November, 28, 2022
දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් එළඹෙන 2023 ජනවාරි 15 සිට මාස 05 ක කාලයක් සඳහා මහව සිට යාපනය දක්වා දුම්රිය ගමන් අත්හිටුවනු ලබන බව ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (28) දින පාර්ලිමේන්තුවේ දී අමාත්යවරයා මේ බව කියා සිටියේය.
මහව ඉඳන් යාපනය යනකං දුම්රිය මාස 05කට නතර කරන්න තියෙනවා ජනවාරි මාසේ 15 වෙනිදා ඉඳන්. අපි දිගටම දුම්රිය වැඩි කළා යාපනය දක්වා. මහව ඉඳන් යන්නම බැරි තත්ත්වයකට මේ මාර්ගය පිළිසකර කරලා නැති නිසා. මාස 05ක් ඇතුළත ඒක නිම කරනවා. එතකං ඇතිවන දුෂ්කරතාවය ඉවරවෙන කොට, අපිට පුළුවන් වෙනවා වඩා හොඳ මන්නාරම - වවුනියාව - යාපනය - කන්කසන්තුරේ දුම්රිය මාර්ගය ඉතාම හොඳ දුම්රිය මාර්ගයක් බවට ලබන වර්ෂය තුළ දී පත්කරලා දෙන්න.
November, 28, 2022
ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්රියාත්මක කිරීමට රජය ප්රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතා පැවසීය.
අමාත්යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 22) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී නගර සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්රියාත්මක කිරීම පිළිබඳ මන්ත්රීවරුන් විමසූ අවස්ථාවේ දී ය.
සංවර්ධනය වැඩසටහන් සඳහා වියදම් කිරීමට කැමති රටේ පෞද්ගලික ආයෝජකයන් සිටින බැවින් මහා භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමකින් තොරව රාජ්ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් සංවර්ධන කටයුතු සිදුකළ හැකි බව අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, නගර සංවර්ධනයට අදාළ සැලසුම් පිලිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කළ අතර, මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ, සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් නොකළ ද සංවර්ධනයට අදාළ සැලසුම් වැඩි ප්රමාණයක් දැනටමත් අවසන් කර ඇති බවත් 2023 දී එම සියලු සැලසුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි බවත් ය. අදාළ සැලසුම් දිස්ත්රික් සහ ප්රාදේශීය සංවර්ධන කමිටුවලට ඉදිරිපත්කොට ඔවුන්ගේ ද අවශ්යතා සැලකිල්ලට ගෙන සම්පූර්ණ කරන ලෙස ද අමාත්යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල පෞද්ගලික ආයතන මගින් ඉදිකිරීම් කරන ලද නිවාස සංකීර්ණ ව්යපෘති අතරමග නවතා අත්හැර යාම පිළිබඳ රාජ්ය අමාත්ය ගරු අරුන්දික ප්රනාන්දු මහතා කාරක සභාවේ අවධානයට යොමු කළේය. ඉදිකිරීම් ද්රව්ය වල මිල විශාල ලෙස ඉහළ යාම නිසා එම ඉදිකිරීම් අත්හැර ගොස් ඇති බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ. මේ හේතුවෙන් එම ව්යාපෘතිවල නිවාස මිලදී ගැනීමට මුදල් ගෙවීම් කර ඇති ජනතාවගෙන් තමන්ටද පැමිණිලි ලැබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී අමාත්යවරයා උපදෙස් දුන්නේ, අදාළ ගිවිසුම් වල තිබෙන කොන්දේසි අනුව ඉක්මනින් නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි.
මෙම රැස්වීම සඳහා අමාත්ය නසීර් අහමඩ්, රාජ්ය අමාත්යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්රනාන්දු, චාමර සම්පත් දසනායක, අනුරාධ ජයරත්න, මොහාන් ප්රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ අමාත්යංශ යටතේ තිබෙන ආයතනවල ඉහල නිලධාරීන් එක්ව සිටියහ.
November, 28, 2022
ශ්රී ලංකාව ඉදිරියේ දී දේශගුණික මූල්යයන ක්රම වෙත යොමු වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසයි.
අද (28) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
මාලදිවයින, මුරුසිය, මැඩගස්කරය වැනි දූපත් රාජ්යයන් සමඟ එක්ව ඒ වෙනුවෙන් හඬ නගන බවත්, ඉදිරියේ දී ඒ හරහා ශ්රී ලංකාවට යම් විදේශ විනිමයක් ලබා ගත හැකි බවත් රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
“අපි විදේශ අමාත්යාංශය හරහා Climate Financing වලට යන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් කාලගුණ විපර්යාස දිහා බැලුවොත්, විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ තිබෙන අනෙක් කුඩා දූපත් එක්ක අපි එක්කහු වෙලා, යම්කිසි විදියකට අපි ලෝකයාට අපේ හඬ අවදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ලංකාව වගේ කුඩා රටක් විතරක් අපි කතා කළොත් අපේ හඬ ඇහෙන්නේ නැහැ. නමුත් මාලදිවයින, මොරිෂස්, මැඩගස්කාර් එවැනි රටවල් එක්ක අපි එකතු වුණොත් එහෙම ඒ හඬ අවදි කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉදිරියේ දී Climate Financing පැත්තෙනුත් අපි යම්කිසි මුදල් ප්රමාණයක් රට වෙනුවෙන් හොයාගන්න කටයුතු කරනවා.“
November, 28, 2022
ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ්රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය.
කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ්රී ලංකාවේ එකම බැංකුව වේ.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප්රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක කළමනාකරණයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මක ජයග්රහණ වෙනුවෙන් කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගන්නා ලදී.
මෙම සම්මානය මගින් කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ ආදර්ශමත් ආයතනයක් ලෙසින් නැවතත් තහවුරු කර තිබේ. මෙම සම්මාන ප්රදානෝත්සවයේ ජයග්රාහකයින් තෝරා පත්කර ගැනීම සඳහා ඇමරිකාවේ කීර්තිමත් Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන පදනම් කරගත් ක්රමවේද 07 ක් අනුගමනය කරමින් ඇගයීමට ලක්කර ඇත. මෙයට, නායකත්වය, උපාය මාර්ගික සැලසුම්කරණය, ගනුදෙනුකරුවන් කෙරෙහි නැඹුරුව, ගණනය කිරීම, විශ්ලේෂණ සහ දැනුම කළමනාකරණය, සේවා බලකාය පිළිබඳ නැඹුරුව, ක්රියාවලී කළමනාකරණය සහ ප්රතිඵල අයත් වේ.
2021 වසරේදී එංගලන්තයේ ඔක්ස්වර්ඞ්හි, Europe Business Assembly වෙතින් ‘යුරෝපීය තත්ත්ව සම්මානය’ ද කොමර්ෂල් බැංකුව විසින් දිනාගන්නා ලදී. මෙම ගෞරවණීය ජාත්යන්තර සම්මානය මගින් පාරිභෝගිකයින්ගේ, සේවකයින්ගේ සහ අනිකුත් පාර්ශවකරුවන්ගේ තෘප්තිය වෙනුවෙන් හේතුවන බැංකුවේ සමස්ත ගුණාත්මක තත්ත්ව කළමනාකරණ ප්රවේශය සහ බැංකුවේ ගුණාත්මක තත්ත්වය කළමනාකරණය කිරීමේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කර තිබේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ සිට සිව්වැන්නා) සහ බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්රභාගර් මහතා (වමේ සිට පස්වැන්නා) ප්රමුඛ කොමර්ෂල් බැංකුවේ කණ්ඩායමේ සාමාජිකයින් බැංකුවට ජාතික තත්ත්ව සම්මානය ප්රදානය කළ සම්මාන ප්රදානෝත්සවයේදී. මෙම සම්මානය තාක්ෂණික රාජ්ය අමාත්ය කණක හේරත් මහතා (දකුණේ සිට තුන් වැන්නා) විසින් පිරිනැමූ අතර ඒ අවස්ථාවට ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සභාපති අසංග රණසිංහ මහතාද (දකුණේ සිට පස්වැන්නා) සහභාගී විය.
November, 28, 2022
සියලුම අමාත්යාංශ, දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා, සමාගම්, ව්යවස්ථාපිත මණ්ඩල, රාජ්ය ව්යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරී භාරගැනීමට හා විශ්රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්රියසම්භාෂණ ද ඇතුළුව සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයීම් භාවිතා කරමින් දරනු ලබන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව නැවත අවධාරණය කරන බවත් සියලුම ආයතන ප්රධානීන් මෙම උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවටත් සඳහන් කරමින් භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් චක්රලේඛයක් නිකුත් කර තිබේ.

November, 28, 2022
ශ්රී ලංකාව ජනප්රිය සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා ප්රචලිත කිරීමේ අරමුණින් ශ්රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023 හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්රංශයේ ආරම්භ වූ ජනප්රිය වාර්ෂික ත්රාසජනක ක්රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර දී පැවත්වීමට කටයුතු සැලසුම් තර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones, හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කලේය. “පසුගිය වසරේ පැවති තරඟාවලිය දෙස ආපසු හැරී බලන විට, ශ්රීලංකන් ගුවන් සේවය නොමැතිව එම තරඟය ශ්රී ලංකාවේදී පැවැත්වීමට අපිට කිසිසේත් නොහැකි වන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ලබන වසරේ දී, මෙම තරඟාවලිය වර්ණවත් කරන සියලුම නව්යතාවයන් සහ සහයෝගය ශ්රී ලංකාවෙන් ලැබෙනු ඇතැයි ස්ථිර සහතිකයක් සහ විශ්වාසයක් ඇති නිසයි අපි නැවත පැමිණෙන්නේ. ඒ වගේම මෙම තරඟාවලිය මහනුවර දී පැවැත්වීම අපට නවමු ඇත්දැකීමක් වනු ඇත. ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්රීලංකන් ගුවන් සේවයේ සභාපති, අශෝක් පතිරගේ මහතා පැවසුවේ ලොව පුරා සිටින ත්රාසජනක ක්රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ශ්රී ලංකාව ස්ථානගත කිරීම සඳහා Raid Amazones 2023 සමඟ නැවත හවුල් වීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි. “මෑතකාලීන අභියෝගවලින් රට නැවත ප්රගතියක් ලබමින් සිටින මොහොතක ගෝලීය මාධ්ය තුළ අවධානය ලබා ගැනීම සහ ජාත්යන්තර සංචාරකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ලැබීම පිළිබඳව ජාතික ගුවන් සේවය ලෙස අපි ආඩම්බර වෙමු. Raid Amazones 2023 සහභාගිවන්නන් සහ අනුගාමිකයින් යන දෙඅංශයෙන්ම අතිමහත් පිරිසක් ගෙන්වා ගැනීමට අපි අපේක්ෂා කරමු.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රීලංකන් එයාර්ලයින්ස් විසින් 2022 දී ප්රථම වරට Raid Amazones අනුග්රහය දැක්වුයේ පැරිස් වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්රතිඵලයක් වශයෙනි. පසුගිය වසරේ දී එම තරඟාවලිය හරහා ශ්රී ලංකාවට විශාල ගෝලීය මාධ්ය ආවරණයක් ලැබුණු අතර ගුවන් සේවය ප්රංශ ක්රීඩිකාවන් 504ක් රැගෙන ඒම සඳහා කටයුතු සලසන ලදී. එහි දී Raid Amazones 2022’ හි නිල ගුවන් සේවා සහකරු වූ ශ්රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට කටයුතු කරන ලදී.


November, 28, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරීවරුන් ලෙස මූල්ය පසුබිම්වලින් හෙබි ප්රවීණයන් දෙදෙනෙකු පත් කිරීම පසුගියදා සිදුවිය. 2022 ඔක්තෝම්බර් මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්රධානි ලෙස ලක්සඳ ගුණවර්ධන මහතා පත් කරන ලද අතර සමාගම් ප්රධාන මෙහෙයුම් නිලධාරී ලෙස උදේශ් ගුණවර්ධන මහතා පත් කරන ලදී.
ගිණුම්කරණය, විගණනය, මූල්ය කළමනාකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන උදේශ් ගුණවර්ධන මහතාට මූල්ය ක්ෂේත්රයේ වසර 25 කට වැඩි පළපුරුද්දක් තිබේ. ඔහු මූල්ය ක්ෂේත්රය තුළ ජ්යෙෂ්ඨ තනතුරු හොබවමින් නායකයෙකු ලෙස තම හැකියාවන් ප්රදර්ශනය කරමින් ද්විතීයික පදනම මත පීපල්ස් ලීසිං හි අනුබද්ධිත ආයතනයක් වන බංග්ලාදේශයේ ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් හි විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙස ද භූමිකාවක් ඉටු කරයි.
ඔහු ශ්රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් සහ ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ඔහුට ශ්රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ භාණ්ඩාගාර, ආයෝජන සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද තිබේ. ඊට අමතරව ඔහු ඕස්ටේ්රලියානු පරිගණක සංගමයේ ලෝක ත්යාගලාභී සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
එසේම පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්රධානි ලෙස පත්වු ලක්සඳ ගුණවර්ධන මහතාට ආයතනික සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායක මූල්යකරණය පිළිබඳ වසර 27කට අධික පළපුරුද්දක් ඇත. ඔහු ණය, අලෙවිකරණය, කළඹ කළමනාකරණය (Portfolio Management), ශාඛා සංවර්ධනය සහ මෙහෙයුම් යන ක්ෂේත්රවල දැනුමින් හෙබි නායකයෙකු වේ. එතුමා වසර 13ක් සමාගමේ ලීසිං අංශයේ ප්රධානියා ලෙසත් අලෙවිකරණ ප්රධානියා ලෙසත් සිය නායකත්ව ගුණාංග සමඟ කටයුතු කර ඇත. ඔහු සතුව ඇති දක්ෂතා අතර අභියෝගාත්මක නායකත්ව භූමිකාවන්, පරිවර්තනීය වෙනසක් සාක්ෂාත් කර ගැනීම සහ තිරසාර ව්යාපාර වර්ධන සාර්ථකත්වය පිළිබඳ ඉතා හොද වාර්තා ඔහු සතු වේ. ලක්සඳ මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත පීපල්ස් මයික්රෝ කොමර්ස් ලිමිටඩ් හි අධ්යක්ෂවරයෙකු ලෙස ද සේවය කරයි.
ඔහු වේල්ස් විශ්ව විද්යාලයේ ව්යාපාර පරිපාලනවේදි පශ්චාත් උපාධියක් ලබා ඇති අතර සහතික කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය- ඕස්ටේුලියාවල සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වන අතර සහ ආසියානු විශ්ව විද්යාලයෙන් උපාය මාර්ගික අලෙවිකරණය පිළිබඳ MSc උපාධියක් දි හිමි කරගෙන තිබේ. ඔහු CMA (ඕස්ටේුලියාව) සහ CPM (ආසියාව) සඳහා සුදුසුකම්ලභා ලබා ඇත. තවද, ලක්සඳ මහතා ශ්රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ආශ්රිත සාමාජිකයෙකු වන අතර ශ්රී ලංකා ණය කළමනාකරණ ආයතනයෙන් ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. එසේම ඔහු ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකු වන අතර ශ්රී ලංකා අධ්යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් මෙන්ම ශ්රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකිග විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ඡායාරූප විස්තරය
01. උදේශ් ගුණවර්ධන මහතා - ප්රධාන මෙහෙයුම් නිලධාරි - පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
02. ලක්සඳ ගුණවර්ධන මහතා - ශාඛා ජාල ප්රධානි - පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
November, 28, 2022
නවතම සුපිරි වෙළඳසැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර්මාකට් වෙළඳසැල සීදූව ලියනගේමුල්ල ප්රදේශයේ දී, රිචඩ් පීරිස් සමූහ ව්යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘත විය.
සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්රිබියුටර්ස් හි සාමාන්යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000ක ඉඩකින් සමන්විත අපගේ නව Arpico සූපර්සෙන්ටර් වෙළෙඳසැල අද්විතීය සහ Arpico ජාලයට ආවේණික වූ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විතයි. Arpico ජාලයේ සෑම සූපර්සෙන්ටර් වෙළඳසැලක් මෙන් එකම වහලක් යට සියලු දේ මිලදී ගැනීමේ පහසුකම රැගත් මෙම සුපිරි වෙළඳසැල, එක වර වාහන 60 කට වැඩි ප්රමාණයක් නවතා තැබීමේ පහසුකමින් ද සමන්විතයි. පාරිභෝගිකයන් හට තම සියලුම අවශ්යතා ඉටුකර ගැනීම සඳහා Arpico සේවා මඩුල්ල විසින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමඟින් - ෆාමසියක්, බිල්පත් ගෙවීමේ පහසුකම් සහ කැෆේ පහසුකම් වැනි අවශ්යතා මෙන්ම අත්යවශ්ය භාණ්ඩ, එළවලු හා පලතුරු නිෂ්පාදන, ගේ දොර උපකරණ, ඉලෙක්ට්රොනික උපකරණ, සහ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇති මෙය Arpico ජාලයේ හයිපර්මාර්කට් වෙළඳසැල් ගණයේ 30වන වෙළඳසැලයි.”
සීදුව නගරයේ සහ අවට පදිංචි ජනතාවට මෙන්ම නගරය වෙත එනයන දහස් ගණන් ජනතාවට එකම වහලක් යට භාණ්ඩ 40,000කට වඩා තෝරාගැනීමට පහසු වන පරිදි Arpico සුපර්සෙන්ටර් සීදූව, මනාව තෝරාගත් ස්ථානයක පිහිටා ඇති බැවින්, ජනතාවට ඉතාමත් පහසුවෙන් අවශ්ය භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. දිවයින පුරා පිහිටි සුපර්සෙන්ටර් 21ක්, සුපර්ස්ටෝර් 09ක් සහ Arpico ඩේලි සුපිරි වෙළඳසැල් 25 කින් සමන්විත වන Arpico සූපර්සෙන්ටර් වෙළඳසැල් ජාලය යනු සමාගමේ ප්රමුඛතම අලෙවිසැල් ජාලය වන අතර, පුළුල් රථගාල, බිල්පත් ගෙවීම්, බැංකු පහසුකම් හා කාර්යක්ෂම ජීවන රටා අවශ්යතා සපුරන ගමනාන්තයක් බවට පත්වී තිබේ.


November, 28, 2022
ගෝලීය රථවාහන නිෂ්පාදකයින්ගේ මෙරට බලයලත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් එකම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමය (CMTA) විසින් සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් උදෑසන භෝජන සංග්රහයක් සහ විශේෂ සැසියක් ඔක්තෝබර් මස 26 වන දින මූවන්පික් හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්යාංශ ඇතුළු රාජ්ය ආයතන, රාජ්ය නොවන සංවිධාන සහ මෙරට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වෙනත් ආයතන රැසක නියෝජිතයෝ සහභාගි වූහ. මෙම උත්සව අවස්ථාවේ ආරාධිත කථිකයා ලෙස සහභාගි වූයේ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා යි.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින සබඳතාව, ඉන්දියාව සමඟ එක්ව මෙරට දේශීය මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සහ ඉන්දියානු වාහන උපාංග ශ්රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට ඇති ශක්යතාව ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේ ය. එහි දී බාග්ලේ මහතා මේ අයුරින් අදහස් දැක්වීය. "ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තයේ සාර්ථකත්වයට පාරිභෝගික ජනතාවට පහසුවෙන් මිල දී ගැනීමට හැකි නිෂ්පාදන පරාසය වගේ ම ගෝලීය රථවාහන වෙළෙඳනාම සඳහා අමතර කොටස් හා උපාංග නිෂ්පාදනයත් ප්රධාන හේතුවක්. මෝටර් රථ උපාංග සඳහා අමතර කොටස් නිෂ්පාදනය ශ්රී ලංකාවට ඉතා හොඳ අපනයන ආදායමක් ලබාගැනීමට හැකි මාර්ගයක්. එමගින් මේ රටේ ගැටලු රැසක් දිගු කාලීනව විසඳාගත ගැනීමට හැකි බව මම විශ්වාස කරනවා. ඒ නිසා ශ්රී ලංකාව තුළ මෝටර් රථ උපාංග නිෂ්පාදනායතන පිහිටුවීමේ ශක්යතාව පිළිබඳ විමසා බැලීමට ඉන්දියාවේ මෝටර් රථ ක්ෂේත්රය ආශ්රිත නියෝජිත පිරිසකට මම ආරාධනා කිරීමට කැමති යි."
මෙහි දී පැවැත්වුණු දෙවන දේශනය ලෙස සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා මහතා සභාව ඇමතූ අතර, ඔහු වෙනත් රටවල් හා සසඳන විට රථ වාහන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම, පාරිභෝගිකයා හා පරිසරය ආරක්ෂා කිරීම මෙන් ම ආනයන බදු හා ආයතනික බදු මගින් රජයේ ආදායම ප්රශස්ථ කිරීම සඳහා මෙරට මෝටර් රථ කර්මාන්තය දැඩි ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව, යන කරුණු පිළිබඳව අවධාරණය කළේය. " භූගෝලීය පිහිටීම සහ රටවල් බොහොමයක් සමඟ පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා උපයෝගී කර ගනිමින් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයක් ඉතා සාර්ථකව වර්ධනය කර ගැනීමේ හැකියාව ශ්රී ලංකාවට තිබෙනවා. අපගේ මෝටර් රථ කර්මාන්තය දියුණු සහ ශක්තිමත් කරමින්, රටේ ආර්ථිකය වර්ධනය කිරීමට ඉන්දියාවේ සහාය වගේ ම මඟ පෙන්වීම අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙන් චාරක පෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.
කථිකයන් දෙදෙනා තම දේශන අවසන් කිරීමෙන් අනතුරුව දේශීය මෝටර් රථ කර්මාන්තයේ පාර්ශවකරුවන් රැසකගේ නිලධාරීන්ගෙන් සමන්විත ප්රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර, මෙම සැසියේ අරමුණ වූයේ සමස්ත මෝටර් රථ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ක්රමවේද සැකසීම සඳහා එම ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් හා ප්රධානීන් සම්බන්ධ කර ගැනීමයි.
ප්රශ්නෝත්තර සැසියේ දී අවධානය යොමු වූ ප්රධානතම කරුණක් වූයේ සියලු ම පාර්ශ්වයන්ට මෙන් ම රටට ද ප්රතිලාභ ලබා දීම වෙනුවෙන් වාහන ආනයනය සම්බන්ධව නිසි නියාමනයක් හා පාලනයක් ඇති කිරීම අත්යවශ්ය කරුණක් බව යි.
November, 28, 2022
රන් ලොව ප්රමුඛතම ආයතනයක් වන රාජා ජුවලර්ස් විසින්, Diamond Emporium නමින් සිය නව දියමන්ති ප්රදර්ශනාගාරය මෑතක දී ප්රතිස්ථාපනය කෙරිණි. පාරිභෝගික අවශ්යතාවලට සරිලන, ජාත්යන්තර මට්ටමේ ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්යස්ථානය අපූර්ව දියමන්ති සහ ශ්රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ. Diamond Emporium විවෘත කිරීම මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීණයන් සහ පාරිභෝගික භවතුන් රැසකගේ සහභාගීත්වයෙන් ආලෝකමත් විය.
ආරම්භයේ සිට ම, රාජා ජුවලර්ස් සිය ශ්රී ලාංකේය අනන්යතාවය මූර්තිමත් කිරීමට සමත් වූ අතර, එම ආයතනය ගුණාත්මක භාවයෙන් හා වටිනාකමින් ඉහළ ලෝක ප්රකට ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි නිරත විය. මෙම සාර්ථක ගමන් මගේ දී දියමන්ති සහ ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වසර 95ක් පුරා ලද අත්දැකීම් ඇසිරින් ආරම්භ කළ මෙම Diamond Emporium ප්රදර්ශනාගාරය අසමසම ප්රවීණතාවෙන් සහ ශිල්පීයත්වයෙන් ශක්තිමත් වේ. බම්බලපිටිය පිහිටා ඇති රාජා ජුවෙලර්ස් ප්රධාන ප්රදර්ශනාගාරය තුල පිහිටි මෙම Diamond Emporium ප්රදර්ශනාගාරය මගින් Diamond Emporium හි අති විශිෂ්ට නිර්මාණ ලබාගත හැකි වීම පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්රසාදයකි. නව නිර්මාණ රැසකින් මෙන් ම අභ්යන්තර නිපුණ නිෂ්පාදන කාර්ය මණ්ඩලයකින් සමන්විත Diamond Emporium පාරිභෝගික අවශ්යතාවලට සරිලන පරිදි සිය නිෂ්පාදන කටයුතු සිදු කරයි. එම නිසා ම මෙම නව නිෂ්පාදනායතනය මගින් පාරිභෝගිකයාට අවශ්ය මෝස්තර ඒ අයුරින් ම නිපදවාගැනීමේ හැකියාව සුවිශේෂී වේ.
රාජා ජුවලර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්, " අප සතු දශක ගණනාවක විශේෂඥ දැනුම තුළින් අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමකින් යුතු නිෂ්පාදන ලබා දීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. Diamond Emporium හරහා අපි අපගේ අද්විතීය ශ්රී ලාංකේය අනන්යතාව සහ දශක නවයක විශිෂ්ටත්වය පිළිබිඹුවන, ජාත්යන්තරයට සරිලන වගේ ම ලෝ ප්රකට නිර්මාණ ගෙන එනවා. මෙම නව මධ්යස්ථානය මගින් අපගේ ගනුදෙනුකරුවන් මෙතෙක් අත් නොවිඳි නිර්මාණ රැසක් අත් ව්ඳීමේ හැකියාව ලබා දීමට අපි අරමුණු කරනවා." යනුවෙන් ප්රකාශ කළේය.
දශක ගණනාවක් පුරා නිර්මාණය කළ අසම සම නිර්මාණ නිෂ්පාදන පෙළක් සමඟින්, රාජා ජුවලර්ස් ශ්රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්රය තුළ වඩාත් ම කීර්තිමත් නාමයක් ලෙස ස්ථාපිත වී ඇත. එහි අසමසම ගුණාත්මක භාවය සහ වසර ගණනාවක් පුරා ගොඩනැගුණු විශ්වාසයේ පදනම තුළින්, රාජා ජුවලර්ස් සිය ගනුදෙනුකරුවනට නිරන්තරයෙන් අද්විතීය අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරයි.
රාජා ජුවලර්ස් අනුගමනය කරන උසස් තත්ත්වයේ ප්රමිතීන් වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගැනීමට සමත් වී ඇත. එම සම්මාන ගොන්න අතරට එක් වූ නවතම සම්මානය වන්නේ 2021 වසරේ දී හිමි කර ගත් ජාතික ව්යාපාර විශිෂ්ටතා සම්මානයයි. එමෙන් ම ශ්රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පිරිනමන ලද ජනාධිපති රන් සම්මාන හතර සමඟින්, මෙරට හොඳ ම ස්වර්ණාභරණ නිෂ්පාදකයා ලෙස රාජා ජුවෙලර්ස් පිළිගැනීමට ලක් වූ අතර, එමගින් රන් ලොව රජු ලෙස රාජා ජුවෙලර්ස් ලබා තිබූ විරුදාවලිය යළිත් තහවුරු විය.
Video Story