• Apparel
  • export
  • sri lanka
  • අද දෙරණ
  • අපනයන
  • ආදායම
  • ඇඟලුම්
  • බිස්නස්
  • ශ්‍රී ලංකා

ගෝලීය ඉල්ලුම පහළට. ඇඟලුම් අපනයන ආදායම 8.3% කින් බසී

January, 10, 2023

2022 වසරේ නොවැම්බර් මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 15.4කින් පහළ ගියේය.

මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදිතවල අපනයන ඉපැයීම් සමස්තයක් ‌ලෙස පහළ යෑම හේතු විය.

ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම සියයට 8.3කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) පහළ ගියේය.

ඒ අනුව බොහෝ ප්‍රධාන වෙළෙඳපොළ (එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) වෙත සිදු කළ ඇඟලුම් අපනයන පහළ යෑම් වාර්තා කළේය.

2022 ‌නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ‌ඩොලර් මිලියන 417.8 ක් වූ අතර 2021 නොවැම්බර් මාසයේ දී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 455.4 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • export
  • sri lanka
  • Trailoka Vijaya Patra

‘ත්‍රෛලෝක විජය පත්‍ර‘ අපනයනයට යෝජනාවක්

November, 14, 2022

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතු යැයි මා යෝජනා කරනවා.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා.

  • Ada Derana BIZ Sinhala
  • export
  • online session
  • sri lanka

රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක්

November, 1, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන (Rubber based Products) අංශයේ අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක් (Webinar) 2022 නොවැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙම අන්තර්ජාල සැසිය ඔස්සේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් හා නව ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදීමට අදහස් කෙරේ.

එහිදී මෙම ක්ෂේත්‍රයේ ගෝලීය රබර් ආශ්‍රිත කර්මාන්තයේ වෙළඳපොළ සහ ප්‍රවණතා, ගෝලීය අපනයන අංශයේ සංඛ්‍යා දත්ත, වර්තමාන අපනයන භූ දර්ශනය, අපනයන විභවතා, තරගකාරී වෙළඳපොළ, නියාමනය සහ වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන, එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ  කාර්මික නිෂ්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී. එල්. සුසන්ත ප්‍රේමරත්න මහතා විසිනි.

සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. 2022 නොවැබම්බර් 08 වන දිනයෙන් ලියාපදිංචි කිරීම අවසන් වේ. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ https://www.edb.gov.lk/event/exportmarkets යන වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. අපනයන ප්‍රවර්ධන නිලධාරිනී නිපුණි මුණසිංහ මහත්මිය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය - nipuni@edb.gov.lk / Tel: 0112300716