• Ada Derana BIZ Sinhala
  • Diva
  • sri lanka

දීවා ෆ්‍රෙෂ්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛතම 3-in-1 රෙදි සෝදන විසඳුම

September, 2, 2022

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛතම සන්නාමයක් වන දීවා, අද්විතීය රෙදි සේදුම් විසදුම් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතට ලබා දීමට වසර ගණනාවක් පුරාවට කැපවී සිටියි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ හද ගැස්ම හදුනන දීවා, නවීන තාක්‍ෂණය යොදා ගෙන  නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන අතර දීවා ෆ්‍රෙෂ් 3-in-1 හෙවත් දීවා ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය යනු එක් පිරිනැමීමකින් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ තුනක් ලබා දෙමින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන පෙළකි.

දීවා ෆ්‍රෙෂ් 3-in-1වල ඇති  පර්ෆියුම් මැජික් මගින් දිගු කල් පවතින සුවඳක් ලබාදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සමගින් ඇඳුම් වඩාත් හොදින් පිරිසිදු කර එහි ඇති ඔප්ටිකල්  බ්‍රයිට්නර්ස් ඇදුම්වලට දීප්තියක් ලබා දෙයි. සුවද වර්ග කිහිපයකින් සමන්විත  දීවා ෆ්‍රෙෂ් 3-in-1, රෝස, පර්පල් ලෝටස් හා ලැවෙන්ඩර්, අරලිය, ජැස්මින් සහ සේපාලිකා යන ප්‍රභේදයන්ගෙන් වෙළදපොළට සපයා ඇත.

දීවා, අද වන විට පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් නිර්මාණය අඛණ්ඩව සිදු කරන අතර,  3-in-1, ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය පිරි නැමීම තුළින් ඒ බව තහවුරු කරයි. දීවා, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ආදරය දිනාගත් සන්නාමයක් පමණක් නොව ජනතාවගේ රෙදි සේදීමේ අවශ්‍යතා මැනවින් අවබෝධ කර ගැනීම පිළිබඳව ද සාක්ෂි දරයි. දීවා ෆ්‍රෙෂ් 3-in-1 දිවයින පුරා පිහිටි අලෙවිසැල්වලින් සහ හේමාස් E-store වෙතින් අන්තර්ජාලය හරහා මිල දී ගත හැකිය. (https://hemasestore.com/brand/diva/)

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • CSR
  • SME Banking
  • sri lanka

සමාජ සත්කාරක ව්‍යාපෘති සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය සඳහා මෙරට වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස යුරෝමනි කොමර්ෂල් බැංකුව තෝරාගනී

September, 2, 2022

කීර්තිමත් යුරෝමනි සඟරාව විසින් පැවැත්වූ 2022 වෙළෙඳපොළ නායකයින් ඇගයීමේ වැඩසටහනේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය වෙනුවෙන් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන ‘ආයෝජන බැංකුකරණය’ සහ ‘ඩිජිටල් විසඳුම්’ වෙනුවෙන්ද ඉහළම ඇගයීමක් ලබාදීම කැපී පෙනේ.

මෙම සමාරම්භක සම්මාන වැඩසටහනේදී මෙම අංශ හතරට අදාළව බැංකුවේ සාර්ථකත්වය ජාතික මට්ටමෙන් ඇගයීමට ලක්කර තිබෙන අතර යුරෝමනී සඟරාව විසින් දැනටමත් ප‍්‍රදානය කරන යුරෝමනී සහ ඒෂියාමනී සම්මානවලට අමතරව මෙම සම්මාන වැඩසටහන ආරම්භ කර තිබේ.

‘මේ ආකාරයේ ඇගයීමේ වැඩසටහනක් ඉතාමත් ආකර්ශනීයයි. ඒකට හේතුව වන්නේ සම්මාන ලබාදීමේදී සිදුකරන ඇගයීමකට වඩා ඔබ්බට වර්ගීකරණය කිරීමේ ක‍්‍රමවේදයක් මෙහිදී භාවිතා කිරීමයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘මෙහිදී, බහුවිධ ආයතන වලට විවිධ කාර්යසාධන අංශ වලින් ශ්‍රේණිගත වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ තුළින් අඩු මට්ටමක වර්ගීකරණයක් ලැබූ ආයතනවලට ඉහළ වර්ගීකරණයක් කරා යෑමට දිරියක් ලබාදෙනවා. සමාජ සත්කාරක ව්‍යාපෘති සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය යන අංශ වලින් ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස නම් වීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. මෙම අංශ දෙකට කොමර්ෂල් බැංකුව ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබා දෙනවා.’

මෙහිදී, කොමර්ෂල් බැංකුවට 2021 වසරේදී සිදුකළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රජා, සංස්කෘතික සහ ජාතික උරුමය මෙන්ම පාරිසරික ව්‍යාපෘති 600 කට වැඩි සංඛ්‍යාවක් ඇගයීමෙන් පසුව සමාජ සත්කාරක ව්‍යාපෘති යන අංශයේ ‘වෙළෙඳපොළ ප‍්‍රමුඛයා’ යන වර්ගීකරණය ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුව විසින් ‘බිස් ලෝන්’ සහ ‘ඇග‍්‍රි ගෝල්ඞ් ලෝන්’ යන ණය පහසුකම් මගින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතාවය නැංවීමේ වැඩසටහන් මගින්, ව්‍යවසායිකාවන්ට සහයෝගය ලබාදීමේ වැඩසටහන් මගින්, අඛණ්ඩවම ‘බෑන්ක් ඔන් වීල්ස්’ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම මගින් සහ කොවිඞ්-19 සහාය ණය ලබාදීම මගින් දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යපාරික ක්ෂේත‍්‍රය නගා සිටුවීමට සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම වර්ගීකරණයේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණයේදී වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස නම් කර තිබේ.

බැංකුව විසින් පාරිභෝගිකයින්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වර්ධනය කිරීම වෙනුවන් හඳුන්වා දුන් නව්‍ය වූ ඇප්, පහසුකම් සහ පද්ධති ඇගයීමට ලක්කරමින් මෙහිදී එම අංශ සඳහා ඉහළම ඇගයීමක් ලබාදී තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් සිදුකර තිබෙන ප‍්‍රධාන ආයෝජන බැංකුකරණ ව්‍යාපෘති අතරට ප‍්‍රමුඛ ලයිස්තුගත සමාගමක් සඳහා රුපියල් බිලියන 10 ක ණය සම්පාදනය කිරීම, සෞඛ්‍ය අංශයේ සිටින පාරිභෝගිකයෙකුට රුපියල් බිලියන 02 ක මූල්‍ය පහසුකම් ලබාදීම, මෙගාවොට් 08 ක විදුලිය ධාරිතාවයක් උත්පාදනය කිරීමට හැකි පොලොව මත සිදුකරන සූර්ය විදුලි ව්‍යාපෘති හතරක් සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම 2021 වසරේදී කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුව මගින් රුපියල් බිලියන 8.595 ක අරමුදල් රැස්කිරීම ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • vivo

Counterpoint වාර්තාවට අනුව 2022 දෙවන කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට

September, 2, 2022

Counterpoint Research හි ජුලි 27 වන දින නිකුත් කරන ලද Market Pulse වාර්තාවට අනුව 2022 දෙවන කාර්තුවේදී 19.8% ක වෙළඳපල කොටසක්  සමඟ vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට පැමිණ ඇත. ගෝලීය සහ දේශීය ප්‍රවේශයක් අනුගමනය කරමින් vivo විසින් දේශීය සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ළගා කොටගෙන ඇති අතරම ලොව පුරා ව්‍යාප්ත වෙමින්ද පවතී. වර්තමානය වන විට, vivo සිය විකුණුම් ජාලය රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් සහ කලාප දක්වා විහිදුවා ඇති අතර විවිධ මිල කාණ්ඩ හරහා ලොව පුරා මිලියන 400 කට අධික පරිශීලකයින් සඳහා සේවා සපයයි.

2022 දෙවන කාර්තුවේ විකුණුම් ප්‍රතිඵලය පිළිබඳව සිය අදහස් දක්වමින් vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා පැවසුවේ, vivo හි විවිධත්වයෙන් යුත් නිෂ්පාදන හේතුවෙන් වෙළඳපල තුල සිය නායකත්වය පවත්වාගනිමින් වෙළඳපොලේ හොඳ කොටසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවයි. සන්නාමය, එහි ධනාත්මක සන්නිවේදන ක්‍රියාවලියන් සහ කලාපීය වශයෙන් පවතින නව්‍ය උපාය මාර්ග හේතුවෙන් මෙම ප්‍රතිඵලය අත්පත් කරගෙන ඇති බවත් එසේම vivo හි අයවැය හිතකාමී නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම තරුණ පාරිභෝගිකයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ය.

නවෝත්පාදන සහ තාක්‍ෂණය සිය හරය ලෙස හඳුනාගත් සන්නාමයක් ලෙස,  vivo සිය නොනවතින ගමන්මග ඔස්සේ කලාපීය වශයෙන් විහිදී සිටින සිය පාරිභෝගිකයින්ගේ ආදරය සහ සහයෝගයට පාත්‍ර වී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • sri lanka

ඩිජිටල් කුසලතා සංවර්ධනය උදෙසා Huawei විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

September, 2, 2022

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී.  මේ හරහා  විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර පුහුණු වීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, Huawei විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ Huawei ICT ඇකඩමියක් සහ ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීමට ද අපේක්ෂා කරයි.  මෙම ගිවිසුම දේශීය තාක්ෂණික කුසලතා පද්ධතිය ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ දියුණුව සඳහා දායක වනු ඇත.

Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් එහි  ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය තිලක්සිරි බණ්ඩාර මහතා, රෙජිස්ට්රාර් අනුරුද්ධ වැලිවිට මහතා, ඉංජිනේරු පීඨයේ  හිටපු පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා,  HoD, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ආචාර්ය නිශාන් ධර්මවීර මහතා, ආචාර්ය චමිත ද අල්විස් මහතා, පරිගණක ඉංජිනේරුකරණ අංශයේ ආචාර්ය රන්දිම දිනලංකාර මහතා,  පරිගණක ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය විජේනායක මහතා, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ කථිකාචාර්ය සඳුන් විජයරත්න මහතා සහ Huawei නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Liam Nixiaopeng මහතා, අධ්‍යක්ෂ ව්‍යවසාය විසඳුම් නදුන් ගුණවර්ධන සහ ඉංජිනේරු සුපුන් ඉඳුරුව මහතා සහභාගී විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව ගොඩ නැගීමට යෝජිත ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාරය,  උපාධි පර්යේෂණ සඳහා වඩාත් සංවර්ධිත පහසුකම් සපයන අතර කාර්මික අවශ්‍යතා සඳහා විසඳුම් සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තාක්ෂණ පිළිබඳ සහතික කිරීමේ පාඨමාලා සංවිධානය කිරීමට අවස්ථාව සපයයි. මේ පිලිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙලෙස පවසා සිටියි. "ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාල වලින් එකක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා සහ දැනුම සමඟින් සවිබල ගැන්වීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙස මා දකිනවා. අපි Huawei වැනි ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම්  සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින්, වේගයෙන් වෙනස් වන තාක්‍ෂණයන්ට අනුකූලව ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන්ට හොඳම තාක්‍ෂණ භාවිතයන් සහ ගෝලීය අත්දැකීම් සඳහා අවශ්‍ය නිරාවරණය ලබා දීමට මෙවන් ආකාරයේ සහයෝගීතා ගිවිසුම් හරහා හැකි වෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා මෙලෙස පවසා සිටියි.  "ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජාතික විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ හරහා  දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සවිබල ගැන්වීම තුලින් ඩිජිටල්කරණය හරහා දේශීය ආර්ථිකයන් නගා සිටුවීමට අප ක්‍රියා කරනවා.  මෙම හවුල්කාරිත්වය තුළින් අනාගත පරම්පරාවන්ට ඩිජිටල් පරිවර්තන ගමනට නායකත්වය දීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි අපි උසස් තාක්ෂණික කුසලතා වලින් සිසුන් සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා."

විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ කුසලතා සහ උපාධිධාරීන් සම්බන්ධයෙන් ව්‍යාපාරික අපේක්ෂාවන් අතර පරතරය අවම කිරීම සඳහා Huawei කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.  මෙම පුහුණු ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියා කලාපය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ඉල්ලීම් සහ වෙනස්වන අභියෝගවලට මුහුණ දීම සඳහා උසස් තත්ත්වයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා ලබා දීම අරමුණු කරයි.

Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්‍රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්‍රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • INSEE
  • LMD
  • sri lanka

INSEE  සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවණීය ආයතන අතරට

September, 2, 2022

ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළඳපොළ ප්‍රමුඛයා මෙන් ම එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවණීය සන්නාමයන් අතරට නම් කෙරිණි. A.C.Nielsen  ආයතනය විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ සිදුකරන ලද   සමීක්ෂණවල දත්ත මත මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර, එමගින්  INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟාගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේ, " 2022 වසරේ වඩාත් ම ගෞරවණීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට අපගේ ගුණාත්මක නිෂ්පාදන වගේ ම එමගින් අප ගොඩනඟාගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවසිය යුතු ම යි. පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් විදියට අපි අපගේ හැකියාවන් ඔප්පු කර තිබෙනවා.  පසුගිය වසර කිහිපය තුළ, විවිධ හේතූන් නිසා  මුහුණපෑමට සිදු වූ අභියෝගාත්මක තත්ත්වයන් තුළ පවා දේශීය ඉදිකිරීම් කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශක්තියක් වීමට අපට හැකියාව ලැබුණා. ඊට අමතරව, මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ විටින් විට මිල ගණන් අස්ථාවර වූ අවස්ථාවල දී පවා, 100% දේශීයව නිපදවන එක ම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා සිමෙන්ති හරහා පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීම නිසා අප කෙරෙහි පැවති  පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය තවත් වර්ධනය වුණු බව පැවසුවොත් නිවැරදි යි. ඒ වගේ ම  INSEE සිමෙන්ති,  LMD සඟරාව විසින් අඛණ්ඩව 11 වරක් 'වසරේ ජනතා නිවාස සහ ඉදිකිරීම් සන්නාමය' ලෙසත්, අඛණ්ඩව 2 වරක් ' වඩාත් ආදරය දිනූ සිමෙන්ති සන්නාමය' ලෙසත් නම් කරනු ලැබීම අප කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය නැවතත් තහවුරු කරනවා. ඒ නිසා ම අපගේ තේමා පාඨය වන ‘ජීවිතය ගොඩනගන’ යන සංකල්පය යතාර්ථයක් කිරීම වෙනුවෙන් අපගේ කැපවීමට මෙම ඇගයීම ඉතා හොඳ උදාහරණයක් බව පැවසිය යුතු ම යි." යනුවෙනි.

මෙරට එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ගෝලීය වසංගත තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය යන අවස්ථා දෙකෙහි දී ම, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීමට කටයුතු කළේ ය. 2021 වසරේ දී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වූ අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම සතියේ දින 7 ම පැය 24 පුරා සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින්, සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 40%කට වැඩි ප්‍රතිශතයක් සපුරාලීමට සමත් වූ අතර, එ මගින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මිල ගණන් ස්ථාවර කිරීමට සහ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දීමට සමත් විය.

INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වීමට බලපෑ ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ අන්‍යෝන්‍ය සහයෝගීතාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, INSEE සිමෙන්ති සමාගම වසර ගණනාවක් පුරා අධ්‍යාපනික හා නවෝත්පාදන සංස්කෘතියක් නිර්මාණය කරමින් එය පෝෂණය කිරීම වෙනුවෙන් ඉමහත් කීර්තියක් ගොඩනඟා ගෙන ඇති අතර, එය INSEE සිමෙන්ති නිෂ්පාදනවල මෙන් ම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද ගුණාත්මක භාවය සහ කාර්ය සාධනය ඉහළ නැංවීමට සෘජුවම දායක වී ඇත.  මේ සම්බන්ධයෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධානතම හඳුන්වාදීම වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත නව නිපැයුම්  හා ප්‍රමිතීන් ප්‍රවර්ධනය සඳහා වූ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය වන 'INSEE i2i සහයෝගීතා අවකාශය' යි. මෑතක දී, INSEE සිමෙන්ති සමාගම SLS 1697 ප්‍රමිතිය තහවුරු කර ගැනීම සඳහා බහුවිධ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳගනු ලැබූ  අතර, එය පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්ට සමාන වේ.

ශ්‍රී ලංකාව තුළ සිමෙන්ති නිෂ්පාදනයේ හා ඉදිකිරීම්වල ගුණාත්මකභාවය මෙන් ම  නවෝත්පාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් පුරෝගාමී ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගම ඒ වෙනුවෙන් පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ආයතනයකි.  ආයතනික පුරවැසියෙකු ලෙස සාමාජීය හා පාරිසරික වගකීම ඉටු කිරීම සඳහා කැපවන INSEE සිමෙන්ති සමාගම එම වැඩසටහන් මගින් 2030 වසර ඉලක්ක කරගත් සිය තිරසාර අභිලාෂයන් විධිමත් කිරීමට සමත් වී ඇත. INSEE සිමෙන්ති සමාගමේ තිරසාර වැඩසටහන් දේශගුණය, බලශක්තිය, ජෛව විවිධත්වය, ජලය සහ ආර්ථිකය යන අංශ මූලික කරගනිමින් ක්‍රියාත්මක වේ.

2030 වසර වන විට සිය තිරසාර අභිලාෂයන් සපුරා ගැනීම වෙනුවෙන් කැප වන  INSEE සිමෙන්ති සමාගම 2020 වසරේ දී සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් සිදුවන කාබන් විමෝචනය 15% කින් අවම කරගැනීමට කටයුතු කිරීම හරහා 'පැරිස් දේශගුණික ගිවිසුමට' සහය දැක්වීම ඇතුළු විවිධ සාමාජීය හා පාරිසරික ඉලක්ක සපුරාලීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වසංගත තත්ත්වය පැවතුණු කාල සීමාව හා ආර්ථික අර්බුදය පුරා වියළි ආහාර බෙදා දීම, වෛද්‍ය සැපයුම් හා උපකරණ පරිත්‍යාග කිරීම, සත්කාරක අවශ්‍යතාවලට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාග කිරීම සහ නව රෝහල් පරිශ්‍ර ඉදි කිරීම සඳහා සිමෙන්ති පරිත්‍යාග කිරීම වැනි සමාජ සත්කාරයන් සිදු කළ INSEE සිමෙන්ති සමාගම ඉන්ජිනේරු උපදේශන සේවා ලබා දීම වැනි උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ද මෙරට වඩාත් පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ සමාගමක්  බවට පත් විය.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka

ආර්ථිකය ස්ථාවර කිරීමට ආර්ථික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒම සහ උද්ධමනය පාලනය කිරීම සිදු කළ යුතුයි – මහ බැංකු අධිපති

September, 2, 2022

  • අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතුයි.
  • ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදීගැනීම සිදු කළ යුතුයි.
  • 14/15 % මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි.
  • ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්වවලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතරද බෙදා හැරීම කළ යුතුයි.

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂාකරගත යුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අඩු ආදායම්ලාභීන් ඇතිවන ආර්ථික අපහසුතා වැඩි වුවහොත් දුප්පත් මිනිසුන් පාරට බැසීම සිදු විය හැකි බවත් ඒ නිසා කලබලකාරී තත්ත්වයන් රට තුළ ඇති විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. එබැවින් වැඩි ආදායම් ලබන සහ අඩු ආදායම් ලබන දෙපාර්ශ්වය අතරම ඇතිවන ආර්ථික අපහසුතාව බෙදී යෑමට සැලැස්වීම මගින් අඩු ආදායම් ලබන පාර්ශ්වවල අසහනය පාලනය කරමින් ආර්ථිකය ස්ථාවර කළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එසේම ණය ලබාගැනීම පාලනය කොට රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන උද්ධමනය පාලනය කොට අපනයන ආදායම වැඩිකර ගැනීම සිදු කළ යුතු බව ද පැවසූ ඒ මහතා රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම වැදගත් බව අවධාරණය කළේය.

මෙහිදී ආනයනය සීමාකිරීම මගින් පසුගිය වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1.3කට අඩු කරගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වීරසිංහ මහතා ඒ මගින් බෙහෙත්, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වර්තමාන රාජ්‍ය ආදායම බිලියන 1.2 පමණ වන බවත් තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය සීමාකිරීම මගින් රාජ්‍ය වියදම පාලනය කිරීමට හැකි නම් එය රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් වැදගත් වන බවත් හෙතෙම පැහැදිලි කළේය.

තවද මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් පසුගිය (31) දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වෙමිනි.

පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

මෙම සංවාදමය කථිකාවට පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුලු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගීවූහ.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහලේකම් ධර්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • IMF
  • sri lanaka
  • Sri Lankan economy

2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් පසුබසින බව මූල්‍ය අරමුදල කියයි

September, 1, 2022

මෙම වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් 2022 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 01 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ආර්ථික ගැලපුම් වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. දූත කණ්ඩායම විසින් සිය සංචාරය අවසානයේ දී අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකාව උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටී. බාහිර කම්පනවලය ඔරොත්තු දීමට ඇති ආරක්ෂණ ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය තත්ත්වය හේතුවෙන් අවදානම් වර්ධනය වී ඇත. අප්‍රේල් මාසයේ දී විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව නැවැත්වීමත් සමඟ ශ්‍රී ලංකාව තම විදේශීය වගකීම් පියවීම කල් දැමූ අතර, තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතින විදේශ සංචිත ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වීම මඟින් ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් අඩාල කළේය. 2022 වසරේ දී ආර්ථිකය සියයට 8.7කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර උද්ධමනය සියයට 60ක් ඉක්මවිය. මෙහි බලපෑම අසමානුපාතික ලෙස දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විසින් දරනු ඇත.“

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • VAT

අද සිට VAT වදින්නේ මෙහෙමයි

September, 1, 2022

ඊයේ (31) නිකුත් කර ඇති 2295/08 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත වන බදු අනුප්‍රමාණය 15% ක් දක්වා ඉහළ නංවා තිබේ.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

  • Ada Derana BIZ Sinhala
  • income
  • sri lanaka
  • tax

ධනයට බද්දක්. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් ඉහළ බදු

September, 1, 2022

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත් ෆිස්කල් ගැලපීම් සිදුකිරීමට නම් බදු ආදායම ඉහළ නංවා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා පවසයි.

මේ අතර මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ දී ධනය මත පදනම් වන බද්ද (Wealth Tax) ගැන සාකච්ඡාවට ගැනුණු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා,

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක. එබැවින් ෆිස්කල් ගැලපීම් සිදුකිරීම සඳහා බදු ආදායම ඉහළ නංවා ගත යුතුයි.

වැඩසටහන යටතේ බදු ප්‍රතිසංස්කරණ ප්‍රගතිශීලී ආකාරයෙන් සකස් විය යුතුයි. එයින් අදහස් වෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් ඊට වැඩි වශයෙන් දායකත්වය ලබා දිය යුතු බව තහවුරු කිරීමට අවශ්‍යයි.

ෆිස්කල් ගැලපීම්වලින් දිළිඳු සහ වැඩි වශයෙන් බලපෑමට ලක්විය හැකි ජන කොට්ඨාශයන්ට විය හැකි බලපෑම අවම කළ හැක්කේ එවිටයි.

බදු නිර්දේශ පැනවීමේ දී ප්‍රගතිශීලී අයුරින් එය ක්‍රියාත්මක වීමට නම්, පුද්ගලික ආදායම් බදු සැලකීමේ දී ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ බදු අනුපාතයක් යෙදවීමෙන් එය කළ හැකියි.

Wealth Tax මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ/ ගිවිසුමේ කොටසක්. එය නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒවගේම එයට සූදානම් වීමට කාලයක් යාවි. එය යෝග්‍ය ආකාරයෙන් නිශ්චිත කාල රාමුවක් යටතේ සකස් විය යුත්තක්.

 

 

 

 

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • IMF
  • sri lanaka

IMF මාණ්ඩලික ගිවිසුම අනුමතයි

September, 1, 2022

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව මාස 48ක් වැඩපිළිවෙලක් යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.