June, 29, 2022
සුපැහැදිලි මෙන්ම විශිෂ්ට ශබ්ද රටාවන් සමඟින් සුවිසල් තිරයකින් සුසැදි Neo QLED 8K රූපවාහිනී පෙළ රූපවාහිනී පරිශීලකයන් වෙත ගෙන ඒමට Samsung Electronics කටයුතු කර ඇත්තේ ඔවුන් වෙත නවමු රූපවාහිනී අත්දැකීමක් එක් කරමිනි. විශේෂයෙන් නරඹන්නාගේ අවකාශයේ ප්රමාණය සහ එය සකසා ඇති ආකාරය අනුව ශබ්දය වෙනස් කිරීම සඳහා ප්රධාන තිරය නිර්මාණය කර ඇති මෙම රූපවාහිනියෙහි අන්තර්ගත ස්පීකර් 8ක් හරහා සුපැහැදිලි හා ආකර්ෂණීය නාද රටාවන් ග්රාහකයා වෙත ගෙන එයි.
මනා SpaceFit සැකසුමක් වෙනුවෙන් අවකාශය දෛනිකව විශ්ලේෂණය කිරීම
අද වන විට බොහෝ රූපවාහිනී පරිශීලකයින් විසිත්ත කාමරය තුළ මෙන්ම කාර්යාලීය කාමර, නිදන කාමර, ටෙරස් ඇතුළු විවිධ ස්ථානයන්හි විවිධ ඉරියව් අනුගමනය කරමින් දවසේ විවිධ වේලාවන්හිදී රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටී. බොහෝ දෙනා ඔවුන් ජීවත් වන වටපිටාව අනුව ඔවුනොවුන්ට ගැලපෙන අයුරින් රූපවාහිනී නැරඹීමේ අත්දැකීම් ලබා ගැනීමට කටයුතු කරති. Samsung Electronics පරිශීලකයින්ගේ රූපවාහිනී නරඹන අවකාශය ස්වයංක්රීයව හඳුනාගැනීමේ තාක්ෂණය නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවේ පරිශීලකයින් සෑම විටම තම අවකාශය තුළ හැකි උපරිම ශබ්දය රස විඳින බව සහතික කිරීම වෙනුවෙනි. එහි ප්රතිඵලයක් ලෙස SpaceFit තාක්ෂණය Neo QLED 8K රූපවාහිනී වෙත ගෙන ඒමට ඔවුන් සමත් විය. ඒ තුළින් දිනකට එක් වරක් ඔබ රූපවාහිනීය නරඹන අවකාශයේ වෙනස්වීම ස්වයංක්රීයව පරීක්ෂා කරන අතර ඒ අනුව ශබ්ද සැකසුම් වෙනස් කිරීම සිදු කරනු ලබයි.
මෙම තාක්ෂණය රූපවාහිනී නිෂ්පාදනයන් වෙත ප්රථම වරට හඳුන්වා දීම වෙනුවෙන් දහස් ගණනක් වූ දත්ත හා AI තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනයන් උපයෝගී කරගත් Samsung Electronics ඒ තුළින් ශබ්ද ඉංජිනේරු විද්යාවේ ‘dead rooms’ ලෙස හඳුන්වනු ලබන ශබ්ද අවශෝෂණය කරගන්නා ප්රදේශයන්හි සිට ශබ්ද පරාවර්තන අවකාශයන් දක්වා වන සමස්ත පරිසරයම සැලකීමට ලක් කරමින් මනා ශබ්ද අත්දැකීමක් පරිශීලකයා වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.
තිරය තුළ කෙළවරවල 3D ශබ්දය නිර්මාණය කිරීම සඳහා ස්පීකර් 8ක් භාවිත කරයි.
පුළුල් පරාසයක විහිදුණු විවිධ ශබ්ද රටාවන් භාවිත කිරීමට රූපවාහිනී නිර්මාණයන් මේ වන විට කටයුතු කර ඇති අතර එම නිර්මාණයන් රස විඳීමේ පාරිභෝගිකයා කැමැත්තද ක්රමයෙන් වෙනස් වෙමින් පවතින බව රහසක් නොවේ. විශේෂයෙන් නිවස තුළ විනෝදාස්වාදය සපයා ගැනීමේ අවශ්යතාවන් ක්රමයෙන් ඉහළ යන වටපිටාවක් තුළ චිත්රපටි වැනි නිර්මාණයන් රස විඳීමේදී සුවිසල් තිරය මෙන්ම විවිධ ශබ්ද හා වර්ණ මූලාශ්රද පරිශීලකයින් බෙහෙවින් වැළඳගනු ඇත. එසේ වූ විට එකම නිර්මාණයන් කිහිප දෙනෙක් එක්ව රසවිඳීමේදී එය සාමාන්ය දෙයක් බවට පත් වීම වැළැක්විය නොහැක්කකි. එහෙත් පරිශීලකයන් හට තිරයේ පසුපස අන්තයන්ගෙන් පවා ආකර්ෂණීය ශබ්ද රසයක් ගෙන ඒමට හැකි ‘sweet spot’ හේතුවෙන් එය තව දුරටත් සාමාන්ය රසවිඳීමක් නොවනු ඇත.
විවිධ ස්පීකර් භාවිතය තුළින් රූපවාහිනී තිරය මත සිදුවන විවිධ ක්රියාවන් නිරීක්ෂණය කර Object Tracking Sound (OTS) තාක්ෂණය පරිශීලක රසවින්දනය තවදුරටත් ඉහළ නැංවීමේ අවස්ථාව සැම්සුන් වෙත උදා කර දී ඇත. වැඩිදියුණු කළ නිෂ්පාදන Neo QLED 8K පෙළ තුළ අන්තර්ගත මෙම තාක්ෂණය මෙන්ම පෙර මාදිලි තුළ පැවති ස්පීකර් 6 වෙනුවට තවත් ස්පීකර් 2ක් රූපවාහිනීය මධ්යයේ ස්ථාපිත කරමින් සුපැහැදිලි හා ඉහළ ශබ්ද රටාවන් පරිශීලකයා වෙත ගෙන ඒමට ඒ තුළින් හැකි වී ඇත. එමගින් තිරයේ යම් වස්තුවක් සෙලවීමේදී එම ශබ්දය නරඹන්නා වෙත ගෙන එන අතර වම් සහ දකුණු ස්පීකර් තුලින් stereo නාද රටාවන් මෙන්ම 3D ශබ්දයන් පරිශීලකයා වෙත ගෙන එනු ලබන්නේ අසමසම අත්දැකීමක් හරහා ඔවුන් රූපවාහිනී තිරයට ආකර්ෂණය කර ගනිමිනි.
සෑම කොටසක්ම Ultra-Slim නිමාවෙන් යුක්තය
රූපවාහිනී නිෂ්පාදනයේ තවත් සුවිශේෂී සාධකයක් වන Infinity Screen, bezels පවා නොපෙනෙන ලෙස නිර්මාණය කර ඇති එහි සිහින් ආකෘතිය තුළ ස්පීකර් රැසක් සවි කිරීම අභියෝගයක් වුවද එය මනාව නිර්මාණය කිරීමට සැම්සුන් සමත්ව ඇත.
විශේෂයෙන් රූපවාහිනී නිෂ්පාදනයේ සීමාවන් අතික්රමණය කරමින් මෙම නව්යකරණ තාක්ෂණය Neo QLED TV වෙත හඳුන්වා දී ඇති අතරම එහි තුනී පැනල සඳහා ඉඩ සැලසීම වෙනුවෙන් භාවිත කරන මූලික උපාංගයන් නව ආකාරයකින් යොදා ගැනීමටද ඔවුන් කටයුතු කර ඇත.
ආකර්ෂණීය සුපැහැදිලි ශබ්දය
පරිශීලකයින් වෙත සුපැහැදිලි හා ආකර්ෂණීය ශබ්ද රසයක් ලබා දීම වෙනුවෙන් ඔවුන් රස විඳින නිර්මාණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට නිෂ්පාදකයින් ඉමහත් වෙහෙසක් ගෙන ඇත. නිදසුනක් ලෙස ක්රීඩාවක් රසවිඳීමේදී සමූහ ශබ්ද පරිශීලකයා වෙත ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර සංගීත නිර්මාණයකදී ස්ථාවර ශබ්ද රටාවක් අනුගමනය කිරීමට ඔවුන් උත්සාහ ගෙන ඇත. චිත්රපට නැරඹීමේදී තිරයේ මධ්යයේ සිට දෙබස් ඇසෙන ආකාරය සහතික කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් විශ්ලේෂණයක් සිදු කිරීමද මෙහි විශේෂත්වයකි.
වසර 16ක් තිස්සේ ගෝලීය වෙළෙඳපොල පුරෝගාමියකු ලෙස කටයුතු කරන Samsung TV ලොව පුරා පරිශීලකයින් විශාල ප්රමාණයකගේ විශ්වාසය විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇත. එසේම ලොව පුරා පවුල් දහස් ගණනක් Samsung TV භාවිත කරන බැවින් නිරන්තරයෙන් ඔවුන් වෙත නවමු අත්දැකීමක් ලබා දීම කෙරෙහි සමාගමේ අවධානය යොමු වී ඇති අතර ඒ වෙනුවෙන් සැම්සුන් සතු ශක්තිය Sungjoo Kim විසින් හෙලිකර සිටින ලදී. දිනෙන් දින ඉහළ යන නිර්මාණයන්ට ප්රතිචාර දැක්වීමක් ලෙස Samsung TV හරහා ස්වභාවික ශබ්ද අත්දැකීමක් පරිශීලකයින් වෙත ලබා දීමට සැම්සුන් කැපවී කටයුතු කරයි.
රූපවාහිනී තිරයන් ක්රමයෙන් විශාල වෙමින් පවතින්නේ අන්තර්ගත නිර්මාණයන්ද දිනෙන් දින වෙනස් වෙමින් පවතින පරිසරයක් තුළය. එම වෙනස්වන ප්රවණතාවන් සමඟ ඉදිරියට යමින් ස්පීකර් ප්රමාණය ඉහළ දැමීමටත්, 3D ශබ්ද හරහා එකිනෙකට ගැළපෙන ආකාරයෙන් ශබ්ද රසයක් ජනිත කිරීම වෙනුවෙන් AI තාක්ෂණයන් දියුණු කිරීම මනා ආශ්වාදයක් පරිශීලකයින් වෙත ගෙන ඒමට හේතු වී ඇත. මේ තුළින් ශබ්දය පාලනය කිරීමට තව දුරටත් දුරස්ථ පාලකයක් අවශ්ය නොවන යුගයකට පරිශීලකයන් ගෙන යාමටද හැකි වනු ඇත.
මෙම Samsung Neo QLED 8k නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් දැන් ලබා ගත හැකිය.
June, 29, 2022
ශ්රී ලංකාවේ online ගෙවීම් පිළබඳ ද්වාර විසඳුම් සම්බන්ධ ප්රමුඛයා වන WEBXPAY, මෙරට ඩිජිටල් ගෙවීම් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් Visa සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට අතිශයින් වැදගත් වනු ඇත. මෙමගින් දිවයින පුරාම සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වල ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත්, එම ව්යාපාර වලට ලොව පුරා වීසා කාඩ්පත් හිමියන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීමටත් WEBXPAY සමාගමට හැකියාව ලැබේ. මෙය එම කාණ්ඩයේ ව්යාපාර වලට දියුණුවට අත්වැලක් වෙමින්, රටේ ආර්ථිකය නැවත නගාසිටුවීමට මහඟු දායකත්වයක් ලබාදෙනු නො-අනුමාන ය.
ආසියානු පැසිෆික් කලාපයේ ‘Visa Acceptance Fast Track’ වැඩසටහන යටතේ, 2025 වසර වනවිට මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර 10,000 කට ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ පහසුකම් ලබාදීමට WEBXPAY අපේක්ෂා කරයි. ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා 2025 වසර වනවිට රු. බිලියන 10 කට Gross Merchant Volume (GMV) මට්ටමක් වාර්තා කරගැනීම මෙහි මූලික ඉලකය වේ. මෙය soft POS හරහා contactless වර්ගයේ ගෙවීම් භාරගැනීම් වැඩි කිරීමටත්, soft POS තාක්ෂණය සමග tap to phone ක්රම ක්රියාත්මක කිරීමටත්, අඩු වියදම් face to face ගෙවීම් භාරගැනීමේ ක්රම ක්රියාවට නැංවීමටත් මහෝපකාරී වනු ඇත. COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් අවම කරගැනීමට ව්යාපාර උත්සාහ දරමින් සිටින මේ මොහොතේ මෙවැනි තාක්ෂණයන් වැඩි පාරිභෝගික ප්රජාවක් ආකර්ෂණය කරගැනීමට නිසැකවම ඉවහල් වන අතර, මෙමගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ඉතාමත් පහසුවෙන් ගෙවීම් කිරීම සඳහා විකල්ප ක්රම හිමි වේ.
“කුඩා ව්යාපාර හිමියන් බොහෝ විට තම ව්යාපාර දියුණු කරගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට උනන්දු වනවා. අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්ය සහය ලබාදීමයි. Visa Acceptance Fast Track වැඩසටහන යටතේ මේ ආකාරයට WEBXPAY සමග අත්වැල් බැඳගෙන ශ්රී ලංකාවේ කුඩා පරිමාණ ව්යාපාර දහස් ගණනකට ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීමට අත්වැලක් සැපයීමට හැකිවීම අපට සතුටක්. Visa සේවාවන් සමග WEBXPAY හි ගෙවීම් ද්වාර විසඳුම් එක්වීම නිසා දැන් කුඩා ව්යාපාර වලට ස්පර්ශ රහිතව සුරක්ෂිත ලෙස ගෙවීම් භාරගැනීම සඳහා tap to phone ක්රමවේදය භාවිතා කරමින් තම ව්යාපාර නැවත ගොඩනංවා ගැනීමට හැකියාව ලැබෙනවා.” Visa හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවා ය.
“ශ්රී ලංකාවේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සම්බන්ධ අපගේ සේවාවන් හා සමාජයීය ඉලක්ක ළඟා කරගැනීම සඳහා Visa මගින් ලබාදෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා. මේ හවුල්කාරීත්වය නිසා දේශීය ඩිජිටල් ගෙවීම් සම්ප්රදායන් පුළුල් කිරීම සඳහා වඩාත් වේගවත්, පහසු හා කාර්යක්ෂම ගෙවීම් විසඳුම් ලබාදීමට අප සතු හැකියාව තවදුරටත් ශක්තිමත් වන අතර, ඒ ඔස්සේ අපට සමස්තයක් ලෙස රටේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව ලැබේවි.” WEBXPAY නිර්මාතෘ ඔමාර් සහිබ් මහතා පැවසී ය.
මේ වනවිට දිවයින පුරා ව්යාපාර 2,000 කට අධික සංඛ්යාවක් භාවිතා කරන WEBXPAY ඒකාබද්ධ සේවාව අලෙවිකරුවන්ට දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ online හරහා ගනුදෙනු ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙමගින් ඕනෑම ප්රමාණයක ව්යාපාරයකට ගැළපෙන සහනදායී විසඳුම් හිමිවන අතර, එකම පදනමක් තුළ සීමිත ගෙවීම් ක්රම සහිත සුරක්ෂිත, සහනදායී සහ පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් විසඳුමක් ඔවුන්ට හිමි වේ. මෙය ඔවුන්ගේ ව්යාපාර කටයුතු පහසු කිරීමටත්, එය වඩාත් ඉක්මනින් පුළුල් කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවකි.
ඉතා මෑතකදී WEBXPAY විසින් ඕස්ට්රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සමග හවුල්කාරිත්වයකට අත්සන් තබන ලදි. ඩිජිටල් ගෙවීම් සේවාවන් ලබාගැනීමේ අවස්ථාවන් පුළුල් කරමින්, ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවන් වීම සඳහා දිවයින පුරා සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට අවස්ථාව ලබාදීම ඔස්සේ, COVID-19 හේතුවෙන් බලපෑම් වලට ලක්වූ ග්රාමීය ආර්ථිකයන් නගාසිටුවීම එහි අරමුණ විය.
2015 වසරේදී ශ්රී ලංකාවේ ප්රථම online ගෙවීම් එකතු කිරීමේ සේවාව වශයෙන් සාමාන්ය මට්ටමින් ආරම්භ වූ WEBXPAY මේ වනවිට ශ්රී ලංකාවේ විශ්වාසනීයම online ගෙවීම් ද්වාර විසඳුම් සපයන්නා බවට පත් වී තිබේ. මෙරට සුළු පරිමාණ ව්යාපාර මෙන්ම මහා පරිමාණ සමාගම් අතරද එම සේවාව මේ වනවිට වේගයෙන් ජනප්රිය වෙමින් පවතී. අනාගතයට ගැළපෙන පුළුල් හා මධ්යගත ගෙවීම් හැකියාවන්ගෙන් යුත් ශක්තිමත් වේදිකාවක් හඳුන්වා දීමෙන් ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව WEBXPAY දිවයින පුරා විසිරී පවතින සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වෙත ඩිජිටල් ගනුදෙනු තාක්ෂණයන් සමීප කරවීමේ මෙහෙවරෙහි නිරත වී සිටී. මෙම වසර තුළදී සමාගමේ ප්රධානතම ඉලක්කයක් වන්නේ, මාර්ගගත සහ මාර්ගගත නොවන ගෙවීම් භාරගත හැකි Point of Sales (POS) විසඳුම් හඳුන්වා දීම තුළින් තම සේවාවන්හි අගය තවදුරටත් වර්ධනය කරගැනීම ය.
ඡායාරූප (වමේ සිට): WEBXPAY ව්යාපෘති කළමනාකාරිනී නැටලී ෆනෑන්ඩස්, අධ්යක්ෂ (ව්යාපාර සංවර්ධන සහ මෙහෙයුම්) ක්රිෂාන් සමරසිංහ, නිර්මාතෘ හා සභාපති ඔමාර් සහිබ් සමග Visa හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ සහ එහි අධ්යක්ෂ (MS& A) නලින් දිසානායක යන මහත්ම මහත්මීන්
June, 29, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට (SME) දැරිය හැකි මිලකට අති නවීන ERP (Enterprise Resource Planning - ව්යවසාය සම්පත් සැලසුම්කරණ) විසඳුම් ලබා දීම සඳහා මෙරට ERP ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන Bileeta Ltd සමඟ ඇති හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.
HNB සහ Bileeta Ltd අතර ඇතිකරගත් මෙම සුවිශේෂී සහයෝගීතාවය මගින් බැංකුවේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් හට විකුණුම් සහ මූල්ය විගණනය, තොරතුරු පවත්වාගෙන යන ලේඛන කළමනාකරණය, ප්රසම්පාදන, සේවා කළමනාකරණය, ස්ථාවර වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදනය වැනි ඔවුන්ගේ විවිධ ව්යාපාරික කටයුතු විධිමත්ව කරගෙන යාමටත් දිගුකාලීන වශයෙන් කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය කළමනාකරණය කර ගැනීමටත් හැකි වේ. HNB ප්රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Bileeta ප්රධාන විධායක නිලධාරී, සංජි ද සිල්වා යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා සහ මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”තාක්ෂණය යනු සංවිධාන මෙන්ම ලෝක ආර්ථිකයන් පවා ගොඩ නැගීමට සහ ඉහළට ඔසවා තැබීමට සමත් අත්යවශ්ය සාධකයක්. ඒ හරහා සමාගම්වලට නිසි දැනුම, විශේෂඥතාව සහ උපාය මාර්ග සමඟ අභ්යන්තර සහ බාහිර සම්බන්ධතා පුළුල් කරගත හැකි අතර ආදායම් සහ ව්යාපාරකරණය තුළ ඔවුන්ගේ ඉහළම හැකියාවන් වෙත ලගා වීමට අවශ්ය දායකත්වය ලබාගත හැකියි.”
”මෙය සිහිතබා ගනිමින් රටේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට ERP පද්ධති පිළිබඳ දැනුම සහ භාවිතය සම්බන්ධයෙන් අවශ්ය සහයෝගය ලබා දීමට අප ෑඍඡු ක්ෂේත්රයේ ප්රමුඛයා වන Bileeta සමඟ එක් වුනා. ජාතික ආර්ථිකයට ප්රබල දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් වෙත අන්කවරදාටත් වඩා දැන් අපගේ සහාය අවශ්යයි. Bileeta සමඟ ඇති කරගත් අපගේ හවුල්කාරිත්වය මූල්යමය වශයෙන් පිරිවැය කළමනාකරණය උදෙසා තාක්ෂණය සක්රීය කිරීම කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙනවා. අපගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් තම නොමද දායකත්වය ලබාදෙන බිම් මට්ටමේ සිටින කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට අස්වැසිල්ලක් වන මෙවැනි සුවිශේෂ මුලපිරීම් ඉදිරියටත් හඳුනාගෙන ක්රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
ඒ අනුව ENTUTION ERP Solution ලෙස නම් කර ඇති ERP වේදිකාව වෙළෙඳපොළට හඳුන්වා දීමටත් එම පද්ධතිය නිසි අයුරින් කි්රයාත්මක වන්නේ කෙසේදැයි ආදිය පිළිබඳ දැනුම ලබා දීමටත් HNB සහ Bileeta එක්ව කටයුතු කරන බව සහතික වෙයි.
මෙම හවුල්කාරිත්වය හරහා HNB හි පාරිභෝගිකයින්ට පුහුණුව සහ ඇතුල්වීමේ ගාස්තු නොමැතිව විශේෂ අඩු කළ මිලකට මෙම විසඳුම ලබා ගැනීමට ද හැකියාව ලබා දෙයි. එමෙන්ම තාක්ෂණික සහාය අවශ්ය SME ව්යවසායකයින් හඳුනා ගැනීම හා ඔවුන්ව සම්බන්ධ කරගෙන සියලූම කලාපවලට මෙම විසඳුම් හඳුන්වා දීමටත් එමගින් SME ව්යවසායකයින්ගේ ප්රමිතීන් ඉහළ නැංවීමට අරමුණු කරගනිමින් බැංකුව Bileeta සමඟ එක්ව කටයුතු කරනු ඇත.
”සංවිධානවල ඉතා වේගවත් හා විප්ලවීය වර්ධනයක් තාක්ෂණය තුළින් සිදු කිරීමට හැකි බව අප දැක තිබෙනවා. කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරික ප්රජාවට මෙවැනි බලපෑමක් ඇති කිරීමට HNB සමඟ හවුල් වීමට ලැබීම සැබවින්ම අපට ගෞරවයක්. SME ව්යවසායකයින්ට අන්කවරදාටත් වඩා දැන් අපගේ සහය අවශ්යයි. ඒ වෙනුවෙන් ERP විසඳුම් පිළිබඳ අපගේ ඇති ප්රවීණත්වය තුළින් ඔවුන්ව තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්ය සහයෝගය ලබා දීමට හැකිවීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. එමෙන්ම HNB සමඟ එක් වීම හේතුවෙන් SME ව්යවසායකයින්ට ඔවුන්ගේ මෙහෙයුම් බාධාවකින් තොරව කරගෙන යාමට, අතමිට සරුසාර කරගැනීමට හා ලාභ ලැබීමටත් සමස්තයක් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපට දැන් හැකි වෙනවා. කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට අත්වැළක් වීම උදෙසා අපට මෙම අවස්ථාව ලබා දීම ගැන අපි HNB හට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් Bileeta ප්රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා මහතා පැවසුවේය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ වැඩි විස්තර 0112661771 ඔස්සේ HNB නෙත්මිණි සහ 077439960 ඔස්සේ Bileeta නෙරුෂාන් ඇමතීමෙන් ලබා ගත හැකිය.
HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම loT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
ඡායාරූපය: HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට හතරවැනියා) සහ Bileeta (Pvt) LTd, ප්රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ Bileeta යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජ්යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද ඡායාරූපයේ සිටී.
June, 29, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව පසුගිය ජුනි 8වන දින, අංක 97 ගාලූ පාර අම්බලන්ගොඩ (රොසෙත් හන්දිය) දරණ, ලිපිනයෙහි නව කාර්යාල, පරිශ්රයකට ගෙන යන ලදි.
නව පරිශ්රයට ගෙවදීම HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතාගේ ප්රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLC හි නියෝජ්ය සාමාන්යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.
නව පරිශ්රයට ගෙවදීමට සමගාමීව HNB FINANCE PLC රන් ණය සේවාවද අම්බලන්ගොඩ ශාඛාවෙහි අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර කල් බදු සේවා (Leasing) ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්යසේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.
"වඩාත් පහසුකම් සහිත නව පරිශ්රයට ගෙවදිමින් ඉන් සලසා දීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා, වසර දහහතකට අධික කාලයක් අම්බලන්ගොඩ හා ඉන් අවට පාරිභෝගික ජනතාවගේ මූල්ය අවශ්යතා ඉටුකිරීම සඳහා අනුපමේය සේවාවක් HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව විසින් ඉටු කළ අතර මෙතැන් සිට අපගේ රන් ණය සේවා මධ්යස්ථානයෙන් ද වඩාත් ප්රශස්ත, විශ්වාසනීය හා ආකර්ශනීය සේවාවක් අම්බලන්ගොඩ සහ ඒ අවට ජනතාවට ඉටු කරනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් පැවසීය.
June, 28, 2022
මෙරට බැංකු ක්ෂේත්රයේ පාපැදි භාවිතය ප්රචලිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ බැංකුවක් වන DFCC බැංකුව පසුගියදා ලෝක පාපැදි දිනය සැමරීමට කටයුතු කළේ ය. සෑම වසරකම ජූනි 03 වන දිනට යෙදෙන ලෝක පාපැදි දිනය, සරල, ලාභදායී, පරිසර හිතකාමී සහ සෞඛ්යයට හිතකර ප්රවාහන මාධ්යයක් වශයෙන් පාපැදියේ වැදගත්කම අවධාරණය කරයි. මෙම දිනය සැමරීම සඳහා DFCC බැංකුව තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පාපැදි වලින් රාජකාරියට පැමිණීමේ දිනයක් ප්රකාශයට පත්කළ අතර, පාපැදි කරුවන් 30 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව කිලෝමීටර් 15 ක පාපැදි සවාරියක්ද සංවිධානය කළේ ය.
එමෙන්ම පාපැදි භාවිතයේ ආචාරධර්ම, ආරක්ෂක විධිවිධාන, පාපැදියෙන් රැකියාවට පැමිණීම මගින් ලැබෙන වාසි සහ තමන්ට වඩාත්ම හොඳින් ගැළපෙන පාපැදියක් තෝරාගන්නා ආකාරය යනාදී කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර, කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
ක්රියාශීලී ජීවිතයක වැදගත්කම පෙන්වා දීම, DFCC බැංකුවේ තිරසාරත්ව ක්රමෝපායේ එක් ප්රධානතම අංගයකි. මේ යටතේ තම කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පාපැදි භාවිතය ප්රචලිත කිරීම සඳහා බැංකුව උත්සාහ කරයි.
එමෙන්ම DFCC බැංකුව 2020 වසරේදී මාසික පාපැදි දිනයක් ප්රකාශයට පත්කරමින්, එය නොකඩවා පවත්වාගෙන යන ප්රථම බැංකුවයි. හෝර්ටන් පෙදෙසේ නව ‘DFCC Pinnacle’ මධ්යස්ථානය විවෘත කිරීමට සමගාමීව මෙය සංවිධානය කරන ලද අතර, එම අවස්ථාවට බැංකුවේ ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්වූහ. පාපැදියෙන් රැකියාවට පැමිණීම සහ ජීවන රටාවේ අංගයක් ලෙස පාපැදි භාවිතා කිරීම ප්රචලිත කිරීම සඳහා සුළුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන ඉතා සුළු කාලයක් තුළ බෙහෙවින් ජනප්රිය වූ අතර, මේ වනවිට බැංකුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පාපැදි භාවිතා කරති. විශේෂයෙන්ම මධ්යම, උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතර පාපැදි භාවිතය මෑතකාලීනව බෙහෙවින් ජනප්රිය වී තිබේ.
මාසික පාපැදි දිනයන් සංවිධානය කරනු ලබන්නේ DFCC බැංකුවේ සුවතා කමිටුව සහ මානව සම්පත් අංශය විසිනි. මේ සඳහා ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසකගේ නොමඳ සහයෝගය හිමි වේ. පාපැදි භාවිතය ජීවන රටාවේ අංගයක් බවට පත්කරමින් තම කාර්ය මණ්ඩලය අතර එය ප්රචලිත කිරීම සඳහා DFCC බැංකුව සිය සන්නාමය සඳහන් ඇඳුම් කට්ටල හඳුන්වා දී ඇති අතර, පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන සාමාජික සාමාජිකාවන්ට ඒ සඳහා මූල්ය සහය ලබාදීමේ වැඩසටහනක්ද ක්රියාවට නංවා තිබේ.

වැඩමුළුවේ සම්පත් දායකයන් DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තුමන් සහ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග
(වමේ සිට) EnduranceLab සහ Colombo Cycling School Sri Lanka හි සම-නිර්මාතෘ සහ ප්රධාන පුහුණුකරු මිතුන් ලියනගේ, DFCC බැංකුවේ උප සභාපති (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න, Wurth Lanka කළමනාකාර අධ්යක්ෂ රොහාන් අමීර්තයියා, DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, Visa හි අධ්යක්ෂ (ව්යාපාර සංවර්ධන - ශ්රී ලංකාව සහ මාලදිවයින) ෂෙරෝන් මෙන්ඩිස්, F J&G De Seram හි ප්රධාන හවුල්කාරිනී සහ ප්රධානී අයෝමි අලුවිහාරේ ගුණවර්ධන සහ DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති (මානව සම්පත්) සොනාලි ජයසිංහ යන මහත්ම මහත්මීන්
June, 28, 2022
හරිත හෙටක් සඳහා වූ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හේලීස් ෆැබ්රික් ආයතනය ප්රදේශයෙහි දැකිය හැකි ජෛව විවිධත්ව සුවිශේෂිතා පිළිබඳ දැනුවත් කිරීමටත් පරිසරය සුරකිමින් ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමටත් මිලියන 6.3ක් ආයෝජනයක් සිදු කර ඇත. එම ආයතනයට අයත් තෙත් බිම් අක්කර 9 ක් දියතුරු උයන නමින් වෙන් කරන ලද අතර කළුතර දිස්ත්රික්කයේ හොරණ - මතුගම පාරට සහ නාර්තුපාන - වරකාගොඩ පාරට මායිම්ව සමාගමේ නාර්තුපාන වතුයාය ඉදිරිපිට දියතුරු උයන පිහිටා ඇත.
‘‘ජෛව විවිධත්වය විනාශ වීම ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනයකි. එමෙන්ම තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා හුදෙක් සංරක්ෂණයට වඩා ජෛව විවිධත්වය යළි ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. කාර්මීකරණය තුළ එය අභියෝගාත්මක උත්සාහයක් වන නමුත් අපගේ පරිසරයටල පාර්ශවකරුවන්ට සහ සේවකයින්ට ධනාත්මක බලපෑමක් ඇති කරන මෙවැනි ව්යාපෘතීන් ක්රියාත්මක කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවාග ආයතනයක් ලෙස අපගේ තිරසාරත්වය කරා යන ගමන් මගෙහි පුළුල් ප්රගතියක් ලබා ඇති අතර අප දැන් එහි නව පරිච්ෙඡ්දයක් ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
පරිසර අමාත්යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශනය යටතේ කටයුතු කරමින් හේලීස් ෆැබ්රික් ආයතනය විසින් 2020 අගෝස්තු සිට 2021 ජනවාරි දක්වා සිදු කරන ලද ක්ෂේත්ර සමීක්ෂණවලින් මෙරටට ආවේණික, බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සහ අවදානමට ලක්ව ඇති ඇතැම් ශාක හා සත්ව විශේෂද ඇතුළුව ශාක හා සත්ව විශේෂ 140 කට වැඩි ප්රමාණයක් හඳුනාගෙන ඇත.
අනාගතයේදී මෙම තෙත්බිම් උද්යානය සාමාන්ය ජනතාවට සහ අනෙකුත් පාර්ශව සඳහා විවෘත කිරීමටයි. මේ සඳහා හේලීස් ෆැබ්රික් ආයතනය බලාපොරොත්තු වන අතර මේ සඳහා ආයතනය විසින් උද්යානයේ පිවිසුමෙහි සමනල උයනක්ල උද්යානය නැරඹීම සඳහා නැරඹුම් ස්ථානයක්ල මෙම තෙත් බිම ආශ්රිතව ගැවසෙන පක්ෂීන් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කුළුණක්ල ජලජ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීමට වැවක්ල ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශවණාගාරයක් සහ පුස්තකාලයක් ද ඉදිකරනු ඇත. එමෙන්ම ජෛව විවිධත්වය ආශ්රිතව කෙරෙන විශ්ව විද්යාල මට්ටමේ පර්යේෂණ හා ගවේෂණ සඳහා සහයෝගීතාව දැක්වීමට ද ආයතනය කටයුතු කරනු ඇත.
තවද හේලීස් ෆැබ්රික් ආයතනය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා එක් වී දියතුරු උද්යානයට යාබදව ආයතනය සතු අක්කර 5ක ඉඩමක් වෙන්කර කාබනික වී වගාවක් පවත්වාගෙන යාම ද විශේෂත්වයකි. මෙමගින් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ප්රදේශයේ පදිංචිකරුවන් අතර සෞඛ්ය සම්පන්න ආහාර භාවිතය හා කාබනික කෘෂිකර්මාන්තය ප්රවර්ධනය කරනු ඇත. එම අස්වනු අලෙවි කිරීමට මංපෙත් විවර කරමින් ඒ අවට ආහාර අලෙවිසැලක් ඉදිකිරීමට නියමිතය. එමගින් සේවකයින්ට කාබනික ගෙවතු වගාවක් තුළින් සපයාගත් අතිරික්ත නිෂ්පාදන මෙම ස්ථානය හරහා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
හේලීස් ෆැබ්රික් පීඑල්සී යනු ශ්රී ලංකාවේ ගෙතුම් රෙදිපිළි නිෂ්පාදනයෙ පුරෝගාමී ආයතනයක් වන අතර එය 2003 දී කොළඹ කොටස් වෙළඳපොළට එක් වී ඇතග අද වන විට මාසයකට රෙදි මීටර් මිලියන 4.5ක නිෂ්පාදන ධාරිතාවක් හේලීස් ෆැබ්රික් ආයතනය සතු වන අතර එය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා, ඇඟළුම් සහ සන්නාමයන් අතර ප්රමුඛ පෙළේ හවුල්කරුවෙකු ලෙස ද කටයුතු කරයි.

හේලීස් ෆැබ්රික් විසින් ඉදිකරන ලද දියතුරු උද්යාන නැරඹුම් මැදිරිය

වික්ටෝරියා සීක්රට් හි අධ්යක්ෂිකාවක් වන ජෙයිමි බෘක්ස් මහත්මිය දියතුරු උද්යානයේ නිරීක්ෂණයට එක් වෙමින්

හේලීස් ෆැබ්රික් දියතුරු උද්යානයෙන් හමු වූ ආවේණික මත්ස්යයෙකු වන උඩ හඳයා (Ceylon Killifish)
රූපය : හේලීස් ෆැබ්රික් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ, රොහාන් ගුණතිලක මහතා සහ නිලධාරීන් ලෝක තෙත්බිම් දිනය සැමරීමට රුක් රෝපණ වැඩසටහනක් දියත් කරමින්
June, 28, 2022
ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් දියත් කරන "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" වැඩසටහන පොසොන් පොහොයට සමඟාමීව ඓතිහාසික වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහා විහාරය ආලෝකමත් කෙරුණි. "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයකි.
කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටා ඇති, වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරය දේවානම්පියතිස්ස මහ රජු (ක්රි.පූ 250 - 210) විසින් ඉදි කරවන ලද පළමු විහාරස්ථාන අතරින් එකක් සේ සැළකෙයි. රජු විසින් සෑම ගවුවකම (ආසන්න වශයෙන් සැතපුම් 04) විහාරස්ථාන තැනවූ බව සඳහන් වේ. මෙහි ඇති "ටැම්පිට විහාරය" ආකාරයෙන් ඉදි කරන ලද "ශ්රී විෂ්ණු දේවාලය" නිසාවෙන් විහාරය අද වඩාත් ජනප්රියය. ශ්රී ලංකාවේ දුර්ලභ වරද මුද්රා සහිත පෞරාණික බුද්ධ ප්රතිමාවක් ද විහාරස්ථානය සතුය.
ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා සත්කාරය වැඩසටහන වෙනුවෙන් සිය අදහස් පළ කළේ මෙසේ ය. " මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම මගින් ස්වදේශී, ශ්රී ලාංකික සමාගමක් ලෙසින් ශ්රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තබනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් අපි අපගේ පූර්ණ අනුග්රහය මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ලබා දෙමින් මතු පරම්පරාවන්ට අපගේ සංස්කෘතිය රැක ගැනීමට පූර්ණ ආදර්ශයන් සපයනවා."
රටේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම යොවුන් පරපුරට ඉගැන්වීමේ අභිප්රායයෙන් ස්වදේශී කොහොඹ මෙරට ආගමික සිද්ධස්ථාන මෙසේ ආලෝකවත් කරන බවට ඇය තවදුරත් සිය අදහස් දක්වමින් පවසා සිටියා ය.
ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන වෙත සිය සහයෝගය අඛණ්ඩව ලබා දී ඇත. අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා 2013 වසරේ දී, ඇය විසින් ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ ' ශ්රී දළදා මාළිගාව' සහ පෞරාණික බිතු සිතුවම් අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහ විහාරයේ ප්රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.
කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සෙල්ල කතරගම දේවාලය, සබරගමු මහ සමන් දේවාලය , දෙවුන්දර ශ්රී විශ්නු දේවාලය, අලුත්නුවර ශ්රී දැඩිමුණ්ඩ මහ දේවාලය, මහනුවර ශ්රී මහ විශ්නු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය,අම්මඩුව කුඩා කතරගම දේවාලය, දැරණියගල සමන් දේවාලය, දඹදෙණිය රජමහ විහාරය සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී ආලෝක පූජා වෙත ස්වදේශී සිය අඛණ්ඩ සහයෝගය ලබා දී ඇත.
100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශී, සියලු ශ්රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්යාපෘති ක්රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්රදානය වැනි සත්කාරයන් සිදු කරයි.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්, රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.
ශ්රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්රව්යවල ක්රියාකාරී ප්රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්රව්යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්රිතාන්ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගිකයා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.
විසබීජවලට එරෙහිව ස්වභාවික ආරක්ෂාව ලබා දෙන කොහොඹ ශාකසාරයේ ගුණයන්ගෙන් පොහොසත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් නිෂ්පාදන පෙළ මෑතක දී හඳුන්වා දෙන ලදි. කොහොඹ, සේර සහ කෝමාරිකා සාරයෙන් යුත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් සහ කොහොඹ, කහ සහ කෝමාරිකා සාරයෙන් යුත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් යන ප්රභේද 02කින් එය සමන්විත වේ.
ඡායාරූප විස්තරය : වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරයේ විහාරස්ථානාධිපති, ගරු පූජ්ය ගල්ලැහැපිටියේ පේමරතන හිමි, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, සහ ස්වදේශී ජ්යේෂ්ඨ කළමණාකාර නිළධාරීන්, වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරය ආලෝකමත් කරමින්
June, 28, 2022
ශ්රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමීව සිය වගා භුමි ආශ්රිතව මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් 100,000ක් සිටුවීමේ Together with Mee ජාතික පාරිසරික තිරසාරභාවය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් දියත් කළේය. ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්රික්ක ආවරණයවන පරිදි මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මී පැල 5000කට ආසන්න ප්රමාණයක් ප්රාදේශිය වැවිලි සමාගම් සමග ඒකාබද්ධව එම වතු යායන්වල රෝපණය කළේය.
Together with Mee රුක් රෝපණ වැඩසටහන එළඹෙන 2023 ලෝක පරිසර දිනය වන විට මී පැල ලක්ෂයක් තවත් ඒක දේශීය ශාකයන් සමග රෝපණය කර අවසන් කිරීමට ශ්රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය බලාපොරොත්තු වේ.
දේශීය සම්පත්දායකයින් වශයෙන් ශ්රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා රැගෙන යමින් මෙරට පාම් ඔයිල් අවශ්යතාවය සපුරාලමින් ශ්රී ලංකාව ඔයිල් පාම් වලින් ස්වයංපෝෂිත කරලීම සඳහා යන ගමන් මගේ පාරිසරික තිරසාරභාවය ඉහළ නැංවීමට, ශ්රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය නිරතුරුව කැපවී සිටී.
ශ්රී ලංකා ද්වීපයේ සාරවත් මහ පොළොවෙන් පෝෂණය වන මෙරට පාම් ඔයිල් කර්මාන්තයට මහපොළව හා ඇත්තේ නොසිඳෙන බැඳීමකි. එම බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් පරිසරයේ කාබන් සමතුලිතභාවය සුරක්ෂිත කිරීමත් මහ පොළොවට ස්වභාවික පෝෂණය ලබා දීමත් සඳහා අතීතයේ සිටම යොදා ගන්නා ලද ඒක දේශීය ශාකයක් වන මී ශාකය සඳහා ප්රමුඛස්ථානයක් ලබා දෙමින් පරිසර සංරක්ෂණ ක්රියාවලියට සිය දායකත්වය සෘජුවම ලබා දීම සඳහා මෙම ව්යාපෘතිය දියත් කෙරිණි. මී ගස පැය විසි හතර පුරා ඔක්සිජන් සපයන ශාකයක් වන අතර ස්වභාවිකව පළිබෝධකයන් පාලනය කිරීමට සහාය වන ශාකයකි. එසේම වගාවන්ට ස්වභාවිකම පොහොර ලබාදෙන සුවිශේෂී මුලාශ්රයක් ලෙස ද හඳුනා ගෙන ඇත. අතීත ශ්රී ලාංකික ජනතාව ඉහළ ඖෂධීය වටිනාකමකින් යුතු ශාකයක් ලෙස සැලකින. සියවස් කිහිපයක් බටහිර ජාතීන්ගේ මි ගස් විනාශය හේතුවෙන් මෙරට ජනතාවට සහ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය. ඒ අනුව නැවත මි ශාකය මව් දෙරණ මත ස්ථාපිත කරවීම රටේ ඉදිරි අනාගතය උදෙසා කරනු ලබන දැවැන්ත ආයෝජනයකි.
Together with Mee වැඩසටහන යටතේ 2022 ජුනි 05 වනදාට යෙදුනු ලෝක පරිසර දින රුක් රෝපණයට සමගාමීව ආගමික නායකයින්, පාසල් සිසුන්, රාජ්ය ආයතන සහ ප්රදේශවාසීන් සභාභාගී කර ගනිමින්, පරිසර සුරක්ෂිතභාවට, ජෛව විවිධත්වය, ආවේණික සතුන් හඳුනා ගැනීම පිළිබඳ වැඩමුළු කිහිපයක් ද පැවැත්වුණු අතර "පරිසරය සුරකිමු" මැයෙන් පාසල් දරුවන් සඳහා චිත්ර තරග සහ සාමාන්ය දැනුම, ප්රශ්න විචාරාත්මක වැඩසටහන්, කසළ ප්රතිචක්රීකරණ නවෝත්පාදන නිර්මාණ තරගයක් ද පැවැත්වුණු අතර එහිදී දරුවන්ගේ අධ්යාපන කටයතු සඳහා ත්යාග සහ තිලිණ ප්රදානය ද සිදු කෙරිණි.
June, 27, 2022
වෙනස්වන ලෝකයට අවශ්ය නව දැනුම හා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට සහ වෘත්තීයන් තුළින් ඉදිරියට යාමට අවශ්ය සහාය ලබාදීම සඳහා ආයතනික සේවා නියෝජිතයන්ට සහ සිසුන් වෙනුවෙන් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් (PDP) යටතේ කර්මාන්ත සහතික ලත් කෙටිකාලීන පාඨමාලා සහ වැඩමුළු පවත්වනු ලබයි.
තොරතුරු තාක්ෂණ, ව්යාපාර සහ ඉංජිනේරු වැනි අංශ ආවරණය කරමින් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් එක්දින වැඩමුළු සිට වසර දෙකක වැඩසටහන් දක්වා වූ පුළුල් පරාසයක් යටතේ කෙරෙන පාඨමාලා වලින් සමන්විතවේ. වෘත්තීය සංවර්ධන වැඩසටහන් මගින් සිසුන්ට, සංස්ථාපිත ආයතන, ත්රිවිධ හමුදාව, රාජ්ය ආයතන සහ සාමාන්ය මහජනතාව සඳහා සේවා සපයන අතර ඊට සහභාගීවන්නන් සඳහා ඔවුන් සතුව දැනට පවතින කුසලතා ඔප්නැංවීමට හෝ නව දැනුම ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා සඳහා සහභාගීවන්නන් හට වර්තමානයේ රැකියා ස්ථානයක හෝ ව්යාපාරික ලෝකයට වටිනාකම් එකතු කිරීමක් ලෙස අවශ්ය ක්ෂේත්රයට අදාළ දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දෙනු ඇත. විශේෂයෙන්ම දැනටමත් උපාධි අපේක්ෂක වැඩසටහනකට හෝ වෘත්තීය මට්ටමේ පුද්ගලයකු වීම සඳහා ලියාපදිංචි වී සිටින සිසුන්ට, පිළිගත් ආයතනයක් ලෙස SLIIT විසින් පිරිනමන වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා තුළින් ඔවුන්ගේ අනාගත ගමන් මඟෙහි සාර්ථකත්වයන් සඳහා බලපෑම් කිරීමට අවශ්ය නව උපාය මාර්ග සපයා දෙනු ලබයි.
වර්තමාන ලෝකය තුළ සාර්ථකත්වයට අවශ්ය දැනුම සහ ප්රවීණත්වය ලබා දෙමින්, මේ වන විට SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා 25කට වඩා අරඹා ඇත. ඒ අනුව ඔරකල් සහතික ලත් ජාවා වැඩසටහන (Oracle Certified Java Program), ග්රැෆික් නිර්මාණ සහ බහුමාධ්ය වැඩසටහන (Graphic Design and Multimedia Program), වෙබ් සංවර්ධන වැඩසටහන (Web Development Program), මෘදුකාංග තත්ත්ව සහතික කිරීමේ වෘත්තීය වැඩසටහන (Software Quality Assurance Professional Program), CCNA Routing and Switching V7, තොරතුරු තාක්ෂණ යෙදුම්වල සහතික වැඩසටහන (Certificate Program in IT Applications), ව්යාපෘති කළමනාකරණය (Project Management), ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන (Digital Marketing Program), Certificate in Microsoft Office-Batch, සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් අධිකරණ වෛද්ය විද්යා වැඩසටහන (Cyber Security and Digital Forensics Program), Python - 3 හි සහතිකපත්ර වැඩසටහන සහ AWS ඇකඩමි ක්ලවුඩ් පදනම් වැඩසටහන (Certificate Program in Python – 3 and AWS Academy Cloud Foundations Program) යන වෘත්තීය සංවර්ධන වැඩසටහන් පවත්වනු ලබයි.
එපමණක් නොව, තම ඉල්ලීම් මත පදනම්ව තමන් කැමති පාඨමාලා වැඩමුළු සඳහා සහභාගී වීමටද අවස්ථාව හිමි වේ. මීට පෙර SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් HSBC බැංකුව, අධ්යාපන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ අමාත්යාංශ, විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව වැනි ආයතන සඳහා එම සේවාදායකයන්ගේ අවශ්යතාවය අනුව පවත්වනු ලැබූ සැසි සංවිධානය කර ඇත.
වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා ප්රධාන වශයෙන් කොළඹ SLIIT Metro Campus හිදී පවත්වනු ලබන අතර දැනට ව්යාපෘති කළමනාකරණ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ මාලඹේ පිහිටි SLIIT ප්රධාන ආයතනයේදීය. වෘත්තීය සංවර්ධන වැඩසටහන් සැසි මහනුවර සහ මාතර විශ්වවිද්යාලවල ද පවත්වනු ලබන අතර ඇතැම් තෝරාගත් වැඩසටහන් යාපනය සහ කුරුණෑගලදී පවත්වනු ලබයි. පවත්නා වසංගත තත්ත්වය සහ වර්තමාන තත්ත්වය හේතුවෙන් බොහෝ පාඨමාලා මාර්ගගතව (Online) පවත්වනු ලැබේ. කෙසේ වෙතත්, ඉල්ලීම් මත පදනම්ව සහභාගිවන්නන් සඳහා පුද්ගලිකව පාඨමාලා සඳහා සහභාගී වීමේ අවස්ථාව ද SLIIT විසින් සලසා දී ඇත.
වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් වන්නේ ඕනෑම ශිෂ්යයෙකු වයස අවුරුදු 16ක් සම්පූර්ණ කර තිබීම සහ අවම වශයෙන් අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සමත්ව තිබීමයි. SLIIT හි කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් පාඨමාලා පවත්වනු ලබයි. සහභාගිවන්නන් හට බාහිර කථිකාචාර්යවරුන් සහ කර්මාන්ත විශේෂඥයින්ගෙ මග පෙන්වීම යටතේ පාඨමාලා අන්තර්ගතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ ඒ සම්බන්ධ උපදෙස් ලැබෙනු ඇත.
SLIIT විසින් ඉදිරියේදී මෙම වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා තවදුරටත් සංවර්ධනය කරමින් NVQ 3වන මට්ටම දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරයි. ඒ මගින් සිසුන්ට NVQ 4වනමට්ටම වෙත ගොස් උපරිම වසර දෙකක කාලයක් තුළදී ඩිප්ලෝමා පාඨමාලා වැඩසටහනක් සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් විසින් කර්මාන්ත අවශ්යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Care-giver වැඩසටහනක් ද නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා රුපියල් 5,000 සිට රුපියල් 100,000 දක්වා වූ මිල ගණන් යටතේ පාඨමාලා ගාස්තු අයකරනු ලබයි.
SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර https://www.sliit.lk/professional-programms/, ඔස්සේ සහ ක්ෂණික ඇමතුම් අංක 077 330 00 66 හෝ 077 965 73 99 හෝ pdpcontact@sliit.lk විද්යුත් ලිපිනය හරහා ලබා ගැනීමට හැකිය.

June, 27, 2022
කොමර්ෂල් බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කළ ‘Win a Million’ පේ්රෂණ ප්රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග්රාහකයින්ට රුපියල් මිලියන 05 ක මුදල් ත්යාග බැංකුව විසින් පසුගියදා ප්රදානය කරන ලදී.
මෙම රුපියල් මිලියන 05 2022 ජනවාරි මාසයේ සිට අපේ්රල් මාසය දක්වා මාසික දිනුම් ඇදීම් වලින් රුපියල් මිලියනයක ප්රථම ත්යාග ලබාගත් ජයග්රාහකයින්ට ගෙවූ රුපියල් මිලියන හතරක මුදලත් රුපියල් 25,000 ක් බැගින් ලබාදුන් සැනසිලි ත්යාග 40 කුත් ඇතුළත් වේ. පේ්රෂණ ගනුදෙනුකරුවන් බැංකුව හරහා පේ්රෂණ මුදල් එවීම දිරිමත් කරමින් තවත් මිලියන පතියන් බිහිකිරීම සඳහා මෙම ප්රවර්ධන වැඩසටහන ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
මෙහිදී, රුපියල් මිලියනයක් බැගින් ප්රථම ත්යාග දිනාගත් ජයග්රාහකයින් සිව්දෙනා වූයේ මොරටුවේ වයි.සී.එස්. පීරිස් මහතා, කිරිබත්ගොඩ ඒ.ඞී. මාලනී සෝමලතා ප්රනාන්දු මහත්මිය, වෙන්නප්පුවේ ඩබ්ලිව්. සකුන් මධුරංග තාමෙල් මහතා සහ හොරණ සිවකුමාර් දිලානි මෙනෙවියයි. ඔවුන් සියළුම දෙනා මැදපෙරදිග කළාපයේ සිට මෙරටට පැමිණි පේ්රෂණ ලබාගත් අය වේ.
කොමර්ෂල් බැංකුවේ RemitPlus පේ්රෂණ සේවාව ඔස්සේ මෙරටට පේ්රෂණ මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් ‘Win a Million’ ප්රවර්ධන වැඩසටහන සඳහා එකතු කරගන්නා අතර මාසයකට වරක් දිනුම් ඇදීම් පැවැත්වීම සිදුකරයි. මේ අනුව, 2022 ජනවාරි මාසයේ සිට අපේ්රල් මාසය දක්වා කොමර්ෂල් බැංකුවට පේ්රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට එක්වීමට සුදුසුකම් ලැබීය. සෑම මසකම දිනුම් ඇදීම අවසන් වූ පසුව ජයග්රාහකයින් පිළිබඳ තොරතුරු බැංකුව විසින් සමාජ මාධ්ය ඔස්සේ සහ බැංකුවේ ‘RemitPlus’ ඇප් සේවාව තුළින් ප්රසිද්ධ කරන ලදී.
‘Win a Million’ ප්රවර්ධන වැඩසටහන මගින් කොමර්ෂල් බැංකුවට පේ්රෂණ මුදල් ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සහ තවමත් පේ්රෂණ සම්බන්ධයෙන් එතරම් දියුණුවට පත්ව නැති වෙළෙඳපොළවල් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. එසේම, බැංකුවේ පේ්රෂණ කාඞ්පත, RemitPlus ඇප් සේවාව සහ පේ්රෂණ හා සම්බන්ධ අගය එකතු කළ සේවාවන් ජනප්රිය කිරීමද මෙම වැඩසටහනේ අරමුණක් බව බැංකුව පවසයි.
අවිධිමත් පේ්රෂණ මාර්ග වන හවාලා සහ උන්ඩියල් වෙතින් ඉවත්ව බැංකු ක්රමය හරහා පේ්රෂණ එවීම දිරිමත් කිරීමට අවශ්ය සැලකිය යුතු ප්රතිලාභයක්ද ගනුදෙනුකරුවන්ට ලබාදෙමින් මෙම ප්රවර්ධන වැඩසටහන සැලසුම් කර ඇති බව බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ‘Win a Million’ ත්යාග මුදල් මගින් විදේශ රැකියා කරන අයට නිවසක් ඉදිකිරීමට, ඉඩමක් මිලදී ගැනීමට, ගේදොර උපකරණ මිලදීගැනීමට, ව්යාපාරයක් ආරම්භ කිරීමට ආරම්භයක් ලබාගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව හිමිවේ. මේ නිසා, මෙම ප්රවර්ධන වැඩසටහන බැංකුවේ පේ්රෂණ ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනප්රිය වී ඇත.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ත්යාග දිනාගත් ජයග්රාහකයින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (වමේ සිට හයවැන්නා) සහ ප්රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප්රභාගර් මහතා (වමේ සිට අටවැන්නා) මෙන්ම බැංකුවේ ආයතනික සහ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින් සමග සිටින ආකාරයයි.
Video Story