• Ada Derana BIZ Sinhala
  • ADB
  • ComBank
  • Leading Partner Bank in SL
  • sri lanka

වෙළෙඳ සහ සැපයුම්දාම මූල්‍යනය සඳහා ADB හි ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව බුහුමන් ලබයි

November, 2, 2022

ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය.

2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනැමිණි.

පසුගියදා සිංගප්පූරුවේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අංශ 10 ක් යටතේ සම්මානයට පාත‍්‍රකළ බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුවද අයත්වීම කැපී පෙනේ.

මෙම ගෞරවණීය සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ පැවසීය. ‘සමාජ සහ ආර්ථික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ණය, තාක්ෂණික සහාය, මූල්‍ය ප‍්‍රදාන සහ කොටස් ආයෝජන සම්පාදකයෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව කොමර්ෂල් බැංකුවට අතිශයින් වැදගත් පාර්ශවකරුවෙක් වෙනවා. සමෘද්ධිය සහ මූල්‍ය සහාය ප‍්‍රවර්ධනය කිරීමට ආයතන දෙක කැපවී සිටිනවා. මේ නිසා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා ලෙසින් කොමර්ෂල් බැංකුවට ලබාදුන් මෙම ගෞරවය අපි දිරියක් ලෙසින් සලකනවා.’

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මෙරට අපනයන වෙළෙඳාමෙන් 18% කට වැඩි කොටසට සහ ආනයන වෙළෙඳාමෙන් 10% කට අධික කොටසකට මූල්‍ය සේවා සපයන්නේ කොමර්ෂල් බැංකුවයි. බැංකුව ආයතනික ගනුදෙනුකරුවන් සමග පවත්වන ශක්තිමත් බැඳීම මෙම ජයග‍්‍රහණය ලබාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ආනයන අංශයේ ප‍්‍රධානී, ප‍්‍රසාද් ප‍්‍රනාන්දු මහතා (මැද) ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනැමූ 2022 වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මානය සමග.

Video Story

Stock Market

Exchange Rates