January, 18, 2023
ව්යාපාරික කේන්ද්රස්ථානයක් වූ බොරැල්ල ප්රදේශයේ රන් ණය සේවා සඳහා වැඩිවන ඉල්ලූමට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 හි පිහිටි සිය බොරැල්ල ශාඛාවේ දී නවතම රන් ණය මධ්යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය.
බොරැල්ල ප්රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan, සහ VIP Gold Loan ඇතුළු සමාගමේ නව්ය රන් ණය සේවා සමඟ එක්වීමට හැකියාව ලබා දීම සඳහා නව රන් ණය ඒකකය හඳුන්වා දෙන ලදී. රන් ණය ක්ෂේත්රයේ රන් පවුමක් සඳහා ඉහළම මුදල ලබාදෙමින් තරගකාරී පොළී අනුපාතයක් යටතේ ඉතා ඉක්මනින් සේවාවන් සලසා ගැනීමටත්, සහනදායී ගෙවීම් ක්රම තුළින් රන් ණය පියවීමට අවශ්ය පහසුකම් සැලසීමත්, HNB FINANCE රන් ණය සේවාවේ විශේෂත්වයන් ලෙස හැඳින්විය හැකග එමෙන්ම කිසිම අවස්ථාවක ලේඛන ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් සමාගම විසින් අය නොකරයි.
"අපගේ බොරැල්ල ශාඛාවේ නව රන් ණය මධ්යස්ථානයක් හඳුන්වාදීමත් සමඟ ප්රදේශයේ සහ ඒ අවට සිටින ගනුදෙනුකරුවන්ගෙන් විශාල පිරිසකට බාධාවකින් තොරව රන් ණය සහ ඒ ආශ්රිත සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට ඒ ඒ පුද්ගලයාට සුදුසු පරිදි සහතික කළ සේවාවක් සැපයීම සඳහා කැපවීම අපේ බලාපොරොත්තුවයි.” යනුවෙන් HNB FINANCE සහකාර සාමාන්යාධිකාරි - රන් ණය, ලක්ෂ්මන් රණසිංහ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ රන් මිල දිගින් දිගටම ඉහළ යද්දී, බොහෝ පුරවැසියන් රන් භාණ්ඩ මිලදී ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. මෙම සන්දර්භය තුළ HNB FINANCE හි ,"Gold Plan (රන් ණය සැලසුම්)” මඟින් වාරික වශයෙන් ගෙවීමෙන් තමන් කැමති රන් ආභරණ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම විශේෂත්වයකි.
තම රන් භාණ්ඩ වලට අමතරව මුදල් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් සඳහා HNB FINANCE හි "VIP රන් ණය” යෝජනා ක්රමය සැලසුම් කර ඇත්තේ ඕනෑම ව්යාපාරයකට හෝ පුද්ගලයෙකුට ඒ ඒ පුද්ගලයාට සුදුසු රැකවරණයක් සහිතව උපරිම වටිනාකමක් ගෙන ඒමටය.
මෙම යෝජනා ක්රමය යටතේ ණයක් සඳහා ඉල්ලූම් කරන පාරිභෝගිකයින්ට ප්රමුඛතා පදනමක් මත මූල්ය සේවා සපයනු ලබන අතර ඔවුන්ගේ පහසුව අනුව ක්රියාවලිය සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් සඳහා ඔවුන්ට වඩාත් ගැලපෙන සුදුසු සේවා ඇතුළුව, HNB FINANCE හි පූර්ණ සහාය සහ මගපෙන්විම සිදු කරනු ඇත.
November, 1, 2022
ඕස්ට්රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරග උණුසුම මධ්යයෙහි ක්රීඩාලෝලීන්ට වටිනා ත්යාග දිනා ගැනිමේ අවස්ථාවක් ලබා දීමට මෙරට ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC කටයුතු කර ඇත.
‘HNB FINANCE Cricket Fever’, ලෙස නම් කර ඇති මෙම තරගයට සහභාගී වී ජයග්රහනය ලබා ගන්නා ක්රීඩාලෝලීන්ට ක්රිකට් ජර්සි, ඇතුළුව HNB FINANCE වෙතින් ලබා දෙන සුවිශේෂී ත්යාග දිනා ගත හැකිවේ.
HNB FINANCE සමාජ මාධ්ය ජාලයෙහි පළ වී ඇති අදාළ පොස්ටුවේ සඳහන් වන link එක හරහා ‘HNB FINANCE Cricket Fever තරගයට ඇතුළු විය හැකි අතර තරගයට ඇතුල් වන්නන් අතුරින් කුසපත් ඇදීමෙන් ජයග්රාහකයින් තෝරා ගැනීමට නියමිතය. තරගය සමගින් එක්වීමේ කාලය ඔක්තොම්බර් 22 වන දින සිට නොවැම්බර් 13 වන දින දක්වා වේ. ජයග්රාහකයින් නොවැම්බර් 13වන දිනෙන් අනතුරුව HNB FINANCE හි සමාජ මාධ්ය ජාලය තුළින් ප්රකාශයට පත්කෙරෙනු ඇත. මෙම තරගයට අදාළ නවතම තොරතුරු HNB FINANCE හි Facebook, Instagram, YouTube, Twitter, TikTok සහ Linkedin සමාජ මාධ්ය ජාලා වෙත පිවිස දැනගත හැකි වන අතර තරගය සදහා ප්රවිශ්ඨ වන Link එක හිතවතුන් හා හුවමාරු කර ගැනීමෙන් වැඩි දෙනෙකුට HNB FINANCE Cricket Fever තරගාවලිය සමග එක් විය හැකි බව HNB FINANCE පවසා සිටී.
‘අපගේ පාරිභෝගිකයින් වෙත වඩාත් නව්ය අවස්ථාවන් හිමිකර දෙමින් ඔවුන් හා සම්බන්ධ වීමට අපි නිරතුරුව කටයුතු කර තිබෙනවා. හැම විටම පාරිභෝගිකයින් සමග ඵලදායී සම්බන්ධයක් පවත්වා ගැනීම අපගේ අභිප්රාය වන අතර ඒ සඳහා සෑම විටම කටයුතු කර තිබෙනවා. සමාජ ජාලා ඔස්සේ සිදු කරන ප්රවර්ධන සහ අලෙවිකරණ වැඩසටහන් තුළින් ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටින අතර සැම විටම නව්ය සහ විවිධාංගීකරනයෙන් යුතු තරග සහ ප්රවර්ධන වැඩසටහන් අපගේ පාරිභෝගිකයින්ට හඳුන්වා දීම තුළින් සමාජ මාධ්ය ජාලා ඔස්සේ විශාල පාරිභෝගික සමාජයක් ගොඩනංවා ගැනීමට HNB FINANCE සමත් වී සිටිනවා” යනුවෙන් හි අලෙවි ප්රධානී උදාර ගුණසිංහ මහතා පැවසීය.
September, 26, 2022
ඡායාරූප ශිල්පයේ කලාත්මක වටිනාකම, ශිල්පීය වැදගත්කම, විද්යාත්මක බව සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගනිමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC විසින් පසුගියදා ජාත්යන්තර ඡායාරූප දිනයට සමගාමීව සමාජ මාධ්ය ජාලය හරහා තරගයක් පවත්වන ලදි.
මෙම තරගය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC අලෙවි ප්රධානී උදාර ගුණසිංහ මහතා ”අපගේ ගනුදෙනුකරුවන්ට උසස් මූල්ය සේවාවක් සහතික කිරීමට අප කටයුතු කරන අතරම ජීවිතයේ වැදගත් අවස්ථා අත්විදීමටද අවස්ථාව ලබාදෙනවා. මෙවර ජාත්යන්තර ඡුායාරූප දිනයට සමගාමීව සංවිධානය කළ මෙම තරඟාවලිය තුළින් අප බලාපොරොත්තු වුණේ වැදගත් අවස්ථා ඡුායාරූපගත කළ ඔබට ත්යාග දිනා ගැනීමට අවස්ථාවක් උදාකර දීමයි.”
තරඟයට ඇතුළත් වීම සඳහා සහභාගිවන්නන් HNB FINANCE හි Facebook සහ Instagram ගිණුම් වෙත පිවිස එහි උපදෙස් පරිදි තරගයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලදි. ඕනෑම අයෙකුට DSLR කැමරාවක් හෝ දුරකථන කැමරාවක් හරහා තම කැමැත්ත මත හෝ වෘත්තීයමය වශයෙන් අහඹු ලෙස ලබා ගත් පවුලේ අය සමඟ ගතකල විශේෂ අවස්ථාවක් හෝ ත්රාසජනක මොහොතක් සහිත ඡුායාරූප මේ සඳහා ඉදිරිපත් කළ හැකි විය.
තරඟය 2022 අගෝස්තු 18 වන දින අවසන් වූ අතර ජයග්රාහකයින් 2022 අගෝස්තු 19 වන දින ප්රකාශයට පත් කළේය. ඒ අනුව නිර්මාණශීලීත්වය සහ එක් ඡායාරූපයක් වෙනුවෙන් ඔවුන් දැක්වූ කුසලතාව සහ දායකත්වය මත පදනම්ව ජයග්රාහකයින් තෝරා ඔවුන්ට වටිනා ත්යාග පිරිනමන ලදී.

September, 7, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 13 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මොරටුව රාවතාවත්ත ශ්රී වාචිස්සර භාවනා මධ්යස්ථානයේ දී පැවැත්විණි.
HNB FINANCE මොරටුව ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම උදාර කටයුත්ත ශාඛා කළමනාකරු ක්රිෂාන් ප්රනාන්දු මහතාගේ නායකත්වයෙන් ඔහුගේ කණ්ඩායම සහ HNB FINANCE හි සහෝදර සේවකයින්ගේ සංවිධාන ශක්තියෙන් පැවැත්විණ.
“වත්මන් වාතාවරණය තුළ ඖෂධ හිඟය, සෞඛ්ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වීම සහ රුධිර අවශ්යතා ඇති රෝගීන්ට රුධිර පාරවිලයනය සඳහා රුධිරය හිඟවීම හේතුවෙන් සෞඛ්ය ක්ෂේත්රය අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටිනවා. මෙම වැඩසටහන ඇතුළුව අප සංවිධානය කරන අනෙකුත් සමාජ සේවා හරහා ප්රාදේශීය සෞඛ්ය ක්ෂේත්රයට අත්වැලක් වන්නට හැකි බව අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ දී රුධිරය ලබා දීමට සහාය වීමෙන් අසාධ්ය රෝගීන්ගේ ජීවිත බේරාගෙන ජනතාවගේ සෞඛ්ය යහපැවැත්ම සහතික කළ හැකියි යන්න අපිට විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE PLC හි සහකාර සාමාන්යාධිකාරී පැතුම් සම්පත් කුරේ මහතා පැවසුවේය.
ස්වකැමැත්තෙන්ම රුධිරය පරිත්යාග කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වූ අතර බොරලැස්ගමුව වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විද්යාපීඨ විශ්වවිද්යාල රෝහල ( KDU ) සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවාව ^NBTS& සඳහා මෙම රුධිරය පරිත්යාග කරන ලදි.
කොතලාවල ආරක්ෂක විද්යාපීඨ විශ්වවිද්යාල රෝහලෙහි වෛද්යවරුන් සහ කාර්ය මණ්ඩල සහාය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. එපමණක් නොව මෙහිදී රුධිරය පරිත්යාගකල පිරිස සඳහා ආහාරපාන ලබා දුන් අතර හරිතවත් හෙටක් වෙනුවෙන් වූ සමාගමේ සමාජ වගකීම ඉටුකරමින් මෙම පරිත්යාගශීලීන්ට ගෙවත්තෙහි රෝපණය කිරීම සදහා එළවළු පැල බෙදාදීමක්ද සිදුකරන ලදි.
HNB FINANCE ආරම්භයේ සිටම ප්රජා දායකත්වය සහ සමාජ වගකීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන ලදි. එපමණක් නොව බාධාවකින් තොරව සහ පාරිභෝගිකයා කේන්ද්ර කරගත් මූල්ය සේවාවන් සැපයීමට සමාගම මූලිකත්වය ගන්නා අතරම ජනතාවගේ යහපැවැත්ම නඟාසිටුවීමට සහ සමාජ සේවා වැඩසටහන් දියත් කිරීමට ද පෙරමුණ ගෙන කටයුතු කරයි.

August, 24, 2022
නාවලපිටිය හා ඒ ආශ්රිත ප්රදේශයන් හි ඇති වූ ගංවතුර තත්වයෙන් විපතට පත් වූවන්ට ආහාර හා අනෙකුත් අත්යාවශ්ය ද්රව්ය පරිත්යාග කිරීමට HNB FINANCE හි නාවලපිටිය ශාඛාව පසුගිය අගෝස්තු 5 වන දින විශේෂ වැඩසටහනක් දියත් කළේය.
මෙහිදී නාවලපිටිය ශාඛා කාර්යමණ්ඩලයේ සියලූ දෙනාගේ ශ්රම දායකත්වය මත පිසූ ආහාර පාර්සල් 500ක්, වියළි ආහාර ද්රව්ය, ඇඳුම් සහ අත්යාවශ්ය සනීපාරක්ෂක ද්රව්ය විපතට පත්වූවන් වෙත කඩිනමින් ලබා දීමට කටයුතු කරනු ලැබීය.
"අඛණ්ඩව දින කිහිපයක් ඇදහැලූනු ධාරානිපාත වර්ෂාවෙන් නාවලපිටිය ප්රදේශයේ වතු සහ නගර ආශ්රිත නිවාසයන් හි ජීවත් වූ ඇතැමෙක්ට දිවි අහිමි වූ අතර විශාල පිරිසකගේ නිවාසවලට දැඩි අලාභ හානී සිදු වුණා. මේ තත්වය හමුවේ කඩිනම්ව ප්රතිචාර දැක්වූ HNB FINANCE නාවලපිටිය ශාඛාවේ අපගේ සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ප්රණාමය පුදකරනවා. ආයතනයක් ලෙස ජීවිත නංවාලීම අපේ අරමුණ වන අතර විශේෂයෙන් මෙබඳු විපතකදී ප්රදේශයේ ජනතාව අත්නොහරිමින් ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි උපරිම මෙහෙවර ඉටු කිරීමට අපි කවදත් උත්සුක වුණා.” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
ආරම්භයේ සිටම HNB FINANCE සමාගම ප්රජා වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර HNB FINANCE සමාගමේ දර්ශනයට අනුව පාරිභෝගිකයා පදනම් කර ගත් මූල්ය සේවා ලබා දෙමින් පුද්ගලයින් සහ ප්රජාවගේ ජීවිත ගොඩනැංවීමේ දිගු කාලීන අරමුණ වෙත කැපවී සිටි.
August, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සිය 12වන වාර්ෂික මහ සභා රැස්වීම මෙවරත් දෙමුහුන් රැස්වීමක් ලෙසට පවත්වනු ලැබීය. ඡූලි 26වන දින නාවල ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරයෙහි පැවති මෙම රැස්වීම සඳහා HNB FINANCE PLC හි සභාපති, අධ්යක්ෂ මණ්ඩල සමාජිකයින්, ඉදිරි පෙල කළමනාකාරීත්ව, විගණන සමාජිකයින්, නීති උපදේශකවරු,සහ සමාගම් ලේකම් සහභාගී වූ අතර පසුගිය වසර දෙකෙහිම සිදු වූ පරිදි සමාගමේ සෙසු කොටස් හිමියන් සජීව ලෙසින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය.
කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්ය බලධාරීන් විසින් පනවා තිබූ මාර්ගෝපදේශයන් මේ වන විට ලිහිල් කර තිබුණ ද HNB FINANCE PLC හි 12වන මහ සභා රැස්වීම සඳහා ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරයට පැමිණි පිරිසගේ සෞඛ්යාරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් ප්රශස්ත සෞඛ්යාරක්ෂිත පිළිවෙත්වලට අනුව සිය 12වන මහා සභා රැස්වීම පැවැත්වීමට HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.
HNB FINANCE මහසභා රැස්වීම සඳහා අන්තර්ජාලයෙන් සහ ප්රධාන කාර්යාලයේදී සහභාගී සියලු දෙනාට න්යාය පත්රයේ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වීමට සහ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර ඡන්ද විමසීම් වල ප්රතිඵල සහ කොටස් හිමියන්ගේ යෝජනා සම්මතයන් නිසි පරිදි අන්තර්ජාල තිරය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.
න්යාය පත්රයෙහි ප්රධාන කරුණුවලට අමතරව කොටස් හිමියන් සහ එම අවස්ථාවට සහභාගීවූවන් විසින් නැගූ ප්රශ්න සඳහා HNB FINANCE PLC හි සභාපති ඩිල්ශාන් රොඩ්රිගෝ සහ කළමණාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් යන මහත්වරැන් විසින් පිළිතුරු ලබා දෙන ලදි.
July, 19, 2022
වෙසක් පොහෝ දිනය නිමිති කරගනිමින් HNB FINANCE මෙත්බර කතන්දර නමින් නව වැඩසටහනක් සිය ඩිජිටල් මාධ්යයන් ඔස්සේ දියත් කළ අතර මෙම වැඩසටහන හා එක්වෙමින් ආදර්ශවත් කෙටි කතාන්දරයක් නිර්මාණය කළ නිර්මාණකරුවන් අතුරින් කුමාරි මොල්ලිගොඩ හේරත් මහත්මිය විසින් රචනා කළ කෙටි කථාවට පළමුවන ස්ථානය හිමිවිය.
වෙසක් පොහොය නිමිති කර ගෙන ඩිජිටල් මාධ්ය භාවිතා කරගනිමින් HNB FINANCE විසින් සිදුකළ “මෙත්බර කතන්දර” වැඩසටහන සමාගමේ පළමු වෙසක් ඩිජිටල් වැඩසටහන ලෙස නම්කළ හැක. HNB FINANCE විසින් වාර්ෂිකව සිදුකරන අපේ ගෙදර අවුරුදු මෙන්ම “මෙත්බර කතන්දර” ප්රවර්ධන වැඩසටහන සඳහා විශාල පාරිභෝගික පිරිසකගේ සහභාගීත්වයක් හිමි වූ අතර ඔවුන් විසින් එවූ නිර්මාන අතරින් විශිෂ්ට නිර්මාණ තෝරාගෙන ජයග්රාහකයින්ට හිමි ත්යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලද අතර පළමු ස්ථානය දිනාගන්නා ලද නිර්මාණය විසිතුරු ග්රැෆික් වීඩියෝ නිර්මාණයක් ලෙස HNB FINANCE හි සමාජ මාධ්යයෙහි පළ කරන ලදි.
මේ පිළිබඳව අදහස් දක්වන HNB FINANCE හි අලෙවි අංශ ප්රධානී උදාර ගුණසිංහ මහතා “ විශේෂ සැමරුම් දිනයන් නිමිති කරගනිමින් සමාගම විසින් දියත් කරනු ලබන ඩිජිටල් වැඩසටහන් මාලාවක තවත් එක් නවමු පියවරක් ලෙස “HNB FINANCE මෙත්බර කතන්දර” වැඩසටහන හැඳින්විය හැකි අතර මෙවර වෙසක් උත්සවය නිමිති කරගනිමින් මෙම විශේෂ වැඩසටහන දියත් කරනු ලැබුවා. වෙසක් දිනයෙහි හරයත් බෞද්ධ දර්ශනයෙහි වටිනාකම් සිහිපත් කරලීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වුනා. ” යනුවෙන් පැවසීය.
July, 5, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සිය ග්රාමීය අධ්යාපනය නැංවීමේ වැඩ පිළිවෙල යටතේ දුෂ්කර පාසලක් වන අම්පාර දිස්ත්රික්කයේ වඩිනාගල විද්යාලයේ සිසුසිසුවියන්ගේ පරිහරණය සඳහා පරිගණකයක් ඇතුළු උපාංග සහ පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්යාගයක් පසුගියදා සිදුකරනු ලැබීය.
සමාජයට වගකියන මූල්ය ආයතනයක් ලෙස HNB FINANCE සමාගම ‘මෙහෙවර’ ආයතනික සමාජ වගකීම් ප්රවේශය හරහා අධ්යාපනය, සෞඛ්ය හා සනීපාරක්ෂාව, නිවාස මෙන්ම ජීවනෝපාය සංවර්ධනය ආදී ක්ෂේත්රයන්හි උන්නතිය සඳහා කටයුතු කරමින් සමාජය සවිබල ගැන්වීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටී.
“විවිධ වූ සමාජ අවශ්යතාවන් ඉටුකරමින් පිළිසරණක් අවශ්ය ප්රජාව සවිබල ගැන්වීම සඳහා HNB FINANCE PLC විශාල සේවාවක් පසුගිය කාලය පුරාම ඉටුකර තිබෙනවා. එමෙන්ම වරප්රසාද අඩු ග්රාමීය පාසල්වල අධ්යාපන ක්ෂේත්රයේ යටිතල පහසුකම් නැංවීම සඳහා අඛණ්ඩව සිදුකරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අම්පාර දිස්ත්රික්කයේ වඩිනාගල පාසල මූලික කරගෙන ක්රියාත්මක කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා.මෙම සද්කාර්ය සිදුකිරීමේදී තර්ස්ටන් විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය(2019 -2022) සහ එම සංගමයේ ජ්යෙෂ්ඨ උපසභාපති නොයෙල් ජෝෂප් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පසුගිය කාලවකවානුව තුළදී කෝවිඩ් වසංගතය අතරතුරදී පවා ප්රජාව සවිබල ගැන්වීමට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට අපි පියවර ගනු ලැබුවේ එය අපගේ සමාජ වගකීමක් ලෙස සලකන නිසයි.”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
Video Story