• 99x Great Place to Work
  • Ada Derana BIZ Sinhala
  • Legend
  • sri lanka

99x Great Place to Work ශ්‍රේණිගත කිරීමෙහි ‘Legend’ තත්වය හිමිකර ගනී

November, 9, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් පිරිනමන Grate Place To Work (GPTW) සම්මානය අඛණ්ඩව දසවෙනි  වරටත් හිමිකර ගනිමින්, Grate Place To Work (GPTW) Legend තත්වය හිමිකර ගැනීමට සමත් විය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ‍්‍රම බලකාය වෙනුවෙන් පෙනී සිටීමට 99x හි ඇති නොසැලෙන කැපවීම මෙම ජයග‍්‍රහණය තූළින් ඉස්මතු වෙයි. මෙම වසරේදී සමාගම ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් මෙන්ම හොඳම IT/ITES සේවා ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගත කර ඇත.

99x 2013 වසරේ සිට අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙසත් 2018 සිට 2021 දක්වා අඛණ්ඩව වසර හතරක් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙසත් ශ්‍රේණිගතව ඇත. 99x යනු ශ්‍රී ලංකාවේ එසේ ශ්‍රේණිගත වූ සමාගම් තුනෙන් එකකි. AIA සහ DIMO යන ආයතනයන්හි වසර ගණනාවක් පුරා කි‍්‍රයාත්මක වෙන විශිෂ්ට මානව සම්පත් භාවිතයන් වෙනුවෙන්, 99x මෙම සමාගම් දෙකට තමන්ගේ සුබ පැතුම් එක් කරයි.

අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළදීත් 99x විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාවට නංවමින් සිය ජනතා අවධානය පවත්වා ගෙන ගොස් ඇත. 99x සිය සේවා ස්ථාන සංස්කෘතිය වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තරයෙන් ඇති නොසැලෙන අවධානය Legend තත්වය වෙත ලඟා වීම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් 99x ප‍්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මනෝ සේකරම් මහතා පැවසුවේ ”Great Place to Work ආයතනයෙන් අපට ලැබී ඇති සහයෝගය සහ පිළිගැනීම අපට ගෞරවයක් මෙන්ම, අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වෙනවා. ඒ වගේම වැඩ කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක් බවට පත්වීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මෙය රැකියා ස්ථානය තුළ පවතින අපගේ සංස්කෘතික භාවිතයන් පිළිබඳ ඇගයීමක්. අපගේ, ව්‍යාපාර ආකෘතියේ ඇති වෙනස්කම්වලට අනුගත වීම, වසංගත හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද නව සාමාන්‍යකරණයට මුහුණ දීම  මෙන්ම අපගේ සේවා කණ්ඩායම් අපට තිබෙන ප‍්‍රධානතම වත්කම ලෙස සැලකීම ආදී කරුණු මෙම තත්වය ළඟා කර ගැනීම උදෙසා අපට ඉඩ සලසන ප‍්‍රධාන මූලධර්ම කිහිපයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

ශ‍්‍රී ලංකා රැකියා ස්ථානයේ සේවක සේවිකාවන් තම නායකයින් කෙරෙහි දක්වන විශ්වාසය, මිනිසුන්ට දක්වන ගෞරවය, සේවා ස්ථානයේ තීරණවල සාධාරණත්වය සහ කණ්ඩායම් මිත‍්‍රත්වය ඇතුළු සාධක මත 99x මෙසේ ශ්‍රේණිගත වී ඇති අතර Great Place to Work ශ‍්‍රී ලංකා විසින් සේවක සමීක්ෂණ ප‍්‍රතිචාර විශ්ලේෂණයක් මත පදනම්ව ඒ පිළිබඳව ඇගයීමට ලක් කර ඇත. සේවකයින්ට තම යහපැවැත්ම වර්ධනය කර ගැනීම උදෙසා ඔවුන්ට අවශ්‍ය පිටුබලය සහ නම්‍යශීලීභාවය ඇති, වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලිකව ඔවුන්ගේ උපරිමය ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට 99x හි කැපවීම මෙම ඇගයීම තුළින් අවධාරණය කරයි.

”අපගේ පාරිභෝගිකයින් අපට වඩා සැතපුම් 6000 ක් පමණ බොහෝ දුරින් සිටියද අප සහ ඔවුන් අතර පවතින විශ්වාසනීයත්වය මත ඔවුන්ගේ සම්පූර්ණ බුද්ධිමය දේපළ අපට භාර දී තිබෙනවා. අපගේ සේවකයින් දිරිමත් කිරීම සඳහා ධනාත්මක සේවා සංස්කෘතියක් නිර්මාණය කරන අතරම විශ්වාසය ඇති කිරීම තුළින් විශිෂ්ට කාර්යයක් ගොඩනැගීමට හැකිවීම අපගේ මෙම සාර්ථකත්වයට හේතු වුණා. 99x ලොව පුරා සිටින අපගේ පාර්ශවකරුවන් සඳහා සෑම විටම විශ්වාසදායක සහ ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යනවා.” යනුවෙන් 99x හි ප‍්‍රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ මහතා පැවසුවේය.

මෙම අභියෝගාත්මක කාල සීමාවන් මධ්‍යයේ වුවද 99x ව්‍යාපාර අඛණ්ඩතාව සහ සේවකයින්ගේ රැුකවරණය සහතික කිරීම සඳහා පියවර ගත්තේය. සමාගම ශ‍්‍රී ලංකාවේ සිටින සිය සියලූම සේවකයන්ට හොද වැටුපක් ලබාදෙන අතර ශක්තිමත් ජීවන වියදම් දීමනා ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. මීට අමතරව 99x oDoc සහ InReach Global ඇතුළු වෛද්‍ය උපදේශන සේවා සමඟ හවුල් වෙමින් එහි සේවකයින්ට online සෞඛ්‍ය උපදේශනයට පහසුකම් සලසා දී තිබේ. වසංගතය ආරම්භයේදීම 99x සිය සේවකයින්ට බාධාවකින් තොරව නිවසේ සිට වැඩ කිරීමේ ආකෘතියකට මාරු වීමට හැකියාව ලබා දුන්නේය. මෙවැනි තීරණාත්මක පියවරයන් හරහා 99x සේවකයින්ට මෙම දුෂ්කර කාලවලදී ද සාර්ථකව ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම සේවාවක් ලබා දීමට අවස්ථාව ලබා දී ඇත.

99x ශ‍්‍රම බලකායෙන් 25% ක් පමණ කාන්තාවන්ගෙන් සමන්විත වන අතර සමස්ත ශ‍්‍රම බලකායෙන් 78% කට වැඩි ප‍්‍රමාණයක් සහ කළමනාකරණ කණ්ඩායමේ 25% ක් පමණ සිටින්නේ තරුණ ප‍්‍රජාවයි. තවද 99x විශ්වවිද්‍යාල මට්ටමේ සිට දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. පසුගිය වසර දහය තුළ එය දේශීය විශ්වවිද්‍යාල 30ක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර උපාධිධාරීන් 25,000කට අධික පිරිසකට අති නවීන තාක්ෂණයන් සමඟ වැඩ කිරීමට තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ අවස්ථා ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වා ඇත. මීට අමතරව 99x විසින් තාක්ෂණික සැසි 500 කට අධික ප‍්‍රමාණයක් පවත්වා ඇති අතර පර්යේෂණ ව්‍යාපෘති 50 කට ආසන්න ප‍්‍රමාණයකට ද සහාය වී ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • Ajith Nivard Cabral
  • sri lanka

ඩොලර් බිලියන 10.7 ක් ලැබෙන්න තිබුණා. ණය පැහැර හැරීම බරපතල පාවාදීමක් – කබ්රාල්ගෙන් හෙළිදරව්වක්

November, 9, 2022

පසුගිය 2022 ජනවාරි මාසයේ දී තමා අධිපතිව සිටිය දී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටී.

මෙහිදී කබ්රාල් මහතා පවසන්නේ ණය නොගෙවා සිටීම මුළු රටටම බලපාන බවයි.

“ණය ගෙවීම ද වැරදි? ණය නොගෙවීම ද? ණය ගෙවපු මිනිහාව වැරදිකාරයෙක් කරලා, ණය නොගෙවපු මිනිහාව වීරයෙක් කරනවා නම් ඒකේ මොකක් හරි වැරැද්දක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්නේ. ණය නොගෙව්වාම ඒක ණයට පමණක් නොවෙයි බලපාන්නේ. එය මුළු ජීවිතේටම නැත්නම් මුළු රටටම බලපානවා.“

“මම මහ බැංකු අධිපතිවරයා වුණාට පස්සේ මුලින්ම ප්‍රශ්න තිබ්බේ යුද්දේ කාලේ. ඒත් ඔක්කොම ණය ගෙව්වා. මේ සැරේ මම ආවට පස්සෙත් සල්ලියක් තිබ්බේ නැහැ. ඒ වුණාට ණයකාරයින් සමඟ කතා කරලා, දීර්ඝ කාලීනව ඒවා අරගෙන ඒක කරගත්තා. 2022 පළවෙනි කාර්තුවේ දී බිලියන 3.1 ක් කොහොම හරි කරලා අපි ණය පියෙව්වා. එත් එක්කම ඒ කාලේදීම විවිධ භාණ්ඩ ගේන්න බිලියන 1.8ක් ගෙව්වා.“

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කරන්නේ ණය පැහැර හැරීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොතිබුණු බවයි. එසේම ඩොලර් බිලියන 10.7 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට තිබුණු බවද ඔහු මෙහිදී අනාවරණය කර සිටී.

“ණය ගෙවීම තමයි කළ යුත්තේ. ණය නොගෙව්වොතින් අද contracts නැති වෙලා තියෙනවා.  LC එකක් ඕපන් කර ගන්න බැරි වෙලා තියෙනවා. රැකියාවල් දහස් ගණන් අහිමි වෙලා තියෙනවා. විවිධ අය රටට එන්නේ නැති ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. අපි හැමෝම දන්නවා මේවා. මේවා සිදුවෙන කොට අපි තේරුම් ගන්න ඕනේ, මෙතන මුල. මෙතන මුල ණය නොගෙවීම. ණය කිසිවිටෙක පැහැර හරින්න තිබුණේ නැහැ. ඒ වෙලාවේ අපිට බිලියන 10.7 ක මුදලක් ලංකාවට එන්න තිබුණා ඇමරිකන් ඩොලර්වලින්. ඒක පෙනිපෙනී ණය නොගෙවීම මම දකින්නේ ඉතාමත්ම බරපතල පාවා දීමක් හැටියට. මේ රටේ ඉතිහාසයේ කවදා හරි ඒක ලියැවෙනවා, රටේ බරපතලම පාවා දීම, රටේ බරපතලම විනාශය ඒක කියලා.“

  • Ada Derana BIZ Sinhala
  • Athurugiriya
  • latest branch
  • Medihelp Hospital
  • sri lanka
  • Vision Care

විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරිය මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කරයි

November, 9, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3ෘ, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.

මෙරට ප‍්‍රමුඛ පෙළේ රෝහල් ජාලයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශන සේවාද ඇතුළුව පුළුල් පරාසයක සෞඛ්‍ය සේවා සපයයි. මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අක්ෂි සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා විෂන් කෙයා ආයතනය මෙඩිහෙල්ප් රෝහල් ජාලය සමඟ සහයෝගීතාවයකට එළඹී ඇති අතර රට පුරා පිහිටි මෙඩිහෙල්ප් රෝහල් වෙත සිය සේවාවන් ලබා දීමට බලාපොරොත්තු වෙයි.

වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති මෙම නව ශාඛාව හරහා අතුරුගිරිය ප‍්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, සහ ශ‍්‍රවන පරීක්ෂණ ලබා ගැනීමට හැකි වනු ඇත. වේ. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප‍්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. ඍ්හ-ඊ්බල ඪදටමැල ක්‍්රරුර්ල ෑපචදරසද ්රප්බසල ඔදපපහ ්‍යසකසෙටැර වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච මෙන්ම ශ‍්‍රවණාධාරක ද මෙම නව අතුරුගිරිය ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.

වසර 30ක් පුරාවට ශ‍්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ‍්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප‍්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ඡායාරූප ශීර්ෂ පාඨය - විෂන් කෙයා හි කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය විසින් නව ශාඛාව විවෘත කරන අවස්ථාව

  • Ada Derana BIZ Sinhala
  • DSL Energy
  • OKAYA Power
  • sri lanka

DSL Energy සූර්ය බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන් ඉන්දීය බැටරි නිෂ්පාදන දැවැන්තයකු වන OKAYA Power සමඟ එක් වෙයි

November, 9, 2022

2022 ඔක්තෝබර් කොළඹ, Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy, කෙමෙන් ඉහළ යමින් පවතින වඩා ක්‍රියාකාරී හා තිරසාර බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන සිය අඛණ්ඩ සංවර්ධන දර්ශනයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ලොව පුරා ඉහළම තත්වයෙන් යුත් බැටරි නිෂ්පාදනයන්හි විශිෂ්ට සන්නාමයක් වන ඉන්දියාවේ Okaya Power සමූහය සමඟ හවුල්කාරීත්වයකට එක් වූ බව නිවේදනය කරමිනි.

මෙම හවුල්කාරීත්වය තුළින් Okaya Power සමූහයේ පිළිගත් නිෂ්පාදන පෙළ හරහා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට ජාලයෙන් පිටත (off-grid) සූර්ය බලශක්ති විසඳුම් ලබා දීම DSL Energy සමාගමේ අරමුණ වී ඇත. Okaya Power හි බැටරි, පැනල් හා ඉන්වර්ටර් නිෂ්පාදනයන් මෙම නිෂ්පාදන පෙළට ඇතුළත් වන අතර හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකේය වෙළෙඳපොල තුළ බැටරි සඳහා වසර 3කද, ඉන්වර්ටර් සඳහා වසර 2කද, පැනල් සඳහා වසර 25කද, වශයෙන් වගකීම් පහසුකම භූක්ති විඳීමට අවස්ථාව උදා වීම සුවිසල් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

DSL Energy හි රටපුරා විහිදුණු 400කට අධික අලෙවි නියෝජිත ජාලයක් හරහා බෙදා හරනු ලබන මෙම නිෂ්පාදන සඳහා වාරික ගෙවීමේ සැලසුම්, දේශීය සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවය මෙන්ම පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව විවිධ බලශක්ති ධාරිතාවන්ට ගැලපෙන නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ DSL Energyහි ප්‍රධානී නෙරන්ජන් ජයසිංහ මහතා “ හිරු එළිය ඉතා වටිනා එහෙත් අවම වශයෙන්වත් ප්‍රයෝජනයට නොගත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බව අපගේ විශ්වාසයයි. එම සූර්ය බලශක්තියට නිවාස සහ ව්‍යාපාර සඳහා මෙන්ම කර්මාන්ත සඳහාද අවශ්‍ය විදුලිය ලබා දෙමින් ආර්ථිකය මෙහෙයවීමේ හැකියාව තිබෙනවා. මෙහිදී නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා පාරිභෝගික විශ්වාසය යන සාධක සම්බන්ධයෙන් DSL ආයතනය මෙන්ම Okaya ආයතනයත් එකම අදහසක සිට කටයුතු කරන බැවින් Okaya සමඟ අත්වැල්බැඳ ගනිමින් ඔවුන්ගේ පරිසර හිතකාමී, විශ්වාසදායී හා දිගුකල් පවත්නා බැටරි නිෂ්පාදන සමඟ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි.” යනුවෙන් පවසා සිටියේය.

Okaya Power සමූහයේ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උප සභාපති අනිල් ගුප්තා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ “ DSL Energy සමඟ අප ගොඩනගාගත් හවුල්කාරීත්වය තුළින් රටවල් 50ක අධික ප්‍රමාණයක වර්ධනය වන අපගේ වෙළෙඳපොල වෙත ශ්‍රී ලංකාවද එක් වනවා. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම සඳහා ලෝකය කටයුතු කරමින් සිටින අවධියක එය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපගේ පරිපූර්ණ නිෂ්පාදන පෙල ඊට සුවිසල් පිටිවහල් වනු නිසැකයි. ශ්‍රී ලාංකේය වෙළෙඳපොල තුළ DSL Energy ලබා ඇති ප්‍රවීනත්වය සමඟ එක්ව හිරු එළියෙන් සිය ජීවිතය සවිබල ගන්වන ශක්තිමත් පාරිභෝගික ජාලයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙනි.

ආරම්භයේ සිටම පාරිභෝගිකයින්ගේ සූර්ය බලශක්ති අවශ්‍යතා තිරසාර හා අවශ්‍ය ආකාරයෙන්  සහතික කළ, දැරිය හැකි බලශක්ති විසඳුම් සමඟ එක් කිරීම සඳහා සහාය ලබා දී ඇති DSL Energy සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ මූලික බලශක්ති අවශ්‍යතා අවබෝධ කර ගැනීමේ සිට අලෙවියෙන් පසු සහාය හා සේවා සැපයීම දක්වා සියලු සූර්ය බලශක්ති විසඳුම් එකම වහලක් යටින් ඉටු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ක්‍රියාකාරී හා තිරසාර බලශක්ති විසඳුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් ඉදිරියට යන DSL Energy පාරිභෝගිකයා වෙත සැබෑ ප්‍රතිලාභ සහ ඉතුරුම් හිමිකරදෙන විසඳුම් ලබාදීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද සාක්ෂි සහිතව සඳහන් කළ හැකිය.

සියලුම වර්ගයේ බැටරි, battery cells, power packs, storage batteries, battery containers, battery covers, battery eliminators, chargeable batteries, solar power batteries සහ අනෙකුත් විවිධ වර්ගයේ බැටරි නිෂ්පාදනයේ හා සැලසුම් කිරීම සිදු කරන බැටරි නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටයා වන  Okaya එකිනෙකට වෙනස් නිෂ්පාදන හා සේවා පෙළක හිමිකරුවාද වේ. Tubular Battery, Inverter Battery හා Solar Battery, SMF Battery, E-Rickshaw Battery, Lithium සහ EV charging විසඳුම් ලබා දීමේ ප්‍රවීනයන් වන Okaya, Tubular Battery හි පරිපූර්ණ නිෂ්පාදකයාද වේ. විශේෂයෙන් නවතම නිෂ්පාදන හා සේවාවන් වෙනුවෙන් කැපවූ පර්යේෂණ හා සංවර්ධන අංශයක්  තුළින් නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා ගුණාත්මකබව නිරන්තරයෙන් නව්‍යකරණයට ලක් කරන Okaya සමාගම සිය නවනතම බැටරි නිෂ්පාදනයන් හඳුන්වාදීම සඳහා ලොව නවීනතම තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් සම්මන්ත‍්‍රණ මගින් පහ වසර ශිෂ්‍යත්ව බලාපොරොත්තුවෙන් සිටින සිසුන් 1,800කට ප‍්‍රතිලාභ

November, 9, 2022

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත.

මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් සම්මන්ත‍්‍රණ 03ක්ද පැවැත්වීමට නියමිතය.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර සහ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර සමග පුහුණු සැසි පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමැති ගුරු උපදේශකවරයකු විසින් මෙම වැඩසටහන් ඉදිරිපත් කරන ලදී.

‘සෙලින්කෝ ලයිෆ් ප‍්‍රජා උපකාරක වැඩසටහන්වලදී අධ්‍යාපනය සැමවිටම ප‍්‍රමුඛවන අංශයක් වී ඇත’ යැයි සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය අලෙවිකරණ ප‍්‍රධාණී ඩිරන්ජන් කනගසබේ මහතා ප‍්‍රකාශ කර සිටියේය. ‘අපගේ ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන’ මගින් ප‍්‍රතිලාභ ලබන ලාබාලතම කොටස වන්නේ, 05 වසර ශිෂ්‍යත්වවලින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසුන්. ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අවශ්‍යතා ඇති පාසල් සඳහා පන්ති කාමර ඉදිකර පරිත්‍යාග කිරීමද සිදුකරනු ලබනවා. මෙම සම්මන්ත‍්‍රණ වැඩසටහන් මෙම ක‍්‍රියාකාරකම් සම්පූර්ණ කරනවා,’ යැයිද කනගසබේ මහතා අවධාරණය කර සිටියේය.

‘සෙලින්කෝ ලයිෆ්’ විසින් 2010 වසරේ සිට ශිෂ්‍යත්ව සිසුන් සඳහා මෙවැනිම වැඩසටහන් සංවිධානය කර ඇති අතර, වසර ගණනාවක් පුරා සිසුන් 30,000කට වැඩි පිරිසක් සහභාගි වූ අධ්‍යාපන සම්මන්ත‍්‍රණ 100කට අධික ප‍්‍රමාණයක් අවසන් කර ඇත. ‘කොවිඞ්’ සම්බන්ධ සමාජ දුරස්ථ රෙගුලාසි ක‍්‍රියාත්මක වන සමයේදී මෙම වැඩසටහන් නවීන ‘සූම්’ (ZOOM) තාක්‍ෂණය හරහා සිදු කෙරිණි.

05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් තම දිස්ත‍්‍රික්කවල හොඳම ප‍්‍රතිලාභ ලබන රක්‍ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) මෙන්ම අ.පො.ස. (උසස් පෙළ) ටද ජාතික මට්ටමින් දස්කම් දක්වන දරුවන්ට මූල්‍ය ආධාර සැපැයීම සඳහා සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. ක‍්‍රීඩා, නව නිපැයුම්, නාට්‍ය, සංස්කෘතික සහ අනෙකුත් විශේෂ කුසලතා ප‍්‍රදර්ශනය කිරීමද මෙම ශිෂ්‍යත්ව සඳහා අවධානයට ගැනෙන අතර, 2021 වසර 05 ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ඨතා දැක්වූ සිසුන් 28 දෙනෙකුට රුපියල් 120,000 බැගින් ලබාදී ඇත.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ^Great Workplace& ලෙසද, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM& විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ^BFSI& ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

  • Ada Derana BIZ Sinhala
  • problems
  • sri lanka
  • tax
  • vehicle sales sector

නවතම බදු වැඩිවීම් හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක්

November, 9, 2022

රජය විසින් යෝජනා කර ඇති නවතම බදු සංශෝධනයන් හමුවේ රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ  දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.  රජය විසින් 2020 වසරේ මාර්තු මාසයේ දී සියලු ම වර්ගයේ වාහන (යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ හා වාණිජ පරමාර්ථයන් සඳහා යොදා ගන්නා වාහන) ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබුවේ, එම අත්හිටුවීම සිදුකරන්නේ මාස 06ක් වැනි කාලයක් සඳහා පමණක් වන බව පවසමිනි. නමුදු වර්තමානය  විට එම තීරණය ගෙන මාස 31ක් ගත වී ඇතත්, වාහන ආනයනයට තවමත් අවසර ලබා නොදුන් අතර, මේ වන තෙක් රජය මෙම ගැටලුවට කිසිඳු ආකාරයක සහනයක් ලබා දී නොමැත.  එමෙන් ම පසුගිය මාස කිහිපය තුළ ණයවර ලිපි නිකුතුව ද සීමා කිරීම හේතුවෙන්, ප්‍රමිතිගත අමතර කොටස් ආනයනය අඩු වී ඇති අතර, එය මෝටර් රථ සමාගම් ලබා දෙන අලෙවියෙන් පසු සේවාව බිඳ වැටීමට සෘජුව ම බලපා තිබේ.

CMTA සාමාජිකත්වය ලබා ඇති ආයතන, ආනයන අත්හිටුවීමට පෙර 30,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දී තිබිණි. එමෙන් ම දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6,300 කට අධික ප්‍රමාණයකට එම ආයතනවල අලෙවි සහ අලෙවියෙන් පසු සේවා නියෝජිත අවස්ථා ලබා දී ඇති අතර, ඔවුන්  නියෝජිත දිරි දීමනා ලෙස පමණක් රුපියල් බිලියන 2කට අධික මුදලක් මෙරට ග්‍රාමීය ආර්ථිකයට එකතු කරන කළ බව ද පැවසිය යුතු ම කරුණකි. CMTA සාමාජිකයින් සිය ආයතනික ආරක්‍ෂාව, පිරිසිදු කිරීම, සැපයුම් දාම කළමනාකරණය සහ ගබඩා පහසුකම් වැනි බාහිර සේවා පහසුකම් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 6කට අධික මුදලක් වාර්ෂිකව වැය කළේය. ඊට අමතරව මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව පවත්වාගෙන යන කල්බදු (ලීසිං) හා රක්ෂණ ඇතුළු  ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක පැවැත්මට හා රැකියා අවස්ථා නිර්මාණයට රථ වාහන අලෙවි ක්ෂේත්‍රය සෘජුව ම දායකත්වය ලබා දෙන අතර, 2019 වසරට වාහන සඳහා පමණක් රුපියල් බිලියන 124කට අධික මූල්‍ය පහසුකම් පිරිණැමුණු බව ද වාර්තා වේ. 2019 වසරේ දී මෙරට රථ වාහන ආනයනයෙන්  පමණක් උත්පාදනය කළ බදු ආදායම රුපියල් බිලියන 130 ඉක්ම වූ අතර, එය  රජයේ සමස්ත ආදායමෙන් 6.8% කි.

මෙහි දී අදහස් දක්වමින් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්  සංගමයේ සභාපති චාරක පෙරේරා මහතා පැවසුවේ, " වාහන ආනයනය කිරීම අත්හිටුවීම නිසා රථ වාහන අලෙවි ක්ෂේත්‍රය අඩාල වීම හේතුවෙන්, පසුගිය වසර දෙක තුළ පමණක් මෙම ක්ෂේත්‍රය තුළ 10,000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා අහිමි වෙලා තිබෙනවා. ඒ වගේ ම දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ අලෙවි නියෝජිතායතන 1,500 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. මේ තත්ත්වය ග්‍රාමීය ආර්ථිකයට සෘජුව ම බලපෑමක් ඇති කරන බව පැවසුවොත් මා නිවැරදියි. ඒ වගේ ම රථ වාහන අලෙවිය අඩු වීම වගේ ම ආයතනික පිරිවැය වැඩි වීම හේතුවෙන් අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ආශ්‍රිතව ලබා දුන් කොමිස්, දිරි දීමනා, වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා ආදිය ලබා දීමට නොහැකි වීම නිසා සේවක සේවිකාවන්ගේ ආදායමත් විශාල වශයෙන් අඩු වෙලා. එවැනි පසුබිමක් තුළ රටේ උද්ධමනය 64% ඉක්මවීම නිසා කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන බව පැවසිය යුතු ම යි. ඒ වගේ ම රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ අනාගතය ගැටලුකාරී වීම නිසා ම මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත   අත්දැකීම් බහුල වෘත්තිකයින් රට හැර දමා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් විශාල ගැටලුවක්. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට අපගේ සංගමයේ සාමාජිකයින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා සිටින බව පැවසිය යුතු ම යි." යනුවෙනි.

මෙවන් දුෂ්කර කාල වකවානුවක ආයතනික වශයෙන් හා පෞද්ගලික වශයෙන් බදු වැඩි කිරීම හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයට මෙන් ම තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවකට දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. එමෙන් ම මෙම වාතාවරණය නිසා, ආයතනික වශයෙන් විශාල මුදලක් ආයෝජනය කර පුහුණු කර ඇති පළපුරුදු, අති දක්ෂ වෘත්තිකයින් රටින් පිට වීම ද වැළැක්විය නොහැකි මට්ටමකට පත් වී තිබේ.  දැරිය නොහැකි ආකාරයෙන් බදු වැඩි කිරීම පිළිබඳව අසතුට ප්‍රකාශ කරන CMTA, රජයේ වියදම් අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය   ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වර්ධනය කිරීම සහ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වැනි විසඳුම්  කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

1919 දී ආරම්භ කරන ලද  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්  සංගමය (CMTA), ගෝලීය වාහන නිෂ්පාදකයින්ගේ දේශීය ඒජන්තවරුන්ගෙන් සැදුම් ලත් එක ම  සංවිධානය යි. එමෙන් ම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත CMTA, ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙඳ සංගමය ලෙසින් ද හඳුන්වා දිය හැකිය.  CMTA සංගමයේ සාමාජිකයින් ඉංජිනේරු හා කළමනාකරණ ක්ෂේත්‍ර ආශ්‍රිත නවීන තාක්ෂණය හා ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කරමින්, පුහුණුව ලබා දීම හරහා ජාත්‍යන්තරයට ගැළපෙන වෘත්තිකයින් නිර්මාණය කරයි.

  • Ada Derana BIZ Sinhala
  • IMF
  • Sagala Ratnayake
  • sri lanka
  • WB

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්ණායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

November, 8, 2022

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම (DPO) ආරම්භ කිරීමේ හමුවට එක්වෙමිනි.

රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට, ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්‍ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව පෙන්වා දුන් රත්නායක මහතා රටක් ලෙස අපට එම හැකියාව තිබෙන බවත් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ඉදිරි සති දෙක අවසානයේ එම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ අවසන් වාර්තාව ලබා ගැනීම, මාර්ග සිතියම සැකසීම සහ කාල රාමුවට අනුව සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී සඳහන් කර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා අසීරු තීරණ ගෙන ඇති බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට වෙනුවෙන් වූ ක්‍රියාකාරී ප්‍රතිපත්තිය සහ දැක්ම පිළිබඳ මවිතයට පත් වන බවත් ඊට සහාය දැක්වීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා සඳහන් කළේය

ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංවිධානය සඳහා රජයන්ට සෘජු අයවැය සහාය ලබා දෙන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හරහා විශේෂිත සංවර්ධන ප්‍රතිඵල සමූහයක් සාක්ෂාත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු වේ.

අපේක්ෂිත සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්‍ය ආධාර සැපයීම, මූල්‍ය පාලනය පරිවර්තනය කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම යන කරුණු තුනක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්‍ය අධීක්‍ෂණය, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදන විනිවිදභාවය මෙන්ම මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්‍රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා මෙහිදි කරන ලදී.

රජය සතු ව්‍යවසාය පිළිබඳ අධීක්ෂණය ප්‍රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ආනයනික ඉන්ධන මත යැපීම අඩු කිරීම, වඩාත් දේශගුණික හිතකාමී කිරීම, සමාජ ආරක්ෂණ ආයතන, බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඉලක්ක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා යන මහත්ම මහත්මීහු සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් හා රේඛීය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

දැවැන්ත කඩා වැටීමක්. අද දින කෝටි 9,600 ක් කොටස් වෙළෙඳපොළට අහිමිවෙයි

November, 8, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (08) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට භාජනය විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.03 කින් හෙවත් 2.64%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 66.60 කින් හෙවත් 2.58% කින් අද දිනය තුළ පහළ යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,267.77 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 2,518.83 ක් ලෙසින් සටහන් වී තිබුණි.

එක්ස්පෝලංකා හෝල්ඩිංගංස්, වැලිබල් වන්, හේලීස්, ලංකා IOC සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට විශාල වශයෙන් බලපා තිබේ.

රු. බිලියන 1.12 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.03 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.11 ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 8.83 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර අද දිනය අවසානයේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 3,660,159,321,159 ක් ලෙසින් සටහන්ව තිබේ.

පූර්ව ගනුදෙනු දිනයේ දී එනම් පසුගිය නොවැම්බර් 04 දින ගනුදෙනු අවසානයේ දී එම අගය සටහන් ව තිබුණේ රු. 3,756,504,646,467 ක් ලෙසිනි.

මේ අනුව අද දිනය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 96,345,325,308 කින් අඩු වී තිබේ.

මෙය වෙනත් ආකාරයටකට කිවහොත් අද දිනය තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමි වී ඇති වටිනාකම රු. බිලියන 96.34 ක් හෙවත් රු. කෝටි 9,634 ක් වේ.

කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය (P/E Ratio) සටහන්ව ඇත්තේ 4.81 ක් ලෙසයි. එය ආයෝජනයට ඉතා ආකර්ෂණීය අගයයක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහසයි.

  • Ada Derana BIZ Sinhala
  • Casino
  • Harsha de Silva
  • sri lanka

කැසිනෝ බලපත්‍ර ලබාදීම මුදල් අමාත්‍යවරයා හරහා සිදුනොවිය යුතුයි – හර්ෂ

November, 8, 2022

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් බලපත්‍ර ලබා දීම මුදල් අමාත්‍යවරයා හරහා සිදුනොවිය යුතු බවත් බලපත්‍ර ලබා දීමේ කාර්යය නියාමන කාර්යාලයක් හරහා සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද ( 08) පාර්්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ යහපාලනය පවතින කිසිදු රටක මුදල් අමාත්‍යවරයෙකු කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම සිදු නොකරන බවයි.

"අද අපේ මේසේ උඩ මේ ඉදිරිපත් කරලා තියනවා කැසිනෝ ව්‍යාපාර ආරම්භ කරන්න ලයිසන් දෙන්න. ගරු කතානායකතුමනි මම කියන්න කැමති දෙයක් මේ කැසිනෝ එකේ ලයිසන් දෙන්න හදන්නේ මුදල් ඇමතිවරයා. මේ ලෝකේ කොහේවත් සාමාන්‍යයෙන් යහපාලනය තියන රටවල එහෙම කරන්නේ නැහැ. casino regulator එකක් තියෙන්න ඕන. මේක අපේ මුදල් කාරක සභාවට එයි. ඇවිල්ලා මේක සම්මත කරන්න කියයි. ඇයි මේක දාන්නේ, දැන් සිංගප්පූරුවේ තමයි ලෝකෙම ඇත්තවශයෙන් follow කරන්නේ. 2004 තමයි ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ගෙනාවේ සිංගප්පූරුවේ, කැසිනෝ පටන් ගන්න ඕන කියලා. 2006 තමයි ලයිසන් දෙන්නේ කොහොම ද කියලා license authority එකක් හැදුවේ. නියාමන කාර්යාලයක් හැදුවේ. 2010 තමයි පටන් ගත්තේ. මට සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට කැසිනෝ පටන් ගන්න ඕන නම් පටන් ගන්න. හැබැයි පටන් ගන්න කලින් නියාමන අධිකාරියක් තියෙන්න ඕන. දැන් බලන්න දරුවො ගැන කතා කළා. කැසිනෝ එකකට යන්නනම් ඩොලර් 100 ක් ගෙවන්න ඕන කියලා නීතියක් තිබුනා. ඔය කැසිනෝ කරන කිසිම කෙනෙක් ඩොලර් 100 ගත්තේ නැහැ. ආදායම් බදු හැටියට ගෙව්වෙත් නැහැ. අවසානේ මිනිස්සුන්ට බදු ගහලා ඒ ඔක්කොම බදු වැඩි කරලා තියනවා. මම කියන්නේ මෙ‌හෙම කරන්න එපා. මට කැසිනෝ දාන එක සම්බන්ධයෙන් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි කැසිනෝ දානව නම් ඒක නියාමනය කරන ආයතනයක් තියෙන්න ඕන. ආයතනයෙන් තමයි ලයිසන් දෙන්න ඕන. සිංගප්පූරුවේ වගේ රටවල් වල 16 දෙනෙකුගෙන් යුතු නියාමන අධිකාරියකින් තමයි ලයිසන් දෙන්නේ. ඉතින් මෙහෙම ඒ්වා දාන්නේ ඇයි කතානායකතුමනි."

  • Ada Derana BIZ Sinhala
  • clogard
  • sri lanka

ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය, රට පුරා  ළමුන්ගේ හා පවුල්වල යහපත් මුඛ සෞඛ්‍ය නැංවීමට සහය වෙයි

November, 8, 2022

ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ සිදු කිරීම විශේෂිතය.

පසුගියදා යාපනයේ නල්ලූර් හි දී ක්ලෝගාඩ් ජංගම දන්ත සායනයක් පැවැත්වූ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත චිකිත්සකයින් විසින් විනෝදාත්මක හා සිත් ඇදගන්නා සුළු දැනුවත් කිරීමේ සැසියක් ද පැවැත්වීය.

එම වැඩසටහනේ දී දන්ත පරීක්ෂාවෙන් හා දත් පිරිසිඳු කිරීමෙන් අනතුරුව, වැඩසටහනට සහභාගි වූ දරුවන් මුඛ සෞඛ්‍ය  යහපත්ව පවත්වා ගැනීම සඳහා දිරිමත් කරමින්, ඔවුන්ට ක්ලෝගාඩ් කණ්ඩායම වෙතින්  ආකර්ෂණීය ත්‍යාග ද පිරිනැමිණි.

මෙහි දී දරු දැරියන්ට සායනික සැසිවල දී 'ක්ලෝගාඩ් චූටි ලෙනා' සමඟ ක්‍රීඩා කරමින් විනෝද වීමේ අවස්ථාව ද හිමි වූ අතර, යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ළමුන් දිරිමත් කිරීම එම අංගය මගින් ද ප්‍රවර්ධනය කෙරිණි.

හේමාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) ඩෙරික් ඇන්තනි මහතා මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, "අපි වසර ගණනාවක් තිස්සේ රට පුරා මෙවැනි ජංගම සායන පවත්වනවා. වසංගත තත්ත්වය හේතුවෙන් ලබාගත් විරාමයෙන් පසුව ක්ලෝගාඩ් ජංගම දන්ත සායන මාලාව නැවතත් ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක්.  විශ්වසනීය සන්නාමයක් විදියට ශ්‍රී ලාංකිකයින් දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් හරහා අපි නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.