November, 17, 2022
2022 නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 27,213 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම දින 15 තුළ දී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්රමාණය 6,701 කි. මීට අමතරව ඉන්දියාව (4,404), එක්සත් රාජධානිය (2,257), ජර්මනිය (1,924), ඕස්ට්රේලියාව (1,371) හා කැනඩාව (1,008) යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙම දෙසතිය තුළ පැමිණ තිබේ.
මේ අනුව 2022 වසරේ නොවැම්බර් 15 දින දක්වා ශ්රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්රමාණය 595,471 ක් වේ.







November, 17, 2022
මෙරට ප්රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’, අනුග්රාහකත්වයෙන් ශ්රි ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ලද ‘රිට්ස්බරි Tennis Tens සමස්ත ලංකා අන්තර් පාසල් ටෙනිස් සැණකෙළිය’ පසුගියදා සාර්ථකව නිමාවිය. මෙය ශ්රී ලංකාවේ දක්ෂ පා9සල් ක්රීඩක ක්රීඩිකාවන්ට අතදීම සඳහා රිට්ස්බරි දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් හැදින්විය හැක.
පසුගියදා නිම වුණු මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර දෙකක විරාමයකින් අනතුරුව ය. තරගාවලියේ සියලු තරග ශ්රී ලංකා ටෙනිස් සංගමයේ Aggreko ටෙනිස් පිටියේදී පැවැත්විණි.
මේ සඳහා දිවයින පුරා පාසල් 120 ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ 1,300 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් වයස අවුරුදු 7, 8 සහ 10 න් පහළ වශයෙන් කාණ්ඩ 3 ක් යටතේ තරග වදින ලදී. මෙම තරගාවලිය ඔවුන්ට අනාගතයේ වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්රීඩක ක්රීඩිකාවන් බවට පත්වීම සඳහා වටිනා අත්දැකීමක් වනු ඇතැයි සමාගම බලාපොරොත්තු වේ.
ඒ අනුව, තරගාවලියේ Red ball, Orange ball සහ Green ball පිරිමි කාණ්ඩ යටතේ පිරිනමන ලද රන් සම්මාන තුනම දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්යාලයීය කණ්ඩායම් සමත් විය. එසේම, කාන්තා කාණ්ඩ වල Red ball රන් පදක්කම යාපනය හින්දු ප්රථමික විද්යාලයද, Orange ball රන් පදක්කම කොළඹ කාන්තා විද්යාලයද, Green ball රන් පදනක්කම කොළඹ විශාඛා විද්යාලයද දිනා ගන්නා ලදී.
මේ පිළිබඳ අදහස් දැක්වූ CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සාමාන්යධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසුවේ, “රිට්ස්බරි Tennis Tens' තරගාවලියට අනුග්රහය ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. රටේ ක්රීඩක ක්රීඩිකාවන්ට තම කුසලතා වැඩිදියුණු කරගැනීමට නිවැරදි අඩිතාලමක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා. ඉදිරියටත් මේ ආකාරයට ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේත්රයට අත්වැලක් වීමට අප සූදානම්.” යනුවෙනි.
තරගාවලියේ සංවිධායකයන් වශයෙන් අදහස් දැක්වූ ශ්රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා පැවසුවේ, “නව පරපුරේ ටෙනිස් ක්රීඩක ක්රීඩිකාවන් දිරිගැන්වීමටත්, රට පුරා ටෙනිස් ක්රීඩාව තවදුරටත් ජනප්රිය කරවීමටත් මෙවැනි තරගාවලි පැවැත්වීම අත්යවශ්යයි. මෙම තරගාවලියට රිට්ස්බරි අනුග්රහය හිමිවීම, එය සාර්ථක කරගැනීමට විශාල පිටිවහලක් වුණා. එය රටේ ටෙනිස් ක්රීඩාවට සිදු වූ විශාල යහපතක් ලෙස මා දකිනවා.” යනුවෙනි.
වසර ගණනාවක් පුරා රිට්ස්බරි මෙරට ක්රීඩා ක්ෂේත්රයට අඛණ්ඩව තම අනුග්රාහකත්වය ලබා දී ඇති අතර ඉදිරි වසර වලදීත් අනුග්රහය ලබාදීමටත් රිට්ස්බරි බලාපොරොත්තු වෙයි. ඒ අනුව, මීට පෙර රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය, රිට්ස්බරි ශ්රීමත් ජෝන් ටාබර්ට් මළල ක්රීඩා ශූරතාව, විදුදය රිට්ස්බරි පිහිනුම් ශූරතාව සහ රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාව’ වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය අනුග්රාහක දායකත්වය ලබා දී තිබේ.

රිට්ස්බරි කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ මහතා ශ්රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා වෙත අනුග්රාහකත්වය භාරදෙමින්

Greed Ball කාන්තා කාණ්ඩය ජයගත් කොළඹ විශාඛා විද්යාලයීය කණ්ඩායම CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ප්රවර්ධන සහ ප්රචාරණ ජ්යෙෂ්ඨ කළමනාකරු පංචමය රත්නායක මහතා සමග
ඡායාරූප විස්තරය - Boys Green Ball ජයග්රහණය කළ කොළඹ ආනන්ද විද්යාලයීය කණ්ඩායම, CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ප්රවර්ධන සහ ප්රචාරණ ජ්යෙෂ්ඨ කළමනාකරු පංචමය රත්නායක මහතා සමග
November, 17, 2022
ප්රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline (Pvt) Ltd සිය 30 වන සංවත්සරය සමරන ලදි. මෙම වසර 30 ක කාලය පුරාවට ආයතනික සමාජ වගකීම් 30ක් හරහා ඔවුන් සිය ප්රජාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය.
Bodyline සමාගම වසර 30 ක් මුලූල්ලේ සමාජ කි්රයාකාරකම් රැසක නිරත වී ඇති අතර ඒ හරහා තම සේවක ප්රජාවන් සහ පාර්ශ්වකරුවන් සඳහා වන සිය කැපවීම සහතික කළේය. ඊට අමතරව Bodyline හි අභිප්රාය වන්නේ මිනිසා සහ ලෝකය යන සංකල්පමය කුළුණු මත ගොඩනැගී ඇති නව මුලපිරීම් සමඟින් තම දායකත්වය වැඩි කර ගැනීමටත්, අවශ්යතා ඇති ප්රජාවන්ට අත්වැලක් වීමට අභ්යන්තර කණ්ඩායම්වලට අවස්ථාවක් ලබා දීමෙන් සේවක සහභාගීත්වය ශක්තිමත් කිරීමටත් ය.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Bodyline හි ප්රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය.
”අපි ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ සෘජු රැකියා අවස්ථා 60,000කට අධික ප්රමාණයක් නිර්මාණය කර ඇති අතර අපගේ දැක්ම යථාර්තවත් කරමින් අපගේ පාර්ශවකරුවන්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයින් සහ ප්රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. අපගේ ජාත්යන්තර සම-නිර්මාණ මධ්යස්ථානය හරහා බෙදාහැරීමේ විසඳුම් සපයමින් ලෝ ප්රකට සන්නාම සඳහා හවුල්කරුයකු ලෙස අපි අපගේ කීර්ති නාමය පතුරවමින් සිටිනවා. අපගේ වර්ධනය බැඳී පවතින්නේ අපගේ ජනතාවගේ වර්ධනය මතයි. ”සිහින යථාර්ථවත් කිරීම සහ ලෝකයේ ජීවන පැවැත්ම සහතික කිරීම” යන අපගේ අරමුණ වෙනුවෙන් අප සමඟ සහයෝගයෙන් වැඩ කරන ප්රජාවන්ගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා අපි අපගේ උපරිමයෙන් කැපවෙනවා.”
Bodyline තම ව්යාපාරික මෙහෙයුම් හරහා ජාතික ආර්ථිකයට දායකවනවාට අමතරව සමාගම විසින් රාජ්ය අංශයේ පාසල් සහ රෝහල් සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම, අවශ්යතා සහිත පුද්ගලයින්ගේ අවශ්යතා සපුරාලීම සහ ක්රීඩක ක්රීඩිකාවන්ට සහය වන විශේෂ ආයතනික සමාජ සත්කාර වැඩසටහන් හරහා දායක වෙමින් ප්රජාවන් නගා සිටුවීමට අත්වැලක් සපයයි.
”Bodyline වසර 30 ඉක්මවයි” වැඩසටහන හරහා කි්රයාත්මක කරන ඉදිරි මුලපිරීම් කිහිපයක් පිළිබඳව සඳහන් කරමින්, සමාගමේ තිරසාර ව්යාපාර නියෝජ්ය සාමාන්යාධිකාරී සෞමි ද-අල්මේදා මහත්මිය පැවසුවේ ”ව්යාපෘති 30 න් හතරක් සියලූම සේවකයින් සඳහා විවෘත වන අතරම ඊට අමතරව මාවක් ඔය ගං ඉවුර දෙපස කුඹුක් ගස් 1,000 ක් සිටුවීම ඇතුළුව කළුතර සිට පානදුර දක්වා විහිදෙන කිලෝමීටර් 7 ක වෙරළ තීරය පිරිසිදු කිරීම, පළමු ශේණියේ සිසුන්ගේ පාසල් සැපයුම් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා Bodyline Fit සහ Fun Run සංවිධානය කිරීම සහ Bodyline හි අක්කර 2 ක භූමි ප්රමාණයක් පුරා විහිදෙන වනාන්තරයක් විවෘත කිරීම සිදු කරනවා.” යනුවෙනි.
Bodyline සමාගම සිය 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සමාගමට ආසන්න හොරණ ප්රදේශයේ ප්රතිසංස්කරණය කරන ලද බස් නැවතුම් පොළවල් දෙකක් ද විවෘත කළේය.
”අපි ඉංගිරිය රෝහලේ නව වැසිකිළි දෙකක් ඉදි කළ අතර බාහිර රෝගී අංශය සහ ETU ඒකකය ප්රතිසංස්කරණය කර තීන්ත ආලේප කළා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
”අපගේ අඛණ්ඩ සාර්ථකත්වය සහ වර්ධනය අපව Bodyline හි 30 වන සංවත්සරය කරා ගෙන ආ අතර ඒ ගමනේ දී ආර්ථික හා දේශපාලන බලපෑම්වලට ශක්තිමත්ව ඔරොත්තු දෙමින් අපගේ ප්රජාවන් සඳහා ඉහළ දායකත්වයක් දැක්වීමටද අපට හැකි වී තිබෙනවා.” යනුවෙන් සමාගමේ දැක්ම යළි යළිත් සාක්ෂාත් කරමින් Bodyline හි මානව සම්පත් සහ තිරසාර ව්යාපාර අධ්යක්ෂ වෙනුර අත්තනායක මහතා පැවසුවේය.
‘රණවිරුගම’ වැඩසටහන හරහා ත්රිවිද හමුදාවේ සෙබළුන් සඳහා නිවාස ඉදිකිරීම, හොරණ මූලික රෝහලේ දරුවන්ට HDU ඉදිකිරීම ඇතුළු සමාගමේ ප්රධාන ව්යාපෘති මෙරට ප්රජාව ද ආදරයෙන වැළඳගත් ව්යාපෘති ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම හොරණ විද්යාරත්න විද්යාලයීය දරුවන්ට බොක්සිං ක්රීඩා කිරීමට බොක්සිං වළල්ලක් තනා දීමෙන් ප්රජාවන් අතර බොක්සිං වැනි ක්රීඩා නගා සිටුවීමට ද සමාගමට හැකි විය.
Bodyline යනු MAS Holdings, Triumph International Germany සහ Mast Industries USA අතර ඇති කරගත් හවුල් ව්යාපාරයකි. සංකල්පයේ සිට බෙදා හැරීම දක්වා ඇඟලූම් නිෂ්පාදනය කිරීමේ හැකියාව සමාගම සතුව ඇත. ඉහළ පෙලේ next-to-skin කී්රඩා ඇඟලූම් සපයනු ලබන ඔබේ ශරීරයේ ප්රමාණයටම සහ හැඩයට නිර්මාණය කර ඇති ඇඳුම් නිෂ්පාදනයේ ප්රමුඛයා ලෙස එය ප්රසිද්ධයක් උසුලයි. සමාගම ඉහළ පෙලේ නවීන සමීපතම ඇඟලූම් නිෂ්පාදනය සඳහා ද නමක් දරා සිටී. තනි පුද්ගලයෙකු සඳහා නිෂ්පාදනය කෙරෙන ඉතා සරල විලාසිතා නිර්මාණයක සිට විවිධ ජාත්යන්තර සන්නාම නිෂ්පාදන කාණ්ඩ හරහා විලාසිතා නිර්මාණ දක්වා සමාගම ක්රම ක්රමයෙන් වර්ධනය වී ඇත.




November, 17, 2022
කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අනුබද්ධ තොරතුරු තාක්ෂණික සමාගමක් වන CBC Tech Solutions Limited සමාගම ශ්රී ලංකාවේ Lenovo නිෂ්පාදන සඳහා පාර්ශවකරුවෙකු ලෙස පත් කර තිබෙන අතර සමාගම මෙරට ආයතනික අංශය සඳහා පුළුල් පරාසයක විහිදුණු තොරතුරු තාක්ෂණික විසඳුම් ඉදිරියටත් අඛණ්ඩවම ලබාදෙනු ඇත.
මෙම නවතම ඒකාබද්ධතාවයත් සමග CBC Tech Solutions Limited සමාගම Lenovo පුද්ගලික පරිගණක, ටැබ්ලට් පරිගණක සහ IdeaPad, Yoga, Legion සහ ThinkPad ඇතුළත් උපකරණ මාලාවක් මෙරට අලෙවි කිරීමේ නියෝජිතයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.
CBC Tech Solutions 12 වන පරම්පරාවේ Intel® Core™ ප්රොසෙසරයන් සහිත Lenovo ThinkCentre නියෝ ඩෙස්ක්ටොප් පරිගණක මේ වසරේ ජුනි මාසයේ සිට මෙරටට ආනයනය කරන පළමු ශ්රී ලාංකේය සමාගමයි.
මෙම සමාගමේ කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීමට මුලින් ආරම්භ කළ සමාගමක් වූ අතර පසුව දේශීය ආයතනික අංශයටද තාක්ෂණික සහයෝගය ලබාදීම සඳහා මෙම සමාගම යොමුවිය. මෙම සමාගමේ ප්රධාන විධායක නිළධාරී කීර්ති මැදිවක මහතා පවසන්නේ Lenovo සමාගම සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය සමග සමාගමේ ව්යාපාරික කටයුතුවල පරාසය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම සමාගම 2003 වසරේදී ආරම්භ කළ අතර එහි අරමුණ වන්නේ ශ්රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදෙන නව්ය සමාගමක් ලෙසින් පෙරමුණට පැමිණීමයි. පාරිභෝගිකයින්ට වඩාත් විශ්වසනීය තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සහ සේවා ලබාදෙමින් තාක්ෂණික නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම සමාගමේ ඉලක්කයයි.
සේයාරූ සටහන : CBC Tech Solutions සමාගමේ ප්රධාන විධායක නිළධාරී, කීර්ති මැදිවක මහතා (දකුණේ සිට තුන්වැන්නා) සහ Lenovo සමාගමේ විදේශ ව්යාපාරික අංශයේ සාමාන්යාධිකාරී, නවීන් කෙජ්රිවාල් මහතා (වමේ සිට සිව් වැන්නා) සහ විදේශ වාණිජ ව්යාපාරික අංශයේ අලෙවි ප්රධානී, සමීර් වර්ෂ්නේ මහතා (වමේ සිට තුන්වැන්නා) ගිවිසුම හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) CBC Tech Solutions සමාගමේ සහකාර කළමනාකරු, චාමික අතාවුද මහතා, ශ්රී ලංකාවේ Lenovo කළාපීය අලෙවි කළමනාකරු, ප්රසන්න කුලසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ සහ CBC Tech Solutions සමාගමේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, සනත් මනතුංග මහතා සහ CBC Tech Solutions සමාගමේ නියෝජ්ය ප්රධාන විධායක නිළධාරී, නලීන් ගුණතුංග මහතා සේයාරුවේ සිටිති.
November, 17, 2022
ශ්රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව 2022 (Global Sales Conference) සඳහා සහභාගී වන ආරාධිතයින් යුරෝපය, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, ආසියා-පැසිෆික් කලාපය, සහ ඕස්ට්රෙිලියාව ඇතුළු ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය හරහා මේ වන විට දිවයිනට පැමිණීම ආරම්භ කර තිබේ. ප්රමුඛ පෙළේ ජාත්යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්යාවක් සහ ලොව පුරා ගුවන් සේවය නියෝජනය කරන ගුවන් සමාගමේ සාමාන්ය විකුණුම් නියෝජිතයින්ගෙන් (GSAs) මෙම ආරාධිතයින් පිරිස සමන්විත වේ.
ඒ අනුව, මෙම සමුළුව 2022 නොවැම්බර් 18 වන දින Aliya Resort and Spa හි පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සමුළුවට සහභාගී වීමට පෙර පැමිණෙන නියෝජිතයින් තෝරා ගන්නා ලද ගමන් මාර්ග ඔස්සේ ශ්රී ලංකාවේ විශේෂිත සංචාරක ස්ථාන කිහිපයකම ගවේෂණයට එක්වනු ඇත. සම්මන්ත්රණයෙන් පසුව ඊළඟ දිනයේ දී දේශීය සංචාරක ක්රියාකරුවන් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම් (DMCs) ව්යාපාරික සහ සහයෝගීතා අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දිවයිනට පැමිණි නියෝජිතයින් හමුවීමට නියමිතව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය “ජාතික ගුවන් සේවය වශයෙන්, සංචාරක ව්යාපාරය ප්රකෘතිමත් කිරීමටත් ඒ සඳහා සහය දැක්වීමත් අපගේ අරමුණයි. අපගේ ගුවන් ගමන් ජාලය හරහා ශ්රී ලංකාවේ ආරක්ෂාව සහ සංචාරකයින් පිළිගැනීමට ඇති සූදානම යලි තහවුරු කිරීම සඳහා මෙවැනි කාලෝචිත මුලපිරීම ආරම්භ කර තිබෙනවා. අපගේ විශ්වාසවන්ත සංචාරක වෙළඳ හවුල්කරුවන් මෙම පණිවිඩය ඔවුන්ගේ රට වෙත ගෙන යනු ඇති අතර ඔවුන්ගේ අදාළ වෙළඳපලවලින් ශ්රී ලංකාවට සංචාර දිරිගැන්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ වගේම දේශීය සංචාරක ක්රියාකරුවන්ගෙන් ලැබෙන ප්රතිචාර ගැනත් අපි සතුටු වෙනවා. දැනටමත් , හමුවීම් 400 කට වැඩි ප්රමාණයක් වෙන්කරවා ගෙන ඇති අතර, ඉදිරි දිනවලදී එම සංඛ්යාව වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙරට ප්රධාන පෙළේ ආගන්තුක සත්කාර සහ සංචාරක හවුල්කරුවන් රාශියක් ශ්රීලංකන් ගුවන් සේවයේ මෙම වැඩසටහන සඳහා සහයෝගය දක්වයි. එනම් Aliya Resort & Spa; Cinnamon Resorts; Cinnamon Grand; Amaya Hotels; Walkers Tours; Jetwing Hotels; Taj Hotels Infinity Vacations; Aitken Spence Travels; Mahaweli Reach Hotel; සහ Teardrop Hotels ය.


November, 17, 2022
ශ්රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්රයේ ප්රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් නැවතත් මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්රියාත්මක කරයි.
2021 වසරේ දී බළන්ගොඩ කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක කළ වන වගා ව්යාපෘතිය බේබි ෂෙරමි හා කුමාරිකා යන සන්නාමයන්ගේ අනුග්රාහකත්වයෙන් මෙරට වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා ක්රියාත්මක වන සංවිධාන සමඟ එක්ව ක්රියාත්මක කෙරිණි. මෙම ව්යාපෘතියේ දී හේමාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සියලු ම ව්යාපාරික ඒකක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් හා අවට ගම්මානවල ජනතාව සමඟ එක් ව නැවත වන වගා ක්රියාන්විතයට දායක විය.
මෙම ව්යාපෘතිය මගින් වනාන්තර සංරක්ෂණය කිරීම, ගස් වැල්වලින් පුරවාලීම, පවතින වනාන්තර ප්රදේශ සහ ඒ ආශ්රිත ශාක හා සත්ත්ව විශේෂ රැකගැනීම මෙන් ම ලැව්ගිනි අවදානම වැළැක්වීම ද අරමුණු කරයි. හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගම බලංගොඩ වන වගා ව්යාපෘතිය වැනි වැඩසටහන් හරහා මෙරට වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා රටේ පුරවැසියන් හා බලධාරීන් එකසේ දිරිමත් කිරීමට කටයුතු කිරීම ද විශේෂිතය.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, මෙවැනි ව්යාපෘති ඔස්සේ හේමාස් සමූහයේ දායකත්වය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන අතර, ඉදිරියේදීත් මෙරට වනාන්තර ආරක්ෂාව වෙනුවෙන් ක්රියාත්මක වන සංවිධාන සමඟ එක්ව මෙවැනි දිගුකාලීන ව්යාපෘති හරහා ශ්රී ලංකාවේ වනාන්තර සහිත ප්රදේශ සංරක්ෂණය කිරීමට නිරන්තරයෙන් නායකත්වය ගෙන ක්රියා කරන බව ද සහතික කරයි.
November, 17, 2022
ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි 69% ක්වූ සිය කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 15 වැනිදා මෙම කොටස් අලෙවිය සිදුකළ බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අනුව ලාෆ්ස් ගෑස් පීඑල්සී සතුව පැවති ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි සාමාන්ය කොටස් 2,645,203 ක් ඩොලර් මිලියන 16,146,000 ක වටිනාකමකට අලෙවි කර ඇත.
මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ තවත් අනුබද්ධ සමාගමක් වූ ඩුබායි හි ලියාපදිංචි Slogal Energy DMCC සතුව පැවති ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි 31% ක කොටස් හිමිකාරීත්වය ද, එනම් කොටස් 1,188,352 ක් එදිනම ඩොලර් 7,254,000 කට අලෙවි කරනු ලැබූ බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සමූහ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩිදුරටත් දැනුම් දී සිටී.
මේ හරහා ලැබෙන මුදල් සමූහයේ ණය කළඹ අඩුකර ගැනීම සඳහා භාවිත කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

November, 17, 2022
දියුණු ශ්රී ලංකාවක් ගොඩනැගීම සඳහා සහාය වීමට තරුණ තරුණියන් 30,000කට අධික ප්රමාණයක් සවිබල ගන්වයි
සිංගප්පූරුවේ පසුගියදා පැවති 17 වැනි ආසියානු සේවා යෝජක සන්නාම සම්මාන උළෙලේදී 2022 වසරේ ආසියාවේ හොඳම සේවා යෝජක සන්නාමයක් (Asia's Best Employer Brands) ලෙස තවදුරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට යුනිලිවර් ශ්රී ලංකා සමාගම සමත් විය. FMCG ක්ෂේත්රයේ දැවැන්තයකු ලෙස මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් දැක්වූ දායකත්වය හේතුවෙන් යුනිලිවර් ශ්රී ලංකා සමාගම මෙහිදී ආසියාවේ හොඳම සමාගම් 50 අතරට ශ්රේණිගත කරනු ලැබීය- ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය (World Human Resources Development Congress) හා ක්ෂේත්රයේ ප්රමුඛයින් සත්කාරකත්වය සපයන සේවා යෝජක සන්නාම සම්මාන උළෙල ආසියානු ව්යාපාර සම්මේලනය විසින් පිළිගත් සම්මාන උළෙලකි. සේවා යෝජක සන්නාමකරණයේ විශිෂ්ට භාවිතයන් බෙදාහදා ගැනීම වෙනුවෙන් ලොව පුරා ජ්යෙෂ්ඨ මානව සම්පත් නායකයින් එක් කරනු ලබන සංවිධානයක් වන Employer Branding Institute ආයතනය විසින් මෙම සම්මාන ඇගයීමට ලක් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්යක්ෂිකා අනන්යා සභාර්වාල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය.“අනාගත නායකයින් බිහි කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම මේ ආකාරයේ සම්මානයක් තුළින් පිළිගැනීමට ලක්වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා' යුනිලිවර් සමාගම විශ්වවිද්යාලයක් වැනි ආයතනයක් බව අපගේ බොහෝ සාමාජිකයන්ගේ මතයයි. තම සේවක ප්රජාවගේ අභිවෘද්ධිය උදෙසා යුනිලිවර් සමාගමේ කැපවීම පිළිබඳ දහස් ගණනින් වූ උදාහරණ අතර මගේ වෘත්තීය ජීවිතය ද එක් උදාහරණයක් ලෙස දැක්වීමට කැමතියි. එසේම අපගේ ශ්රී ලාංකික තරුණ තරුණියන් ද අනාගත ලෝකයට ගැලපෙන පුරවැසියන් ලෙස ඉදිරියට ගෙන යාම අපගේ අභිලාශයයි- ඒ සඳහා අපි ඔවුන්ගේ පන්තිකාමරයේ සිදු කෙරෙන අධ්යයන කටයුතු හා සමගාමීව වෘත්තීය අත්දැකීම් හා සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඔවුන්ට අර්ථවත් වෘත්තීය ජීවිතයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ගැනීමට උපකාර වෙනවා- විශේෂයෙන් මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්රී ලංකාවේ ප්රගමනය හා අනාගතය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජනය තාරුණ්යය වෙනුවෙන් සිදු කරන ආයෝජනය බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා.”
මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “යුනිලිවර් සමාගමේ අනාගතවාදී දිශානතියට අනුව අද මෙන්ම හෙටත් අප ප්රජාවගේ රැකියා යෝග්යතාව ඔප්නැංවීම උදෙසා අපි කැපවී කටයුතු කරනවා' එසේම අපගේ තරුණ තරුණියන්ට අවශ්ය රැකියා හා කුසලතාවන් ගොඩනැංවීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක් වෙමින් වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ ඉදිරියට යාමට ඔවුන්ව සවිමත් කිරීමටද කටයුතු කරනවා' අපගේ ජනතාවට මෙන්ම තාරුණ්යයට නිරන්තර සහයෝගය ලබා දෙන අතරම ඒ තුළින් වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීමටත් අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි” යනුවෙන් පවසා සිටියාය.
සිය තරුණ වැඩසටහන් තුළින් ගෙවුණු වසර 5ක කාලය තුළ 30,000කට අධික ශ්රී ලාංකේය තරුණ තරුණියන් ප්රමාණයක් රැකියා ලෝකය සඳහා සවිබල ගන්වා ඇති යුනිලිවර් ශ්රී ලංකා සමාගම පූර්ණ කාලීනව අධ්යාපනය ලබන අතරතුර අර්ධ කාලීන/ කෙටි කාලීන පුහුණු අවස්ථාවන් අපේක්ෂා කරනු ලබන තෝරාගත් උපාධි අපේක්ෂකයින් වෙත නම්යශීලී හා නව්ය කර්මාන්ත පුහුණු අවස්ථා පිරිනැමීමේ පුරෝගාමී ආයතනයක් ලෙසද සඳහන් කළ හැකිය.
යුනිලිවර් සමාගමේ ශිෂ්ය තානාපති SPARKS වැඩසටහන මඟින් තමන්ගේම විශ්වවිද්යාලයේ යුනිලිවර් තානාපතිවරයෙකු ලෙස වසරක කාලයක් කටයුතු කිරීමට ශ්රී ලංකාවේ ප්රමුඛතම විශ්වවිද්යාලයන්හි උපාධි අපේක්ෂකයින් හට අවස්ථාව ලබා දෙයි' එහිදී විවිධ හැකියාවන් සපිරි තරුණ තරුණියන් 20 දෙනෙකු යුනිලිවර් ආයතනය සමඟ එක්ව තම විශ්වවිද්යාලයන්හි කුසලතා සංවර්ධන සමුළු පැවැත්වීමට කටයුතු කරනු ඇත. ඒ අතරම මෙරට තරුණ තරුණියන් කර්මාන්තයේ ප්රමුඛයින් සමඟ සම්බන්ධ කරන ශ්රී ලංකාවේ විශාලතම උපාධි අපේක්ෂක වැඩමුළුවක් වන යුනිලිවර් තරුණ සංසදය (Unilever Youth Forum) සංවිධානය කිරීමේ අවස්ථාව ද ඔවුනට ලැබේ' මෙම වසරේ දී අනාගත රැකියා ක්ෂේත්රය යන තේමාව යටතේ මෙම වැඩමුළුව පැවැත්වීමට මේවන විට කටයුතු යෙදෙමින් පවතී- ගෙවුණු වසර 8ක කාලය තුළ ශ්රී ලංකාවේ ප්රධාන විශ්වවිද්යාල 9ක් හරහා ශිෂ්ය තානාපතිවරුන් 110 කට වැඩි ප්රමාණයක් යුනිලිවර් විසින් තෝරාගෙන ඇති අතර ඔවුන්ගෙන් 100ට වැඩි ප්රමාණයක් සිය කුසලතා සංවර්ධන වැඩසටහන් සාර්ථකව ඉදිරිපත්කොට ඇත.
තවද යුනිලිවර් සමාගම විසින් ක්රියාත්මක කරනු ලබන සිය ප්රමුඛ පෙළේ සන්නාම කේන්ද්ර කරගත් සිද්ධි අධ්යයන (Case study) තරඟයක් වන Unilever Challenge, උපාධි අපේක්ෂකයන්ට මෙන්ම නවක උපාධිධාරීන්ට යුනිලිවර්හි Global Unilever Future Leaders League හිදී ශ්රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ලබා දෙයි' එසේම ඒ තුළින් ප්රමුඛ පෙළේ සන්නාම සමඟ කටයුතු කිරීමේ හා ඔවුන්ගේ සුවිශේෂී චින්තනය ඉදිරියට ගෙනයාමේ අත්දැකීමද ලබා දෙනු ඇති. යුනිලිවර් ශ්රී ලංකා සමාගම විසින් මේ වසරේදී පුහුණු කරන ලද මෙරට කණ්ඩායම ලොව පුරා අයදුම්කරුවන් 54000කට අධික සංඛ්යාවක් මෙන්ම උපාධි අපේක්ෂකයින් 500කට අධික සංඛ්යාවක් අභිබවමින් ගෝලීය අනුශූරයින් බවට පත්වීමද විශේෂත්වයකි.
උපාධි අපේක්ෂකයින් හට යුනිලිවර් ශ්රී ලංකා ආයතනය සමඟ එක්ව කෙටි කාලීන ව්යාපාරික ව්යාපෘති සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සඳහා වන නවතම වැඩසටහන ලෙස ULEARN දැක්විය හැකිය' මෙම වැඩසටහන තුළින් නම්යශීලී ආකාරයෙන් සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක අවධියේදීම ආයතනික පුහුණුවක් ලබා දීම සිදු කරයි.
අද වන විට බෙහෙවින් දැකිය හැකි මෙරට බුද්ධිගලන ප්රවණතාවන් අවම කරමින් තරුණ සේවා නියුක්තිය ඉහළ නැංවීම හා අනාගත හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් යුනිලිවර් සමාගම ජෝන් කීල්ස් සමූහය (John Keells Group), සහ ලන්ඩන් කොටස් වෙළෙඳපොල සමූහය (London Stock Exchange Group) සමඟ ‘Fast-Track’ නමින් දේශීයව හා විදේශගතව අධ්යාපනය ලබන ශ්රී ලාංකික සිසුන් වෙනුවෙන් ක්ෂේත්ර කිහිපයකම විශිෂ්ට රැකියා අත්දැකීමක් ලබා දීමේ පුහුණු වැඩසටහනක් දියත් කොට ඇත. එසේම කැලණිය විශ්වවිද්යාලය, කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA), ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය (KDU), AIESEC ශ්රී ලංකා සහ Gavel clubs සමඟ එක්ව ශ්රී ලාංකේය තරුණ තරුණියන්ගේ සුවිශේෂී හැකියාවන් ඔප් නැංවීමට යුනිලිවර් සමාගම නිරන්තරයෙන් සිය දායකත්වය දක්වයි.

යුනිලිවර් ශ්රී ලංකා සමාගම වෙත තිළිණ කළ 'Asia's Best Employer Brands 2022' සම්මානය

යුනිලිවර් ප්රධාන කාර්යාලයේ පැවති ජාත්යන්තර කාන්තා දින සැමරුමට එක් වූ යුනිලිවර් සාමාජිකයින්
ඡායාරූප විස්තරය : යුනිලිවර් තරුණ සමුළුවට එක්වූ SPARKS ශිෂ්ය තානාපතිවරු
November, 16, 2022
සිංගප්පූරු ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සිංගප්පූරු ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්රියාත්මක කිරීම පිළිබඳ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිපති සංජය රාජරත්නම්, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර, යන මහත්වරු සහ රේඛීය ආයත ප්රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
November, 16, 2022
ශ්රී ලංකාවේ ව්යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්යයනය කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්රීවරයන් පත් කෙරේ...
ශ්රී ලංකාවේ ව්යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ් අනුව උක්ත කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස නසීර් අහමඩ්, අරවින්ද් කුමාර්, නීතිඥ අනුර ප්රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මොහමඩ් මුසම්මිල් ,චමින්ද විජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, කෝකිලා ගුණවර්ධන , ලලිත් වර්ණ කුමාර යන ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරයන් පත් කොට තිබේ.
Video Story