• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • Gold
  • increased
  • sri lanka

මහ බැංකුවේ රන්, ඩොලර් සංචිත වැඩි වුණේ මෙහෙමයි

December, 8, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල ඉහළ යාමක් පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වේ.

ඒ අනුව 2022 නොවැම්බර් මාසය අවසානයේ දී නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,804 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ තිබුණු ඩොලර් මිලියන 1,705 ක් වූ නිල සංචිත වත්කම් වටිනාකමට සාපේක්ෂව 5.8% ක වර්ධනයක් වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,610 සිට ඩොලර් මිලියන 1,732 ක් දක්වා 7.6%කින් වැඩි වී ඇත.

මේ අතර රන් සංචිතය ද 2022 නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 25 සිට ඩොලර් මිලියන 27 ක් දක්වා 8.3% කින් ඉහළ ගොස් තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Eran Wickramaratne
  • sri lanka

ෆේල් අයවැයක් – ඉරාන්

December, 8, 2022

සීනි බදු, රැඳවුම් බදු හා දුම්කොළ බදු වැඩි කරන්නැයි ඉරාන් රජයට යෝජනා කරයි

රටේ ආර්ථිකය අඛණ්ඩව සංකෝචනය වෙමින් පවතින විට ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අය වැය මගින් පෙන්වා දුන් පරිදි  රාජ්‍ය ආදායම 61 % න් වැඩි වන්නේ කෙසේ දැයි සමගි ජන බලවේගය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ආරම්භ කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයේ වෙන් කරන ලද වියදමින් රු 10 ක් කපා හරින ලෙස සාම්ප්‍රදායික යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළ වික්‍රමරත්න මහතා මේ අය වැය ඉදිරිපත්කරමින් 61 % කින් රටේ ආදායම ඉහල යන අතර රාජ්‍ය වියදම 31 % වඩිවන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2023 දී රාජ්‍ය ආදායම  රු ට්‍රිලියන 1.3 කින් ඉහල යන බව ප්‍රකාශ කළ අතර 2025 වන විට ප්‍රාථමික ඉතිරිය 2 % ක අතිරික්තයකට ගෙන එනවයි කිව්වා. අඛණ්ඩව සංඛෝචනය වෙමින් පවත්නා ආර්ථිකයක් තුළ අය වැය යෝජනාව 2023 වසර සඳහා වූව ද රජයේ අපේක්ෂා සියල්ල තිබෙන්නේ 2025 වසර ඉලක්ක කරගෙනයි. 1948 න් පසු 2048 වසරේ දී නවීන ලෝකයේ සංවර් ධිත ශ්‍රී ලංකාවක් හදනවයි සිහින ලෝකයක් මවා පෑම් කළා පමණයි අය වැයෙන් සිදු වූයේ.

“මෙම අය වැය යථාර්ථවාදීත් නැහැ, සාධාරණත් නැහැ, මෙහි ඉලක්කයන් මිථ්‍යාවන් ය, ඒ නිසා 2023 අය වැය ෆේල් අය වැයක් වෙනවා නිසැකය. මේ අය වැය රටේ අනාගතය වෙනුවෙන් ද? “ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කළේය.

අය වැය පිළිබඳ විවාදය පැවති මාසයක් පුරාවටම රජය 2023 අය වැය අහසේ තිබෙන මාලිගාවක් වගේ හදාගෙන ගියා. මුදල් අමාත්‍යාංශයේ උගත් නිලධාරීන් මෙවන් අය වැයක් මේ සභාව හමුවේ තැබුවේ කෙසේද යන්න ගැටලුවකි. මට හිතෙන්නේ මෙය දේශපාලන හස්තයක්  මත විදහා දක්වමින් ආත්මාර් ථකාමී බලය යොදවමින් කරපු අය වැයක් කියලායි.

අපිට ඉෂ්ඨ කරන්න පුළුවන් ඉලක්ක රටට ලබා දෙන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා එසේ නොමැති නම් මෙයට පෙර ශ්‍රී ලංකාව එකඟ වූ ගිවිසුම්වලට වුණු දෙය මෙම ගිවිසුමට ද අත් වනු ඇතැයි කීය.

“ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. සමඟ ගිවිසුම් 16 ක් අත්සන් කළා. එයින් නවයක් අවසන් කළා හතක් අසම්පූර්ණ විය. මේ යන විදියට මේ රජය යටතේ ඉදිරි ගිවිසුම ද සම්පූර්ණ කරන්නට නොහැකිවනු ඇතැයි එයට අත්සන් තබන්නටත් පෙර ප්‍රකාශ කල හැකියි. අපි කරන්න පුළුවන් අරමුණුවලට පමණයි ජාත්යන්තර අරමුදල සමඟ එකඟ විය යුත්තේ. කරන්න බැරි යෝජනාවලට එකඟ වීමෙන් රට තවත් අගාධයට තල්ලුවන්නට ඉඩ තිබෙනවා.“

සමගි ජනබලවේගය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මේ අය වැය නිර්මාණය  කරන්නේ නම් රාජ්‍ය ආදායම් වැඩි කරන අළුත් යෝජනාවල් අපි එයට ඇතුළත් කරනවා.

විදුලිය බලය ගැන ලොකු වාද විවාදයක් ගියා. එහිදී ගනු ලබන තීරණ දිහා බලන විට ආණ්ඩුව ඇතුළේ ආණ්ඩු දෙකක් තිබෙන බවක් සිතෙනවා. අගමැතිතුමා සහ සභානායක එක්ව එක රජයක් ගෙන යන ගමන් විදුලි බල අමාත්‍යවරයා හා අනෙක් අය තවත් ආණ්ඩුවක් ගෙන යන බවක් පෙනෙනවා යැයි කීවේය.

මේ රජය බලයට පැමිණි වහා සීනි බද්ද රු 50/ සිට ශත විසිපහට අඩු කිරීමෙන් රු බිලියන 15.9 ක් අහිමි වුනා කියා භාණ්ඩාගාර නිලධාරීන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අද වන තුරු සීනි බද්ද වැඩි නොකිරීමෙන් රජයට රු බිලියන 57 ක් අහිමි වුනා. ඇයි එම සීනි බද්ද වැඩි නොකරන්නේ.

2000 වසරෙන් පසුව දුම්කොළ බදු වැඩිවන විට එහි වැඩි වාසිය ගියේ සමාගමටයි. මෙයින් රජයේ ආදායම ප්‍රමාණවත් ලෙස ඉහල ගියේ නැත. ඒ නිසා වැඩිකරන බදුවලින් වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාරයට ලැබෙන පරිදි දුම්කොල සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. වසර හතරකට පෙර මිල සූත්‍රයක් හඳුන්වාදුන් අවස් ථාවේ දී මිල සූත්‍රයක් ඕනෑ නම් ආණ්ඩුවක් අවශ්‍යදැයි වර් තමාන රජයේ නායකයන් එදා ඇසුවා. දුම්කොල සඳහා මිල සූත්‍රයක් තිබෙන්නේ නම් රු බිලියන 35 ත් 45 ත් අතර අමතර ආදායමක් රජයට ලබා ගත හැකියි.

ඉවත් කරන ලද රැඳවුම් බද්ද යළි 5 % ක් ලෙස නියම කර තිබෙනවා. එයින් රු බි. 90 ක් පමණ රජය අපේක්ෂා කරනවා. සෑම බද්දකින්ම ධන සහ සෘණ  පැති තිබෙන නමු දූ රජයට ආදායම වැඩි කිරීම පැත්තෙන් කල්පනා කර රැඳවුම් බද්ද වැඩි කිරීමෙන් ඇස්තමේන්තු මුදලට වඩා රු බි 200 ක් පමණ ලබා ගත හැකිය. බදු පරිපාලනය ඉතා දුෂ්කර කාර්යයක් වන බැවින් එක්වර එකතු කළ හැකි දුම්කොල බදු, රැඳවුම් බදු හා සීනි බදු වැඩි කිරීමෙන් පමණක් අමතරව රු බිලියන 240 ක් පමණකින් රාජ්‍ය ආදායම වැඩි කල හැකියි.

ඉදිරි අය වැය වියදමෙන් රු බිලියන 80 ක් පමණ අඩු කර ගත නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කරගත නොහැකිවන අතර රජය මීළඟ වසරේ තම නොහැකියාවට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි, ඉරාන් වික්‍රමරත්න මහතා මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයේ දී අවධාරණය කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Basic Course in Aircraft Maintenance
  • EASA 66
  • sri lanka
  • SriLankan Aviation College

ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව නැවත ආරම්භ කරයි

December, 8, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල වසර හතරක විරාමයකින් පසු ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව  නැවත හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ලොව පිළිගත් ඉහළ ඉල්ලුමක් ඇති මෙම පාඨමාලාව ගුවන් යානා නඩත්තු ක්ෂේත්‍රයේ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන් සඳහා ලබාදෙන වටිනා අවස්ථාවකි.

EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) සහ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පකිස්ථානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අනුමත කර ඇත. මෙම පාඨමාලාව හදාරන සිසුන්ට යාන්ත්‍රික (B1.1) සහ Avionics (B2) යන විෂය ධාරාවන් දෙකෙහිම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙයි.  යාන්ත්‍රික විශය ප්‍රධාන වශයෙන් එහි ව්‍යුහය සහ අදාළ පද්ධති වැනි ගුවන් යානයක යාන්ත්‍රික අංග සමඟ සම්බන්ධ වේ. Avionics යනු ගුවන් යානා වල විදුලි හා ගුවන්විදුලි උපකරණ සහ පද්ධති සමඟ සම්බන්ධ වන විශයකි.

එයාර්බස් හි ගෝලීය වෙළඳපල අනුමානයන්ට අනුව 2040 වන විට තවත් මිලියනයකට ආසන්න ගුවන් යානා නඩත්තු කාර්මිකයන් සහ ඉංජිනේරුවන් සඳහා අමතර ඉල්ලුමක් දැකිය හැකි වන අතර, එය ගුවන් සේවා කර්මාන්තයේ වර්ධනයට අනුකූල වේ.  ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසලේ ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව අලුත් කිරීම තුළින් ශ්‍රී ලාංකීය සිසුන්ට මෙම ගෝලීය වෘත්තීය  හැදැරීමට මෙන්ම ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළ නිපුණතා ඇති දේශීය දක්ෂතා ඇති කිරීමට ද උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලය කලාපයේ EASA අනුමත පුහුණු ආයතන අතලොස්සෙන් එකක් වන අතර,ගෝලීය ප්‍රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ නා අවබෝධයෙන් ඔවුන් කටයුතු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ශ්‍රී ලාංකිකයන් සහ ජාත්‍යන්තර සිසුන් විශාල පිරිසක් සඳහා කටුනායක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපයා තිබේ. එය රාජකීය ගගනගාමී සංගමයේ (RAES) සහ යුරෝපීය ගුවන් සේවා නඩත්තු පුහුණු කමිටුවේ (EAMTC) සාමාජිකයෙකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් සේවා පුහුණුව පිළිබඳ වසර 34 කට වැඩි පළපුරුද්දක් ඇතිව සිසුන්ට සහ වෘත්තිකයන්ට පුළුල් ගුවන් සේවා සහ ආයතනික පුහුණු විකල්පයන් ලබා දෙයි.

මේ සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට training@srilankan.com යන ලිපිනයට ඊමේල් පණිවිඩ යොමු කළ යුුතුව ඇති අතර වැඩි විස්තර සඳහා www.srilankanaviationcollege.com යන

වෙබ් අඩිවියෙන් ලබාගත හැක.

  • Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • sri lanka

උගතුන් රට හැර යාම අවාසනාවන්ත තත්ත්වයක් – රංජිත් සියඹලාපිටිය

December, 8, 2022

“ඒකපුද්ගල ආදායම, උද්ධමනය වැනි වැනි කරුණුත් සමග ගලපා දරිද්‍රතා රේඛාවෙන් පහළ  සිටින ජනතාව පිළිබදව විද්‍යාත්මකව සොයාගැනීම මුදල් අමාත්‍යාංශය විසින් සහ මහා බැංකුව විසින් මෙ වනවිට සිදු කරනු ලබනවා. ඒ වගේම රජයෙන් ආධාර ලබාදියයුතු පිරිස හදුනාගැනීමට මේ වනවිට රජය විසින් පැහැදිළි සංගණනයන් කරගෙන යනවා. ඒ වෙනුවෙන් ජනතාව වෙතින්ම තොරතුරු ලබාගත් අතර තිස්හතර ලක්ෂයක් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයින්ගේ නිවෙස්වල ගොස්, සැබවින්ම ආධාර ලැබියයුතු කොටස් දැයි දැනගැනීමට ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට එසේ ආධාර ලැබියයුතු පිරිස් වෙත ආධාර ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ විෂය භාරව සිටින අනුප පැස්කුවල් අමාත්‍යතුමා සම්පූර්ණ විස්තරයක් ඉතා නුදුරේදී ලබාදීමට බලාපොරොත්තු වෙනවා“, යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

අද (08) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගි වෙමින් අමාත්‍යවරයා විසින් මේ බව පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2023 අයවයහි සදහන් වන්නේ ප්‍රතිව්‍යුහත කිරීම් යනු ජාතික සම්පත් විදෙස් සමාගම් වලට විකිණීමක් නොවේ. එය පහත සදහන් පරිදි විවිධ ක්‍රමයන් යටතේ සිදුකළ හැක. ගැලපෙන පරිදි ආයතනයේ ව්‍යුහය කොටස් වලට වෙන්කර පාලනය කිරීමට  සැලැස්වීම, එක සමාන කටයුතුවල යෙදෙන ආයතන ඒකාබද්ධ කිරීම, කලමනාකාරීත්වය රජය සතුව තබාගනිමින් ක්‍රියාකාරීත්වය පුද්ගලික අංශය පැවරීම, කලමනාකාරීත්වය පුද්ගලික අංශයට තබා ගනිමින් අනෙකුත් අංශ රජය සතුව ලබාගැනීම, කොටස් වශයෙන් හෝ  සම්පූර්ණයෙන් බදුදීම,  49% ක් අන්සතු කිරීම, විනිවිදභාවයෙන් යුතු ක්‍රමවෙදයක් යටතේ ආයතනය වෙන්සමාගමක්  වෙත පැවරීම. රජය සතුව මේ ගනයට වැටෙන ආයතන 430 ක් පමණ ඇත.  එම සමාගම් වෙනුවෙන් රජය විසින් වාර්ෂිකව වැයකරන මුදල් පහත පරිදිය. 2017 - රු.බි.318, 2018- රු.බි. 307, 2019 - රු.බි. 395, 2020 - රු.බි.545, 2021 - රු.බි. 367. 2021 වසරේ අධ්‍යාපනය සදහා වූ මුලු වියදම රු. බිලියන 445.  2021 සෞඛ්‍ය සදහා රු. බිලියන රු. 375.“

“මේ වනවිට විදේශ විනිමය සංචිතය නාමිකව ඩොලර් බිලියන 1.6 කි. රුපියලේ වටිනාකම මේ වසරේදී විශාලතම වශයෙන්,   80% කින් අව ප්‍රමාණය විය. පසුගිය අප්‍රේල් මාසයේදී අප තාවකාලිකව ණය නොගෙවනවායැයි අදහස් කොට මාස 08 කට ආසන්නය විනිමය හිගය තුළින් පැන නැගුන උග්‍ර ආනයන භාණ්ඩ හිගය, මිනිසුන් මැරී වැටුණ සැලපුම් ගණන දිග තෙල් පෝලිම්, ගෑස්, පොහොර පෝලිම්, ඹෞෂධ හිගය අපට මත ඇත. දැනටත් සපුරා විසදී නෙැමැති කරුණූ සහා අප ස්ථීර විසදුම් සෙවිය යුතුය. විකල්ප ප්‍රතිපත්ති  කේන්ද්‍රය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවක සදහන් වූයේ වයස 16 - 22 අතර ප්‍රජාවගෙන් 78.2%  අවස්ථාවක් ලැබුණොත්  රට හැර යමට කැමැත්තෙන් සිටින් බවයි. උගතුන් රට හැර යම අවාසනාවන්ත තතත්වයකට පත්ව ඇත.“

“2021 දී  තුන්ලක්ෂ අසූ දෙදහස් පන්සියයක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අතර 2022 සැප්තැම්බර් වනවිට එම සංඛ්‍යාව හත්ලක්ෂයක් දක්වා එය වර්ධනය වී තිබේ. අප දිගින් දිගටම ගෙන ඇති ගතානුගතික ප්‍රතිපත්ති ගැන අප ආපසු හැරී බැලිය යුතු නොවේද.  නොපෙනෙන ආර්ථික ගොහොරුව ඔවුන් මෙම මානසිකත්වයට පත්කර ඇති බව අප කවුරුත් පිළිගත යුතුය. ඉතා අසීරුවෙන් රැකගෙන ඇත්තේ  සැබෑ සම්පත්දැයි විමසීමට කාලය පැමිණ ඇත. ලෝකයේ දියුණූ රටවල් සමග බලන විට පුද්ගලික අංශයට සාපේක්ෂව  රාජ්‍ය අංශය 200% කින් ඉහළ අගයක් පෙන්වයි. නමුත් දියුණූ රටවල සංකල්පය වී ඇත්තේ රජය ව්‍යාපාරයන්හි යෙදී නොව විශේෂ ක්ෂේත්‍රයන් නිසි පරිදි නියාමනය කරමින්, ආයතන ලබාගන්නා ලාභයෙන් ඉහළ කොටසක් රජය ලබාගැනීමයි.“

“ප්‍රතිව්‍යුහගතකිරීමකදී වැදගත්යැයි රජය පවසන කරුණු නම්, පැහැදිළී විනිවිදභාවය, මෙතෙක් එම ආයතනයන්ගෙන් ජනතාව ලද සේවය වඩාත් දියුණූ  තලයකට ගෙනයාම, රැකියාවන් හා සේවක අයිතිවාසිකම් සුරැකීම්, ජාතික ආර්ථිකයට ආරක්ෂාවට රිනාත්මක බලපෑම් ඇති නොවීම, සෘජු නියාමනයක් රජය විසින් පවත්වාගෙන යාම,   ආයතන පවත්වාගෙන යාමේ බර ජනතාව වෙත පැටවීම වෙනුවට ලාභයෙන් සාධාරණ කොටසක් බදු ලෙස රජය වෙත ලබාගැනීම,  විදේශ සංචිත වර්ධනය කරගැනීම සහ එමගින් රුපියලේ අගය නැවතත් ශක්තිමත් කරගනිමින් රටින් ගෙන්වන බඩුවල මිල අවම කරගැනීම.“

“රටක විදුලිබල  නිෂ්පාදනය මිශු ජනන පද්ධතියක් තුළ ක්‍රියාත්මක කිරීම, එහි ස්ථාවර බව රැකගැනීමට හේතුවන බව පිළිගත් මතයයි. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දියුණූ කළයුතු බව අවිවාදාත්මක කරුණකි. මෙවැනි අංශ වැඩි දියිණූ කරනවා වෙනුවට සිදුකරන කාර්යය ඉතා බරපතල වී තිබේ. කුඩා ජලවිදුලි බලාගාර හා  සූර්ය බලාගාර සහ  සුළං බලාගර වෙත ලංවිම විසින් සිදුකළ යුතු ගෙවීම් වසරකින් සිදුකර නොමැත. එය රු. බිලියන 36ක් පමණ වේ. රට වටා මහා සාගරයක් ඇති රටක් හැඑියට මුහුදු රළ හ පීඩනය මගින් විදුලිය නිපදවීම වැනි  නව තාක්ෂණය ගැන සිතීමටවත් මෙම තත්ත්වය යතේ නොහැකිවීඇත. ජනප්‍රිය සංකල්ප වලින් මිදී  අප සිහියට ගතයුත්තේ, වෙන කිසිදු කලෙක සිදුනොවූ පරිදි අප මේ වසරෙදී ආර්ථික අවපාතයකට වැටී ඇති බවයි.  වර්ථමාන රජය විසින් ගත් විවිධ යහපත් මූල්‍ය කලමණාකාරණ  තිරණ නිසා ජනතාව මුහුණ දුන් අසීරු ගැටලු කිහිපයක් යම් දුරකට විසදුන නමුත් තවදුරටත් අප සිටින අසීරු තත්තවය තේරුම්ගෙන ස්ථිරසාර ආර්ථිකයන් සදහා ගතයුතු ප්‍රායෝගික තීරණ ගතයුතුව ඇත. මෙම තීරණ කෙතරම් අසීරු වුවත් අනාගතය වෙනුවෙන් ඒවාට මුහුණ දියයුතුවම ඇත.“

“ඒ අනුව 2022 අයවැය කතාව තුලදී  ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝජනාවී ඇති අතර  ඒ සදහා මේ වනවිට ප්‍රතිව්‍යුහගත ඒකකය මගින් සිදුවෙමින් පවතී. විදුලිය සදහා නිශ්චිත මිල ක්‍රමයක්  නොමැති බැවින් ලංවිම බිලියන රු. 304  සමුච්චිත අලාභයක් ලබා ඇති අතර ඛනිජ තෙල් සංස්ථාවට, බැංකු වලට බිලියන 147  ක වැනි ණයක් ගෙවීමට නොහැකි වී තිබේ.  මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සැලසුම් කරමින් සිටී. මේ සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාවට ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව විදුලිබල පනතක් සකස් කිරීම, සමාගම් 8 ක් පිහිටුවීම, එකක් පුනර්ජනනීය බලශක්තිය සඳහාම වීම, සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන්ම අත්‍යාවශ්‍ය පුද්ගලයින් පමණක් ස්වේච්ඡාවෙන්  විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇත.  නව පනත යටතේ විදුලිය සදහාම පමණක් නියාමන සභාවක් පිහිටුවන අතර එහි ප්‍රධාන අරමුණ පාරිභෝගික ආරක්ෂාවයි“, යැයි පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • Litro Gas
  • sri lanka

දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෑස් මිල වෙනස් වෙන හැටි

December, 8, 2022

එක් එක් දිස්ත්‍රික්කයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ලිට්රෝ ගෑස් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල දී ගත හැකි අවම මිල සටහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රු. 4,610 ක් වේ.

වැඩිම මිල යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මිල දැක්වෙන්නේ රු. 4,990 ක් ලෙසයි.

අදාළ සම්පූර්ණ මිල ලැයිස්තුව පහතින් දැක්වේ.

  • Ada Derana BIZ Sinhala
  • Harsha de Silva
  • Parliament
  • sri lanka

දැඩි කොන්දේසි මත කැසිනෝ නියාමන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය

December, 8, 2022

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සඳහා දැඩි කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ.

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

"රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියමය සහ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග. අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කරා. ඒ කොන්දේසි දෙකක් තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව මේ කැසිනෝ වලට ලයිසන් දෙන්න තමයි මේක ගෙනාවේ. අපි ඒකට දැඩිවම විරුද්ධ වුනා. ඊට පස්සේ අපි කිව්වා අපි මේක දෙන්නම් නියාමන අධිකාරියක් කවද ද පිහිටුවන්නේ, කවුද ඒකට වග කියන්නේ, මොනව ද තියන වගකීම් කියලා අපිව දැනුවත් කරලා එන්න කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා 24 අවසන් වෙනකන් ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒක අපි ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් නිර්මාණය කරනවා කියලා ඒ දීපූ පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය සඳහා අපි මේ අනුමැතිය දීලා තියනවා. හැබැයි ගරු කතානායකතුමනි මම ඒක සභාගත කරනවා. හැන්සාඩ්ගත කරන්න කියලා. ඒකේ අත්සන් කරලා අපි අරන් තියනවා. අපි දිගින් දිගටම හැම මාසේම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ කට්ටිය මේක කරනව ද කියලා. ගරු කතානායකතුමනි මේ කට්ටිය මේ පොරොන්දුව මේ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න ඕන කියන එක මම ඔබතුමාට ඉතාම වගකීමෙන් කියනවා. මොක ද, ව්‍යවස්ථාවේ 148 යටතේ අපිට පාර්ලිමේන්තුවට තමයි මේ බලය තියෙන්නේ. ඒ බලය යටතේ අපි ඔවුන්ගෙන් අත්සන් ඇතිව ලේඛනයක් අරගෙන තියනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි ගරු කතානායකතුමනි."

 

 

 

 

  • 06 companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සමාගම් 6ක කොටස් ගනුදෙනු නවතී

December, 8, 2022

ලැයිස්තුගත සමාගම් 6 ක කොටස් ගනුදෙනු අද (2022 දෙසැම්බර් 08) දින සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.

ඒ අනුව පැරගන් සිලෝන්, සිලෝන් ප්‍රින්ටර්ස්, හුනාස් හෝල්ඩිංග්ස්, ටෙස් ඇග්‍රෝ, ඔෆිස් ඉක්වීප්මන්ට් සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් 6 හි කොටස් ගනුදෙනු අද දින සිට අත්හිටුවා ඇත.

2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම පවසන්නේ සිය අනුබද්ධිත සමාගමක විගණන කටයුතු අවසන් කිරීමට නොහැකි වීමෙන් සමූහයේ ඒකාබද්ධ ගිණුම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන් 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කිරීමට ප්‍රමාද වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • additional employees
  • Disclosure
  • government Office

රාජ්‍ය ආයතනයක අතිරේක සේවකයින් පිළිබඳ අනාවරණයක්

December, 8, 2022

2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 556 ක් - කෝපා කමිටුවේදී හෙලි වෙයි

2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 ක් සිටින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

ඒ අනුව දෛනික වැටුප් පදනම යටතේ සේවකයින් 396ක් සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයින් 160 ක් සිටින බව හෙලි විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ 2018,2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාරයසාධනය පිළිබඳ පරීක්ෂාකිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙම කාරක සභාවේ සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසිනි.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සේවකයින් අත්‍යාවශ්‍ය සේවකයින් බවයි. මෙම සේවකයින් ස්ථිර පදනම යටතේ බඳවා ගැනීමට අවස්ථා කිහිපයකම උත්සාහ දැරූ බවත් පවතින ආණ්ඩු වෙනස්වීම මත ප්‍රතිපත්ති වෙනස්වීම ඇතුළු කාරුණු කිහිපයක් නිසා එය කර ගැනීමට නොහැකි වූ බවයි. මෙම සේවකයින් ව්‍යාපෘති මත පදනම්ව බඳවාගත් බවත් එම ව්‍යාපෘතිවල ලාබයෙන් ඔවුන්ට වැටුප් ගෙවීම සිදු කළ බවත් ය.

මේ අනුව (මහාචාර්ය) චරිත හේරත් මහතා සහ පැමිණ සිටි මන්ත්‍රීවරුන් පැවසුවේ පසුගිය කාලසීමාව තුළ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් පැවතියද වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මත මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවම වී ඇති බවයි. මේ නිසා මෙම සේවකයින් සියලු දෙනාම ස්ථිර පදනම මත සේවයට බඳවා ගත හොත් ඔවුන්ට වැටුප් ගෙවීමට සිදු වන්නේ මහා භාණ්ඩාගාරයේ මුදලින් බවයි. එබැවින් අත්‍යාවශයම සේවකයින් පමණක් ස්ථිර කිරීම පිළිබඳ සොයාබලා කටයුතු කරන ලෙසත් අතිරික්ත පිරිසක් සිටී නම් වන්දියක් ලබාදී හෝ ඔවුන් ඉවත් කිරීම පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මේ වන වාට ව්‍යාපෘති අඩු බැවින් අවශ්‍යතාවය අනුව මෙම සේවක සංක්‍යාව ප්‍රමුඛතා ලැයිස්තුව ඇතුළු වන සේ වාර්තාවක් මාස 3ක් ඇතුළත කෝපා කමිටුවට ලබා දෙන ලෙස (මහාචාර්ය) චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

එසේම 2012 වර්ෂයේදී රුපියල් මිලියන 158 ක් වියදම් කොට මිලදීගත් කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර දෙකක් සහ මිලියන 6 ක් වටිනා කර්බ් යන්ත්‍රයක් මේ වන විටත් නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳවද සාකච්ඡා විය. මෙහිදී 2012 වසරේ සිට 2022 නොවැම්බර් දක්වා කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර දෙක පැය 420 ක් පමණක් උපයෝජනය කොට ඇති බවත් කර්බ් යන්ත්‍රය 2012 වර්ශයේ සිට මේ දක්වාම නිෂ්කාර්යව පැවති බවත් අනාවරණය විය.

මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 2011 වර්ෂයේදී පමණ විශාල වශයෙන් මාර්ග කොන්ක්‍රීට් කිරීම සිදු කළ බවත් මේ නිසා 2012දී මෙම යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කළ බවත්ය. නමුත් මෙම යන්ත්‍ර මිලදී ගැනීමේන් පසු මාර්ග වල කොන්ක්‍රීට් ඇතිරීම ක්‍රමයෙන් අඩු වූ බවත් එබැවින් මෙම යන්ත්‍රවල ප්‍රයෝජනවත් බව අඩු වූ බවයි. එබැවින් වර්තමානය වන විට මෙම යන්ත්‍ර දෙකෙන් එකක් පමණක් තමන්ට ප්‍රමාණවත් බව ඔවුහු පෙන්වා දුන්හ.

එසේම මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරිය පෙනවා දුන්නේ මෙම යන්ත්‍ර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට වැඩපිළිවෙළක් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කරමින් පවතින බවයි. එබැවින් ඉදිරියේදී එවා භාවිතයට ගැනීම සිදු වන බවයි.

මේ අනුව මෙහි ඉදිරි පියවර පිළිබඳවද මාස 3ක් ඇතුළත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.

තවද අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ නොමැති ව්‍යාපෘති සම්බන්ධීකරණ තනතුර නම් වූ තනතුරකට නිලධාරීන් දෙදෙනෙක් 2020 ඔක්තෝබර් සිට බඳවා ගැනීම පිළිබඳව සහ ඔවුන්ට ලබාදුන් වාහන කුලී සහ ඉන්ධන වියදම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ විශේෂ ව්‍යාපෘතීන් සඳහා මෙසේ නිලධාරීන් බඳවා ග්නනා බවත් එම ව්‍යාපෘතිය අවසන් වූ විට ඔවුන්ගේ සේවය අවසන් කරන බවත්ය. මේ අනුව මේ පිළිබඳවද මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.

මීට අමතරව අධිකාරියට අයත් වසර 20 පමණ පැරණි වාහන 6 ක් අස්ථානගතවීම පිළිබඳව, 2012 හා 2013 වර්ෂවලදී කොන්ත්‍රාත්රුවෙකු ණය පදනම මත ඇස්පෝල්ට් ලබාගැනීම සහ එම මුදල අයකරගැනීම පිළිබඳව හා තවත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

  • Ada Derana BIZ Sinhala
  • External Sector Performance
  • October
  • sri lanka

2022 මාස දහයට දෙලක්ෂ පනස්දාහක් රට රස්සාවලට ගිහින්

December, 6, 2022

2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර, පුහුණු ශ්‍රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි.

මේ අතර 2022 වසරේ ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුල දී 251,151 ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව පවසන්නේ මෙය වසංගත සමයට පෙර වාර්ෂිකව රැකියා සඳහා විදෙස්ගත වූ ප්‍රමාණය ඉක්මවා යාමක් බවයි.

2022 ජනවාරි - ඔක්තෝබර් කාලය තුළ දී ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,929 කි. 2021 වසරේ දී අදාළ කාලපරිච්ඡේදය සඳහා මෙම වටිනාකම ඩොලර් මිලියන 4,895 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

  • Ada Derana BIZ Sinhala
  • Daraz
  • HNB
  • sri lanka

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඊ-වාණිජ්‍ය වේදිකාවන් වෙත පහසු ප‍්‍රවේශයක් ලබා දීම සඳහා HNB, Daraz සමඟ අත්වැල් බැඳගනී

December, 6, 2022

අන්තර්ජාලය ඔස්සේ මෙරට ව්‍යාපාරවල ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.

මෙම හවුල්කාරීත්වය මගින් HNB SME ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භයක් ලබා ගැනීමට පුළුල් පරාසයක සේවා සහ පහසුකම් සඳහා ප‍්‍රවේශය ලබා ගැනීම සඳහා ඔවුන්ට හැකියාව ලබා දෙයි. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Kaymu Lanka පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රඛිල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී, කයිලවාසන් ඉන්ද්‍රවාසන් පැවසුවේ ”වත්මන් ආර්ථික වාතාවරණයන් සැලකිල්ලට ගෙන, online නොවන අලෙවිසැල් විවෘත කිරීමේ හැකියාව ඉතා අඩුයි. නමුත් දැන් තාක්ෂණය නිසා ව්‍යාපාරවලට අන්තර්ජාලය ඉතා පහසු වේදිකාවක් වී තිබෙනවා. විශාල SME ව්‍යවසාය කළඹක් ඇති බැංකුව ලෙස, අපි අපගේ ගනුදෙනුකාරභවතුන්ට නව අවස්ථාවන් සඳහා ප‍්‍රවේශය ලබා දිය යුතු අතර ඔවුන්ගේ දියුණුව සඳහා මාර්ගය සකස් කළ දිය යුතු යැයි අපි විශ්වාස කරනවා. Daraz සමඟ වන අපගේ හවුල්කාරීත්වය මගින් අපගේ ගනුදෙනුකාරභවතුන් සඳහා කලාපීය වශයෙන් නව මාර්ග සහ වෙළෙඳපලවල් විවෘත කරනවා. එනිසා බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම සුවිශේෂී අවස්ථාව යොදා ගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

තවද, මෙම ගිවිසුම හරහා HNB පාරිභෝගිකයින් පළමු මාස තුන සඳහා ගෙවිය යුතු ගාස්තුවෙන් නිදහස් කර ඇත. නව ව්‍යාපාර ස්ථාපිත කර ඇති පාරිභෝගිකයින්ට Daraz විශ්ව විද්‍යාලය විසින් සපයනු ලබන අධ්‍යාපනික පහසුකම් සඳහා අසීමිත ප‍්‍රවේශයක් ලබා දී ඇත.

”HNB හි පුළුල් පරාසයක විසිරුනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා දෙන බැංකුව සමඟ ඇති මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප සතුටු වනවා. සියලූම ආකාරයේ හා ප‍්‍රමාණයේ ව්‍යාපාරවල ජීවන තත්වය නංවාලීමට හැකියාව ඊ-වාණිජ්‍යයට හැකියාව තිබෙනවා. ඒවගේම එය SMEs හට නව වෙළඳපලවල් පිළිබඳව සොයා බැලීමට ලාබදායී වේදිකාවක් ද සපයනවා. පුළුල් ප‍්‍රවේශය, විශාල ක‍්‍රියාකාරී ගැනුම්කරුවන් සහ එම වේදිකාව සතු ප‍්‍රබල තාක්ෂණය සැලකිල්ලට ගනිමින්, මෙම හවුල්කාරීත්වය හරහා අලෙවිකරණය සහ සැපයුම් සඳහා අපගේ තාක්ෂණික සහාය උපයෝගී කර ගනිමින් දිවයින පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින් වෙත ළඟා වීමට කුඩා ව්‍යාපාරවලට හැකි වනවා’’. යනුවෙන් Daraz හි කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.

HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ Kaymu Lanka පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රඛිල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. HNB සහ Daraz නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි.

Video Story

Stock Market

Exchange Rates