October, 31, 2022
පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (PCCI) විසින් 2022 ඔක්තෝබර් 18 සිට 20 වැනි දින දක්වා සංවිධානය කරන ලද 48 වැනි පිලිපීන ව්යාපාරික සමුළුව සහ ප්රදර්ශනයට (PBC&E) සහභාගී වූ තිස් (30) දෙනෙකුගෙන් යුත් ව්යාපාරික නියෝජිත පිරිසෙහි සංචාරය සඳහා මැනිලා හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී.
ශ්රී ලංකා-පිලිපීන ව්යාපාරික කවුන්සිලයේ (SLPBC) සහ ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගම් සහ ව්යවසායන් නියෝජනය කරන ලාංකික තරුණ ව්යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) ව්යාපාරිකයන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූ අතර, එහිදී සැපයුම් අංශය, ඉදිකිරීම් අංශය, ඉංජිනේරු ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, අධ්යාපනය, සංචාරක ව්යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, නිෂ්පාදන, ආහාරපාන, ඖෂධ, විලාසිතා, මෝටර් රථ, සිල්ලර වෙළඳාම යන ක්ෂේත්ර නියෝජනය කෙරිණි.
මෙම නියෝජිතයින් සහ පිලිපීන මිත්ර පාර්ශ්ව අතර පවත්නා සම්බන්ධතා ඉහළ නැංවීමේ සහ දිරිගැන්වීමේ අරමුණින්, තානාපති කාර්යාලය, PCCI සහ පිලිපීන-ශ්රී ලංකා ව්යාපාරික කවුන්සිලය (PSLBC) විසින් ක්රියාකාරකම් කිහිපයක් සංවිධානය කෙරිණි. AGRI හි පක්ෂ ලැයිස්තුවේ කොන්ග්රස් සභික විල්බට් ලී සමඟ පැවති හමුවක්, කීර්තිමත් පිලිපීන ව්යාපාරිකයන් සමඟ පැවැත්වූ ව්යාපාරාන්තර සැසි, පිලිපීන-චීන ව්යාපාරික ප්රජාව නියෝජනය කරන ප්රමුඛතම සංවිධානය වන පිලිපීන චීන වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සංචාරයක් සහ ජාලකරණ සැසියක් ඇතුළු ක්රියාකාරකම් කිහිපයක් මීට ඇතුළත් විය.
දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන කටයුතු ප්රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් SLPBC සහ PSLBC අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මෙම සංචාරයේ ප්රධාන විශේෂත්වයක් විය.
ඩිජිටල්කරණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරන ලද සැසියක් අතරතුර, ශ්රී ලංකාව සතු ශක්යතා සහ දෙරට අතර සහයෝගීතාව පැවැත්වීම සඳහා පවතින විෂය පථය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. පිලිපීන ක්ෂුද්ර, කුඩා සහ මධ්යම ව්යවසායන් සඳහා ඊ-වාණිජ්ය සහ ඩිජිටල් විසඳුම් ප්රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන සහයෝගීතාව පණගැන්වීමේ අරමුණින් ශ්රී ලංකාවේ ඊ-වාණිජ්ය සේවා සපයන්නෙකු වන Appigo Philippines සහ PCCI අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබන ලදී.
විශේෂයෙන්ම, ශ්රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සහ පිලිපීන ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය අතර ගවේෂණාත්මක සාකච්ඡාවක් සඳහා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. ජයග්රාහී සහයෝගීතාවක් අරමුණු කරගනිමින් දෙරටේ කර්මාන්ත සම්බන්ධ කිරීම සඳහා ගත් ආරම්භක පියවරක් ලෙස මෙය සැලකිය හැකි ය.
මෙම සංචාරයේ ප්රතිඵලයක් ලෙස, ශ්රී ලංකාවේ නියෝජිත පිරිසට සිය පිලිපීන මිත්ර පාර්ශ්ව හඳුනාගැනීම, සංවාද පැවැත්වීම සහ සන්නිවේදන කටයුතු සක්රීය කිරීමට හැකි වන පරිදි, ශ්රී ලාංකික කර්මාන්ත නිසි ලෙස විදහා දක්වන ලදී. අපනයන ඇණවුම් ලබාගැනීමට, හවුල්කාරිත්වයන් සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට, සහයෝගීතාව මෙන්ම අන්යෝන්ය වශයෙන් වාසිදායක වන ව්යාපාරික කටයුතු ස්ථාපිත කිරීමට සමාගම් කිහිපයකට මෙහිදි අවස්ථාව උදාවිය.
පිලිපීනයේ විශාලතම ව්යාපාර ආධාරක සංවිධානය වන PCCI විසින් සංවිධානය කරන ලද PBC&E යනු ප්රධාන ප්රතිපත්තිමය ගැටළු පිළිබඳ සංවාදය ආරම්භ කිරීමට, රාජ්ය ප්රතිපත්ති සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ වැඩසටහන් යාවත්කාලීන කිරීම යනාදිය සඳහා පිලිපීනයේ ප්රමුඛ පෙළේ ව්යාපාර සහ කර්මාන්ත එකම වේදිකාවකට ගෙන එන සුවිශේෂී අවස්ථාවකි.
October, 28, 2022
ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්රමුඛතම ආයතනය වන ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් නැවත වරක් SLIM National Sales Awards 2022 (පෙර SLIM NASCO ලෙස හැඳින්වූ) උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය. මෙම සම්මාන උළෙල අඛණ්ඩව වසර 20 ක් පුරා පවත්වනු ලැබූ අතර සමාගම්වල ඉහළ කාර්යසාධනයක් ඇති අලෙවිකරණ වෘත්තිකයින්ගේ විශිෂ්ට දක්ෂතාවන් ඇගයීම සහ ඔවුන්ව ජාතික මට්ටමින් හඳුනා ගැනීම එහිදී සිදු වනවා.
මෙම සම්මාන උළෙලෙහි දැක්ම වන්නේ දකුණු ආසියානු කලාපයේ හොඳම සම්මාන යෝජනා ක්රමය ලෙස ස්ථානගත වෙමින් ගෝලීය ප්රමිතීන්ට අනුකූලව අලෙවිකරණ වෘත්තිකයන් ඇගයීමය. තවද විශිෂ්ට දක්ෂයින් ගෝලීය වේදිකාව තුල ඉහලටම ඔසවා තැබීම සම්මාන උළෙලෙහි බලාපොරොත්තුවයි.
SLIM National Sales Awards මගින් කර්මාන්ත 20කට අධික ප්රමාණයක දක්ෂයින් හඳුනාගෙන ත්යාග පිරිනමනු ලබයි. එමඟින් පුද්ගලයන්ට ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඔවුන්ගේ සමාගම් හරහා අයදුම් කිරීමට ඉඩ සලසයි. SLIM NSA 2022 සඳහා ඇතුළත් වන කාණ්ඩ අතරට ඉදිරි පෙළ සේවකයින් (FL), අලෙවිකරණ විධායක සහ අලෙවිකරණ අධීක්ෂක (SE), ප්රදේශ කළමනාකරුවන් (TM), කලාපීය අලෙවිකරණ කළමණාකරුවන් (RSM) සහ සහකාර අලෙවිකරණ කළමණාකරුවන්, ජාතික අලෙවිකරණ කළමනාකරුවන් (NSM), අලෙවිකරණ කළමනාකරුවන් (SM) සහ අනෙකුත් අලෙවිකරණ සහාය කාර්ය මණ්ඩලය ඇතුළත් වේ. තවද මෙවර 2021 සහ 2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද ප්රවේශයන් සඳහා විනිශ්චය සිදු කරනු ලැබේ. අදාළ සමාගම්වල මූල්ය වර්ෂය අවසන් වීම සිදුවන ආකාරය අනුව එක් එක් කාණ්ඩය සඳහා කාර්යසාධන මනිනු ලබන කාලය 2021 දෙසැම්බර් 31 හෝ 2022 මාර්තු 31 වේ.
සම්මාන උළෙල පිළිබඳව SLIM හි සභාපති නුවන් ගමගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "National Sales Awards යනු අපගේ වාර්ෂික දින දර්ශනයේ අති විශේෂ අංගයක්. ඒ වගේම වසර ගණනාවක් පුරා එය දැඩි තරඟකාරීත්වයකින් යුක්තයි. ඕනෑම ආයතනයක අලෙවිකරණ වෘත්තිකයන්ව, වේගයෙන් වෙනස් වන පරිසරයක් තුල ඉදිරියටම යාමට සහ අභියෝග වලට මුහුණදීමට දිරිමත් කිරීම උදෙසා අපි මෙම සම්මාන උළෙල පවත්වනු ලබනවා".
"අපි සම්බන්ධ වීමට අදහස් කරන ජාත්යන්තර අනුබද්ධතාවයන් තුලින්, අනාගතයේදී, අලුතින් ප්රතිසංස්කරණය කරන ලද සම්මාන උළෙල ගෝලීය මට්ටමට උසස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ආයතනයක් ලෙස SLIM හි අපේ බලාපොරොත්තුව වෙන්නේ අලෙවිකරණ වෘත්තිකයන් මෙම වසරේදී ඔවුන්ගේ ව්යාපාර ඊළඟ මට්ටමට ගෙන යාමට යොදවා තිබෙන කැපවීමට ඉහළම පිළිගැනීමක් ලබා දීමයි " ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය.
"You make the difference," යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙලේදී අභියෝග රැසකට මුහුණ දුන් සහ අභියෝගාත්මක තත්ත්වයන් මධ්යයේ ජයග්රහණය කරා ගමන් කළ අලෙවිකරණ වෘත්තිකයන් අගය කිරීම සිදු කෙරේ.
ව්යාපෘති සභාපති ඉනෝක් පෙරේරා මහතා සිය අදහස් දැක්වුයේ මෙසේය. "“වසංගත තත්ත්වය සහ ආර්ථික අභියෝග හේතුවෙන් රට බොහෝ කැලඹීම්වලට මුහුණ දුන් කාලයකදී අලෙවිකරණ නිලධාරීන්ට ඒ සියල්ලටම මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදු වුණා. දක්ෂ අලෙවිකරුවන් නිර්මාණය කිරීම සඳහා, ආයතන විසින් ඔවුන්ව පුහුණු කිරීම සහ ඔවුන්ව දිරිමත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. SLIM National Sales Awards කියන්නේ අලෙවිකරණ වෘත්තිකයන්ගේ උත්සාහයන් හඳුනා ගෙන ඔවුන්ව දිරිමත් කල හැකි හොඳම වේදිකාවක්".
සම්මාන උළෙල පිළිබඳව සියලුම විස්තර https://slim.lk/nationalsalesawards/වෙත පිවිසීමෙන් ලබා ගත හැක. සියලුම අයදුම්පත් 2022 නොවැම්බර් 30 වැනි දින සවස 5.00 ට පෙර ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි වී ව්යාපාර කරගෙන යන සීමිත වගකීම් සහිත සමාගම්, හවුල් ව්යාපාර, පොදු සහ තනි හිමිකාරත්වයන් සහිත ව්යාපාර වලටද තරඟයට ඇතුළත් විය හැක.
තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ගංගානි 0703266988 හෝ දිමිත්ර 0703463171 අමතන්න.
October, 28, 2022
ශ්රී ලංකාවේ ඉංජිනේරු සේවා ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමක් වන යුනයිටඩ් ට්රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්.) සමාගම (United Tractor and Equipment (Pvt) Limited - UTE), සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් විශේෂ ගෙවතු වගා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 13 වන දින ආරම්භ කළේ ය. වසර 75 කට අධික ඉතිහාසය තුළ UTE සමාගම සෑම විටම සිය කාර්යමණ්ඩලයේ යහපතට මුල්තැන දුන් අතර, ‘Grow Your Own Food’ නම් මෙම ගෙවතු වගා වැඩසටහන එහි නවතම පියවරයි. රටේ පවතින ආර්ථික සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝග හමුවේ මෙය UTE කාර්යමණ්ඩලයට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.
මෙම වැඩසටහන එළිදැක්වීමේ උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහභාගී වූ අතර, එම තානාපති කාර්යාලයේ සහ ශ්රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
මෙම ව්යාපෘතියේ මූලික අදියර කිහිපයක් 2022 ජූනි මාසයේදී ආරම්භ විය. ඒ සඳහා වත්තල පිහිටි UTE ප්රධාන කාර්යාලයේ කාර්යමණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලැබුණු අතර, වගාව සඳහා විශාල භූමි ප්රමාණයක්ද වෙන්කරන ලදි.
මෙම වගා කටයුතු වලින් ලැබෙන අස්වැන්න, 325 කට අධික UTE සේවක සේවිකාවන්ගේ අවශ්යතාවන් අනුව ඔවුන් අතරම බෙදාදෙනු ලැබේ. මෙය ඔවුන්ට තම ශ්රමයෙන් සෘජුව ප්රයෝජන ලැබීමට ලැබෙන මහඟු අවස්ථාවකි. ව්යාපෘතිය වඩාත් සාර්ථක කරගැනීම සඳහා කෘෂි නිලධාරීන්ගේ සහය ලබාගැනීමට UTE සමාගම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් UTE ශාඛා වලද මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්යාපෘතිය, තමන්ගේ ගෙවතු වලද ආහාර භෝග වගා කරමින්, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝග පහසුවෙන් ජයගැනීමට UTE කාර්යමණ්ඩලය දිරිමත් කරනු ඇත. එමෙන්ම මෙය තම කාර්යාලයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් සමග සහ පවුලේ අය සමග සතුටින් හා අර්ථවත් ලෙස කාලය ගතකිරීමට ඔවුන්ට ලැබෙන මහඟු අවස්ථාවක්ද වනු නිසැක ය.
මෙම ව්යාපෘතියේ තවත් පියවරක් වශයෙන් UTE සේවක සේවිකාවන්ගේ දරුවන් වෙනුවෙන් ‘Home Garden’ නමින් සිතුවම් වැඩසටහනක් සංවිධානය කිරීමටද UTE කටයුතු කළේ ය. මේ සඳහා ඉදිරිපත් වුණු චිත්ර එකතුව ඇතුළත් ප්රදර්ශන පුවරුව, ව්යාපෘතියේ එළිදැක්වීමේ උත්සවයේදී ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් විවෘත කරන ලදි.
“මෙය හුදෙක් ගෙවතු වගා වැඩසටහනක් පමණක් නොවෙයි. මෙය බලාපොරොත්තුවක සහ ජයග්රහණයක ආරම්භයක්. රටේ අනෙකුත් සමාගම්ද මෙම ආදර්ශය අනුව කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. මේ කැපවීම, සේවාව සහ රටට දක්වන ආදරය වෙනුවෙන් ඔබට ස්තූතියි.” ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.
“ශ්රී ලංකාවේ ව්යාපාර ක්ෂේත්රය තුළ දීර්ඝකාලීන අත්දැකීම් හිමි සමාගමක් වශයෙන් අප සෑම විටම ජනතාවට යහපතක් සිදුකරන ක්රියාකාරකම් වලට දායක වීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම ශ්රී ලාංකිකයන් ඇතුළුව ලොව පුරාම ජනතාව ආහාර සැපයුම සම්බන්ධ අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙමින් සිටින යුගයක ‘Grow Your Own Food’ නමින් මෙම කාලෝචිත වැඩසටහන දියත් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. UTE යනු කවදත් සිය කාර්යමණ්ඩලය ඇතුළුව සමස්ත මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවෙන සමාගමක්. මේ නවතම වැඩසටහන ඔස්සේ ජනතාවට වර්තමාන අභියෝග වලට මුහුණ දීම සඳහා ශක්තියක් වෙමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අපගේ බලාපොරොත්තුවයි.” යුනයිටඩ් ට්රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්.) සමාගමේ සභාපති ප්රසාන් ප්රනාන්දු මහතා පැවසී ය.
වසර 75 කට අධික කාලයක් පුරා තම විශිෂ්ට ඉංජිනේරු හැකියාවන් සමගින් UTE ශ්රී ලංකාවේ මෙන්ම ලොව පුරාම පාරිභෝගිකයන් වෙනුවෙන් ක්ෂේත්ර රාශියකට අදාළ විශිෂ්ටතම විසඳුම් හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ට අවශ්ය අව්යාජ CAT® අමතර කොටස් මිලියන 1.4 කට අධික ප්රමාණයක් ඉතාමත් පහසුවෙන් ඇණවුම් කිරීමට හැකි වන ආකාරයට Parts.Cat.Com වෙබ් අඩවිය හඳුන්වා දී ඇත. මෙම වෙබ් අඩවිය ජංගම දුරකථන ඔස්සේ පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සකස් කර ඇති අතර, දවසේ පැය 24 පුරාම අමතර කොටස් ඇණවුම් කිරීමේ හැකියාව පවතී. අවශ්ය නම් මෙම අමතර කොටස් පාරිභෝගිකයා වෙතටම ගෙනගොස් භාරදීමටත්, නැතිනම් UTE ශාඛා වෙතින් ඒවා ලබාගැනීමේ පහසුකම් සැලසීමටත් සමාගම පියවර ගෙන තිබේ. ශ්රී ලංකාවේ Caterpillar යන්ත්රෝපකරණ සඳහා එකම බලයලත් නියෝජිත වන UTE, CAT® ලිහිසි තෙල් නිෂ්පාදන බෙදාහැරීමද සිදුකරයි. දිවයිනේ වඩාත්ම පළපුරුදු සහ විශාලතම පාරිභෝගික සහය කණ්ඩායම සහ Caterpillar පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් කණ්ඩායම UTE සමාගම සතු ය. මේ වනවිට පංචිකාවත්ත, මාතර, කුරුණෑගල, අනුරාධපුර සහ කිලිනොච්චි යන ප්රදේශ වල ශාඛා පිහිටුවා ඇති UTE සමාගම, දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට සේවාවන් සලසයි.

ප්රධාන ආරාධිතයා ලෙස උත්සවයට එක්වූ ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය UTE කණ්ඩායම සමග

ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය UTE වගා භූමියේදී

ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය චිත්ර පුවරු විවෘත කළ අවස්ථාව
October, 27, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි.
Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම සේවාව භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ව්යාපාර අතරින් එකකි. mRetail මගින් පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස බිල්පත් හා වෙනත් ගෙවීම් සිදුකිරීම සහ, SLT-MOBITEL mCash සේවාව හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම ඇතුළු පහසුකම් රාශියක් ලබාගත හැකි වේ.
mRetail සේවාව ලබාගැනීමේදී හිමි වන පහසුකම් අතරට ක්ලවුඩ් තාක්ෂණය භාවිතා වන POS යන්ත්ර, mCash Total Digital Banking Payment Gateway විසඳුම්, සන්නාම ප්රවර්ධනය සඳහා central management සහිත ඩිජිටල් දර්ශන තිර සහ පාරිභෝගික ළබැදියාවන් (Loyalty) කළමනාකරණ විසඳුම් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ. එමෙන්ම mRetail සේවාව භාවිතා වන අලෙවිසැල් වලදී SLT-MOBITEL Club Magnet පාරිභෝගිකයන්ට විශේෂ දීමනාද, හිමිවනු ඇත. තවද මෙමගින් සිම්පත් සක්රීය කරගැනීමේ ස්වයං-සේවාවක් හරහා පාරිභෝගිකයන්ට ක්ෂණිකව SLT-MOBITEL සම්බන්ධතාව ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.
මේ සියල්ලට අමතරව mRetail භාවිතා කරන පාරිභෝගිකයන්ට කාණ්ඩ මත පදනම් වූ අලෙවිකරණ සේවාවන් සහ mAgents නියෝජිතයන් හරහා සිදුකරන Ecochanelling භාණ්ඩ බෙදා හැරීමේ සේවාවද, ලබාගත හැක.
ශ්රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්රය විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින මෙවන් අවධියක, එම ක්ෂේත්රය වඩාත් කාර්යක්ෂම කරන සහ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන තාක්ෂණයන් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කරමින් සිටී.
October, 27, 2022
Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්යය හා ශරීර සුවතාව ප්රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ ලොව පුරා අලියාන්ස් සමාගම් වල සේවය කරන සාමාජික සාමාජිකාවන් දින 90 ක කාලයක් තම ජංගම දුරකථන හා උපාංග භාවිතයෙන් තම ශාරීරික ව්යායාම් ක්රියාකාරකම් වාර්තා කළ යුතු විය. මෙම දත්ත රටවල් මට්ටමින් සංසදනය කර ඉන් අනතුරුව ගෝලීය වශයෙන් ශ්රේණිගත කිරීම සිදු කළ අතර මෙම ඉසව්වේ මූලික අරමුණ වූවේ දින 90 ක කාලයක් තුළ හැකි උපරිම දුරක් ධාවනයේ යෙදීමයි.
මෙහිදී සමස්ත දුර ප්රමාණය සහ සමස්ත දායකත්වය අනුව ලොව දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. එම කණ්ඩායම වාර්තා කරගෙන තිබූ දුර ප්රමාණය කිලෝමීටර් 246,282 ක් වූ අතර, මෙය ලොව වටා වාර 6 කටත් වඩා දිවීමට සමාන විය. අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 1,106 දෙනෙකු මෙම තරගයට එක් වූ අතර එය ලොව දෙවැනි වැඩිම සහභාගීත්වය ලෙස වාර්තා වී තිබිණි. එක් තරගකරුවෙකු වාර්තා කරගත් දුර ප්රමාණයේ සාමාන්යය කිලෝමීටර් 223 ක් විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි ප්රධාන විධායක නිලධාරී ගානි සුබ්රමනියම් මහතා සඳහන් කර සිටියේ, “Allianz World Run 2022 තුළින් අපගේ සාමූහික හැඟීම් මැනැවින් ප්රදර්ශනය වීම මට මහත් සතුටක්. ලොව පුරා අලියාන්ස් සමාගම් වල සාමාජික සාමාජිකාවන් ඉමහත් උනන්දුවෙන් යුතුව මෙම තරගයට එක්වුණා. ඒ අතරතුර ලොව දැවෙන ප්රශ්න සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීමටත්, අරමුදල් රැස්කිරීමටත් ඔවුන්ට හැකි වූවා. අලියාන්ස් යනු ජීවිතයේ වටිනාම දේවල් වලට රැකවරණය දීමට ප්රමුඛත්වය දෙන සමාගමක්. සෞඛ්යය හා යහපැවැත්ම තරම් කෙනෙකුට වටිනා දෙයක් තවත් නැහැ. මේ නිසාම අප නිරන්තරයෙන් ශාරීරික ව්යායාම්වල වැදගත්කම පෙන්වා දෙනවා. තරගය අවසන් වුවත් මින් ඉදිරියටත් සෑම දිනකම කායික ක්රියාකාරකම් වල යෙදෙන මෙන් අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.” යනුවෙනි.
අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්රියාත්මක වේ. ප්රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්ර වල ක්රියාත්මක වන ජාත්යන්තර සමූහ ව්යාපාරයක් වන Allianz SE හි ප්රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.
October, 27, 2022
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට අධ්යාපන ක්ෂේත්රය ඉහළ නැංවීම සඳහා තමන් දක්වන දායකත්වය ඉස්මතු කරමින් මෙවර ලෝක සාක්ෂරතා දිනය සමරන ලදී. ලෝක සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 08 වන දිනට යෙදෙන අතර, ‘’සාක්ෂරතා ඉගෙනුම් ප්රවේශයන් පරිවර්තනය කිරීම’’ යන්න මෙවර එහි තේමාව විය. සමාජයේ විවිධ තලවල සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීමට ඉගෙනුම් ප්රවේශයන්හි ඇති වැදගත්කම කෙරෙහි සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමුකරවීම සඳහා ලෝක සාක්ෂරතා දිනය මනා පදනමක් සපයයි. ඒ තුළින් ගුණාත්මක, සාධාරණ හා සහභාගීත්ව අධ්යාපනයක් සෑම දෙනාටම සැපයිය හැකි බව විශ්වාසයයි.
පසුගිය වසර කිහිපය තුළදී මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ගත් උත්සාහයන් පිළිබඳව එම සමාගමෙහි ප්රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැහැදිලි කරන ලදී. ප්රජා සත්කාරයන් හා ශ්රී ලාංකික අධ්යාපන ක්ෂේත්රය ඉහළ නැංවීමට ක්රියාකාරී ලෙස දායක වන සමාගම් අතරින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ද ඉදිරියෙන් සිටී. මූල්ය සේවාවන් හරහා ශ්රී ලංකාවේ ග්රාමීය සහ නාගරික ප්රජාවන් සවිබල ගැන්වීමේ මූලික අරමුණට අමතරව, සර්වෝදය උසස් අධ්යාපන ආයතනය, මුල් ළමාවිය සංවර්ධන ඒකකය සහ සර්වෝදය සුභසාධක සමිතිය යනාදිය හරහා ශ්රී ලංකාව තුළ වඩා හොඳ සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් නිර්මාණය කිරීම අප සමාගමෙහි අරමුණයි. සර්වෝදය ශ්රමදාන සංගමයේ දර්ශනය අනුව දරුවන්ට යහපත් අධ්යාපනික පදනමක් ලබාදීමේ අරමුණින්, සර්වෝදය සුභසාධක සමිතිය මගින් ක්රියාත්මක කරනු ලබන පෙරපාසල් ව්යාපෘතිය අප ආයතනය විසින් ක්රියාවට නංවන සමාජ සත්කාරක ව්යාපෘතියකි. මෙම ව්යාපෘති වලට අමතරව ග්රාමීය ප්රදේශ වල සිසුන්ගේ අධ්යාපන මට්ටම නංවාලීමේ වැඩසටහන් ක්රියාත්මක වන අතර එම ප්රදේශවල තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ප්රවර්ධනය කිරීම සඳහා පරිගණක ඉගෙනුම් මධ්යස්ථානයක් පිහිටුවීමටද අප සමාගම මේ වසරේ දී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම රටක් ලෙස අප මුහුණ දෙන අභියෝග මධ්යයේ මෙම වැඩසටහන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමටත්, සෑම ශ්රී ලාංකිකයෙකුටම හොඳ අධ්යාපනයක් සහ සාක්ෂරතාවක් තුළින් ලැබෙන ප්රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමටත් මෙමඟින් උත්සාහ කෙරේ.
සර්වෝදය උසස් අධ්යාපන ආයතනය, අධ්යාපන ක්ෂේත්රය තුළ සම්බන්ධතා ගොඩනංවමින් මෙරට ග්රාමීය ප්රදේශ වල යහපත් අධ්යාපන හා සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් ස්ථාපිත කිරීමට උපකාරී වන අතරම, වඩාත් ඒකාබද්ධ විෂය මාලාවක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරයි. මුල් ළමාවිය සංවර්ධන ඒකකය, ග්රාමීය ප්රදේශවල දෙමාපියන්, දරුවන් සහ ප්රජාව දැනුවත් කිරීම සඳහා පෙර පාසල් සහ ළමා සුරැකුම් මධ්යස්ථානවලට සහය වෙයි. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ප්රවීණ උපදේශකවරුන්ගේ මෙහෙයවීම යටතේ සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ සර්වෝදය සුභසාධක සමිතියේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්යස්ථාන ක්රියාත්මක වේ. දැනට මේ යටතේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්යස්ථාන 1,427 ක් ක්රියාත්මක වන අතර, එම මධ්යස්ථාන තුළ දරුවන්ට ආරක්ෂිත සහ ආකර්ෂණීය සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් සපයා දී ඇත.
මෙම වසරේදී සර්වෝදය ඩිවලෝප්මන්ට් ෆිනෑන්ස් සමාගම විසින් ග්රාමීය තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් පරිගණක ඉගෙනුම් මධ්යස්ථානයක් පිහිටුවන ලදී. මෙරට මෘදුකාංග නිර්මාණය සම්බන්ධ ප්රමුඛතම සමාගමක් වන Mithra Innovation සමග එක්වී මෙම මෙහෙවර ක්රියාවට නංවන ලද අතර මෙමගින් මෙරට ග්රාමීය ප්රදේශ වල දරුවන්ට මෘදුකාංග සැලසුම්කරණය ඉගෙන ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හිමි වී තිබේ. මෙහි මූලික නියාමන ව්යාපෘතිය යටතේ මාස 6 ක කාලයක් තුළ සිසු සිසුවියන් 25 දෙනෙකුට වැඩි පිරිසකට පුහුණුව ලබාදී, ඔවුන්ට වටිනා සහතිකයක් පිරිනැමීම සහ රැකියා අවස්ථා සහතික කිරීම සිදුකරන ලදි. මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් මීළඟ අදියරේදී සිසුන් 100 කට අධික සංඛ්යාවකට පුහුණු අවස්ථා ලබාදීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මේ වනවිට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය ඉහළ නංවාලීමේ තවත් වැඩසටහනයක් ලෙස, කොළඹ විශ්වවිද්යාලයේ උපාධිධාරී සංගමය සමඟ එක් වී, සිය අවසන් පාසල් විභාගයේදී ගණිතය විෂයට ලකුණු 40 ට අඩුවෙන් ලබාගත්, ග්රාමීය ප්රදේශවල අ.පො.ස. සාමාන්ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම කටයුතු කළේ ය. මෙහි පළමු සම්මන්ත්රණයට අම්පාර ඩී. එස්. සේනානායක මහා විද්යාලය සහ උහන මහ විද්යාලය යන පාසල් වල සිසු සිසුවියන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. එමෙන්ම කැබිතිගොල්ලෑව අධ්යාපන කලාපයේ පාසල් 17 ක සිසු සිසුවියන් වෙනුවෙන් තවත් සම්මන්ත්රණයක් පවත්වන ලදි. මෙම සම්මන්ත්රණ මාලාව, ගණිතය පිළිබඳ විශේෂඥ පුහුණුවක් සහිත ප්රවීණ ගුරුවරුන් පිරිසක් විසින් සිසුන්ගේ සිත් ඇදගන්නා පරිදි, තේරුම් ගැනීමට පහසු සහ සංක්ෂිප්ත ආකාරයෙන් පවත්වන ලදි. මෙම සම්මන්ත්රණ වලට සහභාගී වූ සිසු සිසුවියන්ට ලිපි ද්රව්ය සහ ආදර්ශ විභාග ප්රශ්න පත්ර සමඟින් සෑම දිනකම ආහාර වේල් 2 ක් නොමිලේ ලබා දීම සිදු විය. විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සිසු සිසුවියන් දිරිගන්වමින්, සාමාන්ය පෙළ විභාගයෙන් සමත් වීම සඳහා ඔවුන් යොමුකරවීම මෙම වැඩසටහන් වල මූලික අරමුණ වූ අතර, මෙම සිසුන් සම්බන්ධයෙන් පසුව සිදුකළ සමීක්ෂණයකින් පෙනී ගියේ ඔවුන් අතරින් 80% ක්ම සාමාන්ය පෙළ ගණිතය විෂය සමත් වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ට තම උසස් අධ්යාපන කටයුතු සිදුකිරීම සඳහා අවස්ථාව ලැබී තිබේ.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම යනු මෙරට සංවර්ධන මූල්ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමකි. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති එම සමාගම මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරාම තම සේවාවන් ව්යාප්ත කර තිබේ.
October, 27, 2022
ශ්රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. මෙරට කාන්තා ව්යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි.
මෙහි තවත් පියවරක් වශයෙන්, කාන්තා ව්යවසාය සංවර්ධන හා වාණිජ මණ්ඩලය (Women's Chamber of Industry and Commerce - WCIC) විසින් සංවිධානය කරනු ලබන 2022 ‘ප්රතිභාභිෂේක’ කාන්තා ව්යවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්රධාන අනුග්රාහකත්වය ලබාදීමට DFCC ආලෝකා ඉදිරිපත් වී සිටී. මෙම සම්මාන උළෙලේදී, මෙරට ආර්ථිකයට විශිෂ්ටතම දායකත්වයක් ලබාදුන් ව්යවසායිකාවන් ඇගයීමට ලක්කෙරේ.
කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන් වෙත මූල්ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහය එහි තිරසාරත්ව ක්රමෝපායේ ප්රධානතම අංගයකි. ප්රධාන වශයෙන් DFCC ආලෝකා ගිණුම මූලික කරගෙන ක්රියාත්මක කෙරෙන මෙම මෙහෙවර තුළදී කාන්තාවන්ට පෞද්ගලික තලයේදී මෙන්ම වෘත්තීය හා ව්යවසායකත්ව තලයේදී සාර්ථක වීමට අවශ්ය අත්වැල ලබාදෙනු ලැබේ.
ශ්රී ලංකාවේ හා සාක් කලාපයේ ව්යවසායිකාවන්ට සහ කාන්තාවන්ගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන ව්යාපාර වලට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැක. අයදුම්පත් භාරගැනීම 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වන අතර, සම්මාන උළෙල 2023 ජනවාරි මාසයේදී පැවැත්වේ. 2021/22 මූල්ය වර්ෂයේ ආදායම් දත්ත අනුව ආරම්භක මට්ටම, සුළු, කුඩා, මධ්ය සහ මහා පරිමාණ යන කාණ්ඩ යටතේ මේ සඳහා අයදුම් කළ හැක. සෑම කාණ්ඩයක් සඳහාම රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර, ශ්රී ලංකාවේ පළාත් මට්ටමින් තෝරාගැනෙන විශිෂ්ටතම ව්යාපාර සඳහාද සම්මාන පිරිනැමෙනු ඇත. මීට අමතරව මෙහිදී විශිෂ්ටතම තරුණ ව්යවසායිකාව, විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්යාපාරය, වඩාත්ම ධනාත්මක හැකියාව ඇති ව්යවසායිකාව, විශිෂ්ටතම අපනයන-නැඹුරු ව්යවසායිකාව සහ සාර්ක් කලාපයේ විශිෂ්ටතම ව්යාපාර යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමේ. සම්මාන උළෙලේ අවසානයේදී ‘2022 වසරේ විශිෂ්ටතම ව්යවසායිකාව’ සම්මානය හිමි ජයග්රාහිකාව නිවේදනය කෙරෙනු ඇත.
“අපගේ දැක්ම වන්නේ සියලුම දෙනාට සමාන අවස්ථා ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීමයි. කාන්තාවන් සවිබල ගැන්වීම යනු ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයේ වැදගත් අංගයක්. මේ උත්සාහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ DFCC ආලෝකා ගිණුමයි. ඒ හරහා ව්යවසායිකාවන්ට මූල්ය පහසුකම් හා සේවාවන් සැපයීම සඳහා අප විවිධ සංවිධාන සමඟ හවුල්කාරීත්වයන්ට එළඹී තිබෙනවා. ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ යහපත උදෙසා අපගේ කැපවීම ස්ථාවර වන අතර, රටේ අනාගත සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් ලෙස අප දකින කාන්තා ව්යවසායකත්වය කෙරෙහි ඉදිරියේදී මීටත් වඩා වැඩි අවධානයක් යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා.” DFCC බැංකුවේ Pinnacle/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්රියාත්මක කිරීම් ප්රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.
‘කාටත් ගැළපෙන බැංකුව’ යන තේමාව යටතේ සියල්ලන්ගේ සිහින සැබෑ කරමින්, DFCC ආලෝකා ගිණුම ඇතුළු අනෙකුත් සේවාවන් ඔස්සේ ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව සෑම විටම උත්සාහ කරයි. මෙම මෙහෙවරට විශේෂ ණය ක්රම හඳුන්වා දීම, ව්යවසායකත්වය හා නායකත්වය සම්බන්ධ වැඩමුළු හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ එම වැඩසටහන් වලට සහභාගී වන්නන්ට ජාත්යන්තර වශයෙන් පිළිගත් ආයතන වෙතින් සහතික පිරිනැමීම වැනි බොහෝ දේ ඇතුළත් වී තිබේ.
‘DFCC ආලෝකා’ යනු ශ්රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්ය මූල්යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්රතිලාභ රැසක් හිමි වේ. රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්ය සේවාවන් හිමි වීම ඇතුළු ප්රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්යවසයිකාවන්ට මුදල් ප්රදානයන් ඇතුළුව මූල්ය පහසුකම් සැලසීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.
October, 27, 2022
ශ්රී ලංකාවේ දකුණුලක සිට උතුරුකරයට කිලෝමීටර් 600 ක ප්රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක ධාවන තරඟයක් වන ‘Race The Pearl’ පස්වන අදියර 2022 නොවැම්බර් 5 වන දින දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වේ. ප්රමුඛ පෙළේ පාපැදි ධාවන තරගකරුවන් හය දෙනෙක එනම් ඇමරිකා එක්සත් ජනපදයේ එක් අයෙක්, මහා බ්රිතාන්යයෙන් තිදෙනෙක් සහ ශ්රී ලාංකිකයන් දෙදෙනෙක් ‘Race The Pearl’ තරඟයට නායකත්වය දෙන අතර තවත් 50 දෙනෙකුට වැඩි පිරිසක් මෙයට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරයි.
දෙවුන්දරින් ආරම්භ වන මෙය ශ්රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ ඉහළම ස්ථානය වන පේදුරුතුඩුවට ළඟා වීමට නියමිත අතර මෙය අදියර පහකින් සමන්විත වේ. පළමු අදියරින් දෙවුන්දර සිට වැල්ලවාය දක්වා කිලෝමීටර් 145 ක දුරක් ද, දෙවන අදියරින් වැල්ලවායේ සිට මහියංගනය දක්වා කිලෝමීටර් 116 ක දුරක් ද ආවරණය කරනු ඇත.
තුන්වන අදියරින් මහියංගන සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 92 ක් ආවරණය කරන අතර එය සියලූම අදියරවලින් කෙටිම අදියර වේ. දඹුල්ලෙන් ආරම්භ වී වවුනියාවෙන් අවසන් වන සිව්වැනි අදියරේ දුර කිලෝමීටර් 106 ක් වන අතර අවසන් අදියර වව්නියාව සහ පේදුරුතුඩුව අතර කිලෝමීටර් 142 කි. ශ්රී ලංකාවේ දෙකෙලවර යා කරන ජව අධික තරඟයක් වන RAAM (Race Across America) සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස සලකන අතර RAAM යනු බටහිර සිට නැගෙනහිර වෙරළ දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ කිලෝමීටර් 4,800 කට වඩා වැඩි දුරක් ආවරණය කරන ජාත්යන්තරය තුළ ප්රසිද්ධ පාපැදි ධාවන තරඟයකි.
‘Race The Pearl’ ධාවන අධ්යක්ෂ සහ සංවිධායක යසස් හේවගේ මහතා පවසන පරිදි ප්රධාන පාපැදි ධාවන තරගකරුවන් හයදෙනා වන අමෙරිකාවේ එක් අයෙක්, ශ්රී ලාංකිකයන් දෙදෙනෙක් සහ බ්රිතාන්ය ජාතිකයින් තිදෙනා RAAM සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ආරම්භයේ සිට අවසානය දක්වාම උපරිම උනන්දුවකින් අඛණ්ඩව තරඟවදිනු ඇත.
”50ක් හෝ ඊට වැඩි ගණනක් වූ අනෙකුත් පාපැදිකරුවන් තෝරාගත් අදියරයන්ට පමණක් සහභාගිවන්නන් ලෙසින් ‘Race The Pearl’ සඳහා එක් වෙනවා. ඔවුන් අදියර වශයෙන් සහ විවිධ කණ්ඩායම් වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් පැය 24 පුරාවට තරඟ කරනවා.” යනුවෙන් හේවගේ මහතා අනාවරණය කළේය.
තරඟ දිනයට පෙර සියලූම ලියාපදිංචි සහභාගිවන්නන්ට සංවිධායකයින් විසින් වයිට් රයිඩර් ජර්සිය ලබා දෙනු ඇත. ඊට අමතරව පැය 30ක කඩඉම් කාලය තුළ තරඟය නිමා කරන සියලූ දෙනාටම ෆිනිෂර් ටී ෂර්ට් එකක් පිරිනමන අතර ධාවන කාලය (පැය 24) තුළ අවසන් රේඛාවට ළඟා වන සියලූම තරගකරුවන්ට ග්රිට් පදක්කමක් හිමි වේ. පැය 24 ක ඒකල සහ පැය 24 ක කණ්ඩායම් ධාවන ක්රීඩක ක්රීඩිකාවන් තරඟ කාලය අභිබවා කීර්තිමත් පර්ල් ජර්සි දිනා ගැනීමට සුදුසුකම් ලබන අතර එය සංවිධායකයින් විසින් අවසාන ජයග්රහණය ලෙස සැලකේ.
මෙම තරඟය අතරතුර අලිමංකඩ, ඉහළ උන්නතාංශයක් සහිත ලග්ගල වැනි ප්රදේශ, අව්ව වැස්ස වැනි විවිධ දේශගුණික තත්වයන්ට වගේම අනපේක්ෂිත අලි පාරට පැමිණීම් වලටද මුහුණදීමට සිදුවනු ඇත.ිඍ්ජැ ඔයැ ඡුැ්රක’ තරඟාවලියට සහභාගී වන තරඟකරුවන්ට දිවයින වටා ඇති ස්වභාව සෞන්දර්ය අත්විඳිමින් අමතක නොවන අත්දැකීමක් ලබාගත හැකි වනු ඇත.
‘Race The Pearl’ සංවිධානය කරනු ලබන්නේ Ironman 70'3 Colombo ද හි සංවිධානාත්මක සහ යාන්ත්රික හවුල්කරු වන Spinner Cycling සහ තවත් එවැනිම ආකාරයේ පාපැදි අත්දැකීමක් වන ‘Around The Pearl in 10 Days’ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය විසින් අනුමත කර සහය දක්වන අතර ඔවුන් මෙම පාපැදි අත්දැකීම් තුළින් ඔවුන් ‘Visit Sri Lanka’ සහ ‘Save Sri Lankan Smile’ වැඩසටහන් ලොවට ගෙන යාමට අපේක්ෂා කරයි.
වසර ගණනාවක් පුරා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ්රලියාව, මෙක්සිකෝව, කිර්ගිස්තානය, ජර්මනිය, ප්රංශය යන රටවලින් තරඟකරුවන් ‘Race The Pearl’ සඳහා සහභාගි වූ අතර දැන් ශ්රී ලාංකිකයින්ද ඒ සඳහා උනන්දුවක් දක්වයි.
—Ironman 70'3 ෆ්රැන්චයිස් සතියක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ආදායමක් ලබා ක්රීඩා සංචාරක ව්යාපාරයේ මිණුම් ලකුණක් තබමින් ශ්රී ලංකාවේ පා පැදි සංචාරක ව්යාපාරය (Cycling Tourism) ප්රවර්ධනය කිරීමේ කොටසක් ලෙස ‘Race The Pearl’ හරහා ‘Race Vacation’ අංශය ගොඩනැගීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් හේවගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ශ්රී ලාංකික ඉසව්වක් වන ‘Race The Pearl’ තරඟය ජාත්යන්තරව ප්රවර්ධනය කිරීම සඳහා විවිධ අනුග්රාහකයින් සිය දායකත්වය ලබාදෙන ලදි. රයිඩර් ජර්සිය ලබා දීමට MAS ක්රීඩා ඉදිරිපත් වූ අතර ”සමහන් ස්වස්ථ අමෘතය” සහ ”වේදනාවට ක්ෂණික සහනය ලබාදෙන සිද්ධාලේප” වැනි මෙරට ජාත්යන්තර සන්නාමයන් මෙම තරඟය වෙනුවෙන් අනුග්රහය දක්වයි.ිඍ්ජැ ඔයැ ඡුැ්රක’ තරඟකරුවන් තරඟය අතරතුර රාත්රී කාලය ගත කිරීමට කාමර 200කට අධික සංඛ්යාවක් ලබාගන්නා අතර ආහාර පාන මිලදී ගැනීම් සඳහා ‘Race The Pearl’ සමඟ එක්ව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායක අංශවලට සහාය දක්වයි.
ෆෙස්බුක් සහ ඉන්ස්ටග්රෑම් හරහා www.racethepearl.com වෙත ‘Race The Pearl’ පිිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

October, 27, 2022
ශ්රීලංකන් ගුවන් සේවය , Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේය. මේ සඳහා ඉදිරිපත්ව තිබූ අනෙකුත් ඉදිරිපත් කිරීම් 118 ක් අභිබවා යමින් ශ්රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ නමින් හඳුන්වන upcycle ව්යාපෘතිය සඳහා මෙම සම්මානය හිමිවිය. ‘Mathaka’ ව්යාපෘතිය යටතේ ශ්රීලංකන් ගුවන් සේවයේ අපද්රව්ය සහ ඉවතලන අයිතම වලින් භාවිතා කළ හැකි නිෂ්පාදන නිර්මාණය කිරීම සිදුකරයි. මෙම ව්යාපෘතිය මගින් ගුවන් සමාගමට ප්රතිචක්රීකරණය කළ නොහැකි අපද්රව්ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට ඉඩ සලසන අතර එමඟින් අපද්රව්ය සහ පරිසර දූෂණය ද අවම කරයි.
SMRB Global Aviation සම්මාන ප්රදානය කැනඩාවේ මොන්ට්රියල් හි පැවති ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) 41 වැනි මහා සභා රැස්වීමේ දී සිදුකරන ලදී. 2016 දී පිහිටුවන ලද SMBR Global Aviation සම්මාන උළෙල ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ව්යාපාරික සංවිධාන සහ පුද්ගලයින්ගේ දායකත්වය ඇගයීම සිදුකරයි. මෙහිදී ජයග්රාහකයින් තෝරා ගැනීම මෙහෙයවන ලද්දේ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ජාත්යන්තර කණ්ඩායමක් විසිනි.
අපද්රව්ය සහ වෙනත් අයිතම වලින් නව නිර්මාණ සිදුකරන ශ්රී ලාංකේය සංවිධානයක් වන House of Lonali ‘ශ්රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ ව්යාපෘතියේ නිල සැලසුම්කරු ලෙස සම්බන්ධ විය. ඒ අනුව එම හවුල්කාරිත්වය මගින් ‘‘Mathaka’’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, කී ටැග් සහ ස්වර්ණාභරණ ඇතුළු සුවිශේෂී නිෂ්පාදන පෙළක් එළිදැක්වීම සිදුකරන ලදී. සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද ගුවන් සේවා නිල ඇඳුම්, ගුවන් යානා අභ්යන්තර කොටස් සහ අනෙකුත් ද්රව්ය වලින් සාදන ලද භාණ්ඩ, ශ්රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වලදී සහ House of Lonali හි වෙබ් අඩවිය සහ වෙනත් හවුල්කරුවන් හරහා ලබාගැනීමට හැකිවිය. මෙම ව්යාපෘතියෙන් ලැබෙන සියලුම මුදල් ගුවන් සමාගමේ අනෙකුත් ආයතනික තිරසාර මුලපිරීම් සඳහා එකතු වනු ඇත.
මෙම ව්යාපෘතිය මගින් අපද්රව්ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම මගින් ගුවන් සමාගමට සිය පරිසර හිතකාමී ආයතනික දැක්මේ තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට ඉඩ සලසයි. එපමනක් නොව, අපද්රව්ය භාවිතය නිසි ලෙස කළමනාකරණය කිරීම මගින් ආර්ථික හිඟය සහ අමුද්රව්ය හිඟය පවතින මෙම යුගයේ upcycling ව්යාපෘති තිරසාර ප්රායෝගික විසඳුමකි.
මීට අමතරව, එය කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන සමාජ ව්යවසායක ව්යාපාරයක් වන බැවින් House of Lonali සමඟ හවුල් වීමෙන් ශ්රීලංකන් වක්රව කාන්තාවන් සවිබල ගැන්වීමට සවියක් ලබාදෙන ඇත. ‘‘Mathaka’’ ව්යාපෘතියේ නිෂ්පාදන ක්රියාවලිය හරහා හවුස් ඔෆ් ලෝනාලි ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන්ට ජාත්යන්තර මට්ටමින් තම දක්ෂතා ප්රදර්ශනය කිරීමටත්, ඒ සමඟම ජීවිකාව උපයා ගැනීමටත් බලය ලබා දෙනු ඇත.


October, 26, 2022
විනෝදාස්වාද, සංස්කෘතික හා ක්රීඩා අංගයන්ගෙන් සමන්විත දැවැන්ත සංචාරක ප්රවර්ධන වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී දියත් කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
පසුගිය (23) දැ පැවති මාධ්ය හමුවක දී ඇය මේ බව සඳහන් කළ අතර මෙහි පළමු සංදර්ශනය දෙසැම්බර් 08 දින යාපනයේ දී පැවැත්වීමට නියමිතය. දෙසැම්බර් 09,10 හා 11 තෙදින තුළ කොළඹ දී සංදර්ශන පැවැත්වේ.
TOURNIVAL යනුවෙන් මෙම සංචාරක ප්රවර්ධන වැඩසටහන නම් කර තිබේ.
මෙම සංදර්ශන පෙළ සඳහා බොලිවුඩ් සිනමා කර්මාන්තය නියෝජනය කරමින් රංගන ශිල්පි සොනු සූඩ්, දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය නියෝජනය කරමින් විජේ සේතුපති, කර්ණාටක සිනමා කර්මාන්තය නියෝජනය කරමින් ප්රියංකා උපේන්ද්රා සහ සුපිරි ගායිකා ශ්රෙයා ගෝෂාල් ඇතුළු ඉන්දීය සිනමා තරු රැසක් එක්වීමට නියමිත බව මෙම මාධ්ය හමුවේ දී සඳහන් වුණි.
මෙහිදී වැඩිදුරටත් රාජ්ය අමාත්යවරියා කියා සිටියේ මෙම ඉසව් සඳහා ශ්රී ලංකා රජය හෝ සංචාරක අමාත්යංශය කිසිදු වියදමක් සිදුනොකරනු බවයි.
TOURNIVAL සංචාරක ප්රවර්ධන වැඩසටහන යාපනයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම ප්රදේශයක්ම මේ වැඩසටහනට එක්කර ගැනීමට අපේක්ෂා කරනවා. මේ සංදර්ශන මාලාව දෙසැම්බර් මස 8 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් 10,000ක පමණ පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. පසුගිය කාලයේ දිනකට ඉන්දීය සංචාරකයන් 7,000ක් පමණ මෙරටට පැමිණියත් අද වන විට එය 2,000 දක්වා පහත වැටී තිබෙනවා. මේ සඳහා සංචාරක අමාත්යාංශය හෝ රජය කිසිදු මුදලක් වැය කරන්නේ නැහැ. අපිට වියදම් කරන්න සල්ලි නැහැ. එය අනුග්රාහකයින්ගෙන් සපුරා ගන්නවා. ඒ වගේම ටිකට් අලෙවියෙන් ආදායමක් ලබන්න සැලසුම් කර තිබෙනවා. ප්රවේශපත්ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම ශ්රී ලංකා රජයට පරිත්යාග කරනවා.
Video Story