January, 24, 2023
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 ජනවාරි මස සිට සිය නව ප්රධාන අලෙවි නිලධාරී ලෙස සසිත් බඹරදෙණිය සම්බන්ද වූ බව සතුටින් නිවේදනය කර සිටියි. වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය මහතා දේශීය රක්ෂණ ක්ෂේත්රය තුල කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්ය ප්රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්රියාත්මක වී ඇති අත්දැකීම් සපිරි අලෙවිකරණ නායකයෙකි.
බඹරදෙණිය මහතා AIA සමාගමට ආගන්තුකයෙකු නොවේ. සිය වෘත්තීය ජීවිතය AIA ශ්රී ලංකා හි කළමනාකරණ පුහුණුලාභියෙකු ලෙස අරඹන ඔහු පසුව විවිධ ක්ෂේත්ර ගණනාවක් පුරාවට සේවය කර අත්දැකීම් රාශියක් ලබා ඇති අතර ඉතා මෑතක දී එනම් AIA හා සම්බන්ද වීමට පෙර ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ ප්රධාන අලෙවි නිලධාරී තනතුර හෙබවීය. නිර්මාණශීලීත්වය, නවෝත්පාදන සහ පරිවර්තනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව මෙන්ම ඔහු සතු අත්දැකීම් සම්භාරය ඔස්සේ AIA ශ්රී ලංකා හි තරුණ නායකත්ව කණ්ඩායමේ දක්ෂතා පූර්ණ සංචිතයට නව ජවයක් ඔහුගෙන් ලැබෙනු ඇත.
සසිත් බඹරදෙණිය මහතා ඉහල ශක්තතාවයන් දක්වන විෂයන් අතුරින් ඇතැමක් ලෙස නිෂ්පාදන කළමනාකරණය, විද්යුත් ව්යාපාර(e-commerce) සන්නාම සංවර්ධනය සහ සන්නිවේදනය හැදින්විය හැක. ඔහු ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන් කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ඕස්ට්රේලියාවේ නිව්කාසල් විශ්ව විද්යාලයෙන් අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ ප්රධාන වූ ව්යාපාර පිළිබඳ උපාධියක් ද ඔහු සතුව ඇත.
AIA ශ්රී ලංකා හි ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය මෙම පත්වීම පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ "සසිත් අත්දැකීම් බහුල, ඉහල දක්ෂතාවලින් පිරිපුන් අලෙවිකරණ නායකයෙක්. සන්නාමය වැඩි දියුණු කරමින් සේවාලාභීන් සහ ව්යාපාර කේන්ද්රික අලෙවිකරණ ප්රවේශයක් ඔස්සේ සන්නාමය සංවර්ධනය කරා ගෙනයාමේ හැකියාව ඔහුට තිබෙන බව මගේ විශ්වාසයයි. ඔහු AIA ශ්රී ලංකා හි කණ්ඩායමට මෙන්ම විධායක කණ්ඩායම නියෝජනය කිරීම පිළිබඳව මා හදවතින්ම සතුටු වෙනවා.
"AIA ශ්රී ලංකා හි ක්රමෝපායික ගමන්මග සහ වර්ධන අභිලාෂයන් සමගින් සම්බන්ද වීමට ලැබීම මට සතුටක්." යැයි සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් දක්වමින් කියා සිටියි. මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ AIA සමාගම සමගින් ඒ නිසා මෙම සමාගම මගේ හදවතට ඉතාමත් සමීපයි. මට මගේ වෘත්තීය ගමන්මග තුල තිබූ අපේක්ෂාවන් කඩිනමින් ලඟා කරගැනීමට මට AIA ශ්රී ලංකා අවස්ථා ලබා දුන්නා. මා හට එවන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සමාගමට නැවත සම්බන්ද වීමට ලැබීම භාග්යක් ලෙස මා සලකනවා. AIA ශ්රී ලංකා හි කණ්ඩායම සමගින් එක්ව ව්යාපාරයේ ඉදිරි සාර්ථකත්වය කරා ගමන් කිරීමට මා කැපවන අතර මේ සුන්දර දිවයිනේ වෙසෙන ප්රජාවගේ ජීවිත වලට අර්ථවත් වෙනසක් ඇතිකිරීම සඳහා මාගේ නොමඳ සහය ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාහට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීම යන අපගේ සන්නාම ප්රතිඥාවට සැබෑ අරුතක් එක්කිරීම අප කරන්නා වූ සෑම කටයුත්තක් සඳහාම එම ප්රතිඥාව කේන්ද්රකොට ගැනීමට ප්රයත්න ගන්නා අතර ජීවිත රක්ෂණය ඔස්සේ ප්රජාවට ජීවිතය උපරීමයෙන් ගත කිරීමට සහය වන පරිසරය නිර්මාණය කිරීමට, රක්ෂණයක සාම්ප්රදායික ආකෘතියෙන් ඔබ්බට යමින් පරිවර්තනයක් ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවර සිදුකිරීමට අපි අපේක්ෂා කරනවා"
January, 16, 2023
AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්රීඩා සමාජයේ දක්ෂ ක්රීඩකයෙකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි. ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්රීඩා සමාජය සමඟින් AIA හි හවුල්කාරිත්වය හරහා හැරී සමඟ පසුගිය වසර 10 ක සබඳතාවයක් මත මෙම තානාපතිකම ගොඩනැගෙයි.
AIA සමූහයට මෙන්ම නොබෝදා දියත් කරන ලද හැරී කෙන් පදනම ඔස්සේ හැරී කෙන් මහතාට ද, පුද්ගලයින්හට එදිනෙදා ජීවිතයේ පැනනගින ගැටළු සහ විවිධ තත්ත්වයන් හමුවේ ඔවුනගේ මානසික සෞඛ්ය සහ දරා ගැනීමේ ශක්තිය නැතහොත් ඔරොත්තු දීමේ හැකියාව ආමන්ත්රණය කිරීමට සමාන අපේක්ෂාවක් පවතින අතර, මෙම හවුල්කාරිත්වය ඔස්සේ AIA, හැරී කෙන් පදනම (HKF) සමඟින් සෞඛ්ය සහ මානසික යහපැවැත්මේ වැදගත්කම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරනු ඇත. මෙම ව්යාපෘතිය, ධනාත්මක චින්තනයේ වැදගත්කම ප්රවර්ධනය කිරීම සඳහා ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ අන්යයන්ගේ සහයෝගය ලබා ගැනීම පිලිබඳ හැරී කේන් ලෙස නම් තබා ඇති, ඔහුගේම ස්වයං-නිෂ්පාදිත වීඩියෝ පටයෙන් ආරම්භ වනු ඇත.
AIA සමූහයේ ප්රධාන අලෙවිකරණ නිලධාරී ස්ටුවට් ස්පෙන්සර් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ "හැරී කෙන් මහතාව අප මහත් ප්රීතියෙන් අපගේ සන්නාම තානාපති ලෙස පිළිගන්නා අතර මේ ඔස්සේ ටොටන්හම් හොට්ස්ප්ර් පාපන්දු ක්රීඩා සමාජය සමඟින් අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වෙනු ඇති. AIA සමූහය වසර 2030 වන විට ආසියාව පුරාවට විසිර සිටින බිලියනයක ජනතාවක් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීම සඳහා යොමු කරවමින් ඔවුනට ඒ සඳහා සහාය වීමේ කඩිනම් ව්යාපෘතියක් ක්රියාත්මක කර ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් කලාපය පුරා සිටින ප්රජාවන් දිරිගැන්වීමට සහ දැනුවත් කිරීමට හැරී කෙන් මහතාට සිටින අතිවිශාල අනුගාමිකත්වය උපකාරී වනු ඇත.
හැරී කෙන් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ "AIA හි සන්නාම තානාපති ලෙස මා නම් කිරීම මට මහත් ගෞරවයක් මෙන්ම සතුටක්. සුවතාවයෙන් පිරි ජීවන රටාවක් අනුගමනය කිරීම මා පෞද්ගලිකව විශ්වාස කරන ඒ වගේම අගය කරන දෙයක් වන අතරම සැමදෙනාම සිය මානසික සුවතාවය ඉතා හොදින් රැකගත යුතු බවත් ඒ සඳහා පුද්ගලයින් දිරි ගැන්විය යුතු බවත් මා සිතනවා. ආසියාව පුරාවට විසිර සිටින ප්රජාවන්හට ඔවුනගේ සුවතාවය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් AIA සමාගම විසින් දරන සියලු ප්රයත්නයන් වෙනුවෙන් මාගේ නොමද සහය ලබා දීමට මා අපේක්ෂා කරනවා. "
AIA සමූහය, 2013 වසරේ සිට ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්රීඩා සමාජයේ, ප්රධාන ජාත්යන්තර සහයෝගිතා සහකරු ලෙස කටයුතු කරමින් සිටියි. මෙම සහයෝගීතාවය කලාපය පුරාවට සිටින ප්රජාව හා ගැඹුරු සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වී තිබෙන අතර ඔවුන්ගේ අනුග්රාහකත්වයෙන් පවත්වා ඇති පාපන්දු වැඩසටහන් ඔස්සේ දරුවන් 80,000 කට අධික පිරිසක් ප්රතිලාභ ලබා තිබෙනවා.
October, 26, 2022
ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (2021 වසරේ දී කැපිටල් ෆිනෑන්ස් ඉන්ටනැෂනල් වෙතින් සහ 2019 සහ 2020 දී ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ඇගයුමට ලක්විය) වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේ දී සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී. 'Against The Wave' එනම් රැල්ලට එරෙහිව යන තේමාව යටතේ පවත්වන්නට යෙදුන මෙම සම්මාන උළෙලේ දී නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් සිය කාර්යාභාර්ය ඉටුකර විශිෂ්ට වාර්ෂික කාර්යසාධනයක් අත්කර ගත් වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයුමට ලක්විය. එසේම සිය සේවාලාභීන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීම සඳහා සහාය වීම යන උදාර ප්රතිඥාව සාක්ෂාත් කිරීමට සැබෑ තානාපතිවරුන් ලෙස කැපව කටයුතු කිරීම වෙනුවෙන්ද ඔවුන්ව ඇගයුමට ලක්කරන ලදී. මෙම අලෙවි සමුළුව, AIA ඉන්ෂුවරන්ස් හි ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය, නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, AIA සමූහයේ කලාප මෙහෙයුම් නිලධාරී කැල්වින් ෆු, AIA ඉන්ෂුවරන්ස් හි ජේෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින් මෙන්ම ඒජන්සි මෙහෙයුම් කණ්ඩායම සහ දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර්ව කළමනාකරුවන් යන සැමගේ සහභාගීත්වයෙන් උත්සවශ්රීයෙන් පැවැත්වීය.
මෙම උත්සවයේ විශේෂත්වය වූයේ 2021 වසරේ හොඳම ජයග්රාහකයින් ඇගයීම සඳහා පිරිනැමුණු ප්රධාන සම්මාන හයයි. මේ වසරේ හොඳම වෙලත් ප්ලෑනර්ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මහනුවර ප්රධාන ශාඛාවේ සංජීවනී සෝමරත්න මෙනවියයි. කොළඹ කාර්යාලය 4 හි රසික සඳකැලුම් දෙවන ස්ථානයත් මහරගම බෙදාහැරීම් ඒකකයේ සරත් ජයලාල් තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදී.
හොඳම වෙලත් ප්ලෑනර් කළමනාකරුට හිමි සම්මානය මාවනැල්ල ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ තිලක් කුමාරසිංහ හිමිකරගත් අතර දෙවන ස්ථානය වෙන්නප්පුව ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ නිමල් වර්ණකුලසූරියටත් තෙවන ස්ථානය මීගමුව ප්රාදේශීය කාර්යාල 1 හි ඊ. එච්. පියදාසටත් හිමිවිය.
මේ අතර හොඳම Cluster වෙල්ත් ප්ලෑනර් කළමනාකරුට හිමි සම්මානයෙන් මොරටුව ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ තක්ෂිලා කෝරළගේ මෙනවිය පිදුම් ලද අතර දෙවන ස්ථානය පානදුර ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ ක්රිෂාන් දසනායකටත් තෙවන ස්ථානය කුරුණෑගල ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ චන්දිමා වන්නිඅරච්චිටත් හිමිවිය.
මොරටුව ප්රාදේශීය කාර්යාලයේ විනොල් ප්රියසේනරත් හොඳම ප්රාදේශීය කළමනාකරු ලෙස සම්මානයෙන් පුදලද අතර එහි දෙවන ස්ථානයට තිස්සමහාරාමය සහ මාතර ප්රාදේශීය සංවර්ධන කාර්යාල කළමනාකරු වන දිලීප අමීන්ද්ර සහ තෙවන ස්ථානයට මාවනැල්ල ප්රාදේශීය කාර්යාල කළමනාකරු වන වයි. ජී. ජී. බී. යටිගම්මන තේරී පත්විය.
හොඳම 3 Tier කළමනාකරුට හිමි සම්මානය මොරටුව ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ ප්රියන්තා ඩයස් මහත්මියට හිමි වූ අතර එහි දෙවන ස්ථානය හෝමාගම ප්රාදේශීය කාර්යාල 1 හි චාමර ප්රියනන්දටත්, තෙවන ස්ථානය කොළඹ ප්රාදේශීය කාර්යාල 3 හි උත්පල වනිගසූරියටත් හිමිවිය.
ඒ අතරම හොඳම බෙදාහැරීම් ඒකක ප්රධානී ලෙස නුගේගොඩ බෙදාහැරීම් ඒකකයේ රසික පෙරේරාත්, එහි දෙවන ස්ථානය මීගමුව ප්රාදේශීය කාර්යාල 1 හි ඉරේෂ් සිල්වාට සහ තෙවන ස්ථානය කුරුණෑගල බෙදාහැරීම් ඒකකයේ සිසිර බන්නැහැකටත් හිමිවිය.
‘Against The Wave’ නැතිනම් ‘රැල්ලට එරෙහිව’ යන අරුත ඇති තේමාව රට තුළ පවතින බහුවිධ අස්ථාවරත්වයන් මධ්යයේ විශිෂ්ටත්වය සඳහා AIA වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කිරීමට අදහස් කරන ලදී. AIA හි වටිනා ගනුදෙනුකරුවන්ට උසස් සේවාවක් සහ උපදෙස් ලබා දෙමින් ශ්රී ලාංකිකයින්ට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ද ඔවුහු සහතික වූහ.
September, 26, 2022
DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් ඇගයීමට ලක් වූහ. 2019, 2020 සහ 2021 වසර වලදී මෙම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයේ සාර්ථකත්වයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ විශාල පිරිසක් වෙත මෙලෙස සම්මාන පිරිනමන ලදි.
DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ AIA රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය ඇතුළුව දෙපාර්ශ්වයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම හවුල්කාරීත්වය අන්යොන්ය වශයෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා හවුල්කාරීත්වයක් වන අතර, 2016 නොවැම්බර් මාසයේ සිට DFCC බැංකුවේ දීපව්යාප්ත ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන්ට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ සේවා මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
“ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවන්ට හොඳින්ම ගැළපෙන රක්ෂණ විසඳුම් සහ බැංකු සේවාවන් එකම වහලක් යටදී තරගකාරී මිලගණන් යටතේ ලබාදීම සඳහා අප මෙම දීර්ඝකාලීන බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වය පවත්වාගෙන යනවා. පසුගිය කාලය තුළ අපට සමාගම් දෙක තුළින්ම විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණා. එම දක්ෂතා නිසි ඇගයීමකට ලක්විය යුතුයි. එම නිසාම මේ ආකාරයට බැංකු රක්ෂණ සේවා සම්මාන උළෙලක් පැවැත්වීමට අප තීරණය කළා. ජයග්රාහකයන්ට සුබපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, මෙම ජයග්රහණ අනෙක් සියලුම දෙනාට ආදර්ශයක් වනු ඇතැයි කියා මා සිතනවා. එමෙන්ම මෙය අපගේ සමාගම් දෙක අතර පවතින සමීප සම්බන්ධතාව ඇගයීමට ලැබුණු අගනා අවස්ථාවක්. තනිව වැඩ කරනවාට වඩා, සමාන ආකල්ප ඇති පාර්ශ්වයන් එකට එක්වී වැඩ කිරීම තුළින් වඩාත් ඉක්මනින් සාර්ථකත්වය ළඟා කරගැනීමට පුළුවන්.” DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
Annual CEO’s Club Awards, Central Sales Team Highest Volume Generated Team Leaders, MDRT Winners, Best Financial Planning Executive, Million Club Awards, Best New Entrant Branch, Most Productive Branch, Highest Long-Term Branch, Best Bancassurance Sales Manager, Best Regional Manager, Best Branch සහ Top Introducer Awards යන කාණ්ඩ යටතේ මෙහිදී සම්මාන පිරිනමන ලදි. ඇතැම් කාණ්ඩ වලට අදාළ සම්මාන DFCC බැංකුවට සහ AIA රක්ෂණ සමාගමට වෙන් වෙන්ව පිරිනැමුණු අතර, අනෙකුත් කාණ්ඩ සඳහා වූ සම්මාන දෙපාර්ශ්වයට පොදුවේ පිරිනැමිණි.
“මෙය අප සමාගම් දෙකේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය මෙන්ම එහි සාර්ථකත්වයට උරදුන් දක්ෂයන් ඇගයීමට ලැබුණු මහඟු අවස්ථාවක්. ශ්රී ලංකාවේ පැරණිතම මෙන්ම වඩාත්ම ඉදිරිගාමී ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් සමග මෙවැනි හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය දෙපාර්ශ්වයේ ශක්තීන් එක්තැන් කරමින් සාමූහිකව ජයග්රහණය කරා යන ගමනක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම සම්මාන උළෙලේදී ජයග්රහණ හිමිකරගත් සියලුම දෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා. මෙය අප සියලු දෙනාම විශිෂ්ටත්වය කරා යාමට දිරිමත් කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.” AIA රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය පැවසුවා ය.
සමස්තයක් වශයෙන්, ශ්රී ලංකාව මුහුණ දී සිටින මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ වත්කම් කළමනාකරණය, විශ්රාම සැලසුම්, සෞඛ්ය රක්ෂණ සහ උසස් අධ්යාපන සැලසුම් ප්රවර්ධනය කරමින් සිදුකළ සුවිශේෂී කාර්යභාරය අගයමින්, දෙපාර්ශ්වයේ විශිෂ්ටයන් වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී සම්මාන 182 ක් පිරිනමන ලදී. සම්මාන උළෙලේ ප්රධාතම සම්මාන කාණ්ඩයක් වූ ‘විශිෂ්ටතම ශාඛාව’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාව, මාතර ශාඛාව සහ බණ්ඩාරගම ශාඛාව වෙත හිමි විය. මෙහි තවත් ප්රධානතම කාණ්ඩයක් වූ ‘Top Introducer’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාවේ සමිත ජයතිලක (2019), කළුතර ශාඛාවේ විරාජ් උඩුගම (2020) සහ මාතර ශාඛාවේ ධනංජය නන්දසිරි (2021) විසින් දිනාගන්නා ලදි.
ඉදිරියටත් තම විශිෂ්ටතම විසඳුම් හා සේවාවන් දිවයින පුරාම ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම ලෙස පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම එක්ව කටයුතු කරනු ඇත. පවතින අභියෝග සහ ආර්ථික ගැටලු හමුවේ වුවද බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා දෙපාර්ශ්වය මේ වනවිටත් ක්රමෝපායික පියවර රැසක් ගෙන තිබේ.

ඡායාරූපය: DFCC බැංකුවේ මාතර ශාඛාවට 2021 වසර සඳහා (පළමු කාණ්ඩය යටතේ) විශිෂ්ටතම ශාඛාව සම්මානය හිමි වූ අවස්ථාව
September, 7, 2022
ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී. මෙම සහයෝගීතාවය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සුවිශේෂී යෝජනා සහ බෑන්ක්ඇෂුවරන්ස් ව්යාපාරය පිලිබඳ ඇති හසල අත්දැකීම්, ශ්රී ලංකාව පුරාවට පැතිර ඇති කොමර්ෂල් බැංකුවේ 268 ක් වන ශාඛා පද්ධතිය හා සම්බන්ධ ඉහළ තලයේ පාරිභෝගිකයින් වෙත හදුන්වාදෙනු ඇත.
මෙම සහයෝගීතාවයෙහි අපේක්ෂාව වනුයේ සාමාන්ය බෑන්ක්ඇෂුවරන්ස් සබඳතාවයකින් ඔබ්බට ගොස් ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ බෑන්ක්ඇෂුවරන්ස් ව්යාපාරය සඳහා අවශ්ය සහය ලබා දීමයි. AIA සමූහයේ සමාගම්, ආසියාව තුල ව්යාපාර කරමින් ලබා ඇති අත්දැකීම් සමුදාය ද පාදක කර ගනිමින්, කොමර්ෂල් බැංකුවේ අගනා පාරිභෝගික ජනතාව වෙත, විවිධ නව්ය රක්ෂණ සැලසුම්, රැකවරණය සඳහා අත්යවශ්ය වන මූල්ය උපදෙස් මෙන්ම දීර්ග කාලීන ඉතුරුම් සහ විශ්රාම සැලසුම් හදුන්වා දෙනු ලබයි.
බෑන්ක්ඇෂුවරන්ස් ව්යාපාරයේ පුරෝගාමියෙකු වශයෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය ශාඛා කාර්යාල ජාලය සතු අලෙවිකරණ විශේෂඥාතාවයන්, ප්රමුඛ පෙළේ අලෙවිකරණ තාක්ෂණය සහ පුළුල් වූ සැලසුම් සහ සේවාවන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත හදුන්වා දෙනු ඇත. මෙරට විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සතු විශාල පාරිභෝගික පිරිස වෙත සෞඛ්ය සහ ජීවිත රක්ෂණ සැලසුම් හදුන්වා දීම සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති අතර මේ ඔස්සේ ක්ෂේත්රය තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සතු තරඟකාරීත්ව වාසිය තව දුරටත් ශක්තිමත් වෙනු ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව, ජාත්යන්තර මූල්ය මණ්ඩලය (International Finance Corporation - IFC) සමගින් දීර්ග කාලයක සිට සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර ඩිජිටල්කරණය මුල්කරගත් මෙවන් සුවිශේෂී බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට දායක වූ IFC හි භූමිකාව පිළිබඳව මෙම සමාගම් දෙක සිය කෘතඥතාවය පළකර සිටියි. ජාත්යන්තර මූල්ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් හට මූල්යමය සුරක්ෂිතතාවය අත්පත්කර දීම සඳහා මේ වසර මුල් භාගයේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සහ කොමර්ෂල් බැංකුව අතර කොමර්ෂල් බැංකුවේ අනගි ගිණුම් හිමිකරිනියන්හට සුවිශේෂී රක්ෂණ විසදුම් ලබාදීම අරමුණු කරගනිමින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද සමගින් මෙම නව සහයෝගීතාවය සමාගම් දෙක තබන ලද තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වෙනු ඇත.
"මෙම සහයෝගීතාවය හරහා ශ්රී ලංකාව තුල දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, විශ්වසනීයයත්වයෙන් ඉතා ඉහළ තලයක රැදී සිටින ස්ථාවරත්වයෙන් අගතැන් ආයතන දෙකක එකතුවෙන් ශ්රී ලංකාව පුරා ජීවිත හා සෞඛ්ය රක්ෂණ ව්යාප්තිය වැඩි කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති. එමෙන්ම අප සතුව ඇති, ජනතාවගේ ජීවිත කාලය තුල පැනනගින විවිධ අවශ්යතාවයන්ට සරිලන අයුරින් නිමවන ලද රක්ෂණ විසදුම් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් ඔවුනගේ ජීවිතවලට වැඩි වටිනා කමක් සමගින් ඉහල රැකවරණයක් සැපයීම සඳහා මෙම සහයෝගීතාවය කාලීන අවස්ථාවක් ද වනු ඇති" බව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියාය."
කොමර්ෂල් බැංකුවේ ප්රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂක සනත් මනතුංග මහතා කියා සිටියේ "අපගේ පාරිභෝගික ජනතාව, ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන අප විසින්, ඔවුනට ඉහළ වටිනාකම් එක්කරන්නා වූ ලෝක තලයේ සැලසුම් සහ සේවාවන් සැපයීම පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරනවා. ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම සමගින් සහයෝගීතාවයකට එළඹීම මගින් අපට, අපගේ අගනා පාරිභෝගිකයින් වෙත, ඔවුනගේ රැකවරණ අවශ්යතාවයන්ට සරිලන ලෙස ඔවුන් වෙනුවෙන්ම නිමවන ලද උසස් තත්ත්වයේ සැලසුම් සහ සේවාවන් ලබා දීමට හැකිවෙනු ඇති. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වැනි ඉහල කීර්තිනාමයක් සහිත විශ්වසනීය සමාගමක් සමගින් මෙවන් සහයෝගීතාවයකට එළඹීම අපට සතුටක් වන අතර ඔවුන් හදුන්වාදෙන සේවාවන් ඔස්සේ අපගේ පාරිභෝගික ජනතාව හා අප අතර ඇති සබඳතාවයන් වඩාත් ශක්තිමත් වනු ඇතැයි මා විශවාස කරනවා."
මෙම නව සහයෝගීතාවය ඔස්සේ මූලිකව සියලු සැලසුම් සහ සේවාවන් කොළඹ සහ ඒ අවට ශාඛා කාර්යාල වලට හදුන්වා දී ක්රියාත්මක කෙරෙනු ඇති අතර පසුකාලීනව ක්රමානුකූල අදියරෙන් අදියර සියලු කොමර්ෂල් බැංකු කාර්යාල පුරාවට එම සේවාවන් හදුන්වා දෙනු ඇත.
August, 29, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්යන්තර මූල්ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්රථම අදියර සම්පූර්ණ කරන ලදී. මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද 'ඇය සුරකින AIA' නම් වූ කාන්තා රක්ෂණ වැඩසටහනට අදාළ ක්රමෝපයෙහි එක් අංගයක් වේ. මෙම වැඩසටහන ඔස්සේ කඩිනම්ව කාන්තා පුරුෂ සමානාත්මතාව සඳහා සංවේදී ශ්රම බලකායක් ඇති කරමින් වැඩි වැඩියෙන් කාන්තාවන් ශ්රම බලකායට එකතු කර ගැනීම සඳහා රැකියා අවස්ථා ඇතිකරලීම සිදු කරනු ලබයි. විශේෂයෙන් මේ වැඩසටහන ඔස්සේ ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය වෙත කාන්තාවන් එකතු කරගනිමින් ඔවුනට දැනුම පුහුණුව මෙන්ම රැකියා අවස්ථා ද ලබා දෙයි.
ස්ත්රී පුරුෂ සමානාත්මතාව යනු සමාජයීය සහ සදාචාරාත්මක වශයෙන් අවශ්ය කරුණක් ලෙසම ආරථික වශයෙන් ද අත්යවශ්ය වන කරුණකි. ජාත්යන්තර මූල්ය මණ්ඩලයේ 2015 AXA Group සහ Accenture හි SheForShield වාර්තාවට අනුව 2030 වසර වනවිට ජාත්යන්තර වශයෙන් රක්ෂණ වෙළඳපොල කාන්තාවන්ගේ නියෝජයනය සඳහා ඇති අවස්ථාවන්හි අගය ඇමෙරිකානු ඩොලර් ට්රිලියන 1.7ක් ලෙස දක්වා ඇත. එමෙන්ම මෙම අවස්ථාවන්ගෙන් 50% කට ආසන්න ප්රමාණයක් අවස්ථා ශ්රී ලංකාව වැනි අලුතෙන්ම බිහිවෙමින් පවතින වෙළෙඳපොල තුලින් ඇතිවිය හැකිබව අනුමාන කෙරේ. එබැවින් AIA වැනි ප්රමුඛ පෙලේ ආයතන ඔවුන්ගේ ශක්තීන් වෙළෙඳපොල වෙත එවන් ඇතුලත් කිරීම් සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. වෙළෙඳපොල තුළ කාන්තා ශ්රම බලකා නියෝජනයෙහි සැලකිය යුතු අඩුවක් ඇති අතර වැඩි වැඩියෙන් කාන්තාවන් ව්යවසායිකාවන් සහ සේවානියුක්තිකයන් ලෙස වෙළෙඳපොල වෙත එකතු වීම ශ්රී ලාංකික ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එකතු කරනු ඇත.
රක්ෂණය සඳහා කාන්තාවන් වඩාත් වටිනා වෙළෙඳපොල කොටසක් යන මැයෙන් ඉතා ඉහල අන්තර් ක්රියාකාරිත්වයක් සහිතව පවත්වන ලද මෙම වැඩසටහන ඔස්සේ, ස්ත්රී පුරුෂ සමානාත්මතාවයකින් හෙබි සංස්කෘතියක් පැවතීම තුලින් ඔවුනගේ නැඹුරුකම් සහ හැසිරීම් රටා තක්සේරුවට ලක්කිරීම මෙන්ම එවැනි සංස්කෘතියක් මගින් පෝෂණය විය හැකි කුසලතාවන්ද AIA හි කලමනාකාරිත්වය විසින් අවබෝධ කරගන්නා ලදී. AIA පුහුණු මධ්යස්ථානය වන AIA ඇකඩමිය සඳහා 2022 වසරට මෙම පුහුණුව ප්රධානතම වැඩසටහනක් ලෙස එකතු කරන ලදී.
මෙම ස්ත්රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ සමාරම්භය සිදුකරන ලද්දේ AIA හි ජේෂ්ඨ කලමනාකාරිත්වයට එම පුහුණුව ලබා දෙමින් වන අතර ඉන් පසුව අපගේ පුහුණු මධ්යස්ථානය වන AIA ඇකඩමියේ පුහුණුකරුවන්හට එම පුහුණුව ලබාදෙන ලදී. ඉදිරියේ දී කාර්ය මණ්ඩල සාමාජිකයින්හට සහ අලෙවි බලකා සාමාජිකයින්හටත් මෙම පුහුණුව ලබා දීමට නියමිතය. මේ ඔස්සේ සේවාලාභීන්හට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමට සහ නව වෙළෙඳපොල ලඟා කර ගැනීමට මෙන්ම කාන්තාවන්ගේ රක්ෂණ වෙළෙඳපොල සොයා ගැනීමටත් සහාය වෙනු ඇත. මෙහි දී එක් ප්රධාන අරමුණක් වෙනුයේ අලෙවි බලකායේ චින්තනය රක්ෂණ අලෙවියට පමණක් සීමා නොවී කාන්තාවන් හට සිය මූල්ය කළමනාකරණය සහ රැකවරණය වඩාත් හොඳ ආකාරයකට සිදුකර ගැනීම සඳහා රිසි දැනුම සහ අවබෝදය ලබා දීමයි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "ස්ත්රී පුරුෂ භාවය ඇතුලත් රක්ෂණය මත ගොඩනැගුණ සමාගමක් ලෙස අපගේ අලෙවි නියෝජිතයින්, සමාගමේ කාන්තාවන් වෙනුවෙන් ඇති අගය එකතු කිරීමේ යෝජනාවලීන් සන්නිවේදනය කිරීමට සහය වෙමින්, කාන්තාවන්ගේ වෙළෙඳපොල සමගින් නියැලීම වැඩි දියුණු කරගනිමින් ස්ත්රී පුරුෂ භාවයේ ගතිකත්වය මත සහ නොදැනුවත්ව සිදුවන පක්ෂපාතීත්වය අඩු කිරීම පිලිබඳ දැනුවත් භාවය ඇති කිරීම යන සියලු කරුණු සඳහා මෙම GST පුහුණුව වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇතිබව මගේ විශ්වාසයයි. ස්ත්රී පුරුෂ භාවය සහ සංවර්ධනය (GAD) ප්රවර්ධනය සහ ක්රියාවට නැංවීම පිලිබඳ AIA හි කැපවීමට අනුව, මෙම පුහුණුව AIA පුහුණු ඇකඩමියේ ප්රධාන වැඩසටහනක් වෙනු ඇත. ඒ ඔස්සේ AIA හි කාන්තාවන් සහ පුරුෂයන් සවිබල ගැන්වෙනු ඇති අතර ඔවුන්ගේ සමාජය තුලට එම සමානාත්මතාවය පිලිබඳ පණිවිඩය ඔවුන් ගෙනයනු ඇත."
August, 24, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී. AIA විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්රයත්නය හේතු විය. මෙම සුවිශේෂී විසදුම මෙරට රක්ෂණ ක්ෂේත්රය තුල, රක්ෂණ නියෝජිතයින් සේවාලාභීන් සමගින් සිය කාර්යභාරය සිදුකරන්නා වූ ආකාරය වඩාත් හොඳ වෙනසකට භාජනය කරන ලද අතර ක්ෂේත්රය තුළ වඩාත් සරල අයුරින් ව්යාපාර කටයුතු කරලීම සඳහා වන නවතම මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරියට ක්රියාත්මක වනු ඇත.
මේ ආකාරයේ ඩිජිටල්කරණ නව නිර්මාණ ඇගයුමට ලක්කිරීම,පෙර නොදුටුවිරූ වෙළෙඳපොල වාතාවරණයක් පවතින මෙවන් කාලවකවානුවක දී සේවාලාභී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඉතාමත් වැදගත් වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙය මනාව අවබෝධ කරගෙන සිටියි. නව්ය ඩිජිටල්කරණ මුලපිරීම් කඩිනම් කිරීම සඳහා සමාගමෙහි කැපවීම AIA MyPOS පද්ධතියේ ආරම්භයට හේතු වූ අතර මේ සඳහා නවතම මිනිස් කේන්ද්රීය නිර්මාණ මූලධර්ම පාදක වේ. එමෙන්ම මේ සඳහා නවතම නිර්මාණ තාක්ෂණය සහ ආරක්ෂක අවශ්යතා යොදා ගනු ලබයි. AIA ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර ගණනාව පුරාවට එහි නව තාක්ෂණය, ඩිජිටල්කරණ සහ විශ්ලේෂක දැක්මට අනුව අති සාර්ථක අයුරින් ක්රියාත්මක විය. ක්ලවුඩ් ක්රමෝපායයන් ක්රියාවට නැංවීම, ජංගම සහ වෙබ් ක්රමෝපායයන් මෙන්ම පසු කාර්යාලයීය ස්වයංක්රීයකරණයන් සහ AIA ලංකා සමාගම තොරතුරු සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දෙන්නා වූ අවධානය යන කරුණු හේතුවෙන් ගෙනෙදෙන ශක්තිමත් බව ක්ෂේත්රය තුල සේවාලාභී සත්කාරකත්වයට මිනුම් දණ්ඩක් ලෙස මෙය සැලකිය හැකිවනු ඇත.
සම්මානය ලබා ගැනීමෙන් පසු AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන තාක්ෂණ නිලධාරී, උමේෂි ද ෆොන්සේකා සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "ආසියානු පැසිෆික් කලාපය තුල ව්යාපාර පවත්වාගෙන යන ප්රමුඛ රක්ෂකයින් අතර මෙසේ සම්මානයට පාත්ර වීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක්. ඒ වගේම මෙම වඩාත් ගෞරවාන්විත ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී වසරේ ශ්රී ලංකා ඩිජිටල් රක්ෂණ මුලපිරීම වෙනුවෙන් පිරිනමන ලද සම්මානයට හිමිකම් කීමට හැකියාව ලැබීම මහත් අභිමානයක්. අපගේ තාක්ෂණය මුසුකර සක්රීය කරන ලද විසදුම් අප සමාගමේ වැඩිවර්ධන පිළිබඳ කථාවේ කේන්ද්රය වන අතර එය අප සමාගම වෙත වැඩි වැඩියෙන් සේවාලාභීන් ආකර්ෂණය කරගැනීමට හේතු වී තිබෙනවා".
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ "සේවාලාභීන් වෙත අඛණ්ඩව සුවිශේෂී සේවාවක් සපයමින් යන අපගේ ගමන් මග මෙවන් සම්මානයකින් පිදුම් ලැබීම අප සලකන්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙසටයි. අපගේ සේවාලාභී ක්රියාවලීන් ඩිජිටල්කරණය කරමින්, රක්ෂණ විසදුම් සහ සේවාවන් මාර්ගත ක්රමයට සේවාලාභීන්හට ප්රවේශ වීමට සැලසීම අපගේ ඉදිරි ක්රියා පිළිවෙතෙහි කේන්ද්රීය ස්ථානයක් ගනු ඇති. වඩාත් කැපවීමෙන් යුතුව ක්රියාත්මක වන අප සතු අති දක්ෂ කණ්ඩායම විසින් සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම, අප සමාගම අසමසම ක්රමෝපායික ක්රියාමාර්ග හරියාකාරව භාවිතා කරමින් ගමන්ගන්නා බවට, මෙම සම්මානය තවත් එක් ශක්තිමත් සාධකයක්. දිනෙන් දින වැඩි දියුණු වෙමින් වඩාත් පලදායී ක්රියාවලීන් අධ්යනය කරමින් ඒවා ක්රියාත්මක කරමින් අපගේ ගමන්මග වඩාත් විශ්වාසයෙන් සහ ඉවසීමෙන් යුතුව අපව ශක්තිමත් කරන අපගේ අලෙවි බලකාය මෙන්ම වටිනා සේවාලාභීන් හට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි".
ආසියානු රක්ෂණ සම්මාන උළෙල, සමාගම් මගින් සිය කොටස්කරුවන් වෙත ඉහළ අගයන් එක්කිරීම සඳහා විසදුම් එලි දැක්වීමට ගනු ලබන සැබෑ ප්රයත්නයන් ඇගයීමට ලක්කරයි. ඒ වගේම ආසියානු පැසිෆික් කලාපය තුල අභියෝගාත්මක අවස්ථාවන්ට හොදින් මුහුණ දෙමින් නැගී සිටින සමාගම් ද ඇගයුමට ලක්කරයි. සම්මාන සඳහා ආසියානු පැසිෆික් කලාපයේ නන්දෙසින් ලැබෙන නාමයෝජනා ඉතා දැඩි නිර්නායකයන් ඔස්සේ ආසියානු කලාපය පුරා සිටින විද්වත් මඩුල්ලකගේ අධීක්ෂණයයට ලක්වන අතර ඒ ඔස්සේ මෙම සම්මාන සඳහා වඩාත් සුදුසු, විශිෂ්ටතම අපේක්ෂකයින් තෝරාගනු ලබයි.
August, 10, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, වයඹ විශ්ව විද්යාලය සමගින් එක්ව, එහි ව්යාපාර අධ්යන හා මූල්ය පීඨය මගින් පවත්වන ලද පුද්ගල මූල්ය කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද නවතම AIA වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කර සිටියි.
2009 වසරේ දී ශ්රී ලංකා වයඹ විශ්ව විද්යාලය සමගින් මෙම පාඨමාලා පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර AIA ඉන්ෂුවරන්ස් වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙලත් ප්ලෑනර්වරුන්ගේ කළමනාකරුවන් වෙනුවෙන් ප්රථම වරට රාජ්ය විශ්ව විද්යාලයක් ඔස්සේ මෙම සුවිශේෂී අධ්යන වැඩසටහන දියත් කරන ලදී. AIA හි වටිනා සේවාලාභීන් වෙත ඉහළ ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් ලබා දීමට අලෙවි බලකා සාමාජිකයින් දැනුමෙන් සහ විශේෂඥ භාවයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි. AIA වෙල්ත් ප්ලෑනර්වරුන් මෙසේ නිරතුරුව අධ්යාපන සුදුසුකම් ලබා ගැනීම මගින්, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුල AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සතුව ඉහල ගුණාත්මක බවින් යුතු අලවි බලකායක් සිටින බව සනාත වේ.
ශ්රී ලාංකික ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ තවත් ප්රථම මුල් පිරීමක් සනිටුහන් කරමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්රී ලංකා වයඹ විශ්ව විද්යාලය සමගින් එක්ව ඔවුනගේ ජයග්රාහී උසස් ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් ව්යාපාර මූල්යකරණය පිලිබඳ උපාධි පාඨමාලාවක් දියත් කල බව ඉතා සතුටින් ප්රකාශ කර සිටියි.

July, 11, 2022
AIA පොසොන් රැකවරණ ව්යාපෘතිය, ශ්රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්යාත බැතිමතුන්හට පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ වලින් වඩාත් ආරක්ෂිතව දිය ස්නානය කර පිරිසිදු වී සිය ආගමික පුදපූජාවන් පැවැත්වීමට අවකාශය උදාවිය.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 1993 වසරේදී පොසොන් රැකවරණ ව්යාපෘතිය වෙනුවෙන් සිය කැපවීම ආරම්භ කරන ලද අතර 27 වන වතාවටත් මෙවර පොසොන් සමයේ දී සුපුරුදු පරිදි ක්රියාත්මක කරන ලදී. දින 3ක් පුරාවට අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ යන පුදබිම් ආශ්රිතව පවත්වන ලද මෙම ව්යාපෘතිය ඔස්සේ ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා ලක්ෂ සංඛ්යාත බැතිමතුන්, අවට ඇති වැව් වලින් දිය ස්නානය කිරීමේ දී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, පූජා නගර සියල්ල ආශ්රිතව පිහිටා ඇති වැව් 22ක් ආවරණය වන අයුරින් 500 කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබා ගනිමින් බැතිමතුන්ගේ ජීවිත වලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණය තහවුරු කරන ලදී. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අනුරාධපුර සහ අනෙකුත් පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ ආශ්රිතව ජීවිතාරක්ෂක සේවා සැලසීමට අමතරව රැකවරණ ප්රචාරණ පුවරු සවිකරමින් දියට බැසීමට සුදුසු සහ නුසුදුසු ස්ථාන මෙන්ම අනතුරු වියහැකි ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරයි.
විශේෂයෙන්ම මෙවන් අභියෝගාත්මක කාලවකවානුවක් තුල දී පවා අඛණ්ඩව මෙම ජාතික මෙහෙවරට උරදෙමින් AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්, AIA පොසොන් රැකවරණ වැඩසටහන ක්රියාත්මක කරන ලද අතර මෙම සාමාජ මෙහෙවරෙහි වැදගත්කම වූයේ බැහිමතුන්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරමින්, කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින් ව්යාපෘතිය සාර්ථකව නිමාවට පත්කිරීමට හැකිවීමයි.
"මගේත්, මගේ පුතාගේත් ජීවිත බේරා ගැනීමට උපකාර කල ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරී මහත්වරුන්ට මගේ හද පත්ලෙන්ම මම ස්තුති කරනවා" යැයි වන්දනාවේ ගිය එක බැතිමතෙකු කියා සිටියේය. "අපි සෑම පොසොන් සමයකදීම අනුරාධපුරයට වන්දනාවේ යනවා එත් මෙවර මගේ පුතා ප්රථම වරට අනුරාධපුරයට ගියේ ඔහුගේ අනාගත ජීවිතය වෙනුවෙන් ඇති සිහින සහ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට පුදපූජා පවත්වන අපේක්ෂාවෙන්. පුදබිම් වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම AIA පොසොන් රැකවරණ වැඩසටහන ප්රශංසනීයයි. ඒ ජීවිතාරක්ෂක වැඩසටහන නොතිබෙන්න අපේ පවුලේ දෙදෙනෙකුගේ ජීවිත නිකරුනේ අනතුරට ලක්වී පවුලට ලොකු කරදරයක් වෙන්න ඉඩ තිබුණා."
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "ශ්රී ලාංකිකයින් විදිහට මේ අවස්ථාවේ දී අපි එකිනෙකාට උදව් උපකාර කිරීමට හැකි අයුරු සොයා බැලිය යුතුයි. පවතින ආර්ථික අර්බුදය මධ්යයේ, ගමනාගමන අපහසුතාද නොසලකමින් පොසොන් උත්සවය සැමරීමට අනුරාධපුර නගරය වෙත ඇදී ආ ලක්ෂ සංඛ්යාත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවීම අපට සතුට ගෙනෙදෙන අත්දැකීමක් වුනා. සුපුරුදු පරිදි මෙවරත් AIA ඉන්ෂුවරන්ස් සමාගම මෙම ව්යාපෘතිය ඔස්සේ බැතිමතුන්ගේ ජීවිතවල සුරක්ෂිතබව තහවුරු කිරීම වෙනුවෙන් වූ පොරොන්දුව එලෙසම ඉටුකල අතර පසුගිය වසර ගණනාව පුරාවට වටිනා මිනිස් ජීවිත 200 කට වැඩි ප්රමාණයක් බේරා ගැනීමට මෙම AIA පොසොන් රැකවරණ ව්යාපෘතිය ඔස්සේ අපට හැකිවී තිබෙනවා. මෙවරත් AIA හි ජේෂ්ඨ කළමනාකාරිත්ව කණ්ඩායමේ සාමාජිකයන් සහ අලෙවි බලකා සාමාජිකයින් පොසොන් දිනයේ දී අනුරාධපුර පුදබිම වෙත පැමිණියේ මෙම මෙහෙවරට අපගේ ඇති කැපවීම නිසයි. අප සමගින් සහයෝගීතාවයෙන් එක්ව සෑම වසරක් පාසා, AIA පොසොන් රැකවරණ ව්යාපෘතියට ස්වේච්ඡාවෙන් සිය ශ්රමදායකත්වය දක්වමින් වටිනා මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවරට දායක වන ශ්රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්රී ලංකා පොලීසිය, ශ්රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක හමුදාවේ සියලුම ජීවිතාරක්ෂක මහත්වරුන්හට අපගේ හදපිරි කෘතඥතාවය පලකිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා".
June, 23, 2022
AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී.
මෙම දානමය පුණ්යකර්මය සඳහා AIA සමාජ මාධ්ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්රඥාව ලඟා කර දෙමින්, ඒ ඔස්සේ සියලු ශ්රී ලාංකිකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීම යන AIA ඉන්ෂුවරන්ස් හී සන්නාම ප්රතිඥාව සාක්ෂාත් කරගැනීම ද අපේක්ෂා කෙරිණි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්ය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම ඩිජිටල් දානමය පුණ්යකර්මය ඔස්සේ ඒ හා සම්බන්ධ වූ සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම රු.100/-ක මුදල් පරිත්යාගයක් සිදුකල අතර එමගින් එකතු වූ මුදලින් සහ AIA හි අනුග්රහයෙන් HelpAge ශ්රී ලංකා ආයතනය වෙත රෝද පුටු 10ක පරිත්යාගයක් කිරීමට සමාගමට හැකිවිය. එම සංවිධානය සඳහා මෙම රෝදපුටු අත්යවශ්ය අංගයක් වන අතර ඒවා රෝගීව අසරණව සිටින වැඩිහිටියන් වෙත ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
AIA ඉන්ෂුවරන්ස් හි ප්රධාන විධායක නිලධාරිනිය වන චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ "දන්දීම සහ අනුන්ට උදව් උපකාර කිරීම ශ්රී ලාංකිකයන් වන අපගේ ජීවිත හා බැඳී පවතින දෙයක්. ඒ වගේම දේශීය සම්ප්රදායන්ට ගරු කරන සමාගමක් වශයෙන් එවන් කරුණු සඳහා ප්රමුඛත්වයක් දෙමින් ඒවා ඉස්මතුවන අයුරින් කටයුතු කිරීමට අප උත්සුක වෙනවා. මෙවන් ගැටලුකාරී වාතාවරණයක් පවතින අවස්ථාවක දී වුවත් සමාජයීය සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්ඩව අප කැපවීමෙන් කටයුතු කරනවා. මෙවර වෙසක් සමයේ දී අප අරමුණු කරගත්තේ HelpAge ආයතනය සමගින් සහයෝගීතාවයෙන් වැඩිහිටියන් හට උපකාර කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්ය ඔස්සේ අපගේ එම සද්ක්රියාවට සම්බන්ධ වූ ශ්රී ලාංකික ජනතාවගෙන් අපට විශාල වශයෙන් ධනාත්මක ප්රතිචාර ලැබුණ අතර ඔවුනට අපගේ හදපිරි ස්තුතිය සහ ප්රණාමය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා."
HelpAge ශ්රී ලංකා ආයතනයේ විධායක අධ්යක්ෂක මහතා අපගේ පරිත්යාගය වෙනුවෙන් ස්තුති කරමින් කියා සිටියේ "HelpAge ශ්රී ලංකා ආයතනය, මෙරට ජීවත්වන අඩු ආදායම් සහිත වරප්රසාද නොලත් වැඩිහිටි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ආධාර උපකාර කරන රාජ්ය නොවන පුණ්යායතනයක්. මෙම කටයුතු සඳහා අප ත්යාගශීලී ආයතන සහ පුද්ගලයන්ගේ අනුග්රහය ඉතාමත් සතුටින් භාරගන්නා අතර බොහෝවිට අපගේ කටයුතු රඳා පවතින්නේ එවන් ආධාර මතයි. දැනට පවතින වාතාවරණය තුළ අපට එලෙස ලැබෙන ආධාර වල අඩුවක් පවතින අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙලෙස අපට අවශ්යම මොහොතක දී අප හා සම්බන්ධ වීම සතුටක්. මෙවර වෙසක් සමයේ දී AIA සමාගම කළ මේ පරිත්යාගය ඔස්සේ රෝගීව හරියාකාර ඇවිද ගැනීමට නොහැකිව ඇඳකට සීමා වී අසරණව සිටින වැඩිහිටියන් 10 දෙනෙකුට යම් සහනයක් අත්කර දීමට හැකිවීම මහත් වූ පුණ්යකර්මයක්".

Video Story