December, 12, 2022
ලොව බැංකුකරණ සහ මූල්ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ්රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත්රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත. මෙම සම්මානය ලබාදීමේ ඇගයීමේ කාර්යයේදී දර්ශක 06 ක් පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බැංකුවේ වත්කම් ප්රමාණය, ශුද්ධ ණය සහ තැන්පතුවල ශේෂ පත්ර වර්ධනය, බැංකු මෙහෙයුම් කටයුතුවල අවධානම් කළමනාකරණය, ලාභදායීතාවය සහ තිරසාරභාවය, ලබාදුන් ණයවල ශක්තිය සහ විශ්වසනීයත්වය, අවදානමකට මුහුණදීම සඳහා තිබෙන වත්කම්වල ද්රවශීලතාවය පිළිබඳව ස්වාධීන තක්සේරුවක් මෙහිදී කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්යක්ෂ, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කෙතරම් අභියෝග පැමිණියත් ඒවා සියළු පාර්ශවකරුවන්ගේ බලාපොරොත්තු සාධාරණ ලෙස ඉටු කරගත හැකි ලෙස අපි කළමනාකරණය කර ගන්නවා. පවතින දේශීය සහ ගෝලීය තත්ත්වයන් අපගේ ශේෂ පත්රයට යම් බලපෑමක් කළත් අපගේ මූල්ය ශක්තිය සහ ස්ථාවරත්වය එලෙසම පවතින බව ඒෂියන් බෑන්කර් විසින් ලබාදුන් මෙම සම්මානයෙන් තහවුරු වෙනවා. ශ්රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස අපිව සහතික කිරීම මගින් අපිට විශාල දිරියක් ලැබෙනවා.’
ශක්තිමත්ම බැංකුව තෝරාපත් කරගත් මෙම වැඩසටහනට ආසියා පැසිෆික් කළාපයේ ඕස්ටේ්රලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕසය, මැකාවු, මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පාකිස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්රී ලංකාව, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල බැංකු ඇතුළත් කරගෙන තිබේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරූ සටහන - කොමර්ෂල් බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්රභාගර් මහතා සම්මානය සමග
December, 2, 2022
ගනුදෙනු පිරිවැය අඩුකරමින් කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක්රීය ටෙලර් යන්ත්ර වලින් මුදල් ලබාගැනීමේදී ඩිජිටල් රිසිට් පතක් නිකුත් කිරීම හඳුන්වා දී තිබෙන අතර මෙය පරිසර හිතකාමී හරිත සංකල්පයක් සේම එමගින් පාරිභෝගිකයින්ට පහසුවක් ඇති කරයි.
බැංකුවේ ක්රෙඩිට් කාඞ්පත් හිමියන් හෝ ඩෙබිට් කාඞ්පත් හිමියන් දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත්ර (CRM) හෝ ස්වයංක්රීය ටෙලර් යන්ත්ර (ATM) තුළින් මුදල් ආපසු ගැනීමේදී එම යන්ත්ර මගින් ලබාදෙන මුද්රණය කළ රිසිට් පත වෙනුවට තමාගේ ජංගම දුරකතන අංකය කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි කර තිබෙන ගනුදෙනු කරුවන්ට කෙටි පණිවුඩයක් ආකාරයෙන් ඩිජිටල් රිසිට් පතක් නිකුත් කරන බව බැංකුව සඳහන් කරයි.
මෙම කෙටි පණිවුඩයට ඩිජිටල් රිසිට් පත ලින්ක් එකක් ලෙස අමුණා තිබෙන අතර එය තමාගේ පරිගණකයට හෝ ජංගම සන්නිවේදන උපකරණයට ඩවුන්ලෝඞ් කරගෙන නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙන බව ද බැංකුව පවසයි. මේ වනවිට, කෑෂ් රීසයික්ලර් යන්ත්ර හෝ ස්වයංක්රීය ටෙලර් යන්ත්ර මගින් මුදල් ආපසු ලබාගැනීමේදී කඩදාසි සඳහා අයකරන රුපියල් 05 ක බද්ද මෙම ඩිජිටල් රිසිට් පත සඳහා ලියාපදිංචි වී එය ලබාගන්නා ගනුදෙනුකරුවන්ගෙන් අය නොකරන බව කොමර්ෂල් බැංකුව පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කඩදාසි නොවන ගනුදෙනු දිරිමත් කරමින් පරිසර හිතකාමී ලෙස හැසිරීමට පාරිභෝගිකයින් උනන්දු කිරීමේදී ඩිජිටල් රිසිට් පතක් හඳුන්වාදීම තුළින් කඩදාසි තැන තැන විසිකර දැමීමේ සමාජ ප්රශ්නය ද අපිට නතර කරන්න පුළුවන්. ගනුදෙනු වලින් පසුව ලැබෙන බොහෝ කඩදාසි රිසිට්පත් එම යන්ත්ර අවට තැන තැන දමා යෑම මේ වනවිට සාමාන්ය සිරිතක් බවට පත්වී තිබෙනවා. ඩිජිටල් රිසිට් පත් භාවිතය තුළින් පාරිභෝගිකයින්ගේ මුදල් ඉතිරි කරන අතරම බැංකුවේ මුදල්ද ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම, ඒ තුළින් කඩදාසි නිපදවීම සඳහා සිදුකරන ශාක භාවිතය අවම කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර තිරසාර අනාගතයක් ඇතිකර ගැනීමේ බැංකුවේ උපායමාර්ගික වැඩසටහනේ ප්රධාන අංගයක් ලෙස මෙය පෙන්වාදිය හැකියි.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
December, 1, 2022
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සඳහා කැපී පෙනෙන ඉහළ ආයෝජක ඉල්ලූම හේතුවෙන් නිකුතුව විවෘත කළ දෙසැම්බර් 01 වනදාම පැය කීපයකට පසු අවසන් කිරීමට බැංකුව තීරණය කළේය.
කොමර්ෂල් බැංකුවේ වත්කම් සහ වගකීම් කළඹන් අතර තිබෙන කල් පිරීමේ නොගැලපීම මගහරවා ගැනීම සහ ජාතික ආර්ථිකය නගා සිටුවීමට සහයෝගය ලබාදීම සඳහා විශේෂයෙන්ම සුළු හා මධ්යම පරිමාණ ව්යවසායන් සහ අපනයනය ඉලක්ක කර්මාන්ත වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට අවශ්ය අරමුදල් සපයා ගැනීමටත් බැංකුවේ දෙවන පෙළ ප්රාග්ධන මට්ටම ශක්තිමත් කරගැනීමටත් මෙම රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සිදුකරන ලදී.
මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලූමක් ලැබීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුවේ අනාගත පුරෝකතන පිළිබඳව තිබෙන විශ්වාසය සහ ශක්තිය ආයතනික සහ පුද්ගලික ආයෝජකයින්ගෙන් ලැබුණු ඉහළ ප්රතිචාරය මගින් පිළිඹිබු වෙනවා. මෙය කොමර්ෂල් බැංකුවට වගේම සමස්ත බැංකු අංශයටම ලැබුණු දිරියක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම නව ප්රාග්ධනය මගින් බැංකුව තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ තුළින් තවදුරටත් වර්ධනය වීමට අපි බලාපොරොත්තු වෙනවා.’
බාසල් III අනුකූලතාවයට යටත්ව නිකුත් කළ කොමර්ෂල් බැංකුවේ දෙවන පෙළ ලයිස්තුගත සහ වර්ගීකරණය කළ ඇප රහිත ණයකරයක වටිනාකම රුපියල් 100 ක් වේ. මෙම ණයකර කාණ්ඩ 03 කින් නිකුත් කළ අතර A කාණ්ඩය වසර 05 කින්ද B කාණ්ඩය වසර 07 කින්ද C කාණ්ඩය වසර 10 කින්ද කල් පිරේ.
වසර 05 කින් කල් පිරෙන ණයකරය සඳහා 28.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 29.96%) ලබාදෙන අතර ඒ සඳහා ගෙවීම් අර්ධ වාර්ෂික වශයෙන් සිදුකරයි. එසේම, වසර 07 කින් සහ 10 කින් කල් පිරෙන ණයකර සඳහා 27.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 28.82%) සහ 22.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 23.21) පිළිවෙලින් ලබාදෙන අතර ඒ සඳහා ගෙවන්නේද අර්ධ වාර්ෂික වශයෙනි.
November, 28, 2022
ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ්රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය.
කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ්රී ලංකාවේ එකම බැංකුව වේ.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප්රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක කළමනාකරණයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මක ජයග්රහණ වෙනුවෙන් කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගන්නා ලදී.
මෙම සම්මානය මගින් කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ ආදර්ශමත් ආයතනයක් ලෙසින් නැවතත් තහවුරු කර තිබේ. මෙම සම්මාන ප්රදානෝත්සවයේ ජයග්රාහකයින් තෝරා පත්කර ගැනීම සඳහා ඇමරිකාවේ කීර්තිමත් Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන පදනම් කරගත් ක්රමවේද 07 ක් අනුගමනය කරමින් ඇගයීමට ලක්කර ඇත. මෙයට, නායකත්වය, උපාය මාර්ගික සැලසුම්කරණය, ගනුදෙනුකරුවන් කෙරෙහි නැඹුරුව, ගණනය කිරීම, විශ්ලේෂණ සහ දැනුම කළමනාකරණය, සේවා බලකාය පිළිබඳ නැඹුරුව, ක්රියාවලී කළමනාකරණය සහ ප්රතිඵල අයත් වේ.
2021 වසරේදී එංගලන්තයේ ඔක්ස්වර්ඞ්හි, Europe Business Assembly වෙතින් ‘යුරෝපීය තත්ත්ව සම්මානය’ ද කොමර්ෂල් බැංකුව විසින් දිනාගන්නා ලදී. මෙම ගෞරවණීය ජාත්යන්තර සම්මානය මගින් පාරිභෝගිකයින්ගේ, සේවකයින්ගේ සහ අනිකුත් පාර්ශවකරුවන්ගේ තෘප්තිය වෙනුවෙන් හේතුවන බැංකුවේ සමස්ත ගුණාත්මක තත්ත්ව කළමනාකරණ ප්රවේශය සහ බැංකුවේ ගුණාත්මක තත්ත්වය කළමනාකරණය කිරීමේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කර තිබේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ සිට සිව්වැන්නා) සහ බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්රභාගර් මහතා (වමේ සිට පස්වැන්නා) ප්රමුඛ කොමර්ෂල් බැංකුවේ කණ්ඩායමේ සාමාජිකයින් බැංකුවට ජාතික තත්ත්ව සම්මානය ප්රදානය කළ සම්මාන ප්රදානෝත්සවයේදී. මෙම සම්මානය තාක්ෂණික රාජ්ය අමාත්ය කණක හේරත් මහතා (දකුණේ සිට තුන් වැන්නා) විසින් පිරිනැමූ අතර ඒ අවස්ථාවට ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සභාපති අසංග රණසිංහ මහතාද (දකුණේ සිට පස්වැන්නා) සහභාගී විය.
November, 23, 2022
පිටරට රැකියා කරන ශ්රී ලාංකිකයින් මෙරටට එවන පේ්රෂණ ප්රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප්රයත්නය යටතේ ශ්රී ලාංකිකයින් විශාල සංඛ්යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී.
මේ අනුව, සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූවන් බැංකුව විසින් පවත්වගෙන යන පේ්රෂණ නාලිකා පිළිබඳවත් ඒවා තුළින් රටට මුදල් එවීමේදී පුද්ගලිකවත් රටටත් ලැබෙන ප්රතිලාභ පිළිබඳවත් දැනුවත් කරන ලදි. මීට අමතරව, මෙම වැඩසටහනට සහභාගී වූවන්ට විශේෂ පේ්රෂණ අනුපාත සහ ත්යාග ලබාදීමටද බැංකුව කටයුතු කළේය.
සිංගප්පූරුවේ වාසය කරන ශ්රී ලාංකිකයින්ට විශේෂ පේ්රෂණ වරප්රසාද සහ වට්ටම් මෙන්ම කොම්බෑන්ක් ඩිජිටල් ඇතුළුව බැංකුවේ සේවා පිළිබඳව තොරතුරු ලබාදෙමින් සහයෝගය ලබාදීම සඳහා මෙම වැඩසටහන පැවැත්වූ බව බැංකුව පවසයි. මීට අමතරව, බැංකුවේ ප්රධාන පේ්රෂණ පාර්ශවකරුවෙකු වන Ria මුදල් හුවමාරු සේවාව සහ සිංගප්පූරුවේ කාන්තාවන් සඳහාම නිර්මාණය කර තිබෙන ජංගම දුරකතන බැංකුකරණ ඇප් සේවාව වන Lucy මෙම වැඩසටහනේදී ප්රවර්ධනය කරන ලදී.
මෙම දින දෙකක වැඩසටහන තුළදී කොමර්ෂල් බැංකුව විසින් ශ්රී ලාංකිකයින් 100 දෙනෙකුට වැඩි සංඛ්යාවකට නව ගිණුම් විවෘත කරදුන් අතර බැංකුවේ ඩිජිටල් බැංකු සේවා සම්බන්ධවීමේ ගාස්තුවක් නොමැතිව සහ පළමු වාර්ෂික ගාස්තුවෙන් තොරව ප්රදානය කරන ලදි.
මෙම වැඩසටහනට සහභාගීවූ සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා පේ්රමවර්ධන මහත්මිය පැවසුවේ මෙම වැඩසටහන ආරම්භයක් පමණක් බවත් සිංගප්පූරුව තුළ වෙසෙන ශ්රී ලාංකිකයින්ට තමන් මහන්සියෙන් උපයාගත් ධනයෙන් ශ්රී ලංකාවේ ආර්ථිකයට ඉහළ සේවාවක් සිදු කරන බවයි. ආරාධනාවට ඉක්මන් ප්රතිචාර දක්වමින් කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සිදුකිරීම පිළිබඳව ඇය ස්තූතිය පුද කළාය. ‘සිංගප්පූරුව තුළ ඉතාමත් කැපවීමෙන් සේවය කරන අපගේ පුරවැසියන්ට සහයෝගය ලබාදීම අපගේ වගකීමයි,’ යැයි ද ඒ මහත්මිය ප්රකාශ කළාය.
‘ශ්රී ලංකාවේ වඩාත්ම විශ්වාසවන්ත බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුවට ශ්රී ලාංකිකයින්ගේ පේ්රෂණ ලංකාවට රැගෙන ඒම සඳහා ප්රමුඛ කාර්ය භාරයක් ඉටුකළ හැකියි.’ යැයි කොමර්ෂල් බැංකුවේ රිටේල් ප්රඩක්ට්ස් සහ ඩිජිටල් නාලිකා ප්රධානී, ප්රදීප් බන්දුවන්ස මහතා මෙසේ ප්රකාශ කළේය. ‘මෙවැනි වැඩසටහනක් මගින් රටට ලැබෙන පේ්රෂණ ප්රමාණය වැඩිකළ හැකියි. මේ තුළින් පාරිභෝගිකයින්ට සහ රටටද ප්රතිලාභ ලැබෙනවා.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - ශ්රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් ශෂිකලා පේ්රමවර්ධන මහත්මිය (ඉහළ, මැද) කොමර්ෂල් බැංකුවේ සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී. (පහළ) සිංගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකිකයින් සහ බැංකුවේ සාමාජිකයින් අදහස් හුවමාරු කරගත් ආකාරය.
November, 21, 2022
‘බිස්නස් ටුඬේ’ සගරාව විසින් 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී, හොඳම සමාගම් 40 අතර අඛණ්ඩව 14 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ඉහළම ශ්රේණිගත බැංකුව මෙන්ම පළමුවන සමාගම් පහෙන් එකක් බවට පත්ව ඇත.
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, මෙම වසරේ සමස්ත ශ්රේණිගත සමාගම් අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත.
‘මෙම නවතම ශ්රේණිගත කිරීම සඳහා ‘බිස්නස් ටුඬේ’ විසින් තක්සේරු කරන ලද කාලසීමාව පොදුවේ ව්යාපාර සඳහා සහ විශේෂයෙන්ම බැංකු සඳහා අභියෝගාත්මක විය’ යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවැසීය. ‘සමස්තයක් ලෙස කාර්යසාධනය අනුව ශ්රී ලංකාවේ තෙවැනි හොඳම සමාගම බවට පත්වීම හරහා, ප්රජාවට සහ පෘථිවියට වගකීම් ඉටු කරන අතර, අභියෝගවලට ප්රතිචාර දැක්වීමට සහ සියලූ පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලීමටද බැංකුවේ හැකියාව සනාථ වනවා,’ යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කොමර්ෂල් බැංකුවේ 2020-21 කාර්ය සාධනය පිළිබඳව ‘බිස්නස් ටුඬේ’ ප්රකාශ කර සිටියේ, මෙහෙයුම් වියදම් පාලනය කිරීම හා එහි පිරිවැය - ආදායම් අනුපාතය සහ ලාභදායිතාවයේ විය හැකි පිරිහීම වැළැක්වීම කෙරෙහිද කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇති බැව්ය. එසේම කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් කර ඇත්තේ, තමන්ගේ උපාය මාර්ගික කුළුණු වන මෙහෙයුම් විශිෂ්ටත්වය සහ විචක්ෂණශීලි වර්ධනයට ප්රමුඛත්වය ලබා දෙමින් යැයි ද ප්රකාශ කර ඇත.
මේ අතර ‘බිස්නස් ටුඬේ’ තවදුරටත් අවධාරණය කර ඇත්තේ, ව්යාපාරවලට ණය ගෙවීම් සඳහා කාලය ලබා දීම් වෙනුවෙන් රජය විසින් සිදු කරණු ලැබූ ඉල්ලීමට බැංකුව අවනතවී ඇති බැව්ය. ක්රියාශීලී සන්නිවේදනය සහ සමීප කාර්ය මණ්ඩල අධීක්ෂණය හරහා මුළු අත්තිකාරම් වලින් සියයට 25ක් ප්රතිව්යුහගත කර ඇති බවද ‘බිස්නස් ටුඬේ’ අනාවරණය කර ඇත.
මෙම වසරේ ඉහළම ශ්රේණිගත කිරීම් 40 සඳහා සලකා බැලූ බොහෝ නිර්ණායක අතර, මහා භාණ්ඩාගාරයට බදු හරහා ඉහළ පෙලේ ව්යාපාර දායක වීමද සළකා බැලූ බැව් බිස්නස් ටුඬේ පැවසුවේය. කොමර්ෂල් බැංකුව 2021 වර්ෂයේදී බදු වශයෙන් රජයට රුපියල් බිලියන 8.3ක් ගෙවා ඇත.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
November, 17, 2022
කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අනුබද්ධ තොරතුරු තාක්ෂණික සමාගමක් වන CBC Tech Solutions Limited සමාගම ශ්රී ලංකාවේ Lenovo නිෂ්පාදන සඳහා පාර්ශවකරුවෙකු ලෙස පත් කර තිබෙන අතර සමාගම මෙරට ආයතනික අංශය සඳහා පුළුල් පරාසයක විහිදුණු තොරතුරු තාක්ෂණික විසඳුම් ඉදිරියටත් අඛණ්ඩවම ලබාදෙනු ඇත.
මෙම නවතම ඒකාබද්ධතාවයත් සමග CBC Tech Solutions Limited සමාගම Lenovo පුද්ගලික පරිගණක, ටැබ්ලට් පරිගණක සහ IdeaPad, Yoga, Legion සහ ThinkPad ඇතුළත් උපකරණ මාලාවක් මෙරට අලෙවි කිරීමේ නියෝජිතයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.
CBC Tech Solutions 12 වන පරම්පරාවේ Intel® Core™ ප්රොසෙසරයන් සහිත Lenovo ThinkCentre නියෝ ඩෙස්ක්ටොප් පරිගණක මේ වසරේ ජුනි මාසයේ සිට මෙරටට ආනයනය කරන පළමු ශ්රී ලාංකේය සමාගමයි.
මෙම සමාගමේ කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීමට මුලින් ආරම්භ කළ සමාගමක් වූ අතර පසුව දේශීය ආයතනික අංශයටද තාක්ෂණික සහයෝගය ලබාදීම සඳහා මෙම සමාගම යොමුවිය. මෙම සමාගමේ ප්රධාන විධායක නිළධාරී කීර්ති මැදිවක මහතා පවසන්නේ Lenovo සමාගම සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය සමග සමාගමේ ව්යාපාරික කටයුතුවල පරාසය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම සමාගම 2003 වසරේදී ආරම්භ කළ අතර එහි අරමුණ වන්නේ ශ්රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදෙන නව්ය සමාගමක් ලෙසින් පෙරමුණට පැමිණීමයි. පාරිභෝගිකයින්ට වඩාත් විශ්වසනීය තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සහ සේවා ලබාදෙමින් තාක්ෂණික නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම සමාගමේ ඉලක්කයයි.
සේයාරූ සටහන : CBC Tech Solutions සමාගමේ ප්රධාන විධායක නිළධාරී, කීර්ති මැදිවක මහතා (දකුණේ සිට තුන්වැන්නා) සහ Lenovo සමාගමේ විදේශ ව්යාපාරික අංශයේ සාමාන්යාධිකාරී, නවීන් කෙජ්රිවාල් මහතා (වමේ සිට සිව් වැන්නා) සහ විදේශ වාණිජ ව්යාපාරික අංශයේ අලෙවි ප්රධානී, සමීර් වර්ෂ්නේ මහතා (වමේ සිට තුන්වැන්නා) ගිවිසුම හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) CBC Tech Solutions සමාගමේ සහකාර කළමනාකරු, චාමික අතාවුද මහතා, ශ්රී ලංකාවේ Lenovo කළාපීය අලෙවි කළමනාකරු, ප්රසන්න කුලසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ සහ CBC Tech Solutions සමාගමේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, සනත් මනතුංග මහතා සහ CBC Tech Solutions සමාගමේ නියෝජ්ය ප්රධාන විධායක නිළධාරී, නලීන් ගුණතුංග මහතා සේයාරුවේ සිටිති.
November, 2, 2022
ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම්දාම මූල්ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ්රී ලංකාවේ ප්රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය.
2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වෙළෙඳ හා සැපයුම්දාම මූල්ය ක්ෂේත්රයේ වැඩිම ගනුදෙනු සංඛ්යාවක් සිදුකිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනැමිණි.
පසුගියදා සිංගප්පූරුවේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්ය වැඩසටහනේ සම්මාන ප්රදානෝත්සවයේදී අංශ 10 ක් යටතේ සම්මානයට පාත්රකළ බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුවද අයත්වීම කැපී පෙනේ.
මෙම ගෞරවණීය සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්රභාගර් මහතා මෙසේ පැවසීය. ‘සමාජ සහ ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා ණය, තාක්ෂණික සහාය, මූල්ය ප්රදාන සහ කොටස් ආයෝජන සම්පාදකයෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව කොමර්ෂල් බැංකුවට අතිශයින් වැදගත් පාර්ශවකරුවෙක් වෙනවා. සමෘද්ධිය සහ මූල්ය සහාය ප්රවර්ධනය කිරීමට ආයතන දෙක කැපවී සිටිනවා. මේ නිසා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකාවේ ප්රමුඛතම පාර්ශවකරුවා ලෙසින් කොමර්ෂල් බැංකුවට ලබාදුන් මෙම ගෞරවය අපි දිරියක් ලෙසින් සලකනවා.’
කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මෙරට අපනයන වෙළෙඳාමෙන් 18% කට වැඩි කොටසට සහ ආනයන වෙළෙඳාමෙන් 10% කට අධික කොටසකට මූල්ය සේවා සපයන්නේ කොමර්ෂල් බැංකුවයි. බැංකුව ආයතනික ගනුදෙනුකරුවන් සමග පවත්වන ශක්තිමත් බැඳීම මෙම ජයග්රහණය ලබාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ආනයන අංශයේ ප්රධානී, ප්රසාද් ප්රනාන්දු මහතා (මැද) ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනැමූ 2022 වෙළෙඳ හා සැපයුම්දාම මූල්ය වැඩසටහනේ (TSCFP) සම්මානය සමග.
November, 1, 2022
අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක්රියාත්මක කරන ලද ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප්රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි.
කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ට මූල්ය සාක්ෂරතාවය සහ ව්යාපාර සංවර්ධනය පිළිබඳ දැනුම ලබා දීම මෙහි පරමාර්ථය විය. වායු සමීකරණ අලූත්වැඩියාව, බේකරි ශිල්පය, රූපලාවන්ය ශිල්පය, පරිගණක දෘඪාංගකරණය, විදුලි ඉන්ජිනේරු විද්යාව, පාවහන් නිර්මාණය, භූමි අලංකරණය, මෝටර් කාර්මික විද්යාව සහ තවත් අනෙකුත් විෂයන්ද හදාරනු ලබන සිසුන් මෙම වැඩසටහනට ඇතුළත්ය.
ග්රාමීය ආර්ථිකයට ප්රතිලාභ ලබා දීම සඳහා සිසුන්ගේ ව්යවසායකත්ව කුසලතා සහ උගත් කුසලතා අලෙවි කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්යාපෘතිය සංවිධානය කෙරිණි. මෙම මූලිකත්ව වැඩසටහන කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික සහ ක්ෂුද්ර මූල්යන ඒකකය (AMFU) විසින් කළමනාකරණය කරන ලද අතර, එයට ශ්රී ලංකා මහ බැංකුවේ සහයෝගීතාවය හිමිවිය.
මූල්ය කළමනාකරණය සහ ව්යාපාර සංවර්ධනය පිළිබඳ ප්රවීණ කථිකයකු වන, ශ්රී ලංකා මහබැංකුවේ අනුරාධපුරය කලාප කාර්යාලයේ කළමනාකාර ධුරය දරන දුමින්ද දිසානායක මහතා මෙම වැඩසටහනෙහි සම්පත් දායකයකු ලෙස ආරාධනා ලැබීය.
කොමර්ෂල් බැංකුවේ උතුරු මැද පළාත බාර ප්රාදේශීය කළමනාකාර මයිකල් ද සිල්වා, නොච්චියාගම ශාඛා කළමනාකාර වෙනුර ධනපාල සහ වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී චමින්ද ප්රියංකර විජයදාස යන මහත්වරුන් සහ කොමර්ෂල් බැංකුවේ තවත් නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරූ සටහන - මූල්ය කළමනාකරණය සහ ව්යාපාර සංවර්ධනය පිළිබඳ දේශක දුමින්ද දිසානායක මහතා සහ කොමර්ෂල් බැංකුවේ උතුරු මැද පළාත භාර ප්රාදේශීය කළමනාකාර මයිකල් ද සිල්වා මහතා සම්මන්ත්රණයට සහභාගී වූවන් අමතන ආකාරය ඡායාරූපයෙන් දැක්වෙයි.
October, 26, 2022
නෙළුම් කුළුණ පරිශ්රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග්රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප්රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ මෙම සංගීත සැඳෑව වර්ණවත් කිරීම සඳහා මෙරට අතිශයින්ම ජනප්රිය සංගීත කණ්ඩායම් සහභාගී වූ අතර මෙය නැරඹීම සඳහා 3500 කට අධික පිරිසක් සහභාගී විය.
කොමර්ෂල් බැංකුව මෙහිදී ‘ෆ්ලෑෂ්’ නාමය නිර්මාණශීලී ලෙස සන්නාමකරණය කළ අතර ඒ සඳහා ඩිජිටල් වෝල්, නියෝන් ලයිට් ඇතුළු විවිධ වූ නව්ය ක්රම අනුගමනය කර තිබුණි. මීට අමතරව, මෙහිදී, ‘ෆ්ලෑෂ්’ ගනුදෙනුකරුවන් සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබූ අතර එහි සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු කරගත හැකි පරිදි ‘ෆ්ලෑෂ්’ සන්නාමය සහිත slow-motion වීඩියෝ ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි.
මෙහිදී, බැංකුව සිය සන්නාමය සමග පාරිභෝගිකයින් සම්බන්ධවීම තවදුරටත් වර්ධනය කිරීම සඳහා ‘ෆ්ලෑෂ්’ පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම ස්ථානයේදී දිනුම් ඇදීමක්ද පවත්වන ලදී. මෙම දිනුම් ඇදීමේ පළමු ත්යාගය ලෙස සති අන්ත නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබාදී තිබුණු අතර තවත් සැනසිලි ත්යාග දෙකක් ලෙස මුදල් ත්යාග ලබාදීමට කටයුතු කරන ලදී. මීට අමතරව, මෙම වැඩසටහන අතරතුරදී ඕනෑම කෙනෙකු ‘ෆ්ලෑෂ්’ ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගෙන බැංකු ගිණුමේ ලියාපදිංචි වූ විට ක්ෂණික ත්යාග වවුචරයක් ලබාදුන් අතර එය මෙම වැඩසටහනේ ආහාර මිලදීගැනීම සඳහා භාවිතා කිරීමට හැකිවිය.
‘ෆ්ලෑෂ්’ සන්නාමය නව රැළි නිර්මාණය කරන්නෙකු ලෙස නව පරම්පරාවේ ගනුදෙනුකරුවන්ට නව තාක්ෂණය සහ නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දෙන අතර ජාත්යන්තර තත්ත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළදීද එම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අත්දැකීම ලබාදීමට කටයුතු කරන ලදී.
සේයාරු වලින් දැක්වෙන්නේ ‘Slow Flow Live’ සංදර්ශනයේ අවස්ථාවන් කිහිපයක් සහ කොමර්ෂල් බැංකුව විසින් පැවැත්වූ දිනුම් ඇදීමේදී සති අන්ත නිවාඩු පැකේජයේ ජයග්රාහකයාට එම ත්යාගය පිරිනමන ආකාරයයි.
Video Story