October, 25, 2022
රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත්රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයා විසින් මේ දක්වා පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි 84 ක් ප්රදානය කර තිබෙන අතර නවතම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යන ගොඩනැගිලි ද්රව්ය ලබාදීමට මෙවර සමාගම එකඟවී තිබේ. එයට හේතුව වන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ගොඩනැගිලි ද්රව්යවල මිල දිනෙන් දිනම විශාල ලෙස ඉහළ යාමයි. මෙම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමට යන ශ්රමය ලබාදීමට පාසැල් ප්රජාව එකඟවී තිබෙන අතර මෙම ව්යාපෘතිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ හොරණ ශාඛාව විසින් සම්බන්ධීකරණය කරනු ලබයි. සමාගම විසින් දිගු කාලයක් පුරා සිදුකරන මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් මේ වසර තුළ ලබාදෙන දෙවන පන්ති කාමර ගොඩනැගිල්ල මෙය වේ.
මේ අතර, සමාගමේ සෞඛ්ය සම්බන්ධ ප්රජා සත්කාරක වැඩසටහන් යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් පසුගියදා මාතලේ සහ මහනුවර දිස්ත්රික්කවල නොමිල වෛද්ය කඳවුරු දෙකක්ද පවත්වන ලදී. සමාගම විසින් පසුගිය මැයි මාසයේදී සිට යළිත් ‘වෛද්ය හමුව’ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව මේ වසරේ පැවැත්වූ හතරවන සහ පස්වන වෛද්ය කඳවුරු මෙම කඳවුරු වේ.
මෙම වෛද්ය කඳවුරු මාතලේ මඩවල උල්පත ගෝනගල මහා විහාරයේදී සහ සමාගම විසින් මීට පෙර පන්ති කාමර ගොඩනැගිල්ලක් තනාදුන් මහනුවර වැලිවිට ශ්රී සංඝරාජ කණිටු විදුහලේදී පැවැත්වුණි.
මෙම වෛද්ය කඳවුරු මගින් 400 දෙනෙකුට වැඩි පිරිසක් ප්රතිලාභ ලැබූ අතර ඔවුන්ට නොමිලේ වෛද්යවරුන් හමුවීමේ අවස්ථාව සහ වෛද්ය පරීක්ෂණ කර ගැනීමේ අවස්ථාව හිමිවිය. ඉලෙක්ට්රෝකාර්ඩියෝග්රෑම්, ඇස් පරීක්ෂාව සහ බොඩි මාස් දර්ශකය (BMI) පරීක්ෂාව, ෆාස්ටිං බ්ලඞ් ෂුගර්, රැන්ඩම් බ්ලඞ් ෂුගර්, කොලෙස්ටරෝල් පරීක්ෂාව මෙහිදී කර ගැනීමේ අවස්ථාව පැමිණි අයට ලැබුණි. මෙහිදී, හයිපර්කොලෙස්ටරෝලෙමියා, දියවැඩියාව, හයිපටෙන්ෂන්, වෙරිකෝස්, ස්නායු සහ හෘද රෝග හඳුනාගත් රෝගීන්ට බෙහෙත් නියම කළ අතරම සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්ය උපදෙස්ද ලබාදෙන ලදී.
මෙම නවතම වෛද්ය කඳවුරු සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූලස්ථානය සමග එක්ව මාතලේ, පිළිමතලාව සහ රඹුක්කන ශාඛා විසින් සංවිධානය කරන ලදී. සමාගම විසින් මේ දක්වා පවත්වා තිබෙන ‘වෛද්ය හමුව’ වැඩසටහන් මගින් 146,000 කට වැඩි පිරිසක් ප්රතිලාභ ලබා තිබෙන අතර සමාගම විසින් රට පුරා වෛද්ය හමු වැඩසටහන් 392 ක් මේ වනවිට පවත්වා තිබේ.
සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සහ 2021 වසර වලදී ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙසින් රීදි සම්මානය දිනාගත් අතර බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ‘ශ්රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය’ ලෙසින්ද සම්මානයට පාත්රවිය. එසේම, පිට පිටම තුන්වන වසර සඳහාත් ‘හොඳම සේවා ස්ථාන’ (Great Workplace) යන ඇගයීම සෙලින්කෝ ලයිෆ් සමාගමට 2022 වසරේදී ලැබී තිබේ. මීට අමතරව, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් 2021 වසරේදී ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් නම්කළ අතර පිට පිටම 16 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ Kantar Peoples සම්මානය සමාගම විසින් දිනාගෙන තිබේ. සෙලින්කෝ ලයිෆ් ආරම්භ කළ වසර 34 ක කාලය තුළ අඩකට වඩා වැඩි කාලයක් පුරා ශ්රී ලංකාවේ ප්රමුඛතම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම ගෞරවාදරයට පාත්රවී ඇත. 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇත.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
October, 25, 2022
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව සඳහා රු. බිලියන 12.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ.
මෙම කාර්තුව තුළ සමාගමේ ආදායම රු. බිලියන 87.96 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී සමාගමේ දළ ලාභය රු. බිලියන 16.29 ක් හා මෙහෙයුම් ලාභය රු. බිලියන 14.19 ක් ලෙසින් සටහන්ව තිබේ.
මේ අනුව 2022/23 මූල්ය වර්ෂයේ පළමු භාගය එනම් 2022 අප්රේල් - සැප්තැම්බර් මාස 06 ක කාලපරිච්ඡේදය සඳහා රු. බිලියන 22.28 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව ඇත.
මෙය ලංකා IOC සමාගම මෙතෙක් ඉතිහාසයේ වාර්ත්ා කර ඇති ඉහළම ශුද්ධ ලාභ අගය වේ.
ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය.

October, 25, 2022
ප්රධාන පෙළේ දෙස් විදෙස් සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී (Ex-pack Corrugated Cartons PLC) සමාගම, හරිතාගාර වායු විමෝචනය ශූන්ය කිරීමට ගනු ලැබූ සාර්ථක පියවර හේතුවෙන් පසුගියදා කාබන් ශූන්යතා සහතිකයෙන් පිදුම් ලැබිමීට සමත්විය.
මෙම සහතිකකරණ ක්රියාවලිය අතරතුර එක්ස්පැක් සමාගමේ තිරසාර භාවිතාවන් පිළිබඳ ඉහළ අවධානයක් යොමුවිය. එනම්, බලශක්ති සහ ජල පරිභෝජනය, කසළ කළමනාකරණය, ප්රවාහන අංශය ආදී ක්ෂේත්රවලට අදාළව සමාගම සිදුකර ඇති ඇගයීම් පිළිබඳ වැඩි සැළකිල්ලක් යොමුවිය.
හරිත ගොඩනැගිලි තාක්ෂණය, MEP නිර්මාණ උපදේශනය සහ කාබන් ශූන්යතා උපදේශනය පිළිබඳ විශේෂඥතාව උසුළන ගොඩනැගිලි ඉදිකිරීම් ඉංජිනේරු සේවා සමාගමක් වන co-energi සහ එක්ස්පැක් සමාගම එක්ව මෙම හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ඇගයීම් සිදුකරන ලද අතර, එම ඇගයීම් තහවුරුකිරීම සිදුකරන ලද්දේ ශ්රී ලංකා ජාතික පිවිතුරු මධ්යස්ථානය (National Cleaner Production Centre) මගිනි. මෙම ක්රියාවලිය සඳහා co-energi සහ එක්ස්පැක් සමාගම ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී මුල පිරූ අතර, දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම හේතුවෙන් මතුවන අභියෝගවලට මුහුණදීම එම සහයෝගීතාවයේ අරමුණ විය.
එක්ස්පැක් සමාගම නියැළී සිටින කර්මාන්ත ක්ෂේත්රය සඳහා දැවැන්ත යන්ත්රසූත්ර භාවිත කෙරෙන පසුබිමක, කාබන් ශූන්යතා සහතිකයෙන් පිදුම් ලැබිමී යනු විශාල ජයග්රහණයකි. ″පාරිසරික තිරසාරභාවය කෙරෙහි එක්ස්පැක් සමාගම සෑමවිටම සැළිකිලිමත්. එම කැපවීම සහ වගකීම් සහගත භාවිය මෙවැනි ජයග්රහණ තුළින් මනාව පිළිබිඹු වෙනවා. ඒ වගේම මෙය අපට තවත් අනුකූලතා සහතිකයක් නොව අපගේ වගකීමක් ඉටුකිරීමක්. අපි ඉදිරියටත් co-energi, NCPC සහ වෙනත් කර්මාන්ත පාර්ශ්වකරුවන් හා එක්ව තිරසාරත්වයේ ගමන අඛණ්ඩව ගෙනයනවා″, යනුවෙන් එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතා ප්රකාශ කළේය.
කාබන් ශූන්යතා සහතිකයක් යනු, පරිසරයට ඇති බලපෑම අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් භාවිතයට ගැනෙන මාස ගණනාවක සහ වසර ගණනාවක දැඩි පරිශ්රමයක සහ කැපවීමක ප්රතිඵලයකි.
තව ද, අධි කාර්යක්ෂම වායු සමීකරණ පද්ධති, ගොඩනැගිලි වහල මත ස්ථාපිත කරනු ලබන සූර්ය බලශක්ති පද්ධති, බලශක්ති විගණන, MEP නිර්මාණ සැලසුම්, retro සැකසුම් ආදිය පිළිබඳ co-energi සමාගම සතු වසර 12කට වැඩි පළපුරුද්ද, ශ්රී ලංකාවේත් බංග්ලාදේශයේත් LEED (Leadership in Energy and Environmental Design) සහතික දිනාගැනීමට හේතු සාධක වී තිබේ.
ආසියානු කලාපය තුළ මෙන්ම ශ්රී ලකාව තුළ සේවය කිරීමට ඇති හොඳම ආයතනයක් වශයෙන් අඛණ්ඩව වසර කිහිපයක් Great Place to Work සහතිකය දිනාගැනීමට ද එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගමට හැකිවී ඇත. සමාගම මෙම වසරේදී නවෝත්පාදන සහ තිරසාර ඇසුරුම්කරණ විසඳුම් සපයමින් සිය 25වැනි සංවත්සරය සැමරීමට ද කටයුතු කළේය. මේ අතර, ISO 9001-2015, ISO 14001-2015, FSC COC සහ WRAP ආදී තත්ත්ව සහතික ද, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, , Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ Green සම්මාන ආදියෙන් ද සමාගම පිදුම් ලබා තිබේ.
සේයා රූ සටහන: එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් කළමනාකාරීත්වය, ශ්රී ලංකා ජාතික පිවිතුරු මධ්යස්ථාන නිලධාරීන් අතින් කාබන් ශූන්යතා සහතිකය ලබාගන්නා අයුරු. Co-energi උපදේශන සමාගමේ නියෝජිතයින් ද ඡායාරූපයේ දැක්වේ.
October, 24, 2022
ශ්රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව” වැඩසටහනේ තරුණ, තරුණියන් සමග 22 දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ය.
රටේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු මෙන්ම වත්මන් තරුණ පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කිරීමට මෙහිදී අවස්ථාව සලසා දි තිබිණි.
ඒ අනුව තරුණ තරුණියන් නැඟු ප්රශ්න සහ ඒවාට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබා දුන් පිළිතුර පහත දැක් වේ.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ඔබතුමා නිතරම ප්රකාශ කරනවා මේ රට ඉදිරියට ගෙන යන්න නම් රටේ තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි කියා. එදා 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔබතුමන්ට තරුණ නායකයෙකු ලෙස රටේ සංවර්ධනයට දායකවෙමින් ඉදිරියට එන්න අවස්ථාව සලසා දුන්නා. 2048 වන විට ශ්රී ලංකාව සංවර්ධිත රාජ්යයක් බවට පත්කිරීම ඔබතුමාගේ බලාපොරොත්තුව වී තිබෙනවා. ඒ සඳහා තරුණ නියමුවන් තැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවාද,
පිළිතුර
අපි පළමුවෙන්ම කටයුතු කරන්නේ අපේ රට ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයක් ඇති කිරීමට. මම රට භාරගන්නා අවස්ථාව වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලයි තිබුණේ, මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැකි වුණොත් අපිට අනාගතයක් නැහැ.
එදා රටේ තිබුණු උද්ඝෝෂන මැද මම මේ ආණ්ඩුව භාර අරගෙන පළමුවෙන්ම කටයුතු සැලසුම් කළේ බංකොළොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ලබා ගැනීමට. ඒ සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගීවීමට අවස්ථාව තිබෙනවා.
ඒ සඳහා මම යෝජනා කර තිබෙන එක පියවරක් තමයි හැම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවකම තරුණයෝ පස් දෙනෙක් පත් කරන්න. තවම එම අධීක්ෂණ කමිටුවල මන්ත්රීවරු, සභාපතිවරු තෝරාගැනීම අවසන් වී නැහැ.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරන්න. යෝජිත ජන සභා මාර්ගයෙන් නව තරුණයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම අරගලයට සම්බන්ධ වෙලා ප්රචණ්ඩත්වයට නොගිය කණ්ඩායම්වලට අපි ආරාධනා කර තිබෙනවා මේ සඳහා සහභාගී වෙන්න කියා. මෙම පියවර මගින් අපට අවශ්ය අලුත් නායකත්වය බිහි වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාර්ගය සකස් කරදීම දැන් අපි සිදුකරමින් සිටින බව සිහිපත් කරන්න කැමතියි.
ප්රශ්නය
2048 අපේ රට සංවර්ධිත රාජ්යයක් බවට පත්කිරීමට බෙහෙවින් උපකාරි වන සාධකයක් වන්නේ තරුණයන් ව්යවසායකත්වය සඳහා යොමු කිරීමයි. තරුණයන් ව්යවසායකයන් වශයෙන් ඉදිරියට ගෙන ඒමට ඔබතුමා තුළ ඇති දැක්ම කුමක්ද කියා මම දැන ගන්න කැමැතියි.
පිළිතුර
ව්යවසායකයින් බිහිවීමට පටන් ගත්තේ 1977 විවෘත ආර්ථිකය ආරම්භ වීමෙන් පසුව. බ්රිතාන්ය යුගයේ දී මේවා ආරම්භ කරද්දි 19 වන සහ 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ව්යවසායකයින් බිහි වුණා. නමුත් 1960න් පසුව රජයේ ආර්ථික පාලනය ඉහළ යාමත් සමග ව්යවසායකයන් පිරිස අඩු වුණා. 1977 දී අපි ආසියාවේ ඉතා තරඟකාරී ආර්ථික පසුබිමක සිටියා. අද අපිට තරඟකාරී ආර්ථිකයක් නැහැ. 1977 සිට අද වන තුරු එම වැඩසටහන සමග අපි එකතු වුණේ නැහැ. එහි එක් උදාහරණයක් තමයි ත්රිකුණාමලය තෙල් ටැංකි, වසර 15ක් 20ක් තිස්සේ එහි කටයුතු ඉදිරියට ගෙන යන්නේ නැතිව එම වැඩසටහන නතර කරලා තිබෙනවා. අද LIOC එක නොතිබුණා නම් මෙම සහනයවත් අපිට ලැබෙන්නේ නැහැ.
රටේ ව්යාපාර ගණනාවක් අද බංකොළොත් වී තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන තිබන්නේ ඉතා අසිරුවෙන්. අප පළමුව සිදු කළ යුත්තේ අපේ බැංකු පද්ධතිය ශක්තිමත් කර ගැනීම. ඒ වගේම අපේ ආර්ථිකය තරඟකාරි ආර්ථිකයක් බවට පත්කර ගත යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. මේ බංකොළොත් ව්යාපාර භාරගෙන නගා සිටුවීමට තරුණ ව්යවසායකයින්ට හැකියාව තිබෙනවා.
තරුණ ව්යවසායකයින්ට බැංකු ණය ලබා දෙන්නේ කොහොමද කියලා අපි බැලිය යුතුයි. මෙවන් අවස්ථාවක ඉදිරියට යන්න නම් බැංකු ශක්තිමත් විය යුතුයි.
විදේශ ආයෝජන ලබා ගැනීමේ අපේ නීති රීති තවදුරටත් ලිහිල් කරනව නම් මෙරටට ලැබෙන ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් වෙනවා.
ඇගලුම් කර්මාන්තයට අවශ්ය සෑම එකක්ම පිටින් ලබා ගත්තා, අපිට ලැබුණ වාසිය ශ්රමය පමණයි. අද මේ දේවල් අපිට මෙරට නිෂ්පාදනය කරන්න හැකි වෙලා තිබෙනවා. අපි ඒවා පිටරට යවනවා. එලෙස තමයි මේ අගය වැඩිකිරීම ක්රමානුකූලව කරන්න තිබෙන්නේ. මේ ක්රියාදාමයේදී තමයි තරුණ තරුණියන් අවස්ථා ලබා ගත යුත්තේ.
ප්රශ්නය
මේ රටේ සංවර්ධනයට තරුණ පරම්පරාව දායක කර ගැනීමේ විශේෂ ප්රායෝගික සැලැස්මක් තිබෙනවද, අපි කැමතියි එය දැන ගන්න.
පිළිතුර
රටේ සංවර්ධනයට තරුණ පරපුරට ආරාධනා කරන තුරු ඇයි බලා සිටින්නේ. ඒ සඳහා ඕනෑතරම් අවස්ථා තිබෙනවා, ඔවුන්ට තිබෙන්නේ ආරාධනා කරන තුරු බලා නොසිට ඒ අවස්ථා ලබාගෙන රටේ සංවර්ධනයට දායකත්වය ලබාදීමයි.
ප්රශ්නය
අද ඔබතුමා මුහුණ දී තිබෙන ප්රශ්නවලට එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් මුහුණ දුන්නා. ඔබතුමා එදා එතුමාගෙන් ලැබු ආභාෂය සමග ලංකාවේ ඉදිරි ගමන ගැන කොහොමද හිතන්නේ, එතුමාගේම අඩිපාරේ යමින් එම විදේශ ප්රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යනවද,
පිළිතුර
අභියෝගවලට මුහුණදිය යුතුයි. කිසිවෙකුට අභියෝගවලින් පැන යා නොහැකියි. මේ ශතවර්ෂයේ අපේ රටට තිබෙන විශාලම අභියෝගය වන්නේ, කෙසේද යුද්ධයෙන් පසු නවීකරණය සමග අප ඉදිරියට යා යුත්තේ යන්නයි. එදා අපි ඒකට සූදානම් වුණේ නැහැ. යුද්ධයෙන් පසුවත් අපි හිටියේ පරණ සිතුම් පැතුම් සමගමයි. ඒ ලෝකය දැන් සම්පුර්ණයෙන්ම කඩා වැටී තිබෙන්නේ. මොකද ණය බර සමග ඉදිරියට යා නොහැකියි.
අපි මේ ගැන අවබෝධයෙන් කටයුතු කළයුතුයි. අපි සිටියේ සිහින ලෝකයක. ඒ සිහින ලෝකයෙන් පිටතට පැමිණිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 බලයට පත්වී විවෘත ආර්ථිකය ආරම්භ කළා.
චීනය, ඉන්දියාව, වියට්නාමය යන රටවල අපිට වඩා පාලන ආර්ථිකයක් තිබුණා. එදා චීනය ඉන්දියාවටත් වඩා දුප්පත්. චීනය විවෘත ආර්ථිකය සමග ඉදිරියට ගියා. ඉන්දියාවත් දැන් ඒ සංවර්ධනය කරා ළගාවෙමින් සිටිනවා. වියට්නාමය යුද්ධයෙන් පසුව විනාශ වී ගිය රටක්. ඒත් ඒ අය අද දියුණු වෙලා තිබෙනවා.
2009 අපේ රටේ යුද්ධය අවසන් වුණා. අපි 2019 වසරේ ආණ්ඩුව කරනකොටත් මේ නවීකරණයට ජනතාව සූදානම් නැහැ. 2019 ලබාදුන් බදු ප්රතිපත්ති නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. දැන් එහි අයහපත් බලපෑම් භුක්ති විඳින්නේ මේ රටේ තරුණ පරපුර. සමහර තරුණ තරුණියන් අපට අනාගතයක් නැහැ කියලා රට අතහැර යනවා. තවත් පිරිසක් අනාගතය ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් රැදී සිටිනවා. ඒ අභියෝගය අපි භාරගත යුතුයි. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් වගේම අනිත් නායකයන්ගෙනුත් ඉගෙන ගැනිමට තිබෙන්නේ.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ආහාර සුරක්ෂතාතාවය පිළිබඳ රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි වර්ෂය සඳහා කෘෂිකර්ම ප්රතිපත්තිය කුමක්ද කියා අපි දැනගන්න කැමතියි.
පිළිතුර
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අපි දැනටමත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා අවශ්ය පොහොර ලබාදීමේ වැඩසටහන ද ක්රියාත්මකයි. පොහොර ලබා ගැනිම සදහා අවශ්ය ඩොලර් දැන් අපිට ලැබී තිබෙනවා. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ අනෙක් රටවලින් එම මුදල් ලැබී තිබෙන නිසා අපිට දැන් පොහොර මිලදී ගැනීම සිදු කළ හැකියි.
මෙවර මහ කන්නයට අවශ්ය පොහොර දැනට රටේ තිබෙනවා. ඒවා බෙදාහැරීම ඉදිරියේ දී සිදු කෙරෙනවා. එහි අඩු පාඩුකම් තිබෙනවා නම් ඒ ප්රදේශ ගැන සොයා බලන්න කියා මම උපදෙස් දී තිබෙනවා.
කෘෂිකර්මාන්තය සඳහා අවශ්ය ඉන්ධන ලබාදීමට ද අපි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නොවැම්බර් 15 න් පසු දෙවන වටය සදහා අවශ්ය පොහොර ප්රමාණයත් රටට ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.
ලබන වසරේ පළමු මාස තුන හතර තුළ සම්පූර්ණයෙන්ම ආහාර නිෂ්පාදනය ආරම්භ කිරීම අපේ සැලැස්මයි. වී නිෂ්පාදනය පිළිබඳ දැනට ගැටලුවක් නැහැ. නමුත් බඩඉරිඟු වගාව පුළුල් කළයුතුව තිබෙනවා.
ප්රශ්නය
මහ කන්නයේ ඇතිවිය හැකි ගැටලු සාකච්ඡා කරමින් අවශ්ය සහාය ලබා ගැනීම සඳහා කෘෂිකර්ම ප්රවර්ධන දෙසතියක් නම් කිරිමට හා කෘෂිකර්මය සඳහා තාරුණ්ය ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ක්රියාත්මක කළයුතු බව අපි යෝජනා කරන්න කැමතියි.
පිළිතුර
අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළයුතුව තිබෙනවා. ගොවිජන සේවා මධ්යස්ථාන තිබෙනවා, නිලධාරින් බොහෝ දෙනෙක් ග්රාමීය මට්ටමින් කටයුතු කරනවා, ඔවුන් සැලැස්මක් අනුව යෙදවීමට පියවර ගෙන නැහැ. මෙලෙස කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේදි විශාල වැඩකොටසක් ක්රියාවට නැංවිය යුතුව තිබෙනවා.
ප්රශ්නය
රටේ බුද්ධිගලනය මේ වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනමය ලැබුණත් මානව සම්පත් රටට අහිමිවීම ගැටලුවක්. මෙම බුද්ධිගලනය අවම කර ගැනීමට ඔබතුමා ගන්නා ක්රියාමාර්ගය කුමක්ද යන්න අපි දැන ගන්න කැමතියි.
පිළිතුර
පසුගිය වසරේදී බුද්ධිගලනය වැඩි වශයෙන් ආරම්භ වුණා. ආර්ථික ගැටලු සමග මේ වසරේ එය සීග්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අනාගත අවිනිශ්චිතතාව පිළිබඳ ගැටලුව ඊට හේතුවී තිබෙනවා. ඒ ගැන කරුණ දෙකක් සඳහන් කිරීමට මම කැමතියි. මේ රටේ නිදහස් අධ්යාපනය ලබා හොඳ රැකියාවකට ගිය පසු රට අතහැර දැමීම සුදුසු ද යන්න පළමු කාරණයයි. රටේ මේ තත්වය ලබන වසරේ මැද භාගය පමණ වන තෙක් පවතිවි. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5%කට අඩු වෙලා තිබෙනවා. අපි මෙය 14%ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. අතීතයේ බදු අය නොකිරීම තමයි ගැටලුව වී තිබෙන්නේ. දැන් මෙම නව බදු ක්රම සමග අප ඉදිරියට යා යුතුයි.
ප්රශ්නය
විදේශ ණය වෙනුවට විදේශ ආයෝජන සදහා අවධානය යොමු කරන බව ඔබතුමා ප්රකාශ කර තිබෙනවා, විදේශ ආයෝජන පිළිබඳ ඔබතුමා දැනට සිටින ස්ථාවරය කුමක්ද, ඒ සඳහා තරුණයන්ගේ දායකත්වය ලබා ගැනීමට තිබෙන යෝජනා මොනවද කියා අප දැනගන්න කැමතියි.
පිළිතුර
අද සියලු රටවල් දියුණුවී තිබෙන්නේ විදේශ ආයෝජන ලබාගෙනයි. ණය ලබා ගැනීම තුළින් නොවෙයි. චීනය දියුණු වුණේ විදේශ ආයෝජන නිසා. විදේශ ආයෝජන ලබා ගැනීමට ඉන්දියාව ප්රමාද වූ නිසා චීනය ඉන්දියාවට වඩා ඉදිරියට ගියා. වියට්නාමයත් විදේශ ආයෝජන සමග ඉදිරියට ගිය රටක්. විදේශ ආයෝජන නොමැතිව රටකට ඉදිරියට යන්න බැහැ.
විදේශ ආයෝජන නිසා නව ව්යාපාර අවස්ථා ඇති වෙනවා. නිෂ්පාදන ඉහළ යනවා. ඒ සමග තමයි අපිට ඉදිරියට යාමට හැකි වන්නේ.
යුද්ධයෙන් පස්සේ විදේශ ණය අරගෙන රට දියුණු කිරිමටයි අපි උත්සාහ කළේ. නමුත් එය කරගත නොහැකි වුණා. 2015දී ඊට විසඳුමක් සෙවීමට මට අවස්ථාව ලැබුණත් එය ඉදිරියට ක්රියාත්මක වුණේ නැහැ. ඒ නිසා තමයි අද අපිට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ.
විදේශ ආයෝජන සඳහා අවශ්ය පරිසරය අප සකස් කළ යුතුයි. ඒ සඳහායි අපි කටයුතු කරමින් සිටින්නේ. අපි සීමා පනවනවා නම්, තීරණ ලබා දීමට වසර දෙක තුනක් ගත කරනවා නම් අපේ රටට ආයෝජන ලැබෙන්නේ නැහැ. ඒ නිසා රට ඉදිරියට ගෙන යාම සඳහා අපි මෙම යාන්ත්රණය ඉදිරි මාස කිහිපය තුළ කණපිට හැරවිය යුතුයි.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, බොර තෙල් ගැටලුව සමග මේ වන විට අපි රුසියාව පැත්තට යොමු වෙලා තිබෙනවා, අපිට බොරතෙල් දීර්ඝ කාලීනව ලබා ගැනීම පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ණය යෝජනා ක්රමයක් සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද,
පිළිතුර
වැඩියෙන්ම බොර තෙල් ලබා ගන්නේ මැද පෙරදිග රටවලින්. එය වෙනස් නොවන දෙයක්. නමුත් අද මතුව තිබෙන අර්බුදය සමග රුසියාවත් යෝජනා කර තිබෙනවා ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳ. ඒ පිළිබඳ ගැටලු කිහිපයක් මතුව තිබෙනවා. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව යම් සීමා දාලා තිබෙනවා. එම කටයුතු නවත්වා නැහැ.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ඉදිරි දිනවලදී යුරෝපා රටවල ශීත සෘතුව එළැඹෙනවා. පෙර සඳහන් කළ පරිදි ඔවුන්ටත් බොර තෙල් ගැටලුවක් උද්ගතවී තිබෙනවා. මේ තත්ත්වය සමග යුරෝපා රටවල සිටින පිරිස් පෙරදිග රටවල සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. මෙම පිරිස ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකාව යම් සංචාරක ප්රවර්ධන වැඩසටහනක් යෝජනා කර තිබෙනවද කියා දැන ගන්න කැමැතියි.
පිළිතුර
සංචාරක ප්රවර්ධනය සඳහා අපි මේ වසරේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එහි ප්රතිඵල ලබාගත හැකි වන්නේ ලබන වසර වන විටයි. කුමන රටවලට ද ගමන් කරන්නේ කියා යුරෝපය දැනටමත් තීරණය කර අවසන්. ලබන වසර වන විට අපට මේ ඉලක්ක සපුරාගත හැකි වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, අරගලය තුළ විවිධ තරුණ කණ්ඩායම් සිටියා. සැඟවුන අරමුණු තිබූ කණ්ඩායම් සිටියා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් හදවතින්ම කැපවූ තරුණ පිරිසක් සිටියා. එම තරුණ පිරිසට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට ඔබතුමා කැමති නැද්ද,
පිළිතුර
එම ආරාධනය මම මීට පෙරත් සිදු කර තිබෙනවා. අපි ඕනෑම අවස්ථාවක එම කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට සූදානම්. ඒ වගේම අරගලය නිසා නොමග ගිය තරුණ පිරිස් සිටි නම් ඒ අය සමගත් සාකච්ඡා පැවැත්වීමට අපි සූදානම් බව කියන්න කැමතියි.
අරගලයට සම්බන්ධ වූ හොඳ පිරිසත්, අරගලය නිසා නොමග ගිය පිරිසත් සමග සාකච්ඡා කිරීමට අපි කැමැතියි. අරගලය මුවාවෙන් ප්රචණ්ඩකාරි ක්රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම්වලට අවශ්ය නම් අවස්ථාව තිබෙනවා පාපොච්චාරණයක් සිදු කර අප සමග එක්වීමට. අප එය නවතා නොදැමිය යුතුයි. රටට කළේ හානියක් කියලා ඔවුන් අවබෝධකරගත යුතුයි.
රටේ ආර්ථිකය අසීරුවන විට විවිධ පියවර ගැනීම ඕනෑම රටක සිදුවන දෙයක්. එහෙත් ඊට මුවාවී ප්රචණ්ඩත්වය සිදු කරනවා නම් ඒ පිළිබඳ අපි අවධානය යොමු කළයුතුයි. ප්රචණ්ඩත්වයට යොමු වෙලා තමන් කළේ වැරදි කාර්යයක් කියලා අබෝධකරගත් පිරිසක් සිටිනම් ඒ අය සමගත් සාකච්ඡා කරන්න අපි කටයුතු කරනවා.
ප්රශ්නය
ජනාධිපතිතුමනි ඔබට ළගදි චිත්රපටියක් නැරඹීමට හෝ පොතක් කියවීමට අවස්ථාව ලැබුණද,
පිළිතුර
මගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ, ජූනි 09 වනදා සිට මම බලන්නේ රට වෙනුවෙන් වු චිත්රපටියක්, කොටස් ගණනාවක් තිබෙනවා. එහි පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.
October, 24, 2022
SLIIT ආයතනයේ විද්යුත් හා ඉලෙක්ට්රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ROBOFEST 2022’ තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය. රොබෝ විද්යාව තුළින් ඉදිරියට ගිය අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ දක්ෂතාවයන් පුබුදුවාලමින් හා සහභාගීවූවන්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් ප්රදර්ශනය කෙරුණු මෙම තරඟාවලිය පුරාවට කණ්ඩායම් අතර තියුණු තරඟකාරී මුහුණුවරක් ගෙන තිබීම විශේෂත්වයක් විය.
මාලඹේ SLIIT විශ්වවිද්යාල ශ්රවණාගාරයේදී පැවැති අවසන් මහා තරඟය සඳහා පාසල් සහ විශ්වවිද්යාල නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුණු අතර, එම කණ්ඩායම් විසින් ක්රීඩා උපක්රම, සැලසුම් සහ දක්ෂතාවයන් එළිදැක්වීම සිදු කෙරිණි.
SLIIT ROBOFEST තරඟාවලිය ශ්රී ලංකාවේ පැවැත්වෙන ප්රමුඛතම රොබෝ තරඟය ලෙස සැලකේ. මෙම වසරේ තරඟයේදී තරුණයින්ට ඔවුන්ගේ AI සහ තාක්ෂණ කුසලතා ඉගෙන ගැනීමට, ප්රදර්ශනය කිරීමට සහ පුහුණු වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර දෙන ලදි.
පාසල් කාණ්ඩයේ තරඟ, මට්ටම් දෙකක් යටතේ පැවැත්වූ අතර මේ සඳහා 100 කට වැඩි පිරිසක් ලියාපදිංචි විය. සරල රොබෝවක් නිර්මාණය කර වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා සහභාගීවන්නන් හට උපදෙස් මාලාවක් ඇතුළත් තාක්ෂණික ලේඛනයක් සංවිධායකයින් විසින් සපයා දීමට පියවර ගත්තේය. මෙහිදී තෝරා ගැනීම් සියල්ලෙන් අනතුරුව අවසාන තරඟය සඳහා සහභාගීවන්නන් 38 දෙනෙකු තෝරා ගනු ලැබීය.
පාසල් අංශයේ ප්රථම ස්ථානය නුගේගොඩ ශාන්ත ජෝශප් විද්යාලයේ 'Trojan 22' රොබෝ නිර්මාණය විසින් ජයග්රහණය කරනු ලැබීය. දෙවැනි ස්ථානය ගම්පහ තක්ෂිලා විද්යාලයේ 'Line Follower Bot' සඳහා ද තෙවැනි ස්ථානය අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ 'Sinon' රොබෝ නිර්මාණය විසින් ද හිමිකර ගනු ලැබිණි. කුරුණෑගල මලියදේව විද්යාලය විසින් ඉදිරිපත් කරනු ලැබූ 'Ralphy Boy' රොබෝ නිර්මාණයට සහ D.S සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම් දෙකක ‘Ultra’ සහ ‘CYBERNOTS DSS’ යන රොබෝ නිර්මාණ සඳහා සැනසිලි ත්යාග හිමි විය.
මූලික ත්යාග සඳහා අනුග්රාහක දායකත්වය ශ්රී ලංකා රොබෝ විද්යා ආයතනය (SLIR) විසින් පිරිනමන ලදි. සැනසිලි ත්යාග සඳහා අනුග්රහය Magicbit ආයතනය විසින් ලබා දුන් අතර තාක්ෂණික සහාය සපයා දෙනු ලැබුවේ MEU Labs ආයතනය විසිනි.
විශ්වවිද්යාල කාණ්ඩය යටතේ පැවති තරඟය සැප්තැම්බර් මස 25 දා සිට 26 දක්වා පැවැත්විය. මෙවර තරඟාවලියේ ජයග්රාහකයකු නොමැතිව විශ්වවිද්යාල අංශය අවසන් වුවද එම කාණ්ඩයේ ත්යාගය ඊළඟ වසරේ තරඟයට රැගෙන යනු ඇත. මෙහි ත්යාග සඳහා Zone 24/7 ප්රධාන අනුග්රාහකයා වූ අතර, එම කාණ්ඩය යටතේ පිරිනමන ලද සැනසිලි ත්යාගය ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ 'Team C' විසින් දිනා ගනු ලැබීය.
මේ සඳහා Orange සහ ACCELR යන ආයතන ප්රධාන අනුග්රාහකත්වය ලබා දුනි. SLIIT හි ඉංජිනේරු පීඨය, මාධ්ය ඒකකය (Media Unit) සහ Institute of Electrical and Electronics Engineers හි (IEEE) සිසුන් විසින් මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන ලදි.
අවසන් මහා තරඟයට පෙර, SLIIT විසින් ROBOFEST 2022 සඳහා සහභාගී වීමට කැමති සිසුන් සහ උපාධි අපේක්ෂකයින් සඳහා තොරතුරු සම්මන්ත්රණ කිහිපයක් සහ අන්තර්ජාලය හරහා වැඩමුළුවක් ද පවත්වන ලදී. මෙම සම්මන්ත්රණ සිසුන්ගේ උනන්දුව උද්දීපනය කළ අතර, රට තුළ රොබෝ තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් වර්ධනය කරවමින්, මෙය ශක්තිමත් AI සහ රොබෝ විද්යා ප්රජාවක් සංවර්ධනය කිරීම සඳහා විශිෂ්ඨ සහාය වැඩසටහනක් බවට පත් විය.
මෙම සම්මන්ත්රණ මගින් නව තාක්ෂණ ක්රම පිළිබඳව ද තොරතුරු සපයන ලද අතර, එය තරඟය ආරම්භයට පෙර සහභාගීවන්නන්ගේ උනන්දුව ඇති කළේය. මේ සඳහා වූ සම්මන්ත්රණ සඳලංකා මධ්ය මහා විද්යාලයේදී සහ මාතර ශාන්ත තෝමස් විද්යාලයේදී පැවැත්වුණු අතර, ශ්රී ලංකා රොබෝ විද්යා ආයතනය නියෝජනය කරමින් රොෂාන් ප්රේමරත්න මහතා අන්තර්ජාල වැඩමුළුව මෙහෙයවන ලදි. ගැටළු සඳහා පිළිතුරු ලබා දීම ඇතුළුව සහභාගීවන්නන්ගේ අවශ්යතා සඳහා සහාය සහ තොරතුරු සැපයීමට සංවිධායකයින් සමාජ මාධ්ය භාවිතා කළහ.
තරඟය පිළිබඳව අදහස් දක්වමින් ROBOFEST 2022 සම්බන්ධීකාරක, ආචාර්ය ඇන්ටන් හෙට්ටිආරච්චිගේ දොන් මෙසේ පැවසීය. ''මේ තරඟය සඳහා සහභාගී වූ සියලුම දෙනා අතිවිශාල නිර්මාණශීලිත්වයක් පෙන්නුම් කළා. ඔවුන් ඉගෙනීමට සහ ඉංජිනේරු විද්යාව පිළිබඳ අනාගතයේ රැකියාවක් කිරීමට අවශ්ය කුසලතා ඔවුන්ගේ කැපවීම තුළින් ප්රදර්ශනය කරනු ලැබුවා. ROBOFEST 2022 තරඟයේ සුවිශේෂී ජයග්රාහකයින් මෙන්ම ඔවුන්ට හොඳ තරඟයක් ලබා දුන් සියලුම දක්ෂ තරඟකරුවන් ගැන අපි ආඩම්බර වෙනවා. SLIIT ආයතනයේ ශිෂ්ය සංවිධායකයින්, අනුග්රාහකයින්, උපදේශකයින් සහ ස්වේච්ඡා සේවකයන්ගේ නොමඳ සහයෝගය නිසා මෙම තරඟය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණා.''
SLIIT හි විදුලි හා ඉලෙක්ට්රොනික ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය සහ අංශ ප්රධානී ආචාර්ය නිම්සිරි අභයසිංහ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''අපට අපේ සමාජයට නවෝත්පාදකයින් අවශ්යයි. ROBOFEST 2022 හරහා අනාගතයේ ගැටළු විසඳීම හා සම්බන්ධයෙන් නායකයින්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරනවා. රොබෝ විද්යා ප්රජාවේ කණ්ඩායම් සහ සිසුන්ගේ කැපවීම හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ඔවුන්ට රොබෝ විද්යාව තුළ උද්යෝගය මෙන්ම ප්රබෝධය ද අත්විඳීමට හැකියාව ලැබෙනවා. මෙම තරඟය මගින් ඔවුන්ව සංවර්ධනය කිරීමටත්, දක්ෂතාවයන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් වීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වී තිබෙනවා.''

October, 24, 2022
ශ්රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, දිවයින පුරා ඇලූමිනියම් නිෂ්පාදන සහ උපකරණ බෙදාහැරීමේ සේවාවන් සඳහා www.alumexstore.com නමින් නව වෙබ් අඩවියක් දියත් කළේය.
www.alumexstore.com වෙබ් අඩවිය මෙරට ඇලූමිනියම් නිෂ්පාදකයෙකු විසින් ඇලූමිනියම් නිෂ්පාදන සහ උපකරණ බෙදාහැරීමේ සේවාවන් සඳහා ස්ථාපිත කරන ලද ප්රථම වෙබ් අඩවියයි. එමඟින් පාරිභෝගිකයින්ට උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදන අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඒවා ඔවුන්ගේ දොරකඩටම ගෙන්වා ගැනීමට මෙන්ම Alumex ප්රාදේශීය ගබඩාවලින් සෘජුවම ලබා ගැනීමට ද හැකියාව ඇත.
”ශ්රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා සහ අපනයනකරු ලෙස අපි දිවයින පුරා විසිරී සිටින අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්යතා සපුරාලීම වෙනුවෙන් ස්මාර්ට් ක්රමෝපායන් හදුන්වාදෙමින් මාර්ගගත වේදිකාවක් දියත් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. අපගේ සේවාවන් අවශ්ය සෑම කෙනෙකුටම මෙම කාර්යක්ෂම බෙදා හැරීමේ පද්ධතිය හරහා සේවාවන් ලබා ගැනීම වඩාත් පහසු වන අතර ගනුදෙනුකරුවන්ට මෙම නව වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ අවශ්යතා සඳහා සෘජුවම අප හා සම්බන්ධ විය හැකියි.” යනුවෙන් Alumex කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවෙල මහතා පැවසුවේය.
මෙහිදී පාරිභෝගිකයින්ගේ බිල්පත් සහ බෙදා හැරීම් පිළිබඳ දත්ත වල සුරක්ෂිත බව සහතික කරන බැවින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙබ් අඩවිය තුළ ආරක්ෂිතව තබාගත හැකිය. එපමණක් නොව අන්තර්ජාලය හරහා පරිශීලකයින්ට නිෂ්පාදන එකිනෙක සමඟ සංසන්දනය කර තමන්ට සුදුසුම දේ කුමක්ද යන්න පිළිබඳව හොද අවබෝධයක් ලබාගත හැකි අතරම විශේෂ ප්රවර්ධන වැඩසටහන්, ෆ්ලෑෂ් විකුණුම් සහ ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකිය.
මෙම නව බෙදා හැරීමේ සේවාව භුක්ති විදීමේදී අත්පිට මුදල් ගෙවීම් (cash on delivery) සහ ක්රෙඩිට්/ඩෙබිට් කාඞ් ගෙවීම් ඇතුළුව බහුවිධ ගෙවීම් ක්රම භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි.
ඡායාරූපය : Alumex කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවෙල මහතා නව වෙබ් අඩවිය දියත් කරමින්.
October, 24, 2022
කොරියානු ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් දකුණු කොරියාවේ DONG-EUI විශ්වවිද්යාලය කේන්ද්ර කරගනිමින් අපනයන උපායමාර්ග, වෙළඳපල සමීක්ෂණ සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක්, සැප්තැම්බර් 18 සිට 30 දක්වා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන් විසිතුන්දෙනෙක් (23) උදෙසා සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහනේ අරමුණු වූයේ වෙළඳ ගනුදෙනු සම්බන්ධ ප්රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දීම, දකුණු කොරියාවේ වෙළඳ ප්රවර්ධන ප්රතිපත්තිවලින් දැනුම සහ අවබෝධය ලබා ගැනීම සහ ජාත්යන්තර ව්යාපාරවල වෙළඳාම සහ මෑත කාලීන තාක්ෂණික ප්රවණතා පිළිබඳ දැනුම ලබා ගැනීමයි.
DONG EUI විශ්වවිද්යාලයේ විද්වතුන් සහ බාහිර සම්පත් දායකයින් විසින් සහභාගිවන්නන්ට ගෝලීය අපනයන උපාය මාර්ග, ගෝලීය රක්ෂණය, ගෝලීය අලෙවිකරණ උපාය මාර්ග, අපනයන සමාගම්වලට සහාය දැක්වීමේ පියවර, ගෝලීය මූල්ය ගැටලු, පරිසරය, වෙළඳාම සහ තිරසාර සංවර්ධනය මෙන්ම ව්යාපාරික ප්රවණතා සහ සිව්වන කාර්මික විප්ලවය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. තවද, දකුණු කොරියාව ප්රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන සපයන්නෙකුගේ සිට ප්රමුඛ පෙළේ ගෝලීය නිෂ්පාදන අපනයනකරුවෙක් බවට පත්වීම පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කෙරිණි.
සහභාගිවන්නන්ගේ ක්ෂේත්ර අත්දැකීම් හයුන්ඩායි මෝටර් සමාගම (Hyundai Motor Company), Busan බූසාන් වරාය අධිකාරිය (Busan Port Authority) සහ බූසාන් ප්රාදේශීය රේගුව (and Busan Regional Customs) වෙත මෙන්ම Gyeongju Golden City, Haedong Yongkungsa Temple සහ Gyeongu Bulguksa Temple යනාදී සංස්කෘතික චාරිකා වලින් සමන්විත විය.
වැඩසටහන අවසානයේදී, සහභාගීවූවන් කණ්ඩායම් හතරක් යටතේ ශ්රී ලංකාවේ අපනයන අංශයේ ප්රගමනයට අදාළ ව්යාපෘති සංකල්ප පත්රිකා හතරක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී හොඳම ව්යාපෘති සංකල්ප පත්රිකාව ලෙස, ඇසුරුම් ආශ්රිත පර්යේෂණ සහ සංවර්ධනය සඳහා පහසුකම් මධ්යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පත්රිකාව තෝරා ගැනිණි.
පුහුණුවට සහභාගි වූ නිලධාරීන් අපනයන ප්රවර්ධනය සම්බන්ධයෙන් රැස්කරගත් දැනුම ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා සෙසු කාර්ය මණ්ඩලය වෙත ද ලබාදෙනු ඇත. තවද, ශ්රී ලංකාවේ අපනයන අංශයේ සංවර්ධනයට අදාළ ව්යාපෘති යෝජනා තාක්ෂණික සහ මූල්ය ආධාර සඳහා සලකා බැලීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් KOICA වෙත ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවකයින්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා ලබා දුන් වටිනා අවස්ථාව පිළිබඳ ශ්රී ලංකා රජය සහ අපනයන සංවර්ධන මණ්ඩලය KOICA සහ DONG-EUI විශ්වවිද්යාලයට සිය කෘතඥතාවය පළකරයි.
October, 24, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL උතුරු පළාතේ සිය ගනුදෙනුකරුවන්ගේ සහ එහි ජනතාවගේ අවශ්යතා සහ අභිලාෂ වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා පසුගියදා එම පළාතෙහි ක්ෂේත්ර චාරිකාවක නිරත විය.
සමාගමේ ජ්යෙෂ්ඨතම නිලධාරීන් ඇතුළුව 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම චාරිකාවට එක්වූ අතර, චාරිකාව පුරාම ඔවුහු පොදු ප්රවාහන සේවා භාවිතා කිරීම ද විශේෂත්වයක් විය. ක්ෂේත්ර චාරිකා සඳහා වැයවන පිරිවැය සීමා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙන්ම, ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්රී ලංකාව උත්සාහ දරමින් සිටින මොහොතක සමාගමක් වශයෙන් ලාභදායී ප්රවාහන ක්රම භාවිතා කිරීමේ ආයතනික සම්ප්රදායක් ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි.
මෙම කණ්ඩායම SLT-MOBITEL ගනුදෙනුකරුවන්, සාමාන්ය ජනතාව, කුඩා හා මධ්යම පරිමාණ ව්යාපාර හා ව්යවසායකයින්, සිසුන් සහ ජනමාධ්ය නියෝජනය කරන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙකු හමුවී ඔවුන්ගේ අභිලාෂ පිළිබඳව දැනුවත්භාවයක් ලබාගන්නා ලදි. වර්තමානයේ ඔවුන් මුහුණ දෙමින් සිටින අභියෝග කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් SLT සමූහ සභාපති රොහාන් ප්රනාන්දු මහතා කියා සිටියේ, සමූහයේ අනාගත වර්ධන සැලසුම් තුළ උතුරු පළාතට විශේෂ ස්ථානයක් හිමිවන බවයි. “SLT-MOBITEL යනු රටේ දුරකථන සන්නිවේදනයෙහි සහ තාක්ෂණයෙහි ජීවනාලියයි. සමාගම ආරම්භ වූ දා පටන්ම උතුරු පළාතේ ඉංජිනේරුවන් ඊට දායක වී තිබෙනවා. වසර 40කට අධික කාලයක් තිස්සේ අපගේ කාර්ය මණ්ඩලය සහ කාර්යාල උතුරු පළාතේ සිට ක්රියාත්මක වෙමින් අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ස්ථාවර සහ විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ලබාදීමට කටයුතු කළා. දිවයිනේ දෙවැනි උසම දුරකථන කුලුන අප පිහිටුවා තිබෙන්නේත් උතුරු පළාත තුළයි. රට පුරා බොහෝ අංශ බලගන්වන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා උතුරු පළාත සහ එහි ජනතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. දැන්, මෙම අභියෝගාත්මක කාලසීමාවේදී, මෙම පළාතේ ප්රජාවන්ට සහ ව්යාපාරවලට සහාය වීමට SLT-MOBITEL කළ යුත්තේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට අපට අවශ්යයි. ඉදිරි මාස වලදී මෙම පළාතේ තවත් ක්ෂේත්ර චාරිකා කිහිපයක නිරත වීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම පළාතේ ජීවත්වන අපගේ සහෝදර සහෝදරියන්ට අත්වැලක් වීමට අපට හැකි සියලුම දේ කිරීමට අප සූදානම්” රොහාන් ප්රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය.
විදුලි සංදේශ සහ තාක්ෂණික ජාලය ශක්තිමත් කිරීම සඳහා SLT-MOBITEL කණ්ඩායම සුප්රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතෙහිද සංචාරයකද නිරත විය. එය, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්යාගරාජා මහතාගේ සංවර්ධන අභිලාෂවලට ද සමපාත වූ චාරිකාවකි.
ඓතිහාසික, භූගෝලීය හා ක්රමෝපායික වශයෙන් වැදගත්වන ඩෙල්ෆ්ට් දිවයින සංචාරක කේන්ද්රයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පවතී. එසේ කිරීම මගින් දූපතෙහි වෙසෙන 5,000කට අධික පිරිසට මෙන්ම සමස්තයක් ලෙස උතුරු පළාතේ බොහෝ පිරිසකට ප්රතිලාභ සැලසෙනු ඇත.
මෙම ක්ෂේත්ර චාරිකාව අතරතුර SLT-MOBITEL හි ජ්යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම යාපනයේ සිය කාර්යාලවල සේවක සේවිකාවන් සහ ප්රාදේශීය කණ්ඩායම් ප්රධානීන් හමුවී, එම සේවක සේවිකාවන්ගේ සහ පාරිභෝගිකයින්ගේ අවශ්යතා සපුරාලීම සඳහා සේවා වැඩිදියුණු කළ හැකි ආකාරය සොයා බැලී ය. මෑතකදී SLT-MOBITEL විසින් උතුරු පළාතේ පාරිභෝගිකයන් වෙනුවෙන්ම සැලසුම් කළ, එම පුද්ගලයන්ට, ප්රජාවන්ට සහ ව්යාපාරවලට වර්තමාන දුෂ්කර ආර්ථික පරිසරය තුළ ප්රතිලාභ රාශියක් ලබා දෙන ‘Kalo Kalo’ නම් විශේෂ පැකේජයක් ද හඳුන්වා දෙන ලදි. ඊට අමතරව SLT-MOBITEL එම පළාත වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ තවත් නිෂ්පාදන හා සේවා රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ.


October, 24, 2022
පැසිෆික් ආසියා සංචාරක සංගමයේ (PATA) 27 වැනි සම්මාන උළෙලේ දී අලෙවිකරන වාහකයා කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ශ්රීලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. මෙම සම්මානය හිමිවූයේ ‘Say Bonjour to Paris’ යන නමින් ගුවන් සේවය දියත් කළ ප්රචාරණ ව්යාපාරය සඳහාය. ගුවන් සේවයේ අලෙවිකරණ සන්නිවේදන ප්රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව පෙන්නුම් කරමින් අඛණ්ඩව මෙම සම්මානය හිමි වූ සිව්වන අවස්ථාව මෙය වන අතර ඒ සමඟ ශ්රීලංකන් ගුවන් සේවයට මෙතෙක් හිමිව ඇති සමස්ථ PATA රන් සම්මාන සංඛාව පහකි.
ලොව පුරා සංචාරක ආයතන සහ සංචාරක සංවිධාන සහ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 136 ක් අතරින් මෙවර රන් සම්මානලාභීන් 25 දෙනෙකු තොරාගත් අතර ඊට අමතරව ග්රෑන්ඩ් ටයිටල් ජයග්රාහකයින් දෙදෙනෙකු කිරුළු පැළඳීය. ක්ෂේත්රයේ ප්රවීණයන් 12 දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්රාහකයින් තෝරාපත් කරගන්නා ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය, “අපගේ අලෙවිකරණ මුලපිරීම් සඳහා තවත් PATA සම්මානයක් ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සහ ඔවුන්ව දැනුම්වත් කිරීම මෙන්ම ක්ෂේත්රයේ සහෝදරත්වය ගොඩනගා ගැනීමට අප දරන උත්සාහය මෙහිදී පෙන්නුම් කරනවා. ජාතික ගුවන් සේවය වශයෙන්, මෙම ගෝලීය සම්මානය සමඟින් ශ්රී ලංකාව ගෝලීය සිතියම තුළ කැපීපෙනීම අපට ගෞරවයක්. මෙම සම්මානය ශ්රී ලාංකේය සංචාරක කර්මාන්තය නිවැරදි දිශාවට ගමන් කරන බවට සහතිකයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රීලංකන් ගුවන් සේවය 2021 ඔක්තෝම්බර් මාසයේ දී පැරිස් සහ කොළඹ අතර සතිපතා සෘජු සේවා තුනක් නැවත ආරම්භ කිරීමට සමගාමීව ‘Say Bonjour to Paris’ ප්රචාරණ ව්යාපාරය නිර්මාණය කරන ලදී. ශ්රීලංකන් ගුවන් සමාගම වසර හයක විරාමයකින් පසු නැවත පැරීසියට මෙහෙයුම් සිදු කළ අතර, ගුවන් ගමන් නැවත ස්ථාපිත කිරීම ගුවන් ගමන් ජාලයේ දිගුකාලීන පැවැත්මට සහ සෙසු ජාලයට එම මාර්ගය ලබාදෙන දායකත්වය අතිශය වැදගත් විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සමාගමේ අලෙවි ප්රධානී, සමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය, “අපිට අඛණ්ඩව සිව්වන වසරටත් මෙම කිරුළ ආරක්ෂා කර ගැනීමට හැකි වුණා. ශ්රීලංකන් කළමනාකාරිත්වය, අපගේ වටිනා හවුල්කරුවන්, මගේ කණ්ඩායම විසින් මේ සඳහා ලබා දුන් දිරිගැන්වීම් සහ සහයෝගයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම අපගේ නිර්මාණාත්මක ආයතනය වන Wunderman Thompson, ආයතනයත් මේ අවස්ථාවේ සිහිපත් කරන අතර ඔවුන් නොමැතිව මෙම ජයග්රහණ ලබා ගැනීම අපහසු වනු ඇත. ” යනුවෙන් හෙතෙම පැවසීය.
මෙම ප්රචාරණ ව්යාපාරයේ අරමුණ වූයේ තමන් මින් පෙර කිසිදා නොපැමිණි නව ගමනාන්තයක් නැරඹීමට සංචාරකයින් උනන්දු කරවීමත් , මේ වන විටත් එම ගමනාන්තය හුරුපුරුදු සංචාරකයින්ගේ සිත් තවඳුරටත් ඇඳ බැඳ තබා ගැනීමයි. පැරිස් කලාභවන 1000කට අධික නිර්මාණ ප්රමාණයකින් යුත් කලා පුරවරයක් ලෙස පිළිගන්නා බැවින් මෙම ප්රචාරණ ව්යාපාරය තුළ එම කලාවන් නිරූපනය වීමත් ඒවා ගවේෂණය කිරීමට කැමැත්තක් ඇතිවන අයුරින් නිර්මාණය කර තිබේ. එසේම 'සිලෝන්' සංචාරක ගමනාන්තයක් ලෙස මෙහිදී නිරූපණය කර තිබේ.
PATA Gold Awards 2022 සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අනෙකුත් ශ්රී ලාංකික ආයතන දෙක වන Jetwing Hotels සහ Cinnamon Hotels and Resorts යන හෝටල්වලට සහ එහි වටිනා සත්කාරක හවුල්කරුවන්ටද ශ්රීලංකන් ගුවන් සේවය සුබ පැතුම් පිරිනමයි.
October, 24, 2022
Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials™) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී. 2022 සැප්තැම්බර් 06 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති Great Place to Work® in Sri Lanka සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම නිල වශයෙන් හිමි විය. ශ්රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන බලපත්රලාභී මූල්ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance මෙරට තරුණ පරපුරට ආකර්ෂණීය රැකියා ස්ථානයක් බවට පත්කරමින්, ඔවුන්ට මූල්ය සේවා ක්ෂේත්රය තුළ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට අත්වැලක් වීමට සමාගමේ කළමනාකාරීත්වයේ දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව මෙමගින් තහවුරු වෙයි.
“මෙරට මිලේනියල් පරපුරට රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් ඇගයීමට ලක්වීම අප ලැබූ ගෞරවයක්. බාහිර අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක පවා තරුණ පරපුරට වැඩි වැඩියෙන් අවස්ථාව ලබාදීමට අප දැරූ උත්සාහයන් ඵල දරා තිබෙන බව මින් පැහැදිලි වනවා. එමෙන්ම මේ වනවිට අප දිවයින පුරා අපගේ ව්යාපාර කටයුතු ව්යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන නිසා, මෙය තරුණ පරපුරට විශිෂ්ට රැකියා සම්ප්රදායක් ඇති සමාගමක් හා එක්වී මූල්ය සේවා ක්ෂේත්රයේ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් වේවි.” Mahindra IDEAL Finance සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ආරම්භයේ සිටම, ‘වටිනාම ප්රාග්ධනය වන්නේ මානව ප්රාග්ධනයයි’ යන මූලික සත්යය අවබෝධ කරගනිමින්, කරුණාවන්ත සහ විශ්වාසවන්ත සේවා යෝජකයෙකු බවට පත්වීමට Mahindra IDEAL Finance උත්සාහ කළේ ය. විශේෂයෙන්ම COVID-19 කාලසීමාව ඇතුළුව සෑම අවස්ථාවකදීම, රැකියා ස්ථානයේදී මෙන්ම නිවසේදීත් සිය කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සෞඛ්යය සෑම විටම ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට සමාගම විසින් පියවර ගන්නා ලදී. එමෙන්ම කෙටි කාලයක් තුළ පෞද්ගලික සහ වෘත්තීය දියුණුව සඳහා උපරිම අවස්ථා සැලසෙන, කාර්ය සාධනය පදනම් කරගත් රැකියා සම්ප්රදායක් පවත්වාගෙන යාමටත් සමාගම කටයුතු කර ඇති අතර, සෑම සාමාජිකයෙකුටම හා සාමාජිකාවකටම ආයතනය තුළ නිසි නිසි වටිනාකම හිමි වේ. Mahindra IDEAL Finance සමාගම රටේ ප්රමුඛතම සහ වේගයෙන්ම වර්ධනය වන මූල්ය සමාගමක් බවට පත්කිරීමට මෙම සාමාජික සාමාජිකාවන් දක්වන දායකත්වය කෙතරම්ද යන්න සමාගම හොඳින් හඳුනයි.
Best Workplaces for Millennials™ in Sri Lanka 2022 ලැයිස්තුව සකස් කිරීමේදී Great Place to Work® හි ඒ සඳහාම විශේෂ වූ නිර්ණායක පදනම් කරගන්නා ලදි. මෙහිදී Trust Index© සේවක සමීක්ෂණ ක්රමවේදය සහ Culture Audit© මානව සම්පත් විශ්ලේෂණ රාමුව සමග Great Workplace ගෝලීය සුදුසුකම් ලැබීමේ ක්රියා පටිපාටියද යොදාගැනිණි. මෙම අධ්යයනයේදී 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා 85% ප්රතිචාර අනුපාතයක් යටතේ ශ්රී ලංකාවේ ආයතන 160 කට වැඩි ප්රමාණයක සේවක සේවිකාවන් 72,350 ක් වෙතින් ප්රතිචාර විමසන ලදී. මිලේනියල් පරම්පරාවට අයත් 20,000 කට අධික පිරිසක් මෙම නිර්නාමික සමීක්ෂණයට ප්රතිචාර ලබාදීමට ඉදිරිපත් වූහ. මෙහිදී අදාළ ආයතන වල කාර්ය මණ්ඩලයෙන් 20% කට වැඩි ප්රතිශතයක් මිලේනියල් පරම්පරාවට අයත් සාමාජික සාමාජිකාවන් විය යුතු වූ අතර, ඒ අතරින් සේවායෝජකයා පිළිබඳව 70% කට වැඩි යහපත් ප්රතිචාර අනුපාතයක් වාර්තා විය යුතු විය. එමෙන්ම සහයෝගීතාව, රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව, වයස අනුව වෙනස්කොට සැලකීම් නොකිරීම, අර්ථවත් රාජකාරි කටයුතු වල නියැළීමට හැකි වීම, යහපත් වෙනස්කම් වෙනුවෙන් කැපවීමට මෙන්ම සමාජයේ සුභසිද්ධියට හා ආයතනයේ අභිමානයට දායක විය හැකි වීම ඇතුළුව මිලේනියල් පරපුර විසින් අගය කොට සලකනු ලබන ගුණාංග අනුව ඉහළ ලකුණු ලබා ගත් සමාගම හා ආයතන වලට ලැයිස්තුවේ ඉහළම ස්ථාන හිමි විය.
අඛණ්ඩව වසර 3 ක් ශ්රී ලංකාවේ රාජකාරි කිරීමට සුදුසුම ස්ථාන අතරට එක්වූ Mahindra IDEAL Finance Limited මේ වනවිට මෙරට මූල්ය සේවා ක්ෂේත්රයේ ජනප්රියම සේවායෝජකයෙකු බවට පත්වී සිටී. ඉන්දියාවේ Mahindra and Mahindra Financial Services Limited සමාගම විසින් 2021 වසරේදී IDEAL Finance Limited හි ප්රධාන කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග සමාගමේ සේවාවන් දිවයින පුරා ව්යාප්ත කිරීමේ වේගවත් වැඩසටහනක් ආරම්භ කරන ලද අතර, එහිදී තරුණ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා රාශියක් උදා විය. මෙම වෙනසත් සමග සමාගමට දැවැන්ත ජාත්යන්තර මූල්ය සමාගමක පිටුබලය හිමි වූ නිසා Fitch Ratings විසින් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ මට්ටමට උසස් කරන ලදී.
Video Story