක්ෂුද්‍ර ජීවී (බැක්ටීරියා, දිලීර සහ Covid-19 වෛරසය) ගුණයෙන් යුක්ත වන එම නිෂ්පාදනය මගින් හුස්ම ගැනීමේ පහසුව ඇති කරන අතර, එහි ආරක්ෂාව වසර 2 ක් පවතී. එම නිසා ම රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු නො දෙන  සහ ඇදුම වැනි ශ්වසන ගැටලුවලින් පෙළෙන පුද්ගලයින් සඳහා මෙය ඉතා සුදුසු වේ.  GRAPHENSTONE ගෘහස්ථ ආවරණ, පාසල්, රෝහල් සහ හෝටල් සඳහා ඉතා සුදුසු ය.

GRAPHENSTONE තීන්ත ලීටර් 45ක් මගින් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 14.40ක් අවශෝෂණය කරයි. එය කිලෝ ග්‍රෑම් 250ක් බරැති වැඩිහිටි ගසක් විසින් අවශෝෂණය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වේ. මෙම නිපැයුම් මගින්  නිවස තුළ හුස්ම ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන අතරම, එය බිත්තිවල සවිමත් බව වැඩි කරයි.  එය ගෘහස්ථ පරිසරයේ වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන අතර, පුස්, දිලීර, බැක්ටීරියා සහ වයිරස් වර්ධනය වීම වළක්වයි.

වර්තමාන වෙළෙඳපොළේ ඇති සාම්ප්‍රදායික තීන්ත හා සසඳන විට, GRAPHENSTONE උසස් Nano Graphene තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අතර, එමඟින් පාරිභෝගිකයාට අද්විතීය ප්‍රතිලාභ රැසක් ලබා දෙමින්, හානිකර රසායනික නිරාවරණයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් විශේෂාංග රාශියක් ලබා දෙයි.  ජෛව නාශක වලින් තොර වීම, ඉහළ නම්‍යශීලී බව, ගිනි නො ගන්නා ද්‍රව්‍යවලින් යුක්ත වීම, ඉහළ SRI අගය, කෘමි විකර්ෂක ගුණය සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් තොර වීම ද මෙම තීන්ත නිෂ්පාදනයෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ වේ.

GRAPHENSTONE යනු ගෝලීය වශයෙන් සහතික ලත් හරිත තීන්ත නිෂ්පාදන සමාගමක් වන අතර, එය සිංගප්පූරු හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ සහතිකය, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඇදුම රෝගය පිළිබඳ කවුන්සිලයේ සහතිකය, Global Green Tag හි හරිත අනුපාත සහතිකය සහ Global Green Tag නිෂ්පාදන සෞඛ්‍ය ප්‍රකාශනය (™ PHD) යන සහතික ලත් සමාගමකි.

 

ඡායාරූප විස්තරය: GRAPHENSTONE වෙතින් ගෙන එන අසම-සම පරිසර හිතකාමී ස්මාර්ට් තීන්ත නිෂ්පාදන පරාසය

  • 2022 TAG
  • Ada Derana BIZ Sinhala
  • CA Sri Lanka
  • DIMO
  • sri lanka

CA Sri Lanka විසින් සංවිධානය කළ 2022 TAGS සම්මාන උලෙළේ දී DIMO ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන රන් සම්මානය දිනා ගනී

December, 19, 2022

CA Sri Lanka ආයතනය විසින් සංවිධානය කරන ලද 2022 TAGS සම්මාන උළෙලේ දී රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් DIMO සිය 2021/22 වාර්ෂික වාර්තාව සඳහා නැවත වරක් සම්මාන දිනා ගැනීමට සමත් විය. ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් DIMO ඒකාබද්ධ වාර්තාකරණය සඳහා රන් සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව තිරසාර වාර්තාකරණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය සහ විවිධාංගීකරණය වූ සමාගම් (පිරිවැටුම බිලියන 50 දක්වා) අංශයේ රන් සම්මානය ද DIMO දිනා ගත්තේ ය.

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, DIMO හි මූල්‍ය සාමාන්‍යාධිකාරී සුදත් මහගෙදර සහ DIMO හි ව්‍යාපාර සහය සාමාන්‍යාධිකාරිණී මධුරිකා සමරසේකර යන මහත්ම මහත්මීහු ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන රන් සම්මානය පිළිගත්හ.

Video Story

Stock Market

Exchange Rates