• Ada Derana BIZ Sinhala
  • People's Leasing
  • sri lanaka

පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව සිය ගණුදෙනුකරුවන් ගෙවතු වගාව සඳහා දිරිගන්වයි

August, 9, 2022

පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව ගෙවතු වගාව සඳහා සිය ගණුදෙනුකාරභවතුන් යොමුකිරීමේ අරමුණින් පැළ 500ක් රෝපණය කර බෙදාදීම එම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ තිස්සමහාරාම ශාඛාවේ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු මෙම ව්‍යාපෘතිය හරහා ගෙවතු වගාවට උනන්දුවක් දක්වන පෙර හඳුනාගත් විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට ශාඛා කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පැල බෙදාදීම සිදුවූයේ මෙය ශාඛා කළමණාකරුගේ ප්‍රධානත්වයෙන් සහ පීපල්ස් ලීසිං ප්‍රාදේශීය කාර්යාලයේ මඟපෙන්වීම යටතේය.

ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීමට ස්වේච්ඡාවෙන් ශාඛා කාර්යය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු තම වටිනා පෞද්ගලික කාලයෙන් පැය 109ක් වැයකර තම ශ්‍රම දායකත්වය සහ මූල්‍යමය දායකත්වයද ලබා දෙනු ලැබීය.

“මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අප රටට ගෝලීය ආහාර අර්බුදය යන අභියෝගකාරී තත්ත්වයකටද මුහුණදීමටද සිදුව ඇත. ඊට අවශ්‍ය වපසරිය නිර්මාණයකිරීමේ වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කළේ ගෙවතු වගාවට අපගේ වටිනා ගණුදෙනුකරුවන් දිරිමත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ගණුදෙනුකරුවන් තම දෛනික පරිභෝජනය සඳහා අඛණ්ඩව කාබනික ආහාර සපයාගැනීමේ මාධ්‍යයක් ලෙස මෙම ගෙවතු වගාව සඳහා අප ලබා දුන් ශාඛ පැලවලට අමතරව තවත් ප්‍රභේද සමඟින් ඉදිරි කාලය තුළ ඔවුන්ගේ වගාව පුළුල් කරගනු ඇතැයි අපගේ අභිප්‍රාය සහ බලාපොරොත්තුවයි.’ පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප්‍රධානී මධුක නලින් මහතා පැවසීය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග අද වන විට පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ජායාරූප විස්තරය : පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප්‍රධානී මධුක නලින් මහතා (මැද) හිතවත් ගණුදෙනුකරුවෙකුට සහ ඔහුගේ දියණියට (වමේ) රෝපණය කරන ලද මිරිස් පැළයක් ලබා දෙන අයුරු. පසෙකින් තිස්සමහාරාම ශාඛා උප ප්‍රධානී ඊ.ඒ.එස්.ලක්මින්ද මහතා සහ මුදල් අයකැමි නිලධාරී ප්‍රදීප් චන්ද්‍රසේන යන මහත්වරු සිටිති.

  • Ada Derana BIZ Sinhala
  • Good Distribution Practices
  • Hemas Pharmaceuticals
  • sri lanaka

හේමාස් ෆාමසූටිකල්ස් සමාගමට බියුරෝ වෙරිටාස් වෙතින් ‘Good Distribution Practices’ සහතිකය

August, 9, 2022

රටේ ජනතාවට උසස්ම ප්‍රමිතියෙන් යුත් ඖෂධ නිෂ්පාදන ලබාදීමට කැපවී සිටින හේමාස් ෆාමසූටිකල්ස් සමාගම (Hemas Pharmaceuticals), බියුරෝ වෙරිටාස් (Bureau Veritas) වෙතින් යහපත් බෙදාහැරීම් ක්‍රමවේදයන් සහිත සමාගමක් ලෙස Good Distribution Practices - GDP සහතිකය ලැබීමට පසුගියදා සමත් විය.

මෙම සහතිකකරණය මගින්, හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සිය බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල යහපත් බෙදාහැරීම් ක්‍රමවේදයන් අනුගමනය කරන බවත්, සැපයුම් දාමය පුරාම උසස් තත්ත්වය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් සහතික කෙරේ. බියුරෝ වෙරිටාස් යනු ලොව පුරා සමාගම් හා ආයතන වලට තම කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට උපකාරී වන සහතිකකරණයන් පිරිනමන ජාත්‍යන්තර ආයතනයකි.

“ඖෂධ තොග සපයා ගැනීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම තුළදී අප සෑම විටම ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුව කටයුතු කරනවා. මෙම නවතම ජයග්‍රහණයත් සමග, අපගේ හවුල්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම අපට පෙරටත් වඩා හොඳින් සිදුකළ හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ ඖෂධ නිෂ්පාදන ආනයන හා බෙදාහැරීම් සමාගම වශයෙන් මේ ආකාරයට ISO 9001:2015 ප්‍රමිති සහතිකය මෙන්ම බියුරෝ වෙරිටාස් වෙතින් GDP සහතිකකරණයද හිමි වීම අපට මහත් ආඩම්බරයක්. ජාත්‍යන්තර පිළිගැනීම හිමි මෙම සහතිකකරණය මගින් තහවුරු වන්නේ හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සෑම විටම අනුකූලතාව සහ උසස් තත්ත්වය වෙනුවෙන් කැපවී සිටින බවයි.” හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල්ස් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසී ය.

“GDP සහතිකකරණය හිමිවීම සම්බන්ධයෙන් අප හේමාස් ෆාමසූටිකල්ස් සමාගමට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා. එය එම සමාගම සිය සැපයුම් දාමයේ සෑම අංශයකදීම වගකීම් සහගත ලෙස කටයුතු කරන බව තහවුරු කරන සාධකයක්. මේ හවුල්කාරීත්වය පිළිබඳව අප ආඩම්බර වන අතරම, ඉදිරියේදී තවතවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටතම ක්‍රමවේදයන් භාවිතයට ගැනීම සඳහා සමාගම දක්වන උත්සාහයට සහය වීමට අප සූදානම්.” ශ්‍රී ලංකාවෙහි බියුරෝ වෙරිටාස් සාමාන්‍යාධිකාරී ශාන් නානායක්කාර මහතා පැවසී ය.

හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් හේමාස් ෆාමසූටිකල්ස් සමාගම මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. සිය විශිෂ්ට විකුණුම් හා බෙදාහැරීම් ක්‍රියාවලිය නිසා මේ වනවිට වෙළඳපොළෙන් 30% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගැනීමට එම සමාගම සමත් වී ඇත. තමන් සමග ගනුදෙනු කරන ඕනෑම පාර්ශ්වයකට ගැළපෙන විසඳුම් පිරිනැමීමේ හැකියාව හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සතු ය.

  • Active Citizens
  • Ada Derana BIZ Sinhala
  • SEDR
  • sri lanaka

SEDR ව්‍යාපෘතිය, Active Citizens වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර සාර්ථකව නිම කරයි

August, 8, 2022

SEDR (ඵලදායීව ආරවුල් නිරාකරණයට සහාය වීම)‍‍ යනු බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කරන ලද සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (STRIDE) යන තම වැඩසටහනේ කොටසක් ලෙස යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන, සිව් වසරක යුක්ති ප්‍රවේශ ව්‍යාපෘතියකි. SEDR හි පරමාර්ථය වන්නේ, සාමකාමී සහජීවනය සහ සාධාරණ සහ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂාවයි. 2021 දෙසැම්බර් සිට 2022 ජූනි දක්වා කාලය තුළ SEDR විසින්, ප්‍රජා ගැටලු විසඳීමට සහ ප්‍රජා ආරවුල් නිරාකරණය වැඩිදියුණු කිරීමට, ස්ථානීය ආරවුල් නිරාකරණය සහ සමාජීය අන්තර්කරණය වෙත දැඩි අවධානයක් සහිතව විශේෂයෙන් සකසන ලද SEDR Active Citizens වැඩසටහන් තුනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අරඹන ලදී. SEDR හි ඉලක්ක පළාත් තුනෙහිම (උතුර, නැගෙනහිර සහ ඌව) මෙම වැඩසටහන් පවත්වන ලද අතර, පළමු අදියර නොබෝදා සාර්ථකව අවසන් විය.

Active Citizens යනු අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ප්‍රජාව විසින් මෙහෙයවන සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්, ප්‍රජාවන් තුළ සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනගමින් වසර 10 කට වැඩි කාලයක් බි්‍රතාන්‍්‍ය කවුන්සිලය විසින් ලොව පුරා සාර්ථකව මෙහෙයවනු ලබන සමාජ නායකත්ව පුහුණු ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණයේදී, විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්ට සහාය වීම සඳහා වූ SEDR හි ප්‍රවේශයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

සෑම පළාතකම CSO හවුල්කාර සංවිධානවල සහයෝගය සහ මගපෙන්වීම සමඟ, SEDR Active Citizens වැඩසටහන විසින්, සෑම දිනකම යම් ප්‍රජාවක් සමඟ වැඩ කිරීමේ විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරන ලද දින පහක පුහුණුවක් ලැබූ සහභාගිවන්නන් සමඟ වැඩ කරන ලදී.

පුහුණුව තුළින් ලබා දෙන කුසලතා අතරට තම අනන්‍යතාවය සහ සංස්කෘතිය පිළිබඳ ස්වයං දැනුවත්භාවය, විශ්වාසය සහ අන්තර් පුද්ගල සබඳතා ගොඩනැගීම, සංවාදය දිරිමත් කිරීම සහ පහසු කිරීම සඳහා මෙවලම් සහ ශිල්පීය ක්‍රම ගවේෂණය කිරීම, ගැටළු හඳුනා ගැනීම, ගැටළු විසඳීම, සමාජ එකමුතුභාවය ප්‍රවර්ධනය කිරීම සහ ආරවුල් කළමනාකරණය සහ නායකත්වය ද ඇතුළත් විය.

SEDR SEDR Active Citizenප්‍රජාවක සිටින්නාවූ විවිධ රුචිකත්වයන් සහ කුසලතා ඇති පුද්ගලයින් සමඟ සම්බන්ධ වෙති. අනතුරුව, තරුණ ස්වේච්ඡා සේවකයන්ගේ සිට රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් දක්වා ඔවුන්ගේ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ප්‍රජාව තුළ සැලසුම් කර කළමනාකරණය කර ක්‍රියාත්මක කරන ලද විශේෂිත ප්‍රජා මැදිහත්වීමක් (සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති) හරහා ඔවුන් මෙම කුසලතා ක්‍රියාවට නංවති. 2022 මාර්තු සිට ජූනි දක්වා, SEDR Active Citizens විසින් ඔවුන්ගේ ප්‍රජාවන් මුහුණ දෙන ගැටළු සහ ආරවුල් පිළිබඳව අවධානය යොමු කරන ලද සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති 15ක් ලබා දෙන ලදී.

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ තරුණ සහභාගිවන්නෙකු පැවසුවේ, “මගේ SEDR AC ගමනේ දී, වැඩමුළුවේදී මම ඉගෙන ගත් සමහර පාඩම් නම්, විශේෂයෙන් ගැටුම් ගස, සංසද රඟහල, ඒ වගේම භූමිකා නාට්‍ය එකම ප්‍රජාවකට සීමා නොවී, ඔවුන් කුමන ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවද සියල්ලන්ටම අදාළ වීම. මම එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වූ විට, මගේ දෙමළ නේවාසික මිතුරන්ට අපේ ගමට පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මම අමතක කළේ නැහැ. ඒ වගේම මේ මිතුරන් මා සහ අනෙකුත් සිංහල මිතුරන් ඔවුන්ගේ වතුවල ඔවුන්ගේ ආගන්තුකයන් ලෙස පැමිණෙන්නත් ආරාධනා කළා.”

SEDR කණ්ඩායමේ නායක ජැක් කාර්ස්ටන්ස්ථ  “බි්‍රතාන්‍්‍ය කවුන්සිලයේ Active Citizens ආකෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමේ SEDR හි අභිලාෂය සඳහා ඉතා සුදුසු බව ඔප්පු වී ඇත. කාන්තාවන් සහ තරුණ ස්වේච්ඡා සේවකයන් Active Citizens ප්‍රවේශයෙන් වර්ධනය වී ප්‍රතිලාභ ලබාගෙන ඇති ආකාරය සහ ඔවුන්ගේම ප්‍රාදේශීය ප්‍රජාවන්ට බලපාන ගැටුම්වල මූල හේතුන් කිහිපයක් විසඳීමට ඔවුන්ගේ නව දැනුම් සහ කුසලතා භාවිතා කරන ආකාරය දැකීම ඉතා දිරිගන්වන සුළුය.” යනුවෙන් අදහස් දැක්වීය.

Active Citizens ආකෘතිය භාවිතා කරමින්, SEDR Active Citizens වැඩසටහනේ 2 වන අදියර හරහා දේශීය තරුණ හා කාන්තා ශූර ශූරියන්ගේ ධාරිතාව තවදුරටත් ගොඩනැංවීම සහ ශ්‍රී ලංකාවේ උතුරු, ඌව සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාවන් තුළ සියල්ලන් අන්තර්ගතවූ, සන්දර්භීය වශයෙන් අදාළ සහ ධනාත්මක වෙනසක් ඇති කරන සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති ලබා දීමට ඔවුන්ට සහාය වීම SEDR අරමුණු කරයි.

පසුගිය මාස කිහිපය පුරාවට SEDR - Active Citizens ගමන් මගෙහි කොටසක් නැරඹීමට මෙතැන ක්ලික් කරන්න. (add link to website with videos and pics)

 

  • Ada Derana BIZ Sinhala
  • Cleantech
  • FMCG
  • Hemas
  • sri lanaka

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ Cleantech ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි

August, 8, 2022

ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.  පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියේ කොටසක් ලෙස පොදු උත්සවවලදී සහ පොදු ස්ථානවල දමා යන ප්ලාස්ටික් කුණු එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා හවුල්කරුවන් හා එක්ව ක්‍රියා කරයි.

සිය හරිත මෙහෙවර පාරිසරික ප්‍රතිඥාව යටතේ  හේමාස් සමූහ ව්‍යාපාරය,  පරිසරය සුරැකීමට සහ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට හා ඒ සඳහා  ජනතාව ඒකරාශි කිරීමට ප්‍රතිඥා දී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆාලි "ශ්‍රී ලංකාව තුළ වගකීම් සහගත සහ තිරසාර  මෙහෙයුම් තුළින්  අපගේ පාරිසරික පිය සටහන් හඳුනාගෙන, ඒවා අවම කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි. වගකීම් සහිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සහතික කරමින් Cleantech සමඟ සහයෝගීව සිදු කරන මෙම ව්‍යාපෘතිය හේමාස් විසින් සැලසුම් කරන ලද මහා පරිමාණ පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි. එසේම, වසර 2030 වන විට අපගේ භාණ්ඩ ඇසුරුම්කරණයේදී  ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වූ අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් දෙසද අපේ අවධානය යොමු කරනවා.” යනුවෙන් සිය අදහස් දක්වා සිටියාය.

Cleantech පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, "පරිසරයට හානිකර ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට නවෝත්පාදන විසදුම් සෙවීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම​ අපට සතුටක්. ගොඩබිම සහ සාගරය වෙත වගකීම් විරහිතව බැහැර කරන ප්ලාස්ටික් හේතුවෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට තර්ජන එල්ල වී ඇත​. කඩිනමින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සිදු කර, පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කරන මෙම ව්‍යාපෘතිය  කාලෝචිතව වටිනා මුල පිරීමක් ද වෙනවා" යනුවෙන් සඳහන් කරන ලදි.

 

ජායාරූප විස්තරය : අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් (වමේ සිට) හේමාස් වෙතින් - කීත් දාබරේ, සන්නාම සහ අරමුණු  නිර්මාණ ශිල්පි, සොනාලි නිසාම්, විධායක, ආයතනික කටයුතු, මින්දික තිලකරත්න, කළමණාකාර සමූහ තිරසාර හා විශේෂ ව්‍යාපෘති, ජානකී කරුණාරත්න,  සමූහ ආයතනික කටයුතු ප්‍රධානී, සබ්‍රිනා යුසුෆාලි, වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්. Cleantech වෙතින් Cleantech හි කළමනාකාර අධ්‍යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, කළමනාකරණ අභ්‍යාසලාභී සෙව් පෙස්ටොන්ජී, චක්‍රීය ආර්ථික සේවා ප්‍රධානී කසුන් කරුණානායක, චක්‍රීය ආර්ථික සේවා කළමනාකරු, කසුන් තෙන්නකෝන්, සචිනි ප්‍රභා, සහකාර කළමනාකරු, චක්‍රීය ආර්ථික සේවා

  • Ada Derana BIZ Sinhala
  • Kataragama
  • sri lanaka
  • Swadeshi Kohomba

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 21 වන වරටත් ආලෝකමත් කරයි

August, 8, 2022

ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම  දේවාලය 2022 ඇසළ මංගල්‍යය වෙනුවෙන් ආලෝකවත් කරනු ලබයි. "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" යන තේමාව යටතේ සිදු කරන මෙම අලෝක පූජාව මෙවර සිදු කරනු ලබනුයේ 21 ක් වන වරටයි.

ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක් බව කඳානේ, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.

ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයන බව ඇය තවදුරටත් පවසා සිටියාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.

බුදු රජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහිවනු පිණිස  මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහා වංශයේ දැක් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව විවිධ ජන වර්ගවලට අයත් විවිධ ජාතීන් හා ආගම්වල ජනයා විසින් කතරගම දෙවිඳුන් වන්දනාමාන කරනු ලබයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ  'ශ්‍රී දළදා මාළිගාව' සහ පෞරාණික බිතු සිතුවම්   අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ  දේවාලය, මහනුවර ශ්‍රී විශ්නු මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරය,  දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි

 

Photo Caption: ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, කිරි වෙහෙර රජමහ විහාරයේ විහාරස්ථානාධිපති, ගරු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිළමේ  ඩිශාන්  වික්‍රමරත්න ගුණසේකර ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • Kalmar
  • Kalmar Double Container Handler DCG100-45 ED65
  • Logistics International Limited
  • South Asia Gateway Terminals
  • sri lanaka

ශ්‍රී ලංකාවේ වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් සංවර්ධනය උදෙසා DIMO සමගින් Kalmar එක්වේ

August, 8, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ස්වයංක්‍රීයකරණය සහ බලශක්ති කාර්යක්ෂම බහාලුම් හැසිරවීමේ විසඳුම් නිර්මාණයේ ලොව පුරෝගාමී සමාගමක් වන Kalmar සමග ඇති කරගත් හවුල්කාරීත්වය හරහා, දේශීය බහාලුම් පර්යන්ත මෙහෙයුම් නව තලයකට ගෙන ඒමට ක්‍රියා කරයි.

2018 වර්ෂයේ සිට, Kalmar නිෂ්පාදන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් DIMO ශ්‍රී ලංකාව තුල ක්‍රියා කරයි. විශේෂයෙන්ම, DIMO හි විශිෂ්ට සේවාවන් සමඟින් පාරිභෝගිකයා අතට පත්වන පුළුල් පරාසයක විහිදුනු Kalmar නිෂ්පාදන හරහා, දේශීය බහාලුම් මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සංවර්ධනයට DIMO විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. Kalmar විසින්, වරාය, පර්යන්ත සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන සඳහා විසඳුම් රාශියක් ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ ගෝලීය ශක්තිය මැනවින් පෙන්නුම් කිරීම සඳහා, පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන, ශක්තිමත් සහ කාර්යක්ෂම ගෝලීය ජාලය සහ විවිධ පර්යන්ත ක්‍රියාවලීන් ඒකාබද්ධ කිරීමේ හැකියාව හොඳම නිදසුන් වේ.

මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින්, DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ Material Handling ව්‍යාපාර අංශය භාරව කටයුතු කරන චමින්ද රණවන මහතා මෙලෙස පවසා සිටියි. " DIMO විසින් Kalmar සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය හරහා, වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් තුළ ඉහළ කාර්යක්ෂමතාවයක් සහ කාර්යසාධනයක් ඇති කරගත හැකි වෙනවා. විශේෂයන්ම, වෙළඳ කටයුතු වර්ධනය වන විට සහ දැඩි නීති සම්පාදනය වන විට, වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ක්‍රියාකරුවන් විසින් මෙහෙයුම් පුළුල් කිරීමට පමණක් නොව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීමට ද මාර්ග සොයනවා . වර්තමානයේ පවතින වෙළඳ පොළ අවශ්‍යතා සපුරාලීමට සහ නීති රෙගුලාසි වලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කිරීමට, පර්යන්ත ක්‍රියාකරුවන් විසින් වඩාත් ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, Kalmar සමඟ DIMO ඇතිකර ගත් මෙම   හවුල්කාරීත්වය මෙහෙයුම්කරුවන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත."

මෙම හවුල්කාරීත්වය හා සමගාමීව, DIMO විසින් නවතම Kalmar යන්ත්‍ර ද්විත්වයක්,  Logistics International Limited (LIL) සහ South Asia Gateway Terminals (PVT) Ltd (SAGT) සමාගම් වෙත භාර දෙන ලදී. මෙහිදී, Kalmar Double Container Handler DCG100-45 ED65 නවතම යන්ත්‍රය LIL වෙත ලබාදුන් අතර, මෙම යන්ත්‍රය, ඉහළ ක්‍රියාකාරී එන්ජිමක් සහ හිස් බහාලුම් දෙකක බර එකවර ඉසිලීමේ හැකියාව දරයි. මෙම යන්ත්‍රය, බහාලුම් ගබඩාව තුළ වැය කරන කාලය ඉතිරි කර, මෙහෙයුම් ඵලදායිතාව වැඩි කරන අතර, එමඟින් මෙහෙයුම් පිරිවැය විශාල වශයෙන් ඉතුරු කරයි. එය තනි හෝ ද්විත්ව හිස් බහාලුම් සඳහා ටොන් 10 ක එසවුම් ධාරිතාවක් සමඟින් සමන්විත වේ.තවද මෙහි ද්විත්ව ප්‍රවේශ පඩිපෙළ (dual access stairways),  ක්‍රියාකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන anti-slip platforms, handrails සහ LED working lights ඇතුලත් වේ. මෙහි තවත් සුවිශේෂී විශේෂාංග අතරට, වසරක කාලයක් පුරාවට පිරිනමන බලපත්‍රයක් සහිත, 'Kalmar Insight’  පද්ධතිය සහ  Hydraulic Pile Slope සමගින් එන lockable fuel cap හැඳින්විය හැකිය.

SAGT සඳහා DIMO විසින්, ISO 20'/40’ laden high cube බහාලුම් හැසිරවිය හැකි, Kalmar Essential Reachstacker DRU45 සපයා ඇති අතර, මෙය පරිසර හිතකාමී එන්ජිමක් සමගින් පැමිණෙන අතර, මෙහෙයුම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, ගිනි නිවන පද්ධති (fire suppression system) වැනි අද්විතීය විශේෂාංග ඇතුළත්ව පැමිණේ. Kalmar Essential Reachstacker DRU45 හැසිරවීමට පහසු වන අතර, එහි මෙහෙයුම් චක්‍රය පුරාවට ඉහළ කාර්ය සාධනයක් සහතික කරමින්, අවම පිරිවැයක් සහතික කරයි.

ඉහළ මෙහෙයුම් කාර්යසාධනයක් අපේක්ෂා කරන සමාගම් සඳහා Kalmar විසින් තත්වයෙන් උසස් කාර්යක්ෂම නිෂ්පාදන රැසක් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. DIMO හි ඉංජිනේරුමය විශිෂ්ටත්වය සමඟ ඒකාබද්ධ වෙමින්, දේශීය වරාය සහ අභ්‍යන්තර පර්යන්තය බහාලුම් මෙහෙයුම් සංවර්ධන ක්‍රියාවලියට සහාය වීම සඳහා   Kalmar විසින් විශාල දායකත්වයක් සපමින් සිටියි. සියලුම Kalmar උපකරණ DIMO හි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ අසමසම අලෙවියෙන් පසු සේවාවන් සමඟින් පාරිභෝගිකයා අතට පත්වේ.

  • Ada Derana BIZ Sinhala
  • Advocata
  • Reset Sri Lanka
  • sri lanaka

Reset Sri Lanka තේමාව යටතේ Advocata ආයතනය මඟින් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා ඉදිරි ගමන පිළිබඳ සමුළුවක් සංවිධානය කරයි

August, 8, 2022

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප‍්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර විශේෂඥයින්, චින්තන නායකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් එක් කර ගනිමින් අගෝස්තු 5 සහ 6 දිනයන් හීදි Reform Now සම්මන්ත‍්‍රණය 'Reset Sri Lanka' යන තේමාව යටතේ Advocata ආයතනය විසින් සංවිධානය කරන ලදි.

දෙදින සංසදයේ අරම්භක දිනය (අගෝස්තු 5) ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් ආරම්භ විය. තායිලන්තය 1997 දී සිදු කල ලෙසම මෙම අර්බුදයෙන් මිදීමට ශි‍්‍ර ලංකාවද විශාල වශයෙන් ප‍්‍රතිසංස්කරණ සිදු කල යුතු බව ප‍්‍රධාන දේශනයදී තායිලන්ත මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය වීරතායි සන්ති ප‍්‍රභොබ් අවධාරණය කරන ලදී. එහිදී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලිකකරණය කිරිම, වඩාත් අවදානමට ලක්විය හැකි ආයතන ආරක්ෂා කිරීම සහ බැංකු අංශය ශක්තිමත් කිරිම වැනි ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් තායිලන්තයේදි කි‍්‍රයාත්මක කරන විට ඔහු මුහුණ දුන් අත්දැකීම් පැමිණි සිටි විද්වතුන් සමඟ බේදා ගත් අතර ඔහු ප‍්‍රකාශ කර සිටියේ මෙම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරිම පහසු කටයුත්තක් නොවන බවයි. පසුව Advocata හී සභාපති මුර්තසා ජැෆර්ජි මහතා ඇතුළු පැමිණි සිටි කිර්තිමත් ප‍්‍රවීණයන් ශි‍්‍ර ලංකාව නැවත ගොඩ නැගීමට අවශ්‍ය ආර්ථික හා අනෙකුත් ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දක්වන ලදි.

ලංකාවේ ප‍්‍රථම වරට රාජ්‍ය ව්‍යවසායන් වල ඵලදායිතාවය සොයා බැලිය හැකි වන පරිදි නවතම වෙබ් අඩවියක් www.soe.lk ලෙසින් Advocata ආයතන විසින් එදින එලිදක්වන ලදි. රාජ්‍ය ව්‍යවසායන් වල මූල්‍ය තත්වය, ලාභ අලාභ පිළිබඳව, ණය ප‍්‍රමාණය සහ තවත් විශාල තොරතුරු ප‍්‍රමාණයක් මහජනතාවට ඉතාම පහසුවෙන් ලබා ගැනීම මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරිමේ මූලික අරමණ බව Advocata ආයතනය ප‍්‍රකාශ කරන ලදි. එයට සමගාමීව Advocata ආයතනය විසින් ඔවුන්ගේ නවතම රාජ්‍ය ව්‍යවසායකයන් පිළිබඳ වාර්තාව වන "A Governance and Consolidation Plan" ඉදිරිපත් කරන ලදි.

පසුව මේ දින වල සමාජයේ බොහෝ සෙයින් කතා බහට ලක් වී ඇති රාජ්‍ය ව්‍යවසායන් අතරින් පාඩු ලබන ප‍්‍රධානතම සමාගමක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම පිළිබඳවද සාකච්ඡා විය. එහිදී Air India ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරිමේ මාර්ගය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවය සහ එය කල යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරුණි. TWCorp Pvt Ltd හි සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී, අශ්විනි පද්නි, AirInsight හි කර්තෘ සහ Air India සමාගම පෞද්ගලීකරණය කිරිම සඳහා සම්බන්ධ වූ අකිලෙෂ් තිලෝෂා ඇතුළු තවත් විද්වත් මණ්ඩලයක් මෙම සැසිය සඳහා සහභාගි විය. තවද එහිදි විජේසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බොහෝ ණය රාජ්‍ය බැංකු වලින් ලබාගෙන ඇති බවත් එය මූල්‍ය ස්ථාවරත්වයට දැඩි ලෙස හානි විය හැකි බවත් ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරිමේදි සලකා බැලිය යුතු සාධක පිළිබඳවද මෙම සැසියෙදී එයට සහභාගි වූ විද්වත් මණ්ඩලය විසින් සාකච්ඡා කරන ලදි.

Resetting Samurdhi : Social Safety Nets සැසිවාරයේදී ආචාර්ය ස්ටේෆාන් කිඞ්ස් ප‍්‍රකාශ කර සිටියේ සමෘද්ධි ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ඇති ලොකුම අභියෝගය වන්නේ ‘සමෘද්ධියේ ඉලක්ක ඉතා දුර්වල වීම සහ එය රජය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීම’ බවයි. ආචාර්ය ගංගා මහත්ම්ය විසින් පෙන්වා දෙනු ලැබුවේ, සමෘද්ධි ප‍්‍රතිසංස්කරණ සිදු කිරිමේදි වඩාත් අඩු ආදායම්ලාභීන් වෙත හිමිකම් ළඟා වන පරිදි ඉලක්ක සැකසීමල ප‍්‍රතිඵල නිසි ලෙස විශ්ලේෂණ කිරිම සහ ඵලදායී ඉලක්කගත යාන්ත‍්‍රණයක් තිබිම වැදගත් වන බවයි. එමෙන්ම අචාර්ය රොෂාන් සහ ආචාර්ය මයික් මුවර් යන මහත්වරුන් සහභාගි වූ The Taxation" Stability and Growth සැසියෙදී රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය තුල සහ බදුකරණය තුල යහපත් විනයක් පැවතීම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරිම සඳහා ඉතා වැදගත් වන බව පෙන්වා දෙන ලදී. එමෙන්ම මහාචාර්ය පේ‍්‍රමචන්ද්‍ර අතුකෝරල මහතා විසින් ශ්‍රී ලංකාව නැඹුරු වී සිටින Anti-tradable වෙළඳ ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඇති වී ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි කරන ලදි. මෙවැනි අවස්ථාවක නැවත ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අවශ්‍ය ස්ථාවරකරණය සහ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අචාර්ය සරත් පතිරණ, ආචාර්ය අසංක විජේසිංහ ඇතුළු විද්වත් මණ්ඩලය අදහස් දක්වන ලදි.

දින දෙකක පුරා පැවති මෙම සම්මන්ත‍්‍රණයට ආර්ථික හා සමාජීය ප‍්‍රශ්න රාශියක් ආවරණය කිරීම සඳහා දේශීය හා ගෝලීය චින්තකයින් සහ ශාස්ත‍්‍රාලිකයින්ගෙන් සැඳුම්ලත් විශේෂඥ මණ්ඩල කිහිපයක් සහභාගී විය. බදුකරණය, රජය සතු ව්‍යවසායන්, සමාජ ආරක්ෂණ ජාල, වෙළඳ ප‍්‍රතිපත්ති සහ ඉඩම් ප‍්‍රතිපත්තිය වැනි ක්ෂේත‍්‍රවල වැදගත් ප‍්‍රතිසංස්කරණන් මෙහිදී ආවරණය විය. එම නිසා මෙවැනි තිරසාර ප‍්‍රතිසංස්කරණ සිදු කිරිම හරහා ශ‍්‍රි ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජීය අර්බුදයෙන් මිදි නැවත ශ්‍රී ලංකාව නගා සිටුවීමට හැකියාව ලැබෙනු ඇත. අපගේ සම්මන්ත‍්‍රණ පිළිබඳ වැඩි දුර තොරතුරු අපගේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැක. https://www.reformnow.advocata.org/

  • Ada Derana BIZ Sinhala
  • Fast Company
  • MAS
  • sri lanaka
  • Twinery

MAS හි නවෝත්පාදන අංශය වන Twinery, Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100 හි ලැයිස්තුවේ 18 වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙයි

August, 5, 2022

Microsoft, T-Mobile, Adobe, PayPal සහ තවත් දැවැන්තයින් අතරට එක් වෙයි

සෑම මට්ටමකම නවෝත්පාදන දිරිගැන්වීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයක් හා කැපවීමක් පෙන්නුම් කරන සංවිධාන සහ ව්‍යාපාර ඇගයීමේ අරමුණින් Fast Company සිය සඟරාවේ සිව්වන වාර්ෂික නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100 ලැයිස්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී MAS හි නවෝත්පාදන අංශය වන Twinery සිය ජාත්‍යන්තර තලයේ නව්‍ය සේවා සංස්කෘතිය සහ සාමාජිකයින් උදෙසා එම ලැයිස්තුවේ 18 වන ස්ථානයට ශ්‍රේණිගත වීම විශේෂයෙන් කැපී පෙනිණි.

පරිගණක විද්‍යාව, ජෛව තාක්ෂණය, පාරිභෝගික ඇසුරුම් කළ භාණ්ඩ, ලාභ නොලබන, අධ්‍යාපනය, මූල්‍ය සේවා, සයිබර් ආරක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විවිධත්වය, තිරසාරභාවය, B2B සහ පාරිභෝගික නිෂ්පාදන සහ සේවා ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර අතරින් Accenture සමඟ එක්ව තෝරා ගනු ලබන නවෝත්පාදකයින් සඳහා වන 2022 විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව සඳහා ජයග‍්‍රාහකයින් ශ්‍රේණිගත කරනු ලබයි. Fast Company හි සංස්කාරකවරුන් සහ Accenture හි පර්යේෂකයන් අයදුම්පත් 1,500කට ආසන්න ප‍්‍රමාණයක් ලබා ගැනීමට එක්ව කටයුතු කළ අතර කීර්තිමත් විනිශ්චයකරුවන් අට දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් විශිෂ්ටතම සමාගම් 100 තෝරා ගන්නා ලදී. 2022 සම්මාන සඳහා ලොව පුරා ඇති විවිධ රැකියා ස්ථාන ඇගයීමට ලක් කරයි.

‘’Fast Company සඟරාව මගින් අපව ඇගයීමට ලක් වීම ගැන අපි සතුටු වෙනවා. මෙමගින් අපගේ කණ්ඩායමේ විශිෂ්ට හැකියාවන් ඉස්මතු වනවා පමණක් නොව, සහයෝගීතාවය සහ යටිතල පහසුකම් සවිබල ගැන්වීම තුළින්  ඕනෑම තැනක පෙරළිකාර නවෝත්පාදනයන් සිදු විය හැකි බව ද අවධාරණය කරනවා.’’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Twinery හි ප‍්‍රධාන නවෝත්පාදන නිලධාරී රනිල් විතාරණ මහතා පැවසුවේය.

Twinery හි මානව සම්පත් කළමනාකරණ ප‍්‍රධානී දිනේලි ජයසේකර මහත්මිය පැවසුවේ, Fast Company සඟරාව වෙතින් අප පිළිගැනීමට ලක්වීම වෘත්තීය මට්ටමින් පමණක් නොව පුද්ගලිකව ද අප කටයුතු කරන ආකාරය සහ අපගේ දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා සුදුසු සේවා පරිසරයක් ඇති කිරීමට අප ගන්නා උත්සාහය හා කැපවීම අගය කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. ඉදිරියටත් අපගේ කටයුතු කරගෙන යාමට එය අපට ශක්තියක් වෙනවා.’’ යනුවෙනි.

”මෙම වසරේ නවෝත්පාදකයින් සඳහා වූ විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව තෝරාපත්කර ගැනීමේදී නිර්මාණශීලී නවෝත්පාදනයන් සිදුකිරීම සඳහා ඉහළින්ම කැපවන ආයතන හඳුනාගත්තා.’’ යනුවෙන් Fast Company හි ප‍්‍රධාන කර්තෘ බ්‍රෙන්ඩන් වෝන් මහතා පැවසුවේය. ‘’සියලූ බාධාවන් හමුවේ නොසැලී මෙම ප‍්‍රමුඛ පෙළේ සමාගම් හා කණ්ඩායම් නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

https://www.fastcompany.com/best-workplaces-for-innovators/list ඔස්සේ සම්පූර්ණ ලැයිස්තුව සඳහා යොමුවන්න.

Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව ඇතුලත් කලාපය (සැප්තැම්බර් 2022) දැන් අන්තර්ජාලය මගින් ලබා ගත හැකි අතර මුද්‍රිත කලාපය 2022 අගෝස්තු 16 වන දින සිට පුවත්පත් වල පල වීමට නියමිතය. #FCBestWorkplaces භාවිත කර නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන වන සාකච්ඡුාව සමඟ සම්බන්ධ වීමට හැකියාව ඇත.

  • Ada Derana BIZ Sinhala
  • BOI
  • sri lanaka
  • Visa

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක‍්‍රියාවලිය ආරම්භ කරයි

August, 5, 2022

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තම ව්‍යාපාරික කටයුතු ඩිජිටල්කරණයට පරිවර්ථනය කරලීමේ සංදිස්ථානයක් ලෙස මාර්ගගත විසා නිර්දේශ ක‍්‍රියාවලිය ස්ථාපිත කිරීම අවසන් කරයි. මෙම ක‍්‍රියාවලිය ශ්‍රීරි ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා "ව්‍යාපාරික කටයුතු කිරීමේ වඩාත්ම පහසුකම් ඇති ” රටක් වශයෙන් ජාත්‍යන්තරය තුල ස්ථානගත කිරීමේ මූලික ක‍්‍රම උපාය මාර්ග සැලසුමේ ප‍්‍රධානතම අංගයක් ලෙස සම්පූර්ණ කොට ඇත. මෙම ක‍්‍රියාවලිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමණ දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය සහයෝගීතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස දැකිය හැක. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින්ගේ අවශ්‍යතාවය මත වාර්ෂික විසා බලපත‍්‍ර 7500-8000 ක් අතර ප‍්‍රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි. ඒ සදහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වේ. එම ක‍්‍රියාවලිය පහසු කරමින් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව නව මාර්ගගත විසා බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදය හදුන්වා දෙයි.

එහි ආරම්භක අවස්ථාව අද (05) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැත්විණි.

නව ක‍්‍රමය හදුන්වා දීමත් සමග කිසිදු අයදුම්කරුවෙකුට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණිමට අවශ්‍ය නොවන අතර සියළු කාර්යයන් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කල හැක. සෑම වීසා අයදුම්කරුවෙක්ගේම වීසා අයදුම්පත ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිර්දේශ කර ආගමන විගමණ දෙපාර්තමේන්තුවට යොමු කරනවාත් සමගම අයදුම්කරුට කෙටි පණිවිඩයක් හා විද්‍යුත් තපෑල මගින් දැනුම්දීමක් සිදු කරයි. මෙම ක‍්‍රමය හදුන්වාදීමත් සමග වංචනික ලිපි හා සහතික ඉදිරිපත් කිරිම වැනි ක‍්‍රියා සිදු නොවනු ඇත. නව ක‍්‍රමය යටතේ වීසා වර්ග තුනක් සදහා අවශ්‍ය නිර්දේශයන් ලබාදේ. මෙරටට අතුළුවිමේ විසා, පදිංචි විම සදහා විසා සහ වීසා බලපත‍්‍ර දීර්ඝ කර ගැන්වීම මෙයට අයත්ය. මේ තුලින් ආයෝජකයන්ට, සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැක.

ආයෝජකයන්ට සිය ව්‍යාපාර කිරීමේ පහසුව ඉහල නැංවිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල හදුන්වා දුන් බවත් මෙම ප‍්‍රවණතාවය හේතුකොටගෙන ව්‍යාපාරිකයන් හට තම ව්‍යාපාරික කටයුතු සඳහා සම්පූර්ණ කාලය යොමුකල හැකි බවත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවාය.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පහසුකම් සැපයීම හේතුකොටගෙන ව්‍යාපරිකයන්ගේ කාලය වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමට හැකි බවත් ඒ සදහා ආගමන විගමණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිඝණක අංශයේ නිලධාරීන් කණ්ඩායමත් ඔවුන්ගේ නිපුනතාවය සහ දැක්වු සහයෝගය හා කැපකිරීම අගය කරන බවද පැවසුවාය.

ශ‍්‍රී ලංකාව කලාපයේ විශිෂ්ඨතම ආයෝජන ගමනාන්තය බවට පත්කිරිමේ වැඩපිලිවෙල යටතේ සියළු ආයෝජකයන්ගේ කාර්යයන් පහසු කිරිමට ගන්නා ලද තවත් පියවරක් ලෙස සදහන් කරන අතර ඉදිරියේදී තවදුරටත් පහසු ක‍්‍රමවේදයන් හදුන්වාදීමට අපේක්ෂා කරන බවද වීරකෝන් මහත්මිය පැවසුවාය.

මෙම නව මාර්ගගත වීසා ක‍්‍රමවේදය ඔස්සේ ආයෝජකයන් සහ ව්‍යවසායකයන් මුහුණපානු ලබන අපහසුතාවයන් අවම කර ගැනීමටත්, ඩිජිටල් පරිවර්ථනය ඔස්සේ ශ‍්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරගැනීමේ ව්‍යාපාරික "සුහුරුතාවය” ඉහල දැමීමටත් එමගින් රාජ්‍ය අංශයේ සමගාම් අමාත්‍යාංශ අතර වඩාත් හොදින් ආයෝජකයන් වැඩකටයුතු කරගැනීමේ අවස්ථාව තවදුරටත් වැඩි කරගත හැකි බව වීරකෝන් මහත්මිය පැවසුවාය.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • CIPM
  • sri lanaka

2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයට CDB ආයතනය විසින් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරයි

August, 5, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) 2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ‘සිද්ධි අධ්‍යයන’ සැසිය වෙනුවෙන්, COVID-19 වසංගතය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා සිය ආයතනය භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වීම සඳහා ව්‍යාපාරය සතු මානව සම්පත් පරිචයන් දේශීය හා ගෝලීයකරණය කිරීම’ (‘Glocalization of HRM Practices for Business Resilience’) යන්නයි. මෙහිදී දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මානව සම්පත් පරිචයන්ගේ ඵලදායී බව සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු විය

‘අභියෝග මධ්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව’ (“Resilience amid challenges”) යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම පර්යේෂණ පත්‍රිකාවේදී, CDB ආයතනය COVID-19 අර්බුදයට සාර්ථක ලෙස සූදානම් වීම හා මුහුණ දුන් ආකාරය විශ්ලේෂණය කර තිබේ. තම කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා ගනුදෙනුකරුවන් යන සියලු පාර්ශව වල ආරක්ෂාව තහවුරු කරමින්, ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතනය සමත් වූ ආකාරයද එහිදී පෙන්වා දී ඇත. එමෙන්ම අභියෝග වලට ඔරොත්තු දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පරිසර හිතකාමීත්වයට මුල්තැන දෙමින්, වඩාත් තිරසාර හා විවෘත සමාජයන් හා ආර්ථිකයන් බිහිකිරීමේ මෙහෙවරට CDB ආයතනය මුලපිරූ ආකාරයද මෙහි පැහැදිලි කර තිබේ. තවද මෙම ගෝලීය අභියෝගය හමුවේ, තිරසාර වර්ධනයක් සඳහා තමන් දරන උත්සාහය නැවත වරක් තහවුරු කරමින්, දීර්ඝකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය ඔස්සේ හරිත ආර්ථිකයක් බිහිකිරීම සඳහා CDB ආයතනය දිගින් දිගටම අවධානය යොමුකළ බවද මෙම පත්‍රිකාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

CDB හි නියෝජ්‍ය කළමනාකාරිනී (මානව සම්පත්) චතුරි වෙත්තසිංහ මහත්මිය ආයතනය වෙනුවෙන් සිද්ධි අධ්‍යයනය ඉදිරිපත් කළ අවස්ථාව

 

ඡායාරූපය : CIPM Sri Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ යූ. ඒ. සී. ඔබේසේකර මහතා CDB හි නියෝජ්‍ය කළමනාකාරිනී (මානව සම්පත්) චතුරි වෙත්තසිංහ මහත්මිය වෙත සමරු ඵලකයක් පිළිගැන්වූ අවස්ථාව. මෙවර ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධානී ලෙස කටයුතු කළ මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ මහත්මියද ඡායාරූපයෙහි සිටී.