• Ada Derana BIZ Sinhala
  • seylan
  • sri lanaka

සෙලාන් බැංකුවේ රන් ණය පහසුකම හරහා ගනුදෙනුකරුවන්ට වැඩි මුදලක්

August, 23, 2022

  • පිරිසැකසුම් ගාස්තු ද ඉවත් කෙරේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය රන් ණය සේවාව යටතේ වෙළඳපොළේ ඇති හොඳම මිලගණන් තම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට මේ වනවිට පියවර ගෙන ඇත. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ, ජනතාවට හැකි උපරිමයෙන් සහය ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. එමෙන්ම මින් ඉදිරියට ණය පහසුකම් සඳහා අතිරේක පිරිසැකසුම් ගාස්තු අය නොකිරීමට ද බැංකුව තීරණය කර ඇත.

රන් ණය පහසුකම් යනු ඉක්මන් මුදල් අවශ්‍යතා සඳහා අවිධිමත් ක්‍රම වලින් ණය ගැනීම වෙනුවට බොහෝ දෙනෙකු තෝරාගන්නා විශ්වාසනීය ක්‍රමයකි. කිසිදු භේදයකින් තොරව සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයෝ, ඉහළ යන ජීවන වියදම් හමුවේ රන් ණය පහසුකම් ලබාගැනීමට පෙළඹෙති. මෙහිදී තම මුදල් අවශ්‍යතා සඳහා සෙලාන් රන් ණය සේවාව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට, තම රන් භාණ්ඩවල ආරක්ෂාව සහතික වීම සහ සෙලාන් බැංකුවේ සම්මානලාභී, අතිවිශිෂ්ට පාරිභෝගික සේවාව අත්විඳීමට හැකිවීම වැනි අමතර ප්‍රතිලාභ රාශියක් ද හිමි වේ.

දිවයින පුරා විසිරුණු සෙලාන් බැංකු ශාඛාවල සේවය කරන සුහදශීලී කාර්ය මණ්ඩල, ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවකදී ඔවුන්ගේ වටිනා රන් භාණ්ඩ සඳහා ණය මුදලක් ලබාගැනීමට සිය පූර්ණ සහයෝගය පිරිනමයි. රන් ණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ඉහළම වර්ධනය වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම, එම සේවාවේ කාර්යක්ෂමතාවට මෙන්ම ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසයට මනා සාක්ෂියකි.

සමාජය කෙරෙහි වගකීම්සහගත ආයතයනක් වශයෙන් සෙලාන් බැංකුව සෑම විටම, ගනුදෙනුකරුවන්ට ජීවිතයේ දුෂ්කර අවස්ථාවලදී අත්වැලක් වීමට උත්සාහ කරයි. මෙම උත්සාහයේ එක් පියවරක් වශයෙන්, පූර්ව දැනුම් දීමකින් තොරව තම රන් ආභරණ බේරා ගැනීමට සෙලාන් බැංකුව සිය රන් ණය ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම පෝලිම්වල කාලය ගත කිරීම දුෂ්කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුන්ට හැකි ඉක්මනින් සේවය සැලසීමට ද සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය සෑම විටම කටයුතු කරයි.

011 200 88 88 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ https://www.seylan.lk/pawning/gold-loan වෙත පිවිසීමෙන් සෙලාන් බැංකුවේ රන් ණය සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ. සතියේ දින වල රැකියාවල නිරත වන ගනුදෙනුකරුවන්ට, සෙනසුරාදා දිනයන්හි විවෘතව පවතින සෙලාන් බැංකු ශාඛා වෙතින් රන් ණය සේවාව ලබාගත හැක. ශාඛා සහ ඒවා විවෘතව තැබෙන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර https://www.seylan.lk/view-all-branches/  හි දක්වා තිබේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

  • Ada Derana BIZ Sinhala
  • CEO
  • Lina Manufacturing
  • sri lanaka
  • Sunshine Healthcare
  • T. Sayandhan

ටී. සයන්ධන් ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වෙයි

August, 22, 2022

සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina Manufacturing) ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ටී. සයන්ධන් මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. මේ වන විට Sunshine Medical Devices හි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සයන්ධන් මහතා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකිx 2017 දී සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ එක් වන ඔහු Sunshine Medical Devices හි නායකත්වයට පත් වූ අතර දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වසර කිහිපයක් පුරා සන්ෂයින් හෙල්ත්කෙයාර් හට සිය වර්ධනය පවත්වා ගැනීමට උපකාර කරමින් සමූහයේ මූල්‍ය ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රධාන අංශයක් බවට හෙල්ත්කෙයාර් ව්‍යාපාරය සංවර්ධනය කිරීමට විශාල කාර්යභාරයක් සිදු කළේය.

මෙම නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෙල්ත්කෙයාර් කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ ”වගකීම් සහගත ශ‍්‍රී ලාංකීය සමූහ ව්‍යාපාරයක් ලෙස ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිවල ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. ඉහළ යමින් පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයන් දේශීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට විශාල පීඩනයක් එල්ල කරන මෙවැනි කාලයක දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට වඩාත් පහසු වන අතර ඉන් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවය අවම වෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙම සමාගමේ නායකත්වයට තේරීපත් වීමට සයන්ධන් මහතාගේ දක්ෂතා සහ කැපවීම් හේතු වූ බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.

සිය පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සයන්ධන් මහතා පැවසුවේ, ”සමාගම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත, නව්‍ය සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් කි‍්‍රයාත්මක කිරීමට සිය උත්සාහයන් ඉදිරියට ගෙන යන අවස්ථාවේදී ලීනා මැනිෆැක්චරින් සමාගමට සම්බන්ධ වීම ඉතා අභියෝගාත්මක වගේම උද්යෝගිමත් කාලයක් ලෙස හැඳින්විය හැකියි. දශකයකට වැඩි කාලයක් ලීනා මැනිෆැක්චරින් සමාගම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ඖෂධ නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා සිය පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශයේ විශේෂඥ දැනුම භාවිතා කර තිබෙනවා. මෙවැනි සමාගමක ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස තේරී පත්වීමට ලැබීම ගැන මා සතුටු වන අතර එහි දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ වර්ගීකරණය තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ ලබාගැනීමේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමට ලීනා මැනිෆැක්චරින් හට නායකත්වය දීමට මා බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

GlaxoSmithKline සමාගම සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සයන්ධන් මහතා එහිදී වසර දහයකට වැඩි කාලයක් වෛද්‍ය නියෝජිතයෙකු, රෝහල් සම්බන්ධීකාරකවරයෙකු, නිෂ්පාදන විධායක, සන්නාම කළමනාකරු සහ කාණ්ඩ කළමනාකරු ලෙස සේවය කළේය. පසුව ඔහු හේමාස් ෆාමසූටිකල්ස් වෙත එක්ව එහි Allergan and Abbott Medical Optics හි මෙරට කළමනාකරු ලෙස පුළුල් කාර්යභාරයක් ඉටු කළේය. සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ එක් වීමට පෙර ඔහු Delmege Forsyth හි හෙල්ත්කෙයාර් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරයා විය. සයන්ධන් මහතා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විධායක කමිටු සාමාජිකයෙකු වේ. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර මේ වන විට ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙයි. සයන්ධන් මහතා වරලත් අලෙවිකරණ ආයතනය (එක්සත් රාජධානිය), ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ශ‍්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ ද සාමාජිකයෙකි.

ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම යනු ශ‍්‍රී ලංකාවේ පළමු ශ්වසන සත්කාර පර්යේෂණ හා නිෂ්පාදන සමාගම වේ. එහි සම්මානලාභී ‘Ventohaler’ නිෂ්පාදනයට අමතරව Beclovent, Flutivent, Salbuvent, Prazolin සහ Winterpan ඇතුළු ශ්වසන නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරයි. ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro (Pvt) Ltd) යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම Metered-Dose ඉන්හේලර්ස් (MDI) නිෂ්පාදන කරන කර්මාන්තශාලාව වන අතර ජාත්‍යන්තර අපනයන සඳහා දොරටු විවර කරමින් WHO-GMP සහතිකය ලත් ශ‍්‍රී ලංකාවේ එකම Metered-Dose ඉන්හේලර්ස් (MDI) නිෂ්පාදකයා ද වේ.

 

ඡායාරූපය : ටී. සයන්ධන් මහතා

  • Ada Derana BIZ Sinhala
  • Phoenix
  • sri lanaka

භාණ්ඩ ගබඩා කිරීම සහ ප්‍ර‍වාහනය පහසු කරන කර්මාන්ත ක්ෂේත්‍ර‍ය සඳහාම නිර්මාණය වුණු ෆීනික්ස් 2022 නව ඇසුරුම් පහසුකම් (පෙට්ටි සහ Pallet) හඳුන්වාදෙයි

August, 22, 2022

විවිධ වූ ක්ෂේත්‍ර‍ නියෝජනය කරන පාරිභෝගිකයින් විශාල පිරිසකට සිය සේවාව සපයන ෆීනික්ස්, බඩු භාණ්ඩ ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව හැසිරවීමේ අරමුණ පෙරදැරිව නිෂ්පාදනය කරන ලද නව ඇසුරුම් පහසුකම් පෙට්ටි සහ Pallet වෙළදපොළට හදුන්වාදී තිබේ. ෆීනික්ස් නව ඇසුරුම් පහසුකම් පෙට්ටි සහ Pallet, ඔබේ එදිනෙදා කටයුතු බුද්ධිමත්ව, ප්‍රායෝගිකව සහ ඉතා පහසු ආකාරයෙන් ඉටු කරගැනීමට කදිම පිළියමකි.

පාරිභෝගිකයින්ට ලබාගත හැකි නිෂ්පාදන සියල්ලක්ම අන්තර්ගත 2022 ඇසුරුම් පෙට්ටි සහ Pallet පිළිබඳ විස්තර අන්තර්ගත නාමාවලිය (2022 Crates and Pallets catalogue) සමාගම විසින් එළිදක්වා තිබේ. මෙම නිෂ්පාදන පෙළ කෘෂිකර්ම සහ පශු සම්පත් කර්මාන්තය, ආහාර පාන සහ සමුදුර ආශ්‍රිත කර්මාන්ත ඇතුළු විවිධ වූ වෘත්තීය කටයුතුවලදී ගබඩා කිරීම සහ ප්‍ර‍වාහන කටයුතු සඳහා පුළුල් වශයෙන් යොදා ගැනේ.

පාරිභෝගිකයාගේ අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය වුණු, අතරමැදියන් නොමැතිව තිරසර සහ චක්‍රීයවිසදුම් ලබාදෙන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා ෆීනික්ස් ආයතනය සිය පාරිභෝගිකයින් සමග සහයෝගයෙන් කටයුතු කරයි. වසර 12ක චක්‍රීය ආර්ථික වපසරියක අත්දැකීම් සමගින් ෆීනිස්ක්, භාවිතයෙන් ඉවතලන සහ කැඩුණු Pallet සිය පාරිභෝගිකයින්වෙ තින් ලබාගෙන, පසුව ඒවා ප්‍ර‍තිචක්‍රීකරණය කර නව නිෂ්පාදන සඳහා යොදාගනී.

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකුගේ විශ්වාසය දිනාගත් ගෘහ උපකරණ වෙළද නාමයක් වශයෙන් ෆීනික්ස් වසර 43ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන අතර Designed for Life යන තේමාව සමගින් හදුන්වාදී ඇති මෙම නිෂ්පාදන ඔබේ එදිනෙදා ජීවන කටයුතු ඉතා පහසු කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Early Childhood and Care Development
  • Feeding the Future
  • Hemas Outreach Foundation
  • Hoppers
  • sri lanaka
  • United Kingdom

එක්සත් රාජධානියේ ‘හොපර්ස්’ සහ හේමාස් අවුට්රීච් පදනම එක්වී පියවර පෙරපාසල් වල දරුවන්ට පෝෂණ මලු පිරිනමයි

August, 22, 2022

එක්සත් රාජධානියේ සුප්‍රකට ආපනශාලාවක් වන ‘හොපර්ස්’ (Hoppers) සහ ‘හේමාස් අවුට්රීච් පදනම’ (Hemas Outreach Foundation) එක් වී තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල අවම වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් පෝෂණ මලු බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන කාලසීමාව තුළ ඇති විය හැකි මන්දපෝෂණ අවදානම වැළැක්වීම මෙහි මූලික අරමුණ වී ඇත.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ අඩු ආදායම්ලාභී පවුල් රැසකට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මේ නිසා රට පුරා කුසගින්න සහ මන්දපෝෂණය වැනි ගැටලු ඇති වී තිබේ. මෙම තත්ත්වය අවම කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල දරුවන්ට පෝෂණ මලු ප්‍රදානය කිරීම සඳහා ‘හොපර්ස්’ ආපනශාලාව තම ‘Feeding the Future’ ව්‍යාපෘතිය යටතේ හේමාස් අවුට්රීච් පදනම සමග එක් විය.

මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධනය (Early Childhood and Care Development - ECCD) ඉලක්ක කරගත් ‘Feeding the Future’ වැඩසටහන යටතේ, වවුනියාව, මුලතිවු, කිලිනොච්චිය, මොණරාගල, මන්නාරම සහ අම්පාර යන ප්‍රදේශ වල පිහිටි ‘පියවර’ පෙර පාසල් වල ඉගෙනුම ලබන දරුවන් සිටින පවුල් 367 කට, එක් පවුලකට පවුම් 25 ක වටිනාකමකින් යුත් පෝෂණ මලු බෙදා දීම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ කෙටිකාලීන අරමුණ වන්නේ දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය ලබාදීම වන අතර, මෙමගින් එම දරුවන් නිතිපතා පෙරපාසල් වෙත එවීමට දෙමාපියන් යොමුකරවීමද අපේක්ෂා කෙරේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය වූ පසුව, වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතියේ අවධානය යොමුකෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය කියා සිටියේ, මන්දපෝෂණය යනු මෙරට අඩු ආදායම්ලාභී පවුල් දීර්ඝ කාලයක පටන් මුහුණ දෙන ගැටලුවක් බවයි. “මෙම ව්‍යාපෘතිය ඔස්සේ, රටේ පවතින අර්බුද හේතුවෙන් බරපතළම බලපෑමට ලක් වූ පවුල් රැසකට සහනයක් සැලසීමට හැකිවනු ඇතැයි කියා අප සිතනවා. හේමාස් අවුට්රීච් පදනම යනු, මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය ඔස්සේ රටේ අඩු වරප්‍රසාදලාභී පවුල් වල දරුවන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින පදනමක්. අපගේ ‘පියවර’ පෙරපාසල් වල දරුවන්ට යහපත සැලසීම සඳහා මේ ආකාරයට ‘හොපර්ස් ලන්ඩන්’ සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම ව්‍යාපෘතිය ඔස්සේ මේ අභියෝගකාරී කාලසීමාවේදී එම දරුදැරියන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට අපට හැකි වේවි.” ශිරෝමි මාසකෝරාළ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

හේමාස් හෝල්ඩින්ස් යටතේ පිහිටුවා ඇති හේමාස් අවුට්රීච් පදනම, හේමාස් සමූහයේ ආයතනික සමාජ සත්කාර කටයුතු වලදී පෙරමුණ ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම ප්‍රචලිත කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හේමාස් අවුට්රීච් පදනමේ මෙහෙවර වන්නේ ‘මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඔස්සේ ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ගේ ජීවිත පෝෂණය කිරීම’ ය. මේ වනවිට රට පුරා දරුවන් සහ පවුල් 70,000 කට අධික සංඛ්‍යාවකට යහපත සැලසීමට එම පදනම සමත් වී තිබේ. ‘පියවර’ (පෙර පාසල් ව්‍යාපෘතිය), ‘ආයති’ (ආබාධ සහිත දරුවන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය) සහ ‘එක සේ සලකමු’ (ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින්, ඔවුන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය) යනු හේමාස් අවුට්රීච් පදනම ක්‍රියාවට නංවා ඇති ප්‍රධානතම ව්‍යාපෘති අතරින් කිහිපයකි.

  • Ada Derana BIZ Sinhala
  • Asia Pacific Seeds for the Future 2022
  • Huawei
  • sri lanaka

Huawei ශ්‍රී ලංකා විසින්  ‘Asia Pacific Seeds for the Future 2022’ දියත් කරයි

August, 22, 2022

විශේෂ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා තායිලන්තයට

 Huawei සහ අධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කරමින් නිල උත්සවයක් පසුගියදා පැවැත්විණි.  මෙහි නිල දියත් කිරීමේ උත්සව පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්වුණු අතර, මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්,  යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයේ මෙරට නියෝජිත හිමාලි ජිනදාස මහමත්මිය, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා, Huawei නියෝජිතයින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.

Huawei Asia-Pacific Seeds for the Future 2022 වැඩසටහන හරහා සුවිශේෂී දක්ෂතා දක්වන විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සඳහා තායිලන්තයේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වීම සුවිශේෂී වේ.

Huawei හි ගෝලීය ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කරන ප්‍රමුඛ වැඩසටහන් මාලාවක් වන Seeds for the Future, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් ගෝලීය වැඩසටහනකි.  මේ හරහා සිසුන්ට සිය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කර ගැනීමට විවිධ අවස්ථා රැසක් සපයනු ඇත. තවද මෙම මුලපිරීම කලාපීය සහයෝගීතාවයන් ගොඩනැගීම සහ රටවල් සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය කිරීම දිරිමත් කරයි.

2022 වර්ෂයේදී Huawei විසින් ASEAN පදනම හා එක්ව Huawei Asia-Pacific Seeds for the Future 2022 සමාජ සත්කාර ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ කුසලතා සංවර්ධනය සවිබල ගැන්වීම උදෙසාය.  මෙමඟින් තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක  උපාධි අපේක්ෂකයින් දින 8ක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුවක් සඳහා බැංකොක් බලා පිටත් වනු ඇත. මෙම පුහුණුවේ පළමු අදියර අගෝස්තු මස 19 සිට 28 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, ජයග්‍රාහකයින් සඳහා වන එහි දෙවන අදියර අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා සිංගප්පුරුවේදී ක්‍රියාත්මක වනු ඇත.

මෙම නිල උත්සවයට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් මෙලෙස පවසා සිටියි. " කුසලතා සංවර්ධනය යනු ශ්‍රී ලංකාව වැනි රටවල් වැඩි අවධානයක් යොමුකළ යුතු අංශයක් ලෙස මම දකිනවා. විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ කුසලතා පරතරය අවම කිරීමට දැනුමෙන් පිරිපුන් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වෙනවා.  Huawei ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංවර්ධනය මෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාකාරීව සහභාගී වෙමින් රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව මම ඇත්තෙන්ම සතුටු වෙනවා. Huawei විසින් “Seeds for the Future” වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුලින්, කලාපීය වශයෙන් සහයෝගීතාවන් වැඩිදියුණු  වන අතරම,  ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට අත්‍යවශ්‍ය කුසලතා සංවර්ධනයට විශාල අවස්ථාවක් හිමි වෙනවා. ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීමට මෙය ඔවුන්ට හිමිවන කදිම අවස්ථාවක් ලෙස මම හඳුන්වන්න කැමතියි."

මෙහිදී අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මෙලෙස පවසා සිටියි. "රටේ ඩිජිටල්කරණය සහ ආර්ථික සමෘද්ධිය සඳහා බලපාන ප්‍රධාන අංගයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හඳුන්වන්න පුළුවන්. Huawei විසින් සෑම විටම විශ්වාස කරනුයේ, රටේ දක්ෂ තරුණ තරුණියන්ට නවතම තාක්ෂණයන් හඳුන්වා දීම, නව දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උත්සාහයට සහාය වීම, රටේ තාක්ෂණික දියුණුවට විශාල වශයෙන් බලපාන බව.  Seeds for the Future  වැඩසටහනේ අපගේ දැක්ම වන්නේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා දක්ෂ සිසුන් හට ශක්තියක් වීම යන්න.   ඒ නිසා අද මෙහි පැමිණ සිටින ඔබ වැනි දක්ෂ ශිෂ්‍යයින්ට ලබා දී ඇති අවස්ථාව තුළින්, අනාගත ලෝකය ආලෝකමත් කළ හැකි යැයි මම විශ්වාස කරනවා. රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නිපුණතා සංවර්ධනය පුළුල් කිරීම සඳහා Huawei වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව මම ශ්‍රී ලංකා රජයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට ස්තූතිය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නවා."

Seeds for the Future වැඩසටහන 2008 වර්ෂයේදී ගෝලීයව දියත් කරන ලදී. මෙය 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද අතර, මේ හරහා සෑම වසරකම විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකු සඳහා චීනය වෙත ගොස් තාක්ෂණික සහ සංස්කෘතික පුහුණු සැසියක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවිය.  කොවිඩ් වසංගත තත්වය පැවති කාලසීමාව තුළ මෙම වැඩසටහන ඔන්ලයින් ආකාරයට පැවැත්වුණු අතර, මෙය ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන හත්වැනි අවස්ථාවයි. මෙම කාලය පුරාවට මෙම වැඩසටහන හරහා දේශීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනෙකු ප්‍රතිලාභ ලබා ඇත.

Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්‍රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්‍රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • sri lanaka
  • Zero Worries on Data

ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමඟ සුවිශේෂී ඔන්ලයින් ඉගෙනුම් අත්දැකීමක් වෙනුවෙන් අධ්‍යාපන ආයතන වෙති ‘Zero Worries on Data’ විසඳුම හඳුන්වා දෙයි

August, 22, 2022

ඩයලොග් ආසියාටාහි ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සේවාවක් වන ‘Zero Worries on Data’ (ZWOD) දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. අධ්‍යාපන ආයතනයන් වෙත ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම සේවාව හඳුන්වාදීමට ඩයලොග් එන්ටර්ප්‍රයිස් කටයුතු කර ඇත. විශේෂයෙන් නිවසේ සිට ඉගෙනීමේ ක්‍රමවේදය ජනප්‍රිය වීමත් සමඟ බොහෝ අධ්‍යාපන ආයතන අන්තර්ජාලය හරහා සිය සේවාවන් ලබා දීමට කටයුතු කරන ලදී. දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය ප්‍රජාවකගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන මෙරට ප්‍රමුඛ පෙළේ විශාල හා මධ්‍ය පරිමාණ අධ්‍යාපන ආයතන සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි මෙම නවතම සේවාව කදිම විසඳුමක් වනු නිසැකය.

ප්‍රතිලාභයන් රැසක් උරුම කරදෙන මෙම නවතම ඉගෙනුම් විසඳුමෙහි සුවිශේෂී ප්‍රතිලාභයක් වන්නේ සැලකිය යුතු ලෙස වියදම් ඉතිරි කිරීමයි. ඒ හේතුවෙන් Data සීමා රහිතව තමන්ගේ ඔන්ලයින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට ගුරුවරුන්ට හැකියාව උදා වේ. එසේම අධ්‍යාපන ආයතනයන්වලට එහි ඉගෙනුම් කළමනාකරණ පද්ධති, වෙබ් අඩවි හා අනෙකුත් ඉගෙනුම් තොරතුරු හරහා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද පහසු හා සමාන ප්‍රවේශයක් ලබා දීමට ඉඩ සැලසීමද මෙහි විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසියාටා පීඑල්සී, ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි සමූහ ප්‍රධාන නිලධාරී නවින් පීරිස් මහතා සඳහන් කර සිටියේ “ මේ වන විට දැඩි බලපෑමකට ලක්ව ඇති මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය Covid -19 වසංගතයෙන් පසු සිදුවීම් හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. වැඩි දියුණු කළ සේවාවක් හරහා බාධාවකින් තොරව ඩිජිටල් ගුරු -සිසු සබඳතාවක් ලබා දීමට හැකි මෙම නවතම අද්විතීය ඉගෙනුම් විසඳුම අධ්‍යාපන ආයතනයන් වෙත ලබා දීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි” යනුවෙනි.

පරිපාලනමය හෝ යටිතල පහසුකම් කිසිවක් නොමැති ආයතන සඳහා වන සුවිශේෂී ඉගෙනුම් විසඳුමක් වන මෙම විසඳුමෙහි අවසාන ප්‍රතිලාභීන් වන ගුරුවරුන්/සිසුන් සඳහා වෙනම පැකේජයන් අවශ්‍ය නොවීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඩයලොග් ජාලය සමඟ සම්බන්ධ වීම තුළින් පමණක් සියලු සිසුන් හා ගුරුවරුන් හට Data පිළිබඳ කිසිඳු ගැටළුවක් හෝ අමතර ගෙවීමකින් තොරව ඔන්ලයින් ඉගෙනුම් අවස්ථාවන් වෙත ප්‍රවේශවීමට නිතැතින්ම හැකියාව උදාවේ. සේවාව සඳහා වන  සියලු ගෙවීම් අදාළ ආයතනයන් වෙත පැවරීමට මෙහිදී කටයුතු කර තිබීම තුළින් ගුරුවරුන්ට හා සිසුන්ට පහසුවෙන් ‘Zero Worries on Data’ සේවාවන් භුක්ති විඳීමේ අවස්ථාව හිමිවීම ඔවුන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.

මෙම සේවාවට අදාළ සියලු වෙනස් කිරීම් හා පරිපාලන කටයුතු ඩයලොග් එන්ටර්ප්‍රයිස් විසින් සිදුකරන හෙයින්  එම විසඳුම කළමනාකරණය කිරීම හා නඩත්තු කිරීම සඳහා වන තාක්ෂණික දැනුම පිළිබඳව සේවාව ලබා ගන්නා අධ්‍යාපන ආයතනයන් කරදර විය යුතු නැත. එමෙන්ම සමස්ත Data භාවිතය සඳහා සහනදායී විශේෂ පැකේජයන්හි ප්‍රතිලාභ ලබා ගැනීමටද ආයතනයන්ට හැකියාව උදා වේ.

වැඩි විස්තර සඳහා business@dialog.lk හරහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමඟ සම්බන්ධ වන්න.

  • Ada Derana BIZ Sinhala
  • Seylan Tikiri
  • sri lanaka
  • WNPS Wild Kids

සෙලාන් ටිකිරි වෙතින් WNPS Wild Kids ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට වටිනා තෑගි

August, 22, 2022

ස්වභාවධර්මය ඡායාරූපයට නැගීමට දරුවන් යොමුකරවීමේ සාර්ථක උත්සාහයක්

වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ (Wildlife and Nature Protection Society- WNPS) ‘Wild Kids’ වැඩසටහන මඟින් සංවිධානය කරන ලද වනජීවී ඡායාරූප තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වූ, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුමක් වන සෙලාන් ටිකිරි විසින් එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත වටිනා ත්‍යාග පිරිනමන ලදි. මෙම තරගය තුළදී, තම නිවෙස් අසල සිටින විවිධාකාර වූ සතුන් ඡායාරූපයට නඟා තරගයට ඉදිරිපත් කිරීමට දරුදැරියන්ට අවස්ථාව ලැබිණි.

මාස තුනක කාලයක් පැවති මෙම තරගයේ ප්‍රධාන අරමුණ වූයේ, නිවෙස් වලම රැඳී නොසිට එළිමහනට ගොස් ස්වභාවධර්මයට සමීප වීමට දරුදැරියන් දිරිගැන්වීම ය. මෙහිදී දරුදැරියන් විසින් කුරුල්ලන්, සමනලුන්, කටුස්සන් සහ මකුළුවන් ඇතුළු විවිධ සත්ව වර්ග ඡායාරූපයට නඟා තිබෙනු දැකගත හැකි විය. වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් සඳහා විවෘත වූ මෙම තරගයට ඡායාරූප 600 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඇන්ටන් ජූඩ් විනූෂන්, තිමාන්ද්‍රා බර්තොලමියුස්, තෙසන්‍යා කරුණාරත්න සහ සමිරු සන්තුජ රාජපක්ෂ යන දරුදැරියන් තරගයේ සතිපතා ජයග්‍රහණ හිමිකරගත් අතර, සමිරු සන්තුජ රාජපක්ෂ එහි සමස්ත ජයග්‍රාහකයා බවට පත්විය.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ළමා ඉතුරුම් ගිණුමක් වශයෙන් සෙලාන් ටිකිරි සෑම විටම මෙරට දරු පරපුරේ වෙනස් වන රුචිකත්වයන්ට අනුගත වීමට උත්සාහ කරයි. ඡායාරූපකරණය යනු මේ වනවිට දරුදැරියන් බෙහෙවින් උනන්දු වන විනෝදාංශයකි. එම නිසා වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ඡායාරූප තරගයට අනුග්‍රාහකත්වය ලබාදීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.

“දරුවන් තුළ ඉතිරි කිරීම ඇතුළු හොඳ පුරුදු වර්ධනය කරවීමටත්, නිර්මාණශීලී ක්‍රම ඔස්සේ ඔවුන්ගේ විනෝදාංශ හා ආශාවන් දිරිගැන්වීමටත් සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරනවා. වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ නිල අනුග්‍රාහකයා වශයෙන්, එම සංගමය හා එක් වී, දරුවන් ස්වභාවධර්මයට සමීප කරවීම සඳහා ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නැංවීමට අප කටයුතු කළා. මේ වනවිට දරුවන් වැඩි වැඩියෙන් ඡායාරූප ශිල්පය ගැන උනන්දුවක් දක්වන බව පෙනී ගිය නිසා, එම උනන්දුව ස්වභාවධර්මය වෙතද යොමුකරවීම  සඳහා අප මෙම ඡායාරූප තරගය සංවිධානය කිරීමට පියවර ගත්තා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගාමික ද සිල්වා මහතා පැවසී ය.

දරුදැරියන් තුළ පරිසරය පිළිබඳ උනන්දුවක් ඇති කරවීම සහ අධ්‍යාපනික හා විනෝදාත්මක ක්‍රියාකාරකම් තුළින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම ඉස්මතු කිරීම යන අරමුණු පෙරදැරිව වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය විසින් ‘Wild Kids’ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

“ස්වභාවධර්මයට හා සත්ව ලෝකයට සමීප වීම යනු දුර ඈත ප්‍රදේශ වලට හෝ වනාන්තර තුළට ගොස් දුර්ලභ ශාක හෝ සත්ව වර්ග සෙවීම පමණක් නොවෙයි. අපගේ නිවෙස් අසලදීම පවා අපට සවභාවධර්මයේ අසිරිය මුණගැසෙනවා. අපට හොඳ නිරීක්ෂණ හැකියාවක් තිබෙනවා නම්, එම අසිරිය ඡායාරූපයට නැගීමට පුළුවන්. ‘Wild Kids’ ව්‍යාපෘතිය තුළින් අප උත්සාහ කරන්නේ, දරුවන් තුළ ස්වභාවධර්මය පිළිබඳ උනන්දුව ඇතිකරවන විනෝදාංශ හා ආශාවන් තවදුරටත් දිරිමත් කිරීමටයි.” වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න මහතා පැවසී ය.

අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකරවන අතරම, දරුවන්ගේ ආශාවන් හඳුනා ගනිමින්, ඔවුන්ගේ හැකියාවන් පුබුදු කරන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සෙලාන් ටිකිරි සෑම විටම කටයුතු කරයි. මෙම අරමුණ වෙනුවෙන් මේ දක්වා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාකාර වූ තරග, වැඩමුළු සහ උත්සව සංවිධානය කර ඇති අතර, විවිධාකාර වූ හවුල්කාරීත්වයන්ද ඇතිකරගෙන තිබේ.

සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කිරීමට හෝ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට, සෙලාන් බැංකුවේ නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන්, www.seylan.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් එම තොරතුරු ලබාගත හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • Maliban Gold Marie
  • Nidahase Ran Daruwo
  • sri lanaka

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ උතුරු මැද පළාතේ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදාකරමින් ඔවුන්ගේ පවුල්වල දියුණුවට සවියක් වෙයි

August, 22, 2022

දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් මෙන්ම ඔවුන්ගේ අනාගතයද තීරණය කරනු ලබන්නේ ළමා කාලය තුළ ඔවුන් විඳින සතුට හා නිදහසයි. එහෙත් වත්මන් ආර්ථික හා සමාජ වටපිටාවන් තුළ එවන් දරුවන් රැසක් අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන් වෙත යොමු වීමේ දැඩි අවධානමකට ලක්ව ඇත්තේ පවුලේ දුප්පත්කම හමුවේ සිය සතුට හා නිදහස කැප කරමිනි.

දරුවන්ට තමන්ගේ අනාගතය වෙනුවෙන් අවැසි අධ්‍යාපන පහසුකම් නොපිරිහෙලා ලබා ගැනීම වෙනුවෙන් දිරි දෙන මැලිබන් ගෝල්ඩ් මාරි 'නිදහසේ රන් දරුවෝ' නිරන්තරයෙන් කටයුතු කරනුයේ සතුට හා නිදහස දරුවන් වෙත ගෙන ඒමටය.  ඒ වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර ඇති සුවිසල් වැඩසටහනෙහි පළමු පියවර දකුණු පළාතෙන් ආරම්භ වූ අතර ඒ තුළින් ප්‍රතිලාභ ලැබූ පවුල් අද වන විට ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගනිමින් සිටින බවද සතුටින් මතක් කළ යුතුව ඇත. එහි දෙවන පියවර යටතේ උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් 6ක දරුවන් හය දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි මූල්‍ය පහසුකම් හා එම පවුල්වල ආර්ථික දියුණුව සඳහා අවැසි ශක්තිය ලබා දීමට කටයුතු කරන ලදී.

එහිදී තෝරාගත් දරුවන් 6 දෙනෙකුගේ පවුල් 6ක්  අතුරින් දරුවන් දෙදෙනෙකුගේ පවුල්වලට ගොවිතැන මූලික කොටගත් ආර්ථිකයක් වෙනුවෙන් කෘෂි උපකරණ හා අනෙකුත් පහසුකම් (වතුර මෝටර් හා බට, කෘෂි දියර ඉසින යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර) ලබා දීමට කටයුතු කළ 'නිදහසේ රන් දරුවෝ' තවත් පවුල් 2ක් වෙත මහන මැෂින් 2ක් ලබා දීමටද කටයුතු කරන ලදී. තවත් එක් පවුලකට දියර කිරි නිෂ්පාදනය වෙනුවෙන් කිරි එළදෙනක් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා උපකරණ මෙන්ම තවත් පවුලක් වෙත බිත්තර ව්‍යාපාරය සඳහා කුකුළු ගොවිපලක් හා බිත්තර පාලන යන්ත්‍රයක් ඇතුළු පහසුකම් සළසා දෙන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් එක් වූ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂානි පීරිස් මහත්මිය සඳහන් කර සිටියේ “අද වන විට බොහෝ පවුල්වල ආර්ථික දුෂ්කරතාවයන් නිසා දරුවන් ළමා ශ්‍රමිකයින් බවට පත් වෙමින් තිබීම අවාසනාවට කරුණක්. අපි මැලිබන් ගෝල්ඩ් මාරි 'නිදහසේ රන් දරුවෝ' අරමුදල තුළින් කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව මේ ආකාරයේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ඔවුන් ආර්ථික වශයෙන් ඔසවා තැබීමට කටයුතු කරනවා. එහි පළමු පියවර මීට පෙර දකුණු පළාතේ දරුවන් වෙනුවෙන් පැවැත්වීමට අපි කටයුතු කළා. මේ එහි දෙවැනි පියවරයි. ඉදිරියේදී දිවයිනේ අනෙකුත් පළාත්වලත් මෙවන් පවුල් හඳුනා ගනිමින් ඔවුන් වෙත අපගේ සහයෝගය ලබා දීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් පැවසීය.

මැලිබන් ගෝල්ඩ් මාරි 'නිදහසේ රන් දරුවෝ' අරමුදල සඳහා ඔබ මිලදී ගනු ලබන සෑම ග්‍රෑම් 80ක ගෝල්ඩ් මාරි බිස්කට් පැකට්ටුවක් තුළින්ම ශත 50ක මුදලක් වෙන් කරනු ලබයි. ඒ අනුව මැලිබන් ගෝල්ඩ් මාරි මිලදී ගනු ලබන සෑම පාරිභෝගිකයකුම මෙම සුවිසල් සමාජ සත්කාරයේ අභිමානවත් කොටස්කරුවකු බවට පත්වනු ලබයි. 2021 ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මැලිබන ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ පිහිටුවනු ලැබූ 'නිදහසේ රන් දරුවෝ' අරමුදලෙහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීමයි.

  • Ada Derana BIZ Sinhala
  • FMCG
  • sri lanaka
  • Unilever

යුනිලිවර් යළිත් වරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG සමාගම ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරයි

August, 22, 2022

‘Consumer Products’ හා ‘Multinational’ කාණ්ඩයන්හි ජයග්‍රාහකයා බවට ද පත්වෙයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2022 වසරේ LMD විසින් ප්‍රකාශයට පත් කළ Most Respected ආයතන ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG ආයතන අතර අංක 1 සමාගම ලෙස යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. යුනිලිවර් සමාගම මෙම ශ්‍රේණිගත කිරීම අත්කරගෙන ඇත්තේ අඛණ්ඩව 17 වැනි වසරටය. 2021 වසරේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් විවිධ සමාගම් 100කට අධික සංඛ්‍යාවක් අතුරින් සමස්ත 6 වැනි ස්ථානය දිනා ගැනීමටද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙහිදී සමත් විය. එසේම සිය ජයග්‍රාහී විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් ‘Consumer Products’ හා ‘Multinational’ කාණ්ඩ දෙකෙහිම ජයග්‍රාහකයා බවට පත්වීමටද යුනිලිවර් සමාගමට හැකිව තිබේ. 

මෙහිදී ඇගයීමට ලක් කෙරෙන සියලුම ආයතන LMDහි කාර්ය සාධන මිනුම් දර්ශක 12ක් මඟින් ඇගයීමට ලක් කරන ලදී. ඒ ‘මූල්‍ය කාර්ය සාධනය ’,’තත්ත්වය පිළිබඳ අවධානය ’,’කළමනාකරණ ආකෘතිය ’,’අවංකත්වය ’,’නවෝත්පාදනය ’,’සක්‍රීයතාව ’,’ආයතනික සංස්කෘතිය’,’දැක්ම ’,’ජාතික ඉදිරි දර්ශනය ’,’මානව සම්පත හා පිරිස් කළමනාකරණය ’ සහ ‘අවදානම් කළමනාකරණය’ යන මිනුම් දර්ශකයන්ය. එම දර්ශක වලට අනුව FMCG කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයට පත්වීමට යුනිලිවර් සමාගමට හැකිවිය.

මෙම සුවිශේෂී ඇගයීම් පිළිබඳව අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය FMCG සමාගම ලෙස අඛණ්ඩව 17 වැනි වරටත් ශ්‍රී ලාංකේය ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වීම අපට සැබෑ අභිමානයක් මෙන්ම ගෞරවණීය අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ අරමුණු පෙරදැරි කරගත් සන්නාමයන්, සියලු දෙනාට තිරසාර ජීවිතයක් උදාකර දීමේ ආයතනික දැක්ම හා අප සිදු කරන සෑම කටයුත්තකදීම අඛණ්ඩතාව හා විශිෂ්ටත්වය වෙනුවෙන් වන අපගේ ආයතනයේ සාමාජිකයන්ගේ අප්‍රතිහත කැපවීම තුළින් වසර ගණනාවක් පුරා අප විසින් සහෝදර ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වෙත සිදුකර ඇති ධනාත්මක බලපෑම මින් මනාව පිළිබිඹු වනවා. ආර්ථිකය, සමාජය සහ පරිසරය පුරා මනා ආයතනික ක්‍රියාකලාපයන් දිරිමත් කිරීම හා ඇගයීම වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් LMD ආයතනයට සහ එහි කළමනාකාරීත්වයට අපගේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා” යනුවෙන් පැවසීය.

වසර 84කට වැඩි කාලයත් තිස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ නොමඳ විශ්වාසය දිනා ගනිමින්, ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවන රටාව ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් යුනිලිවර් සමාගම කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන එම ආයතනයේ නිෂ්පාදනයන්ගෙන් 96%ක් හොරණ පිහිටි නිෂ්පාදන කර්මාන්තශාලාවේ හා තෙවැනි පාර්ශවීය කර්මාන්තයන්හි ඉහළ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. යුනිලිවර් නිෂ්පාදන එකතුව තුළ Sunlight, Signal, Lifebuoy, Knorr, Vim ඇතුළු වෙළෙඳපොලෙහි ප්‍රමුඛ පෙළේ සන්නාම 30ක් ඇතුළත් වේ. ඒ තුළින් දිනකට ශ්‍රී ලාංකිකයින් මිලියන 21කගේ ජීවිත වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කර ඇත.

තවද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2021 වසරේදී  NielsenIQ විසින් අඛණ්ඩව 10 වැනි වරටත් ‘Number 1 Employer of Choice’  ලෙස ශ්‍රේණිගත කිරීමට ලක් කළ අතර 2021 වසරේ Effie Awards  සම්මාන උළෙලේ දී  අඛණ්ඩව 6 වැනි වරටත් Effie Awards  සම්මානය යුනිලිවර් ශ්‍රී ලංකා වෙත ප්‍රදානය කරන ලදී. එමෙන්ම LMD හි 2021 වසරේ ‘Most Awarded’ සංස්කරණයේදී ශ්‍රී ලංකාවේ ‘Consumer Products’ හා ‘Multinational’ අංශයන්හි ‘Most Awarded Entity’ ලෙස ඇගයීමට පාත්‍ර වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සන්නාම 15ක් 2022 LMD සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හිදී ශ්‍රී ලංකාවේ ‘Most Loved Brands’ ලෙසද පිළිගැනීමට ලක් විය. එසේම යුනිලිවර්හි හොරණ කර්මාන්තශාලාව සිය මෙහෙයුම් තුළින් පරිසරයට සිදුවන බලපෑම කළමනාකරණය කිරීමට සහ අවම කිරීමට සිදු කරන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 14001:2015 සහතිකයද ප්‍රදානය කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD හි සංකල්පයක් මත NielsenIQ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික සමීක්ෂණයක් තුළින් ශ්‍රී ලංකාවේ Most Respected Entities ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි. මෙම වසරේ සමීක්ෂණය සඳහා කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම්, 2020/21 LMD’s Top 100 සංස්කරණයේ ශ්‍රේණිගත සමාගම් හා 2021 Brands Annual සංස්කරණයේ ශ්‍රේණිගත සමාගම් වල කළමනාකාර තලයේ සේවය කරන 800කගේ පමණ අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනු ලැබූ අතර අවසාන ශ්‍රේණිගත කිරීම් සඳහා එක් එක් සමාගම සඳහා බර තැබූ ලකුණු වල මුළු වටිනාකම් පදනම් විය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය

යුනිලීවර් ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලය

  • Ada Derana BIZ Sinhala
  • Softlogic
  • Softlogic Holdings PLC
  • sri lanaka
  • Walton

Softlogic විසින් Walton සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

August, 22, 2022

Softlogic Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි ජාලයක් වන Softlogic Retail පුද්ගලික සමාගම, Walton රූපවාහිනී මාදිලිය ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ලොව ප්‍රකට පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන Walton සමඟින් පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

Walton සන්නාමය, යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග කලාපය පුරා රටවල් 40 ක් ඉක්මවමින් ව්‍යාප්තව ඇත. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, Walton සමාගමෙහි 2030 වසර වන විට ලොව හොඳම ඉලෙක්ට්‍රොනික සන්නාමය බවට පත් වීමේ අරමුණ පෙරදැරි කරගත් “Go Global 2030” දැක්ම සාර්ථක කරගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැක. පළමු අධියරේදී සාමාන්‍ය වෙළඳපොළ අරමුණු කරගෙන අඟල් 32 රූපවාහිනිය හඳුන්වාදීමට Softlogic සමාගම සැලසුම් කර ඇති අතර ඉන් හොඳ ඉල්ලුමක් ලබාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වේ. ඉන් පසුව කෙටි කලක් තුළදී වඩා පුළුල්, විශාල තිර සහිත LED රූපවාහිනී දේශීය වෙළඳපොල කරා ගෙන ඒම ඔවුන්ගේ සැලසුමයි. නරඹන්නන් හට උසස් තත්ත්වයේ රූපමය අත්දැකීමක් ගෙනදෙන High Definition (HD) තාක්ෂණයෙන් සමන්විත Walton අඟල් 32 රූපවාහිනියේ Narrow Bezel design එක එයට අලංකාර පෙනුමක් එක් කරයි. Walton LED රූපවාහිනිය දිවයින පුරා පිහිටි 200 කට අධික Softlogic සහ Softlogic Max ප්‍රදර්ශනාගාර මෙන්ම Softlogic e-commerce වෙබ් අඩවිය වන www.mysoftlogic.lk මඟින් මිලදී ගත හැක. ඉතා පහසු මිලකට අඟල් 32 රූපවාහිනියක් මිලදීගැනීමේ වටිනා අවස්ථාවක් ලබාදෙන අතරම, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා මාස 60 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව ද Softlogic මඟින් ලබා දේ. එමෙන්ම Softlogic හි ‘පොලී FREE - හිතට FREE’ පහසුකම ඔස්සේ මාස 12 ක් දක්වා ක්‍රෙඩිට් කාඩ් නොමැතිව ගෙවීමේ පදනම (hire purchase payment) මත මිලදී ගැනීමටද පරිභෝගිකයන්ට ඉඩ පහසුකම් ලැබේ.

Softlogic යනු, ජනප්‍රිය මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම වලින් එන නවීනතම රූපවාහිනී, හෝම් තියටර්, ශීතකරණ, රෙදි සේදීමේ යන්ත්‍ර, වායු සමීකරණ, ලැප්ටොප්, ජංගම දුරකථන, ශරිර සුවතා උපකරණ ඇතුළු, Softlogic Furniture සන්නාමය යටතේ පුළුල් පරාසයක වූ ගෘහ භාණ්ඩ මාදිලි රාශියක් දේශීය වෙළඳපොල වෙත ඉදිරිපත් කරන, දේශීය වෙළඳපොළ තුළ සිටිනා ප්‍රමුඛතම සමාගමකි. Walton යනු, ඔවුන්ගේ ලොව ප්‍රකට සන්නාමයන් අතරට එකතු වන නවතම සාමාජිකයා වේ.

Walton Global Business Division හි සභාපති Edward Kim මහතා සිය අදහස් දක්වමින් පැවසූයේ “ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වීමේ දැක්මක් ඇතිව අපි ඉදිරියට ගමන් කරමින් සිටින්නෙමු. මෙම දැක්ම කරා ළඟාවීම සඳහා, ගෝලීය වෙළෙඳපොළ තුළ Walton සන්නාමය පුළුල් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. ඒ අනුව, Walton සිය සන්නාම ලාංඡනය යටතේ , ශ්‍රී ලංකාව වෙත රූපවාහිනී අපනයනය ආරම්භ කිරීමට නියමිතයි.” ලෙසිනි.

Softlogic Retail (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී වන මොහොමඩ් රිස්වි මහතා ඒ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “Walton සන්නාමය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දීම සම්බන්ධව Softlogic ආයතනයට ඇත්තේ ඉමහත් සතුටකි. පාරිභෝගික වෙළෙඳපොළ තුළ අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලය මඟින්, සිය ජීවන රටාව උසස් සහ වැඩිදියුණු කරමින්, ලෝකයේ හොඳම සන්නාමයන් ඔවුන් වෙත ගෙන ඒමෙහි ලා අප කෙරෙහි විශ්වාසය තැබූ ශක්තිමත් සහ විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් අප විසින් ගොඩනඟාගෙන ඇත. Walton ද එවැනි සන්නාමයක් වනු ඇතැයි මම විශ්වාස කරමි. අපගේ පාරිභෝගික භවතුන් එහි උසස් නිෂ්පාදන ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල පිළිබඳව සෑහීමකට පත් වනු ඇතැයි මම විශ්වාස කරනවා”.