• Ada Derana BIZ Sinhala
  • pellawatwe
  • sri lanaka

පැල්වත්ත සමාගම යටතේ කිරි ගොවි ප්‍රජාව සඳහා ක්‍රියාත්මක, “පැල්වත්ත ගොවි දිවි සවිය” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කැකිරාවේදී

July, 21, 2022

‘’පැල්වත්ත ගොවි දිවි සවිය’’ ව්‍යාපෘති‍ය සමග එක්ව පැවැත්වෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන, (Smallholder Agribusiness Partnership Program- SAPP), ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ බලාත්මක වන ව්‍යාපෘති‍යක් වන අතර, දේශයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම එහි සක්‍රීය සාමාජිකයෙකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති කිරි ගොවි මහත්ම මහත්මීන්ගේ ජීවනෝපාය නඟාසිටුවිමටත්, ඔවුන්ගේ ගොවිපළවල දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සමාගම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනට සමගාමීව පැල්වත්ත සමාගම විසින් පවත්වනු ලැබූ,  SAPP ව්‍යාපෘති සමාරම්භක උත්සවය 2022 ජුලි 8 වන දින Smallholder Agribusiness Partnership Program (SAPP), Market Oriented Dairy (MOD) සහ  ග්‍රාම සංවර්ධන බැංකුව (RDB) යන අංශවල සහභාගීත්වයෙන් කැකිරාව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීට අමතරව පැල්වත්ත සමාගම විසින් තෝරාගත් කිරි ගොවීන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සදහා ද මූල්‍යාධාර සපයා තිබේ.

තවද, මූල්‍ය ආධාර වලට අමතරව, මෙම ව්‍යාපෘතිය මගින් ගොවි මහතුන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය වන ගෝලීය වශයෙන් පිළිගත් කාර්මික දැනුම හා පුහුණුවීම ලබාදීම සඳහා වන වැඩසටහන් Market Oriented Dairy මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා දායකත්වය US Department of Agriculture (USDA) සහ International Executive Corporation (IESC) හරහා සපයනු ලබයි. මෙම විද්‍යාත්මකව ඔප්පු කර ඇති ගුණාත්මකභාවයෙන් යුත් ගොවිතැන් ක්‍රම මගින් අවසාන නිෂ්පාදිතය වර්ධනය වීමත් නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය ඉහලනැංවීමත් සිදුවේ.

මේ අවස්ථාව අමතමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “රටේ වත්මන් ආර්ථික තත්ත්වය අපි කිසිවෙකුටත් පහසු නැහැ. විශේෂයෙන්ම කිරි ගොවි ප්‍රජාවට. කෙසේවෙතත්, උසස් තත්වයෙන් කිරි නිෂ්පාදන සැපයීමේ කර්තව්‍යට ඔවුන් එය බාධාවක් කොටගෙන නැහැ. එ් නිසා පැල්වත්ත සමාගම වශයෙන් අපි SAPP ව්‍යාපෘතිය හරහා මෙම කැපවීමට සහය වෙමින් දේශීය කිරි කර්මාන්තය තුළ ආදර්ශයක් වීම, අපගේ යුතුකමක් වශයෙන් සලකනවා.”

යම් දිනයකදී කිරි නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත වීමේ, දේශීය කිරි කර්මාන්තයේ මෙහෙවරට විශාල කාර්යභාරයක් ඉටු කරන මෙම වැඩසටහන තුළින්, දිවයිනේ දිස්ත්‍රික්ක අටකින් තෝරාගත් කිරි ගොවීන් දහසක් (1000) සඳහා ආධාර උපකාර කිරීමට අදහස් කරයි. ඒ අනුව අනුරාධපුර, නුවරඑළිය, කුරුණෑගල, මොනරාගල, පොළොන්නරුව, බදුල්ල, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ඒ යටතට ගැනේ.

ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය වන කිරි, දෙශීය කිරි නිෂ්පාදන අවශ්‍යතා සියල්ල සපුරාලන තැනට පත්කිරීම උදෙසා විශාල මෙහෙවරක පැල්වත්ත සමාගම යෙදී සිටී. එහිදී ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන අතරවාරයේම ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන ගුණාත්මකබව සහ විශ්වාසයේ සංකේතයක් ලෙස ලොවට හඳුන්වාදීම ප්‍රධාන අරමුණකි. සෑම විටම සිය කිරි නිෂ්පාදකයා වශයෙන් පැල්වත්ත තෝරා ගන්නා අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින් සහ වෙහෙස මහන්සි වී සිය කාර්යන් ඉටු කරන කිරි ගොවි ප්‍රජාව නොවන්නට අපට මේ සියල්ල සිදුකිරීමට නොහැකි වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka

කොමර්ෂල් බැංකුව ඒෂියාමනි සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ගෞරවණීය සම්මාන යුගලක් දිනයි

July, 20, 2022

ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒෂියාමනි විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයන්හිදී කොමර්ෂල් බැංකුව විසින් සම්මාන යුගලක් ජයග‍්‍රහණය කළ පිට පිටම තුන්වන අවස්ථාව මෙය වේ. කොමර්ෂල් බැංකුව විසින් 2020 සහ 2021 වසර වලදී පිළිවෙලින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සම්බන්ධ හොඳම බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සම්බන්ධව හොඳම බැංකුව’ යන සම්මාන දිනා ගන්නා ලදී.

‘මෙම සම්මාන මගින් වර්තමාන තත්ත්වය තුළ අතිශයින් වැදගත් අංශ දෙකක බැංකුව විසින් දක්වා තිබෙන ඉහළම කාර්යසාධනය ඇගයීමට ලක්කර තිබෙනවා,’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා ප‍්‍රකාශ කළේය. ‘සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත‍්‍රය ආර්ථිකයක කොඳු නාරටිය ලෙසින් දැක්විය හැකියි. මේ වනවිට අපගේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්ෂේත‍්‍රයට සහයෝගය ලබාදීම වෙනදාට වඩා මේ අවස්ථාවේ වැදගත් වෙනවා. වර්තමාන ආර්ථික අර්බුදයේදී පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය සමග අපි අඛණ්ඩවම සබඳතාවය ගොඩනගා ගන්නවා. බැංකුව විසින් දෙවන සම්මානය දිනාගත් පාරිසරික, සමාජ සහ පාලනය (ESG) යන ක්ෂේත‍්‍රය කොටස් කරුවන්ට, පාරිභෝගිකයින්ට මෙන්ම නියාමකයින්ට ඉතාමත් වැදගත් ක්ෂේත‍්‍රයක්. මේ නිසා, උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත‍්‍ර දෙකක් සඳහා ඒෂියාමනි වෙතින් මෙම සම්මාන දිනාගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’

‘සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය සඳහා හොඳම බැංකුව’ යන සම්මානය මගින් විදහා දක්වන්නේ කාලීන වශයෙන් ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වී තිබෙන සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසාය අංශයට බැංකුව විසින් ලබාදෙන සහයෝගයයි. මේ අනුව, පසුගිය කාලයේදී කොඩිඞ්-19 වසංගතයෙන් සහ පසුව ආර්ථික අර්බුදයෙන් අරමුදල් ගැටලූ නිසා පීඩාවට පත්වූ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාවසාය ක්ෂේත‍්‍රයේ කාලීන අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් බැංකු සේවා සැපයීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත. මේ අතර, කොමර්ෂල් බැංකුවට මෙහිදී පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව යන සම්මානය ලබාදී තිබෙන්නේ තිරසාර මූල්‍යනය, මූල්‍ය සාක්ෂරතාවය සහ බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය මගින් සිදුකළ උපායමාර්ගික වැඩසටහන් ඇගයීම සඳහායි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • HNB FINANCE
  • sri lanaka

HNB FINANCE PLC “මෙත්බර කතන්දර ” ඩිජිටල් වෙසක් වැඩසටහනේ  ත්‍යාග පිරිනැමේ

July, 19, 2022

වෙසක් පොහෝ දිනය නිමිති කරගනිමින් HNB FINANCE මෙත්බර කතන්දර නමින් නව වැඩසටහනක් සිය ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ දියත් කළ අතර මෙම  වැඩසටහන හා එක්වෙමින් ආදර්ශවත් කෙටි කතාන්දරයක් නිර්මාණය කළ නිර්මාණකරුවන් අතුරින් කුමාරි මොල්ලිගොඩ හේරත් මහත්මිය විසින් රචනා කළ කෙටි කථාවට පළමුවන ස්ථානය හිමිවිය.

වෙසක් පොහොය නිමිති කර ගෙන ඩිජිටල් මාධ්‍ය භාවිතා කරගනිමින් HNB FINANCE විසින් සිදුකළ “මෙත්බර කතන්දර” වැඩසටහන සමාගමේ පළමු වෙසක් ඩිජිටල් වැඩසටහන ලෙස නම්කළ හැක. HNB FINANCE විසින් වාර්ෂිකව සිදුකරන අපේ ගෙදර අවුරුදු මෙන්ම “මෙත්බර කතන්දර” ප්‍රවර්ධන වැඩසටහන සඳහා විශාල පාරිභෝගික පිරිසකගේ සහභාගීත්වයක් හිමි වූ අතර ඔවුන් විසින් එවූ නිර්මාන අතරින් විශිෂ්ට නිර්මාණ තෝරාගෙන ජයග්‍රාහකයින්ට හිමි ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලද අතර පළමු ස්ථානය දිනාගන්නා ලද නිර්මාණය විසිතුරු ග්‍රැෆික් වීඩියෝ නිර්මාණයක් ලෙස HNB FINANCE හි සමාජ මාධ්‍යයෙහි පළ කරන ලදි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB FINANCE හි අලෙවි අංශ ප්‍රධානී උදාර ගුණසිංහ මහතා “ විශේෂ සැමරුම් දිනයන් නිමිති කරගනිමින් සමාගම විසින් දියත් කරනු ලබන ඩිජිටල් වැඩසටහන් මාලාවක තවත් එක් නවමු පියවරක් ලෙස “HNB FINANCE මෙත්බර කතන්දර” වැඩසටහන හැඳින්විය හැකි අතර මෙවර වෙසක් උත්සවය නිමිති කරගනිමින් මෙම විශේෂ වැඩසටහන දියත් කරනු ලැබුවා. වෙසක් දිනයෙහි හරයත් බෞද්ධ දර්ශනයෙහි වටිනාකම් සිහිපත් කරලීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වුනා. ” යනුවෙන් පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • P&S
  • sri lanaka

පෙරේරා ඇන්ඩ් සන්ස් සිය අභිමානවත් 120 වැනි සංවත්සරය සමරයි 

July, 19, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂණික ආහාර සැපයුම් සේවා සපයන්නා වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සිය ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 120 වන සංවත්සරයට පසුගියදා අවතීර්ණ විය. සිය නිෂ්පාදන, සේවා සහ සමස්ත සමාජ වගකීම් තුළින් දේශීය ජනතාව නඟාසිටුවීම සඳහා දිගුකාලීන කැපවීමක නිරතව ඇති එම ආයතනය, 120 වසරක දිගු ඉතිහිසය එයට මනා සාක්ෂි සපයනු ඇත.

ලංකාවේ දකුණු පළාතේ කෝදාගොඩ ග්‍රාමයේ සිට පැමිණි කේ. ඒ. චාල්ස් පෙරේරා විසින් 1902 වසරේදී කුඩා බේකරියකින් ආරම්භ කරනු ලැබූ P&S, ජයග්‍රාහී 120 වසරක් පුරාවට ක්‍රියාත්මක වෙමින් දිවයිනේ පළාත් 7ක අලෙවිසැල් 180කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිට ව්‍යාපාරික ජාලය ශක්තිමත් ගොඩනැඟීමට සමත්ව ඇත. මෙහිදී සිය සෑම අලෙවිසැලකම ඇති සියලුම ආහාර නිෂ්පාදනයන් ගුණාත්මක බවින් සහ රසයෙන් යුතුව පවත්වාගෙන යාමට මෙම ආයතනය දක්වනු ලබන කැපවිම සුවිශේෂී වේ. බේකරි කලාවේ පුරෝගාමියෙකු සහ ප්‍රමුඛයෙකු වන P&S, ගෙයින් ගෙට ගොස් සිය නිෂ්පාදන අලෙවි කළ යුගයේ සිට නවීන ස්වයංක්‍රීය තාක්ෂණය භාවිත කරමින් ශාඛා ජාලය ඔස්සේ සිය නිෂ්පාදන අලෙවි කරන කාලය දක්වා එහි ගුණාත්මක බව සහ රසවත් බව වර්ධනය කර ගනිමින් සෑම නිවසකටම මුවග රැදි සන්නාමයක් බවට පත්වීම කැපී පෙනෙණ කරුණකි.

මෙම සංවත්සරික සංධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරේරා ඇන්ඩි සන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, "මේ 120 වැනි සංවත්සරය අපට වැදගත් අවස්ථාවක් වනවා වගේම මේ දිනය දක්වා කැපවීමෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන් සෑම සාමාජිකයෙකුටම අප ස්තුතිවන්ත වන අතර ඔවුන් සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ආඩම්බරයක්. අද වන විට P&S සමාගම ශක්තිමත් ජාලයක් සමඟින් දේශීය ක්ෂණික ආහාර සැපයුම් සේවා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම පරම්පරා ගණනාවක් පුරා නිවෙස්වල විශ්වාසවන්ත සන්නාමයක් බවට පත්වීම අපගේ වර්ධනයට හේතුවක් වී තිබෙනවා. මෙවන් තත්වයක් තුළ අප මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා වගේම මෙම කාර්යයන් ඉදිරියට වඩාත් සාර්ථක ආකාරයෙක් කරගෙන යාමට අපේක්ෂා කරනවා.''

දිවයින පුරා 180කට අධික අලෙවිසැල් ජාලයක් සඳහා ප්‍රධාන ඒකක 12ක් ඔස්සේ මනා සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සැපයුම් කාර්යයයේ නිරත වන P&S ආයතනය,  එම කාර්යය සඳහා සමාගම විසින් බොහෝ විට එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනිමට ක්‍රියා කරනු ලබන අතර, එමගින් ඔවුන් වෙත ඉහළ අදායමක් ලබා ගැනීමට වගේම ගොවින්ගේ ජීවනෝපාය වර්ධනය කිරීමට දායක වේ. තවද සිය සෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන්ම වැඩි අවධානයක් යොමු කරනු ලබන P&S, එමගින් දිවයින පුරා සිටින සෑම පාරිභෝගිකයෙකු හටම සිය අලෙවිසැල් තුළින් ගුණාත්මක තත්වයේ ආහාර මිල දී ගැනීමේ සහතිකය වගේම අවස්ථාව ද ලබා දී ඇත. මෙයට අමතරව සිය පාරිභෝගික ජනතාව වෙත පහසුවෙන් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ප්‍රකට ජාලගත ආහාර සැපයුම් සේවාවල් (UberEats, PickMe Food සහ Appigo) සමඟ ද අත්වැල් බැඳගෙන සිටීමට සුවිශේෂී කරුණකි.

P&S ආයතනය මඟින් පසුගිය කාලය පුරාවට සිය ''මනු මෙහෙවර" වැඩසටහන ඔස්සේ සමාජ සත්කාර වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර, එම වැඩසටහන් සියල්ලම පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව, අසමානතා අවම කිරීම, වගකීම් සහගත පරිභෝජනය සහ නිෂ්පාදනය වැනි එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක මූලික කර ගනිමින් දියත් කර ඇත. මෙම කාර්යය යටතේ P&S ආයතනය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මූලික රෝහලේ ඩයලිසිස් ඒකකයට Reverse Osmosis (RO) යන්ත්‍රයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාවිලච්චිය ගාමිණී විද්‍යාලය සඳහා පරිත්‍යාග කිරීමට සිදු කලේය. මෙයට අමතරව හරිත සහ පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ වර්ධනය සඳහා සිය දායකත්වය ලබා දෙමින් P&S දශක කීපයක් තුළ ටෙනිස්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, ගොල්ෆ් සහ ක්‍රිකට් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. තවද මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ Esports වර්ධනය කිරීම සඳහා Gamer.LK සමඟ එක්ව Esports තරඟාවලි  සාර්ථකව පැවැත්වීම තුළින් වර්තමාන යෞවනයන් සහ තරුණ තරුණියන් වෙත සිය සන්නාමය රැගෙන යාමට පියවර ගෙන ඇත.

ඩයලොග් ආසිආටා හි ආයතනික විසඳුම් අංශය වන Dialog Enterprise සමඟ එක්වීම තුළින් P&S ආයතනය සිය සැපයුම්දාම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික ප්‍රායෝගික විසඳුමක් වන  Smart Fleet යෙදවීම තුළින් ආහාර වල වගේම කාර්ය මණ්ඩලයේ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික කිරීමක් සිදු කර ඇත. තවද P&S ක්ෂණික ආහාර කාණ්ඩයේ හොඳම සේවා සපයන්නන් 5 අතරට ද ශ්‍රේණිගත කර ඇති අතර, IKA සූපශාස්ත්‍ර ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති එකම සන්නාමය බවට පත්ව ඇත. තවද 2020 SLIM Restart Resilience Awards සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයක් ද ලබා ගත් අතර, සමස්ත ලාංකිය ජනතාවගේම අවශ්‍යතා සඳහා සේවය කරමින් වසංගත කාලය තුළ සියලු අභියෝග ජයගැනීමට සමත් වීම සමාගමක් ලෙස එහි සාර්ථකත්වය මැනවින් ඉස්මතු කරන්නකි.

 දිවයින පුරා සියලුම නිවෙස්වල ප්‍රියතම සන්නාමයක් ලෙස P&S වෙතින්, Diwul Kiri, Heat & Eat Devilled Pizza සහ Mini Pizza Crust, Creamy Delight සමඟ Nougat, Vanilla සහ Strawberry, Spicy Rice Cake ආදි රසවත් ආහාර පාන වර්ග රැසක් හඳුන්වා දීමට කටයුතු කිරීම තුළින් ඉහළ පාරිභෝගික ආර්ෂණයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. තවද අතීතයේ සිට පැවතෙන සිය උරුමය සහ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව සහ රසය අඛණ්ඩව පවත්වා ගැනීම තුළින් පාරිභෝගික විශ්වාසය වර්ධනය කර ගැනීමට සැමවිටම දරන කැපවීම ආයතනයක් ලෙස එහි සාර්ථකත්වයට බෙහෙවින් හේතු වී ඇත.

P&S හි ඉදිරි දශකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී දේශීය වෙළෙඳපොළ මෙහෙයුම් කාර්යයන් ව්‍යාප්ත කරමින් ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අපනයන වෙළෙඳපොළ වෙත සිය මෙහෙයුම් කාර්යයන් සිදු කිරීමට සැළසුම් කර ඇත. එමඟින් දේශීයව වඩාත් ඉල්ලුමක් ඇති ක්ෂණික ආහාර සේවා සැපයුම් ජාලය බවට පත්වීම P&S හි අරමුණ වන අතර, මිශ්‍ර ආහාර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීමෙන් නව ආහාර වර්ග අත්හදා බැලීමට කැමති පාරිභෝගිකයින්ගේ විවිධ රුචි අරුචිකම් සපුරාලීමේ උත්සාහයන් කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Hemas Hospital
  • sri lanaka

මනුදම් පෙර දැරි හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාහැඟි ආදර්ශයක්

July, 18, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියාවේ සුවසේවා කවුන්සලය මගින් පිරිනමන ACHSI ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය සහ හේමාස් රෝහල් රසායනාගාර සමූහය මගින් ජුලි 13වන දිනට යෙදුනු ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ අනුව වත්තල හා තලවතුගොඩ පිහිටි හේමාස් රෝහල් කාර්යමණ්ඩලයට සහ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට හේමාස් රෝහල් සහ හේමාස් රසායනාගාර සමුහයේ කළමනාකාරීත්ව පියවර ගන්නා ලදි. සමගාමී සමාජ සත්කාරයක් ලෙස වත්තල සහ තලවතුගොඩ රෝහල් පරිශ්‍රයන් දෙකෙහිම මෙම වැඩසටහන පැවැත්විණ.

මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ එදින සේවයේ යෙදී සිටි වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් කාර්ය මණඩලයට සහ වත්තල සහ තලවතුගොඩ ප්‍රදේශයන්හි අඩු ආදායම් ලාභීන් ඇතුළුව 2000කට අධික පිරිසකගේ දිවා ආහාරය සම්පාදනය කිරීමට හේමාස් රෝහල් සමූහය කටයුතු කරන ලදි. මෙම මාහැඟි ප්‍රජා සත්කාරය සඳහා හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස්, පූජ්‍ය හික්ගොඩ චන්දිම හිමි, වත්තල ශා.ආනා දේවස්ථානයේ රජිත ලියනගේ පියතුමා, තලවතුගොඩ සම්බුද්ධාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත විජිත රන්සි හිමියන් ඇතුළුව වත්තල සහ තලවතුගොඩ රෝහල් කාර්ය මන්ඩලයෙහි විශාල පිරිසක් එක් වූහ.

හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය විසින් සංවිධානය කළ මෙම උදාර ප්‍රජා වැඩසටහන පිලිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා “ දැඩි අභියෝග මධ්‍යයේ සිය සේවය දැඩි කැපකිරීමකින් ඉටුකරන අපගේ රෝහල් කාර්ය මණඩලයටත් ආර්ථික අභියෝග මධ්‍යයේ ජීවිතය පවත්වා ගැනීමේ දුෂ්කර සටනක නිරත වී සිටින වත්තල හා තලවතුගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් අප විසින් ඉටු කළ සහ ඉදිරියේදීත් ඉටු කරන සමාජ සත්කාරයන් මගින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට විශාල සහායක් අප විසින් ලබා දෙන අතර මේ උතුම් පොහෝදින හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය විසින් සිදු කළ මෙම ප්‍රජා සත්කාරය මනුදම් අගයන රොහල් සමූහයක කාර්යමණඩලයේ සාමූහික සත් ක්‍රියාවක් ලෙස හඳුන්වා දෙන්නට කැමතියි. එමෙන්ම ඉදිරියේදීත් සුවදන, සුවසිසු යන අපගේ ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන් හරහා ප්‍රජාව වෙත ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් පැවසීය.

වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් කේන්ද්‍රගත කරගනිමින් පැවති මෙම දිවා ආහාරය පිරිනැමීමේ ප්‍රජා සත්කාරය පිළිබඳව අදහස් දක්වන තලවතුගොඩ සම්බුද්ධාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත විජිත රන්සි හිමියන් “ගෞතම බුදුහිමියන්ගේ ශ්‍රී සද්ධර්මය ලෝතලය වෙත පළමු වරට ශ්‍රවණය කිරීමට අවස්තාව ලද බෞද්ධයින්ට අතිශය වැදගත් පොහෝදිනයක් වූ ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් තලවතුගොඩ සහ වත්තල ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පුද්ගලයින් 2000කට අධික පිරිසකගේ තුසගිනි නිවීම සඳහා තලවතුගොඩ සහ වත්තල හේමාස් රෝහල් කාර්යමණ්ඩලය මූලිකත්වය ගැනීම මනුකම් අගයන මහා පින්කමක් ලෙස නිසැකවම සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙබඳු අභියෝගාත්මක කාලයක මේ සා විශාල ප්‍රජා සත්කාරයක් සාර්ථකව ඉටුකිරීම පිළිබඳව මෙම රෝහල් දෙකේම කළමනාකාරීත්වයට සහ කාර්යමණ්ඩලයට අපගේ පුන්‍යානුමෝදනාව හිමි විය යුතුයි” යනුවෙන් පැවසීය.

“ජාති භේද ආගම් භේද පසෙකලා එක් රටක් එක් ජාතියක් ලෙස නැගී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ එම උදාර හැඟීම් අතර දානය සහ පරිත්‍යාගශීලී බව ලක්වාසීන්ට ආගමික සහජීවනය තුළින් ලද දායාදයක් බව මගේ හැඟීමයි. මේ උතුම් මානව ධර්මතා පෙරදැරිව හේමාස් රෝහල් සමූහය විසින් රට අර්බුදයක පැවතී සෑම අවස්ථාවකදීම රෝහල් සමූහයක් ලෙස තමන්ට කළ හැකි සමාජ කාර්යභාරය උපරිම වශයෙන් ඉටුකරන්නට කටයුතු කළ බව පූජ්‍ය පක්ෂය ලෙස අපි අවිවාදයෙන්ම පිලිගන්නවා. කෝවිඩ් වසංගතය හමුවේ අසරණ වූ වත්තල හා ඒ අවට ප්‍රජාව වෙත අවශ්‍ය ආධාර ලබා දීමට හේමාස් රෝහල් සමූහය පියවර ගත් ආකාර අපි කෘතඥතාපූර්වකව මෙහිදී සිහිපත් කරනවා” යනුවෙන් වත්තල ශා.ආනා දේවස්ථානයේ රජිත ලියනගේ පියතුමන් මෙහිදී සඳහන් කළේය.

 

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්වී ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් හඳුන්වා දෙයි

July, 18, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග එක්වී, මහජනතාවගේ පහසුව පිණිස ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීම සඳහා විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය.

මෙම ගිවිසුමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සහ සාමාන්‍යධිකාරී තිළිණ විජේතුංග මහතා විසින්ද, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ප්‍රධාන නිලධාරී ව්‍යාපාර සන්නිවේදන ලක්මාල් ජයසිංහ මහතා විසින් ද අත්සන් තබන ලදී. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම ගිවිසුම යටතේ SLT-MOBITEL විසින් 1939 කෙටි අංකය හරහා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවා සම්බන්ධයෙන් මහජනතාව සිදුකරන විමසීම්වලට පිළිතුරු ලබාදීම සඳහා ගාස්තු රහිත ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් පවත්වාගෙන යනු ඇත. මෙමගින් ස්වයං සේවාවන් මෙන්ම නියෝජිත සහය සේවාවන් ද හිමි වේ.

එමෙන්ම 0112 044800 අංකය හරහා ක්‍රියාත්මක වන WhatsApp සහ Smart Chatbot සේවාවක් ද මීට ඇතුළත් වනු ඇත (මෙම අංකය දුරකථනයේ Contacts වලට ඇතුළත් කර WhatsApp හරහා Hi ලෙස ටයිප් කිරීම මගින් සේවාව භාවිතා කළ හැකි වේ). මෙමගින් රටේ සියලුම පුරවැසියන්ට වඩාත් පහසු හා ගුණාත්මක සේවාවක් ලබාදීමට ජාතික ජල සම්පාදන මණ්ඩලයට අවස්ථාව ලැබෙනු ඇත.

“ජාතියක් ලෙස අප පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් වල වෙනසක් අත්දකිමින් සිටිනවා. මෙම තත්ත්වය හමුවේ, සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යන අතරම පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන දියුණු ක්‍රමවේදයක් අපට අවශ්‍ය වුණා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන SLT-MOBITEL සමග අප අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. මේ ඔස්සේ අපට, නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය ආයතනයක් වශයෙන් පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සේවාවක් සහ උපරිම පහසුවක් ලබාදෙන ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙනවා.” ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පැවසුවේය.

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යනු රටේ ජල කළමනාකරණය සහ සනීපාරක්ෂක සේවාවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතම භූමිකාවක් ඉටුකරන ආයතනයක්. SLT-MOBITEL හි තාක්ෂණික විශේෂඥභාවය සහ ඇමතුම් මධ්‍යස්ථාන දැනුම භාවිතා කරමින් එම ආයතනය සඳහා අතිනවීන ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීමට අප පියවර ගත්තා. මේ ඔස්සේ පාරිභෝගිකයන්ගේ විමසීම්වලට කාර්යක්ෂම ලෙස පිළිතුරු සපයමින්, සේවා මට්ටම වැඩිදියුණු කරමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට එම ආයතනයට හැකියාව ලැබේවි.” SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

ඡායාරූපය: SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ගිවිසුම හුවමාරු කරගනිමින්  

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • govi mithuru
  • sri lanaka

සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ ගොවි මිතුරු

July, 16, 2022

දේශීය සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමඟ මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ ජීවිත සරු කිරීම අරමුණු කර ගනිමින් 'ගොවි මිතුරු' නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇත.

කෘෂිකර්මාන්තයේ නිරත සියලුම දෙනා සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි ඔවුන් වගා බිම් සැකසුම, වගාකරනු ලබන බෝගය සහ බෝගයේ වර්ධන අවධියට අනුව නිවැරදි සවිස්තරාත්මක තොරතුරු ලබාදීම සිදුවේ. ඉතා පුළුල් වූ පරාසයක සේවාවක් සමගින් ක්‍රියාත්මක මෙම සුවිශේෂී ගොවි මිතුරු යෙදවුම Google Play Store ඔස්සේ ජංගම දුරකථනය වෙත බාගත කර ගැනීමෙන් මෙම සේවාව සමඟ සම්බන්ධ විය හැකි අතර, 616 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් ඇමතුම් සේවාව සමඟ ද සම්බන්ධ වීමේ හැකියාව ලබා දී ඇත.

ඩයලොග් සම්බන්ධතාවය ඔස්සේ මෙම ජංගම යෙදවුම් සේවාව සමඟ සම්බන්ධවන්නන් සඳහා කිසිදු ආකාරයක ඩේටා වැයවීමක් සිදු නොවන අතර, ඕනෑම සේවා ජාලයක් සඳහා දෛනික ගාස්තු වශයෙන් රු.2 ක් සහ බදු මුදලක් මෙන්ම 616 අමතා ලබාගන්නා ඇමතුම් සේවාව සඳහා එක් බෝගයක් සඳහා දිනකට රුපියලයක් සහ බදු අයකෙරේ.

දේශීය වගාකරුවන් වෙත මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම ගොවි මිතුරු සේවාව, වර්තමානය වන විට තේ වගා කරනු ලබන ගොවීන්ගේ ඵලදායිතාව වර්ධනය වෙනුවෙන් ද දියත්කර ඇත. මේ යටතේ තේ කර්මාන්තය සම්බන්ධ විශේෂ තොරතුරු සහ තේ වගාව සම්බන්ධ උපදෙස් ක්ෂණිකව ගොවීන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ සහ ඇමතුම් ඔස්සේ ලබා දීම ද සිදුකෙරේ.

කීර්තිමත් ජාත්‍යන්තර තේ නිෂ්පාදකයකු වන අකුරැස්ස නන්දන තේ කර්මාන්තශාලාව, ඩයලොග් ගොවි මිතුරු සේවාව සමග එක්ව මෙම සුවිශේෂී තාක්ෂණය භාවිත කරමින් ගොවි ජනතාවගේ දිවිය වගේම සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය වර්ධනය කරගනිමින් මෙහි ප්‍රතිලාභ ඉහල අයුරින් අත්කරගත් ආයතනයකට නිදසුනකි.

2015 වසරේ  දී කෘෂිකර්ම දේපාර්තමේන්තුව සමඟ එක්ව කෘෂි උපදේශන සේවාවක් ලෙස ආරම්භ කරනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව, ඩයලොග් ආසිආටා සමාගමේ මැදිහත් කාර්යයෙන් සිදුකරනු ලැබූ සාර්ථක මෙන්ම තිරසාර සමාරම්භක ව්‍යාපෘතීන්ගෙන් එකකි. වර්තමානය වන විට තේ වගාව ඇතුලු වගාවන් 32කට අධික ප්‍රමාණයක් ආවරණය කරමින් ඒ හා සම්බන්ධ ගොවීන් 10,000,000කට අධික ප්‍රමාණයකට සාර්ථකව සිය වගාවන් කරගෙන යාම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දීම මෙමඟින් සිදුවේ.

  • Ada Derana BIZ Sinhala
  • ECU – Sri Lanka
  • Edith Cowan University
  • sri lanaka

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

July, 15, 2022

ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලා පිරිනමන රටේ කීර්තිමත්ම උසස් අධ්‍යාපන ආයතනයක් වන Edith Cowan University (ECU) – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් පසුගියදා සාර්ථක අයුරින් පැවැත්වීය. වර්තමානයේ මතුවෙමින් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කේෂතුයේ නිරතවූවත් පත්වන පීඪාකාරී තත්වය හේතුවෙන් හෙද වෘත්තියේ විවිධ අංශයන්ගේ වර්ධනය කිරීමේ අරමුණින් ජයවර්ධනපුර රෝහල් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා රෝහලේ හෙද නිලධාරින් 50 කට අධික පිරිසක් සහභාගී විය. මෙම හෙද වැඩමුළුව ECU හි පුළුල් සමාජ තිරසාරභාවය සහ තිරසාර කුසලතා සංවර්ධන වැඩසටහන්වල කොටසක් ලෙසත්, ආයතනයේම හෙද වැඩසටහනට සහාය වීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූවකි.

ECU හි හෙද අධ්‍යයන වැඩසටහන් කැඳවුම්කරු මයුමි පෙරේරා මහත්මිය මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ, “අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ අවස්ථාවේ විවිධ අභියෝගවලට මුහුණ දී සිටිනවා. එබැවින් හෙද නිලධාරියාගේ කාර්යභාරය ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක වී තිබෙනවා. එමනිසා හෙද වෘත්තීය සංවර්ධනය මූලික අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍රයක් වී තිබෙනවා. මේ නිසා මෙම වැඩසටහන තුළින් අප ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ හෙද සේවාව දියුණුව උදෙසා ඔවුන් වෙත දැනුම, දිරිගැන්වීම සහ කුසලතා වර්ධනය කිරීම අරමුණු වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මෙවැනි කාර්යයන් කිරීමටත් අපි අපේක්ෂා කරනවා.''

ECU - Sri Lanka මගින් මෙහෙයවනු ලැබූ මෙම හෙද වැඩමුළුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද අංශයේ මහාචාර්ය තමාරා අමරසේකර, ECU විශ්වවිද්‍යාලයේ හෙද සහ වින්නඹු මාතා විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා වෛද්‍ය ටානියා බීමන්ට් සහ ශ්‍රී ලංකාවේ ECU හි අධ්‍යයන වැඩසටහන් කැඳවුම්කරු මයුමි පෙරේරා මහත්මයගෙන් සමන්විත දේශක මණ්ඩලයකගේ සහභාගිත්වයෙන් මෙම සුවිශේෂ වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.

Edith Cowan University – Sri Lanka (ECU Sri Lanka) යනු Edith Cowan විශ්වවිද්‍යාලයේ සිව්වන මණ්ඩපය වන අතර, එය ශ්‍රී ලංකාවේදීම සම්පූර්ණ උපාධියක් ලබාදෙන ගෝලීය තලයේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පහසුකම් ලබාදෙන ආයතනයකි. වර්තමානය වන විට මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශීයව Bachelor of Commerce, Bachelor of Computer Science, Bachelor of Science (Cybersecurity), Bachelor of Science (Biomedical Science), Bachelor of Design (Games and Interactive Design) සහ Bachelor of Science (Nursing Studies) ආදී පාඨමාලාවන් දියත් කරනු ලබයි.

ඕස්ට්‍රේලියාවේ ඉහළම පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක් වන Edith Cowan University, වාර්ෂිකව රටවල් 100ක පමණ ප්‍රමාණයකින් අන්තර්ජාතික සිසුන් 600කට අධ්‍යාපන අවස්ථා විවර කර දෙනු ලබන අතර, එහි උපාධි සහ පශ්චාත් උපාධි සිසුන් 30,000කට අධික ප්‍රමාණයට අධ්‍යාපන කාර්යයේ නිතර වේ. මෙහි කලා සහ මානව ශාස්ත්‍ර (Arts and Humanities),ව්‍යාපාර සහ නීතිය (Business and Law), අධ්‍යාපන (Education), ඉංජිනේරු (Engineering), වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාව (Medical and Health Sciences), හෙද සහ වින්නඹු (Nursing and Midwifery),විද්‍යාව (Science) සහ බටහිර ඕස්ට්‍රේලියානු රංගකලා ඇකඩමිය (Western Australian Academy of Performing Arts -WAAPA) ඇතුළු පාසල් අටක් පාඨශාලා අටක් ස්ථාපිත කර ඇත.

ඡායාරූප : ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී ඒ.එන්.සපුතන්ති, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී කේ. එස්. කරුණාරත්න, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි ඩී.එස්.ඩබ්ලිව් සේනානායක, . හෙද ජ්‍යෙෂ්ට කථිකාචාර්ය මහාචාර්ය තමරා අමරසේකර, හෙද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සජානි ඩයස්, ECU ශ්‍රී ලංකාවේ අධ්‍යයන වැඩසටහන් පීඨාධිපති සහ හෙද වැඩසටහන් කැඳවුම්කාරිණී මයුමි පෙරේරා යන මහත්මීන් මෙම වැඩසටහන සමඟ එක් වූ අයුරු.

 

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • eChannelling
  • SLT-MOBITEL
  • sri lanaka
  • Tele-Channelling

eChannelling වෙතින් දුරස්ථව, පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Tele-Channelling සේවාව හදුන්වාදෙයි

July, 15, 2022

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

ඉහළම ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කිරීමට eChannelling සෑම විටම උත්සාහ දරයි. එහි තවත් පියවරක් වශයෙන්, නවීනතම තාක්ෂණය භාවිතා කරමින් රෝගීන්ට දුරස්ථව හා පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ලබාදීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දෙන ලදි. තවද, මෙය වාර්තමානය තත්ත්වය අවබෝධ කරගනිමින් eChannelling විසින් ගන්න ලද වඩාත් කලෝචිත ක්‍රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකි.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේදී බොහෝ දෙනෙකුට ටෙලිමෙඩිසින් සේවාවන් මහඟු අත්වැලක් බවට පත්විය. එහිදී ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් ඔස්සේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාදෙමින්, රෝගීන්ගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින්, රටේ යහපත වෙනුවෙන් eChannelling සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේ ය.

COVID-19 අවදානම තරමක් දුරට පහව යාමෙන් අනතුරුව මේ ආකාරයට eChannelling App ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් දියත් කිරීමට eChannelling පියවර ගෙන තිබේ. මෙමගින් රෝගීන්ට වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන්, ලියාපදිංචි වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත.

මෙම ටෙලි චැනලින් සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොහොතක, ඒ මොහොතේ online සිටින ඕනෑම වෛද්‍යවරයෙකු සමඟ සජීවීව සම්බන්ධ වීමට මෙන්ම, අවශ්‍ය නම් කල්තබා වේලාව වෙන්කරගෙන විශේෂ වෛද්‍යවරයෙකු වෙතින් උපදෙස් ලබාගැනීමටද හැකියාව ලැබේ. මෙම සේවාව සමඟ සම්බන්ධ වී සිටින වෛද්‍යවරුන් වෙතින් මේ ආකාරයට දුරස්ථව උපදෙස් ලබාගත හැක.

රෝගියෙකු කිසියම් වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාව වෙන්කරවා ගත් විට ඒ බව අදාළ වෛද්‍යවරයාට SMS පණිවුඩයක් මගින් දැනුම්දීම සිදුකෙරේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයටම පහසු වන ආකාරයට වෛද්‍යවරයා විසින් වීඩියෝ ඇමතුමක් ලබා ගනිමින් අදාළ රෝගියා හා සම්බන්ධ වනු ඇත. මෙමගින් ඕනෑම මොහොතක, මෙරට මෙන්ම විදේශ රටවල සිටින රෝගීන්ටද උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

අදාළ වීඩියෝ ඇමතුමට පැය දෙකකට පෙර සහ ඇමතුමෙන් පැය 24 ක් ඇතුළත  වෛද්‍යවරයා සමග චැට් මාර්ගයෙන් සම්බන්ධ වීමටද රෝගීන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සේවාව ඔස්සේ වෛද්‍ය වාර්තා සහ, මීට පෙර නිකුත් කරන ලද ඖෂධ නිර්දේශයන් වෛද්‍යවරයාට පෙන්වීමටද හැකියාව ලැබේ. වෙන්කරගත් වේලාවේදී වෛද්‍යවරයා අදාළ රෝගියා අවසන් වරට ලොග් වූ උපාංගයට ඇමතුමක් ලබාගනු ඇති අතර, රෝගියා පරීක්ෂා කර උපදෙස් ලබාදී අවසන් වනතුරු සැසිය ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව, සැසියෙන් පසුව වෛද්‍යවරයා විසින් අවශ්‍ය නම් රෝගියා වෙත ඖෂධ නිර්දේශ නිකුත් කරනු ඇති අතර, කිසියම් ගැටලුවක් වේ නම් පැය 24 ක් ඇතුළත වෛද්‍යවරයාගෙන් චැට් මාර්ගයෙන් එය විමසා නිරාකරණය කරගැනීමට රෝගියාට අවස්ථාව හිමි වේ. මෙම ක්‍රමවේදය වඩාත් ඵලදායී වීම සඳහා, වෛද්‍යවරයා සමඟ මීට පෙර සිදුකළ සංවාද පිළිබඳ විස්තරද අවශ්‍ය මොහොතක දැකබලා ගැනීමට පහසුකම් සලසා දී ඇත.

රෝගීන් භාවිතා කළ යුතු eChannelling App සහ වෛද්‍යවරුන් භාවිතා කළ යුතු eChannelling Pro app යන යෙදුම් දෙකම App Store සහ Play Store වෙතින් බාගත කළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු eChannelling නිල වෙබ් අඩවිය වන  www.echannelling.com හි දක්වා ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශිෂ්ට ඩිජිටල් ජීවන රටාවන් සදහාම වෙන්වූ සේවාවන් නංවාලීමට සූදානමින් සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Samsung
  • sri lanaka

Samsung – ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ‘සැම්සුන් සහන’ හඳුන්වා දෙයි

July, 15, 2022

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් 900,000 දක්වා වට්ටම්

සමස්ත ශ්‍රී ලංකාවම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අර්බුදකාරී කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන Samsung ‘සැම්සුන් සහන’ නමින් නව ප‍්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. විනෝදාස්වාද පද්ධතියක් (entertainment system) මිලදී ගැනීමෙන් ඔබගේ නිවස අලංකරණයට පමණක් නොව පවුලේ සැමට එක්ව රසවින්දනාත්මක අත්දැකීමක් විඳීමට කැමැති පාරිභෝගිකයින් සඳහා සිය රූපවාහිනී පරාසය සඳහා රුපියල් 900,000ක් දක්වා දැවැන්ත වට්ටම් ලබා දෙමින් සහන සැලසීමට Samsung පියවර ගෙන තිබීම කැපී පෙනේ.

ආර්ථික උද්ධමනය හේතුවෙන් රූපවාහිනී මිල ගණන් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මෙම සැම්සුන් සහන ප‍්‍රවර්ධනය යටතේ පාරිභෝගිකයින්ට රුපියල් 900,000/- දක්වා වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙමින් පාරිභෝගිකයින්ට Samsung TV මිලදී ගැනීමට හැකියාව ඇත. ජූලි 5 වනදායින් ආරම්භ වන සැම්සුන් සහන ප‍්‍රවර්ධනය මගින් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට උසස් තත්වයේ Samsung TVs මිලදී ගැනීමට ඉඩ සලසයි.

Samsung 43’’ FHD Smart TV එකක් රු. 8,000/- ක වට්ටමක් සමඟින් රු. 204,999/- ක් වැනි අඩු මිලකට ඔබට දැන් මිලදී ගැනීමට හැකිය. රු. 20,000/- ක වට්ටමක් සමඟින් 43” UHD TV එකක් දැන් රුපියල් 249,999/- ක් වැනි මිලකට ලබා ගත හැකිය. තවද Samsung 50’’ UHD TV එකක් රු. 319,999/- ක් වැනි විශේෂ අඩු කළ මිලකට ලබා ගත හැකි අතරම 55” UHD TV එකක් රු. 50,000/- ක වට්ටමක් සමඟින් රු. 399,999/- කට මිලකට ලබා ගත හැකිය. රු. 60,000/-ක විශේෂ අඩු කළ මිලක් සහිතව 65” UHD TV එකක් දැන් රුපියල් 569,999/- ක මිලකට ලබා ගත හැකි අතර 75” UHD TV එකක් රු. 100,000/- ක විශේෂ අඩු කළ මිලක් සමඟින් රු. 799,999/- කට මිලදී ගැනීමට ඔබට හැකිය.

QLED පරාසය තුළ, Samsung විසින් 55” QLED TV සඳහා රු. 65,000/- ක්, 65” QLED TV සඳහා රු. 160,000/- ක් සහ 75” Neo QLED 8K TV සඳහා රු. 300,000/-ක් වශයෙන් විශේෂ වට්ටම් ඔබට ලබා දෙයි. මෙම ප‍්‍රවර්ධනය යටතේ ඔබට හිමි කරගත හැකි ඉහළම වට්ටම වන්නේ 85” Neo QLED 8K TV එකක් සඳහා රුපියල් 900,000/- ක් වන අතර එය දැන් ඔබට රු. 4,399,999/- ක් වැනි මිලකට ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘’අපි සැමවිටම අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් පිළිබඳව අවධානයෙන් සිටිනවා. අපට අවශ්‍ය ඔවුන් සියලූ දෙනාම අපගේ නිෂ්පාදන දැරිය හැකි පහසු මිලකට ලබා ගැනීම සහ අපගේ නවෝත්පාදනයන් ඉතා ආසාවෙන් භුක්ති විඳිනවා දැකීමටයි. මෙවැනි අසීරු කාලවලදී පවා සහනදායී මිලකට උසස් තත්වයේ රූපවාහිනී මිලදී ගැනීමට සැම්සුන් පාරිභෝගිකයින්ට ඉඩ සලසන සැම්සුන් සහන අප හඳුන්වා දුන්නේ ඒ නිසයි.’’ යනුවෙනි.

රූපවාහිනීවල ඇති නවතම තාක්ෂණයන් සමඟින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් දශකයකට අධික කාලයක් පුරා රූපවාහිනී වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා වී සිටී. 2022 දී, සැම්සුන් නැවතත් අඛණ්ඩව වසර 16 වන වරටත් එයට හිමි වෙළඳපල කොටස අනුව අංක 1 ස්ථානයට හිමි කරගැනීමට සමත් විය. පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නවෝත්පාදනය සමඟින් සැම්සුන් රූපවාහිනී තිර නිර්මාණය කරනු ලබන අතර එය Neo QLED 8K ඇතුළු සැම්සුන් රූපවාහිනී තිරවලට පරිපූර්ණ, ස්වභාවික ඡුායාරූපයක ප‍්‍රමිතිය ලබා දීමට උත්සාහ කරයි. කෘත‍්‍රිම බුද්ධියක් (AI) මගින් බල ගැන්වෙන ඉහළම ප‍්‍රමිතියෙන් යුතු ඡුායාරූප සහ අද්විතීය විශේෂාංගවලින් සමන්විත නවීන කාලයට ඔබින රූපවාහනියක් ලෙස සැම්සුන් Neo QLED 8K පෙන්වා දිය හැකිය.

නිිවස මධ්‍යයේ ආලින්දයට අපූර්ව සුන්දරත්වයක් එක් කරන රූපවාහිනියේ සියලූ උපාංග ඉතා පහසුවෙන් පාලනය කරමින් තමන් කැමති හා හොඳම විශේෂාංග භාවිත කිරීමේ හැකියාව පරිශීලකයන්ට ඉමහත් පහසුවක් වනු ඇත. සැම්සුන් Tizen වෙතින් බලගන්වනු ලබන සිය නවතම රූපවාහිනී තිරය වන Smart Hub එළිදක්වනු ලැබුවේ ඒ වෙනුවෙනි. පරිශීලකයන්ට නවමු අත්දැකීමක් ලබා ගැනීමේ පහසුව සලසා දෙමින් රූපවාහිනීයේ සෑම විශේෂාංගයක්ම අන්තර්ගත සුවිශේෂී රූපවාහිනී තිරයක් Smart Hub තුළින් ගෙන ඒමට මෙහිදී සැම්සුන් කටයුතු කර ඇත. ඒ තුළින් පරිශීලක පහසුව වෙනුවෙන් විශේෂාංග, සැකසීම් හා අන්තර්ගතය තවදුරටත් Media, Gaming Hub සහ Ambient ලෙස වර්ග තුනකින් වෙනස්ව දැක්වීමට කටයුතු කිරීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.

සැම්සුන් විසින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනියේ විශේෂත්වය වන්නේ එය 8K ප‍්‍රමාණයේ Neural Quantum Processor කින් යුක්ත වීමය. එහිදී තනි තනිව ක‍්‍රියා කරන neural AI ජාල 20 ක් මඟින් එක් එක් දර්ශනයන් විශ්ලේෂණය කරමින් අන්තර්ගතය තුළ ඇති මුල් පින්තූරයේ ගුණාත්මක භාවය පිළිබඳ අවධානය යොමු නොකරමින් සුපැහැදිලි හා වර්ණවත් රූප සමඟින් ඉහළම තත්වයේ පින්තූරයක් පරිශීලකයාගේ දෙනෙත් අභියසට ගෙන එනු ලබයි.

මෙම සැම්සුන් රූපවාහිනී පරාසය බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් මිලදී ගැනීමට හැකිය.

Video Story

Stock Market

Exchange Rates