• Ada Derana BIZ Sinhala
  • Budget 2023
  • sri lanka
  • water bottles

පානීය ජල බෝතල්වලට ආරක්ෂිත මුද්‍රාවක්

November, 14, 2022

සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)  අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්තාවේ දීම ඒ සඳහා ආරක්ෂිත මුද්‍රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතු බවයි.

පානීය ජල බෝතල් භාවිතය සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්ථාවේදීම ඒ සඳහා ආරක්ෂිත මුද්‍රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතුය.

Video Story

Stock Market

Exchange Rates