December, 15, 2022
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්රී ලංකා සමාගම 2022 දෙසැම්බර් 31 දක්වා පාරිභෝගිකයින්ට සෑම දිනකම රුපියල් 50,000ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දෙන 'Airtel Smartphone Bonanza' ප්රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. ස්මාර්ට්ෆෝන් devices ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති මොහොතක පාරිභෝගිකයින්ට සහාය දැක්වීමේ අරමුණින් මෙම ප්රවර්ධනය ක්රියාත්මක කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
දිනපතා රුපියල් 300කට වඩා recharge කරන සෑම එයාර්ටෙල් පාරිභෝගිකයෙකුම මීට අදාල දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර එසේ සුදුසුකම් ලබන පාරිභෝගිකයින් අතරින් සෑම දිනකම අහඹු ලෙස ජයග්රාහකයින් තෝරා ගනු ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”අපගේ වටිනා පරිශීලකයින්ට ඔවුන් ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා එයාර්ටෙල් ශ්රී ලංකා සෑම අවස්ථාවක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් බොහෝ දෙනෙක් මේ වන විට මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අපගේ ජාලය ශක්තිමත් කිරීම සහ අපගේ නිෂ්පාදන හා සේවා නැවත නිර්මාණය කිරීමට අමතරව අපගේ පරිශීලකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දීම සඳහා අපගේ සමස්ත ව්යාපාරය නැවත සංවිධානය කිරීමට අප කටයුතු කළා. Airtel Smartphone Bonanza යනු අප විසින් හඳුන්වා දෙනු ලබන වටිනාකම මත පදනම් වූ නව්ය සේවාවන් මාලාවේ නවතම අංගයයි. මෙම දිනුම් ඇදීමට එක් වී වාසනාවන්ත ජයග්රාහකයෙකු වන ලෙස අපගේ සියලූම පාරිභෝගිකයින්ට අප ආරාධනා කරනවා.’’ යනුවෙනි.
එයාර්ටෙල් විසින් සෑම සතියකම දිනපතා මෙම Airtel Smartphone Bonanza වැඩසටහනේ ජයග්රාහකයින්ව Airtel Life username සහිතව නිවේදනය කරන අතරම එයාර්ටෙල් කණ්ඩායමක් විසින් අදාල ජයග්රාහකයින්ට ඍජුවම ඇමතුමක් ලබා දීමෙන් සුබ පතනු ඇත.
ශ්රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම ලබා දෙන ආයතනයක් ලෙස මෙන්ම සමාන ජාල අතර අසීමිත ඇමතුම් හඳුන්වා දීම සහ ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය. එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.
December, 15, 2022
හේලීස් සමූහයේ ප්රවාහන සහ ක්රමෝපාය අංශය වන Hayleys Advantis (හේලීස් ඇඞ්වාන්ටිස්) සිය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර ආරක්ෂිත පාපැදි ධාවනය සහ සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් ප්රවර්ධනය කිරීම සඳහා සිය පාපැදි සවාරිය ඔක්තෝබර් 29 වන දින පවත්වන ලදී.
හේලීස් ඇඞ්වාන්ටිස් විසින් කොළඹ පුරා ස්වයං පාපැදි අළුත්වැඩියා කිරීමේ ස්ථාන ජාලයක් ස්ථාපිත කිරීමට සූදානම් වන අතර ඉන් පළමුවැන්න හේලීස් පීඑල්සී හි සභාපති සහ ප්රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ හේලීස් ඇඞ්වාන්ටිස් හි කළමනාකාර අධ්යක්ෂ රුවන් වෛද්යරත්න මහතා විසින් කොළඹ 3 හිදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
හේලීස් ඇඞ්වාන්ටිස් හි සේවකයින් 150 කට වැඩි පිරිසක් සහභාගී වූ මෙම පාපැදි සවාරිය කිලෝමීටර් 17 ක දුරක් ආවරණය කළ අතර එය හේලීස් පීඑල්සී ප්රධාන කාර්යාල ගොඩනැගිල්ල අසලින් ආරම්භ කරමින් ලිප්ටන් වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, නිදහස් මාවත, කුරුඳුවත්ත පොලිස් ස්ථානය, බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර, ශාන්ත පීතර විද්යාලය, ගාලූ පාර, ගාලූමුවදොර දක්වා ගොස් නැවත ඞීන්ස් පාරේ පිහිටි ප්රධාන කාර්යාල ගොඩනැගිල්ල අසලින් අවසන් කරන ලදි.
”පාපැදි ධාවනය ඔබේ සමස්ත සෞඛ්යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වන ආරක්ෂිතම ව්යායාම අතුරින් එකක්. විශේෂයෙන් අප රටක් ලෙස ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටින අවස්ථාවේ අපගේ සේවයින් බහුතරයක් පාපැදිය තම ජීවිතයට සමීප කරගත් බව අපි දැක්කා.”
”පාපැදි වල හදිසි අලූත්වැඩියාවන් සඳහා මෙවලම් සහ ස්ථාන නොමැතිකම නිසා ඔවුන් අපහසුතාවයට පත්වන බව අපට පෙනී ගියා. එහි ප්රතිඵලයක් ලෙස කොළඹ නගරයේ පාපැදි අලූත්වැඩියා කිරීමේ මධ්යස්ථාන ජාලයක් ස්ථාපිත කරමින් අපගේ සේවකයන්ට සහ පාපැදිකරුවන්ට සහය වීමට අපි තීරණය කළා.” යැයි හේලීස් ඇඞ්වාන්ටිස් හි කළමනාකාර අධ්යක්ෂ රුවන් වෛද්යරත්න මහතා පැවසුවේය.
ශී්ර ලංකාවේ දී දියත් වන මෙම ප්රථම ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානය මඟින් පාපැදි අලූත්වැඩියාව සඳහා අවශ්ය වායු පොම්ප සහ අනෙකුත් මෙවලම් වලින් සමන්විත වේ.
හේලීස් ඇඞ්වාන්ටිස් විසින් තරඟකාරී පාපැදි ධාවකයෙකු සහ පාපැදි ධාවන ක්ෂේත්රය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන යසස් හේවගේ මහතා සමඟ අත්වැල් බැඳගෙන සහභාගිවන්නන් සඳහා ‘Change the Game’ නමින් වැඩමුළුවක් පැවැත්වීම ද විශේෂත්වයකි. එහිදී සහභාගිවන්නන්ට බයිසිකල් පැදීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව දැනගත හැකි වූ අතර ඔහු ද හේලීස් ඇඞ්වාන්ටිස් කණ්ඩායම සමඟ පාපැදි සවාරියට එක්විය.
”පසුගිය දශකය තුළ බොහෝ වැඩපිළිවෙලවල් කි්රයාත්මක වී ඇති අතර පාපැදි ධාවන කී්රඩාව සඳහා යටිතල පහසුකම් සැපයීම තුළින් එය වඩාත් සාර්ථකව ජනතාව අතරට ගෙන යා හැකිය. මෙවැනි ස්ථානයක් දියත් කිරීමත් සමඟ හේලීස් ඇඞ්වාන්ටිස් ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමට අත්වැලක් සපයනවා. මෙලෙස ආරක්ෂිත පාපැදි ධාවනය සඳහා දායකත්වයක් දක්වන ව්යාපෘති සඳහා ආයතනික සමාගම් සම්බන්ධ වීම ප්රශංසනීයයි.” යනුවෙන් Spinner Cycling හි නිර්මාතෘ යසස් හේවගේ මහතා පැවසුවේය.
හේලීස් ඇඞ්වාන්ටිස් සිය කාර්යය මණ්ඩලය සවිබලගන්වා ඔවුන්ගේ නියැලීම ඉහළ නැංවීම සඳහා නව ක්රම හදුන්වාදීමට හැකිවීම ගැන ආඩම්බර වේ. Great Place to Work® සංවිධානය විසින් ශ්රේණිගත කළ පරිදි ආසියාවේ හොඳම සේවා ස්ථානවලින් එකක් වන හේලීස් ඇඞ්වාන්ටිස් එහි දැක්ම අඛණ්ඩව ඉදිරියටම කි්රයාත්මක කරයි.

සවාරියට සහභාගී වූ හේලීස් ඇඞ්වාන්ටිස් කාර්යය මණ්ඩල සාමාජිකයින්

සවාරියට සහභාගී වූ හේලීස් ඇඞ්වාන්ටිස් කාර්යය මණ්ඩල සාමාජිකයින්

සවාරියට සහභාගී වූ හේලීස් ඇඞ්වාන්ටිස් කාර්යය මණ්ඩල සාමාජිකයින්

ගාලූ පාරේ පිහිටි පළමු ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානය
ඡායාරරූපය : (වමේ සිට) හේලීස් සභාපති සහ ප්රධාන විධායක මොහාන් පණ්ඩිතගේ, Spinner Cycling නිර්මාතෘ යසස් හේවගේ සහ හේලීස් ඇඞ්වාන්ටිස් කළමනාකාර අධ්යක්ෂ රුවන් වෛද්යරත්න යන මහත්වරුන් ගාලූ පාරේ පිහිටි පළමු ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානයේ දී
December, 15, 2022
ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක් දක්වා කැපී පනෙන පහළ යාමක් වාර්තා කර ඇත.
මීට අමතරව දින 182 බිල්පත් පොලිය 32.27% සිට 32.26% ක් දක්වාත්, දින 364 බිල්පත් පොලිය 29.33% සිට 29.32% දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 220,708 ක ලංසු ප්රමාණයක් ලැබී තිබුණි. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණයටම සමපාත වන අයුරින් රු. මිලියන 98,000 ක ලංසු පිළිගැනීමට කටයුතු කර තිබුණි.
මීට මාසයකට පෙර එනම් 2022 නොවැම්බර් 09 වැනිදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 ක බිල්පත් පොලිය 33.14% ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉන් පසු එම කාණ්ඩය සඳහා වාර්තා වූ අඩුම පොලී අනුපාතිකය මෙම වෙන්දේසියේ දී තීරණය වී තිබේ.

December, 14, 2022
කොළඹ නෙළුම් කුලුනෙහි ආයෝජන ව්යාපෘතියක් සඳහා ගිවිසුම්ගත සිංගප්පූරු සමාගමේ මෙරට නියෝජිතයා, අර්ජුන ඇලෝෂියස්ට සම්බන්ධ ආයතනයක් බව පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසයි. ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
මීට ප්රතිචාර දක්වමින් අමාත්ය ප්රසන්න රණතුංග මහතා ප්රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සොයා දිය හැකි බවයි.
පා.ම. චමින්ද විජේසිරි - දැන් අර්ජුන ඇලෝෂියස් ට සම්බන්ධ ආයතනයක් තමයි අද නෙළුම් කුලුන කියන සිංගප්පූරු කම්පැනියකට බදු දීලා තියෙන, ඒ සිංගප්පූරු කම්පැනියේ ලංකාවේ නියෝජිතයා හැටියට ඉන්නේ. ඒක ඔබතුමා දන්නවාද දන්නේ නැහැ. අපට තියෙන ප්රශ්නය දැන් අර්ජුන ඇලෝෂියස් හොයන වෙලාවේ, ඒ අර්ජුන ඇලෝෂියස් ඒ සිංගප්පූරු සමාගමේ ලංකාවේ නියෝජිතයා හැටියට නෙළුම් කුලුන ව්යාපෘතිය ලබා දෙන්නේ, පහුගිය කාලේ මහ බැංකු බැඳුම්කරේ මුදල රාජසන්තක වුණා බාගයක්. ඒක පියවා ගැනීම වෙනුවෙන් ද මේ දෙන්නට හදන්නේ දීලා තියෙන්නේ නෙළුම් කුලුන ව්යාපෘතියේ සිංගප්පූරු සමාගමක් වුණාට ඒකේ ලංකාවේ නියෝජිතයා අර්ජුන ඇලෝෂියස් කියන කාරණය පැහැදිලි කාරණයක්. ඔබතුමා ඒක දැනුවත්ද?
අමාත්ය ප්රසන්න රණතුංග - මම දන්නේ නැහැ පාර්ලිමේන්තු වරප්රසාදවලට ආවරණය වෙලා මෙතුමා මේ වගේ දෙයක් කියනවාද කියන එක හොයලා බලන්න ඕනේ. මොකද අපි අර්ජුන ඇලෝෂියස් එක්ක සම්බන්ධ නැහැ. ඔබතුමාලා තමයි සම්බන්ධ. ඔබතුමාලා දන්න නිසා ඉදිරිපත් කරනවා ඇති. ඒ පිළිබඳව ඉදිරියේ දී හොයලා දෙන්නන්.
December, 14, 2022
Pepsi® සිය SWAG සංකල්පය මූර්තිමත් කරමින් උත්සව නිවාඩුව සමරයි
මෙවර නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ප්රචාරණ ව්යාපෘතියක් දියත් කරමින්, Pepsi® නත්තල් උත්සව සමය ඉලක්ක කර ගත් සිය නවතම රූපවාහිනී දැන්වීම එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. උත්සව සමයට සරිලන පානයක් ලෙසින් Pepsi® සතු ආකර්ෂණීය බව සහ නත්තලේ ප්රීතිමත් බව මනාව ගැබ් කොට නිර්මාණය කර ඇති මෙම නව දැන්වීම මගින් නත්තල සංකේතවත් කරන ප්රබලතම සන්නාමයක් වන නත්තල්සීයා සමඟ Pepsi® SWAG සංකල්පය බද්ධ කර ඇති අතර, මෙවර උත්සව සමය වෙනුවෙන් ම සුවිශේෂී වූ PET බෝතලය හඳුන්වා දීමට ද විශේෂිත ය.
සජීවී Pepsi® දැන්වීම ආරම්භ වන්නේ සෑම දෙනාගේ ම ප්රියතම චරිතයක් වන නත්තල් සීයා, Pepsi® Cool ඇඳුමකින් සැරසී ගුවන් තොටුපළට ඇතුළු වීමේ දර්ශනයකිනි. එහි දී නත්තල් සීයාගේ අසාමාන්ය නිවස වන උත්තර ධ්රැවය පිළිබඳ ව දැන ගැනීමෙන් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මවිතයට පත් වෙති. එම පිරිස විස්මයට පත් වූ බව නිරීක්ෂණය කරන නත්තල් සීයා ඔහුගේ චමත්කාරය සහ මායාව යොදා ගනිමින් Pepsi® බෝතලයක් හරහා සියලු දෙනා වශීකෘත කොට ආශ්චර්යවත් ලෝකයක් වෙත ඔවුන් ගෙන යයි. දැන්වීම අවසන් වන්නේ නත්තල් සීයා නව නත්තල් ඇසුරුමකින් යුත් Pepsi® තොල ගාමින්, සෑම දෙනාට ම Pepsi® බෝතලය බැගින් ලබා දීමෙනි.
මෙම නව රූපවාහිනී දැන්වීම පිළිබඳ ව අදහස් දක්වමින් PepsiCo හි ශ්රී ලංකා කලාපයේ ජ්යෙෂ්ඨ අලෙවි අධ්යක්ෂ අනුජ් ගෝයල් මහතා පැවසුවේ, “වසර අවසාන උත්සව සමය පාරිභෝගික ජනතාව තම ආදරණීයයන් සමඟ එක් වී නත්තල සමරමින් සතුටු වන කාලයක්. මෙම නව ප්රචාරණ ව්යාපෘතිය තුළින් අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ Pepsi® යනු මිතුරන් සහ පවුලේ අය සමඟ, ඕනෑ ම විටෙක දී, විශේෂයෙන් උත්සව අවස්ථාවල දී භුක්ති විඳිය හැකි පානයක් බවයි. අපගේ නව දැන්වීම තුළින් සාම්ප්රදායික නත්තල් සීයා SWAG සංකල්පය සමඟ බද්ධ කරමින් ආස්වාද ජනක හැඟීමක් ජනිත කිරීමට අපි සමත් වෙලා තිබෙනවා. ඊට අමතර ව ඒ හරහා උත්සව සමය පුරා ප්රීතිය පැතිරවීමට අප අරමුණු කරනවා." යනුවෙනි.
Pepsi® නව ප්රචාරණ ව්යාපෘතිය , ඩිජිටල්, එළිමහන් සහ සමාජ මාධ්ය යන මාධ්යන් හරහා සමාජගත කිරීමට සැලසුම් කර ඇති අතර, දිවයින පුරා පිහිටි වෙළඳසැල් හරහා මෙන් ම තෝරා ගත් ඊ-වාණිජ්ය වේදිකාවලින් ද අවශ්ය ප්රමාණවලින් ලබා ගත හැකි ය.
නිර්මාණාත්මක ආයතනය, LOOPS ඒකාබද්ධ වේ.
December, 14, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දිනයේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 50,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

December, 14, 2022
ශ්රී ලංකාවේ බහුවිධ කර්මාන්ත ක්ෂේත්ර අතර ප්රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමානවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂී මොහොත සමරමින්, A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. දශක ගණනාවක් පුරා සමාගම සතු ශක්තිය සහ දැඩි කැපවීම ද, අනාගතය වෙනුවෙන් පවතින අභිලාෂකාමී සහ නිර්භීත සැලසුම් ඉදිරිපත් කිරීම ද එහි එක් අරමුණක් විය.
2022 නොවැම්බර් 30 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත් මෙම විශේෂ උත්සවයට මෙරට ප්රධාන පෙළේ ප්රභූවරු රැසක්ම සහභාගී වූහ. ″අපගේ ජයග්රහණ මෙන්ම දශක ගණනාවක් පුරා අභියෝග රැසක් මැද, කාලීන සහ නව්ය විසඳුම් ගෙන ඒම සඳහා පෙන්නුම් කළ අඛණ්ඩ ප්රයත්නය පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු. ඒ වෙනුවෙන්, අපගේ වටිනා පාරිභෝගිකයින්, හවුල්කරුවන්, සේවකයින් ඇතුළු සෑම දෙනාටම ස්තූතිවන්ත වෙමි″ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් A. Baur & Co. පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා පැවසුවේ ය.
ගොවීන්ට විද්යාත්මක උපදෙස් ලබා දීමටත්, කාබනික හා රසායනික පොහොර පිළිබඳ අවධානය යොමුකිරීම සඳහාත් බවර් සමාගම ඇරඹූ එහි නිර්මාතෘ ඇල්ෆ්රඩ් බවර් මහතා වෙත උපහාර පුද කිරීමට ද මෙහිදී බ්ලාසර් මහතා අමතක නොකළේ ය. වර්තමානය වනවිට මුළු කලාපයේම ඇති ඉහළම තාක්ෂණික පොහොර කම්හල ද බවර් සමාගම සතු වේ.
වර්ෂ 1901 දී වරාය සහ වැවිලි ප්රදේශ සම්බන්ධ කරමින් පළමු වරට කාර්මික දුම්රියක් තැනීම ඇතුළුව බොහෝ මුල පිරීම්වලට පෙරමුණ ගැනීමට බවර්ස් සමාගම ක්රියාකළ ආකාරයත්, වර්ෂ 1919 දී හෙන්රි ෆෝර්ඩ් කෘෂිකාර්මික ට්රැක්ටරය හඳුන්වා දීම (එය අමෙරිකාවෙන් පිටත නිෂ්පාදනය ආරම්භ කළ වර්ෂයේදීම) පිළිබඳවත්, වර්ෂ 1936 දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් බලගැන්වුණු තේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමත්, වර්ෂ 1941 දී භූගත වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කම්පනයට ඔරොත්තු දෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳවත් මෙහිදී සිහිපත් කෙරුණි.
වර්ෂ 1960 දී ඕස්ට්රේලියානු චිත්ර ශිල්පී ඩොනල්ඩ් ෆ්රෙන්ඩ් ලංකාවේදී ඇඳි පළමු සිතුවම, 1968 දී වී අස්වනු නෙලන යන්ත්රයක් පොළොන්තලාව වතුයායට යෙදවීම, පොළොන්තලාව වතුයායේ ප්රධාන නිවාසය ඉදිකිරීමට කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන්වන ජෙෆ්රි බාවා සහ උල්රිච් ප්ලෙස්නර්ගේ දායකත්වය ලබාගැනීම, වර්ෂ 1975දී ශ්රී ලංකාවේ බාස්මතී සහල් වගා කිරීම, සහ වර්ෂ 2020 දී සේනා දළඹුවන් (Fall Armyworm) මර්දනය සඳහා ශ්රී ලංකාවේ ප්රථම වරට ජෛව පළිබෝධනාශකයක් ලියාපදිංචි කිරීම ආදිය ද ආයතනික ගමන් මඟේ සුවිශේෂී අවස්ථා විය.
බවර් සමාගම වෙනත් ක්ෂේත්ර වෙත ව්යාප්ත වූ ආකාරය පිළිබඳව ද මෙහිදී බ්ලාසර් මහතා විස්තර කළේය. එනම්, වර්ෂ 1945 දී මාරාන්තික මැලේරියාව උච්චතම කාලයේදී සෞඛ්ය සේවාවට ප්රවිශ්ට වීම, වර්ෂ 1947 දී සුදු පුල්ලි රෝගයෙන් සිලෝන් ටී ආරක්ෂා කරගැනීම වෙනුවෙන් Sandoz සමාගම සමඟ එක්ව විශේෂ ඉසිනක් නිපදවීම, වර්ෂ 1957 දී Swissair සඳහා නියෝජිතයින් ලෙස කටයුතු කිරීම ඇරඹීම, වර්ෂ 2021 දී ලොව ප්රමුඛ පෙළේ ස්විස් ආධුනිකත්ව ආකෘතියක්වන École hôtelière de Lausanne හඳුන්වා දීම ආදිය ඊට ඇතුළත් විය.
1982 වර්ෂය ආරම්භයේ සිට IBM සමඟින් එක්ව බවර් සමාගම සිය ඩිජිටල් පරිවර්තනයෙහි දිගු ගමනක් පැමිණ ඇති අතර, වර්ෂ 1991 සිට HSBC බැංකුවේ පළමු ඊ-බැංකු (Hexagon) පාරිභෝගිකයා ද විය. සමාගම SAP S/4HANA හි ප්රථම අධිශ්රේණිගත සක්රීය කිරීම ද පසුගිය වසරේදී මුළුමනින්ම බාහිරව සිදු කර ඇත. අද වනවිට සයිබර් ආරක්ෂාව, ආපදා ප්රතිසාධනය, විකුණුම් බළකා ස්වයංක්රීයකරණය, machine learning, කෘතිම බුද්ධිය සහ IoT ඒකාබද්ධ කරගත් එහි තාක්ෂණික යටිතල පහසුකම් උසස්ම තත්ත්වයේ පවතී.
පසුගිය වසරේදී ශ්රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්රවේශයක් වෙත ගමන් කිරීමේ අභිප්රාය ප්රකාශයට පත් කළ අවස්ථාවේදී, බවර් සමාගම මුහුණ දුන් කාබනික පොහොර අභියෝගය පිළිබඳව ද බ්ලාසර් මහතා වැඩිදුරටත් විස්තර කළේ ය. සමාගම දිගු කලක් තිස්සේ විවිධ පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම්වලට සම්බන්ධ වී ඇති අතර, උදාහරණ ලෙස 2017 වසරේ සිට මේ දක්වා කිරි සහ කුකුළු ගොවිතැනෙන් පොහොර, රොන්මඩ, ජෛව කාබන්, කොම්පෝස්ට් සහ ගැඩවිල් දියර පොහොර (vermicompost) හඳුන්වා දීම පෙන්වා දිය හැක.
තව ද, තිරසාර කාබනික කෘෂිකර්මාන්තය සඳහාවන සිය පරිපූර්ණ ප්රධාන සැලැස්මේ කොටසක් ලෙස ස්විට්සර්ලන්තය පදනම් කරගත් FIBL සහ HAFL වෙතින් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට ද බවර් සමාගම ක්රියා කළේ ය. ඒ හරහා අපේක්ෂා කෙරුණේ විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව අඛණ්ඩ ගැඹුරු අධ්යයන විශ්ලේෂණයක් සහ විසඳුම් වැඩසටහනක් තුළින් තිරසාර කාබනික කෘෂිකර්මාන්තය සඳහා විශිෂ්ටත්ව මධ්යස්ථානයක් බවට පත්වීමට ය. ස්විට්සර්ලන්ත විශේෂඥයින් සමඟ සමීපව කටයුතු කරන HAFL උපාධිධාරී ජැක් කෝලිගේ සහාය සමඟින් බවර්ස් කැලණිය කර්මාන්ත ශාලාවේ චන්ද්රිකා කාර්යාලය ද විවෘත කෙරුණි.
බවර්ස් සමාගම තම ස්විට්සර්ලන්ත සම්ප්රදායන් සහ සාරධර්ම ගැඹුරින් මුල් බැස ගත් නායකත්ව කණ්ඩායම සමඟ තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. විශේෂයෙන්ම Foundation Alfred et Eugénie Baur කොටස්හිමිකාරීත්වය සමඟ, සමාගම සෑම විටම සිය සේවකයින්ගේ සහ ශ්රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත. එහි ඇතැම් ආයතනික සමාජ වගකීම් ක්රියාකාරකම් අතර විශේෂ අවශ්යතා සහිත දරුවන් සවිබල ගැන්වීම, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ හදිසි සහන සේවා ආදිය ඇතුළත් ය. එක්සත් ජාතීන්ගේ Global Compact initiative සමඟ මෑතකාලීන හවුල්කාරිත්වය සමඟ ද බවර් සමාගම තිරසාරත්ව දිශානතිය තුළ ප්රගතියක් ලබා ඇත.

Baur & Co. පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහත
සේයාරූ : Baur & Co. පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය, ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සමඟ
December, 14, 2022
මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප්රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්රී ලංකා අයෝජන මණ්ඩලය (BOI) සමඟින් පසුගියදා එළැඹුණි.
ඒ අනුව, ඉදිරි වසර දෙක තුළදී, එයාර්ටෙල් විසින් සිය නවතම ආයෝජනයන් සිය ජාලයේ අමතර වැඩිදියුණු කිරීම් සඳහා යොමු කරනු ඇති අතර දිවයින පුරා විසිර ඇති 2G සහ 4G සේවාවන් තවත් ශක්තිමත් කිරීම සඳහා වන සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් සඳහා ද යොදා ගනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”2007 දී ශ්රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට ජාත්යන්තර මට්ටමේ ජාල අත්දැකීමක් ලබා දීම සඳහා වන වැඩිදියුණු කිරීම්වලට එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා. අප ගනු ලැබූ මෙම සියලූම ප්රයත්නයන් තුලින් අද වන විට මිලියන තුනක ශ්රී ලාංකික ජනතාවක් සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලබා දී තිබෙනවා. මීට අමතරව සෘජු හා වක්ර රැකියා අවස්ථා 2,000 කට වැඩි සංඛ්යාවක් ලබා දීමට අප කටයුතු කර තිබෙන අතර අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය හරහා තවත් ශ්රී ලාංකිකයන් 65,000 කට ජීවත් වීමට ආදායම් උත්පාදනය කර දී තිබෙනවා.’’ යනුවෙනි.
”විශේෂයෙන්ම ශ්රී ලංකාව වෙත කෙරෙන සෑම සෘජු විදේශ ආයෝජනයක්ම අත්යවශ්ය වී ඇති අවස්ථාවක, අපගේ මෙම ආයෝජනය මගින් මෙරට ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ගැන එයාර්ටෙල්හි ඇති අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කරනවා. ඒවගේම ශ්රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවීමට දීප ව්යාප්තව අප දරන උත්සාහයන් සඳහා අප නැවත නැවතත් කැපවී සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
තවද එයාර්ටෙල් හි ප්රධාන ජාලය ද ඇතුළුව දැනට පවතින ජාල යටිතල පහසුකම් වෙනස් කිරීම හෝ වැඩිදියුණු කරනු ඇති අතර සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් ද හඳුන්වා දෙනු ඇත.
ඉදිරියේදී එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත්රයේ සංවර්ධනයට අවශ්ය සහාය ලබා දීමට ලැබෙන සෑම අවස්ථාවක් පසුපස හඹා යන බවද අශීෂ් මහතා මෙහිදී පැවසුවේය. එමෙන්ම ලෝකයේ විශාලතම විදුලි සංදේශ සේවා සමාගම් තුනෙන් එකක් ලෙස රට රටවල් අතර සහයෝගීතාවයන් ඇති කර ගැනීමටත් ශ්රී ලංකාව තුළ ක්රියාකාරී 5G ජාල නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික ආයෝජන සඳහා පහසුකම් සැලසීමටත් එයාර්ටෙල් සතු සුවිශේෂී ශක්තිය උපරිමයෙන් භාවිත කරන බව ද ඔහු විශේෂයෙන් සඳහන් කළේය.
”රට මේ වන විට මුහුණ දී සිටින තීරණාත්මක මොහොතකදී මෙවැනි සැලකිය යුතු සෘජු විදේශ ආයෝජනයක් ලබා දීමට පියවර ගැනීම පිළිබඳව අපි එයාර්ටෙල් ලංකා සමාගමට කෘතඥ වෙනවා. ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැදගත් දායකත්වයක් ලබා දීම මගින් ආර්ථිකයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නව අවස්ථා නිර්මාණය කිරීමට හැකි වන අතර සෘජු විදේශ ආයෝජන රට තුලට ගලා ඒම සඳහා අප ගන්නා උත්සාහයන් සඳහා එය කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් ශ්රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා පැවසුවේය.
සෑම ශ්රී ලාංකික පුරවැසියෙකුගේම ජංගම දුරකතන අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා එයාර්ටෙල් ශ්රී ලංකා විසින් සිදු කරන ලද සෘජු විදේශ ආයෝජන මාලාවේ නවතම පියවර ලෙස මෙම මෙම එකඟතාවය පෙන්වා දිය හැකිය. එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා වෙළෙඳපොල තුළ සිය පැවැත්ම, ධාරිතාව සහ අත්දැකීම්/හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ක්රියාමාර්ග ගනු ලැබීය. ඒවා අතර එයාර්ටෙල් හි විප්ලවීය 4G Freedom Unlimited පැකේජ සහ මෙරටදී සිදු කළ වාර්තා ගත 5G අත්හදා බැලීම කැපී පෙනේ.
December, 14, 2022
Microsoft සහ LinkedIn එක්ව ක්රියාත්මක කරන Skills for Jobs වැඩසටහනේ මීළඟ අදියර ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මේ වනවිට සැලසුම් කර ඇත. මේ යටතේ නොමිලේ පාඨමාලා 350 ක්, නව Career Essentials සහතික 6 ක් සහ LinkedIn Learning ශිෂ්යත්ව 50,000 ක් පිරිනැමෙන අතර, 2025 වසර වන විට, ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා මිලියන 10 කට අධික පිරිසක් පුහුණු කිරීම සහ ඔවුන් සහතිකකරණය කිරීම Microsoft හි අපේක්ෂාව වී තිබේ. මෙය මීට පෙර ලොව පුරා මිලියන 80 කට අධික පිරිසකට තම ඩිජිටල් කුසලතා වැඩිදියුණු කරගැනීමට උපකාරී වූ Global Skills වැඩසටහනේ ඉදිරි පියවරකි.
මේ දක්වා LinkedIn, Microsoft Learn සහ ලාභ නොලබන පුහුණු වැඩසටහන් හරහා පුහුණුව ලබා දී ඇති පිරිස මිලියන 14 ඉක්මවන අතර, මේ අතරින් 101,000 කට අධික පිරිසක් ශ්රී ලාංකිකයන් ය. ශ්රී ලංකාවේ ප්රධානතම LinkedIn Learning Pathways ලෙස හඳුනාගෙන ඇත්තේ Project Manager, Digital Marketing Specialist, Software Developer, Critical Soft Skills, Financial Analyst සහ Graphic Designer යන රැකියා අංශ හයයි.
වැඩසටහනට අදාළව, වැඩිම ඉල්ලුමක් ඇති රැකියා අංශ හය (Administrative Professional, Project Manager, Business Analyst, Systems Administrator, Software Developer හෝ Data Analyst) තෝරාගැනීම සඳහා, LinkedIn සහ Burning Glass Institute වෙතින් දත්ත ලබාගෙන රැකියා ඇබෑර්තු විශ්ලේෂණයට ලක්කිරීමට Microsoft කටයුතු කළේ ය. ඉංග්රීසි, ප්රංශ, ජර්මානු, ස්පාඤ්ඤ, පෘතුගීසි, සරල චීන සහ ජපන් යන භාෂා හයෙන් මෙම පාඨමාලා හැදෑරිය හැකි වේ. මෙය ඩිජිටල් ආර්ථිකයක් තුළ සාර්ථක වීම සඳහා අවශ්ය දැනුම, තාක්ෂණය හා අවස්ථාවන් ලොව පුරා ජනතාවට ලබාදීම සඳහා Microsoft දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.
“ශ්රී ලංකාව තුළ කාටත් පොදු ආර්ථික හා සමාජයීය ප්රගතියක් අත්කර ගැනීම සඳහා, වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ කුසලතා පරතරය පියවීම අත්යවශ්යයි. ලොව පුරා මිලියන 10 ක පිරිසකට වර්තමානයේ වැදගත් වන දැනුම හා පුහුණුව ලබාදීමට අප දරන මේ උත්සාහය ඔස්සේ, අඛණ්ඩව සියලුම දෙනාට තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අවස්ථාවන් සලසා දෙමින්, ඔවුන්ට නවෝත්පාදන වැළඳ ගනිමින් දියුණුව කරා යා හැකි රැකියා අවස්ථා විවෘත කර දීම අපගේ අරමුණයි. මේ ආකාරයට ශ්රී ලංකාවේ සියලුම දෙනාට, ක්රමයෙන් පුළුල් වන ඩිජිටල් ලෝකය තුළ වැඩි වැඩියෙන් සාර්ථක වීම සඳහා අත්වැලක් වීමට LinkedIn සහ අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.” Microsoft සමාගමේ ශ්රී ලංකා සහ මාලදිවයින් ප්රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.
නව Career Essentials සහතිකකරණ වැඩසටහන සැලසුම් කර ඇත්තේ, රැකියා අවස්ථා උදාකර ගැනීම පහසු වන ආකාරයට, මූලික ඩිජිටල් සාක්ෂරතා මට්ටමේ සිට වඩාත් දියුණු තාක්ෂණික හැකියාවක් දක්වා තම කුසලතා වැඩිදියුණු කරගනිමින් ඒ සඳහා නිසි සහතිකකරණ හිමිකර ගැනීමට වෘත්තිකයන්ට අවස්ථාව ලැබෙන පරිද්දෙනි. එක් Learning Pathway ධාරාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කළ පසුව, එය තහවුරු කිරීම සහ අදාළ පුද්ගලයාගේ කුසලතා මට්ටම දැක්වීම සඳහා ඔහුට හෝ ඇයට LinkedIn සහතිකයක් හිමි වේ.
මෙම වැඩසටහන යටතේ හැදෑරිය හැකි පාඨමාලා පිළිබඳ සියලු තොරතුරු opportunity.linkedin.com වෙබ් අඩවියේ දක්වා ඇත. මීට අමතරව Microsoft මගින් නිර්මාණය කරන ලද වෙනත් පාඨමාලා Microsoft Community Training (MCT) හි දක්වා ඇති අතර, ලාභ නොලබන හවුල්කරුවන්ට වෙනත් ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) සමග භාවිතා කිරීම සඳහා බාගත කළ හැකි ආකාරයට ඒවා සකස් කර තිබේ.
December, 14, 2022
ගොඩවාය දියබත් නෞකාව සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඩොලර් 82,900 ක් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා පැවැත්වුණි. ශ්රී ලකාවේ මධ්යම සංස්කෘතික අරමුදලට මෙම ප්රදානය ලැබෙන්නේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදලෙනි.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, ශ්රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සහ ජ්යෙෂ්ඨ පුරාවිද්යා නිලධාරී රසික මුතුකුමාරණ යන මහත්ම මහත්මීන් එක්වූහ.
ශ්රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් මුලින් සොයා ගන්නා ලද ගොඩවාය, ආසියා ශාන්තිකර කලාපයේ දැනට හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නැව වන අතර, ලොව සොයාගත් පැරණිතම ගිලී ගිය යාත්රාවලින් එකකි. හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටා ඇති එයට විඛාදනයට ලක් වූ ලෝහ පොලු රැසක් සහ වීදුරු කුට්ටි සහ මැටි භාණ්ඩ ඇතුළු අනෙකුත් විසිරී ගිය පැරණි භාණ්ඩ ඇතුළත්ය.
Video Story