January, 10, 2023
මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි පිරිසැලසුමට අනුව ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන්ට අදාළ ව්යාපාරික අවස්ථාවන්ද ක්රියාත්මක කරමින් බහුකාර්ය ව්යාපාරිත මධ්යස්ථානයක් බවට එකී ගුවන්තොටුපොළ පරිවර්තනය කිරීමේ විභවයක් පවතී.
එබැවින් රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන අවස්ථා ඇති කිරීම මඟින් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළට අදාළ පහසුකම හා වත්කම් ඵලදායී අයුරින් භාවිත කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.
ඒ අනුව ගගන- යාත්රික සහ ගගන - යාත්රික නොවන ව්යාපාරයන් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්කොටුපොළ තුළ සිදුකිරීම සඳහා සෘජු සහ වක්ර වශයෙන් ගුවන්සේවා ආශ්රිත ව්යවසායන් හි නියුත් ආයෝජකයින්ගෙන් සහ ක්රමෝපායික ව්යවසායකයින්ගෙන් අභිලාෂ ප්රකාශ කිරීම් කැඳවීම පිණිස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්යවරයා ඉදිරඅිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
December, 21, 2022
බොහෝ විට පවතින වාතාවරණය හමුවේ මෙරට සමාගම්වල කඩා වැටීමක් සිදුවුවහොත් ආයෝජකයින්ට යම් පියවරක් ගැනීමට සිදුවන බවත්, ඔවුන් මේ වන විට ඉතාමත් ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් වන අප්රිකානු කලාපය වෙත විතැන් විය හැකි බවත්, නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයින්ගේ සංගමයේ ප්රධාන ලේකම් ධම්මික ප්රනාන්දු මහතා පවසයි.
“මේ වෙන කොට ඉතාම ආකර්ෂණීයම ආයෝජන ගමනාන්තය බවට අප්රිකානු උප සහරා කලාපය පත්ව තිබෙනවා. මේ කලාපයට යන්න ඕන තරම් ආයෝජකයෝ බලා ගෙන ඉන්නවා. අපේ රටවල්වලට වඩා ගොඩාක් පහසුකම්, ඒ වගේම මිල අඩුවෙන් නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්.“
November, 29, 2022
ඊයේ (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 161.88 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,309.94 ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 74.58 ක හෙවත් 2.94% ක වර්ධනයක් ඊයේ දිනයේ දී වාර්තා කර තිබුණු අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 2,612.76 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. බිලියන 2.45 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් හා දේශීය විකිණුම් රු. බිලියන 2.42 බැගින් සටහන්ව තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් මෙහිදී විදේශීය ආයෝජකයින්ගේ දුර්වල සහභාගීත්වය තවදුරටත් සනිටුහන් කරමින් විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 29.33 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 29.47 ක් ලෙසින් සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC හෝල්ඩිංග්ස්, හේලීස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

October, 19, 2022
දශක හතරක් පුරා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ගනුදෙනු කිරීමේ අත්දැකීම් මුල් කොට ගෙන ආයෝජකයන්ගේ අවශ්යතා මනාව අවබෝධ කොටගෙන ඔවුන්ට අවශ්ය කරන පහසුකම් සැලසීමේ මධ්යස්ථානයක් ආයෝජන මණ්ඩලයේ මේ වන විට ස්ථාපිත කර ඇත.
මෙය ලෝක වෙළෙඳ මධ්යස්ථානයේ බටහිර කුළුණෙහි 27වන මහලෙහි ස්ථාපිත කර තිබේ.
මෙමඟින් ආයෝජන අනුමැතිය විධිමත් කරන අතරම ආයෝජකයන්ට කාර්යක්ෂම සහ බාධාවකින් තොරව තම ආයෝජන ක්රියාවලිය සඳහා නියෝජිත ආයතන සම්බන්ධීකරණ ක්රියාවලිය ශක්තිමත්ව සිදුකර ගැනීමට අවකාශ සලසා ඇත.
ආයෝජකයින්ට තොරතුරු සැපයීමේ අංශය, අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අංශය, ආයෝජන අන්තර් නියෝජිත ආයතන, ඉංජිනේරු අනුමැතිය, පරිසර සහ නීති දෙපාර්තමේන්තු යන අංශවලින් මෙම ආයෝජන පහසුකම් මධ්යස්ථානය සමන්විත වේ.
සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී සහ ඳරවා ගැනීමේදී ඳහුනාගෙන ඇති ප්රදාන බාධාවක් වන්නේ ආයෝජන අනුමැතියන් ලබාදීමේ ප්රමාදයන් සහ ආයෝජකයන්ට දැරීමට සිදුවන අනවශ්ය වියදම්ය. සාමාන්යයෙන් ශ්රී ලංකාව තුල මෙහෙයුම් සිථාපිත කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට රේඛීය ආයතන විශාල සංඛ්යාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වී ඇත.
විදේශ ආයෝජකයා තම ආයෝජන ව්යාපෘතිය අනුමත කර ගැනීම ඳසහා විවිධ රේඛීය ආයතන ඳසහා ගමන් කිරීමටත් විවිධ අංශ වෙත යොමු වීමටත් සමස්ථ ආයෝජනයන් අනුමත කර ගැනීමේ ක්රියාවලිය ඉතා දීර්ඝ හා කාලය වැයවන ක්රියා පටිපාටියක් වී ඇති බව හදුනාගත් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය එහිදී ආයෝජකයන්ගේ කාලය මුදල් කාර්යක්ෂම ලෙස පරිහරනය කිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා තම ආයෝජන මධ්යස්ථානයේ මූලික අරමුණ ලෙස සඳහන් කළ හැක.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්රධාන කාර්යභාරයක් වනුයේ ආයෝජන ක්රියාවලිය හා ක්රමවේදයන් ඩිජිටල්කරණයට ලක් කිරීමයි. මෙහිදී මෙම මධ්යස්ථානය සුවිශේෂි පරිගණක කළ පද්ධතියකින් සමන්විත වේ. මෙමගගින් තම ව්යාපාර අවශ්යතා සඳහා මෙම මධ්යස්ථානය වෙත ලගා විය හැකි ආයෝජකයින් පිළිබඳ තොරතුරු සහ ආයෝජකයින් අයදුම්පත් ඉදිරිපත් කල පසු එම තොරතුරුද ආයෝජන මණ්ඩල කළමණාකරන තොරතුරු පද්ධතිය හා යාවත්කාලීන වේ.
විශේෂයෙන් රේඛීය නියෝජිතා ආයතන අනුමැතිය ලබා ගැනීමේදී සපයන ලද සේවාවන් මත, ආයෝජකයින්ගේ ප්රතිචාර ලබා ගැනීම මගින් මෙම මධ්යස්ථානයේ ක්රියාවලියේ කාර්යක්ෂමතාව සංසන්දනය කිරීම සඳහා කාර්ය සාධන තක්සේරු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කොට ඇත.
Video Story