• 4 awards
  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka
  • wins
  • world’s largest annual report competition

ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලියේදී කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක්

October, 25, 2022

ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලිය වන MerComm ARC සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව රන් සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් සහිතව සම්මාන හතරක් දිනාගැනීමට සමත්විය.

මෙහිදී, කොමර්ෂල් බැංකුව වාර්ෂික වාර්තාවේ ‘අභ්‍යන්තර නිර්මාණය’ සඳහා රන් සම්මානයත් ‘අන්තර් කි‍්‍රයාකාරී වාර්ෂික වාර්තා’ සඳහා ලෝකඩ සම්මානයත් දිනාගත් අතර ‘ප‍්‍රාදේශීය බැංකු’ අංශයේදී ‘ලිඛිත අන්තර්ගතය’ සහ ‘සභාපතිගේ ලිපිය’ සඳහා ගෞරවණීය සම්මාන දෙකක්ද දිනාගන්නා ලදී.

වාර්ෂික වාර්තා සම්මාන ක්‍ෂේත‍්‍රයේ ‘ඇකඩමි සම්මාන’ ලෙස හඳුන්වන ARC සම්මාන මගින්, වාර්ෂික වාර්තා තුළින් සාර්ථක ලෙස සමාගමේ කතාව සන්නිවේදනය කිරීමේ දක්ෂතාවය ඇගයීමට ලක් කරමින් වාණිජ බැංකුවලට සම්මාන පිරිනමයි. මෙහිදී, නිර්මාණශීලීත්වය, පැහැදිලිභාවය, කාර්යක්ෂමතාවය සහ විශිෂ්ටත්වය සලකා බලන අතර ආයතනික ලාභය හෝ නිෂ්පාදන වටිනාකම් සලකා නොබලයි.

‘ ඕනෑම ලයිස්තුගත සමාගමක විනිවිදභාවය, වගකීම, පාලනය සහ කාර්යසාධනය පෙන්වීම සඳහා ඉතාමත් වැදගත් සන්නිවේදන උපකරණය වන්නේ වාර්ෂික වාර්තාවයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසීය. ‘කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව අපි සකස් කරන්නේ ඉතාමත් නිර්මාණශීලී විදිහටයි. මේ සඳහා වසර ගණනාවක් මුළුල්ලේ සම්මාන රාශියක් ලැබී තිබෙනවා. අපි විසින් දිනාගත් මෙම නවතම ARC සම්මාන මෙම ගෞරවණීය සම්මාන පෙළට වැදගත් එකතුවක්. මෙම වාර්ෂික වාර්තාව නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූ සැමට ලැබෙන ඉහළම දිරියක් ලෙස මෙම සම්මාන සැලකිය හැකියි.’

36 වන වාර්ෂික ජාත්‍යන්තර ARC සම්මාන ප‍්‍රදානෝත්සවය අතිඋත්කර්ශවත් අයුරින් ඔක්තෝම්බර් 22 වනදා ස්පාඤ්ඤයේ බාර්සලෝනා නුවරදී පැවැත්වුණි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Global Performance Excellence Award
  • sri lanka
  • World Class

කොමර්ෂල් බැංකුව ‘World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය දිනයි

October, 17, 2022

ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (Global Performance Excellence Award) කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘World Class’ සම්මානය දිනාගත් ජාත්‍යන්තර ආයතන 08 අතර විය.

කොමර්ෂල් බැංකුව වෙත ‘World Class’ සම්මානය ලබාදීමට පදනම් වූයේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන ප‍්‍රදානෝත්සවය (SLNQA) සඳහා Baldrige විශිෂ්ටතා රාමුව පදනම් කරගනිමින් දැක්වූ විශිෂ්ටත්වය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන කරුණුය. ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනයේ තරගය සඳහා එම ඉදිරිපත් කිරීම යෝග්‍ය යැයි ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇත.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව සිය බැංකු සේවකයින්ට ලබාදුන් පද්ධති ප‍්‍රවේශය කළමනාකරණය කිරීම වෙනුවෙන් APQO ජාත්‍යන්තර යහ ක‍්‍රමවේද (AIBP) රන් සම්මානයද දිනාගන්නා ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ සේවා, කි‍්‍රයාවලි හෝ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය අභියෝගාත්මක සමයක වුවද අඩු නොකළ යුතු යැයි අපගේ විශ්වාසයයි. අපගේ කාර්ය සාධනයට බාහිර සාධක බලපෑම් එල්ල කරන විට ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී World Class අංශයේදී සම්මානයක් දිනාගත් පළමු සහ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වීම තුළින් පිළිඹිබු වන්නේ කොමර්ෂල් බැංකු පවුලේ සෑම මට්ටමකම මෙම විශ්වාසය තිබෙන බවයි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා අන්තර්ජාලය ඔස්සේ පැවති ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවය ඇමතූ ආකාරය සේයාරුවේ දැක්වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • PAYable
  • sri lanka

කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් ස්මාර්ට් දුරකතනයෙන් කාඩ් ගෙවීම් පිළිගැනීම සඳහා ක‍්‍රමවේදයක්

October, 1, 2022

වෙළෙඳුන්ට ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඩ් ගෙවීම් ගනුදෙනු පිළිගැනීම සඳහා පහසුකම් සලසමින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන තුළින් කාඩ් පිළිගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මෙම අඩු පිරිවැය නවීන තාක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කර්මාන්තය දැවැන්ත සංවර්ධනයකට ලක්වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් සම්පාදකයෙකු වන PAYable ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග ඒකාබද්ධ වෙමින් මෙම පහසුකම බැංකුව විසින් ලබාදෙන බවත් ගෙවීම් පද්ධතිය PAYableSoftPOS හෙවත් PAYableTAP සමග ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම පද්ධතිය මූල්‍ය අංශයේ ඩිජිටල් ගෙවීම් පද්ධති සම්පාදනය කරන තාක්ෂණික සමාගමක් වන Worldline සහ Mastercard ඒකාබද්ධව සංවර්ධනය කර ඇත.

මෙම විසඳුම මගින්  ඕනෑම NFC – සක‍්‍රීය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනයක්ම ගෙවීම් පිළිගන්නා යන්ත‍්‍රයක් බවට පරිවර්තනය කරයි. මෙම පහසුකම ලබාගැනීම සඳහා වෙළෙඳුන් PAYableTAP ඇප් පහසුකම ඩවුන්ලෝඩ් කරගෙන කොමර්ෂල් බැංකුව සමග ලියාපදිංචි විය යුතු අතර පසුව ජංගම උපකරණයේ තිරයේ ක්‍රෙඩිට් කාඞ්පත හෝ ඩෙබිට් කාඞ්පත ස්පර්ශ කර ඉතාමත් පහසුවෙන් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකිවේ.

PAYableTAP භාෂා ත‍්‍රිත්වය මගින්ම සේවාව ලබාදෙන අතර සෑම ගනුදෙනුවකින්ම පසුව ඩිජිටල් රිසිට් පතක් ලබාදෙන නිසාත් එය කෙටි පණිවුඩයක් හෝ ඊ-මේල් පණිවුඩයක් ලෙස ලබාගත හැකි නිසාත් මුද්‍රණය කළ රිසිට් පතක් නිකුත් කිරීමට අවශ්‍ය නොවේ. මෙම සුරක්ෂිත ගෙවීම් පිළිගැනීමේ ක‍්‍රමවේදය තුළින් බොහෝ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ප‍්‍රතිලාභ ලබාගත හැකි බවත් ඒ තුළින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරගත හැකි බවත් බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ) සහ PAYable ප‍්‍රධාන විධායක නිළධාරී සහ සම සමාරම්භක යොහාන් විජේසිරිවර්ධන මහතා පළමු ගනුදෙනුව සිදුකළ ආකාරය

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (මැද) සහ PAYable ප‍්‍රධාන විධායක නිළධාරී සහ සම සමාරම්භක යොහාන් විජේසිරිවර්ධන මහතා ගිවිසුම හුවමාරු කරගන්නා ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) PAYable අධ්‍යක්ෂවරුන් වන ටෙරේෂ් අමරතුංග මහතා, එස්. ෂන්මුගනාදන් මහතා, PAYable සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂ, සාජිඞ් රෙයාස් මහතා සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා, කාඞ් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා, කාඞ් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සීවලී වික‍්‍රමසිංහ මහතා සහ කාඞ් මධ්‍යස්ථානයේ නිළධාරී, විෂාන් ප‍්‍රනාන්දු මහතා සහභාගී විය.  

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • LMD 100
  • sri lanka

කොමර්ෂල් බැංකුව නැවත වරක් LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි ඉහළින්ම සිටින බැංකුව බවට පත්වෙයි

September, 28, 2022

නවතම ‘LMD 100’ සංස්කරණයෙහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට කොමර්ෂල් බැංකුව නැවත වරක් පත් වී ඇති අතර ශී‍්‍ර ලංකාවේ Fortune 500 අනුවාදය ලෙස සැලකෙන මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම සමාගම් 10 අතර සිටින එකම බැංකුව ද වේ.

වසර 29 කට පෙර මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට සෑම වසරකදීම ඉහළම ආයතනික දැවැන්තයින් 10 දෙනා අතර කොමර්ෂල් බැංකුව රැදී සිටින අතර 2021-22 සඳහා වැඩිම ආදායමක් සහ ලාභයක් ඉපැයූ බැංකුව ලෙස ද තහවුරු වී ඇත.

ශී‍්‍ර ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආදායම අනුව සමස්ත LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි හත්වන ස්ථානයට සහ ලාභය අනුව හයවන ස්ථානයට ද නම් කර ඇත.

කොමර්ෂල් බැංකුව LMD ශ්‍රේණිගත කිරීම් වල අඛණ්ඩව ඉහළින්ම සිටීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වූවේය. ”පාරිභෝගිකයින් සහ ආයෝජකයින් බැංකුවක නොසැලෙන ශක්තියක් හා ස්ථාවරත්වයක් අපේක්ෂා කරන අතර අභියෝගකාරී තත්වයන් සහ විවිධ වෙනස්වීම් වලදී ද විශේෂයෙන් ඔවුන් එය බලාපොරොත්තු වේ. කොමර්ෂල් බැංකුව මේ සම්බන්ධයෙන් ආදර්ශමත් වන අතර දශක තුනකට ආසන්න කාලයක් විවිධාංගිකරණය වූ දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාර අතරට එක්වෙමින් ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම LMD 100 හි බැංකු අංශය පෙරමුණ ගෙන සිටී.”

LMD හි නවතම ශ්‍රේණිගත කිරීම මෙරට මුල්පෙළේ සමූහ ව්‍යාපාර, විදුලි සංදේශ ආයතන, මහා පරිමාණ අලෙවිසැල් ජාල, රක්ෂණ සමාගම් ඇතුළු බොහෝ ආයතන ආවරණය කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka

කොමර්ෂල් බැංකුවට ඒෂියාමනි සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ගෞරවණීය සම්මාන ද්විත්වයක්

September, 24, 2022

ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ජාත්‍යන්තර තලයේ කැපීපෙනෙන ජයග‍්‍රහණ යුගලක් වාර්තා කළේය. සැප්තැම්බර් 21 සිංගප්පූරුවේ ෂැංග‍්‍රිලා හෝටලයේ ටවර් බෝල්රූම් හි පැවති 2022 ඒෂියාමනි සම්මාන උළෙලේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන සම්මාන ද්විත්වය බැංකුවට පිරිනමන ලදී. සේයාරුවෙන් දැක්වෙන්නේ සම්මාන උළෙලට සහභාගි වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතායි.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • donation
  • IT lab
  • sri lanka

ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය උදෙසා වන කොමර්ෂල් බැංකුවේ ජාතික වැඩසටහන 250 වන පරිගණක විද්‍යාගාරය පරිත්‍යාග කරයි

September, 21, 2022

ජාතික සංවර්ධන ඉලක්කයන්ට සහයෝගය ලබාදෙමින් රට වටා දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා මහරගම ප‍්‍රදේශයේ පාසැලක් වෙත ලබාදෙන ලදී.

බැංකුව විසින් ජාතික මට්ටමින් පවත්වාගෙන යන මෙම වැඩසටහන මගින් සිසු දරුවන් 3200 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන වසර 44 ක් පැරණි මහරගම ජනාධිපති විදුහල ප‍්‍රතිලාභ ලැබීය. බැංකුව විසින් ප‍්‍රදානය කළ මෙම අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂයන් හදාරන උසස්පෙළ සිසුන් සහ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂයෙන් ප‍්‍රයෝජනවත් වන බව බැංකුව සඳහන් කරයි.

බැංකුව විසින් පරිත්‍යාග කර තිබෙන තොරතුරු තාක්ෂණ විද්‍යාගාර මගින් සිසු දරුවන් 230,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ප‍්‍රතිලාභ ලබා ඇත. මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර නඩත්තු කිරීම සහ අවශ්‍ය වූ විට වැඩිදියුණු කිරීම බැංකුවේ ශාඛා ජාලයේ සම්බන්ධීකරණය අනුව සිදුකරන අතර ඒ තුළින් අනාගත පරම්පරා සඳහා මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාරවල තිබෙන පහසුකම් රැකදෙනු ඇත.

මෙම 250 වන සංධිස්ථානාත්මක තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිළ වශයෙන් විවෘත කළ අතර මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂ රාජා සේනානායක මහතා, සහ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී, නන්දික බුද්ධිපාල මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා බැංකුව විසින් දිගු කාලයක් පුරා සිදුකරන වැඩසටහන යටතේ අරමුදල් ලබාදෙන ලදී.

බැංකුව විසින් ප‍්‍රදානය කළ 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අපි විසින් අඛණ්ඩව කටයුතු කරනවා. පරිගණක විද්‍යාගාර පරිත්‍යාග වලට අමතරව බැංකුව විසින් තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික පුහුණුව සඳහා ආයෝජනය කිරීම තුලින්ද මෙම සත්කාරයට අප දායක වෙනවා. දරුවන්ගේ ඩිජිටල් අධ්‍යාපනික බලාපොරොත්තු සඳහා සහයෝගයක් ලබාදෙන අතරම අපගේ තොරතුරු තාක්ෂණික වැඩසටහන් මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ ඉලක්ක පිළිබඳවත් අවධානය යොමුකර තිබෙනවා. මෙයින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබාදීම සහ සෑමදෙනා සඳහාම නිරන්තරයෙන් අධ්‍යාපන අවස්ථාවන් ප‍්‍රවර්ධනය කිරීම යන ඉලක්කය කෙරෙහි අපි අවධානය යොමුකර තිබෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂ රාජා සේනානායක මහතා, සහ පාසැලේ විදුහල්පති, කපිතාන් ඩබ්ලිව්. වසන්ත කුමාර මහතා, බැංකුව විසින් ප‍්‍රදානය කළ 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී මහරගම ජනාධිපති විදුහලේ ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් සමග.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Jaffna
  • sri lanka

කොමර්ෂල් බැංකුව යාපනයේ විශේෂ පේ‍්‍රෂණ සහ තැන්පතු ප‍්‍රවර්ධන වැඩසටහනක් සිදුකරයි

September, 9, 2022

නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්‍යාග ලබාදෙන බැංකුවේ පේ‍්‍රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ දෙමව්පියන්ට සහ භාරකරුවන්ට දරුවන් වෙනුවෙන් විදේශීය මුදල් වලින් ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා පසුගියදා ආරම්භ කළ ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම ඇතුළු බැංකුවේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බව බැංකුව පවසයි. මෙහිදී නව Vibe සහ DotCom ගනුදෙනුකරුවන්ට නොමිලේ Vibe සහ DotCom කාඞ්පත් ප‍්‍රදානය කරන ලදී.

මීට අමතරව, බැංකුව විසින් මෙහිදී ‘ComBank RemitPlus’ භාවිතා කරමින් පේ‍්‍රෂණ සම්බන්ධ තොරතුරු සහ සේවා සඳහා ප‍්‍රවේශ වීමේදී ලැබෙන ප‍්‍රතිලාභ, මුදල් වලින් ගිණුම් වලට පේ‍්‍රෂණ එවීමේදී තිබෙන වාසි සහ පේ‍්‍රෂණ සඳහා ඊ- රිසිට්පතක් ලබාගැනීමේ පහසුව පිළිබඳවද දැනුවත් කළේය. එසේම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේ ප‍්‍රයෝජනද මෙහිදී පැහැදිලි කරන ලදී.

බැංකුව විසින් සමාජ මාධ්‍ය සහ අත්පත‍්‍රිකා බෙදා දෙමින් ජනතාව සමඟ සම්බන්ධ වූ බවත් යාපනයේ ජනප‍්‍රිය උත්සවයක් වන නල්ලූර් උත්සවය නිසා විශාල පිරිසක් මෙම වැඩසටහන් වලට සහභාගී වූ බවත් බැංකුව පවසයි.

සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ප‍්‍රවර්ධනයට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ නල්ලූර් ප‍්‍රදේශයේ සැරිසරන බැංකුවේ බෑන්ක්-ඔන්-වීල්ස් රථයකි.

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • ComBank
  • sri lanka

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව එක්ව ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය බෑන්ක්ඇෂුවරන්ස් ප්‍රවේශයකට

September, 7, 2022

ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA  සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී.  මෙම සහයෝගීතාවය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සුවිශේෂී යෝජනා සහ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය පිලිබඳ ඇති හසල අත්දැකීම්, ශ්‍රී ලංකාව පුරාවට පැතිර ඇති කොමර්ෂල් බැංකුවේ 268 ක් වන ශාඛා පද්ධතිය හා සම්බන්ධ ඉහළ තලයේ පාරිභෝගිකයින් වෙත හදුන්වාදෙනු ඇත.

මෙම සහයෝගීතාවයෙහි අපේක්ෂාව වනුයේ සාමාන්‍ය බෑන්ක්ඇෂුවරන්ස් සබඳතාවයකින් ඔබ්බට ගොස් ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය සඳහා අවශ්‍ය සහය ලබා දීමයි.  AIA සමූහයේ සමාගම්, ආසියාව තුල ව්‍යාපාර කරමින් ලබා ඇති අත්දැකීම් සමුදාය ද පාදක කර ගනිමින්, කොමර්ෂල් බැංකුවේ අගනා පාරිභෝගික ජනතාව වෙත, විවිධ නව්‍ය රක්ෂණ සැලසුම්,  රැකවරණය සඳහා අත්‍යවශ්‍ය වන මූල්‍ය උපදෙස් මෙන්ම දීර්ග කාලීන ඉතුරුම් සහ විශ්‍රාම සැලසුම්  හදුන්වා දෙනු ලබයි.

බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වශයෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය ශාඛා කාර්යාල ජාලය සතු අලෙවිකරණ විශේෂඥාතාවයන්, ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ තාක්ෂණය සහ පුළුල් වූ සැලසුම් සහ සේවාවන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත හදුන්වා දෙනු ඇත. මෙරට විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සතු විශාල පාරිභෝගික පිරිස වෙත සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ සැලසුම් හදුන්වා දීම සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති අතර මේ ඔස්සේ ක්ෂේත්‍රය තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සතු තරඟකාරීත්ව වාසිය තව දුරටත් ශක්තිමත් වෙනු ඇත.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (International Finance Corporation - IFC) සමගින් දීර්ග කාලයක සිට සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර ඩිජිටල්කරණය මුල්කරගත් මෙවන් සුවිශේෂී බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට දායක වූ IFC හි භූමිකාව පිළිබඳව මෙම සමාගම් දෙක සිය කෘතඥතාවය පළකර සිටියි.  ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් හට මූල්‍යමය සුරක්ෂිතතාවය අත්පත්කර දීම සඳහා මේ වසර මුල් භාගයේ දී AIA  ඉන්ෂුවරන්ස් ලංකා සහ කොමර්ෂල් බැංකුව අතර කොමර්ෂල් බැංකුවේ අනගි ගිණුම් හිමිකරිනියන්හට සුවිශේෂී රක්ෂණ විසදුම් ලබාදීම අරමුණු කරගනිමින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද සමගින් මෙම නව සහයෝගීතාවය සමාගම් දෙක තබන ලද තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වෙනු ඇත.

"මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාව තුල දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, විශ්වසනීයයත්වයෙන් ඉතා ඉහළ තලයක රැදී සිටින ස්ථාවරත්වයෙන් අගතැන් ආයතන දෙකක එකතුවෙන් ශ්‍රී ලංකාව පුරා ජීවිත හා සෞඛ්‍ය රක්‍ෂණ ව්‍යාප්තිය වැඩි කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති.  එමෙන්ම අප සතුව ඇති,  ජනතාවගේ ජීවිත කාලය තුල පැනනගින විවිධ  අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් නිමවන ලද රක්ෂණ විසදුම් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් ඔවුනගේ ජීවිතවලට වැඩි වටිනා කමක් සමගින්  ඉහල රැකවරණයක් සැපයීම සඳහා මෙම සහයෝගීතාවය කාලීන අවස්ථාවක් ද වනු ඇති" බව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියාය."

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂක සනත් මනතුංග මහතා කියා සිටියේ "අපගේ පාරිභෝගික ජනතාව, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන අප විසින්, ඔවුනට ඉහළ වටිනාකම් එක්කරන්නා වූ ලෝක තලයේ සැලසුම් සහ සේවාවන් සැපයීම පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරනවා.  ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම සමගින් සහයෝගීතාවයකට එළඹීම මගින් අපට, අපගේ අගනා පාරිභෝගිකයින් වෙත, ඔවුනගේ රැකවරණ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස ඔවුන් වෙනුවෙන්ම නිමවන ලද උසස් තත්ත්වයේ සැලසුම් සහ සේවාවන් ලබා දීමට හැකිවෙනු ඇති.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වැනි ඉහල කීර්තිනාමයක් සහිත විශ්වසනීය සමාගමක් සමගින් මෙවන් සහයෝගීතාවයකට එළඹීම අපට සතුටක් වන අතර ඔවුන් හදුන්වාදෙන සේවාවන් ඔස්සේ අපගේ පාරිභෝගික ජනතාව හා අප අතර ඇති සබඳතාවයන් වඩාත් ශක්තිමත් වනු ඇතැයි මා විශවාස කරනවා."

මෙම නව සහයෝගීතාවය ඔස්සේ මූලිකව සියලු සැලසුම් සහ සේවාවන් කොළඹ සහ ඒ අවට ශාඛා කාර්යාල වලට හදුන්වා දී ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර පසුකාලීනව ක්‍රමානුකූල අදියරෙන් අදියර සියලු කොමර්ෂල් බැංකු කාර්යාල පුරාවට එම සේවාවන් හදුන්වා දෙනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka

Combank.lk ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස සම්මාන ලබයි

September, 6, 2022

LK ඩොමේන් රෙජිස්ටි‍්‍ර විසින් පැවැත්වූ 2022 BestWeb.lk තරඟාවලියේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය තෝරාගෙන තිබේ.

පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී BestWeb.lk විසින් 12 වන වරටත් පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අදාළ අංශය වෙනුවෙන් ප‍්‍රදානය කළ ඉහළම සම්මානය වන රිදී සම්මානය ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත්විය. මෙම සම්මානයම 2020 වසරේදීත් කොමර්ෂල් බැංකුව ජයග‍්‍රහණය කළ අතර 2017 වසරේදී BestWeb.lk තරගාවලියේදී ලෝකඩ සම්මානයක් ජයග‍්‍රහණය කළේය. මේ වසරේදී ‘බැංකුකරණ සහ මූල්‍ය’ අංශය වෙනුවෙන් රන් සම්මානයක් ලබා නොදුන් අතර ලබාදුන් ඉහළම සම්මානය වූයේ රිදී සම්මානයයි.

පසුගිය වසරේදී නවාංග එක් කරමින් www.combank.lk වෙබ් අඩවිය අළුතින් එළි දැක්වූ අතර අන්තර්ගතයන් භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම, ක‍්‍රියාකාරී මල්ටිමීඩියා උපකරණ සමග පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස වෙබ් අඩවිය සකස් කිරීම, සර්ච් කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම, ලබාදී තිබෙන තොරතුරු වැඩි කිරීම මෙම නවාංග අතරට ඇතුළත් වේ. මෙම සම්මානය ජයග‍්‍රහණය කිරීමට මෙම වැඩිදියුණු කිරීම ඉවහල් වූ බව බැංකුව සඳහන් කරයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සමාගමක් සමග ගැනුම්කරුවෙකුගේ පළමු සම්බන්ධය බොහෝ දුරට වෙබ් අඩවිය විය හැකි වකවානුවක, වෙබ් අඩවියේ පෙනුම මෙන්ම අන්තර්ගතය ඉතාමත් වැදගත් වෙනවා. එහිදී, වෙබ් අඩවියෙන් ලබා දෙන සේවා සහ භාවිතා කිරීමේ විකල්ප බැංකු සේවකයන්ගේ ස්ථානය ගන්නවා. ඩිජිටල් අවකාශය තුළ ඇතිවෙමින් තිබෙන පෙරළිය පිළිබඳව කොමර්ෂල් බැංකුව බොහෝ අවධානයකින් සහ දැනුවත්භාවයකින් කටයුතු කරනවා. මේ නිසා, පාරිභෝගිකයින්ට ඩිජිටල් පහසුකම්, වෙබ් අඩවිය සහ තාක්ෂණය තුළින් ලබාදෙන සේවාවන් බැංකුව විසින් අඛණ්ඩවම වර්ධනය කරමින් සිටිනවා. මෙම නවතම සම්මානය මගින් නැවත වරක් බැංකු අංශයේ තාක්ෂණය පදනම් කරගත් පහසුව ලබාදීමේ නායකයා ලෙස කොමර්ෂල් බැංකුව අත්කරගෙන තිබෙන ස්ථානය යළි යළිත් තහවුරු කරනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී - අලෙවිකරණ, ඉරෝෂා වෙත්තසිංහ මහත්මිය (මැද) එක්ස්ප‍්‍රස් පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය ප‍්‍රධානී, එස්. රමේෂ් කුමාර් මහතා අතින් සම්මානය ලබාගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ වෙබ් නිර්මාණකාරිනී, ශ්‍යාමලී අමරසේන මහත්මිය සහ ඩිජිටල් අලෙවිකරණ නිළධාරී ගයාන් පුංචිහේවා මහතා සහ LK ඩොමේන් රෙජිස්ටි‍්‍ර හි හවුල්කාරීත්ව කළමනාකාරිනී, නිරෝජා ජයවර්ධන මහත්මිය සහභාගී විය.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • CSR
  • SME Banking
  • sri lanka

සමාජ සත්කාරක ව්‍යාපෘති සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය සඳහා මෙරට වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස යුරෝමනි කොමර්ෂල් බැංකුව තෝරාගනී

September, 2, 2022

කීර්තිමත් යුරෝමනි සඟරාව විසින් පැවැත්වූ 2022 වෙළෙඳපොළ නායකයින් ඇගයීමේ වැඩසටහනේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය වෙනුවෙන් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන ‘ආයෝජන බැංකුකරණය’ සහ ‘ඩිජිටල් විසඳුම්’ වෙනුවෙන්ද ඉහළම ඇගයීමක් ලබාදීම කැපී පෙනේ.

මෙම සමාරම්භක සම්මාන වැඩසටහනේදී මෙම අංශ හතරට අදාළව බැංකුවේ සාර්ථකත්වය ජාතික මට්ටමෙන් ඇගයීමට ලක්කර තිබෙන අතර යුරෝමනී සඟරාව විසින් දැනටමත් ප‍්‍රදානය කරන යුරෝමනී සහ ඒෂියාමනී සම්මානවලට අමතරව මෙම සම්මාන වැඩසටහන ආරම්භ කර තිබේ.

‘මේ ආකාරයේ ඇගයීමේ වැඩසටහනක් ඉතාමත් ආකර්ශනීයයි. ඒකට හේතුව වන්නේ සම්මාන ලබාදීමේදී සිදුකරන ඇගයීමකට වඩා ඔබ්බට වර්ගීකරණය කිරීමේ ක‍්‍රමවේදයක් මෙහිදී භාවිතා කිරීමයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘මෙහිදී, බහුවිධ ආයතන වලට විවිධ කාර්යසාධන අංශ වලින් ශ්‍රේණිගත වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ තුළින් අඩු මට්ටමක වර්ගීකරණයක් ලැබූ ආයතනවලට ඉහළ වර්ගීකරණයක් කරා යෑමට දිරියක් ලබාදෙනවා. සමාජ සත්කාරක ව්‍යාපෘති සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය යන අංශ වලින් ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස නම් වීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. මෙම අංශ දෙකට කොමර්ෂල් බැංකුව ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබා දෙනවා.’

මෙහිදී, කොමර්ෂල් බැංකුවට 2021 වසරේදී සිදුකළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රජා, සංස්කෘතික සහ ජාතික උරුමය මෙන්ම පාරිසරික ව්‍යාපෘති 600 කට වැඩි සංඛ්‍යාවක් ඇගයීමෙන් පසුව සමාජ සත්කාරක ව්‍යාපෘති යන අංශයේ ‘වෙළෙඳපොළ ප‍්‍රමුඛයා’ යන වර්ගීකරණය ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුව විසින් ‘බිස් ලෝන්’ සහ ‘ඇග‍්‍රි ගෝල්ඞ් ලෝන්’ යන ණය පහසුකම් මගින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතාවය නැංවීමේ වැඩසටහන් මගින්, ව්‍යවසායිකාවන්ට සහයෝගය ලබාදීමේ වැඩසටහන් මගින්, අඛණ්ඩවම ‘බෑන්ක් ඔන් වීල්ස්’ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම මගින් සහ කොවිඞ්-19 සහාය ණය ලබාදීම මගින් දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යපාරික ක්ෂේත‍්‍රය නගා සිටුවීමට සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම වර්ගීකරණයේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණයේදී වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස නම් කර තිබේ.

බැංකුව විසින් පාරිභෝගිකයින්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වර්ධනය කිරීම වෙනුවන් හඳුන්වා දුන් නව්‍ය වූ ඇප්, පහසුකම් සහ පද්ධති ඇගයීමට ලක්කරමින් මෙහිදී එම අංශ සඳහා ඉහළම ඇගයීමක් ලබාදී තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් සිදුකර තිබෙන ප‍්‍රධාන ආයෝජන බැංකුකරණ ව්‍යාපෘති අතරට ප‍්‍රමුඛ ලයිස්තුගත සමාගමක් සඳහා රුපියල් බිලියන 10 ක ණය සම්පාදනය කිරීම, සෞඛ්‍ය අංශයේ සිටින පාරිභෝගිකයෙකුට රුපියල් බිලියන 02 ක මූල්‍ය පහසුකම් ලබාදීම, මෙගාවොට් 08 ක විදුලිය ධාරිතාවයක් උත්පාදනය කිරීමට හැකි පොලොව මත සිදුකරන සූර්ය විදුලි ව්‍යාපෘති හතරක් සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම 2021 වසරේදී කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුව මගින් රුපියල් බිලියන 8.595 ක අරමුදල් රැස්කිරීම ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.