• Ada Derana BIZ Sinhala
  • dollar
  • Rupee
  • sri lanka

ඩොලරය හමුවේ රුපියලේ අගය වැඩිවෙලා

January, 23, 2023

2023 වසරේ ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

මේ අතර 2022 ‌දෙසැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 274.42 ක් මිල දී ගෙන ඇති බවත්, ඩොලර් මිලියන 170.64 ක් විකුණා ඇති බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණි.

  • Ada Derana BIZ Sinhala
  • Keragala Raja Maha Viharaya
  • sri lanka
  • Swadeshi Khomba

ස්වදේශී කොහොඹ  09වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත්   කළ වගයි

January, 23, 2023

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ වාර්ෂික 'ආලෝක පූජා සත්කාරය' වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ඒ සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසිනි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" නමවන වරට දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල රජමහා විහාරය, 13 වන සියවසේ දඹදෙණි රාජධානිය තුළ විජයබාහු රජ සමයේ ඉදි කර ඇත. 15 වන සියවසේ හයවන පරාක්‍රමබාහු පාලන සමයේ, කෑරගල රජමහා විහාරයේ දී පද්මාවතී පිරිවෙන ස්ථාපිත කර ඇත.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය "ස්වදේශී, ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් මෙවැනි ආලෝක පූජාවන්ට වාර්ෂිකව සහයෝගය දක්වනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් ස්වදේශී කර්මාන්තායතනය මෙවැනි මුල පිරීම්වලට සහයෝගය ලබා දීමට කැප වී සිටින්නේ  අපගේ සංස්කෘතිය රැක ගැනීමට සම්බන්ධයෙන් මතු පරම්පරාවන්ට පූර්ණ ආදර්ශයන් සපයමින්. වන්දනාකරුවන්ගේ පහසුව සහ අභිවෘද්ධිය උදෙසා මෙන්ම රටේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම යොවුන් පරපුරට ඉගැන්වීමේ  අභිප්‍රායයෙන් ස්වදේශී කොහොඹ විසින් මෙරට පූජනීය ස්ථාන ආලෝකමත් කරනවා'' යනුවෙන්   සිය අදහස් දැක්වීය.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන වෙත සිය සහයෝගය අඛණ්ඩව ලබා දී ඇත.  අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඇය විසින්  ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ 'ශ්‍රී දළදා මාළිගාව' සහ පෞරාණික බිතු සිතුවම්  අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය , දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය, මහනුවර ශ්‍රී මහ විශ්නු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, දැරණියගල සමන් දේවාලය, දඹදෙණිය රජමහා විහාරය සහ ගොඩකවෙල සංඛපාලි රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී ආලෝක පූජා සත්කාරය සඳහා ස්වදේශී සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා   අලෙවිය සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර අමු ද්‍රව්‍යය අඩංගුව නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

 

 Photo Caption - ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය,  කෑරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය රජවෙල නන්දරත්න හිමි ස්වදේශී සහ ජ්‍යේෂ්ඨ කළමණාකාර නිළධාරීන්  ඓතිහාසික කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරමින්.

  • Ada Derana BIZ Sinhala
  • Foreign Minister
  • Saudi Arabia
  • sri lanka
  • today

විදෙස් ඇමති අද සෞදියට

January, 23, 2023

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා අද (23) සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර, එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත. අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිත ය.

  • ACEF Asian Leaders
  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • sri lanka

DFCC බැංකුවට ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි වේ

January, 20, 2023

DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්‍ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය.

මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය වෙනුවෙන් DFCC බැංකුව සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කළ සුවිශේෂී නිර්මාණාත්මක කෙටි චිත්‍රපටයයි. YouTube සහ Facebook ඔස්සේ ප්‍රදර්ශනය කළ මෙම කෙටි චිත්‍රපටය, ලොව පුරා පැතිරී ගිය COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව සුවිශේෂී කතා පුවතක් අනුසාරයෙන් නිර්මාණය කර තිබිණි.

සංවර්ධන බැංකුවක සීමාවන්ගෙන් ඔබ්බට යමින් DFCC බැංකුව මේ වනවිට පූර්ණ-සේවා වාණිජ බැංකුවක් ලෙස, සාර්ථක අන්දමින් සමාජයේ සියලුම කාණ්ඩයන්ට අයත් පුද්ගලයන්ට මූල්‍ය සේවාවන් සපයමින් සිටින බවට මෙම සම්මානය සාක්ෂි දරයි. නවෝත්පාදනය මූලික කරගත් පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් පිරිනැමීමට අමතරව, සිය ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමටද DFCC බැංකුව සමත් වී ඇත.

මෙම කෙටි චිත්‍රපටය මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයට සුවිශේෂී අත්දැකීමක් විය. එයට ප්‍රධානතම හේතුව වූයේ එය ගනුදෙනුකරුවන්ගේ හදවතට සමීප පණිවිඩයක් මූලික කරගත් සංවේදී නිර්මාණයක් වීම ය. අර්බුදකාරී කාලසීමාවක් තුළ තම ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව කැප වූ ආකාරය මෙම කෙටි චිත්‍රපටය මගින් පෙන්වා දෙන ලද අතර, විවිධ නිර්මාණාත්මක තාක්ෂණික ක්‍රමයෝග භාවිතා කර සාර්ථක ලෙස මෙය එළිදක්වන ලදි..

සත්‍ය කථාවක් පදනම් කරගත් මෙම කෙටි චිත්‍රපටය, ගනුදෙනුකරුවන් සෑම විටම තම බැංකු සේවා අවශ්‍යතාවන් සඳහා DFCC බැංකුව කෙරෙහි විශ්වාසය තබන ලද ආකාරයද පෙන්වා දෙයි. මෙම විශ්වාසය රකිමින්, ගනුදෙනුකරුවන්ගේ අදහස් හා ප්‍රතිචාර අනුව තම සේවාවන් වැඩිදියුණු කරමින්, ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ සේවාවක් සැපයීමට DFCC බැංකුව සෑම විටම කැප වී සිටී.

මෙම නිර්මාණයේ අර්ථවත්භාවය නිසා ඉලක්කගත ප්‍රේක්ෂක පිරිස එය මැනැවින් ග්‍රහණය කරගත් අතර, ඒ නිසාම එය මෙම ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රධාන පණිවිඩය මෙන්ම, DFCC සන්නාම නාමයේ මූලික වටිනාකම් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යමින්, DFCC බැංකුවට සුවිශේෂී ප්‍රචාරණයක් ලබාදීමට සමත් විය. මේ සියලු සාධක නිසා එම ප්‍රචාරණ වැඩසටහන ඊට අදාළ සියලු ඉලක්ක සහ මූලික කාර්යසාධන දර්ශකයන් සපුරාලූ  අතර, ඒ අනුව 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය වෙනුවෙන් වූ රන් සම්මානය දිනාගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.

“සත්‍ය කතාවක් ඇසුරින් කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළ මෙරට ප්‍රථම බැංකුව බවට පත්වීම අපට මහත් ආඩම්බරයක්. මෙයට අපගේ ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම දෙනාගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. අපට අවශ්‍ය වුණේ අපගේ පුළුල් අලෙවිකරණ ක්‍රමෝපායේ කොටසක් වශයෙන්, සුවිශේෂී නිර්මාණයක් සිදුකිරීමටයි. එම නිසා සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින්, සංවේදී නිර්මාණයක් එළිදැක්වීමට අපට හැකි වුණා. එමෙන්ම එහි අව්‍යාජත්වය සහ අර්ථවත්භාවය නිසා, අප සැබැවින්ම ඔවුන් ගැන සංවේදී වන බව අපගේ ගනුදෙනුකරුවන් වටහා ගත්තා. එය DFCC බැංකුව කවදත් ප්‍රමුඛත්වය දෙන මූලධර්මයක් වන පාරිභෝගික-කේන්ද්‍රීයත්වය ඔස්සේ අප ලබාදෙන විශිෂ්ට සේවාව මෙන්ම, එම සේවාව ලබන ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂීත්වය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක්. මේ සම්මානය අපට ලැබුණු සුවිශාල ගෞරවයක් ලෙස අප දකිනවා. එමෙන්ම මෙම සම්මාන උළෙල සංවිධානය කළ සියලුම දෙනාටත්, අපගේ ගනුදෙනුකරුවන්ටත්, අපගේ සාර්ථකත්වයට නන් අයුරින් දායක වූ අනෙකුත් සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ උප සභාපතිනි (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

  • Ada Derana BIZ Sinhala
  • PropertyGuru
  • sri lanka

2022 වසරේ PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව වගකීම් සහගත නවෝත්පාදන සහ අනුවර්තන ප්‍රතිනිර්මාණය අරමුණු කරගනිමින් පැවැත්වෙයි

January, 20, 2023

  • තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ  සංවාද මෙහෙයවයි.
  • PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි.

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන  ප්‍රමුඛතම වැඩසටහන වන  PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

2020 සහ 2021 වසර වෙනුවෙන් පැවැත්වුණු  PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තායිලන්ත සම්මුති හා ප්‍රදර්ශන කාර්යාංශයේ (TCEB) අනුග්‍රහයෙන් පැවැත්වුණු අතර, වසංගත සමයෙන් පසුව මෙවර සමුළුව 'අනුවර්තන ප්‍රතිනිර්මාණ වැඩසටහන' යන තේමාව යටතේ පැවැත්විණි. මෙහි දී විටින් විට මුහුණ දීමට සිදු වන විවිධ දේශගුණික හා අනෙකුත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දේපළ වෙළෙඳාම් හා ඒ ආශ්‍රිත තාක්ෂණික අංශ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් පුළුල් කෙස අවධානය යොමු කෙරිණි.

PropertyGuru සමූහයේ 15 වන් සංවත්සරය යෙදී තිබූ  2022 දෙසැම්බර් 8 වන දිනයේ දී මෙවර PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව පැවැත්වුණු අතර, එහි දී  ව්‍යවසාය සන්නාමයක් වන 'PropertyGuru For Business'  විවෘත කෙරිණි.

PropertyGuru සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ හරි වී. ක්‍රිෂ්ණන් මහතා පැවසුවේ, "අද, PropertyGuru සමූහය වසර පහළොවක් සම්පූර්ණ කරන අවස්ථාවේ දී ම අපගේ ව්‍යවසාය විසඳුම් සන්නාමය වන 'PropertyGuru For Business' ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක්. කිරීමත් සමඟ සනිටුහන් කරමු.  දේපළ සංවර්ධකයින්, නියෝජිතායතන, බැංකු, තක්සේරුකරුවන්, නගර සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වැනි සේවාදායකයින් සමඟ ඒකාබද්ධ වෙමින්, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය පදනම් වූ සේවාවක් ලබා දීමට අප සමත් වෙලා තිබෙනවා. එම ගුණාත්මක සේවාව අඛණ්ඩව ඉදිරියටත් ලබා දීම අපගේ අරමුණ යි. ඒ වගේ ම අප සතු  දත්ත, තාක්‍ෂණය සහ පිරිස් බලය උපයෝගී කර ගැනීමෙන්, සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සවි බල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

PropertyGuru සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරමි විලියම්ස් මහතා මෙසේ පැවසුවේ ය. "අටවන වරටත් PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ලොව පුරා සිටින විශිෂ්ටයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව හරහා අධ්‍යාපනය, නව්‍යකරණය හා ප්‍රබෝධවත් කිරීම, අදහස් බෙදා ගැනීම, නවෝත්පාදන දිරිමත් කිරීම සහ අපගේ වර්ධනයට බලපාන ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි අපි දැඩි අවධානය යොමු කරනවා."

8 වැනි PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තේමාත්මක ව පුනර්ජීවනය, නැවත ආරම්භ කිරීම, නැවත සිතීම සහ නැවත සැකසීම ආදී වශයෙන් කොටස් හතරකට බෙදා ඇත.

සීමාසහිත Quantum Thailand සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ Burj Khalifa Dubai සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ස්ටෙෆෙන් ඔහ්මේගේ නාගරික වෙනසක් පිළිබඳ ක්‍රියාමාර්ග පිළිබඳ දේශනයෙන්  වැඩසටහන ආරම්භ විය.  වැඩසටහනේ පළමු කොටසට එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) නගර ආයෝජන පහසුකම් සඳහා වැඩසටහන් කළමනාකරු එරස්ටස් න්ජුක් න්ඩුගිරේ මහතා විසින් සිදු කළ තිරසාරභාවය පිළිබඳ ප්‍රධාන දේශනයකින් සහ ඉකොනොමිස්ට් බුද්ධි අංශයේ ආසියා විශ්ලේෂක ස්‍යෙටර්න් හන්සකුල්  මහතා  විසින් සිදු කළ ආසියාවේ වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ ප්‍රධාන දේශනයකින් සමන්විත විය.  .

සමුළුවේ දෙවන අදියරට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC)/ලෝක බැංකු සමූහයේ නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ කලාපීය අධ්‍යක්ෂ කිම්-සී ලිම් විසින් දේපළ වෙළෙඳාම් ව්‍යාපාර සඳහා මූල්‍ය උපකරණ සහ දේශගුණික ආයෝජන පිළිබඳ ප්‍රධාන දේශනයක් ඇතුළත් විය.  Liter of Light පදනමේ නිර්මාතෘ සහ PropertyGuru විසින් පිරිනමන Visionary of the Year සම්මානයේ 2020 වසරේ ජයග්‍රාහකයා වන ඉලැක් ඩියාස් මහතා  විසින් මානුෂීය තාක්‍ෂණය පිළිබඳ ප්‍රධාන දේශනයක් සිදු කළ අතර, 2021 PropertyGuru Tech Innovation සම්මානයේ ජයග්‍රාහකයා වන Tech ව්‍යවසායක ඩස්ටින් ජෙෆර්සන් ඔන්ගෑන්ග්සෙන්  මහතා විසින් විස්තීරණ වායු සංවේදක පිළිබඳ uHoo හි ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

සමුළුවේ තෙවන අදියර, PropertyGuru සමූහයේ දේපළ බුද්ධි අංශ ප්‍රධානී ආචාර්ය නායි ජියා ලී මහතා සහ CFA, MRICS  පර්යේෂණ අධ්‍යක්ෂ හා හොංකොං පදනමේ ඉඩම් හා නිවාස  ප්‍රධානී ර්යාන් අයි පී උප පරිපාලක  ටෑන් ශ්‍රී ඩටුක් එඩී චෙන් ලොක් ලොයි, REHDA ආයතනයේ භාරකරු සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ් එම් කේ එච් බෙර්හාඩ් යන මහත්වරු සහ දත්ත මත පදනම් වූ තිරසාර නිවාස විසඳුම් පැනලය (REHDA ආයතනය විසින් සම-ඉදිරිපත් කිරීම ඇතුළුව) අතර සිදු කෙරුණු සාකච්ඡාවකින් සමන්විත විය. ජාත්‍යන්තර විකාශක මනීෂා ටෑන්ක් විසින් පහත සඳහන් සාකච්ඡාවට නායකත්වය දුන් අතර, එහි දී  HLB Mann Judd මෑන් ජූඩ් හි හවුල්කරු / බදු ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ දේපළ අරමුදල් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හා භාණ්ඩාගාරික ජෝෂ් චයි, SPARK Architects හි ආරම්භක හවුල්කරු සහ අධ්‍යක්ෂ ස්ටීවන් පිම්බ්ලි,  PropertyGuru සමූහයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ විස්ටන් ලී, සහ  Perunding ZAB Sdn Bhd හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සුල්කිප්ලේ ඒ. බාකර් යන මණ්ඩල සමාජිකයින්ගේ සහයෝගයෙන් පශ්චාත් කොවිඩ් සංවර්ධන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කෙරිණි.

නව්‍ය, විවෘත සහ තිරසාර අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ජලය සමඟ ක්‍රියා කරන කෝපන්හේගන් පදනම් වූ ගෘහ නිර්මාණ චිත්‍රාගාරය වන MAST හි ආරම්භක හවුල්කරු මාෂල් බ්ලෙචර් මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ ප්‍රධාන දේශනයට සමගාමීව තුන්වන අදියරේ දී ඉදිරිපත් කෙරිණි. මාධ්‍ය විශ්ලේෂක සහ වාර්තාකරු හයිඩි චුන්ග් විසින් මෙහෙයවන ලද  තිරසාරත්වයේ ප්‍රමුඛතාව නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් තවත් කමිටු සාකච්ඡාවක්, ආසියාවේ සංවර්ධකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් වන සීමාසහිත සේන සංවර්ධන පොදු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කේසර තන්යාලක්පාක්, APAC West, IWG හි හවුල්කාරිත්ව වර්ධනයේ කලාපීය ප්‍රධානී ක්‍රිස්ටින් තෝර්ස්ටේන්ස්, Rachanee Chanawatr, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ  /ලෝක බැංකු සමූහයේ ආසියා-පැසිෆික් ප්‍රධානී  ස්ටීවන් ඔහ්මේ  සහ GroupGSA හි වියට්නාමයේ සාමාන්‍ය අධ්‍යක්ෂ තියෙන් ඩොන්ග් යන මහත්වරුන් සමඟින් පැවැත්විණි.

එම අදියර අවසන් වූයේ බලවත් කාන්තා නායිකාවන් අතර පැවති සාකච්ඡාවකින් වන් අතර, APAC හි ප්‍රධාන ප්‍රාදේශීය නිලධාරිණී කොකෝ ලියු, ESCA Incorporated හි ප්‍රධාන විධායක නිලධාරිණී ජීන් ජැක්ලින් ද කැස්ත්‍රෝ, Asiana Group හි සභාපති අධ්‍යක්ෂිකා ලොමොන්ගා හවොමාසන් සහ PropertyGuru Group හි දත්ත සහ මෘදුකාංග විසඳුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂින් යේ හෝ-ස්ට්‍රෑන්ගස් යන මහ්ත්මීහු එම සාකච්ඡාවට එක් වූහ.

මෙවර PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුවේ  අවසාන අදියරේ දී දේපළ සොයන්නන්ට නව මාධ්‍යවල බලපෑම් සාකච්ඡා කිරීම සඳහා වර්තමානයේ වඩාත්  බලවත් අන්තර්ගත නිර්මාපකයින් හා පුද්ගලයින් කිහිප දෙනෙකු සඟින් සාකච්ඡා කෙරිණි.

අවසාන අදියරේ දී ක්ෂේත්‍රය වෙනස් කරන්නන්ට සහ නවෝත්පාදකයින් ඇගයීම සිදු කෙරුණු අතර, එහි දී  තීරණාත්මක නව නිෂ්පාදන සහ ප්‍රොප්ටෙක් හි නවෝත්පාදන සහිත ආරම්භක සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටත්වයේ මිණුම් ලකුණක් වන PropertyGuru Tech Innovation සම්මානය, අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ගොඩනැගිලි ද්‍රව්‍ය බවට පරිවර්තනය කරන ඉන්දුනීසියානු සමාගමක් වන Rebricks වෙත පිරිනමන ලදී.  PropertyGuru Asia Property Awards & Events හි සාමාන්‍යාධිකාරී ජූල්ස් කේ,  Rebricks හි නිර්මාතෘ නොවිටා ටෑන් යන මහත්වරු ඔවි සබ්‍රිනා සමඟ  පරිසර හිතකාමී ගඩොල් නිෂ්පාදනයට කුණු කසළ යොදා ගත හැකි ආකාරය පිළිබඳව සංවාදයක නිරත වූහ.

PropertyGuru සමූහයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි මානව් කාම්බෝජ් මහතා අතින් 'PropertyGuru Hackathon 2022: Selling Sunsets' වෙළෙඳපොළ තීක්ෂ්ණ බුද්ධිය සහ ප්‍රචාරක වැඩසටහනෙහි ජයග්‍රාහකයාට Developer's Choice සම්මානය පිරිනැමීම සිදු කෙරුණු අතර, කාම්බෝජ් මහතා විසින්  ප්‍රධාන දේශනය ද ඉදිරිපත් කෙරිණි.

2022 වසරේ Visionary of the Year සම්මානය Never Too Small ජනප්‍රිය වෙබ් කතා මාලාවේ නිර්මාතෘ කොලින් චී වෙත පිරිනමන නැමුණු අතර, ඔහුගේ අද්විතීය, සුවිශේෂී කථා කීමේ කුසලතාව සහ ගෘහ නිර්මාණ ශිල්පයට සහ සැලසුම් කටයුතු සඳහා ඇති කැමැත්ත ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැංවීම දක්වා වර්ධනය වී ඇති අතර, එහි දී චී මහතා විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ව්‍යුහයන් පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ද ඉදිරිපත් කළේය.

වැඩි විස්තර සඳහා, AsiaRealEstateSummit.com වෙත පිවිසෙන්න. නැතිනම් ares@propertyguru.com විද්‍යුත් තැපෑල වෙත පණිවුඩයක් යොමු කරන්න.

  • Ada Derana BIZ Sinhala
  • Dhammika Perera
  • sri lanka

ධම්මිකගේ සමාගම් අවදිවෙයි. කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වර්ධනයක්

January, 19, 2023

අද (19) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා විය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 98.65 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 28.39 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,484.92 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,635.77 ක් ලෙසින් වාර්තා වූ අතර පිළිවෙලින් මෙය පෙර දිනය හා සැසඳීමේ දී 1.18% ක හා 1.09% ක වර්ධනයක් වේ.

දිනයේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සහ වැලිබල් වන් සමූහයන්ට අයත් සමාගම් රැසකම කොටස් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.

එහිදී හේලීස් සමාගමේ හි කොටස් මිල රු. 70.60 ක් දක්වා 9.80% කින් වර්ධනය වීම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි. මීට අමතරව හේලීස් ෆයිබර් කොටස් මිල රු. 56.90 ක් දක්වා 8.17% කින්, වැලිබල් වන් කොටස් මිල රු. 31.30 ක් දක්වා 4.68% කින්, හොරණ වැවිලි සමාගමේ කොටස් මිල රු. 69.60 ක් දක්වා 7.08%කින්, වැලිබල් ෆිනෑන්ස් කොටස් මිල රු. 22.60 ක් දක්වා 5.12%කින්, රෝයල් සෙරමික්ස් ලංකා කොටස් මිල රු. 28.70 ක් දක්වා 6.30%කින්, හේලීස් ෆැබ්රික් කොටස් මිල රු. 22.50 ක් දක්වා 2.74%කින්, ලංකා වෝල්ටයිල් කොටස් මිල රු. 51.60 ක් දක්වා 3.61%කින් සහ සම්පත් බැංකුවේ කොටස් මිල රු. 38.00ක් දක්වා 2.98%කින් ඉහළ ගොස් තිබුණි.

රුපියල් බිලියන 1.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙසින් හේලීස් (රු.මි. 262.21), සොෆ්ට්ලොජික් කැපිටල් (රු.මි. 179.93), ෆස්ට් කැපිටල් (රු.මි. 153.53), කැපිටල් එලයන්ස් (රු.මි. 126.98) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු.මි. 117.48) පෙරමුණේ විය.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • tax

නව බදු ගැන මහ බැංකුව ඇතුලෙන්ම විරෝධයක්

January, 19, 2023

2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදුකරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

 

 

 

  • 200Mbps
  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL නව වසරට පියවර තබමින් ෆයිබර් සම්බන්ධතා වේගය 200Mbps දක්වා වැඩි කරයි

January, 19, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2023 වර්ෂය ආරම්භයේදීම තම ෆයිබර්(Fibre) සම්බන්ධතාවන්හි ඩවුන්ලෝඩ් (Download) වේගය 200Mbps දක්වා සහ අප්ලෝඩ් (Upload) වේගය 100Mbps වැඩි කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL Fibre යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම, වේගවත්ම සහ පුළුල්ම ෆයිබර් සම්බන්ධතා ජාලයයි. එමෙන්ම SLT-MOBITEL ශ්‍රී ලංකාවේ වේගවත්ම හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සේවා සම්පාදකයා ලෙස සැලකේ.

SLT-MOBITEL ජාල වල හැකියාව සහ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් වටහාගෙන ඒ අනුව සේවාවන් ලබාදීමට නොපමාව කටයුතු කරමින්,තම සම්බන්ධතාවන්හි වේගය වැඩි කිරීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. ජනවාරි මාසය යනු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු තම පවුලේ සාමාජිකයන් සහ ඥාති හිතමිත්‍රාදීන් සමග සම්බන්ධතා අලුත් කරගන්නා මාසයක් බැවින් , මෙම සේවාව  ඔවුන්ට ඉමහත් පහසුවක් සලසයි. එමෙන්ම එය ඔවුන්ට ලොව නවීනතම සම්බන්ධතා තාක්ෂණයන්හි හැකියාවන් අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වේ. වේගයට අමතරව මෙම තාක්ෂණය බාධාවන් හා ප්‍රමාදයන් අවම කරමින්, සුපැහැදිලි ලෙස සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි.

මේ වනවිට බොහෝ දෙනෙක් වඩාත් වේගවත් හා කාර්යක්ෂම සන්නිවේදන සේවාවන් හා විසඳුම් සොයමින් සිටිති. මෙවැනි පසුබිමක් තුළ නව වසරේ අන්තර්ජාල වේගය 200Mbps දක්වා ඉහළ නැංවීම, රටේ බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන පියවරක් වනු ඇත. ඉහළ Bandwidth අගයක් තිබීම මගින් පාරිභෝගිකයන්ට වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු අන්තර්ගතයන් පරිශීලනය කිරීම, විනාඩි කිහිපයක් ඇතුළත චිත්‍රපට බාගත(Download) කරගැනීම, අන්තර්ජාලය ඔස්සේ පිරිසක් සමග ක්‍රීඩාවන්හි නිරත වීම, බහුමාධ්‍ය අන්තර්ගතයන් භාවිතා කිරීම සහ වීඩියෝ ඇමතුම් වල යෙදීම ඇතුළු බොහෝ දේ ඉතාමත් පහසුවෙන් සිදුකළ හැකි වේ.

මෙම නව වේගය Fibre Unlimited 10, 25 සහ 50 පැකේජ සඳහා අදාළ නොවේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk වෙබ් අඩවියෙහි දක්වා ඇත.

  • Ada Derana BIZ Sinhala
  • LMD
  • seylan bank
  • sri lanka

සෙලාන් බැංකුව අඛණ්ඩව සිවුවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේ අංක එක ස්ථානය හිමිකරගනී

January, 19, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේදී අඛණ්ඩව සිවුවැනි වරටත් අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය, වසර 34 ක ඉතිහාසය පුරා සෙලාන් බැංකුව නිරන්තරයෙන් පවත්වාගත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වය තවමත් එලෙසින්ම පවතින බවට මනා සාක්ෂියකි. මෙම කාලය තුළ, ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන තේමාවට අනුව, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍යමය විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගෙන තිබේ.

“ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්‍රධාන සේවාවන් බොහෝ දුරට එක සමාන වන ක්ෂේත්‍රයක් තුළ, ඒවා ලබාදෙන ආයතන වල විශේෂත්වයන් රඳා පවතින්නේ  පාරිභෝගික සේවාව මතයි. ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබාදීම යනු සෙලාන් බැංකුවේ අනිවාර්ය ගුණාංගයක් මෙන්ම, එහි  කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙකුම අනුගමනය කරන මූලධර්මයක්. ඒ වෙනුවෙන් අඛණ්ඩව වසර 4 ක් තිස්සේ මේ ආකාරයෙන් ඇගයීමට ලක්වීමට හැකි වීම අපට මහත් සතුටක්,” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසී ය.

පාරිභෝගික සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා පමණක් නොව, විවිධ වැඩසටහන් ඔස්සේ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය කිරීම සඳහාද සෙලාන් බැංකුව දැඩි අවධානයක් යොමුකර ඇත. පාරිභෝගික අත්දැකීම් ක්‍රියාවලියේ සෑම පියවරක්ම සමීපව නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම මගින්, දීර්ඝකාලීනව පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට බැංකුවට හැකියාව ලැබී තිබේ.

සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වෙනම පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාර වූ ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. සමීක්ෂණ සිදුකිරීම, තරගකාරී ආයතන සංසන්දනාත්මකව විශ්ලේෂණයට ලක්කිරීම සහ අභ්‍යන්තර විගණනයක් සිදුකිරීම ඇතුළුව විධික්‍රම රාශියක් ඔස්සේ තම පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය ඉහළම මට්ටමින් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ.

හුදෙක් ව්‍යාපාරික අරමුණු වලට සීමා නොවී, ඉහළම තලයේ පාරිභෝගික සේවාවක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත්ම වැදගත් වන විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම ප්‍රවේශය තුළින්, පවතින අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබමින්, තමන්ගේ මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ දියුණුවට බලපාන තීරණ ඔස්සේ ඉදිරියට යාම සෙලාන් බැංකුවේ කළමනාකාරීත්වයේ අරමුණ වී තිබේ.

රටේ ප්‍රධානතම සන්නාම සේවා සමීක්ෂණවලින් එකක් වන LMD මාර්ගගත (online) පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2022 ජූලි 15 සිට 2022 සැප්තැම්බර් 15 දක්වා පැවැත්වුණු අතර, ඊට ප්‍රතිචාර 2,800 කට අධික ප්‍රමාණයක් ලැබී තිබිණි. මෙම සමීක්ෂණය මගින් සේවා කාණ්ඩ 22 ක් ආවරණය කරන ලද අතර, එම කාණ්ඩ වලට අදාළව තම ප්‍රියතම සමාගම හෝ ආයතනය නම් කරන ලෙස ඊට දායක වූවන්ගෙන් ඉල්ලා සිටින ලදි. මෙහි ප්‍රතිඵල අනුව, වැඩිම මනාප ලැබූ සමාගම් හා ආයතන 20 ලැයිස්තුව එම අනුපිළිවෙළට ප්‍රකාශයට පත්කෙරිණි.

  • Ada Derana BIZ Sinhala
  • Gold Award
  • Sarvodaya Development Finance Company
  • sri lanka
  • TAGS

සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම TAGS වාර්තාකරණය සඳහාවූ රන් සම්මානයෙන් පිදුම් ලබයි

January, 19, 2023

විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී සංවර්ධන මූල්‍ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF) වෙත පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2022 දෙසැම්බර් 06 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. SDF ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු, මහේෂ් ජයසංඛ මහතා විසින් මෙම සම්මානය සමාගම වෙනුවෙන් පිළිගන්නා ලදි.

TAGS සම්මාන උළෙලේදී මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය යන දෙ-අංශයෙන්ම ආයතනික වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් ඇගයීමට ලක් වේ. විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව‍ය වාර්තාකරණය සම්බන්ධ රටෙහි ප්‍රමිතීන් තවදුරටත් වර්ධනය කරවීම මෙහි ප්‍රධාන අරමුණයි. තවද සමාගම් හා ආයතන ඩිජිටල්කරණය සඳහා යොමුවීමත්, ඔවුන් විසින් මූල්‍ය, පාරිසරික සහ සමාජීය වාර්තාකරණය තවදුරටත් විධිමත් කිරීමට ගන්නා උත්සහයන් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරයි. ආයතනයන්‍හි විශාලත්වය හෝ ලාභ ප්‍රමාණය මත පදනම් නොවී විනිවිධභාවයෙන් හා වගකීමෙන් කටයුතු කරන අතරම සමාජයට නැවත ප්‍රතිලාභ ලබා දෙමින්, පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරයන් ගනු ලබන ආයතන මෙම උළෙලේදී ඇගයීමට ලක් විය.

මෙලෙස ඇගයීමට පාත්‍ර වීම සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙසේ පැවසී ය. “විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය වාර්තාකරණය වෙනුවෙන් අප දක්වන කැපවීම මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. මෙම සම්මානය මගින් යළිත් තහවුරු වන්නේ, ආයෝජකයින්ට සහ ගනුදෙනුකරුවන්ට අපගේ ස්ථාවර කාර්යසාධනය සහ ඔවුන්ගේ අරමුදල් හා ආයෝජනවල ආරක්ෂාව කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවයි. විශේෂයෙන්ම සමාජීය ආයෝජකයින්ට (Impact investors), තම අරමුදල් යහපත් අරමුණු වෙනුවෙන් භාවිතා වන බවට මෙමගින් සහතික කරගැනීමට පුළුවන්. අප ආයතනයේ වටිනාකම්  සහ TAGS මූලධර්ම ඔස්සේ සෑම විටම තිරසාර හා ස්වාභාවික වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. සංවර්ධන මූල්‍ය සමාගමක් ලෙස වටිනාකම් නිර්මාණය තුලින් ජීවනෝපායන් නඟාසිටුවීම, කාන්තාවන් සවිබල ගැන්වීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථිකයන් නගාසිටුවීමට සහය වීම අපගේ බලාපොරොත්තුවයි. අප කෙරෙහි විශ්වාසය තබා, මානව හා සමාජ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳව අපගේ ආයෝජකයින්ට, තැන්පත්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ස්තූති කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

 

ඡායාරූපය: සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු මහේෂ් ජයසංඛ මහතා TAGS සම්මානය පිළිගත් අවස්ථාව