November, 14, 2022
සෞඛ්ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්රමවේදයක් හඳුන්වා දීම අත්යවශ්ය කරුණක් වී ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (14) අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්තාවේ දීම ඒ සඳහා ආරක්ෂිත මුද්රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්ය ක්රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්ය අමාත්යාංශය විසින් පියවර ගත යුතු බවයි.
පානීය ජල බෝතල් භාවිතය සීඝ්ර ලෙස වැඩි වී ඇති බැවින් සෞඛ්ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්රමවේදයක් හඳුන්වා දීම අත්යවශ්ය වී ඇත. ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්ථාවේදීම ඒ සඳහා ආරක්ෂිත මුද්රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්ය ක්රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්ය අමාත්යාංශය විසින් පියවර ගත යුතුය.
November, 14, 2022
විද්යුත් වාහන එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්රචලිත කිරීම සඳහා අවශ්ය දිරිගැන්වීම් සිදු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අද (14) සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේය.
"විද්යුත් මෝටර් කාර් (Electric Cars) එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්රචලිත කිරීම සඳහාත් අවශ්ය දිරිගැන්වීම් සිඳු කරනු ලැබේ. ඒ අනුව මෝටර් වාහන එකලස් කිරීම සිඳු කරනු ලබන ආයතන විසින් අවම වශයෙන් 25% ක දේශීය අගය එකතු කරනු ලබන සහ එයට අවශ්ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
මෙහි දී, දේශීය විද්යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය අගය එකතු කිරීම සහ දේශීයව නිෂ්පාදිත විද්යුත් මෝටර් රථ උපාංග භාවිතා කරනු ලබන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විද්යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සහ අනුමත දේශීය විද්යුත් මෝටර් රථ එකලස් කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්දතියක් සිථාපිත කිරීමට යෝජනා කරමි."
November, 14, 2022
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (14) දින සිය අයවැය කතාවේ දී යෝජනා කර සිටියේය.
රාජ්ය මූල්ය ඒකාග්රතා ක්රියාවලියේදී බදු නොවන ආදායම ඉහළ නැංවීමද වැදගත් වේ. එබැවින් විවිධ ගාස්තු 2023 ජනවාරි 01 වන දින සිට සියයට 20කින් ඉහළ නැංවීමට මම යෝජනා කරනවා. එහෙත්, 2022, 2021 සහ 2022 යන වසර වලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මඟින් සංශෝධනය කෙරෙන්නේ නැහැ.
ඒ ආකාරයටම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරනවා.
රාජ්ය ආයතන විසින් අයකරන හා එකතු කරන පුරස්කාරක, කුලී සහ අනෙකුත් බදු නොවන ආදායම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මහා භාණ්ඩාගාරයට නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමටත් මම යෝජනා කරනවා.
රැස්කළ ආදායම් ඒකාබද්ධ අරමුදලට ප්රේෂණය කිරීමේ ප්රමාදය හේතුවෙන් දැරීමට සිඳු වන පරිදි දෙපාර්තමේන්තු සහ අමාත්යාංශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම් දෛනිකව සෘජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් යථා කාලයේ දී උපදෙස් නිකුත් කිරීමට අවශ්ය පියවර මහා භාණ්ඩාගාරය විසින් ගනු ඇත.
November, 14, 2022
බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2023 අයවැය කතාවේ දී අද දින කියා සිටියේය.
බීඩි කර්මාන්තය විධිමත් කිරීම සහ බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව, සහතික හා බලපත්ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරනු ලබනවා.
November, 14, 2022
ක්රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ප්රචලිත කිරීම සඳහා White Water Rafting වැනි ත්රාසජනක ක්රීඩා ප්රවර්ධනයට අවශ්ය පහසුකම් සැලසීමට තමන් යෝජනා කරන බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
මුදල් අමාත්යවරයා ලෙස 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ යෝජනවා ඉදිරිපත් කළේය.
සංචාරක කර්මාන්තය, සමුද්රීය සංචාරක ව්යාපාරය දියුණු කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.
අලුත් වැඩසටහන් කිහිපයක් සංචාරක ඇමතිතුමා ඉදිරිපත් කරයි.
අපි මේ අංශයට අවධානය යොමුකරලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 50ක් එන අවුරුද්දට වෙන් කරලා තියෙනවා.
ක්රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ප්රචලිත කිරීම සඳහා ජලය මත ලිස්සා යෑම, White water rafting වැනි ත්රාසජනක ක්රීඩා ප්රවර්ධනය සඳහා අවශ්ය පහසුකම් සැලසීමට මා යෝජනා කරනවා.
කෑගල්ල රුවන්වැල්ල ප්රදේශයේ මෙය විශාල ආදායමක් මර්ගයක් බවට පත්වෙලා තිබෙනවා.
Video Story