September, 27, 2022
ජපාන විදේශ අමාත්යවරයාගෙන් ජනපතිට සහතිකයක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්යවරයා පැවසීය.
පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්යාවශ්ය එම ව්යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපෙක්ෂා කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ,ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවය.
මෙහිදී ජපාන විදේශ අමාත්යවරයා පවසා සිටියේ, ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් ශ්රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බවයි.
2023 වර්ෂයට ශ්රී ලංකාවේ පුහුණු ශ්රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවද විදේශ අමාත්යවරයා කරුණු දක්වමින් කියා සිටියේය.
ජාත්යන්තර කටයුතුවලදී ජපානය ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්ය සාමාජිකත්වය දැරීමට ජපානය හා ඉන්දියාව ගෙනයන උත්සාහයට සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාපධිපතිවරයගේ එම ප්රකාශය පිළිබඳ ප්රශංසා කළ ජපාන විදේශ අමාත්යවරයා ලෝක වේදිකාවේ ආසියාවේ නියෝජනය පුළුල් කළ යුතු බව තවදුරටත් අවධාරණය කර සිටියේය.
September, 27, 2022
කර්මාන්ත ප්රමිතීන් සකස් කිරීම හා නියාමනය මෙන්ම SLS ප්රමිති සහතික නිකුත් කිරීමේ ජාතික ආයතනය වන ශ්රී ලංකා ප්රමිති ආයතනය (SLSI) සිය කාර්ය භාරයෙහි වැදගත් කම අවබෝධ කර ගනිමින් මෙරට ආර්ථිකයේ කො`දු නාරටිය වන සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් වෙත සිය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනු ලබයි. එහි දැවැන්ත පියවරක් ලෙස 2021 සැප්තැම්බර් මාසයේ සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් 1000කට අධික පිරිසක් වෙත පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු හා පුහුණු සැසි විශාල ප්රමාණයක් ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවේ සමස්ත ජාතික ආර්ථිකයේ උනන්තිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි.
ශ්රී ලාංකේය ව්යවසායකයන් වෙනුවෙන් ක්රියාත්මක කළ මෙම සියලූ වැඩසටහන්හි අරමුණ මෙරට පාරිභෝගිකයා වෙත වෙළෙ`දපොල විශ්වාසය හා පිළිගැනීම ලබා දීමට අවැසි උසස් තත්වයේ නිෂ්පාදන හා සේවාවන් ලබා දීම සහ ඒවා පාරිභෝගිකයා වෙත ලබා දීමට අවශ්ය ම`ග පෙන්වීම හා ඒ වෙනුවෙන් අවශ්ය සහයෝගය ලබා දීමයි. විශේෂයෙන් එහිදී පාරිභෝගික ආරක්ෂාව හා ඉහළ ව්යාපාර කාර්ය සාධනය වෙනුවෙන් ගුණාත්මකභාවයේ සහ ප්රමිතිකරණයේ වැදගත්කම පිළිබ`ද ව්යවසායකයින් දැනුවත් කිරීම කෙරෙහිද අවධාරණය කරන ලදී. ඔවුන්ගේ සහයෝගයෙන් පවත්වනු ලැබූ විවිධ පුහුණු සැසි හා වැඩසටහන් හරහා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ජාත්යන්තර තත්වයන්ට අනුකූලව නිෂ්පාදන සිදු කිරීමේ සහ සේවා සැපයීමේ වැදගත්කම පිළිබ`දවද අවදානය යොමු කළ අතර ඒ තුළින් ජාත්යන්තර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ වෙළෙ`දපොල තව දුරටත් ඉහළ නංවා ගැනීමටත්, වෙළෙ`දපොල හා සම්බන්ධවීමට හැකි ආකාරය පිළිබ`දවත් දැනුවත් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්/ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය ‘‘අපගේ පාරිභෝගිකයින්ගේ වගේම ව්යවසායකයන්ගේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා. පාරිභෝගිකයින්ට පිළිගත හැකි උසස් තත්වයේ නිෂ්පාදන හා සේවා සහතික කිරීම තුළින් ව්යාපාරයන්ට පාරිභෝගිකයින් අතර නමක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ජාත්යන්තර වෙළෙ`දපොලේ නමක් දිනා ගෙන සිටින ශ්රී ලංකාවටද ඒ තුළින් කීර්තියක් අත්කරගත හැකියි. අප වර්තමානයේදී අත්වි`දින අභියෝග සම`ග ජාත්යන්තර වෙළෙ`දපොල ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ශ්රී ලංකාවට දිගු කාලීන ප්රතිලාභ හා ස්ථාවරභාවය සහතික කිරීමට ඇති හො`දම ක්රමය වන්නේ ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල උසස් තත්වයේ අපනයන භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම හො`දම ක්රමය ලෙසයි අපි දකින්නේ. ශ්රී ලංකා ප්රමිති ආයතනය ලෙස අපි අපගේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසාකයින්ට සහාය වීම මෙන්ම ඔවුන්ට අනාගත තිරසාර" ශක්තිමත් වර්ධනයක් සහතික කිරීම ස`දහා මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා’’ යනුවෙන් පවසා සිටියාය.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු, පුහුණු වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ව්යවසායකයින්ට ඉතා වැදගත් වන Vidatha, GMP, ISO 9001, ISO 22000, HACCP, SLS ආදී පද්ධති සහතික කිරීම ඇතුළු ක්ෂේත්ර රැසක් අනාවරණය කරනු ලබයි. SLS සහතිකරණය හා කාබනික සහතිකකරණය යන පද්ධති සහතික කිරීමද මීට ඇතුළත් වේ. ඒ ස`දහා අවශ්ය පරීක්ෂණ, ප්රමිතිකරණය, ආනයන - අපනයන පරීක්ෂාව සහ වෙනත් තීරණාත්මක අවශ්යතා වැනි ක්ෂේත්රද මේ තුළින් ආවරණය කිරීමට විශේෂත්වයකි.
පසුගිය වසර තුළ ආහාර" කෘෂිකර්මාන්තය" රෙදිපිළි හා ඇ`ගලූම් වැනි කර්මාන්තයන්හි සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්රියාත්මක කළ ශ්රී ලංකා ප්රමිති ආයතනය ඉදිරියේදී වෙනත් කර්මාන්තයන්හි ව්යවසායකයන්ද ඒ වෙත එක් කර ගැනීමට කටයුතු කරගනිමින් සිටින්නේ එම ප්රතිලාභ ඔවුන් වෙත ලබා දීමේ අරමුණෙනි. ශ්රී ලංකා ප්රමිති ආයතනයේ මෙම වැඩපිළිවෙල වෙනුවෙන් දිවයින පුරා පිහිටි දිස්ත්රික් ලේකම් කාර්යාල, කුඩා ව්යාපාර සංවර්ධන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව මෙන්ම ප්රාදේශීය ස්වේච්ඡd සේවකයන්ගේ සහයෝගයද නොඅඩුව හිමි විය.



September, 27, 2022
මෙරට රත්රං මිල ගණන් ක්රමිකව පහළ බසින ප්රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්රං මිල ගණන්වල පහළ යාමක් අද (27) දිනයේ දීද වාර්තා වී ඇත.
මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට් 24 රත්රං පවුමක මිල රු. 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.
පසුගිය අප්රේල් මාසයේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්රං පවුමක මිල රු. 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
September, 27, 2022
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම ක්රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්රාමාත්ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්යන්තර වෙළඳ කාර්යාලයක් විවෘත කරන බව ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිංගප්පූරු අග්රාමාත්යවරයා දැනුවත් කළේය.
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්රසාදය පළ කළ සිංගප්පූරු අග්රාමාත්යවරයා තවදුරටත් ප්රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, සිංගප්පූරු අග්රාමාත්යවරයාට මෙහිදී ආරාධනා කළේය.
ඡායාරූපය - 2018 වසරේ දී සිංගප්පූරු - ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා අත්සන් තැබූ අවස්ථාව. එවකට සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම මහතා සහ සිංගප්පූරු ජනරජයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්ය එස්. ඉස්වරන් යන මහත්වරුන් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.
September, 27, 2022
ශ්රී ලංකා පාර්ලිමේන්තුව සහ කොළඹ විශ්වවිද්යාලය හා ඒකාබද්ධව ඉතිහාසයේ ප්රථම වරට පාර්ලිමේන්තු කටයුතු හා ක්රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක් ආරම්භ කොට තිබේ.
පසුගිය 16 වැනිදා කොළඹ විශ්වවිද්යාලයේදී පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව පැවති අතර එහිදී සමාරම්භක මුඛ්ය දේශනය පවත්වන ලද්දේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසිනි.
කොළඹ විශ්වවිද්යාලයේ දේශපාලන විද්යා සහ රාජ්ය ප්රතිපත්ති අධ්යයනාංශයේ අවසන් වසර විද්යාර්ථීන්ගේ අධ්යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම්තුමා සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් විසිනි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුව විශ්වවිද්යාලයක් හා එක්ව මෙවැනි ශාස්ත්රීය පාඨමාලාවක් ආරම්භ කරන ප්රථම අවස්ථාව මෙයයි.
මෙම පාඨමාලාව මඟින් ප්රජාතන්ත්රවාදය හා පාර්ලිමේන්තු ක්රමවේදය, පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක ක්රියාවලිය, පාර්ලිමේන්තු ක්රමයේ විකාශය, පාර්ලිමේන්තු කාරක සභා ක්රමය, පාර්ලිමේන්තුව හා මහජනතාව, මන්ත්රිවරයන් සඳහා වන චර්යාධර්ම, ස්ථාවර නියෝග, මහජන සේවා ක්රියාවලිය සඳහා සහසම්බන්ධ වීම, කාන්තා නියෝජනය, වැනි විෂය ක්ෂේත්රයන් පිළිබඳව විද්යාර්ථින්ට අවබෝධය ලබා දීමට නියමිය. පාර්ලිමේන්තු කටයුතු හා ක්රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා දේශනමාලා හතරක් ද පාර්ලිමේන්තු අධ්යයන චාරිකාවක් ද ඇතුළත් වේ.
පාඨමාලාවෙහි සමාරම්භක අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු, දේශපාලන සහ රාජ්ය ප්රතිපත්ති අධ්යයනාංශයේ අංශාධිපති, ආචාර්ය ප්රදීප් පීරිස්, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරු සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්රධානී සහ නියෝජ්ය මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ අධ්යක්ෂ ව්යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්යක්ෂ සන්නිවේදන එච්.ඊ. ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙම පාඨමාලාව සඳහා කොළඹ විශ්වවිද්යාලය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.
September, 26, 2022
2022.09.17 සිට 2022.09.23 දක්වා කාලය තුළ දී බොරතෙල් මිල ගණන් පහළ යෑමේ ප්රවණතාවක් බෝහෝ දුරට පෙන්නුම් කෙරේ. ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම සහ ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම අනුව වර්ධනය මන්දගාමී වීම හේතුරවෙන් කාලපරිච්ඡේදය ආරම්භයේ දී මිල ගණන් පහත වැටුණි.
කෙසේ වෙතත්, රුසියානු තෙල් සැපයුමෙහි අවිනිශ්චිතතා පිළිබඳ වෙළඳපොළ අවධානය යොමු කිරීම, චීනය වෙතින් වූ ඉල්ලුම ඉහළ යෑම සහ එංගලන්ත මහ බැංකුව විසින් බලාපොරොත්තු වූවාට වඩා අඩු වේගයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් කාලපරිච්ඡේදය අවසානය වන විට මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගියේය. සමස්තයක් ලෙස, සලකා බලන කාලපරිච්ඡේදය තුළ දී, බ්රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ගණන්, පිළිවෙලින් එක්සත් ජනපද ඩොලර් 1.68කින් සහ එක්සත් ජනපද ඩොලර් 2.22කින් පහළ ගියේය.
ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල සැප්තැම්බර් 23වන දිනට දැක්වුනේ ඇමරිකානු ඩොලර් 90.69ක් ලෙසයි. එම මීල මෙම වසරේ ජූනි මාසයේ දී වාර්තා වූයේ එක්සත් ජනපද ඩොලර් 117.29 ක් ලෙසයි.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

September, 26, 2022
ශ්රී ලංකාවේ වඩාත්ම MSME හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්යවසායකයින්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු කළේය.
2020 දී කොවිඞ්-19 වසංගතය ආරම්භ වීමත් සමඟ දියත් කරන ලද මෙම වැඩසටහන මගින් දිවයින පුරා සිටින තෝරාගත් ව්යවසායකයින් 100 දෙනෙකුට ඔවුන්ගේ ප්රාග්ධන අවශ්යතා සඳහා රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙනු ඇත. HNB නියෝජ්ය සාමාන්යාධිකාරී CTO/තිරසාර පදනමේ ප්රධානී එල්. චිරන්ති කුරේ, HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්යාධිකාරී, ක්ෂුද්ර මූල්ය, විනෝද් ප්රනාන්දු, HNB සහකාර සාමාන්යාධිකාරී - SME, ඉන්ද්රවාසන් කයිලයිවාසන් සහ HNB අලෙවි අංශයේ ප්රධානී, උපුල් අදිකාරී යන මහත්ම මහත්මීන් මෙම ප්රදානය කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට සහභාගී විය.
”MSMEs යනු ශ්රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටියයි. විවිධ කර්මාන්තවල රැකියා අවස්ථා ලබා දෙන ව්යවසායකයින් ලක්ෂ පහකට වැඩි සංඛ්යාවක් අප සතුව සිටිනවා. පළමුව වසංගතයෙන් ද දැන් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන්ට අත් විඳීමට සිදු වූ දුෂ්කරතාවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමත් ආධාර උපකාර කිරීමටත් හැකි වීම සැබවින්ම සාධාරණ යැයි අප විශ්වාස කරනවා. MSME සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති බැංකුවක් ලෙස, මෙවැනි දුෂ්කර කාලවලදී හැකි ඕනෑම ආකාරයකින් ඔවුන්ට අඛණ්ඩව සහයෝගය දැක්වීමට අප බලාපොරොත්තු වනවා.’’
2020 දී බැංකුව මෙහි පළමු අදියර යටතේ ක්ෂුද්ර මූල්ය ගනුදෙනුකරුවන් 117 දෙනෙකුට මූල්ය පහසුකම් සැපයූ අතර පසුව 2021 දී දෙවන අදියර යටතේ 83 දෙනෙකුට මූල්ය පහසුකම් සලසා ඇත. මෙම ව්යාපෘතියේ තුන්වන අදියර යටතේ, HNB මෙම වසරේදී ක්ෂුද්ර මූල්ය පාරිභෝගිකයින් 100 දෙනෙකුට මූල්ය පහසුකම් සලසනු ඇත.
HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් දිවයින පුරා පිහිටි බැංකුවේ ශාඛා ජාලය සම්බන්ධ කර ගනිමින් එහි උපායමාර්ගික අංශ හරහා සමස්ත ආයතනික වගකීම මෙහෙය වනු ලබයි. මෙම පදනම මගින් අධ්යාපනය, සෞඛ්යය, ව්යවසායකත්ව සවිබල ගැන්වීම සහ පාරිසරික යන උපායමාර්ගික ක්ෂේත්ර හතර කෙරෙහි අවධානය යොමු කරයි.
1980 වසරේ සිට ශ්රී ලංකාවේ ව්යවසායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග්රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්ර මූල්ය, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායක (MSME) ක්ෂේත්රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව වේ.


September, 26, 2022
වෙළෙඳ සේවා ආයතන තුළ ශ්රී ලංකාවේ ජාතික ක්රීඩාව වන වොලිබෝල් ක්රීඩාව ප්රවර්ධනය කරන අතරතුර දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීම අරමුණුකොට 2012 වසරේදී ආරම්භකරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය දෙවසරක කෙටි නිහැඬියාවකින් පසු 2022 වසර වෙනුවෙන් පැවැත්වෙන බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් ප්රකාශයට පත්කොට තිබේ. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය නිසා සෞඛ්ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කිරීමට නොහැකිවූ වෙළෙඳ සේවා වොලිබබෝල් තරගාවලිය මෙවර ශ්රී ලාංකිකයන් අසීරුතා රැුසකට මුහුණ දී සිටින මොහොතකදී වුවද සංවිධානය කරනු ලබන්නේ වෙළෙඳ සේවා සාමාජිකයන්ටත් වොලිබෝල් ක්රීඩා රසිකයන්ටත් යම් මානසික සහනයක් ලබාදීමේ අරමුණ ඇතිව බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය පවසයි.
2012 වසරේ කණ්ඩායම් 50 ක සහභාගීත්වයෙන් ඇරඹුණ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසරෙන් වසර දියුණුවෙන් දියුණුවට පත්වූයේ ශ්රී ලාංකීය වොලිබෝල් ක්රීඩා ක්ෂේත්රයේද නව ප්රබෝධයක් ඇතිකරවමිනි. ජාතික වොලිබෝල් නීති රීති රෙගුලාසි වලට අනුකූලව, MAS ක්රීඩා නියෝජ්ය සාමාන්යාධිකාරී චන්දන බණ්ඩාර මහතාගේ නායකත්වයෙන් යුතු සුප්රකට දේශීය සමාගම් රැසක නියෝජිත කණ්ඩායමක සංවිධාන ශක්තියෙන් 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් ක්රීඩා තරගාවලිය සංවිධානය කෙරේ. 2022 වසරේ අගෝස්තු 31 වන දිනට පෙර වෙළෙඳ සේවා ආයතනයන්ගේ සේවා නියුක්තිකයන් මේ වසරේ පැවැත්වෙන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගීවීමට සුදුසුකම් ලබයි.
මේ වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් මූලිකවටයේ තරග 2022 ඔක්තෝබර් මස 22 හා 23 දෙදින ගාල්ල වොලිබෝල් ක්රීඩා සංකීර්ණයේදී සංවිධානය කෙරේ. අවසන් වටයේ තරග නොවැම්බර් 19 හා 20 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ප්රවීණ හා ආධුනික යන තරග කාණ්ඩ 2 යටතේ, දක්ෂතම ක්රීඩකයා හා ක්රීඩිකාව වෙත පිරිනැමෙන රු. 150,000 සහ රු. 100,000 ක මුදල් තෑගි ද තවත් මුදල් තෑගි 16 ක් ද ඇතුළුව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුතු මුදල් තෑගි හා කුසලාන 30කට අධික සංඛ්යාවක් සමග 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සංවිධානය කෙරේ.
අදාල ත්යාග පහත ආකාරයෙන් පිරිනැමේ.

මෙම වසරේ තරගාවලියේ ප්ලැටිනම් අනුග්රාහකයා වශයෙන් මාස් (MAS) හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමත්, බ්රැන්ඩික්ස්, ලංකා ටයිල්ස් සහ එක්ස්පෝ ලංකා (EFI) යන සමාගම් රන් අනුග්රාහකයන් ලෙසත්, ශී්ර ලංකා ටෙලිකොම්, ඔමේගා ලයින්, ඕෂන් ලංකා, මැලිබන් බිස්කට් සහ ලින්ක් නැචුරල් ප්රඩට්ස් යන සමාගම් රිදි අනුග්රාහකයන් ලෙසත් කටයුතු කරයි.
එදා මෙදාතුර පැවැති වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතා තරගමාලාවන් නිසා ශ්රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත්වූ ක්රීඩක ක්රීඩිකාවන් රැුසකි. සම්ප්රදායක ලෙස වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් වොලිබෝල් ජාතික ක්රීඩාවේ උන්නතිය උදෙසා වෙහෙසුණු දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් තෝරාගනිමින් ඔවුන් වෙත පහසුකම් සැලසීම මේ වසරේදීද ක්රියාත්මක කරනු ලබයි.
තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම 2022 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදාට පෙර සිදු කළ යුතු අතර වැඩි විස්තර 0710 682 682 (චන්දන) හෝ 0765 498 086 (තාරා) අංක වෙතින් හෝ www.mva.lk වෙත පිවිසීමෙන් හෝ mvasrilanka@gmail.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දැනගත හැකිය.
September, 26, 2022
අද (26) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.59 ක කඩා වැටීමක් වාර්තා කළේය.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,844.21 ක් ලෙස වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.11 කින් පහළ ගොස් ඒකක 3,156.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය.
එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබුණි.
අද දින සමාගම් 4කින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.71 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 78.41 ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 60.63 ක් හා රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. මිලියන 29.31 ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.
මීට අමතරව ලංකා IOC රු. මිලියන 464.01 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 346.17 ක් ACL කේබල්ස් රු. මිලියන 163.77 ක් හා රේනුකා ඇග්රි ෆුඩ්ස් රු. මිලියන 160.04 ක් ලෙසින් සාමාන්ය ගනුදෙනු හරහා දෛනික පරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, වැලිබල් වන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.

September, 26, 2022
මෙරට භාවිතයේ පවතින සක්රීය ක්රෙඩිට් කාඩ්පත් ප්රමාණය පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කර නවතම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව 2022 ජූලි මාසය අවසන් වන විට මෙරට භාවිතයේ පැවති 1,965,745 ක්වූ සත්රීය ක්රෙඩිට් කාඩ්පත් ප්රමාණය 1,963,705 ක් දක්වා කාඩ්පත් 2,040 කින් අඩු වී ඇත.
කෙසේවෙතත් මෙම කාලය තුළ දී මෙකී ක්රෙඩිට් කාඩ් සඳහා හිඟව ඇති මුළු මුදල් ප්රමාණය රු. බිලියන 132.72 සිට රු. බිලියන 135.94 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

Video Story