• Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • UNLIMITED CALL BOOSTER

SLT-MOBITEL ‘UNLIMITED CALL BOOSTER’ වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS

September, 14, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳු සම්පාදකයා වන SLT-MOBITEL, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS පිරිනමන විශේෂ පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘UNLIMITED CALL BOOSTER’ ලෙස නම් කර ඇති මෙය, පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ද භාවිතා කළ හැක.

‘UNLIMITED CALL BOOSTER’ නිසා ශ්‍රී ලාංකිකයන්ට දැන් රිසිසේ තම නෑදෑ හිතමිතුරන්ට ඇමතුම් ලබා ගැනීමටත්, කෙටිපණිවිඩ යැවීමටත් අවස්ථාව ලැබී තිබේ. එමෙන් සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටිපණිවිඩ භාවිතා කරන සමාගම්, ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ද මෙය කදිම විසඳුමක් වනු ඇත.

මුළු මාසය පුරාවටම වලංගුවන ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය රු. 636/- ක් වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙර ගෙවුම්පා රිභෝගිකයන්ට රු. 636 ක් රීලෝඩ් කර හෝ #147# ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසු ගෙවුම් පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රීය කර ගත හැක.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන් හි සිදුවන වෙනස්කම් හඳුනා ගනිමින්, එම වෙනස්කම් වලට ගැළපෙන විසඳුම් පිරිනැමීමට SLT-MOBITEL ගන්නා නිරන්තර උත්සාහයේ තවත් එක් පියවරක් වශයෙන් ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය හඳුන්වා දී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk හි දක්වා ඇත.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • The Arena

SLT-MOBITEL වෙතින් ‘The Arena’: නවෝත්පාදනය හා තාක්ෂණය ජනතාවට සමීප කරන අත්දැකීම් කේන්ද්‍රයක්

September, 8, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා 'The Arena’ නමින් නවතම අත්දැකීම් මධ්‍යස්ථානයක් (Experience Centre) විවෘත කළේ ය. ඩිජිටල් පරිවර්තනය ඔස්සේ ජනතාවගේ ජීවන රටාවන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන පෙරළිකාරී නව තාක්ෂණයන් හා සේවාවන් ජනතාවට හඳුන්වා දීම මෙහි අරමුණයි.

කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) මෙම අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.

“වර්තමාන ඩිජිටල් යුගයේ, නිවාස මෙන්ම ව්‍යාපාර තුළ නව්‍ය විසඳුම් භාවිතා කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි. ‘The Arena’ මධ්‍යස්ථානය තුළදී අපගේ ගනුදෙනුකරුවන්ට සහ ව්‍යවසායකයන්ට තම ජීවන රටාවන් අලුතින් නිර්වචනය කරන විසඳුම් සහ සේවාවන් අත්විඳීමට අවස්ථාව ලැබේවි. සුහුරු නවෝත්පාදන සහ නවීන තාක්ෂණය එකිනෙක මුසුවන මෙම මධ්‍යස්ථානය මෙරට තොරතුරු, සන්නිවේදන සහ දුරකථන සේවා කර්මාන්තයට පුරෝගාමී ආදර්ශයක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

මෙම මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරවලටත් නවීනතම තාක්ෂණය මගින් අත්විඳිය හැකි සුවිශේෂී ප්‍රතිලාභ පෙන්වා දීම සඳහා SLT-MOBITEL සහ BMICH එක්ව කටයුතු කරනු ඇත. ඩිජිටල් ජීවන රටා කලාප, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා වෙන් වූ කලාපයක් සහ විද්‍යුත් ක්‍රීඩා කලාපයක් ඇතුළු විවිධ කලාප මෙම මධ්‍යස්ථානය තුළ පිහිටුවා තිබේ. මේ ආකාරයට නවීන තාක්ෂණය මගින් සමාජයට සිදුවන යහපත පෙන්වා දීම සඳහා මෙරට තුළ පිහිටුවන ලද ප්‍රථම මධ්‍යස්ථානය මෙය වන අතර,  Smart Home තාක්ෂණය, 5G අත්හදා බැලීම් සහ ස්මාර්ට් උපාංග ආදිය සහ ඒවා ක්‍රියාත්මකවන ආකාරය දැකබලා ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

Cloud, Digital Services, Networking, Internet, Data center, Cyber Security, Voice & Collaboration, Messaging, Entertainment & IOT, NFC, Software Development සහ Digital Marketing වැනි ක්ෂේත්‍ර රාශියකට අයත් විසඳුම් හා සේවා මෙම අත්දැකීම් මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනය කෙරේ. එබැවින් මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයටම නව අවස්ථා රාශියක් උදාකර දෙනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානය live streaming මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වේ.

eSports කලාපය තුළදී විද්‍යුත් ක්‍රීඩා ලෝලීන්ට PC සහ Console Gaming පහසුකම්, තරගාවලිවලට සහභාගී වීම, eSport පදනම් භාවිතා කිරීම සහ Data සේවා ආදිය සමග අධිවේගී සම්බන්ධතා පහසුකම් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

'The Arena' වෙත පැමිණ නවීන තාක්ෂණයේ මහිමය සිත් සේ අත්විඳින මෙන් SLT-MOBITEL සිය පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට ආරාධනා කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Bradby Shield 2022
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL ‘2022 බ්‍රැඩ්බි පළිහ’ සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එක්වෙයි

August, 30, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට සෑමවිටම උරදෙන දේශීය සන්නාමයක් වන SLT-MOBITEL, 2022 බ්‍රැඩ්බි පළිහ (Bradby Shield 2022) සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එක්විය.  

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන මෙම වාර්ෂික බ්‍රැඩ්බි තරගාවලියට වසර 76 කට අධික ඉතිහාසයක් ඇත. මෙවර තරගාවලියේ පළමු අදියර පසුගිය අගෝස්තු 20 දින රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර එහිදී ලකුණු 29 කට 0 ක් වශයෙන් ත්‍රිත්ව විද්‍යාලයීය පිල පරාජයට පත්කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට රාජකීය පිල සමත් විය. මෙහි දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 03 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Hack:AI 2021
  • Hackathon
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 සාර්ථක ලෙස නිමාව දකී

August, 29, 2022

ජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි.

කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ‘Prostasia’ කණ්ඩායමට විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය හිමි විය.

“Hack:AI 2021 Hackathon තරගකරුවන්ට ලැබුණු ප්‍රධාන අභියෝගය වූයේ සැබෑ ලෝකයේ ගැටලු ආමන්ත්‍රණය කරන තිරසාර නවෝත්පාදන හඳුන්වා දීමයි. මෙම තරගය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, සුවපත් ලෝකයක් නිර්මාණය කිරීමටත් ඉතා හොඳ දායකත්වයක් ලබාදුන් බව අප විශ්වාස කරනවා. Machine Learning සහ Artificial Intelligence වැනි තාක්ෂණයන් ඔස්සේ නවෝත්පාදන ඉදිරිපත් කිරීමට මෙම තරගකරුවන් හා කණ්ඩායම් සමත් වූ ආකාරය අපට මහත් සතුටක්. මේ සියලුම කණ්ඩායම්වලට විශේෂ ඇගයීම් හිමි විය යුතුයි. ඔවුන්ගේ දායකත්වය හා කැපවීම වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා.” SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

“මෙම තරගය ඔස්සේ, Machine Learning සහ Artificial Intelligence වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරමින් සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් යොමුකරවීමට අපට අවශ්‍ය වුණා. එමෙන්ම තිරසාරත්වයට මුල්තැන දීම සහ, ඒ ඔස්සේ නව ව්‍යාපාර හා තාක්ෂණයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනාගත පරපුරට පැහැදිලි අවබෝධයක් ලබාදීමටත් මෙම වැඩසටහන වැදගත් වේවි.” STEMUP Educational Foundation හි අධ්‍යක්ෂ ප්‍රභාත් මාන්නප්පෙරුම මහතා පැවසී ය.

පාසල් සහ විශ්ව විද්‍යාල කාණ්ඩ යටතේ තරගයට ඉදිරිපත් වූ කණ්ඩායම් වලට, සෞඛ්‍ය හා යහපැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, තිරසාර නගර හා ප්‍රජාවන්, කර්මාන්ත, නවෝත්පාදන හා යටිතල පහසුකම, සහ වගකීම්සහගත පරිභෝජනය හා නිෂ්පාදනය වැනි තිරසාර සංවර්ධන ඉලක්ක (SGDs) ඉලක්ක පදනම් කරගත් නවෝත්පාදන සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලදි. මෙම තරගය තරුණ නවෝත්පාදකයින්ට නවීන තාක්ෂණය භාවිතයෙන්, තෝරාගත් තිරසාර සංවර්ධන ඉලක්කවලට අදාළ ඇතැම් අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත අංශයන් සම්බන්ධ දැනුම සහ වෘත්තීන් වෙත සිසුන් යොමුකරවීම ඉලක්ක කරගත්, ආයතනයක් වන STEMUP Educational Foundation, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව Hack:AI 2021 Hackathon වැඩසටහන සංවිධානය කරන ලදි.

  • Ada Derana BIZ Sinhala
  • Cochchi.lk
  • HNB
  • SLT-MOBITEL
  • sri lanaka

Cochchi.lk සමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ඉහළ නැංවීමට HNB, SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනියි

August, 24, 2022

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නව ඊ-වාණිජ්‍ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ ප‍්‍රවේශය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් ආයතන දෙකක් අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින් HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙම නව ඊ-වාණිජ්‍ය වේදිකාවට ප‍්‍රවේශ වන විට අමතර ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත. HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී - SME කයිලයිවාසන් ඉන්ද්‍රවාසන්, HNB SME සේවා සහ හවුල්කාරීත්වයන් පිළිබඳ ප‍්‍රධානී, නිලූක අමරසිංහ සහ SLT ප‍්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරී - Digital Transformation Projects ඉෂාරි සිරිවර්ධන, ශ‍්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-ඩිජිටල් ව්‍යාපෘති, දිනේෂ් පෙරේරා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ජ්‍යෙෂ්ඨ කළමණාකාර (අලෙවි) - SME සේවා සංවර්ධනය, ලාල්වින් ද සොයිසා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී මෙම හවුල්කාරීත්වයට එළැඹිණි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී - SME කයිලයිවාසන් ඉන්ද්‍රාවාසන් මහතා පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් වශයෙන් අපට අපගේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා නව මංපෙත් සහ අවස්ථා පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. අපගේ අපනයන ඉහළ නැංවීම සහ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන අපගේ SME ව්‍යවසායකයන් සඳහා නව වෙළෙඳපල හඳුනා ගැනීම කෙරෙහි අප අවධානය යොමු කර තිබෙන අතර එය අපට අතිශයින්ම වැදගත් මුදල් ප‍්‍රවාහයන් උත්පාදනය කිරීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒවගේම SME ව්‍යවසායකයින් සමඟ සැමවිටම කටයුතු කර ඇති බැංකුවක් ලෙස ඔවුන්ට online පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරනවා. එබැවින් අපගේ SME ව්‍යවසායකයින්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපට සතුටුයි.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය මගින් HNB පාරිභෝගිකයින්ට නොමිලේ දැන්වීම් ප‍්‍රචාරණ අවකාශය, ආරම්භක සහ දායකත්ව ගාස්තු නොමැති වීම සහ අමතර අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීමේ හැකියාව වැනි විවිධ ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත. එපමණක් නොව මෙම වේදිකාව මගින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදන සඳහා ‘’Made in Sri Lanka’’ නමින් වෙනම කාණ්ඩයක් ඇතුළුව, කාණ්ඩ 500 කට අධික පරාසයක විහිදුණු විවිධ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.

මෙම යෝජිත ඊ-වාණිජ්‍ය වේදිකාව SLT-MOBITEL හි දත්ත මධ්‍යස්ථානයේ cloud පද්ධතියක ගබඩා කර තැබෙනු ඇත. තවද මෙම වේදිකාව මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක e-business අවශ්‍යතා සපුරාලන නම්‍යශීලී, විශේෂාංගවලින් පොහොසත් ඊ-වාණිජ්‍ය වේදිකාවක් පිරිනමන අතරම SME ව්‍යවසායකයින්ට ඔවුන්ගේ online වෙළෙඳසැල් සහ e-shops නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි.

‘‘SME ව්‍යාපාර සැමවිටම ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය ලෙස කි‍්‍රයා කරන අතර ගෝලීය වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා ඔවුන්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ඉහළ නැංවීමට කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති HNB සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්.” යනුවෙන් SLT ප‍්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත් මහතා පැවසුවේය.

තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.

මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.

මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

 

ඡායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න (දකුණේ සිට පස්වැන්නා) සහ SLT ප‍්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී තිලක් ගම්ලත් (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ SLT-MOBITEL යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජේ්‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම ඡායාරූපයේ වෙයි.

  • 4G Router Home Delivery
  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL වෙතින් 4G Router Home Delivery සේවාවක්

August, 5, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම සේවාවන්  තවත්  පුළුල්කරමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් 4G රවුටර් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා 4G Router Home Delivery සේවාවක් හඳුන්වා දී තිබේ. 4G රවුටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම සේවාව නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති අතර, මේ නිසා මින් ඉදිරියට පාරිභෝගිකයන්ට SLT-MOBITEL සේවා මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් තොරව 4G රවුටර් සහ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගැනීමට හැකි වනු ඇත.

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. එමෙන්ම ගමනාගමනය ඇතුළුව එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් විවිධාකාර වූ අභියෝග වලට මුහුණ දීමට සිදු වී ඇති මෙවන් කාලයක, සුපුරුදු කාර්යක්ෂම සේවාව පාරිභෝගිකයයන් වෙත පිරිනැමීමට SLT-MOBITEL නවතම පියවර රැසක්ද ගෙන තිබේ. මෙම 4G Router Home Delivery සේවාව එම උත්සාහයේ එක් පියවරකි.

4G Router Home Delivery සේවාව යටතේ අදාළ රවුටර් පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලබන්නේ mAgent වරුන් විසිනි. පාරිභෝගිකයන්ට 1717 අංකය අමතා හෝ www.sltmobitel.lk වෙත පිවිසී, තම තොරතුරු ලබා දී අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ හැකි අතර, රවුටරය හා සම්බන්ධතාව පාරිභෝගිකයා වෙතටම පැමිණ ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. මේ සඳහා කිසිදු ආකාරයට ඩිලිවරි ගාස්තුවක් අය නොකෙරේ.

මෙම සේවාවේ අමතර අංගයක් ලෙස, පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් නව ජංගම දුරකථන සම්බන්ධතා මෙන්ම, තමන් සතුව පවතින සිම් පත වෙනුවට නව සිම් පතක් ඉල්ලා සිටීමටද අවස්ථාව ලබා දී ඇත.

ඉදිරියේදී පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් තවත් මෙවැනි නිර්මාණශීලී සේවාවන් රැසක් හඳුන්වා දීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්වී ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් හඳුන්වා දෙයි

July, 18, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග එක්වී, මහජනතාවගේ පහසුව පිණිස ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීම සඳහා විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය.

මෙම ගිවිසුමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සහ සාමාන්‍යධිකාරී තිළිණ විජේතුංග මහතා විසින්ද, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ප්‍රධාන නිලධාරී ව්‍යාපාර සන්නිවේදන ලක්මාල් ජයසිංහ මහතා විසින් ද අත්සන් තබන ලදී. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම ගිවිසුම යටතේ SLT-MOBITEL විසින් 1939 කෙටි අංකය හරහා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවා සම්බන්ධයෙන් මහජනතාව සිදුකරන විමසීම්වලට පිළිතුරු ලබාදීම සඳහා ගාස්තු රහිත ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් පවත්වාගෙන යනු ඇත. මෙමගින් ස්වයං සේවාවන් මෙන්ම නියෝජිත සහය සේවාවන් ද හිමි වේ.

එමෙන්ම 0112 044800 අංකය හරහා ක්‍රියාත්මක වන WhatsApp සහ Smart Chatbot සේවාවක් ද මීට ඇතුළත් වනු ඇත (මෙම අංකය දුරකථනයේ Contacts වලට ඇතුළත් කර WhatsApp හරහා Hi ලෙස ටයිප් කිරීම මගින් සේවාව භාවිතා කළ හැකි වේ). මෙමගින් රටේ සියලුම පුරවැසියන්ට වඩාත් පහසු හා ගුණාත්මක සේවාවක් ලබාදීමට ජාතික ජල සම්පාදන මණ්ඩලයට අවස්ථාව ලැබෙනු ඇත.

“ජාතියක් ලෙස අප පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් වල වෙනසක් අත්දකිමින් සිටිනවා. මෙම තත්ත්වය හමුවේ, සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යන අතරම පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන දියුණු ක්‍රමවේදයක් අපට අවශ්‍ය වුණා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන SLT-MOBITEL සමග අප අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. මේ ඔස්සේ අපට, නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය ආයතනයක් වශයෙන් පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සේවාවක් සහ උපරිම පහසුවක් ලබාදෙන ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙනවා.” ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පැවසුවේය.

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යනු රටේ ජල කළමනාකරණය සහ සනීපාරක්ෂක සේවාවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතම භූමිකාවක් ඉටුකරන ආයතනයක්. SLT-MOBITEL හි තාක්ෂණික විශේෂඥභාවය සහ ඇමතුම් මධ්‍යස්ථාන දැනුම භාවිතා කරමින් එම ආයතනය සඳහා අතිනවීන ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීමට අප පියවර ගත්තා. මේ ඔස්සේ පාරිභෝගිකයන්ගේ විමසීම්වලට කාර්යක්ෂම ලෙස පිළිතුරු සපයමින්, සේවා මට්ටම වැඩිදියුණු කරමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට එම ආයතනයට හැකියාව ලැබේවි.” SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

ඡායාරූපය: SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ගිවිසුම හුවමාරු කරගනිමින්  

  • Ada Derana BIZ Sinhala
  • eChannelling
  • SLT-MOBITEL
  • sri lanaka
  • Tele-Channelling

eChannelling වෙතින් දුරස්ථව, පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Tele-Channelling සේවාව හදුන්වාදෙයි

July, 15, 2022

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

ඉහළම ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කිරීමට eChannelling සෑම විටම උත්සාහ දරයි. එහි තවත් පියවරක් වශයෙන්, නවීනතම තාක්ෂණය භාවිතා කරමින් රෝගීන්ට දුරස්ථව හා පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ලබාදීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දෙන ලදි. තවද, මෙය වාර්තමානය තත්ත්වය අවබෝධ කරගනිමින් eChannelling විසින් ගන්න ලද වඩාත් කලෝචිත ක්‍රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකි.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේදී බොහෝ දෙනෙකුට ටෙලිමෙඩිසින් සේවාවන් මහඟු අත්වැලක් බවට පත්විය. එහිදී ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් ඔස්සේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාදෙමින්, රෝගීන්ගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින්, රටේ යහපත වෙනුවෙන් eChannelling සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේ ය.

COVID-19 අවදානම තරමක් දුරට පහව යාමෙන් අනතුරුව මේ ආකාරයට eChannelling App ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් දියත් කිරීමට eChannelling පියවර ගෙන තිබේ. මෙමගින් රෝගීන්ට වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන්, ලියාපදිංචි වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත.

මෙම ටෙලි චැනලින් සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොහොතක, ඒ මොහොතේ online සිටින ඕනෑම වෛද්‍යවරයෙකු සමඟ සජීවීව සම්බන්ධ වීමට මෙන්ම, අවශ්‍ය නම් කල්තබා වේලාව වෙන්කරගෙන විශේෂ වෛද්‍යවරයෙකු වෙතින් උපදෙස් ලබාගැනීමටද හැකියාව ලැබේ. මෙම සේවාව සමඟ සම්බන්ධ වී සිටින වෛද්‍යවරුන් වෙතින් මේ ආකාරයට දුරස්ථව උපදෙස් ලබාගත හැක.

රෝගියෙකු කිසියම් වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාව වෙන්කරවා ගත් විට ඒ බව අදාළ වෛද්‍යවරයාට SMS පණිවුඩයක් මගින් දැනුම්දීම සිදුකෙරේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයටම පහසු වන ආකාරයට වෛද්‍යවරයා විසින් වීඩියෝ ඇමතුමක් ලබා ගනිමින් අදාළ රෝගියා හා සම්බන්ධ වනු ඇත. මෙමගින් ඕනෑම මොහොතක, මෙරට මෙන්ම විදේශ රටවල සිටින රෝගීන්ටද උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

අදාළ වීඩියෝ ඇමතුමට පැය දෙකකට පෙර සහ ඇමතුමෙන් පැය 24 ක් ඇතුළත  වෛද්‍යවරයා සමග චැට් මාර්ගයෙන් සම්බන්ධ වීමටද රෝගීන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සේවාව ඔස්සේ වෛද්‍ය වාර්තා සහ, මීට පෙර නිකුත් කරන ලද ඖෂධ නිර්දේශයන් වෛද්‍යවරයාට පෙන්වීමටද හැකියාව ලැබේ. වෙන්කරගත් වේලාවේදී වෛද්‍යවරයා අදාළ රෝගියා අවසන් වරට ලොග් වූ උපාංගයට ඇමතුමක් ලබාගනු ඇති අතර, රෝගියා පරීක්ෂා කර උපදෙස් ලබාදී අවසන් වනතුරු සැසිය ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව, සැසියෙන් පසුව වෛද්‍යවරයා විසින් අවශ්‍ය නම් රෝගියා වෙත ඖෂධ නිර්දේශ නිකුත් කරනු ඇති අතර, කිසියම් ගැටලුවක් වේ නම් පැය 24 ක් ඇතුළත වෛද්‍යවරයාගෙන් චැට් මාර්ගයෙන් එය විමසා නිරාකරණය කරගැනීමට රෝගියාට අවස්ථාව හිමි වේ. මෙම ක්‍රමවේදය වඩාත් ඵලදායී වීම සඳහා, වෛද්‍යවරයා සමඟ මීට පෙර සිදුකළ සංවාද පිළිබඳ විස්තරද අවශ්‍ය මොහොතක දැකබලා ගැනීමට පහසුකම් සලසා දී ඇත.

රෝගීන් භාවිතා කළ යුතු eChannelling App සහ වෛද්‍යවරුන් භාවිතා කළ යුතු eChannelling Pro app යන යෙදුම් දෙකම App Store සහ Play Store වෙතින් බාගත කළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු eChannelling නිල වෙබ් අඩවිය වන  www.echannelling.com හි දක්වා ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශිෂ්ට ඩිජිටල් ජීවන රටාවන් සදහාම වෙන්වූ සේවාවන් නංවාලීමට සූදානමින් සිටී.

  • Ada Derana BIZ Sinhala
  • mCash
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL mCash ඔස්සේ පහසුවෙන් ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලිසිං ගණුදෙනුකරැවන්ට අවස්ථාවක්

July, 8, 2022

SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ.

මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හවුල්කාරීත්වය මගින් පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් mCash සේවාව හරහා තම ලීසිං වාරික ගෙවීමට අවස්ථාව ලැබේ.

මෙහිදි පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන්ට SLT-MOBITEL mCash wallet සේවාව ඔස්සේ හෝ mCash බලයලත් අලෙවිසැල් වලදී පහසුවෙන් සහ ප්‍රමාදයකින් තොරව නිසි වේලාවට තම ලිසිං වාරික ගෙවීමට හැකියාව ලැබෙන අතර අනෙක් අතට පීපල්ස් ලීසිං සමාගමටද නියමිත ලීසිං වාරික පහසු සහ ප්‍රමාදයකින් තොරව එකතු කර ගැනීමට අවස්ථාව උදාවේ .

mCash බලයලත් අලෙවිසැල් ජාල දැනටමත් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසැල් මේ සදහා එක්විමට නියමිතය. පීපල්ස් ලීසිං සමාගම සමග එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, SLT-MOBITEL සමාගම ඩිජිටල් පරිවර්තනයට ශ්‍රී ලාංකීකයන් සමීප කරවීම සඳහා දරන උත්සාහයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.

සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට හා ජීවන රටාවන්ට උචිත පරිදි නවතම අංග රාශියක් සමග හඳුන්වා දෙන ලද මෙම SLT-MOBITEL mCash සේවාව ශ්‍රී ලංකාවේ ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි සේවාවේ නව්‍ය පෙරළියක් ඇතිකිරීමට සමත් විය.

මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් හා බිල්පත් ගෙවීම්, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම්, රක්ෂණ වාරික, ලීසිං සහ ෆිනෑන්ස් වාරික ගෙවීම්, Online/In-store ගෙවීම් සිදුකිරීම, QR  කේත භාවිතා කරමින් අලෙවිසැල් තුළදී ගෙවීම් සිදුකිරීම (ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් LankaQR ප්‍රමිතීන්ට අනුව), බැංකු තැන්පතු, ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ඩිජිටල් ණය පහසුකම් (mCash ඔස්සේ පාරිභෝගිකයාට අයදුම් කළ හැකි ඩිජිටල් ණයකි) වැනි සේවාවන් හා පහසුකම් රාශියක් mCash ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලබා දී තිබේ. මෙම SLT-MOBITEL mCash සේවාව දිවයින පුරා පිහිටි කුඩා පරිමාණ අලෙවිසැලේ සිට මහා පරිමාණ අලෙවිසැල් දක්වා විහිදි තිබෙන අතර මේ සදහා Mobitel ශාඛා, SLT Teleshop අලෙවිසැල්, Singer ප්‍රදර්ශනාගාර, Lanka Bell ශාඛා, Pay & Go Pay & Go Kiosks ඇතුළු දිවයින පුරා ස්ථාන 25,000 කට අධික සංඛ්‍යාවක් ඔස්සේද mCash සේවාව භාවිතා කළ හැකි අතර, mCash App හරහා සෘජුවම mCash ගිණුම් වලට මුදල් ඇතුළත් කිරීමටද හැකියාව ඇත.

 

ඡායාරූපය -  ෂමීන්ද්‍ර මාර්සිලිං - ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම,  Mobitel (PVT) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්, Shiang Wong - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- පෙරගෙවුම්, රිෂානි ගුණරත්න - කළමනාකාර - ජංගම මූල්‍ය සේවා, අමන්දි විජේසිංහ - විධායක - ජංගම මූල්‍ය සේවා, ලක්සඳ ගුණවර්ධන - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - මෙහෙයුම්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රභාත් ගුණසේන - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි -තොරතුරැ තාක්ෂණික අංශය, ශෙරින් ඉනෝකා දබරේ මහත්මිය, නිරංජන් සෙල්වනායගම් - ‍ජ්‍යේෂ්ඨ කළමනාකාර - ව්‍යාපාර පද්ධති නිර්මාණ - භාරත පතිරණ මහතා -කළමනාකරු - නිෂ්පාදන සහ ඩිජිටල් නාලිකා.

  • Ada Derana BIZ Sinhala
  • Sat Co Lanka Technology
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL දීපව්යාප්ත රුක්රෝපණ වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුරයේදී සහ කොළඹදී

July, 5, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance - ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

‘'රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු' යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ නිරෝගී පසක් ඇතිකිරීම යන කරුණු මුල්කරගත් ප්‍රතිඥාවක් ඔස්සේ SLT-MOBITEL විසින් මෙම දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

කොළඹදී පැවති රුක් රෝපණ වැඩසටහන පවත්වන ලද්දේ, ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ 31 වන සංවත්සරයට සමගාමීව ය. වැඩසටහනේ හවුල්කරු ලෙස කටයුතු  කළේ A Sat Co Lanka Technology (පුද්.) සමාගමයි.

මීට අමතරව අනුරාධපුරයේ පූජනීය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. මේ යටතේ SLT-MOBITEL හි නිලධාරීන් විසින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට මී පැළ ලබාදෙන ලදි.

පළිබෝධ පාලනයට දක්වන දායකත්වය, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිතා වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL විසින් මෙම වැඩසටහන සඳහා මී ගස තෝරාගන්නා ලදී. මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ ‘තුරු’ නම් ජංගම යෙදුම ඔස්සේ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ය.

මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව, පරිසරය සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ඇති බව SLT-MOBITEL විශ්වාස කරයි. එමෙන්ම එය වඩාත් පුළුල් සම්බන්ධතා සහිත, සුරක්ෂිත හා තිරසාර අනාගතයක් හමුවේ SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන වගකීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්ද වනු ඇත.