• Ada Derana BIZ Sinhala
  • HUTCH
  • mGuide
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL mGuide සේවාව දැන් Hutch පාරිභෝගිකයන්ටත්

December, 13, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි.

mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්‍රියාත්මක වන මෙය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ එම උරුමය හා බැඳුණු වැදගත් ස්ථාන පිළිබඳව වටිනා තොරතුරු ජනතාව වෙත පිරිනමයි. එමෙන්ම මේ ඔස්සේ පුරාවිද්‍යාවට අදාළ පුවත් සහ උත්සව ආදිය පිළිබඳ තොරතුරුද ලබාගත හැකි වේ.

මෙම වටිනා සේවාව වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මේ ආකාරයට Hutch සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළේ ය. මෙය ශිෂ්‍යයන් හා සංචාරකයන් ඇතුළුව, පොදුවේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය පිළිබඳව උනන්දු වන කාටත් අතිශයින් වැදගත් වනු ඇත. 888 කෙටි අංකය ඇමතීම මගින් HUTCH පාරිභෝගිකයන්ට දැන් SLT-MOBITEL mGuide සේවාව ලබාගත හැකි වේ.

පසුගිය කාලය තුළ mGuide සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගත් අතර, ඒ අනුව දැන් භාෂා 10 කට අධික සංඛ්‍යාවකින්, ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන 300 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු SLT-MOBITEL mGuide සේවාව ඔස්සේ ලබාගත හැකි වේ.

 

ඡායාරූපය: Hutch (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා (වමේ) සහ Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ) අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL වෙතින් සිම්පත් නැවත සක්‍රීය කරගන්නා පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ

November, 25, 2022

මාස 3 ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile, තම සිම් පත් යළි සක්‍රීය කරගනිමින් SLT-MOBITEL ජාලය සමග නැවත එක්වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3 ක කාලයක් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හිමි වන අතර, මසකට 10GB බැගින් මාස 3 ක් සඳහා 30GB Anytime Data හිමි වේ.

SLT-MOBITEL Mobile මේ වනවිට පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට, දුරකථන සහ අන්තර්ජාල පැකේජ රාශියක් හඳුන්වා දී තබේ.  රාජකාරි කටයුතු, අධ්‍යපන කටයුතු, ක්‍රීඩා, සමාජ මාධ්‍ය භාවිතය, සහ TIKTOK හා Instagram සඳහා විශේෂ සැලසුම් ආදිය මීට ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති සැලසුමක් තෝරාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.

SLT-MOBITEL ජාලයට නැවත සම්බන්ධ වීමට කැමති පාරිභෝගිකයන්ට, 1717 අංකය ඇමතීමෙන් හෝ දිවයින පුරා විසිරුණු SLT-MOBITEL ශාඛා අතරින් තමන් කැමති ශාඛාවක් වෙත පැමිණීමෙන් තම සිම් පත නැවත සක්‍රීය කරගත හැක.

පුළුල් ආවරණයක් සමග විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා, තමන් භාවිතා කරන තාක්ෂණයන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාල වේගයන් පරීක්ෂාවට ලක්කරන ප්‍රමුඛතම ආයතනයක් සහ පරීක්ෂණ යෙදුමක් වන Ookla විසින් අඛණ්ඩව වසර තුනක්  SLT-MOBITEL Mobile මෙරට වේගවත්ම ජංගම දුරකථන ජලය ලෙස නම් කර ඇත. SLT-MOBITEL නිල වෙබ් අඩවිය වන www.sltmobitel.lk  වෙත පිවිසීමෙන් හෝ SLT-MOBITEL නිල සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • mRetail
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL වෙතින් ව්‍යාපාර ඩිජිටල් වශයෙන් සවිබල ගන්වන ‘mRetail’

October, 27, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි.

Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම සේවාව භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ව්‍යාපාර අතරින් එකකි. mRetail මගින් පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස බිල්පත් හා වෙනත් ගෙවීම් සිදුකිරීම සහ, SLT-MOBITEL mCash සේවාව හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම ඇතුළු පහසුකම් රාශියක් ලබාගත හැකි වේ.

mRetail සේවාව ලබාගැනීමේදී හිමි වන පහසුකම් අතරට ක්ලවුඩ් තාක්ෂණය භාවිතා වන POS යන්ත්‍ර, mCash Total Digital Banking Payment Gateway විසඳුම්, සන්නාම ප්‍රවර්ධනය සඳහා central management සහිත ඩිජිටල් දර්ශන තිර සහ පාරිභෝගික ළබැදියාවන් (Loyalty) කළමනාකරණ විසඳුම් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ. එමෙන්ම mRetail සේවාව භාවිතා වන අලෙවිසැල් වලදී SLT-MOBITEL Club Magnet පාරිභෝගිකයන්ට විශේෂ දීමනාද, හිමිවනු ඇත. තවද මෙමගින් සිම්පත් සක්‍රීය කරගැනීමේ ස්වයං-සේවාවක් හරහා පාරිභෝගිකයන්ට ක්ෂණිකව SLT-MOBITEL සම්බන්ධතාව ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.

මේ සියල්ලට අමතරව mRetail භාවිතා කරන පාරිභෝගිකයන්ට කාණ්ඩ මත පදනම් වූ අලෙවිකරණ සේවාවන් සහ mAgents නියෝජිතයන් හරහා සිදුකරන Ecochanelling භාණ්ඩ බෙදා හැරීමේ සේවාවද, ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින මෙවන් අවධියක, එම ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කරන සහ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන තාක්ෂණයන් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කරමින් සිටී.

 

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL, උතුරු පළාතේ පාරිභෝගික සහ ජනතා අවශ්‍යතා හඳුනාගැනීමේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙයි

October, 24, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL උතුරු පළාතේ සිය ගනුදෙනුකරුවන්ගේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා පසුගියදා එම පළාතෙහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

සමාගමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඇතුළුව 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම චාරිකාවට එක්වූ අතර, චාරිකාව පුරාම ඔවුහු පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම ද විශේෂත්වයක් විය. ක්ෂේත්‍ර චාරිකා සඳහා වැයවන පිරිවැය සීමා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙන්ම, ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ දරමින් සිටින මොහොතක සමාගමක් වශයෙන් ලාභදායී ප්‍රවාහන ක්‍රම භාවිතා කිරීමේ ආයතනික සම්ප්‍රදායක් ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි.

මෙම කණ්ඩායම SLT-MOBITEL ගනුදෙනුකරුවන්, සාමාන්‍ය ජනතාව, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයින්, සිසුන් සහ ජනමාධ්‍ය නියෝජනය කරන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙකු හමුවී ඔවුන්ගේ අභිලාෂ පිළිබඳව දැනුවත්භාවයක් ලබාගන්නා ලදි. වර්තමානයේ ඔවුන් මුහුණ දෙමින් සිටින අභියෝග කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී අදහස් දක්වමින් SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, සමූහයේ අනාගත වර්ධන සැලසුම් තුළ උතුරු පළාතට විශේෂ ස්ථානයක් හිමිවන බවයි. “SLT-MOBITEL යනු රටේ දුරකථන සන්නිවේදනයෙහි සහ තාක්ෂණයෙහි ජීවනාලියයි. සමාගම ආරම්භ වූ දා පටන්ම උතුරු පළාතේ ඉංජිනේරුවන් ඊට දායක වී තිබෙනවා. වසර 40කට අධික කාලයක් තිස්සේ අපගේ කාර්ය මණ්ඩලය සහ කාර්යාල උතුරු පළාතේ සිට ක්‍රියාත්මක වෙමින් අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ස්ථාවර සහ විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ලබාදීමට කටයුතු කළා. දිවයිනේ දෙවැනි උසම දුරකථන කුලුන අප පිහිටුවා තිබෙන්නේත් උතුරු පළාත තුළයි. රට පුරා බොහෝ අංශ බලගන්වන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා උතුරු පළාත සහ එහි ජනතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. දැන්, මෙම අභියෝගාත්මක කාලසීමාවේදී, මෙම පළාතේ ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට සහාය වීමට SLT-MOBITEL කළ යුත්තේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස වලදී මෙම පළාතේ තවත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයක නිරත වීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම පළාතේ ජීවත්වන අපගේ සහෝදර සහෝදරියන්ට අත්වැලක් වීමට අපට හැකි සියලුම දේ කිරීමට අප සූදානම්” රොහාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය.

විදුලි සංදේශ සහ තාක්‍ෂණික ජාලය ශක්තිමත් කිරීම සඳහා SLT-MOBITEL කණ්ඩායම සුප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතෙහිද සංචාරයකද නිරත විය. එය, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ සංවර්ධන අභිලාෂවලට ද සමපාත වූ චාරිකාවකි.

ඓතිහාසික, භූගෝලීය හා ක්‍රමෝපායික වශයෙන් වැදගත්වන ඩෙල්ෆ්ට් දිවයින සංචාරක කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පවතී. එසේ කිරීම මගින් දූපතෙහි වෙසෙන 5,000කට අධික පිරිසට මෙන්ම සමස්තයක් ලෙස උතුරු පළාතේ බොහෝ පිරිසකට ප්‍රතිලාභ සැලසෙනු ඇත.

මෙම ක්ෂේත්‍ර චාරිකාව අතරතුර SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම යාපනයේ සිය කාර්යාලවල සේවක සේවිකාවන් සහ ප්‍රාදේශීය කණ්ඩායම් ප්‍රධානීන් හමුවී, එම සේවක සේවිකාවන්ගේ සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සේවා වැඩිදියුණු කළ හැකි ආකාරය සොයා බැලී ය. මෑතකදී SLT-MOBITEL විසින් උතුරු පළාතේ පාරිභෝගිකයන් වෙනුවෙන්ම සැලසුම් කළ, එම පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට වර්තමාන දුෂ්කර ආර්ථික පරිසරය තුළ ප්‍රතිලාභ රාශියක් ලබා දෙන ‘Kalo Kalo’ නම් විශේෂ පැකේජයක් ද හඳුන්වා දෙන ලදි. ඊට අමතරව SLT-MOBITEL එම පළාත වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ තවත් නිෂ්පාදන හා සේවා රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL ජාතික ව්‍යාපාරික නාමාවලිය දැන් වැඩිදියුණු කළ විද්‍යුත් නාමාවලියක් සහ වෙබ් අඩවියක් ලෙසින්

October, 17, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) එහි නවතම යාවත්කාලීන කළ ජාතික විද්‍යුත් ව්‍යාපාරික නාමාවලිය (eDirectory) සහ වෙබ් අඩවිය (Website) එළිදක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම යාවත්කාලීන වූ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාරික නාමාවලිය වන මෙය මෙරට සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරික පාරිභෝගිකයන්ට ද අතිශයින් වැදගත් වනු ඇත. දැනටමත් www.rainbowpages.lk වෙබ් අඩවියට දිනකට 10,000කට අධික පිරිසක් පිවිසෙන අතර, එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශස්තකරණය වූ සෙවුම් යන්ත්‍රය ලෙස සැලකේ.

විශේෂයෙන්ම මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල තහවුරු කරන ලද සම්බන්ධතා තොරතුරු මීට ඇතුළත් වී තිබීම, එම ව්‍යාපාරවලට සහ ගනුදෙනුකරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. Business to Business (B2B) ව්‍යාපාර ඇතුළු සියලුම කාණ්ඩවල ව්‍යාපාරවලට Search Engine Optimization (SEO) සහ Search Engine Marketing (SEM) ක්‍රමවේද භාවිතා කළ හැකි වීම නිසා ඔවුන්ට වැඩි පාරිභෝගික පිරිසක් ආමන්ත්‍රණය කරමින් තම අලෙවිය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබේ.

විද්‍යුත් නාමාවලියෙහි ලියාපදිංචි වී ඇති සියලුම ව්‍යාපාරවලට අමතර සහායක් වශයෙන්, සියලු ආකාරයේ ඩිජිටල් අලෙවිකරණ, වෙබ් සංවර්ධන සහ ප්‍රචාරණ විසඳුම් එකම ස්ථානයකදී ලබාගත හැකිය. මෙම ලැයිස්තුවෙහි ලියාපදිංචි වී සහ ලැයිස්තුගත වී සිටින ව්‍යාපාරවලට රජයේ ටෙන්ඩර් සඳහා ද සැපයුම්කරුවන් ලෙස ඉදිරිපත් විය හැක. මෙම ව්‍යාපාර මහා භාණ්ඩාගාරයේ අනුමත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකනු ලබන නිසා, මධ්‍යගත රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතුවලට දායක වීමට ඔවුන්ට වැඩි වශයෙන් අවස්ථා හිමි වේ.

විද්‍යුත් ව්‍යාපාර නාමාවලියේ ලියාපදිංචි සමාගම් හා ආයතනවලට මාධ්‍ය කිහිපයක් ඔස්සේ තම නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන නිසා, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් එම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී. මුද්‍රිත නාමාවලිය, ඩිජිටල් නාමාවලිය, ජංගම යෙදුම, විද්‍යුත් පොතක්, ඇමතුම් මධ්‍යස්ථාන සේවාව (SLT 1212, Mobile 444), IVR ප්‍රවර්ධන සේවා, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය දැන්වීම්කරණය සහ වෙබ් නිර්මාණය ඇතුළු බොහෝ ක්‍රමවේද හරහා ව්‍යාපාරවලට තම තොරතුරු සන්නිවේදනය කළ හැකි වේ.

SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්‍යාපාර නාමාවලි ප්‍රචාරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් සංවර්ධන විසඳුම්, උත්සව කළමනාකරණය, ප්‍රවර්ධන හා සන්නාම සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් ඇතුළු විසඳුම් හා සේවා රාශියක් ලබාදෙන සමාගමකි.  රටේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාණ්ඩය තුළ ජනප්‍රියම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් සම්පාදකයා බවට පත්වීම එහි අරමුණයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.rainbowpages.lk, සහ www.rainbowpages.lk/ebook වෙතින් හෝ 1212 (ඇමතුම් මධ්‍යස්ථානය) සහ 0112 399 399 (ක්ෂණික ඇමතුම්) අංක හරහා ලබාගත හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • Eco Channelling Delivery
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL ‘Eco Channelling Delivery’ හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සේවා සමාගම බවට පත්වෙයි

October, 10, 2022

eChannelling හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනැවිත් භාරදීමේ සේවාවක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චැනලින් සේවාව වන eChannelling, මේ වනවිට ‘Eco Channelling Delivery’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. පරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

මෙබඳු තිරසාර සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සමාගම SLT-MOBITEL වීම විශේෂත්වයකි. ඖෂධ ඇණවුම් කළ පසුව දිනක් ඇතුළත SLT-MOBITEL mAgent වරයෙකු විසින් රු. 200/- ක් වැනි සහනදායී ගාස්තුවක් යටතේ පාපැදියක් භාවිතා කරමින් අදාළ ඖෂධ පාරිභෝගියාගේ නිවස වෙත ගෙනගොස් භාරදෙනු ලැබේ. කොළඹ 03 ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ රෝහලක පිහිටි ඖෂධ අලෙවිසැලක් විසින්, කොළඹ 01 සිට කොළඹ 08 දක්වා ප්‍රදේශ වල කිලෝමීටර් 5 ක දුර පරාසයක් තුළ මේ ආකාරයට ඖෂධ බෙදාහැරීම සිදුකෙරෙනු ඇත.

mAgent වරුන් යනු මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා මෙන්ම SLT-MOBITEL නිෂ්පාදන හා සේවාවන් රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා පත්කරන ලද නියෝජිතයන් පිරිසකි.

https://www.echannelling.com/ වෙත ගොස් ‘Eco channelling’ ක්ලික් කිරීම හෝ eChannelling app බාගත කරගැනීම මගින් ඕනෑම කෙනෙකුට මෙම සේවාව හරහා ඖෂධ ඇණවුම් කළ හැකි වේ. සෑම දිනකම පස්වරු 4.00 ත් පස්වරු 6.00 ත් අතර ඖෂධ ගෙනගොස් භාරදීම සිදුකෙරෙන අතර, අදාළ ඖෂධ අලෙවිසැල විසින් ඖෂධ වලට වටිනාකම සඳහන් විද්‍යුත් ප්‍රකාශයක් පාරිභෝගිකයා වෙත යොමුකරනු ඇත. භාණ්ඩ ලැබුණු විට ගෙවීමේ පදනම යටතේ (Cash of delivery), මාර්ගගත ක්‍රමයට (Online) හෝ POS යන්ත්‍ර භාවිතයෙන් මුදල් ගෙවීම සිදුකළ හැකි වේ.

රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව ඖෂධ ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා eChannelling හරහා මෙම ‘Eco Channelling Delivery’ සේවාව ආරම්භ කරන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට දිනක් ඇතුළත තමන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට හැකියාව ලැබේ.

ඖෂධ යනු පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතාවක් වන අතර, එය සපුරාලීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවකි. එමෙන්ම පාපැදි භාවිතා කිරීම මගින් ප්‍රවාහන කටයුතු වලදී ඉන්ධන හෝ විදුලි බලය වැය නොවන නිසා එය පරිසර හිතකාමී පියවරක් වන අතරම, වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමක්ද වේ.

අන්තර්ජාලය සහ ජංගම යෙදවුම් භාවිතා කරමින් ජනතාවගේ එදිනෙදා ජීවිත පහසු කිරීම සඳහා විවිධාකාර වූ නවෝත්පාදනයන් හඳුන්වා දීමට eChannelling සෑම විටම කටයුතු කරයි. SLT-MOBITEL හි කාර්ය සම්පාදන අංශය මගින් mAgent වරුන් හරහා ක්‍රියාත්මක කරන, සතියේ සෑම දිනකම ඖෂධ ගෙනගොස් භාරදීම සිදුකරන මෙම නවතම විසඳුමද එම උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.

ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් කාර්යක්ෂම කරමින් දිවයින පුරාම ව්‍යාප්ත කිරීමටත්, ඊට නව අංග රැසක් ඇතුළත් කිරීමටත් eChannelling බලාපොරොත්තු වෙයි.

SLT-MOBITEL Mobile mAgent කණ්ඩායම සහ ඔවුන් පාරිභෝගිකයන් වෙත ඖෂධ ගෙනගොස් භාරදෙන අයුරු

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • World Children's Day

විනෝදයෙන්  සහ දැනුමෙන්  සපිරි ක්‍රියාකාරකම් රාශියක් සමඟින් SLT-MOBITEL ලෝක ළමා දිනය සමරයි

October, 5, 2022

SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මෝදර සහ ඒ අවට ප්‍රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය.

මෙහිදී, චිත්‍ර තරඟ, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදා විය. තව ද, SLT-MOBITEL eChannelling සේවාව හරහා වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ පහසුකම් සැපයීමට ද සමාගම කටයුතු කරන ලදී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන, SLT-MOBITEL අනාගත පරපුර තුළ යහපත් පුරුදු ඇති කිරීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන් ජාතියට සම්පතක් බවට පත් කිරීමට කැපවී සිටී.

  • Ada Derana BIZ Sinhala
  • IOCPL
  • SLT-MOBITEL
  • sri lanka

ඇමරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

September, 29, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියවන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pte Ltd (IOCPL) එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි.

මෙම හවුල්කාරීත්වය යටතේ Galle Submarine Cable Depot Pvt Ltd, නම් සමාගම පිහිටුවන ලද අතර, එය ද Singapore Telecom සහ Orange Marine of France අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වේ. 2018 වසරේදී ආරම්භ කරන ලද මෙම කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානය, දකුණු ආසියාවේ එම වර්ගයේ එකම මධ්‍යස්ථානය ලෙස සැලකේ. මෙම මධ්‍යස්ථානය ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසා, මෙම කලාපයේ මෙන්ම යුරෝපයේ සිට ආසියාව දක්වා බොහෝ රටවල් සම්බන්ධ කරන, සාගරය යටින් දිවෙන රැහැන් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පහසු වී ඇත. මෙම අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අතිරේක කේබල්, මෙවලම් සහ පරීක්ෂණ උපකරණ ආදිය ද මෙහි ගබඩා කර තබාගැනේ.

ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ආර්ථික ඒකක ප්‍රධානී ෆිලිප් ලූස්ලි මහතා සමග SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

SEA-ME-WE 3, SEA-ME-WE 4, SEA-ME-WE 5, Bharat Lanka and Dhiraagu-SLT යන කේබල් පද්ධති 5 ඔස්සේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරමින් සිටී. අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ බටහිර යුරෝපය යා කරමින් ඉදිකිරීමට යෝජිත SEA-ME-WE 6 කේබල් පද්ධතිය මෙය තවදුරටත් පුළුල් කරනු ඇත. තත්පරයකට ටෙරාබිට්ස් (terabits) 100කට අධික සම්ප්‍රේෂණ ධාරිතාවකින් යුත් මෙම කේබල් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු 2025 වසර වනවිට අවසන් කිරීමට නියමිත ය.

අනාගතයේදී වඩාත් හොඳ ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා ලබාදීම සඳහා SLT-MOBITEL සතු සැලසුම්වලට මෙම කේබල් පද්ධතිය අතිශයින් වැදගත් වේ. එමෙන්ම SLT-MOBITEL 5G ජාලයේ මෙහෙයුම් කටයුතු සහ උසස් තත්වයේ machine to machine සන්නිවේදනය සඳහා ද මෙම කේබල් පද්ධතිය මහෝපකාරී වනු ඇත. SEA-ME-WE 6 පද්ධතිය වෙනුවෙන් කරන ලද ආයෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මට්ටම දැන් ටෙරාබිට්ස් (terabits) තලයට පිවිසී ඇති අතර, ඒ ඔස්සේ රටට ඉදිරියේදී අන්තර්ජාල භාවිතාව සම්බන්ධ දැවැන්ත ඉල්ලුමට SLT-MOBITEL හරහා සාර්ථක ලෙස මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Co-Champions
  • Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022
  • MCA
  • SLT-MOBITEL
  • sri lanka
  • Team Become

SLT-MOBITEL කණ්ඩායම 2022 MCA සය-සාමාජික ක්‍රිකට් තරගාවලියේ සම-ශූරයන් බවට පත්වෙයි

September, 21, 2022

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරතාව දිනාගැනීමට SLT සහ HNB කණ්ඩායම් සමත් විය. මෙම තරගාවලිය පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේ ලීග් අදියරේදී Colombo Dockyard සහ Singer Sri Lanka PLC කණ්ඩායම් පරාජය කළ SLT කණ්ඩායම, ඉන් අනතුරුව 2020 ශූරයන් වූ සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

කෙසේ නමුත් අවසන් තරගයේදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් SLT කණ්ඩායම සහ, 2020 වසරේ අනු ශූරයන් වූ HNB ‘A’ කණ්ඩායම මෙවර Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරයන් ලෙස නම්කිරීමට සංවිධායකවරු තීරණය කළහ.

මෙම වසරේ තරගාවලියේදී කණ්ඩායම් 15 ක් කාණ්ඩ 5 ක් යටතේ තරග වැදුණු අතර, කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්විණි.

 

ඡායාරූපය - (වමේ සිට) SLT ක්‍රිකට් කණ්ඩායම - සුරංග විජයරත්න, සඳුන් විජයරත්න, සුදම් ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. සමන්ත, එච්. පී. චමින්ද, නදීප නිරෝෂන්, දිනුෂ් විජේවික්‍රම (කණ්ඩායමේ කළමනාකරු), චන්දික සිරිමාන්න (නායක), ජගත් සිරිවර්ධන, හර්ෂ වීරසිංහ (පුහුණුකරු), නාමල් දිසානායක

  • Ada Derana BIZ Sinhala
  • Multipurpose recreation center
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විවෘත කරයි

September, 19, 2022

- සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලැබීමේ උත්සාහයේ තවත් පියවරක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් කටාන පොත්තොඩේ ප්‍රදේශයේ බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණි.

SLT-MOBITEL සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින අක්කර 04කින් යුත් භූමියක මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. දැනට මෙම මධ්‍යස්ථානය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර, ඉන් එක් කොටසක (අක්කර 2) නිලධාරී නිල නිවාසද, අනෙක් කොටසෙහි (පර්චස් 40) විශාල ක්‍රීඩා පිටියක්ද ඉදිකර තිබේ. එමෙන්ම සුළු සේවකයන් සඳහා මෙහි අක්කර 1.75 ක ප්‍රදේශයක නිල නිවාස ඉදිකර ඇත. මීට පෙර මෙම ස්ථානය SLT නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ලෙස මෙන්ම COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද භාවිතා විය.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරු ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ. ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයට නව පහසුකම් රාශියක් එක්කිරීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.

මෙම මධ්‍යස්ථානය දියත් කිරීමේ පරමාර්ථයන් වන්නේ SLT-MOBITEL කාර්ය මණ්ඩලයට වඩාත්  පුළුල් තලයේ පහසුකම් ලබා දීම, ඔවුන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ බාහිර පුහුණු කටයුතු එකම ස්ථානයකදී සිදුකිරීමට අවස්ථාව ලබාදීම යනාදියයි. මීට අමතරව බාහිර වැඩසටහන් පැවැත්වීම සඳහාද මෙම පරිශ්‍රය භාවිතා වනු ඇත. එමෙන්ම මෙමගින් තමන් සතු දේපළ වලින් උපරිම ප්‍රයෝජන ගැනීම, පුහුණු කටයුතු සඳහා වැයවන වියදම් දීර්ඝකාලීනව අවම කරගැනීම සහ බාහිර වැඩසටහන් පැවැත්වීමට අවස්ථාව ලබාදීම තුළින් ආදායමක් උපයා ගැනීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමට ද SLT-MOBITEL හට හැකියාව ලැබේ. මෙහි විශාල ඉඩකඩක් පවතින බැවින්, හරිත වැඩසටහන් ඔස්සේ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමටද SLT-MOBITEL වෙත අවස්ථාව හිමිවනු ඇත.

ඉදිරියේදී සංචාරක බංගලාවක් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සියලු පහසුකම් සහිත නව විනෝද මධ්‍යස්ථානයක් වැනි පහසුකම් මෙහි ඉදිකිරීමටත්, අභ්‍යන්තර හා බාහිර ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමටත් SLT-MOBITEL සැලසුම් කර තිබේ.

සමස්තයක් ලෙස ගත්විට SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම තහවුරු කිරීමත්, ඔවුන් අතර සුහදත්වය වර්ධනය කිරීමත්, මෙහි පැමිණෙන්නන් හට ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලබාදීමත් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ මූලික අරමුණු ලෙස පෙන්වා දිය හැක.