November, 14, 2022
2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය පහතින් දක්වා තිබේ.
2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම් හා ප්රදාන රු. බිලියන 3,415 ක් ලෙසින් දක්වා ඇති අතර මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5,819 ක් වේ.
මේ අනුව 2023 වසරේ අයවැය හිඟය රු. බිලියන 2,404 කි.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් වේ.

October, 18, 2022
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ.
මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.
Video Story