October, 8, 2022
එළඹෙන ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්රකාශයට පත් කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වේ.
නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වැනි ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවයි. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.
ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්රකාශයට පත් කර ඇත.
October, 3, 2022
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත.
ලෝක අමද්යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.
ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.
මුදල් අමාත්යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්යාව 4,092 ක් වේ.
Video Story